Monday, October 11, 2010

කෝච්චි වල කෑම එක්ක ඉස්සර මතකයක්.

Share


උදේ පානුයි පරිප්පුයි පොල් සම්බෝල පාරකුයි අඹරද්දි පොඩ්ඩක් අතීතෙට ගියා... කෑම බීම ගැන... කලින් පෝස්ට් එකෙත් කෑම ගැන ලිව්වා... කමක් නැහ.

කෝච්චියේ ගිහින් ඇති නොවැ ඔය කොයි කවුරුත්... ඒත් මම කියන්නේ දුර ගමන් කෝච්චි වල... ඒ දුර ගමන් කොච්චි වලට මගින් නගිනව නේ ඔය එක එක ජාති විකුනන වෙළෙන්දෝ..

මාතර එකටනම් නගින්නෙ ඔය කොයිකටත් එන රට කජු.. අන්නාසි.. වඩේ කට්ටිය තමයි. ඒත් ඉස්සර අපි මාසෙකට පාරක් වත් ඔය ත්‍රීකුනාමලය කෝච්චියේ යනව එනවා.

ඒකට නම් නා නා ප්‍රකාර මිනිස්සු නගිනවා...

ඉස්සර උදේ 5.30 ට වගේ කොටුවෙන් පිටත් උනේ ඔය කෝච්චිය. ඒක තමයි දවසටම ඉතින්... හැබයි මහ සෙනඟක් නැහ... යුද්දෙ කාලේ නොවැ. මම මේ කියන්නේ 92 - 93 වගේ කාලේ. මතක නිකන් හීනයක් වගේ.. පිස්ස පොඩි එකා නොවැ ඒ කාලේ.

ඔය කෝච්චිය express තමයි යන්නේ මහවට යනකම්. ඒ කියන්නේ ඉතින් නවත්තන්නෙ ලොකු නැවතුම්පල වල. මහවදි ඉතින් engine එක ගලවල ගහනව නේ අනික් පැත්තට. ඉස්සරහ බල යන සීට් වල හිටි අය එතැන ඉදන් පස්ස බලන් යන්නේ. හි හි. මහව හන්දියේ ඉතින් ටිකක් වෙලා නවත්තල තියෙනව ඒක නිසා.engine එක මාරු කරන සීන් එක නොතේරෙන අය ඉන්නවනම් ඔය සිතියමක් අරන් බැලුවනම්....


කෑම ගැන නෙ ලියනව කිව්වෙ... ඔය ගමනේ ම්ම්ම් මතක විදියට කුරුනෑගල හරියේ නැවතුම්පලකින් නගිනව වයසක මනුස්සයෙක් ඒ කාලේ ඉඳි ආප්ප අරන්. ඒ හරියට යද්දි උදේ කෑම වෙලාව... 7 - 8 වගේ.. මුලක් රුපියල් 10 ක් වගේ මතක... ( ගනන් හිලව් නම් නිච්චි නැහ... මට ඒවයේ ගානක් නැහ නේ ඒ කාලේ. ) තාත්ත මුල් දෙකක් ගන්නවා... මට එකක්. ඕකෙ තිබ්බේ ලූනු යහමින් දාල තෙල් දාපු හාල් මැස්සො එක්ක පොල් සම්බෝල. හප්පේ ඒ රහ තාම මතක් වෙනවා. හැබයි ඒ මුල කඩේකින් අරන් කෑවනම් ඒ රස නැතිවෙයි. කෝච්චියේ අරන් කද්දි අර ට්‍රිප් ගිහින් කැව වගේ නේ.



ඒ මුලෙන් භාගයක් වත් මට කන්න බැහ හැබයි. ඉතුරු නම් නැහ තාත්ත කනව ඒකත් හි හි.

