Monday, November 29, 2010

බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ

Share


ලියන්න දේවල් කීපයක්ම ආවත් කම්මැලිකම කියන එකා එක්ක බැහ නොවැ කරන්න. ඒ උනාට ලියල දාන්න ඕනි කියල හිතුනා මොනවා හරි..

කට්ටියට මතක ද මන්ද බන්ටි ටොෆි... ? කට්ටිය කිව්වට මේ අපේ වයසෙ වගේ පොඩි එව්වොන්ට... හික් හික්. මම 1 වසරෙ නැත්තම් 2 වසරෙ ඉද්දි ආපු රැල්ලක් තමයි අපේ පන්තිවල බන්ටි ටොෆි.. ශත 50 යි ටොෆියක්. සීන් එක ටොෆියෙ නෙමෙයි ටොෆි කොලේ... ඔය කොලේ ඇද්දම ඇදෙන... ( පහදන්න තේරෙන්නෙ නැහ නොවැ... ) කොලයක්. ඉවසීමෙන් ඇද්දම 3 ගුනයකට එහා පැත්තෙ.. කොලේ දික් වෙන එක වෙන්නේ ඉතින් ඇද්දම.. ( මට තේරෙන්නෙ නැහ බොල්ව් ඕක පහදන්න ).. ඒ කාලේ අපි ඉතින් ගජරාමෙට බන්ටි කොල ඇද්දා.
පැන්සල් පෙට්ටි වල එහෙම කොල පිරිලා...

පොඩි කාලේ උනත් අන්ඩපාලයො උන්නනේ.. එව්වො ඔය කඩ ගාව එහෙම බිම තිබ්බ කොල අරන් ඇවිත් විකුනනවා. ටොෆිය නොගෙන කොලෙ ගන්න එක ලාබයි නේ හික් හික්. ඉතින් උන්ටත් බිස්නස් තිබ්බා.

ඇත්තටම ඕකෙන් ඇති පලේ නම් මතක නැහ.. එක එකා එක එක කතා කිව්වා. අඩියක් දිගට ඇදල යැව්වම තැග්ගක් ලැබෙනවා වගේ කතන්දර... පිස්සු මවිත කාලේ නේ ඒ.



ඒ දවස් වල තිබ්බ වස්තු වලින් වටිනාම එකක් තමයි ඉතින් දිගට ඇද්ද බන්ටි කොල... ඒවාත් විකුනුවා රුපියල් 2 - 3 ට එහෙම. රුපියල් 2 ට ලොකු අයිස් පලමක් ගන්න පුලුවන් නේ... ඒ දවස් වලත් බීම පැකට් නම් රුපියලයි මතක හැටියට. 


ඊට පස්සෙ ඩෙල්ට ටොෆි රැල්ලක් සෙට් උනා. ඒකෙ නම් කොල 10 ක්ද කොහෙද එකතු කරල කඩේකට දුන්නම මොනාද මන්ද ස්ටිකර් වගේ හම්බුනා... හරියටම මතක නැහ... කොල ගාන වැඩි උනාම යවන්නත් පුලුවන් සීන් එකක් තිබ්බ ද කොහෙද... මතක නැහ ඩෙල්ටා සීන් එක නම්...

ඒ දවස් වල අපි තව ආතල් වැඩක් කරා... ස්කෝලෙ වත්තෙ කෙලවරවල් වල පොඩි වලවල් හාරලා අපේ වටිනා බඩු ( ටොෆි කොල.. ස්ටිකර්.. ) එහෙම හංගනවා. වල උඩින් පොඩි ලෑල්ලක්  දාල පස් දාල වහල උඩින්  තණකොලත් දැම්මම සුරක්ශිතයි හික් හික්.

තව බන්කර් හැදුවා... ඒවා හැදුවෙ ඇයි කියල වෙනම පෝස්ට් එකක් ලියන්නම් හිතුනොත්... 


7 වසරෙදි වගේ ආවා ස්ටිකර් රැල්ල... බොහොම දරුනු රැල්ලක්.. එඩ්නා රුපියල් 10 චොකලට් එකට ආව ස්ටිකර් තමයි හුඟක්ම මාර්කට් උනේ... ක්‍රිකට් ස්ටිකර්ස්... 52ක් ද... 40 ක් ද මන්දා සෙට් එක.

