Sunday, November 14, 2010

නිදා ගන්න ගිහින් මතක් උනු සිද්දි ටිකක් අපිලිවෙලට...

Share
මේක මේ ඇඳට වැටුන වෙලේක වසර කීපයක අතීතය ගැන එහෙන් මෙහෙන් පිලිවෙලක් නැතුව ඔලුවට ආපු එව්ව ටිකක් එහෙම ම ඇමිනීමක්. කියවීමෙන් කිසිම පලක් නොවේ කියා මා තරයේ සිතන බැවින් කියවන්නාට කා දැමීමට තරම් කාලයක් ඇත්නම් පමනක් ඔන්න ඔහේ කියවල දාන්න.


*************************************************************






දැල්වෙන ඉටි පන්දමෙන් වැගිරෙන ඉටි  එක්ක මගේ අත තිබ්බ පෑනෙන් පොඩි සෙල්ලමක් දදා ඉද්දි ලඟට ආවෙ මුණසිංහ සර්.


" ඇයි ඔය ඉටි පන්දම පැත්තක් වැඩියෙන් පත්තුවෙලා ? "


මනුස්සයා මගේ දිහා බලන් ඉන්නව.


ඒ දවස් වල කට්ටියට මතකද ලයිට් කැපුව. අපි සර් ගෙ physics group class එකට ගියෙ.. හවස 6 ට විතර පටන් ගත්තෙ. ලයිට් කපන දාට ඉටිපන්දම් එලියෙන් වැඩ කලේ. ඉටිපන්දම් සර් ගෙන්.


මේ මනුස්සය ඉටිපන්දම එක්ක සෙල්ලම් කල එක ගැන අහනවද ? පොරගෙ ඉටි පන්දම් ටිකටත් කෙලිනව කියල හිතලද මන්ද...


" දන්නෙ නැද්ද.. ? "


" නැහ සර්. "


" තමුන් ? "  මම ගාව හිටියෙ ගයාන්


" අනේ මම නම් දන් නෑ සර් " ඌ අනිවා හිතුවේ සෙල්ලම් කරපු එක ගැන කියල...


ලාවට හිනා වෙල හේතුව physics වලින් කියල දීල සර් ගියා.
හෝල් එකේ පැත්තක් වැහිල නිසා පැත්තකින් විතරක් හුලං ඒම වගේ දෙයක් මතක විදියට..


"  මන් හිතුවෙ උබ සර් ගෙ ඉටිපන්දමට වද දීපු එක ගැන අහනව කිල. "


" අනේ සර්ගෙ ඉටිපන්දම " කටට අව කුනුහර්පෙ මම එහෙමම ගිල ගත්ත.


ක්ලාස් ඇරිල අපි සදර්න් එක ගාව ඉදන් ස්ටෑන්ඩ් එකට පයින් යන්නෙ. අපි කීවෙ මයි ගයානුයි සංකයයි. ඔය කවුරු හරි තව අහුවෙන එකෙකුයි. අපිට අහුවෙන්නෙ 9.30 බස් එක. ඒ කියන්නෙ පැය භාගයක් විතර කට්ට කනව.


රුපියල් 5 එවෙලේ තාච්චියෙ බදින කජ්ජකුත් අරන් කයියක් දාන් ඉන්නව බස් එක යනකල්.


ඒ කාලෙ අදුරන එව්වො කොච්චරද.. ස්ටෑන්ඩ් එකේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට යද්දි කී දෙනෙක් සෙට් වෙනවද.


දානයක් පිරිතක් මරණයක් කිව්වම කොල්ලො කොච්චර එකතු උනාද. දැන් හුඟක් එව්වො කොහෙද දන්නෙත් නැහ. ගමේ කමට.. ස්කොලෙ කමට.. බස් එකේ ෆිට් උනාට කාලයත් එක්ක ඒ සම්බන්දතා නැතිවෙලා. ඒ කාලේ පාර තොටේ හමු වෙලා ෆිට් එක මිසක් මූනු පොත්.. ෆෝන් නම්බර්ස් එහෙම තියා ගත්ත කියලද මොකෝ...  මූනු පොතට පින් සිද්ද වෙන්න නම් කීප දෙනෙක් සෙට් වෙනව. එක්කො උන් රට. එක්කො කොලඹ. මේ කියන එකත් එහෙමනෙ.


මොන උනත් මගේ අති ජාත ගැන් ( gang ) එකනම් තාම ඉන්නව හතර පොලේ... ලොකේ වටේ විසුරුනත් වෙනද ෆිට් එකේම.


