Friday, November 5, 2010

කමල් බුද්ධ පූජාව තිබ්බ හැටි....

Share


මාසෙකින් විතර ගොඩ වැදුනේ... කාලය යනව නෙමෙයි විදිනවා අර මාතර කොළඹ බස් එකක් වගේ. ඒ අස්සෙ වැඩ එක්ක බ්ලොග් ලිවිල්ලට කම්මැලිකම කියන හෙනහුරත් පහත් උනා. ඉතින් සමාවෙන්ට. ලියන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් උනේ නැහ... ඔහොම තමා ඉතින්. ඉතින් ඉතින් කට්ටියට මතක ඇති මයෙ හිතේ පිස්සව...

මොනවද අලුත් විස්තර අවකාශේ.... ?? 



වැල්වටාරම් වැඩක් නැහ... පොඩි කතන්දරයක් ලියල දාන්න හිතුනා. මේ ලඟදි අපි ඔය පොඩි අංශයක් එක්ක දොඩමලු උනු වෙලාවක කියපු කතාවක්. අපේ ඔය දන්න අයියා කෙනෙක් තමයි කිව්වෙ. අයියා ඇවිල්ලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු එක්කෙනෙක්. මේකයි කතාව.

ඔය අවසන් වසර විය්‍යාපෘති වලදි එහෙම සිසුන් එක්ක ඔය මහාචාර්යවරු හුඟක් කිට්ටු වෙනවලුනේ. ( අනේ පිස්ස ගිය විශ්ව විද්‍යාල... කිව්ව කතාව තමා කියන්නේ ). ඉතින් ඔය අයියලාගේ බැචෙක් හිටියලු කමල් කියලා. 

ඔය කමල එක්කත් කමල් ගෙ අවසන් වසර විය්‍යාපෘතිය භාරව හිටි ආචාර්යවරය හුඟක් කිට්ටුලු. කොහොම හරි දවසක් ආචර්යවරයටයි එයාගේ පවුලටයි සතියක් විතර පිට කොහේ හරි ගමනක් වැටිලා කමල් තමයි සෙට් වෙලා තියෙන්නේ ගේ මුර කරන වැඩේට. ආචාර්ය වරයත් කමල්ව ගෙන්නල...

" කමල් මෙන්න ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා දින 2 කට විතර... උයන්න ඕනි කරන බඩු ඔක්කොමත් තියෙනවා උයාගෙන කාල ඉන්න... " 


කියලා... තනිවට ඕනිනම් යාලුවෙකුත් අඩගහගන්න අවසර දීල.

ඒ මදිවට කබඩ් එකක් ඇරල

" මෙතන ඕනි එකක් තියෙනව කමල් අවශ්‍ය දෙයක් කර ගන්න " 
කියල පුංචි බාර් එකකුත් ඇරල දීල තමයි ගිහින් තියෙන්නේ. 
ඔක්කොමත් එක්ක

" කමල් පුංචි ගැටලුවක් තියෙනවා... අපේ වයිෆ් හැමදාම බුද්ධ පූජාව තියනවා.. ඒක නම් වරද්දන්නෙ නැතුව කරන්න ඕනි " 

කියල...
කමලුත් " හරි සර් " කියල මුර රස්සාව පටන් අරන්...

කොහොම හරි දින 4 - 5 කින් විතර ආචාර්ය තුමා ඇවිල්ලා... වයිෆ් නැතුව. ඇවිල්ල බලද්දි කිසි අවුලක් නැහලු හැබයි අර බුද්ධ ප්‍රතිමාව නැහලු.
වයිෆ් එන්න කලින් වෙච්චි දෙයක් දැනගන්න ඕනි නිසා මූව ගෙන්නල

" කෝ බන් මේ බුදු පිලිමේ... "

" අහ් ඉන්න සර් " 

කියල පොර කුස්සියට දුවල ගිහින් ෆ්‍රිජ් එක ඇරල බුද්ධ ප්‍රතිමාව එලියට අරන් ගෙනත් තිබ්බලු...

සරුත් හොල්මන්ලු...

