Monday, September 6, 2010

අන්තිමේ සපෝටර් ( supporter ) අශ්වය පිටින් ගියා....

Share


පරණ කතන්දරයක් මතක් උනා. ලියම්දෝ නොලියම්දෝ කියල පරාලයක් ගිලපු උගුඩුවෙක් වගේ කල්පනා කොර කොර ඉදල ලියල දානව කියල හිතුවා. අර මෙලෝ රහක් නැති කැටගරි එකට වැටෙයිද මන්ද... කමක් නැහ...


අපි මේ කතාවෙ චරිත දෙකට බන්ටි සහ කැවුමා කියමුකො. ඔය දෙන්නම අපේ හොඳ හිතවත් යාලුවො දෙන්නෙක්. ඔය උසස් පෙළ පටන් ගන්න කාලේ ඔය පිස්සට උනා වගේ කැවුමටත් හිතේ මල් පිපෙන්න ගත්තා. හි හි...
කැවුමගෙම වයසෙ කෙල්ලෙක් ගැන.


ඒ කෙල්ලට අශ්වය කියමු... කියමු නෙමෙයි ඒකිට කිව්වෙ අශ්වය කියල තමා. කොයි වෙලෙත් පස්ස උඩ දාගෙන දුවන එකමයි... හි හි. ගැලපෙන නම. කොල්ලො ඉතින් නමක් දාන්නෙ චරිතෙ ගැන හොඳට අධ්‍යයනය කොරල ගන පිහිටවල අකුරු ගලපල එහෙම නොවැ.


ඒ කාලේ ඉතින් ඔය වගේ වැඩකට තනියම බහින්න කකුල් දෙකට වීරිය මදි නොවැ... අර පිස්සට ගයාන් හිටිය වගේ කැවුමට සෙට් උනේ බන්ටිව. බන්ටි ත් මම හිතන්නේ ඔය කැවුමලගෙම ගමේ. ඉතින් ඔය හවස පන්ති දාට... ඒ කිව්වේ කෙල්ලට පන්ති දාට.... මුන් දෙන්න බත් මුල් දෙකකුත් බැදගෙන එහෙම ගාලු එන්නෙ. ඇවිත් ඕකත් කාල අර කෙල්ල පන්ති ඇරෙනකල් අජරාමර කට්ටකුත් කාල පස්සෙන් හැතම්ම ගනන් ඇවිදල... ඇවිදලත් බැහ දුවන්න ඕනි ඒකි පස්සෙ යනවනම්. හි හි.....


ඉතින් මාසයක් දෙකක් විතර පස්සෙන් දුවල දෙන්නත් එක්ක මේකෙ ඉවරයක් නැහ. කැවුම අහල තිබ්බට හරි හමන් උත්තරයක් දීල තිබ්බෙත් නැහ දන්න තරමින්. ඒත් ඒකිගෙ අකමැත්තකුත් පේන්න තිබුනේ නැහ.
ඒ හින්දම අපිත් හිතුවෙ ඔය ආසයි බයයි සීන් එකක් කියල.. දන්නෙ නැද්ද කෙල්ලොන් ගෙ කැටයම්.
 
ඔහොම ගිහින් කොහොමින් කොහොම හරි දවසක් අශ්වය කැවුමට පනිවිඩයක් එවල තිබ්බ හම්බෙන්න කියල... කට්ටියම හිතුවෙ වැඩේ ගොඩ තමයි... කැවුමත් සුවඳ සබන් ඇඟ ගාල පිලිවෙලක් වෙලා ගියා බලන්න අශ්වයව.


ඔන්න ඉතින් දවස් කීපයක් ගියා ආරංචියක් නැහ. දැන් කාලේ වගේ communicate කරන්න facilities නැහ නොවැ ඒ කාලේ. දැන් එව්වොන්ට mobile කියයි... facebook/ twitter කියයි.


ඉතින් දවස් කීපයකට පස්සෙ පිස්සටත් කැවුමව හම්බුනා ස්ටෑන්ඩ් එකේදි..