මහව හන්දියේ ඉදන් ඉතින් මන්ද ගාමි. ඒ කිව්වෙ කොයි නැවතුම්පලෙත් නවත්තනවා. ඔය මහව හන්දිය පහු වෙද්දි අර 7 - 8 උගන්නපු සමාජ අධ්‍යනය පාඩමේ වියලි කලාප තෙත් කලාප ( අනික් එක ??? ) වෙනස හොඳට දකින්න පුලුවන්. ( ඒක නම් පස්සෙ කාලෙක තේරුනේ.. ).. කොල පුංචි... නිකන් පඳුරු වගේ ගස් කොලන් එක්ක රස්නෙ හුලඟ...

මගදි ඉතින් ඒ ඒ පැතිවල හේන් වල වවපු එළවලු වගේ ජාති අරන් මිනිස්සු නගිනවා.
මතක නම් නැහ හරියටම... පැනි දොඩම් නම් මතකයි. පොත්ත කොළ පාට උනාට පැණි රසයි ඇත්තටම.
එතකොට තල... මම තවත් කැමතිම කෑමක්...

හුට්ටප්පරයයි... නම මතක නැහ නේ... පොල්මද මතක විදියට... ඔව් ඔව් පොල්මද තමා. හපොයි ඒ කාලේ මම පන ඇරල.. පහු පහු වෙද්දි නම් ඒ ආසාව ගියාට පොඩි කාලේ කැමතිම කෑමක්.

රට කජු... වඩේ එහෙම නම් කොහොමත් එනවා. ම්ම්ම් ගියපු අය ඉන්නවනම් මතක් කලා නම්...
ඒ වියලි කලාපෙ වවපු දේවල් විකුන ගන්න තමයි ඒ මිනිස්සු කෝච්චියට නගින්නේ. 



තේ බෝතලේ දාපු තේ අමතක කොරන්නේ කොහොමෙයි. අර රතු පාට ලොකු උණුවතුර බෝතලේ දාපු තේ දවල් වෙලා බොද්දි අමුතු රසක් එන්නේ... ට්‍රිප් එකක් වගේ තමයි ඉතින්..

දවල්ට කෑම එකක් උදේ අරන් නාවොත් ගල් ඔය නැවත්තුවාම ගන්නවා තාත්ත. එතන කෑම විකුනුව මනුස්සයෙක් කෝච්චිය එක වෙලාවට. තිරිකුනාමලෙන් කොලඹ එක කෝච්චිය එනකල් කොලඹින් යන එක එතන නවත්තන් ඉන්නවා. කොලඹින් යන එක පරක්කු උනත් අරක නවත්තන් ඉන්නවා. ඊට පස්සෙ ඒ engine දෙක මාරු කර ගෙන තමයි ආයෙ යන්නේ. ඒ ඇයි ද කියන්න නම් මම දන්නේ නැහ...

ගල් ඔය ස්ටේශන් එකත් හන්දියක්. මඩකලපුව ලයින් එකත් එතනින් නොවැ යන්නේ.

තව කෑමක් කිරි ආප්ප... කාල තියෙද ?? බිත්තර ආප්ප... පැනි ආප්ප වගේ සීන් එක. අනේ අප්පේ ඒකෙ රස.. බිත්තර ආපේ බිත්තර වගේ කිරි ආප්පෙ කිරි තියෙන්නේ. ඒව නම් ඔය
ත්‍රීකුනාමලය කඩේක තිබ්බ කෑමක්.

කෑම ගැන කිව්වට මතක් වෙන්නේ නැහ නොවැ... ලඟදි ගියපු අය නම් ඇති ඔය පැතිවල ඕනි තරම්... මතක් කොරානම්...

ඔය එක්කම යුද්දෙ කාලේ මතකයකුත් තියෙනවා ලියන්නම්.... ඊලඟට.

පැය 8 - 9 ක ගමනක් ඉතින් ඔය... ඒ දවස් වල මට තිබ්බ පොඩි වෝල්ක් මන් ( Walkman n) එකක් ... මොකක්.. ?? හිහි දැන් ඔය ipod අරව මෙවා වගේ ජිමික්ස් එකක් තමා. කැසට් එකක් දාල පොඩි බැට්‍රි දෙකකින් වැඩ කලේ.. ඕක කනේ ගහන් යන්නේ පිස්ස ඒ කාලේ හිහි.