හුඟක් එව්වොන්ගෙ ටාර්ගට් එක රුපියල් 10 සෙට් එකම එකතු කිරීම. මගේ නම් ටාර්ගට් එක උනේ හැම සයිස් එකකින්ම ෆුල් සෙට් එක එකතු කිරීම.
මේ ලගක් වෙනකල් තිබ්බ හෙන ගොඩක්.. හැබයි එකකවත් සෙට් එකම එකතු උනේ නැහ.



සීන් එක කියන්නේ අංක කීපයක් තිබ්බා මාර අමාරුයි හොයන්න. එතනනෙ ට්‍රික් එක.. මතක හැටියට 7 , 32 එහෙම මාර අමාරුයි... ඔය 32 වගේ ස්ටිකර් එකක් රුපියල් 40 - 50 වගේ ගානකට විකුනන්න පුලුවන් මාර්කට් එකක් තිබ්බේ ඒ කාලේ.. චොකලට් එකත් 10 යි හික් හික් ( හරක් නොවැ අපි ඒ කාලේ ). මම එක ස්ටිකර් එකක් විකුනුවා 25 කට ඒත ඔය ටිකක් අමාරු එකක් හොයන්න. ෆුල් සෙට් එකක් විකුනන්න පුලුවන් ලොකු ගානකට...

ඒ දවස් වල චොකලට් කීයක් නම් ගන්න ඇද්ද හපොයි... 



මගේ ස්ටිකර් සෙට් ඔක්කොම කවකටු පෙට්ටි දෙකක දාල තිබ්බේ... 7 වසරෙදි පිස්ස දවසක් ඔය පෙට්ටි දෙක ස්කෝලෙ අරන් ගිහින් මැරෑටි කොල්ලෙක් ඉස්සුවනේ.. ඌ ඉල්ලුවට දෙන්නෙක් ත් නැහ. මොකෝ සර් කෙනෙක්ට කියන්නය.. තහනම් නේ ස්ටිකර් සීන් එක ස්කෝලෙ... හපොයි ඌත් එක්ක ඒකට වින්ද දුකක්. ඌට අතක් පයක් උස්සන්නත් බැහ.. ( ඒ කාලේ පිස්ස හෙන අහිංසකයි බොල දැන් වගේම... හික් හික්.. උසස් පෙළ කොරන්ට ගිහින් තමයි නාගත්තෙ හපොයි ඒ කාලේ )
අන්තිමට ස්කූල් වැන් එකේ අයියල සෙට් එකටම කියල යාන්තමට අතක් පයක් නොකැඩි ස්ටිකර් ටික බේර ගත්ත. 


කාලයත් එක්ක ඒ සීන් එකත් එහෙමම නැති උනා. ඊට පස්සෙ ඉතින් පත්තර රැල්ල ආව නොවැ වයසත් එක්ක. ඒ කිව්වෙ ගන පත්තර... හික් හික්... ඒක ඉතින් ඒ වයසට එන රැල්ලක් නේ. දැන් නම් ජංජාලෙන් බැරිය ගන හොයන්න අනන්ත... අපිට මොන ජංජාලද. ගන ගැන කලින් ලිව්ව නොවැ...  ගන ( aka වැල ) ගැන අපේ අතීත කතා.

ඊට පස්සෙ ඒ එක්කම ඉතින් මදන විසේ කියන රැල්ල... ඒ ගැන මොකට කියනවද.... හික් හික්. ඒකේ ප්‍රතිපලයක් තමා මේ...  දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 1

එහෙන් මෙහෙන් අමුනලා වල් පල් ටිකක් දැම්මේ හරිය... ගනන් ගන්න එපා ඉතින්. 1 ඉදන් 13 වෙනකල් ආව රැලි ටිකට තව රැලි එකතු කොරන්ට පුලුව කැමති කෙනෙක්ට... 