" ඈ බන් කැවුමො... උබ අපිට පාර්ටි එක දෙන්න වෙනවට මග අරිනවනේ.. කියපන් කියපන් මොකෑ උනේ ? "


කැවුමත් මූන පොඩ්ඩක් අවුල් කොරන්...


" මේ උබ කාටවත් කියන්නෙ නැහ නේද.. "


" කියපන් ඉතින් කාට කියන්නද... "


" ම්ම් මම ගයාන්ටයි... අමිලටයි... ( නම් 6 - 7 ක් කිව්ව ) විතරයි කිව්වෙ... " ( මූ හැමෝටම කියල තියෙන්නේ කාටවත් කියන්න එපා කියල... ඌ ඔක්කොටම කියල හි හි )


" ඉතින් කියපන්කො... "


" එදා මම ඒකි හම්බෙන්න ගියානේ... ඒකි මගෙන් උදව්වක් ඉල්ලුවා... "


" ඉතින් යකෝ උබේ කෙල්ලනේ... කරපන්.. "


" උබ මේ මඟුලක් කියනවනේ.. ඒකි කියනව ඒකි කැමතියිලු බන්ටිට...


මට කියනව බන් බන්ටිගෙන් අහන්න කියල ඒ ගැන "


කැවුම නිකන් අඬන සයිස්... මාත් කොර වෙලා ගියා මේ හරුපෙ අහල..


ඔන්න ඉතින් දැන් කට්ටියම එකතු වෙලා මේ ගැන සාකච්චාවක් දැම්ම... බන්ටි කැවුම ඇතුලුව...


බන්ටි ත් කොර වෙලා...


" අනේ බන් මම හීනෙන්වත් හිතුවෙ නැහ ඒකි ගැන... " වගේ ටෝල්ක් දෙනවා...


කැවුමත් මූනෙ හොටු පෙරන් මූඩ් එකේ...


අන්තිමට තීරනය උනේ කැවුම ඔය කෙල්ලෙ පස්සෙන් යෑම අත අරින්න සහ බන්ටි ඒකිට බැහ කීම.


මොකද ඉතින් චාටර් නේ බන්ටිය ඒකි යාලු කර ගත්තම.


කාලය සති 2ක් විතර ගියා... මෙන්න ආරංචියක් ආව බන්ටි ගිවිසුම කඩ කරල අශ්වය පිටේ යන්න අරන් කියල...


හොයල බලද්දි ඇත්ත සීන් එක. 

කැවුම ශෝකය දරා ගන්න බැරිව ඒ කාලේ අඬපු ගායකයන් මැරෙව්ව... ඌ ගාවින් ගියත් එක්කො අජිත් මුතුකුමාරන... වැලිතුඩුව... වගේ ශෝක ගීමයි ඇහෙන්නේ....

කැවුම ගෙ ෆිට් කොල්ලොන්ට ඕකට අම්බානෙක මළ පැනල මුන් දෙන්න දකින් දකින් තැන කෑ ගහල නෝන්ඩි කරා කාලයක්.. ඒ උනාට උන් නෙමෙයි ඒව ගාකට ගත්තෙ. අපි අපේ ආදර ලෝකෙ කියල බන්ටි අශ්ව ආදර අන්දරේ අවුරුදු 3 -4 ක් ගලාගෙන ගියා.


ඒ කාලේ කොහොම හරි ඔය සීන් එක කොල්ලො කවි කොලේකුත් ගැහුව නොවැ... හි හි මට මතක නැහ එක කවියක් වත්.. එක පේලියක් නම් මතක තිබ්බ ඒක පට්ට.

" අන්තිමේ සපෝටර් අශ්වය පිටින් ගියා.... "




************************


අර මෙලෝ රහක් නැති කුනුහරුප කාරය මේ පැත්තේ රිංගල තිබ්බ නිසා කොමෙන්ට්ස් ටික පොඩ්ඩක් බලල දාන්න ( moderate ) හිතුවා... ඒ ගැන සිදුවන අපහසුතාවයට සමා වෙන්න ඕනි.
අනේ ඇත්තමයි කුනුහරුප උනත් මූ එකමනේ දාන්නේ... පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා වෙනස් එකක් දාපන්. මෙලෝ රහක නැහ ඒ යකා නම්.


