Saturday, September 25, 2010

හුඟ දවසකින්.... කෝ අපේ ස්ටෑන්ඩ් එක ?? එක්ක කලුවා ගෙ කතාවක්

Share
හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්න තියා කාගෙවත් බ්ලොග් එකක් බලන්නවත් අදහසක් දක්වන්නවත් වුනේ නැහ. වෙලාවක් තිබ්බෙ නෑ කියල තමා කියන්න වෙන්නෙ. ඒත් කල්පනා කරල බලද්දි අමුතුවෙන් කියල කරපු දෙකුත් නැහ. වෙනද වගේම වැඩ කරල වෙනද වගේම කාල හිටිය.  නටපු නැටුමකුත් නැහ බලද්දි බෙරේ පලුවකුත් නැහ වගේ සීන් එකක්.


හිතත් පොඩ්ඩක් විතර අවුල් ගතියකින් නොවැ උන්නෙ.. ඒකත් වෙන්න ඇති.. අනේ මන්ද බොලන් මේ ජීවිතේ නම් මහ පුදුමා කාර උලව්වක් තමා.

එව්ව වැඩක් නැහ...

මූනු පොතේ අපේ එකෙක්ව ටැග් කොරල තිබ්බ පින්තූරයක් දකල මට අනේ අපොයි කියවුනා.




අර ඒ කාලෙ දුකට... සැපට... වලට... වලියට... ලව් හුට්ටප්පර වලට... තිබ්බ ස්ටෑන්ඩ් එක සමතලා කොරල නොවැ නිකන් නැතිම නැති වෙන්න....
මං හිතන්නෙ ලංකාවෙ දිගම බස් නවතුම්පල උනේ ඕක. ජරාජීර්න අබලන් වෙල වගේ තිබ්බට සුනාමියෙන් පස්සෙ ආයෙ හැදුව මට මතක විදියට. අලුතින් ලස්සන පහසුකම් පිරිච්ච තැනක් අපේ උන්ට  ඔය කලින් කිව්ව වලි.. වල.. ලව් සීන්... වලට ආණ්ඩුවෙන් හදන්න වගේ යන්නේ...

මොනව උනත් මතක අහුරක් පිරුනු තැනක්.



ඉස්සර ඒ කොනේ ඉදන් අනික් කොනට යද්දි අහ් මචන් ගාන හැම එකාටම ඉස්සරහට ගිහින් එන්නම් කියගෙන යන්නෙ කොයි පැත්තට ගියත්. ඔය ගිහින් ෆිට් කොල්ලෙක් දැක්කම බිත්තියට හේත්තුවක් දාගෙන කෙල්ලෙක්ට පැණි බෝතලයක් එහෙම හලල... හපොයි ඒ කාලේ.

කෙල්ලො හුටපට
වලි කීයක් මේ අපිට ඔය වහල යට උනාද මේ පිස්ස ඇතුලු සෙට් එකටත්....


මූ මාර භක්තියෙන් කතා කරන්නෙ නිකන් මුගේ ස්කොලෙ වගේනෙ කියල කියන්න එපා ඉතින්.. කිව්වත් මයෙ මොකේ හිහි... ඉස්සර මතකයට පිස්සා හුඟක් ආදරෙය් කියල බ්ලොග් අවකාශෙ කට්ටිය දන්නවනේ....

ස්ටෑන්ඩ් එක ගැන කියද්දි කලුවගෙ පොඩි කතාවක් මතක් උනා.
මතකනෙ අර තනපට අහසට සීන් එක. ඇති දෙයක් නැහ ලියන්න මතක් වෙන්නෙ නැති නිසා මොකුත් මේක ලියමු...



ඔන්න කලුව දවසක් රෑ ඔය සංගීතයක් බලල කකුලුව ගමනින් තව ගෝතයෙක් එක්ක යක්කු ගස් නගින ටයිම් එකත් පහු වෙල ස්ටෑන්ඩ් එකට ඇවිත් ගෙදර යන්න. ඒ වෙලවට මොන බස්ද.. ඉතින් අර තෙල් අංශෙත් වැඩ නිස මුන් දෙන්න ඇහරන් ඉන්න අමාරුව නිසාම කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොඩියක් නිදා ගෙන පාන්දර බස් එකේ ගෙදර යන්න.