බලන් යද්දි කොල්ලෙක්ගෙ ජීවිතේත් මහ පුදුම දෙයක්. පොඩි කාලේ ඔය එක එක පිස්සු කරනවා... ලොකු එව්වො වෙන්ට දගලනවා... ඊට පස්සෙ ඔය ගනයක් බලන්න වලි කනවා.. ඊට පස්සෙ අරක්කු උගුරක්.. දුමක් ට්‍රයි කොරන්න... ඊට පස්සෙ කෙල්ලෙක් දාගන්න... සරලම කරාම ඊට පස්සෙ අතින් අල්ලන්න ( මේ අපේ කාලේ.. දැන් එව්වො හපොයි ).. කිස් එකක් දෙන්න.. ඊටත් පස්සෙ එතනිනුත් එහාට පුලුවන්නම්...  විභාගෙ කොම හරි ගොඩ දා ගන්න... රස්සවක්... පරස්තාවක්...  ළමයි හදනවා... උන්ව ලොකු මහත් කරනවා අපොයි... දැන් හොඳම හරිය ගොහින් නොවැ... බරපතල වැඩ ඉදිරියට වගේ... ජීවිතේ 
එහෙනම් අපි නැවතුනා අදට...

ප . ලි : කීප දෙනෙක්ම ඇසූ බැවින් මේ ගැනත් දැනුවත් කොරන්න හිතුවා.  බ්ලොග් අවකාශෙ තියෙන කාලීන/ දේශපාලන් බ්ලොග් අඩවියක් වන " පිස්සාගේ පළාමල්ල " word press අඩවියට මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එය වෙනත් පිස්සෙකුගේ පලාමල්ලකි.  පටල ගන්න එහෙම එපා හොඳේ... මම දන්න දේශපාලනේ හි හි.



ප. ලි 2  :  අර අහිංසක නිරහංකාර කෙල්ල සද්දයක් දැම්ම නොවැ මේ සතියෙ නොලිව්වොත් මොනව හරි අයියා කමෙනුත් එලවනවැයි කියලා... හික් හික්. ඔන්න එහෙනම් ලිව්වා නංන්ගො... හි හි.

35 comments:

  1. මගේ ලඟ තිබ්බ 300 ඉඳන් 350ට යනකං එකක් අඩුවෙන්. ඒ 349. මතක හැටියට ඒකෙ ඉන්නෙ ජොන්ටි රෝඩ්ස් ද කොහෙද. ඉතින් ෆුල් ට්‍රය ඕක හොයන්න. කොල්ලො කලුපාට කාබන් පෑන් වලින් හොරාට නොම්මර ලියාගෙන එනවා මරුසිය දාන්න.. හප්පෙ.. :) තාම ඒ සෙට් එක ඇති මගේ කාමරේ පොටෝ ඇල්බම් එකක දාල

    මම එඩ්නා වලින් බැට් දෙකක් ගත්ත. තාම එකක් ඇඳ යට ඇති.. ඒ කාලෙ මට ඒක උස්සගන්නවත් බෑ හරියට.. 50 ඉඳන් 100ට එකතු කරලා..

    ඇයි බං පෑන් ගැහිල්ල.. ඊට පස්සෙ විලි ගැහිල්ල.. ඒ ලෙවල් කාලෙ බූරුව ගැහිල්ල. රේස් පාරකුත් දාන්න එක දවසක් සෙට් උනා

    ReplyDelete
  2. මමත් හොද ගානකට ස්ටිකර් එකතු කලා.අන්තිම ගහ මාර ගත්ත ඔය ස්ටිකර් පිස්සුව හින්දා.හබැයි ඉතින් ඒ කාලේ පුල් ආතල්

    ReplyDelete
  3. අපි 6 වසරෙ ඉන්න කාලෙ ආපු ලොකුම රැල්ල තමයි ටොස් ගැහිල්ල.
    සමහර එවුවො ණයට සල්ලි අරගෙන ටොස් ගහල පරාද වුණාම ගෙවල්වල හොයාගෙන යනව සල්ලි ගන්න.