***********************


ළමයි මේ... අර පරණ සින්දුවක් තිබ්බා කවුද කියන්නේ නම් දන්නේ නැහ...




"" කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා... සුදු නංගියා මාගේ හිනැහී ගියා.... ""


ලඟ තියෙන කෙනෙක් දෙනවනම් පින් සිද්ද වෙනව.

26 comments:

  1. යකෝ මේව කොහොමද මෙලෝ රහක් නැති ඒව වෙන්නේ.. හික් හික්...

    මේ මචං.. ඔය සින්දුව කියන්නේ විල්බට ඇන්තනී මහත්තය.. මේං ගනින් මාගාව ඕ.පු. තියෙනවා.. ඕ.පු. කිව්වට ඕනම පු. නෑ.. ප්‍රසිද්ධ ටිකක් තියෙනවා...හික් හික්...


    http://www.mediafire.com/?8z7fz15iy14pa7t

    ReplyDelete
  2. මේං එයාගෙ සින්දු..

    කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා.. සුදු නංගියා මාගෙ හිනැහී යා..
    සුදු සේල අගින් වැසු නීල නුවන්.. විහිදා මාවෙත බලනු ඉතින්..
    ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ..
    කුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනාසුනා...නලල පුරා තිලකය තියලා මට ආදර බස් දුන්නා..
    නොහඬන් මියුලැසියේ..
    පායා සඳ නැගුනා.. මට පල නෑ ඒ සඳේ කැන්...
    නොමග නොයන් පුතේ.. නුඹට රටක් ඇතේ...

    ReplyDelete
  3. මෙලෝ රහක් නෑ කියල කිව්වට ඒක අගේ ඇති කතාවක්... ඔයවගේ සීන් එකක් මගේ යාලුවෙක්ටත් වෙලා තියෙනව..

    කොහොම උනත්, කෙල්ලෙක් ස්වෙච්චාවෙන් කොල්ලෙක්ට කැමතියි කියන්නේ කල්ප කාලාන්තරයකට එක වරයි... හැමදාම ඉතිං කොල්ලො වෙච්ච අපි මේ ලෝකෙ නැති කටු කාලා ටෝක් කරන්න එපැයි.

    ReplyDelete
  4. ඒ සින්දුව කියන්නෙ විල්බට් ඇන්තනී.

    ReplyDelete
  5. මෙලෝම රහක් නෑ .... හික්ස් !!

    ReplyDelete
  6. හික් හික් හිකිස්...මරේ මරු ඉස්ටෝරිය. අශ්වයාට වඩා අස්පි වුනා නම් හොඳයි. (ජස්ට් අ සජෙෂන්) අශ්වයා මට මැවිලා පෙනුනා නොවැ කියපු හැටියට.:D
    ඔන්න මම අමුත්තියක් පලාමල්ල අවුස්සන්න ආපු.

