Friday, December 17, 2010

බ්ලොග් අවකාශේ ඕපදූප...

Share



හුඟ දවසකින්... හික් හික් අන්තිමට ලියපු පොස්ට් 3 - 4 කම මේ විදියට තම පටන් ගත්තෙ...අනේ මන්ද කරන වැඩකුත් නැහ.. ඒ උනාට වෙලාවකුත් නැහ. හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයක් බැලුවා... 


දුමීයයි මාරයයි මඩ බිස්නස් එකක් පටන් අරන් නැගල යනවා නොවැ... ඒ අස්සෙ දුකා අයියා හාමිනේ එක්ක දෙක ලප්පන් බිස්නස් එකක් පටන් අරන්. කොහෙන් දාපු නමක් ද මන්ද ඒක... හික් හික්.


ලඟදි දැකපු බ්ලොග් ගැන කියද්දි පිස්සගේ බ්ලොග් එකේ හැමදාම මොනා හරි කොටල ගිය දිනේශ් කොලුව බ්ලොග් එක ආයෙම පටන් අරන්. බලන්න වටින බ්ලොග් එක. ගොහින්ම බැලුවනම්.
රංග යගේ ( යගේ කිව්වට අයියා තමා හික් හික් ) මගේ ලෝකය බ්ලොග් එකත් එලකිරි අත්දැකීම සෙට් එක.


ඒ අස්සෙ වැම්පියා මාරම කුක් වෙලා.. කෑම හදනවා නා නා ප්‍රකාර... ගඩොල් මලයත් හොස්ටල් එකෙන් සමු අරන් අලුත් සීරිස් එකක් පටන් ගන්න යන්නේ


අභීතයත් කඩු කතා සැට් එකක් දාල තිබ්බා... ජීව් ගොයියාත් ලංකාවට ගොඩ බැහල කියල බ්ලොග් එකේ තිබ්බේ... උබ ඔන්න ලංකාවෙ තව මාස 2 - 3ක් ඉන්නවනම් හමු වෙමු..


ඒ එක්කම මගේ ප්‍රියතම බ්ලොග් කතාවක් වන මෙන්න මෙහෙමයි කතාව ලියන දුල්හාරි අක්ක විභාග කටයුතු නිසා කතාව දාන්න අතපසු වෙනව කියල සමාව ඉල්ලල තිබ්බ... ඔන්න දුල් අක්කේ පිස්සා ආයේම පාරක් සුබ පතනවා. ඔන්න ඒ දැරිවිට බනින්න එහෙම එපා කතාව දැම්මෙ නැහ කියල.


අමුවෙන් ඇපල් අඹරන ගමන් කවි ලියන හේමලයා කාලේකින් දැක්කේ නැහ නොවැ... යලට මහට කවියක් දාල ගොහින් තිබ්බ බ්ලොග් එකේ... උබ හොඳින් නේ...
ළමයටත් අපේ ගම් පලාත ගැන කැක්කුමක් ඇවිත්... උබ ඔය විභාගෙ එහෙම එවර කරල පෙළවහක් කර ගත්තනම් අපේ ගම් පළාතෙන් වැඩේ ගොඩ.


නිරහංකාර කෙලි පොඩ්ඩත් දැක්කේ නැහ.. මූනු පොත පැත්තෙ ගියෙත් නැහ නොවැ...


හසියත් වැඩ වැඩ කියල කාලෙකින් ලිපියක් දාල තිබ්බ.. ඒ අස්සෙ අපේ හසිත මලය බ්ලොග් එක මෙලෝ රහක් නැහ කියල කව්ද දීපු ලණුවක් කන්න හදනවා... පිස්සු නැතිව උබට හිතෙන දේ ලියපන් මලේ.


හිස් අහසෙ පුංචි සර් නම් පිස්සු කෙලින්නේ.. අර පොඩි කෙල්ලෙක් ඉද්දි බෝතලේ ඉස්සර කොරන් නොවැ... ඔව්වට එපා කියන්න හයියක් කොහෙද පිස්සට... මේ සති අන්තෙවත් නොබී ඉන්ට ඕනි... ඉලංදාරිය නම් වෙනද වගේම ලස්සන අදහස් ටිකක් කවි වලට හරවනවා. සියපතේ සන්සාරසිදු මුද්දර එකතු කිරීම ගැන ලිපි වගයක් ලියල තිබ්බා...


හසී පවුලේ හසී ඔය පොඩි එකෙක්ගෙ හපන් කමක් ලියල තිබ්බා... ඒකට කොමෙන්ට් එකක් විදියට පිස්ස දැම්මෙ.. " ඔව්ව ඔහොම තමා... මේ මෙහේ පොඩි එකා කිව්වෙ උගේ ක්‍රශ් ( සිංහල වචනෙ නොදනී ) එක වෙන කොල්ලෙක් සෙට් කොරන්ය උන් දෙන්න ලිප් කිස් කරාය කියලා... අනේ පොඩි එකා ගෙ හාර්ට් බ්‍රෝකන්. ( ඌ තාම 3 නේ ) "
ඔන්න දැන් හැදෙන පොඩි එව්වො... උන්ව ගොඩ දාන්න ආයෙම අපිට ඉස්කෝලෙ යන්න වෙන තත්වයක් එන්නේ...