    ReplyDelete
  4. මමනම් කැට ගහලා අහුවෙලා හොදට ගුටි කාලා තියෙනවා ඉස්කොලෙදි , හැබැයි ඉතින් වැඩිය දුකක් නැ කොල්ලෝ විසි පහක්ම හිටියා තනියට
    :)

    ReplyDelete
  5. මම ඔය එඩ්නා වලින් සනත් ජයසූරිය අත්සන් කරපු මග් එකක් දින්නා. අම්මෝ ඒ දවස් වල ඒක කාටවත් අල්ලන්න දෙන්නෙත් නෑ. බන්ටි ටොපි කොල අපිත් ඇද්දා ඒ කාලෙ. අඩියක් දිගට අදින්න ඕනෙ කියනවනෙ නේද? අපි දන්නවද ඉතින් අඩියක් දිග කියන්නෙ කොච්චරක්ද කියලා. අපේ කොල්ලො කරන්නෙ සපත්තුවෙ අඩියෙ දිගට ටොපි කොලේ අදින එක. අනේ අපේ මොලේ ඉතින්.

    ReplyDelete
  6. අඩේ උඹ කාලෙකින් දැක්කෙ බං.දැන් bzy වෙලානෙ නේද?ඔය එක්කම ආව මතකද yo,yo (යෝ,යෝ) ‍රැල්ලක්.cocacola,fanta වලින් තමා ඕක දුන්නෙ මූඩි වලට.ඒ දවස්වල අපි ස්කූල් වෑන් එකේ මරා ගන්නව ඔව්වට.අර නූලක ගැට ගහපු රෝදයක් වාගෙ එකක්.බන්ටි කොල අදිනකොටනම් අපි හෙන චූටියි.ඒ උනාට මතකයි සීන් එක.හි,හි අපෝ ඒ කාලෙනම්.........

    ReplyDelete
  7. වැම්පයර් : එච්චර තිබ්බද බන්... මතකත් නැහ.. හික් හික් මට නම් හම්බෙලා නැහ බොල මොකුත් ඔව්වයෙන්.. ස්ටිකර් තමා.

    අහ් ඔව් ඔව් පෑන් ගැහිල්ල.. හපොයි 10 වසරෙදිත් කොරා නොවැ ඒක. හි හි මම නම් රේස් දාල නෑ බන්.




    විත්ති : ඒ කාලේ ආතල් ගැන කවර කතාද නේ හි හි. ස්තුතියි මේ පැත්තෙ ආවට..



    Praසන්ன : ඒ මොකක්ද බන්... මට නම් මීටර් නැහ... සල්ලි ඔට්ටුවට යන ගේමක්ද ??

    ReplyDelete
  8. පිණිබිඳු... : ඔව් ඔව් අඩියක් දිගට නේ කියන්නේ... හික් හික් සපත්තු අඩිය... ඔව් ඔව් ඉතින් ඒ කාලේ අපි දන්න අඩි... පොඩි කාලේ නේ.. අඩි රූලෙන් පාර හිටින්න කනවා කියල නම් දන්නවා අහු උනොත්



    dinesh : ඔය තියෙන්නේ තව. ඔව් ඔව් මතකයි... ක්‍රම බර ගානකට අදින්න පුලුවන් නේද ඕක.. කොකා කෝල යෝ යෝ එකක් මටත් තිබ්බා. කොල්ලො වැඩ පෙන්නන්න එක එක සෙල්ලම් දානවා. වැඩර් තමා පුලුවන් එකා ඉතින්. හික් හික්. ඔව් කොල්ලො ටිකක් වැඩත් තියෙනවා... කම්මැලිකම ඌ ත් ඉන්නව නොවැ. හික් හික්

    ReplyDelete
  9. මම 100-125 එකතු කරල බැට් තුනක් ගත්ත.. 101 එක තමයි හොයන්න අමාරුම.. ලැබුනු එකක් වත් විකුණුවේ නම් නෑ මාරු කාරගත්ත විතරයි..

