Wednesday, October 6, 2010

පාන් මිල... ෆොන්සේකා උන්නැහේ... එක්ක මේ දවස් වල...

Share


බ්ලොග් ලියවිල්ල සෑහෙන්න මග ඇරිලා... ඒ විතරක් ය... කියවිල්ලත්. ඔන්න අර ජංගම දු. ක ට ( හි හි පිස්ස අලුත් එකක් ගත්ත නොවැ  ) ඔපෙරා බීටා එක දා ගත්ත. කලින් එකේ වගේ නෙමෙයි හිර වෙන්නෙ නැතුව සිංහල කියවන්න පුලුවන්. ඒකෙන් බ්ලොග් කියවිල්ල නම් කෙරෙයි වගේ...

ලියවිල්ල නම් අනේ මන්ද... කාලෙකින් කපුගේ මහත්තයගෙ සින්දු ටිකක්.. පොඩි ලා අංශයක් එක්ක බ්ලොග් බලන්න ගත්තා...
මොකුත් ලිව්වෙ නැති නිසා ලියන්න ගත්තට මෙලෝ උලව්වක් මතක් වෙන්නෙ නැහ නේ.

අර පාන් පිටි මිල ගිය පුවත එක්ක මතක් උනේ... 94 චන්දිරිකා දීපු 3.50 පාන්. මතකද... හි හි.
චන්ද පොරොන්දු වල ලොකුම එකක් උනා නේ ඒ කාලේ. කිව්ව වගේම ටික කාලයක් දුන්න පාන් ඒ ගානට. 



පස්සෙ සුට්ට සුට්ට වැඩි උනා... ඇත්තටම දැන් කීයද පාන් ගෙඩියක් ? රුපියල් 3 කින් වැඩි උනා කියල ආරංචියි.

මම ඒත් බැලුවෙ මේ පහුගිය අවුරුදු 3 - 4 ට බඩු මිල වැඩි උන ආකරය... ඉස්සර.. ඉස්සර කිව්වෙ 2004 - 2005 වගේ මම කොළඹ නැවතිල කෝර්ස් එකක් කලා... ඒ කාලේ බෝඩිමට 3000.00 තවත් 4000.00 දුන්න ගෙදරින් වියදමට. කාල බීල ( බීලත්  ) 300 ක් 400ක් ඉතුරුත් උනා.. දැන් කීයක් විතර යයිද වේල් 3 කාල බීල ඉන්න ???

මට ලංකාවෙ මතක කෑම මිල කියනවනම්...

ආප්පයක් රුපියල් 5.

ප්ලේන්ටියක් 5 යි.

ෆ්‍රයිඩ් රයිස් එකක් ( අර විජය ග්‍රැෆික් එක ගාව කඩේ.. මගේ ආසම පොට් එකක්.. ) 40යි.

උදේ බත් එකක් ( බිත්තර පලුවයි... හාල් මැස්සො.. පරිප්පු.. පොල් සම්බොල ) 28 යි.

හි හි අංශ භාගයක් 200 ක් දෙද්දි ගන්න පුලුවන්.

බියර් එකක් නම් 65යි.

බිත්තරයක් 5යි.

ඔය මතක් වෙච්ච... දැන් 2 -3 ගුනයක් වෙලා ඇති මයේ හිතේ. ඒත් අපේ ගෙවල් වල අයගෙ පඩි නම් ඒ ගානමයි. සොච්චමක් වැඩි උනත් අරවට මේවට කපල නොවැ ඒක දෙන්නෙත්.  



හැබයි මල් කඩන්න ජංගම දු.ක ගාස්තු නම් දැන් එක්ක බලද්දි ඒ කාලේ අනේ අපොයි... එන කෝල් වලටත් සල්ලි ගත්තනෙ මේ යක්කු ඒ කාලේ.

ෆොන්සේක උන්නැහෙත් හිර කොරල නේ... මාරය අයිය ඒ ගැන දිග ලිපියක් ලියල තිබ්බ දැක්ක...
දේශපාලුවන්ගෙ ලනුවක් කාල දැන් දිරවගන්න බැරි තැනක නොවැ උන්නැහෙත් ඉන්නේ.. මොනව උනත් මෙහෙව් දඩුවමක් දීපු එක නම් පිස්ස අනුමත කොරන්නෙ නැහ...හිතට දුකයි. මොනා උනත් 30 වසරක යුද්දෙ නිමා කොරන්න ලොකු සේවයක් කරා නේ උන්නැහෙත්. 



පිල්ලියාන්... කරුනා එහෙම " එහෙයි " කියන් රජ සැප විදින මෙහෙව් රටේ... අනේ මන්ද මේවා ඉතින්. අපේ මිනිස්සු චීන පටස් පත්තු කොරයි කියන්නේ...