කිචි බිචි කුරුලු හඩින් මුන් දෙන්න පිබිදෙන කොට මෙලෝ යකෙක් ගනන් නොගන්න කලුවටත් දඩිය දාල. රතු ටයි දගත්තු ටින් ටින් කෙල්ලො සෙට් එකක් පාන්දර කොහෙද අටමගලක යන්න ඇවිත් මුන් දෙන්නව දැකල බොහොම සානුකම්පිතව බලාගෙන කිචි බිචි ගානවලු. දන්නවනෙ කෙල්ලොත් ඉතින් දෙන්න බැස්ටිය කියල බලාගෙනනෙ ඉන්නේ...   


අනේ ඇත්තමයි පිස්සට එහෙම උනානම් ඔහොම දෙයක් ඒ කාලේ හපොයි හිතා ගන්නත් බැහ...
කලුවගේ යාලුවට නිකන් කැරකෙන්න වගේ ලු ඇයි ඉතින් ස්ටෑන්ඩ් එකේ නිදා ගෙන හිටිය කිව්වම ඒ කාලේ... ( දැන් නම් ඕ. පු නේ අපිට හි හි )
කලුව හින්දම ගානක් නැතුව නැගිටල ඇවිල්ල ගානක් නෑ වගේ. ඒ උනාට ඌත් සතියක් විතර ගාලු නොගිහින්ම උන්නා ලැජ්ජවට ආයෙ සෙට් උනොත් උන් ටික... හි හි.

ඔය කලුව ලගෙ ගෙදරට යන පාරෙ ගස් වල අතට හසුවන මායිමෙ අතු විතරයි තියෙන්නෙ.. කොලයක් බෙහෙතකට හොයා ගන්න නැහ.දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සල ලියමු බලන්න.

පටන් ගත්තෙ කොහෙන්ද මැද කොහෙද අග කොහෙද.  පිස්සෙක් නොවැ ලියන්නෙ ගනන් ගන්න එපා.

කලුවගෙ තනපට අහසට මෙතනින් බලන්න පුලුවන්.


පුදුම කම්මැලිකමක් ඇවිල්ල බොල ලියන්නත්... බලමු බලමු....

29 comments:

  1. අළුත් බස් හෝල්ට් එක හදපුවාම බලමුකෝ ඒකේ වෙන අළුත් සෙල්ලම් මොනවාද කීයලා :)

    ReplyDelete
  2. අනේ අපොයි..ගාල්ලෙ ස්ටෑන්ඩ් එක...

    ReplyDelete
  3. සුනාමියෙන් පස්සෙ තාවකාලිකව හදපු බස් ස්ටෑන්ඩ් එක දැනුුයි ආයෙ හදන්න මතක් වෙලා තියෙන්නෙ. ලංකානෙ නෙවෙයි ඒ දවස්වල දකුණු ආසියාවෙ දිගම එක ගාල්ලෙ කියනවනෙ. එක කිව්වෙ වෙන මොකක්වත් නෙවෙයි බස් ස්ටෑන්ඩ් එක.

    ReplyDelete
  4. හත්තිලව්වයි.. කෝ යකෝ මේ ගහක් ගලක් වගේ අම්බුජා යෝධයා ගහල හිටපු ස්ටෑන්ඩ් එක :(

    ReplyDelete
  5. හැබෑටම තිබුණ එකට වඩා හොදට ඕක හදයිද බං

    ReplyDelete
  6. ඕකටත් මීගමුව බස් ස්ටෑන්ඩ් එකට ගියකලම යයිද දන්නෙ නෑ. මීගමුවෙ හොඳට තිබ්බ ස්ටෑන්ඩ් එක කැඩුව මීට අවුරුදු දෙක හමාරකට විතර කලින්. ඊට පස්සෙ ඒක ගෙනිච්ච මඩ වගුරකට තාවකාලිකව කියල. තාම ඒක හදල ඉවර නෑ. විනාඩි 5 වැස්සොත් දැන් තියන තැනට යන්න බෑ මඩ වගුරක් වෙනව. ගාල්ලටත් ඒ කලම නොවේවා කියල හිතමු

    ReplyDelete
  7. ඔන්න අත ඉස්සුවා.ගස් වල කොල නැත්තේ දෙකක් දාලා ගෙද‍ර යන ගමන් කොල කකා ගොහින්ද මන්දා.

    ReplyDelete
  8. අලුත් බස් ස්ටැන්ඩ් එකට පොලිස් මුර පොලක් දායි.එතකොට සෙල්ලං අඩු වෙයි.

    ReplyDelete
  9. හපොයි! ගම්පහ බස්ටෑන්ඩ් එක කැඩුවොත් අපිටත් ඔහොමම හිතෙයි.පිස්සයියාට අපගේ බලවත් කණගාටුව.........