සංකයා ගමෙනේ මේ දවස් වල...  ඌට කෝල් කල වෙලේ  ඌ කියනව වටෙම යට වෙල යන්න බැහ කොහේවත් ආධාර එවපන් කියල.  ඒ කියද්දි මතක් උනේ 2003 මහ ගං වතුරට උන්ගෙ ගම එහෙම්ම යට උනා. මුන්ගෙ ගේයි තව උස් තැන් වල තිබ්බ ගෙවල් කීපයකුයි ඇරෙන්න. මූ ඉතින් කලිසම් කොටෙකුත් ගහගෙන තප්පෙ උඩ ඇන තියන් දවසම ඉන්නවලු රජ්ජුරුවො වගේ ඇයි වටේම වතුර නේ. මූ නම් කියන්නෙ කවුරු හරි ගිලුනොත් බේරගන්න කිල. ඒ උනට ඕකට ගිලෙන මනුස්සය ඇදගෙන පීනන්න හයිය හත්තියක් නැති එක තමා අවුල. හි හි..


මායි ගයානුයි ගං වතුර යාන්තමට බහිද්දි ඕකවයි අමිලයි බලන්න ගියේ.. පාරේ යන්න බැහ මඩ පිරිලා.. ගෙවල් වල බිත්ති එහෙම ගන්න දෙයක් නැහ.


ඒ පාර මෙන්න පෝලිමට මුන්ට ආධාර අරන් හතර අතින් මිනිස්සු එන්න ගත්තනේ. මුන් ටිකටත් කල්ල මරේ.. ඒ අස්සෙ ගං වතුර උපතේ ඉදන් විපතට මිරිස් ගම්මිරිස් තක්කාලි ලූනු එහෙම දාල තෙම්පරාදු කරල 5 නුත් වැඩි කරලා තමයි කතාව එන අයට මුන්ගෙ කොල්ලො කියන්නේ... කතා තිබ්බ හුඟක්. මතක නැහ දැන් නම්..


මනුස්සයෙක් අමාරුවෙන් පන බේරන් වහලකට වෙලා හිටියලු වතුර වැඩි නිසා... උඩින් ආපු හෙලිකොප්ටරේකින් කෑම පාර්සල් දාල ඒව ඒ මනුස්සයගෙ වහල ට වැටිලා වහලත් එක්කම කඩන් වැටුනා වගේ කතා තමා කිව්වෙ...


ඊට පස්සෙ 2004 සුනාමියට උන් ටික ලොරි පුරවන් මුහුදු කරේ මිනිස්සු බලන්න ආව... ඒක නොවැ හරි යුද්දේ.. අපෝ සුනාමිය කියද්දි මතක් වෙන්නෙ අපේ නගාගේ යාලුවෙක් සුනාමියට අහු උනා... හ්ම්ම්.. අනේ ඒ අම්ම තාත්ත අඩපු ඇඩිල්ල...
මතක් වෙනකොටත් පපුව මොකක්ද වෙනවා...


හුටා... 1 .30 නේද... 11. 20 ට ඇදට ආවෙ උදේ වැඩට යන්න 5 ට ඇහරෙන්න... පැය කීයද නිදා ගන්න තියෙන්නේ... හිතන්නෙ නැහ මොකුත්.
අනාපානසතියවත් කරල නිදා ගමු..


හුස්ම ඉහල... හුස්ම පහලට...
හුස්ම ඉහලට.. හුස්ම පහලට...
හුස්ම ඉහලට... පහලට..
ඉහලට... පහලට...


කීක් කීක්...  කීක් කීක්... මඟුල වදිනවා.. 5.20 නේද.. ශික් අදත් පරක්කුයි.


*********************************


ප. ලි  :::::  ඒ පරක්කු වෙලා වැඩට ගිහින් තමා මේක කෙටුවෙ.
මෙලෝ රහක නැහ කියල බනින්න එපා... හිත යන හැටි නොවැ.
පැය දෙකක් තිස්සේ මේ ඩිංගද හිතුවේ... නැහ අතර මැද්දෙ වෙලඳ දැන්වීම් වලට ඉඩ ගොඩක් වෙන් කලා...


ඒ ඇරුනම හීනයක් තුල හීනයක්... ඒවත් අයින් කලා...


ලියන්න කම්මැලි නිසා තව ටිකක් අයින් කලා...


මේ තිරිවාන කැට ටික. හි හි

23 comments:

  1. කොහොමෙන් හරි වල් පල් ලියන්ඩවත් උඹලා යහතින් ඉන්නවා කියලා පේනවානේ. ඒ හොඳටෝම ඇති මචෝ...

    ReplyDelete
  2. වල්පල් වුනත් එලට ලියලා තියෙනවා.. හික් හික්.. දැන් කොලු‍වා බිසී නේ....??

