Tuesday, September 7, 2010

සපෝටර් ල එක්ක සෙට් උනු කෙල්ලො ගැන තවත් කතාවක්.. එක්ක රතු රෝස සින්දුව...

Share


අද නම් ඉතින් අනුන්ගෙ පහනෙන් එලිය බලල ශේප් වෙන්න හදන්නේ.... හි හි. කලින් දාපු පෝස්ට් එක මතකනේ... අර සපෝටර් අශ්වයා පිටින් ගිය එක...
ඒකට දිනේශ් කොලුවා කොමෙන්ට් එකක් විදියට තව ඒවගේ මරු සිද්දියක් දාල තිබ්බා... කොහෙද අර අපතයෙක් හින්දා කොමෙට්ස් මොඩෙරේට් කොරන්න ගත්ත නොවැ. ඒක හින්ද හුඟ දෙනෙක් ඒ කොමෙන්ට් එක දකින්න නැතුව ඇති කියල හිතලා ඒක ගෙඩි පිටින් කොපි කොරල පෝස්ට් එකක් විදියට දාන්න හිතුනා.

ඔන්න එහෙනම් කතා මොකටද... බලන්න.



**********************


ඇයි ඉස්සර අපේ සෙට් එකෙත් බුවෙක් හිටියා.ඌ ට්‍රයි කරපු කෑල්ලට මාර ලව්. කෑල්ලත් සිරා කෑල්ල.රතු රෝස එකේ "චාප" වගේ. හැබැයි කෙල්ල ලඟට ගිහින් කතා කරන්නෙ නෑ.ලජ්ජාව,බය,වෙව්ලීම ඔය සේරම රෝග එතකොට ඌට ඇති වෙනවා.ඉතින් ලියුම් දෙන්නෙ,කැමතිද කියල අහන්නෙ ඔක්කොම කරන්නෙ උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ්.කොහොම කොහොම හරි මාස හයක් විතර ඔය සෙල්ලම තිබුනා.අපිටත් මූ හෙන ඇනේ.කොයි වෙලාවෙත් කියවන්නෙම අර කෙල්ල  ගැනමයි.හදිස්සියට දුමක්වත් දාන්නෙ නෑ.ඒ තරමට කෙල්ල  ගැන හිතනවා.

ඔන්න ඉතින් අපි සෙට් එක MISSION IMPOSIBLE කියන ‍ෆිල්ම් එක බලන්න ගියා.හැමදාම ගැලරි යන එකේ අද බැල්කනි යමු කියල බැල්කනි ටිකට් අටකුත් අරගත්තා.වෙලාව පහුවෙලා හින්ද කලුවරේ අතගගා ගිහින් අපිත් ඉඳ ගත්තා. කෆලුත් ගොඩක් ඉන්නවා.සමහර කෆල්වල කොල්ල විතරයි පේන්නෙ.කෙල්ල පේන්නෙ නිකන් නැමිල ඉන්නව වාගෙ..:D හික් හික්.

අපිට එහාපැත්තෙ හිටපු කෆල් එකත් ඒ වාගෙ.දැන් ඉන්ටෙර්වල් එක ආවා.අපි හතර පස් දෙනෙක් සුපුරුදු වැඩකට එලියට ගියා.ටික වෙලාවකින් හෝල් එක ඇතුලෙ පොඩි කචල් එකක් වගේ.අපිත් ටක් ගාල ඔලුව දාල බැලුවා.අම්මට සිරි මේන් බොලේ අපේ එකා උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ් ට අම්බානක නෙලනවා.අපි බැලුව මූ කොහෙන්ද මෙතෙන්ට ආවෙ කියල.බොලේ මේන් චාපත් ඉන්නව.බැලින්නම් අපේ එකාට හොරෙන් උගෙ යාලුව කෑල්ල සෙට් කොරගෙන.ඌ ගිහින් අහල තියෙන්නෙ මූට නෙමෙයි ඌට.දෙන්නම් අතේ මාට්‍ටු.
දැන් චාපනම් කොහෙ ඉන්නවද දන්නෙ නෑ.ඒත් අපේ එකයි උගෙ යාලුවයි අදටත් නෝ කතා. 



**********************


ඔන්න දිනෙශ් ගෙ පහනෙන් අද පෝස්ට් එක ඉවර කොරා...