    ReplyDelete
  10. මොනා උනත් කලුව තමයි කලුවා.....ලොල්

    ReplyDelete
  11. පට්ටම ආතල් වැඩේ කියන්නෙ සේරම කෙහෙල්මල් එකටම සෙට්වෙනවනෙ. මම ඊයෙ ගෙදර යන්න කියලා සමුද්‍ර දේවියෙන් ගාල්ලට ගියා. බහිනකොට අම්බ වැස්ස. මොනාකරන්නද ඉතුරුටික යන්න වෙන්නෙ කොහොමත් බස් එකෙන් නිසා බස් එක ගන්න ගියාම ස්ටැන්ඩ් එක නැතත් පෝළිම තියෙන්නෙ පරණ තැනමයි. කවද වෙනකම් ඔය කට්ට කන්න වෙයිද දන්නෑ :(

    ReplyDelete
  12. තව සීන් එකක් මතක් උනා. ඉස්සරනම් ජෙප්පො කෑගැහුවෙ අපි බස් ස්ටෑන්ඩ් එක හැදුව පුළුවන්නම් වැසිකිලියක් හදල පෙන්නන්න කියලනෙ. දැන් කවුරු කාට මොනා කියාවිද දන්නෑ නේද ;)

    ReplyDelete
  13. මේ ෆොටෝ එක දැක්කමනම් මගෙ ඇහැත් පොඩ්ඩක් විතර තෙත් උනා මචන්.. මගෙත ගමක මතක සටහන් තියෙන බස් ස්ටෑන්ඩ් එකක්... ගම ගාල්ලෙ නොවුනට ගාල්ලෙ කෙළපු පිස්සු වලින් භාගයක්ම කෙලියෙ ඔතන ඉදන්...

    උඹ ඔය කලුවා කියන්නෙ ඇලෝෂියස් එකේ කලු මල්ලිට නෙමෙයි නේද?

    ReplyDelete
  14. ඇයි ඉතින් බං කලුව ගෙදරනෙ යන්නෙ.හරි "වයිට්" ගැහුව කියමුකො."ගෝල්ඩ් ලීෆ්" සුවඳට ඉතින් කොල අතුම තමා. හරිද මන්ද?
    මගෙත් මතක සැමරුම් එකක්වත් නෑ බොලං.ස්ටෑන්ඩ් එකනම් ඉතින් කුරුණෑගල.වැව රවුම.,රජපිහිල්ල උද්‍යානය., අප්පට සිරි "වැව රවුම" කිව්වාම මතක් උනේ.මේ කතාව මෙතන කිව්වට කමක් නැද්ද මන්ද?කොමන්ට් මොඩරේට් කරල නේද තියෙන්නෙ.හරි නෑ වාගෙනම් දාන්න එපෝ.
    මේ වැව කඩන්න කලින් මාර ලස්සනයි.වතුර පිරුනාම ‍රැල්ල ගහනව නිකන් බීච් එකේ වාගෙ.එක පැත්තකින් හොටෙල් "දිය දහරා" එක.වටේටම මාර ගස්.පට්ට කොලිටි.
    ඔන්න ඉතින් මමත් හිරිමල් වයසෙදි, හිරිමල් ගැටිස්සියෙකුත් එක්ක, හිරිපොද වැස්සක රේන්බෝ කුඩේකුත් ඉහලගෙන ,මාර ගහකට මුවා උනා.වැස්ස වෙලාවට හොඳයි.නැත්තන් ඉතින් එතන උඩ පාරක් තියනව.ඒ පාරෙන් යන මිනිස්සුන්ගෙ එක,එක ඇනුම් පද අහන්නත් වෙනව.ඊට එහා පොඩි එවුන්.හුටා..,හිරිපොද වැස්ස ටික,ටික මහ වරුසාවක් උනා.දැන් ඉතින් දෙන්නගෙම ඔළු දෙක විතරයි තෙමිල නැත්තෙ.හි,හි.. ඔය වෙලේ ඉතින් මේ ගැටිස්සි ලේන්සුව ගන්න කියල සාක්කුවට අත දැම්මෙ නැද්ද අනවසරයෙන්ම.මළා.....එතකොටමයි මට මතක් උනේ දවල් දුමක් දාල ගිනි පෙට්ටිය කඩේ එකාට දෙන්න අමතක වෙලා සාක්කුවෙ ඔබා ගත්ත කියල.ආයෙ මේක එහෙම මාට්‍ටු උනොත් මම ඉඳල ඉවරයි.පටි රෝල්.එෆෙයාර් එක පටන් අරගෙනත් මාස දෙක තුනකට වැඩිය නෑ. මම ටක් ගාල ලේන්සුව අරන් ගිනිපෙට්ටිය මිටමොලව ගත්ත.කොහෙද කෑල්ලට මීටර් උනා මොකක් හරි හොරයක් කියල.හැබැයි වැඩේ චෙක් නෑ.මම දහ අතේ බොරු කිව්වත් අර ඉස්සර පෑලියගොඩ චෙක් පොයින් එකේ වාගෙ චෙක් කරනවා දැන්.ඒත් එක්කම මම ගිනිපෙට්ටිය වැවේ ඈතකට විසි කලා.
    ෂිහ් ඒක දැක්ක විතරයි දුන්හිද,දියලුම ඇස් දෙකෙන් වැටෙන්න ගත්තා.හැබැයි විසිකලේ මොකද්ද දන්නෙ නෑ.මමත් ඉතින් රටේම බේගල් ටික ඇද බාල ටිකක් විතර ෂේප්මන්ට් එකක් දා ගත්තා.ඒ උනාට මට මං එක්කම මළ.ඇයි යකෝ වෙන දේකට යොදවන්න තිබුන කාලෙනෙ,මේ බොරු කිය,කිය ඉන්න උනේ..හික්..
    කොහොම හරි ඉතින් නැවතත් ප්‍රේම සයුරෙ කිමිදිලා ඉන්නකොට අර කලින් විසි කරපු "සූර්යා" ගිනිපෙට්ටිය මේන් බොලේ පෙට්ටිය ගැලවිලා ගිනිකූරු ටිකත් එක්කල ‍රැල්ලට ගහගෙන අපි දෙන්නගෙ කකුල් දෙක ලඟටම ආපි.කරුමෙක මහත... ගැටිස්සිට වැඩේ මීටර් උනා..කොහොම ,කොහොම හරි ඉතින් නැවතත් බොරු කීමේ දක්ශතාවයමත පදනම්ව වැඩේ යාන්තම් ගොඩ දා ගෙන පෙම්වතියන් දෙදෙනෙකු එකට හමු වීමෙන් නිම උන තුරු ප්‍රේමය සාර්ථකව කරගෙන ගියා.
    මචෝ ස්ටෑන්ඩ් එකේ කතාවක් නොවුනත් "වැව රවුම" කියන්නෙ මගෙ ඉස්සර මතක සැමරුම් ගොඩක් තිබුන තැනක් නිසයි මේක ලියන්න හිතුනෙ.