    ReplyDelete
  10. අෆ්ෆේ මටත් මතකයි ඔය බන්ටි ටොපිකොල ඇදිල්ල :D :D

    ReplyDelete
  11. ඒ දවස් වල මට මතකයි අපේ එවුන් කියනවා බන්ටි කොලේ අඩියක් ඇද්දොත් චැලියක් දෙනවා කියල. අපිත් ඉතින් දාගෙන අදිනවා. ඊට පස්සේ ආපු තව පිස්සුවක් තමි මුද්දර එකතු කිරිල්ල. රුපියල් 10 හම්බ උන ගමන් කරන්නේ ගිහිල්ල මුද්දර කාර්ඩ් එකක් ගන්න එක. අපේ තාත්ත වැඩ කලේ කොකා-කෝලා එකේ. ඉතින් ඒ දවස් වල අපේ ගෙදර යෝ යෝ ගොඩක් තිබ්බ. මට ඉස්කෝලේ කොල්ලොන්ගෙන් හරි සැලකිලි. යෝ යෝ ඉල්ලා ගන්න. හික් හික්!! මට හෙට marketing exam එකක් තියෙනවා. ඒ subject එක ඔලුවේ තියෙන නිසා දැන් meter වෙනවා මේ companies කොච්චර හොඳට promotional campaigns කරලා තියෙනවද කියල. lol!

    London Boy

    ReplyDelete
  12. ඉස්සර කාලෙ කරපු දේවල් මතක් වෙනකොට කොච්චර සුන්දරද.., :)

    ReplyDelete
  13. අහ් පිස්සා අයියේ මාත් බැලුවා මේ අර ඩුප්ලිකේට් පිස්සා කවුද කියලා...පස්සෙ තමා දන්නේ අපේ මේ ඔරිජිනල් පිස්සා නෙමේ කියලා...අපිට ඉතිං අපේ පිස්සා වටිනව නෙවැ....

    හේහේහේ කියන්නත් ලැජ්ජයි තාම මං ලග තියේ චොක්ලට් රැපර්ස්‍‍‍...හෙන මිටියක්...පොඩි එකෙක් ආපුවහම දෙන්න ඕනි...

    අර රැපරස් එකතු කරලා ගිෆ්ට් ගන්න වැඩේ ඒකාලේ මාත් නැගලා යන්නම කොලා...බැට් ගත්තා මැජික් බෝල..දා‍දු කැට...ෆිස්බි..අයියෝ විකාරයක් වගේ....දැන් මතක් වෙනකොටත්...

    අතීතයට ගියා අයියේ අයියාගේ පොස්ට් එක දැකලා....නියමයි....

    අර ගන කතාවට මට හොද ගන කතාවක් මතක් වුනා...බලමු අද හෙටම දාන්නම්කෝ ඒකත්....

    ReplyDelete
  14. ටොපී කොල ඇදිල්ල මම එක වසරේ ඉද්දීත් තිබ්බා ! අපිට ආරංචි උනේ ඔය ටොපී කොලයක් වැලිමිට ලඟට ඇද්දොත් ටොපී බෝතලයක් දෙනවා කියලා අපේ එකෙක් ඇද්දා නෙව වැලිමිටටත් එහා ! ඉතින් අපිත් එක්කම ඔය වීර කොල්ලා කඩේකට (පලාතේ ලොකුම කඩේ ) ගියා ගිහිං මේ කොලේ මුදලාලිට දීලා කියපි "මට මේක අරං ටොපී බෝතලයක් දෙන්න " කියලා මුදලාලි ගත් කටටම ඇහුවා "ඇයි පු**අමාරුවටද ? " කියලා අනේ අපේ යාලුවා අඬලා කිවුවා මගේ ටොපී බෝතලේ දෙන්න කියලා. මොන ! මුදලාලි ටොපී කොලේ අපිටම දීල අපිව එලවලා දැම්මා .

    මම එකතු කරපු දේවල් කියන්නත් ලැජ්ජයි මොනාද දන්නවද ?
    " ගොලුබෙලි කටු " මගේ ගාව ගොඩක් තිබ්බා හැබැයි 3 වසරට යනකම් විතරයි ..

    පරන අතීතය මතක්කරාට අයියට පිං

    ජයවේවා !!