ඒක නෙමෙයි බොලන් මුගේ කතාව කියවද්දි මතක් උනේ... රතු රෝස මතකද ළමයිනේ.. හපොයි ඒ කාලේ මම චාපට ෆුල් ක්‍රශ් එක හි හි... ඒ වෙද්දි පිස්ස මයෙ හිතේ 1 ද කොහෙද... ( පොඩි කාලේ ඉදන්ම හි හි කැත හිත නොවැ... )
ජංජාලේ මේ ලඟදිත් මම හෙව්වා ඔහෙ නැහ... පොඩි ක්ලිප් එකක් වත් හම්බුනේ. නැද්ද ඔය කතාව ටොරානා එකෙන් වත් තැටියකට එහෙම ගහල...


ජංජාලෙන් කියල හම්බුනේ රතු රෝස එකේ පටන් ගද්දි දාපු සින්දුව විතරයි... මටනම් මේක මතක නැහ. රතු රෝස කිව්වම මතක චායාවක් වගේ චාප විතරයි. හි හි...

අහල බලන්නකො.

Download : මල් යහනට වඩිනු මැනවි


ඒ එක්කම අර සපෝටර් අශ්වය පිට ගිය කතාවෙ ඉල්ලල තිබ්බ " සුදු නංගියා මාගේ " ගීතය ලබා දුන්නු වැම්පි ට බොහොම ස්තුතියි...
ඒ වගේම  Pushpika Gunarathna  සහෝදරයත් ගීතය මේල් කරල තිබුනා මට. බොහොම ස්තුතියි මචන් උබටත්.

ඒ වගේ සිං සිං ගාල ඉල්ලපු දේවල් ලබා දෙද්දි මාර කික් එකක් අප්ප එන්නේ අපේ එව්වො ගැන...

ඔය යාලුවො එකම කෙල්ල ගැන හිතන සීන් ගැන කිව්වම මේකත් බලන්නකො..  .සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

15 comments:

  1. අම්මප..මාත් ඒ දවස්වල චාපට පණ ඇරලා...
    මොනවා උනත් හරි අපූරු සුන්දරත්වයක් තිබුණු කෙල්ලෙක්.
    දැන්නම් නොදකින තරමට හොඳයි කියලා හිතෙනවා. මොකද මෙ වෙන කොට අර ඉස්සර කෙනා හුගාක් වෙනස් වෙලා ඇති නෙව..
    අන්තිමට සසර කලකිරෙන්න හේතුවක් හම්බ වෙයි.
    ඒ හින්දා ඒ සුන්දර යුවතිය මගේ මතකයේ හිටි විදියටම හිටියාවෙ...

    ReplyDelete
  2. චාපා නම මතක් වෙද්දිත් හිනා යනවා,අපේ කොල්ලෙක් A/L කරන කාලේ චාපා කියලා කෙල්ලෙක්ට ලයින් එක දාලා ඇදගත්ත බාල්දි තොගයක්

    ReplyDelete
  3. thanks for the song machan.. :)

    Vampi..

    ReplyDelete
  4. අඩේ උඹ මේක පෝස්ට් එකක් විදියට දානව කිව්වට මම සිරා ගත්තෙ නෑ.එල,එල..
    ඔය වාගෙ සීන්නම් ගමකට තියනව බං.ඔය රතු රෝස ටෙලිය පලවෙනි පාර යනකොටනම් මාත් හෙන පොඩියි.ඒ දවස්වල අපේ අම්මයි තාත්තයි නම් ඕක නොවැරදීම බැලුවා මට මතකයි.ඒ උනාට ඔය ඩ්‍රාම එක කොල්ලො හුඟකට හිතට වැදිල තිබුනෙ.චාප හින්ද තමයි ඉතින්.
    අලෙ,අලේ......boys එකේ "හිරුනි" වාගෙ තමා.
    මාරය කිව්ව වාගෙ ඒ සුන්දර රූපෙ මතකයෙ ඒ විදියටම හිටියාවෙ.මොකද මම තව කැමති එක්කෙනෙක් තමයි "මොහොරා" ‍ෆිල්ම් එකෙන් හිතට ඇතුලුන"රවීනා තන්ඩන්".ටිකක් චාපගෙ ලුක් එක,වොයිස් එක නේද තියෙන්නෙ.ලඟදි ඉතින් රවීනව මතක්වෙලා ජංජාලෙ පොඩි සර්ච් පාරක් දැම්මා.අප්පා..මම මොකට බැලුවද කියල හිතුනා.පට්ට කැතයි දැන්.