" පූජාසනෙයි ඔබ හිඳුවා ඔබව පුදන මේ ලෝකයමයි... ඔබට එරෙහි වී නැගිටින්නේ... " නන්දා මාලිනි මහත්මිය නිකන් ය කිව්වෙ...

හැබයි ඉතින් ෆොන්සේකා උන්නැහෙත් කල කිව් දේවල් ඒ කාලේ අනුමත කල නොහැකියි. 


ලෝකේ හොඳම කොටස් වෙලඳ පල ලංකාවෙ එක කියල කියන්නේ... ආර්තික අතින් දියුනුවක් ඇති වෙන එක නම් හොඳයි... ලොකු එකා හදල නැති එකා නැතිම නොකර හැමෝටම හැදෙන්න විදියක් ඇති කරොත්... කාල ඇඳල අතමිට යහමින් ජීවත් වෙන්න ආර්ථිකයක් හදල....  2/3 අරන් රාජාංඩුවක් ඇති කර ගත්තත් කමක් නැහ අර දුමිය හීනෙන් දැක්ක වගේ...

ඉස්සරහට දිගටම ලියන්න හිත ඉන්නව.. වෙලාව තමයි බොලන්ල...

27 comments:

  1. මාත් බැලුවේ මොකද සද්දයක් නැත්තේ කියලා.

    මොනවා වුනත් දැන් හොඳයි නේ රු.100 ගානට ඉතුරු නැතිව පාන් ගෙඩි 2 ක් ගන්න පුලුවන්නේ පාන් ගෙඩියක් රු.50 ක් වුණු නිසා. ඔහොම තමා අපේ කොල්ලෝ කියන්නේ :)

    ReplyDelete
  2. 2 3 n nemei 10 15s ganan ganan gihilla

    ReplyDelete
  3. ආප්පයක් 10 -12
    බිත්තර ආප්පයක් 30
    ප්ලේන්ටියක් 10-12
    ෆ්‍රයිඩ් රයිස් (mix) 120.-150
    ෆ්‍රයිඩ් රයිස්220-270
    උදේ බත් 60 (බිත්තර -80)
    බියර් 180
    බිත්තරයක් 17

    ReplyDelete
  4. ලෝකෙ හොඳ කොටස් වෙළඳපොල ලංකාවේ එක උනාට වැඩැක් නැහනේ.. මොකද තවමත් අපේ රටේ සාමාන්‍ය ජනතාවට කොටස් වෙළඳපොල කියන එක ආගන්තුකයි.. දනට ඒකෙ ආයොජනය කරන්නේ ධනවත් පැලැන්තියේ අයනේ.. අනික සාමාන්‍ය ජනතාව ආයොජනය කළත් කොටස් 100-200 ක ආයොජනය කරනව ඇරෙන්න ඊට එහා හිතන්න අමාරුයි නේ.. ඉතිරි කිරීම කෙසේ වෙතත් ආදායමට වඩා එන්න එන්න බඩු මිල ඉහල යන එකේ එදා වේල හරි කාල ඇඳල ඉන්න ඔනනේ.. මෙහෙම බැලුවම නම් ආර්ථිකේ ඉහල ගියා කියල පොදු මහජනතාවට බලපැමක් වෙලා නැහැ මම හිතන්නේ..

    ෆොන්සේකා මහත්තයට වෙච්ච දේ ගන මම කතා කරන්න යන්නේ නැහැ.. ඒක තම තමන්ගෙ හිත් දන්නවනේ.. කොහොමත් දේශපාලනේ ගැන කතා කරන්න මම කැමතිත් නැහැ..


    [ම්කද බං සද්දයක් නැතුව හිටියෙ.. අසනීපයක් එහෙම අහැ නේද..]

    ReplyDelete
  5. ආ. මේ පැත්තේ ඇවිත් තියෙන්නේ... දැන් නම් වඩේ එකකුත් රුපියල් 20කට වඩා වැඩියිලු බං.. දැන් වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බොනවා කියන්නේත්, ෆයිව් ස්ටාර් කෑමක් බොලව්..

    ReplyDelete
  6. Hasitha : 50 ක් ද ?? හපොයි බන් අර ජාතික ආහරේ වගේ තිබ්බ රෝල් එකක් කීයද ?? අපි නම් කෑවෙ 10 - 12 ට....




    ANO : කිකිලියො රත්තරන් බිත්තරද මන්ද දාන්නේ.... හ්ම්ම්..