" ඇයි බන් උබ බුදු පිලිමේ
ෆ්‍රිජ් එකේ දැම්මෙ.. උබට පිස්සුද ? "

" අනේ සර් මම හැමදාම ඉව්වෙ නැහ සර්.. ඉතින් දවස් 2 - 3 ටම එක පාර කෑම ටික හදල ෆ්‍රිජ් එකේ දැම්ම.. බුද්ධ පූජාවත් නරක් වෙන නිසා ෆ්‍රිජ් එකේ දාල බුදු පිලිමේ එතනින් තිබ්බ " 


කියල මූ ඇගට පතට නොදැනී කියල..

සර් ඔලුවෙ අත් දෙක ගහගෙන...

" යකෝ මම වෙලාවට ආවෙ අපේ වයිෆ් එහෙම ආවනම් උබේ කෑලිවත් තියන එකක් නැහ " කිව්වලු...

හි හි...

කම්මැලිය් බොලව් ලියන්න... පස්සෙ තව කතා ලියන්නම්. හි හි


31 comments:

  1. හෆොයි.. ඌ නම් නියම පොරක්... හික් හික්.. මට තාම හිනා බොල...

    ReplyDelete
  2. හැක් හැක් හැක්....
    කාලෙකට පස්සේ ඇවිත් ෆට්ට කතාවක් දාල තියෙන්නේ....

    එළ එළ....!!

    ReplyDelete
  3. ආ.. පිස්සා කාලෙකින් නොවැ...
    බුද්ධ පූජාව ප්‍රිජ් එකේ තියැද්දි පූජා කරන ගාථාව මොකැයි?

    ReplyDelete
  4. ළමයා : අහ් ළමයෝ.... කොහොමෙයි වාස දේස...




    සෝරෝ : හි හි ස්තුතියි මචන්.



    උන්නැහේ (පිලේ පැදුර) : ඔව් ඔව් කාලෙකින් තමයි උන්නැහේ... අලුත් වැඩකට අත ගහල වගේ... වැදගත් වෙයි පිස්සටත්

    ReplyDelete
  5. මාත් බැලුවා කෝ කියලා. කම්මැලිකම නං මහා පොදු සාධකේනෙ. ඔන්න ඔහේ ලියමු.

    ReplyDelete
  6. ෆ්‍රිජ් එකේ දාල නැවතුනා ඇති..

    ReplyDelete
  7. පට්ටායි අයියන්ඩි!!!! උපරිමයි!!! හික් හික් හික්... තාමත් හිනා

    ReplyDelete
  8. මරු කතාව ..පට්ටයි.....

    ReplyDelete
  9. කාලෙකට පස්සෙ ඔය ඇවිත් ඉන්නෙ.... වරෙන් වරෙන් කොහොමහරි ගැට ගහගෙන ඇදගෙන යමු......

    ReplyDelete
  10. නියමයි කතාව පිස්සා අයියේ

    . මම ඔබේ බ්ලොග් රසිකයෙක් . ගොඩ කාලෙකින් නෙව . අපෝ ආයේ කතාවක් අහන්න වෙන්නෙත් තව මාසෙකින්ද ? එච්චර කල් නම් බලා ඉන්න බෑ . සතියකට වරක් හරි මොනාහරි දාලා යන්න .

    ජයවේවා !!

    ReplyDelete
  11. හික්ස්...කමල්ට ෆස්ට් ක්ලාස් එකක්ම හම්බවෙන්න ඇති!!! :)

    ReplyDelete
  12. ගාථාව නං මාරයාගෙන් දැනගන්න පුළුවන් වෙයි මං හිතන්නේ...
    දෙසැම්බර් දිහා ලංකාව පැත්තේ කරක් ගහන්ඩ අදහසක් එහෙම නැතෙයි.....?

    ReplyDelete
  13. මම මේ විහිළුවක් කරන්නෙ හො‍ෙඳේ....

    යකෝ බුද්ධාගමට කෙලසන කතා දාන්ඩ එපා... ;-)

    ReplyDelete
  14. හි හි...නියමයි

    ReplyDelete
  15. මින්නිහත් අපේ නෝන වගේ. එයත් සුමානෙටම එකපාර උයල පෙට්ටියෙ දාල දවසගානෙ issue කරනව. සතියෙ අන්තිම දවසට අර ඉතුරු බිතුරු දාල එල සවානක් ලැබෙනව.

    ReplyDelete
  16. වාස දේසේ නං හොදා සහෝ.. හික් හික්.

    ReplyDelete
  17. "මෙතන ඕනි එකක් තියෙනව *** අවශ්‍ය දෙයක් කර ගන්න"
    අපිට එහෙම ඔය කතාව කිව්වොත්!!!ඔහොමවත් බුද්ධ පූජාව තියන්න මතක් වෙයිද??එල කතාව...