තාත්ත ගැන ඒ කාලේ වින්ද දුක මතකය අලුත් උනා මේ ලිපියෙන් ආයෙම... ඒ ගෑන් හුඟ කාලෙකට කලින් ලිව්ව ලිපියක් මේ..

තාත්ත කෙනෙක් ගෙ... අම්ම කෙනෙක් ගෙ ආදරය නම් අකුරු කරන්න දන්න කියන අකුරු මදි බොලව්..

පොස්ට් එක නිකන් කොත්තු වගේ උනා... සමා වෙන්ට.

ලිව්වනම් කෝච්චි කෑම ගැන අත්දැකීම්..

32 comments:

  1. "වියලි කලාප තෙත් කලාප ( අනික් එක ??? )

    අනිත් එක තමයි අර්ධ ශුෂ්ක කලාප. හැබැයි ඒවා තියෙන්නෙ හම්බන්තොටයි මන්නාරමෙයි. ඔය පාරෙ ඒවා අහු වෙන්නෙ නෑ

    ReplyDelete
  2. උඹ කියපු ඔය පොල් මද වලට කියන හරි නම තමයි 'පැලපි'..

    නොදකින් විතරක්, ආයෙත් කෑම ගැන මතක් කරනවා.. දුක හිතෙනවා ඕයි..
    ඉස්සර අපි ගමේ යන්නේත් කෝච්චියෙන්, බදුල්ල කෝච්චියෙත් ඔය වගේ තමයි. .ඒක දවසෙම යනවා නේ.. ඒ නිසා කන්න ජාති ගොඩයි...

    ලබන පාර ලංකාවට ආවම යන්න ඕන කොච්චියේ ආයෙත්.

    ReplyDelete
  3. උබේ කතාවට කටට කෙලත් උනනව

    ReplyDelete
  4. හෆ්ෆොයි මටත් මතක් උනා....

    ඉස්සර[96-98 විතර] මාතර - කොළඹ කෝච්චියේ හිටියා රටකජු ආච්චිඅම්මා කෙනෙක්.. එයා පෙට්ටි දෙකක් එහා ඉඳන් එනකොටම දන්නව.. "කජු රටකජු.... පොතු ඇරපුවා...." කියාගෙනතමයි එන්නේ...

    ReplyDelete
  5. මම කෝච්චියෙ ගිහින් තියෙන්නෙත් එක පාරයි .. ඒකත් පොල්ගහවෙල ඉඳන් නානුඔයට හිටගෙන ...

    ReplyDelete
  6. හික් හික්!! කෝචචි කාලා වතුර බීපු ඩයල් එකක් වගේ අපේ පිස්සයියත්

    ReplyDelete
  7. මචෝ කෝච්චිය ඇතුලෙ කෑම ගැනනම් කියල වැඩක් නෑ,රස.ඉස්සර අපිත් සිරීපාදෙ යනකොට,ගම්පහ පැත්තට ක්ලාස් අදිනකොට ,පොසොන් එකට අනුරාධපුරේ යනකොට අම්මෝ ඕක ඇතුලෙ වෙච්ච වැඩ.මහව ට්‍රේන් එකයි,මාතර එකයි තමා උදේට සෙට් වෙන්නෙ. කට කපල ඔ‍ෆිස් යන බුවාල.ඒකට උදේට වෙළෙන්දො නඟින්නෙ නෑ.පවර් සෙට් තමා වෙළෙන්දන්ගෙ පදිංචිය.හැබැයි මේ බුවාලගෙන් තව හොඳක් සිද්ධ වෙනව.ඔය හොරු,පික් පොකට් කරයො එහෙම නැගල ඉන්නවනම් ඒ ගැනත් පොඩි සංඥාවක් දීගෙන තමා යන්නෙ.