    ReplyDelete
  15. ඔන්න පිස්සයියා කාලෙකට පස්සෙ ආටිකල් එකක් ලියලා අපිව ආපහු ළමා කාලෙට ගෙනිච්චා.බොහොම ස්තුතියි.පූසොත් ඉතිං අනිත් හැමෝම වගේ ඒ දවස්වල ඔය එක එක දේවල් පස්සෙ පැන්නුවා.හික් හික්!! මතක් වෙද්දිත් හිනා

    ReplyDelete
  16. ඔය ඔක්කොටම කලින් ආපු රැල්ල තමා ඩොට් ටොෆි. ඒක නම් ජනප්‍රිය වුනේ ටීවී ඇඩ් එක නිසා. ටීවී ඇවිල්ලත් වැඩි කාලයක් ගිහින් තිබුනේ නෑ මගේ හිතේ. මම මේ කියන්නේ පිස්සා අත දරුවා කාලේ ගැන.

    යමී ටොෆි ඇඩ් එකත් ජනප්‍රිය උනා. හැබැයි දැන්නම් මේ එකක් වත් නෑ.

    ReplyDelete
  17. ටොෆි කොල ඇදිල්ලේ නම් මාත් හිටියා වගේ මතකයි. ඒ වගේම එඩ්නා ස්ටිකර් එකතු කිරිල්ලේත් හිටියා.

    ඒ වගේම ඒ කාලේ ලොතරැයි මට මතක විදිහ්ට හූර්න ටිකට්වල සත්තුන්ගේ රූප මාළුන්ගේ රූප එහෙම තිබ්බා.පරණ කාර් එහෙමත් තිබ්බා. ඒවා එකතු කළා.

    මුද්දර, පරණ කාසි එකතු කිරිල්ලත් ගජරාමෙට කළා.

    මේ වෙද්දී ඉතුරු වෙලා තියෙන්නේ ඒවායේ මතකයියි එකතු කරපු ඒවායින් මුද්දරයි කාසියි විතරයි

    ReplyDelete
  18. තව රෑලි ගොඩක් තිබුනා නේ ..මයිලෝ රෑල්ල එතකොට යොයො රෑල්ල කොකා කොලා බයිසිකල් නෙස්ප්‍රෙ කතන්දර පොත් රෑල්ල මෑජික් පොත් රෑල්ල එතකොට මෑගික් බොල රෑල්ල ..හේ අනෙ අපි ඔය රෑලි ගොඩටම අහු උනානේ හික්z.. නියම පොස්ට් එක

    ReplyDelete
  19. මම 7 වසරේ විතර ඉද්දි නැගලා ගිය පිස්සුවක් තමයි සුපර්හීරෝ ස්ටිකර් එකතු කරන එක. (රැල්ලක් කියනවට වඩා පිස්සුවක් කියන එක හොඳයි කියලා හිතුනා...)

    ස්ටිකර් පැකට් එකක් රුපියල් පහයි. එව්වා අලවන පොත රුපියල් විසි පහයි. පොත සම්පූර්ණ කලාම එක එක තෑගි හම්බ වෙනවා කියලා තිබුණා. ඉතින් අපිත් ඒ කාලේ සෑහෙන ගානක් වියදම් කරන්න ඇති ඔය පිස්සුවට. ඔය කාලේ ඉස්කෝලෙ කැන්ටිමේ 'චයිනීස් රොල්' එකක් රුපියල් 2.50 යි. ඉතින් පිස්සුවේ තරම හිතා ගන්න පුලුවන් නේද?

    ‍ස්ටිකර් පැකට් ගනිද්දි ඇතුලේ තියෙන ස්ටිකර් පේන්නේ නෑනේ. ඉතින් සමහර ස්ටිකර් දුලබයි. සිංහලෙන්ම කිවුවොත් rare. ඒ නිසා පොත පුරවන එක ලේසි වුනේ නෑ.

    සෑහෙන කාලෙකට පස්සේ තමයි මටනම් තේරුනේ තර‍ඟේ තිබිලා තියෙන්නේ අවුරුදු 5, 6කට කලින් ඇමෙරිකාවෙ විතරයි කියලා. (පොත සම්පූර්ණ කලානම් මටත් මුදලාලියෙක්ගෙන් කුණුහරුප අහ ගන්නයි වෙන්නේ තෑගි ඉල්ලලා.)