    ReplyDelete
  3. උඹ දැන් හරියට bzy වෙලා නේද?ඔය නින්ද යන එකයි,උදේ ඇහැරෙන එකයි මටනම් දැන් එපාවෙලා තියෙන්නෙ.10.30ට විතර පොරෝගෙන ගුලිවෙනවා,අදනම් කලින් නිදා ගන්නවා කියල.කොහෙ නින්ද යන්නද?දහසක් සිතුවිලි.මෙලෝ වැඩකට නැති එව්වා.හිතත් එක්ක මල පනින තරමට වැඩක් නැති එව්වා.ඕන් වෙලාව බලනවා.12.00යි.ආයෙ ඇස් දෙක තද කරල පියාගෙන මුකුත් හිතන්නැතිව ඉන්නව කියල නිදියන්න ට්‍රයි කරණව.ම්...හු බෑ.ඔහොම ,ඔහොම සෑහෙන වෙලාවක් වද කරල ඔන්න ඉතින් දන්නෙම නැතුව නින්ද ගිහින්.ඒ උනාට ආයෙ 5.30ට, ට්‍රී..............@#$%^&%$@.

    ReplyDelete
  4. ෂා තිරිවාණා වුනත් වටිනවා නොවැ.....
    අච්චාරු වනත් ඇත්තටම රසයි....හැදුවේ අයියා නිසා වෙන්ට ඕනි....නියමයි...

    ReplyDelete
  5. පලාමල්ල අයියගේ ගැන් එක ගැන අහන්න මම මාර ආසයි . අර පාසල් වියේ කතාව කියවුවට පස්සේ තමයි ගැන් එක අඳුර ගත්තේ

    අපොයි දැන් පලාමල්ල අයියා වැඩිය ලියන්නේ නෑනේ වැඩ ඇති මයෙ හිතේ. !

    අපි ගියා එහෙමනං

    ජයවේවා !!

    ReplyDelete
  6. වෙලාව අරන් කියෙව්වත් පාඩුවක් නෑ :D

    ReplyDelete
  7. දැන් මට කියපන් උඹ ලියන්නේ පිස්සු අඩු උනහමද..නැත්නම් වැඩි උනහමද කියලා...?

    ReplyDelete
  8. මේක පල් හෑල්ලක් කිව්වට මට නං හරි රසවත් බං....
    හැබැයි ඒක එන්නේ අර උඩින්ම දාපු 'මේක පල්හෑල්ලක්' කියපු කෑල්ල හින්දා.
    යකෝ මරු ටෙක්නික් එකක්..

    ReplyDelete
  9. මොනවද මද කිසිම ගැලපීමක් නැති විස්තර තොගයක් ලස්සනට කතාවක් කරල ලියල තියෙනව. එල

    ReplyDelete
  10. අනේ අම්මපා, මෙහෙමත් අයියලා. බ්ලොග් කිව්වොත් රස්සාව ඕනෙත් නෑ වගේ. ඔය කිවිවට මාත් එහෙම තමා, කොයි වෙලා එලවයිද දන්නේ නෑ.

    ReplyDelete
  11. කට්ටියටම ස්තුතියි ඇවිල්ලා වටිනා කාලය වැය කරල නොනා හරි කොටල ගියාට. ලියන්න බලමු දිගටම.... හි හි

    ReplyDelete
  12. හෙ හෙ අතිතය සුන්දරයි මචො....

    ReplyDelete
  13. වෙළද දැන්වීම් ටිකත් දැම්මනං තමයි නියම...

    ReplyDelete
  14. pal hallak kiwwata niyama lipiyakne ayye. elakiri!!!

    ReplyDelete
  15. අනම් මනම් ටිකක් වුනත් අමුතුම ගතියක් තියෙනවා................

    ReplyDelete
  16. ස්තුතියි කිව්වා එහෙනම් ඔක්කොටම...

    ReplyDelete
  17. අඩෙ උඹත් යමක් කමක් කරන කොල්ලෙක් ඈ.. එල එල..

    ReplyDelete
  18. නියමයි මොනවා උනත් නියමටම ලියලා තියෙනවා .. කතාව හරි එදා හිටපු මිතුරො අද නෑ උන් උනාද මලාද දන්නේ නෑ කොහොම උනත් බොක්කෙන් සේට් උන ටිකනම් ඉන්නවා උනුත් දෑන් කෙල්ලො නිසද මම දන්නේ නෑ ටිකක් ටිකක් වෙනස්..

    ReplyDelete
  19. වැම්පි : ඔව් ඔව් ඉදල හිටල ඔලුව පාවිච්චි කරනව බොල හි හි


    ADARE : ඔව්.. ඇත්ත... කෙල්ලො නිසා නම් තාම අපේ එව්වො වැඩි වෙනසක් නැහ.. වෙන්න පුලුවන් ඒත්

    ReplyDelete
  20. නියමයි ලස්සනයි බහු බූත කතා වබට වඩා මේ වගේ එකක් කියවන්න හිතෙනව.

    ReplyDelete
  21. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  22. හික් හික් ...... මේලෝ රහක් නැහැ ;D ආවටත් ණයයි ... ෂික් විතරක් ........ :D

    ReplyDelete
  23. එහෙනම් සන්තෝසයි වැපෝ හික් හික්

    ReplyDelete

Related Posts with Thumbnails