    ReplyDelete
  8. පොල් මද - පැලපි - අපි නම් කියන්නෙ ''පැලමද''

    ReplyDelete
  9. අපි නම් උදේ...දවල් ඉස්කෝලේ ගියේ කෝච්චියේ තමා,....ඒකට ඉතින් නගින්නේ..හන් වෙච්ච වඩේ අරගනිපු වඩේ කාරයොයි...පිලුන් වෙච්ච මාලුපාන් අරගත්තු මාලු පාන් කාරයොයි තමා......ඒත් නුවර ගියා..ඒක නම් පට්ටයි....

    ReplyDelete
  10. පිස්සා අයියගේ කතාව කියෙව්වහම මතක් වුනා අපිත් දෙතුන් සැරයක් කෝච්චියෙන් කොළඹ ඇවිත් ආපහු ගියපු හැටි. ඒ කාලේ (94-98 අතර කාලේ)අපි පදිංචි වෙලා හිටියේ තඹුත්තේගම කියන පැත්තේ.(දන්නේ නැති අයට :- තඹුත්තේගම තියෙන්නේ අනුරාධපුර පාරේ.)

    ඒ හැටි ලොකු දෙයක් මතක නැති වුනත්, ඒ දවස් වල කෝච්චියේ යන එන ගමන් කාපු බීපු දේවල් නම් හොඳට මතකයි. ම්... ඔය පැණි දොඩම් වගේම මට මතක හැටියට ජම්බෝල ද කොහෙදත් සමහර වෙළෙන්දන් ගාව තිබුණා.

    ඒ වගේ දුර ගමනක් යනකොට කෝච්ච් පෙට්ටියේ ගමන් කරන හැමෝම අතර බොහොම සුහදත්වයක් ගොඩ නැගෙනවා. කොටින්ම එක්කෙනෙක් සමහර වෙලාවට මොනවා හරි කෑමක් වැඩිපුර ඇරගෙන පුලු පුලුවන් විදිහට අනිත් අයත් එක්ක බෙදා හදාගන්නවා. ඒ වගේ වෙලාවට එක එක්කෙනා අගිය කතා, පම්පෝරි, අනං මනං කියනවා අහං ඉන්න මම හරිම ආසයි.

    ReplyDelete
  11. මට නම් කොච්චියේ විකුණන වඩේ කන්න තමා ලොකුම ආසාවක් තියෙන්නේ.

    අන්තිමට කොච්චියෙන් දුර ගමනක් කියලා ගියේ ගිය දෙසැම්බර සිරිපා කරුණා කරපු එක තමා. දවල් එකට විතර කොටුවෙන් පිටත් වුණු කොච්චිය හැටන්වලට එද්දී 8 විතර වුණා.

    ෆුල් ෆන් එකේ තමා අපි කට්ටිය කොච්චියේ ආවේ :)

    ReplyDelete
  12. කිරි ආප්ප කන්නෙ පොල් කිරිත් එක්කද... මට මතකයි ඔය වගේ කෑමක් ගැන... හැඩේ නම් ආප්පයකට වඩා රොටී වලට හුරු ගතියක් තිබුනේ... පොල් පී නම් මෙදා පාර ලංකාවට ගිය වෙලාවෙත් කෑවේ... මමත් ආසම කෑමක්...

    ReplyDelete
  13. aniva aniva.. apita nam pol nea.. desicated coconut thiyanawa.. eaken sambola kanna bea ban... :(

    ReplyDelete
  14. හිහිහි පට්ට පට්ට....
    මේක කියෙව්වට පස්සේ මට ආයෙත් යන්න හිතෙනවා කෝච්චි සවාරියක්.‍ගොඩකාලෙකින් කෝච්චියේ ගියේ නෑ.කෝච්චි ගමන නම් ඇත්තටම පට්ට.ලස්සන බලන්න යනවනම් කෝච්චියේ කොහෙද යන්න ඕනී කියලා ඉතිං වෙනම කියන්න ඕනී නෑනේ....