    ReplyDelete
  20. මට මතක හැටියට බන්ටි ටොපි කොලේට කලින් තිබ්බ තව
    බොන් බොන් ටොපී කියලා කතන්දරයක්... ටොපියනම් මෙලෝ රහක් නෑ... ඒකත් එක්ක නළු නිලියොන්ගේ පොටෝ තියෙන පොකැට් කැලැන්ඩර් හම්බ වුනේ.. තාමත් මතකයි රන්ජන්ගේ පොටෝ එකක් අර කර්ල් කොන්ඩේ ඩිස්කෝ පාරක් දාලා තිබුනු... ඊට පස්සේ ආවා තෑගී ටොපී කියල ජාතියක්... ගාල්ල පැත්තේ තිබුනද මන්දා... මහියංගනේ, නුවර පැතිවල නැගලම ගියා ඒක...
    අපෙ එවුන්නම් ඒ දවස්වල කිව්වේ බන්ටි කොලේ අඩියක් ඇද්දොත් චැලියක් හම්බවෙනවා කියලා....
    ආ.. අර එඩ්නා ස්ටිකර් වල 7 චොක්ලට් එකටත් ස්ටිකර් කලෙක්ෂන් එකකුත් මා ගාව තිබුනා... මට මතක හැටියට 10 ස්ටිකර් මුලින්ම ආවෙ 1 ඉඳන් 56 වෙනකල්ද කොහෙද...
    හපොයි බොලාගෙ පෝස්ට් එකට වඩා දික් වෙනවා මයෙ කමෙන්ට්ටුව මෙහෙම ගියොත්... තැන්කූ මචං ආපහු ඉස්කෝලෙ කාලෙ මතක් වෙන්ට රහට ලිව්වට...

    ReplyDelete
  21. අයි kandos මම car එකක් දෙන සීන් එකකුත් තිබුන නේද ?

    ReplyDelete
  22. ඔය තියෙන්නේ රැලි....

    * පෑන් ගැහිල්ල..

    * විලි ගැහිල්ල.

    * ටොස් ගැහිල්ල. ( මේක නම් මම දන්නේ නැහ මොකක්ද කියලා... )

    * යෝ,යෝ

    * ඩොට් ටොෆි ( පිස්සා අත දරුවා කාලේ එකක් ලු... හි හි )

    * හූරන ලොතරැයි

    * මුද්දර, පරණ කාසි එකතු කිරිල්ල

    * මයිලෝ රෑල්ල... නෙස්ප්‍රෙ කතන්දර පොත් රෑල්ල...මෑජික් පොත් රෑල්ල....මෑගික් බොල රෑල්ල

    * සුපර්හීරෝ ස්ටිකර්

    * බොන් බොන් ටොපී

    * කැන්ඩොස් කර් ( මටත් හම්බුනා වගේ මතකයි කැන්ඩොස් කාර් එකක් නම් )



    කට්ටියගෙ අදහස් වලින් රැලි හම්බුනා නොවැ තොගයක්... හික් හික් අපිත් අහුවෙනව නොවැ ඕනි රැල්ලකට ඒ කාලේ. දැන් නම් ඉතින් තියෙන්නේ අමුතු එව්ව නොවැ...

    කට්ටියටම බොහොම ස්තුතියි කිව්වා... ආවට අදහස් දැක්වුවට එහෙම හැමදාම වගේ.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ammmeeeeeeeeeee... aiya loku post ekakma dala ne... :) :)
    aththatama meka dakkama duka hithuna. mokada me kiyana podi kaale mata nan mathakayak wath na... mata me wage lassana kalayak thibunada kiyalawath. ane manda...

    asawen kiyewwe.. podi unge podi wada.. tikak loku wenakota thama podi eka pawu kiyala hithenne,,,
    monawa unath aluth post ekak liyuwata thanQ aiyaaa...
    (man me tike kata kapala wada ane.. ekai post ekak danna parakku une.. tharaha na ne aiya????)

    digatama liyanna hode.. budusarani.