    සෝරෝ : ඔව්. ඒත් කොටස් වෙලඳ පලට මීට වඩා ප්‍රසිද්දියක් වගේම ඒ ගැන මිනිස්සු දැනුවත් කිරීමට වැඩ පිලිවෙලක් තිබ්බනම් හොඳයි. දන්නෙ නැතුව ආයොජනය කරන අය හරිහමන් දැනුමක් නොමැතිව තැරව්කරුවන්ගෙ උගුල් වලට අහු වෙලා සල්ලි නාස්ති කර ගන්නව.

    10 - 90 % කතාව තමයි මටත් හිතෙන්නෙ.

    10 % සල්ලි 90 % ජනතාවට යද්දි..

    90 % ක් යනව 10 % ක් තරම් වූ සල්ලි කාරයන්ට.

    අනේ අසනීපයක් නෙමෙයි බන්.. කම්මැලිකම + වැඩ තමයි ඉතින්.

    ReplyDelete
  7. sameerausa : සල්ලි ගෝනියක් අරන් යන්න වෙයි වගේ... අනේ මන්ද එහේ එව්වො කොහොම කරනවද කියල

    ReplyDelete
  8. අනේ මම නං ඔය මාතෘකා එකක් ගැන වත් කතා කරන්න කැමති නෑ. මොකද අන්තිමට ඉතුරු වෙන්නෙ හිත පුරා හිතේ අමාරුව විතරනෙ :(

    ReplyDelete
  9. බලන් ගියාම උඹටත් හෙන වයසක්නෙ බන්.....

    ReplyDelete
  10. නන්දා මලනී මහත්මියගේ "පවන" කැසට් එකේ තියෙන සිංදු ටික දැනුත් නි‍යමෙට ගැල‍පෙනවා.. මේක අමුතුම ලංකාවක්නෙ දැන්.....

    ReplyDelete
  11. මාර සීන් ටික කියලා වැඩක් නැහැ...
    කෑම කේස් එකත්ලොකු පුරස්නයක් තමයි..
    මමත් ළඟදි දවසක ආසාවට ආප්පයක් රස බැලුවා ඒ නම් එකක් දහය ගණනේ...කාලා ඉවර වුනාම හිතුනා මේක කෑවට වඩිය හොඳයි දහය හිඟන්නෙකුට දන් දීලා ආප්ප වෙනුවට සපත්තු හමක් කෑවනම් මීට සැපයි කියලා....
    ආ අනිත් එක,වෙලාව තමයි මටත් තියෙන ලොකුම පුරස්නේ.....
    එල එල....

    ReplyDelete
  12. දැන් ඔය ගානට කනව බොරු

    ReplyDelete
  13. යකෝ පාන් ගෙඩියක් පනහද දැන්? :(

    ReplyDelete
  14. අනේ බං පිස්සයියේ මමත් මේ දත මැදගෙන බලං උන්නේ මම දන්න ගණන් ටික දාන්න කියලා , මට කලිං කව්ද එකෙක් ඒ ටික දාලා බං.

    ReplyDelete
  15. කොටස් වෙළඳපොලේ කතාවත් කෙප්පයක්ද කියන්න බෑ. දැන් දැන් සම්පූර්ණයෙන්ම සංවර්ධනය ගැන කතා කියනව විතරයි. ඒත් එහි කිසිම ලක්ෂණයක් ජනතාව අතරටනම් මේ වෙනකම් අබ ඇටයක් තරම්වත් ඇවිල්ල නෑ. කෙප්ප කෙලින ආර්ථික විශේෂඥයෝනම් වැහි වැහල.

    ReplyDelete
  16. ස්වප්නා : ඔව් ඉතින් ඒකත් ඇත්ත...




    අභීත : එහෙම කිය්න්න එපා බොල.. ඇටය සන්දියේ එහා පැත්තෙ කඩෙන් පාන් ගෙඩිය උස්සන් ආවෙ 3.50.. ඔව් ඉතින් වයසයි තමයි... හි හි




    Anonymous : මම ඒ කැසට් එක ගැන අහල තිබ්බට සින්දු නම් මොනවද කියල හරියටම දන්නෙ නැහ..

    ReplyDelete
  17. කැන්ඩි... : ගිනි ගානට කාලත් මෙලෝ රහක් නැති උනහම ඉතින් කියල වැඩක් නැහ.. මොනව කරන්නද ඉතින්...




    කොඩී : මේ වගේ 2 ගුනෙනුත් බැහ වගේ නෙ බන්





    වැම්පයර් : ඔව් ලු බන්... පානුයි සම්බෝලයි කාල ඉන්නව බොරු...

    ReplyDelete
  18. prasanna86k : හි හි කවුරු දැම්මත් ඉහ මොල රත් වෙන ගනන් ටික නේද මලේ...