    ReplyDelete
  15. මම ත් අකමතිම ගමනක් තමයි කොච්චියෙ අයන්න් ඈගමනන්ම මරේමරු ,,කිය්ල වෑඩක් නෑහෑ..කොලොසෙට් එක් සෙට් උනොත්නම් ..ෆන් තමයි..මුලුගමනම්...

    ReplyDelete
  16. හපොයි පොල්මද නෙවෙයි පැලපී..
    තාමත් වත්තේ එහෙ මෙහෙ ඇවිදින කොට හම්බ වෙන පැලපොල් වලින් කැන්ඩිනම් රස බලනවා.
    මතක් වෙන කොටත් ආසයි...
    කැන්ඩි මුලින්ම කෝච්චියේ ගියේ යාළුවෙක් එක්ක..
    දෙන්නම හිතන් ගියේ බස් එකේ වගේ කොන්දයියෙක් එයි කියල ටිකට් ගන්න..
    වුන දේ හිතා ගත්තැකිනේ...

    ReplyDelete
  17. සිරා කතාව පිස්සො. කෑම ගැන කියවෙනකොට නම් බඩ ගිනි වැඩි වෙනවා. මේව කියවනකොට තව කිලෝ දෙක තුනකින් බර වැඩි කරගන්න පුළුවං ගේමක් නැතිව.

    අර ඉඳිආප්ප මුලේ රස මට දැන් දැනෙනවා, දැනෙනවා වගේ . . . හප්පා !

    ReplyDelete
  18. mata wadiyenma mathaka koocchiyee poson ekata anurdhapure giya ewaa witarai mama godak aasa koocchiyee yanna tamai,,onna mama ada tamai mulinma comment karanne

    ReplyDelete
  19. pissa ayya ,kochchiye ena anik maru de thama "vevare..... vevare.....", vevara genava(horen kadaapuvada manda) pita poththa sudda karala ehema.... mathakada?

    ReplyDelete
  20. හප්පා..අපිත් ඉස්ස‍ර උදේ හවස කොච්චියේ ගියා නොවැ ඉස්කොලේ යන්න.ඉස්කෝලෙ කොයි හැටි වෙතත් කෝච්චි ගමනනම් මතක් වෙද්දිත් තාම ආතල්.

    ReplyDelete
  21. Chanaka Aruna Munasinghe : අන්න හරි... දැන් ඉතින් අවුරුදු 10 - 12 කට කලින් ඉගෙන ගනිපුව නොවැ මතකෙ අඩුයි හි හි





    sameerausa : පැලපි කියල නම් කිව්ව මතකත් නැහ... මොනා උනත් ඔය උබයි මමයි එකම තමා නේ කියන්නේ හිහි... ඔව් ඔව් මමත් මාර ආසයි බදුල්ල ලයින් එකේ යන්නත්.. මේ පාරනම් යන්න ඕනි එකෙක් හරි අටවං... දැන් ඉතින් කොල්ලො හොයන්න දැල් දාන්න එපැයි බන් ලංකාවට ගියහම





    pradeep : හි හි ඒ කෑම රසයි බොල.





    සෝරෝ : මාතර ලයින් එකේ නම් රට කජු වෙළෙන්දො නෙ වැඩිම... ඉස්සර කජ්ජක් අරගෙන ෆුට් බෝඩ් එක ගාවට වෙලා හප හප එලිය බලාගෙන යන එක මගේ විනෝදාන්ංශයක්... හිතන්න මරු තැන...