    ReplyDelete
  25. අම්මේ ඒ කාලෙ කරපු පිස්සු වැඩ...
    ඔය බන්ටි ටොපි කොල ඇදිල්ල නම් අපිත් කලා. හැබැයි ඉතින් අඟල් 2,3කට වඩා ඇද ගන්න බැරිඋනා :(

    අපේ අයියා නම් ඔය එඩ්නා ස්ටිකර් එකතු කරල යවල ටෙනිස් බෝලයක් ගත්ත වගේ මතකයි :D

    ReplyDelete
  26. නිරහංකාර අහිංසකාවි ටයි කොඩී ටයි බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට ඔන්න....

    ReplyDelete
  27. මටත් මතක් වුනා ‍නොවැ මගේ පුංචි කාලෙ මෙහාට ආව මුල්ම දවසෙම..පුංචි කාලෙ ගොඩක් කොල්ලො එක වගේ බලාගෙන ගියාම.

    ReplyDelete
  28. මම දන්න එකෙක් ඒ කාලෙ බන්ටි කොලයක් අඟල් 8ක් විතර දිගට ඇද්දා. ඇයි මච්ං ඔය අතර මැද ආව පෑන් ගහන ‍රැල්ල, නයි ගහන ‍රැල්ල.

    ReplyDelete
  29. බන්ඩට එහෙම අහු වුනේ නැද්ද අයියේ?

    ReplyDelete
  30. තරු අහස , Ranga , මීටරේ ඔක්කොටම ස්තුතියි ඇවිත් ගියාට...

    හික් හික් බන්ඩට අහු උනා නම් ස්ටිකර් නෙමෙයි ඉතුරු වෙන්නේ... අපොයි තාම මතකයි පිට මැද්දට දඩොන් දඩොන් ගාල දෙනවා... බිත්තිය කෙලවරෙන් බෙල්ල දාන් ඉන්නවා කෑ ගහන උන් අල්ලන්න... හික් හික්

    ReplyDelete
  31. අපිත් ඇද්දා බන්ටිකොල. 2 වසරෙදි විතර. කොච්චර අදින්න ඕනද කියල දැනන් හිටියේ නෑ. කොල්ලො කිව්වේ මැඳ ඇඟිල්ලේ කෙලවරේ ඉඳන් වැලිමිට වෙනකන් අදින්න ඕන කියලා.
    ස්ටිකර් සීන් එක ආවේ ඊට අවුරුදු පහකට විතර පස්සේ. මුලින් තෑගි තිබ්බේ නෑ.පස්සේ නේද ආවේ. මමත් ගත්තා 100 ඉඳන් 125 වෙනකන් එකතු කරල බැට් එකක්. ඔව්වගෙ හොයන්න අමාරු නොම්බර තියනවා, මතක හැටියට 101, 305,334 වගේ. මට 101 ස්ටිකර් 3ක් තිබ්බා එකක් සීයකට වික්කා. එකක් රට මුද්දර විස්සකට මාරු කලා.
    තව මතකද මයිලෝ පැකට් ඇතුලේ එක එක ගැජට් කෑලි ආවා, තව නෙස්ප්‍රේ ඇතුලේ පෑන්,කතන්දර පොත් එහෙම තිබ්බා. ඔව්වා ගන්ඩ අම්මලාට පුදුම වදයක් දුන්නේ.

    ReplyDelete
  32. අනේ මටත් මතකයි ඔය බංටි ටොෆි කොල ඈදිල්ල.අපිත් ඕක කරානේ. ඉස්කොලෙටත් අරන් ගියා.ඔයා ලස්සනට ලියල තියනවා.මට මගේ පොඩි කාලෙ මතක් උනා.

    ReplyDelete
  33. kassa , නදී බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.

    ReplyDelete
  34. මොන මොන පිස්සෝ මොන මොන දේවල් ලිව්වත් ඒ හැම එකක්ම හරිම නිර්මාණශීලි නොවැ :)

    ReplyDelete
  35. chaliyak ganda math widapu dukak.yo yo nam labuna.nespray pothuth thibuna.api thawa kala stiker allilla kiyala sellamak.mata oya wade nagalama giya.stiker deke udin thiyana eka mokadda kiyala kiyana eka thamai kale.ape panthiwala goda denekge adviceuneth mama.mona karumekata hari mama kiyana ewwa hariyatama hari giya godak welawata.thawa gem(gal)stiker ehemath ekathukala.

    ReplyDelete

Related Posts with Thumbnails