    ReplyDelete
  5. Hasitha ජයසූරිය : :D



    මාරයාගේ හෝරාව : ඒක ත් ඇත්ත... ඒ කාලේ කිව්වෙ දැන් අවුරුදු 20 කට එහා මයෙ හිතේ ඕක පෙන්නල. චාප දැන් 40 + ඇති නොවැ....





    පුබුදුවා : එව්වා ලියන්න එහෙම කල්පනාවක් නැතෙයි අපිටත් බලන්න....

    ReplyDelete
  6. VAMPI : එළ එළ.... මචන්




    dinesh : හිරුනි ගැන ලිව්ව නොවැ පිස්සත් හි හි...

    රවීන කිව්වෙ අපොයි බන් ඒකි දැන් වයස ඇති අම්බානෙක හි හි. අපි මතක ඇති කාලේ ඉදන් උන්න නේ ෆිල්ම් වල.

    අපිටත් තව ටික දවසකින් ඔච්චර තමා... සංසාරේ හැටි හි හි

    ReplyDelete
  7. එහෙනම් රතුරොස එකේ චාපව මතක තියන උන් තාම ඉන්නවා. අපිත් ඉස්කොලේ යන කාලේ ඕක මාර ආසාවෙන් බැලුවා. ආයෙ ළගදි ගිය බවක් නම් මතක නෑ. මං හිතන්නේ ඒ ගර්ල් දැන් ලංකාවේ නෑ වෙන්න ඕන. ඊට පස්සේ කිසිම ටෙල්යක හිටියේ නෑ. නම වන්දනා ලියනආරච්චි.

    ReplyDelete
  8. priyantha.ඒබී : හි හි චාපව මොකද බන් අමතක. මම ඒත් උබ නම කිව්වම ජංජාලේ සර්ච් පාරක් දැම්ම.කොහෙද මොකුත් නැහ නොවැ.




    Unknown_User/හිඟන්නා : :)

    ReplyDelete
  9. අපොයි දෙවියනේ...කොල්ලන්ගේ කොලු කතා වල තරම....හැබෑට ගවුම් වාටියක් ඇති කොහේ හරි ගිනි ගන්න. හකිස්....

    ReplyDelete
  10. රතු රෝස බලල තිබ්බට වැඩිය මතක නම් නෑ, මොකද බලද්දි ගොඩක් පොඩි. කාට හරි හම්බුනොත් අපිටත් දෙන්න හොඳේ :D

    ReplyDelete
  11. ලියන්න නම් ගොඩක් කතා තිබ්බත් වෙලාව මද බව ප්‍රශ්ණයක් වී ඈත.පුලු පුලු ව විඩිහට දන්නම් පිස්සා සහෝ

    ReplyDelete
  12. මටනං චාපාගෙ මූණ මතක නෑ පිස්සයියේ.මම ඔය කතාව බලද්දිනං 1 වසරටවත් ඇවිත් හිටියෙ නෑ මගෙ හිතේ.කමල් අද්දරආරච්චි නේද කොල්ලට හිටියේ?

    ReplyDelete
  13. Naදී : කොලු කමට නොවැ... ( පිස්සත් තාම කොලු වයසෙ තමයි... තාම 30 ක් නැහ නොවැ... හි හි )...
    හැබයි ගවුම් වාටියේ කතාව නම් ඇත්ත හි හි.




    කොඩී : හි හි ඊට පස්සෙ ඒ කතාව පෙන්නුවෙත් නැහනේ බන්... ඇයිද මන්ද...





    පුබුදුවා : ඔව් ඔව් වෙලාව නම් ගැටලුවක් තමා... පුලු පුලුවන් විදියට නොවැ ඔක්කොම කරන්න ඕනි



    blog gadol : හි හි ඔව් ඔව් මමත් 1 ද කොහිද බොල.. උබ මයෙ හිතේ දනගානව ඇති... හි හි.

    ඔව් ඔව් කමල් තමා... ඔය උන්නට උන්දැටත් සෑහෙන වයසයි දැන් මයෙ හිතේ

    ReplyDelete

Related Posts with Thumbnails