    ReplyDelete
  15. බස් ස්ටැන් කොචර හැදුවත් බස් තමයි අඩු

    ReplyDelete
  16. Hasitha : දැන් එව්වොන්ගෙ තියෙන්නෙ අමුතුම සෙල්ලම් නොවැ බන්.



    චේජනා : මටත් අනේ අපොයි කියල තමා හිතුනේ... සදාකාලික නොවූ ලෝකෙ නොවැ...





    පහන් : හික් හික් දිගම එක කිව්වම කට්ටිය මොනව හිතයිද නේ හික් හික්...

    ReplyDelete
  17. වැම්පයර් : කඩල කියන්නෙ බන්... ලකුනක් වත් නැති වෙන්නම කඩල නේ... :(





    ගයාන් තාරක : කව්ද දන්නෙ බන්.. ආශ්චර්ය වෙන රටක් නොවැ දැන් මේක...





    ආදර කතාව : එව්වනම් විශ්වාස නැහ තමා... ඕකත් කොහේ අටවයිද දන්නෙ නැහ ඒ පාර.

    ReplyDelete
  18. sithuwilimandiya : කලුව ගැන මතක් උන එක ලොකු දෙයක් හි හි...

    ඒක හින්ද නම් නෙමෙයි... කොල කකා යන්න කලුව එලුවෙක්ය හික් හික්. ඌට කිව්වනම් හොඳවයෙන් අහගත හැකි හික් හික්...

    කලුවා කෙලින් යන්න බැරි සයිස් ගහල නොවැ ( ගහල කිව්වෙ බීල ) නේ යන්නේ. බැලන්ස් එහෙම නැති උනාම වමට බර වෙද්දි දකුනෙ තියෙන අත්තක එල්ලෙනවා... ඉතින් කොල ටිකත් හූරගෙන තමයි උගේ බැලන්ස් හරියන්නේ. අනික් පැත්තට වැටෙද්දි ආයෙත් එහෙමයි. කොල ඔක්කොම හූරල... හි හි






    පැන්da : මේකත් ඉතින් මහ පොලිසිය ඉස්සරහම නොවැ තිබ්බේ. ඔය මුරපල වල් වල ටික දවසක් යද්දි කවුරුත් නැහ. ඔය තිබ්බ එකෙත් තිබ්බ එකක් මයෙ හිතේ...






    blog gadol : යකෝ මේක අපිට ටජ් මහල වගේ සිහිවටනයක් නේ... හික් හික්... ඉතින් දුක නැද්ද කියපන් මලේ...