    ``` Outsider``` : ඔය මොන එකත් කියන්නේ ලොකු ලොකු ආර්ථික මිමි ගැන බන්.. එව්වයෙන් පොඩි එකාට වෙන සෙතක් නැහ. කොටස් වෙළද මලේ කතාව නම් ඇත්ත... ඒත් අර සෝරො කිව්ව වගේ කීයෙන් කී දෙනාද ඒක ගැන දන්නේ. අනික ඉතින් ඔය ඉහල යාමත් ඇතුලෙ මොන මොන සෙල්ලම් දාල කරපු එකක්ද කව්ද දන්නේ... ඔය අලුතින් නීති රීති වගේකුත් ගෙනාවේ සෙල්ලම් අහු වෙලා නොවැ...

    ReplyDelete
  19. මම වචනයක් වත් කතා නොකරමි..අපේ අම්මා කියානා ආකාරයට පොඩි ලමයි සහ ගැහැනු ලමයින් ඉස්සරහ කුනුහබ්බ කීම හොද නැත...ලoකාවේ දේශපාලනය කක්කිය...බඩු මිල කක්කිය..බස් ගාස්තු කක්කිය..ජoගම දු.ක ගාස්තු....හන් හන් හන්.......කක්කි නැත........පිස්සා හරියටම හරිය

    ReplyDelete
  20. අයියෙ කියල වැඩක් නෑ.... අපේ රට දැන් ලෝකෙටම ආශ්චර්යෙ පතුරන්න පටන් අරන්

    ලෝකෙම හොදම හමුදාපති වෙලා ලෝකෙම දරුණු ත්‍රස්තවාදින් පරාජය කරපු ඒ වීරයව හිරේ දාල ඔය පටන් ගත්ත ගැනිල්ල....තව ටික කාලයක් යද්දි මොනව වෙයිද දන්නෑ

    ReplyDelete
  21. ර ත් ග ම යා : මේ පැත්තෙ ආවමයි මයේ හිතේ... රත්ගමය කිව්වෙ රත්ගම කොලුවෙක්ද ?? හි හි.. එහෙනම් අහල පහල...

    ඔව්ව කක්කි නම් තමයි බොල.. අනේ මන්දා ඉතින්



    Hasitha ජයසූරිය : අපිට ඉතින් අර කටයි... අහවල් එකයි වහගෙන බලන් ඉන්න තමයි නේද මලේ...

    ReplyDelete
  22. මම ඊයෙ ඉදන් තමා ඔයාගෙ බ්ලොග් එක බලන්න පටන් ගත්තෙ. ඔයාගෙ මුලු බ්ලොග් එකම මුල ඉදන්ම කියෙව්වා. පට්ට. කියල වැඩක් නෑ. අර දිනිතිගෙ කතාව අපි හැමෝටම ඉස්කෝලෙ යන කාලෙ මතක් කරවන සංවේදී කතාවක්.

    ReplyDelete
  23. පිණිබිඳු... : බොහොම ස්තුතියි... හුඟක් අය ඒ කතාවට කැමතියි.. තාමත් අදහස් දක්වනවා... හුඟක් අයට පොදු සිදුවීම් නේ... ස්තුතියි ආවට මේ පැත්තෙ

    ReplyDelete
  24. මචෝ පාං ගැන ලියන්නෙ පරිස්සමිං. කොටින්ම අපිවත් ලියන්නෙ නෑ. ඔය පාංපිටි ත්‍රස්තවාදයක්ද මොකද්ද එකක් තියෙනවලුනේ බං.

    ReplyDelete
  25. එහෙමත් එකක තියෙද දැන් ?? මොනම විදියක හරි ත්‍රස්තවාදයක් නැතිව අපේ දේශපාලුවන්ට රට කොරන්න බැහ බැහ වගේ ඇති මයේ හිතේ...

    ReplyDelete
  26. අපොයි කෑම වගෙම තම බස් වියදමත්. ඉස්සරම මම පන්ති යනකොට තාත්තා මට දුන්නෙ රු.5 . ටවුන් එකට ගෙදර ඉදන් හරියමටම කිලො මී. 4.. යන්න රු2 එන්න රු.2(භාග ටිකට් නෙවෙයි ) තව රුපියලක් අතේ ඉතුරුයි. එක පහුවෙනිදට කැන්ටින් එකෙන් මොනව හරි කන්න.
    මීට මාස 2කලින් මම ලන්කාවට ගිහින් ටවුනෙකට යන්න බස් එකෙ නැග්ගා.... මේ යොදය රු 13.50 ගත්තා....!!!!!!

    ReplyDelete
  27. හිරු ප්‍රභා : ඔව් ඔව් එහෙම තමයි අපි අවුරුද්දකින් දෙකකින් විතර ලංකාවට යද්දි බඩු මිල හිතා ගන්න බෑ..

    ReplyDelete

Related Posts with Thumbnails