    ReplyDelete
  22. Ashen : හපොයි බන්... මම නම් ඉහේ කෙස් ගාන ගොහින් ඇති පොඩි කාලේ





    blog gadol : හික් හික් කෝච්චි වල බර්ත් රූම් වල හිටන් අහ් එංජින් එකෙත් ගියපු පිස්සෙක් නොවැ මම... හික් හික්






    dinesh : උබටනම් හොඳ අත්දැකීම තියෙනව වගේ... ලියමුකො බලන්න.... ඔෆිස් ට්‍රේන් නම් මට අල්ලනෙ නැහ.. එව්වයෙ යන්නේ කෝච්චියේ අයිතිකාරයො වගේ අය නොවැ...




    කොඩී : අන්න මචන් වචනේ... පැලමද... තමයි. හි හි මතක් කලාට ස්තුතියි... පැලපි කියල සමහර පැතිවල කියනව මයෙ හිතේ...

    ReplyDelete
  23. ර ත් ග ම යා : අහ් උබ කෝච්චියේ ද ස්කෝලෙ ගියේ... අපි නම් පැනල යන්නේ ස්ටේශන් එක හරහා.. අර කන්ද පල්ලෙහා " කන්ද " ස්ටේශන් එක හරහා... හික් හික්.





    Dakshina : ඔව් ඔව් ... දවසක් ම යනවනේ ඉතින් කතා බහ කරනවා... මාර ෆිට් වෙනව සමහර වෙලාවට කට්ටිය. මම මාර ආසයි ඔය වියලි කලාපෙට...





    Hasitha : ලංකාවෙ කෝච්චි ලයින් වලින් ලස්සනම එක තමයි ඔය බදුල්ල ලයින් එක මට නම්... කොල්ලො එක්ක යද්දි ඉතින් ආතල එක කියල මොකටද... හිහි





    පුතා : නැහ මචන්... අප්පේ වගේම තමයි. මැද කිරි තියෙන්නේ.. අර බිත්තරේ වගේ. කිරි රසට හැපෙනවා පට්ට. හැඩේ නම් වෙනසක් නැහ බන්. මම වෙන කොහේවත් ඒ අයිටම් එක දැකල නම් නැහ. අපේ අම්මට කියල හදවගෙන තියෙනවා ඒ ගානටම නැතත් අවුලක් නැති ගානට හදනවා.

    ReplyDelete
  24. වැම්පයර් : අපිටත් නැහ බන්. තියෙන ඒවා වේලිලා සම්බෝල වලට බැහ. ඒත් ඩෙසිකේටඩ් එකෙන් හදන්න පුලුවන් බන්... සෑහෙන ගානකට ගන්න පුලුවන්. තෙම්පරාදුවක් දැම්මනම් තවත් එල.. ඕනි නම් රෙසිපි එක එවන්නම්... හි හි

    ලා පොල් කොලිටි එක නම් පලාතකවත් නැහ ඉතින්




    ෴ හසියා ෴ : අයේත් ඉතින් වෙන කොහෙද... උඩහ තමා. හැබයි මම වියලි කලාපෙ හරහා යන ගමනටත් ආසයි. ඒකෙ අමුතු කොලිටියක් තියෙනවා... පාලු වෙල්.. තැනිතලා පහුවෙද්දි... රස්නෙ හුලඟ....





    ඉලංදාරියා : කොල්ලො සෙට් එකකුයි කෝච්චියකුයි කියන්නේ විනාසයක් තමා හි හි





    කැන්ඩි... : හික් හික් ටිකට් නැතුවද ගියේ... හික් හික්... පැල මද කියල අපි කිව්වෙ බන්... කොඩිය මතක් කලේ. පැලපි කියල කියනව ඇති හුඟක් පැතිවල... අපොයි ඉරිසියයි මට

    ReplyDelete
  25. දුමී : එහෙම රසට කාල බර නම වැඩි උනත් මොකෝ බන්. මේ දැන් කන එව්ව නිකන් බඩගින්නට වගේනේ කන්නේ... මේ පාර ගොහින් නම් ඔය ඔක්කොම දොලදුක් අරිනවා ඉවරයක් වෙන්නම