    ReplyDelete
  7. ඇයි ඉස්සර අපේ සෙට් එකෙත් බුවෙක් හිටියා.ඌ ට්‍රයි කරපු කෑල්ලට මාර ලව්. කෑල්ලත් සිරා කෑල්ල.රතු රෝස එකේ"චාප" වගේ. හැබැයි කෙල්ල ලඟට ගිහින් කතා කරන්නෙ නෑ.ලජ්ජාව,බය,වෙව්ලීම ඔය සේරම රෝග එතකොට ඌට ඇති වෙනවා.ඉතින් ලියුම් දෙන්නෙ,කැමතිද කියල අහන්නෙ ඔක්කොම කරන්නෙ උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ්.කොහොම කොහොම හරි මාස හයක් විතර ඔය සෙල්ලම තිබුනා.අපිටත් මූ හෙන ඇනේ.කොයි වෙලාවෙත් කියවන්නෙම අර බඩුව ගැනමයි.හදිස්සියට දුමක්වත් දාන්නෙ නෑ.ඒ තරමට බඩුව ගැන හිතනවා.
    ඔන්න ඉතින් අපි සෙට් එක MISSION IMPOSIBLE කියන ‍ෆිල්ම් එක බලන්න ගියා.හැමදාම ගැලරි යන එකේ අද බැල්කනි යමු කියල බැල්කනි ටිකට් අටකුත් අරගත්තා.වෙලාව පහුවෙලා හින්ද කලුවරේ අතගගා ගිහින් අපිත් ඉඳ ගත්තා. කෆලුත් ගොඩක් ඉන්නවා.සමහර කෆල්වල කොල්ල විතරයි පේන්නෙ.කෙල්ල පේන්නෙ නිකන් නැමිල ඉන්නව වාගෙ..:D හික්,හික්.අපිට එහාපැත්තෙ හිටපු කෆල් එකත් ඒ වාගෙ.දැන් ඉන්ටෙර්වල් එක ආවා.අපි හතර පස් දෙනෙක් සුපුරුදු වැඩකට එලියට ගියා.ටික වෙලාවකින් හෝල් එක ඇතුලෙ පොඩි කචල් එකක් වගේ.අපිත් ටක් ගාල ඔලුව දාල බැලුවා.අම්මට සිරි මේන් බොලේ අපේ එකා උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ් ට අම්බානක නෙලනවා.අපි බැලුව මූ කොහෙන්ද මෙතෙන්ට ආවෙ කියල.බොලේ මේන් චාපත් ඉන්නව.බැලින්නම් අපේ එකාට හොරෙන් උගෙ යාලුව කෑල්ල සෙට් කොරගෙන.ඌ ගිහින් අහල තියෙන්නෙ මූට නෙමෙයි ඌට.දෙන්නම් අතේ මාට්‍ටු.
    දැන් චාපනම් කොහෙ ඉන්නවද දන්නෙ නෑ.ඒත් අපේ එකයි උගෙ යාලුවයි අදටත් නෝ කතා.

    ReplyDelete
  8. කුණුහබ්බයාගේ අයි පී එක දාන්න.. ඕකව මට්ටු කරන්නම ඕන.. සැට් වෙලා වැඩේ දෙමු

    ReplyDelete
  9. මාර සපෝටර් කෙනෙක් තමා. හික් හික්...

    ReplyDelete
  10. ඒක නෙමෙයි.. උඹට මොකද මේ එකපාරටම සුදු නංගියෙක් ගැන මතක් වුණේ... මගේ යාළු‍වෝ දෙතුන් දෙනෙකුත් මේ දවස් වල 'සුදු නංඟි' කයන නම මතුර මතුර ඉන්නවා...
    හැමට හිතෙන විදිහට ඔය සින්දුවේ ඉන්න සුදු නංඟි වෙනස් චරිතයක්...
    ......................?????????????????????????

    ReplyDelete
  11. වැම්පයර් : උබ ඇවිල්ලා ගින්දර වැම්පෙක් නොවැ... බොහොමත්ම ස්තුතියි කිව්වා මචන්. හුඟක් පරණ මතකයක් ඇවුස්සුනා ඒකයි හෙව්වෙ.

    යකෝ මේ සින්දු ඔක්කොම වගේ අහල පුරුදු එව්ව නොවැ... චික් ලැජ්ජයි බන් මම දන්නෙ නැහනේ ගායකයගෙ නම මේ වෙනකල්ම....