    ReplyDelete
  18. හපුච්චියේ අයියා කොහේද ගිහින් හිටියේ. තව දවසක් දෙකක් බලලා ලංකා පොලිසියේ කීප දෙනෙක් ඔහේට එවන්න් හිටියේ කොල්ලාට මොකද වුණේ කියලා හොයන්න. :) :) :)

    කමල් සුපිරි මීටරේ වගේ. මේ කතාව ඇහුවාම මතක් වුණේ අප්පුහාමි බුද්ධ පූජාව තියලා ඒක කාපු කතාව.

    ReplyDelete
  19. හොඳ වෙලාවට පිළිමෙ ෆ්‍රිජ් එකට වඩා පොඩි වුනේ.

    ReplyDelete
  20. අම්බෝ යකෝ මට තාම හිනා... එල කතාව...

    ReplyDelete
  21. පට්ට මූ නං ඇවිල්ල අර 3idiots එකෙ Rancho වගෙ පොරක්...

    ReplyDelete
  22. හත්දෙයියනේ, බුදු පහනත් වරද්දන්නෙ නැතුව පත්තු කරන්න කිව්වා නම් තමයි වැඩේ,,,,,,,,,,,,

    ReplyDelete
  23. අදහන්න වටින කොල්ලෙක් නේ...

    ReplyDelete
  24. charmi : ඒක ඉතින් අපේ උරුමයක් නොවැ.



    ර ත් ග ම යා : මොකක්ද බොල මේ බ්ලොග් ලියන්නෙ නැතෙයි කියන්නේ ?? ඈ බොල.. රත්ගම කොලුවෙක් නේද... එහෙම ලේසියෙන් සැලෙනවද ?? ලැජ්ජයිනෙ බොල... පිස්සු නොකෙල හිටු මලේ




    ජංජාල චාමර : එල එල.... කොමද මලේ ඉගෙනීමේ වැඩ එහෙම ??




    ලක්මල් : බොහොම ස්තුතියි කිව්වා.

    ReplyDelete
  25. අභීත : ඔව් ඔව් කරගෙන යන්න බලනව මචන්....




    හිස් අහස : බොහොම ස්තුතියි. වැඩත් එක්ක තමා ගැටලුව... උත්සහ ගන්නවා. බොහොම සතුටුයි ඉන්න එක අපි එක්ක




    blog gadol : ආයෙත් අහල හික් හික් ( වයිෆ් ට අහු උනා නම් )




    Jeew : අහ් මම ඒත් බැලුවා උබටත් මොනා වෙලාද කියලා.. අනේ නැහ බන්.. අවුරුද්ද අල්ලලාම එන්න බැලුවෙ.

    ReplyDelete
  26. h : මෙව්වා නම් මොනවද අද කියන කරන දේ දැක්කම...




    මයියා : ස්තුතියි.




    ඉන්දික උපශාන්ත : හික් හික් මමත් එහෙම තමා බන්. හැමදාම උයන්න බැහ නොවැ... කම්මැලිකම තමා ඉතින්.




    වැම්පයර් : හි හි ඔව් ඔව්....

    ReplyDelete
  27. ළමයා : එහෙනම් එච්චරයි මලේ




    dinesh : ඔව් ඉතින් අර කැබිනෙට්ටුවෙන් බාගයක් ඉවර කරා කියන්නේ අපිට ඔච්චර හරියක් වත් මතක් වෙන්නෙ නැහ තමා




    Hasitha : අනේ බොල ලංකා පොලිසිය නම් එපා එවන්න මලත්... අපොයි උන්දැල...

    හි හි වැඩ තමයි බන් + ඉතින් අර කම්මැලිකම




    RoshanHerath : නැත්තම් ඌ මොනා කොරයිද නේ හි හි

    ReplyDelete
  28. prasanna86k : හික් හික් එල එල



    පැන්da : එහෙමද හි හි



    හරී - පිණිපළස : ඌ ගෑස් ලිප ගාවින් තියයිද දන්නෙ නැහ හි හි



    Unknown_User/හිඟන්නා : ස්තුතියි මලේ....



    කොඩී : හික් හික්.... කොමද මලේ වාස දේසේ...

    ReplyDelete

Related Posts with Thumbnails