    ReplyDelete
  19. කොඩී : හික් හික් ආයෙත් අහල...




    Anuja : අලුත් බස් ස්ටෑන්ඩ් එක ස්ටේශන් එකට ගව් ගානක් දුරින් හදයිද දන්නෙ නැහ බන්... එහෙම වැඩ නේ අපේ අය කරන්නේ. කොහෙද හදන්නෙ දන්නවද බන් ?




    අභීත : උබ ඉතින් ඔය පැත්තෙ කරක් ගහපු එකෙක් නේ. ඒ පැත්තෙ එවුන්ට ඕකේ අගේ කොපමනද කියල උබ දන්නවනේ.

    අහ් නැහ නැහ මූ ඒකෙ නෙමෙයි බන්. මේ කලුවා ගියේ ගමේ ස්කොලේ...

    ReplyDelete
  20. dinesh : යකෝ උබ මෙව්ව ලියපන් කො අපි බලන්න බ්ලොග් එකේ... උබටත් වෙන සංගෙදි.... අපොයි ඔය කෙල්ලොන්ගෙ ටැප් ඇරියම වැව් උතුරන්න සයිස් නේ. හි හි

    ඈ බන්... මොකක්ද කිව්ව අර දෙන්නෙක්ට අහුවෙලා.... ලියපන්කො බලන්න ඒ සීන් එකත්... හික් හික් හික්. උබත් බලන් යද්දි එළ කොල්ලෙක් නේ... හපොයි උබ නම් හි හි.

    නෑ බන් කලුව ඇග බැලන්ස් කොරන්න ගිහින් කොල හූරලා... සීන් එක කොමෙන්ට් එකක් විදියට දැම්ම උඩ.





    ලාංකී‍ය බ්ලොග් කියවනය : ඕනි වෙලාවට බස් නැති එක නම් ගැටලුවක් තමා...

    ReplyDelete
  21. අප්පා කලුවටත් මාර සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ.. කරුමේට කෙල්ලො සෙට් එකක්ම දැකලනෙ :D

    ReplyDelete
  22. හික්ස්.. ෆට්ට සීන් එකනේ.. :D

    ReplyDelete
  23. අප්පේ මේක සමතලා කරලා නේද?මාස ගානකින් ගාල්ලෙ ගියෙත් නැහැ.ඔය ස්ටැන්ඩ් එකේ මාත් කී පාරක් එහාට මෙහාට ගිහින් ඇත්ද?

    ReplyDelete
  24. හ්හ්ම්ම්...
    අපොයි..!

    ReplyDelete
  25. Hasitha ජයසූරිය : කලුවට ඒක උනේ වෙලාවට. අපිට නොවී හි හි




    සෝරෝ : හික් හික්




    පුබුදුවා : ඔව් බන්... කවද හදයිද මන්ද..



    Ansh Lucky Sri Jay : අපොයි තමයි මොනා කරන්නද.. අනිත්‍ය තමා හි හි

    ReplyDelete
  26. ස්ටෑන්ඩ් එකට ෂොට් එක දීලා.
    ස්ටෑන්ඩ් එක දවස් දෙකකින් විතර කඩලා ඉවරයි.මමත් ෆැකල්ටි යන්න ගාල්ලෙන් බැස්සාම කරකවලා අතෑරලා තව ඩිංගිත්තක් කරකැව්වා වගේ උනා.ඔ්න කෙහෙල් ගෙඩියක් වෙද්දෙන් කියලා පොලෝසිය ගාවට ගිහින් තමා බස් එකට නැග්ගේ.මොනවා උනත් එතනින් එපැයි බස් යන්න

    ReplyDelete
  27. හදන පාටක් එහෙම නැද්ද බන්... හපොයි මතක අහුරක් නොවැ..

    ReplyDelete
  28. පිස්සා, මචං උඹ කොහෙද ඉස්කෝලෙ ගියේ? මගෙත් A/L ජීවිතේ තනිකරම ගෙවුනෙ ඔය බස් ස්ටෑන්ඩ් එකේම තමා.

    ReplyDelete
  29. මම ඉතින් රිච්මන්ඩ් කන්දෙ ස්කෝලෙ තමා... හි හි

    ReplyDelete

Related Posts with Thumbnails