    ඕ. පු තියෙන එක හොඳයි... ඉස්සරහට තව කරදර කොරන්නම්කො හි හි

    ReplyDelete
  12. sameerausa : හි හි ඒක ඇත්ත. ඒ අතින් සපෝටර් වාසනාවන්තයි





    sithuwilimandiya : බොහොම ස්තුතියි... වැම්පි ගීතයත් දාල තිබුනා. මේ පැත්තෙ අදමද කොහෙද දැක්කේ... ආවට බොහොම ස්තුතියි



    Unknown_User/හිඟන්නා : හික් හික් ආයෙත් කියල

    ReplyDelete
  13. Naදී : හික් හික් බොහොම ස්තුතියි.... දැන් ඉතින් හැමදාම වෙලා තියෙන හැටියට ඔලුව දැම්මනම් මේ පැත්තට හි හි




    චේජනා : පව් කැවුමා හි හි





    dinesh : හික් හික් හික් පට්ට සීන් එක නොවැ... මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතෙනව බොල... ඒ තරම් ගති සීන් එක. හික් හික්...

    ReplyDelete
  14. Anonymous : සිඟිති ආතල් නොවැ. ඔහේ ගත්තු දෙන්.




    ආදර කතාව : අශ්වයො පිට එහෙම ගියේ නැහ නොවැ.... හි හි




    Jeew : නැහ බොල... ඉස්සර දහම් පාසලේ කෙල්ල්ක් හිටියා... ඒකිගේ කටේ තිබ්බේ ඔය සින්දුවමයි... පරණ මෙමරියක හිර උනු වෙලේක ඒකි එක්ක සින්දුව මතක් උනා....

    දැන් ඉන්නෙම සුදු එව්වොනෙ බන්... අර නීල් ද කොහෙද කියන්නේ...

    කලු උනාට කෙල්ලට මම කියන්නෙ මම සුදු.

    ReplyDelete
  15. කවුද පිස්සා අයියෙ මේක මෙලෝ රහක් නෑ කියන්නේ.මරු කතාවක් නේ.හැබැයි මේක ගොඩක් අයට ලග අත්දැකිමක්

    ReplyDelete
  16. ඒ අපේ එකෙකුටත් ඔය සීන් එකම උනානෙ බන් අයියෙ....හැබැයි හෙන බොක්ක වගේ හිටිය උන් දෙන්න දැන් නම් නයයි පොළගටත් හපන්............හැබැයි ඒ කෙල්ල නම් දෙන්නටම කෙලවල :(

    ReplyDelete
  17. එල මචන්. උඹ තව මේ වගේ කතා කීයක් හිතේ තියාගෙන ඉන්නවද post නොකර? දාපන් දාපන් අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  18. අපොයි ඔහොම වැඩක් ගැන මටත් මතක තියේ...

    ReplyDelete
  19. AmilaArt : බොහොම ස්තුතියි මචන්





    පුබුදුවා : හි හි ඔව් ඔව් ඒක ඇත්ත. කියෙව්වනේ කලු කුහරයක ඌ ප්‍රෙහෙලිකාව ගැන





    Hasitha ජයසූරිය : හපොයි කෙල්ලො හින්ද මරා ගන්න එක නම් මහ චාටර් සීන් එක. අන්තිමට කෙල්ලත් නෑ යාලුවත් නෑ.

    ReplyDelete
  20. Prasanna : එහෙම නැහ බන්. මතක් වෙන ඒවා තමා දාන්නේ... එළ එළ... දිගටම කරන් යන්න ඕනි වැඩේ හි හි




    මාරයාගේ හෝරාව : එහෙමද.... මාර අයියා ට එහෙම උන සිද්දියක් නෙමෙයි නේ....

    ReplyDelete
  21. haffaa . . mekath maru banz . . ..

    ReplyDelete
  22. දුකා : හි හි බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට දුකා අයියේ

    ReplyDelete
  23. අන්තිමට ''ඌටත් නෑ, මටත් නෑ'' නේ.

    ප.ලි. - මෙලෝ රහක් නැති ගනයට අයත් නොවේ.

    ReplyDelete
  24. කොඩී : නැහ බන්... අන්තිමට සපෝටර් ම තමා දන්න විදියට නැවත්තුවේ

    ReplyDelete

Related Posts with Thumbnails