    Hansi : බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.... කෝච්චියෙ ගමන ෆුල් ෆන් තමයි හි හි





    widanarala : ඔව් ඔව් වෑවර... අඩේ පට්ට නේ එව්වා.. කුරුම්බා කියන්නේ අපි... එව්වනේ. දැන් ගෙඩියක් කීයද බන්....





    sithuwilimandiya : සුන්දර මතකයක් තමයි

    ReplyDelete
  26. මං මේ කල්පනා කොලේ මලේ, මට උඹේ බ්ලොග් එක මෙච්චර දවස්ක් මිස් වුනේ කොහොමද කියලයි? දාගත්තා බුක්මාක් එකක්, මුල ඉඳලම කියවන්න...තව අර pdf එකත් බාගත්තා යන එන කොට කියවන්න.

    නියමයි, මේ කෝච්චි විස්තරේ නම්....ඇස්දෙක පියා ගත්තම කෝච්චියෙ සද්දෙත් ඇහෙනවා බං. ඒ අස්සෙ හීනියය මෙහෙම සද්දෙකුත් ඇහෙනවා...

    වඩේ..වඩේ..උණු උණු ඉෂ්ෂො වඩේ..ඒඒඒ....

    හෝව්..හෝව්.. පැල පොල් වලියට මාත් එනෝ...
    පැලපී.. අපෙ සීයගෙ සරම. පැලපී නෙවෙයි බෝලං පැලපොල්.. පැලපොල්.


    ප.ලි/ කස්ටිය මරා ගන්න එපල්ල අර පොල් පැල වල මද වලට. එක එක පලාත් වල එක එක නම් කියනවා ඇති. අපි නං කිව්වෙ පැලපොල් කියලා මයෙ හිතේ.

    ReplyDelete
  27. Siribiris : හික් හික් අද හම්බුන එකම මදැයි... එළ එළ... සිරිබිරිස් ව නම් මට පුරුදුයි හොඳට දැකල අර මයියා ගේ කතාවට දාන කොමෙන්ට්ස් වලින්.

    පී ඩී ෆ් එක බලල කිව්වනම් හිතෙන දෙයක්...

    ඔය ආවෙ තව නමක්...

    පැලපි..
    පැල මද
    පොල් මද
    පැලපොල්..

    ඔක්කොම එකට නොවැ... හි හි

    ReplyDelete
  28. මම තවම කෝචිචියේ ගිහින් තියෙන්නේ 1 පාරයි එලනේ අයියලා හිනාවෙන්න එහෙම එපා . අපේ පලාතේ කෝච්චි නෑනේ . ඒකයි

    අපේ පැත්තේ බස් වල නම් විකුනන්නේ මෙවුවා අහගන්න

    කඩල පැකට් එකක් , කපුරුබෝල මල්ලක් , හැට්ටකටු කොලයක් , පෙපරමීන්ට් එකක් , චුයිංගම් එකක් එහෙම.....................................කමූඌඌඌඌඌඌඌඋ

    අන්න එහෙමයි නැගෙන හිර පලාත

    ReplyDelete
  29. කොච්චියෙ කෑමක් කාපු ගමන් අත් දැකීම කියන්නම්. එත් කෑම ටිකනම් මරේ මරු

    ReplyDelete
  30. හිස් අහස : නැගෙනහිර පලාතේ.... ම්ම් බස් වල නම් එන එව්වො මෙලෝ රහක් නැහ... ඔය මොනා හරි ගිමික්ස් කෑලි තමයි විකුනන්නේ... හි හි





    බෝඩිංKaraya : කාල කියමුකො එහෙනම් හි හි

    ReplyDelete
  31. සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ නෑ නේද? අපි ඉන්නවා කියවන්න බලාගෙන.

    ReplyDelete
  32. හුඟ දවසකින් ආවෙ නැහ... වැඩත් එක්ක හිර වෙලා.. අද ලිපියක් දැම්ම. බොහොම ස්තුතියි හොයල බැලුවට

    ReplyDelete

Related Posts with Thumbnails