පිනි පළසත් ඔන්න අපේ බෙන්තර ගගෙන් එහා භාශාවට අනන් මනන් දාල තිබ්බ... හික් හික්...
සෝරෝ ගේ හිරු ප්‍රභා ගේ ත් ගොඩ වැදුනා... කොඩී ත් සෑහෙන කාලෙකින් ක්ලැරන්ස් මහත්තයගේ නන්ස්ටොප් එකක් දාල තිබ්බා... ඇත්තටම බ්ලොග් අවකාශේ උනත් කතා බහට ලක් නොවුනු ගායකයෙක් ( දැකල නැති ලිපි ඇති ) තමයි ක්ලැරන්ස්...


හපොයි මාරයගෙයි දුමියගෙයි මඩ ගිය දුරක්... ලියන්න හිතන් උන්නේ මොනවදත් මතක නැහ.. ඇත්තටම ලියන්න දෙයක් තිබ්බෙත් නැත්ද කොහෙද.. හික් හික්


තවත් ඉතින් බ්ලොග් කීපෙකට ගියා... කියෙව්ව... කොටල ආව අදහස්... පිස්ස නොවැ.. මතකෙත් පොඩ්ඩක් අවුල් නොවැ වයසට යද්දි... හික් හික්... දැන් නම් වයස වගේ... මූනු පොතට ගොඩ වදින හැම දාම අපේ එව්වො මොකෙක් හරි බැඳලා... ඒත් ඉතින් අපේ අතිජාත රැල නම් තාම පිස්සු කෙල කෙල ඉන්නවා... එකෙක්වත් පිලිවෙලක් නැහ නොවැ... හ්ම්ම් ඊයේ වරුනිට කතා කලා.. ඒකි ට නම් පිස්සු... ජීවිතේ කියන එක ලස්සනට විදිනවා. මාත් එක්ක ඒකිගේ ඉස්සරහ වැඩ ගැන කියන්නේ නැහ.. කෙල්ල දන්නව මට දුකයි කියලා... පුදුම විදියට තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්.. හ්ම්ම්


ඇති බොලව් ඇති... මම යනව.. පසුව ලිපියක් ලියන්නම්..
වරුනි ගැන දන්නෙ නැති අයට මතක නැති අයට... එක්කො ඕනි නැත.
අපි නැවත හමුවෙමු...

31 comments:

  1. මං කල්පනා කරේ මොකක්ද මේ ඇඩ් එක කියලා,,, ගමේ කට්ටිය එකතු කරන් මට ගහයිද මංදා,,
    කාලෙකින් හරි ඇවිත් ගොඩවෙලා යනවට ස්තූතියි මලේ,,,

    ReplyDelete
  2. පිස්සෝ, ඒ පාර යෙලෝ පේජස් එකක් පටන්ගත්තද උඹ... හා හා කියපන් ඇඩ් එකකට කීයක් ගන්නවද කියලා. උඹේ එකවුන්ට් එකටම සල්ලි දාන්න...!

    දුකා ගෙවන්න යන්න දෙක ලප්පන් වලින්.... මාරයා කල් පවතින කරෝල හොද්දක් හදලා දෙයි...!

    ReplyDelete
  3. පිස්සු කෙල කෙල ඉන්නවා ... , හුඟ කාලෙකින් බ්ලොග් එකට සෙට් වුනේ කියවන්න ...

    ReplyDelete
  4. හරී - පිණිපළස : අපොයි නැහ... අපි සාමකාමී පිස්සො නොවැ අක්කෙ.. වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නේ... හික් හික්...




    දුමී : මේ දවස් වල නෙමෙයි ඉතින් ඕනි දවසක ඉතින් සල්ලි දානවනම් නම්බර් එක දෙන්න බැරිය... හික් හික්...
    දෙක ලප්පන් නම් මරු බන්.. කවද බොන්නද වටලප්පන් බයිට් එක්ක හික් හික්..
    මාරයා අයියා එක්ක සෙට් උනා නම් බෝතලේකට දෙක ලප්පම් එක්ක හික් හික්...



    Unknown_User/හිඟන්නා : ඔව් ඔව් ලඟදි නෙමෙයි මාස ගානකින් බ්ලොග් එක පැත්තෙ ගොහින් නැහ නොවැ... මට හෙම්බිරිස්සවත් හැදෙන්න වගේ ඒකේ තිබ්බ දූවිලි ගොඩට හික් හික්...

    ReplyDelete
  5. අප්පේ.. පිස්ස අයියා පෝස්ට් එකක් දැම්මම කියවන්න තියන ආසාව ..ඔය ලියන රස්තා ස්ටයිල් එකට මම පට්ට කැමතියි

    ඔයා නිසා නෙව මම බ්ලොග් අවකාසෙට සෙට් උනේ .ඉතින් ඔබතුමාට මම වැඳනමස්කාර කරා ඕං. අනේ ඉතිං ඔයා කියවන ධනපති පන්තියේ බ්ලොග් අතරේ මගේ නිර්ධන පන්තියේ බ්ලොගත් තියන එක කොච්චර ලොකු දෙයක්ද ?

    දිගටම මොනා හරි ලියපං අයියේ .උඹ නැතුව පාළුයි අප්පා !

    ජයවේවා !!

    ReplyDelete
  6. මටත් මේ දාහක් වැඩ අස්සෙ මොනව හරි කුරු‍ටු ගාන්න හිතුනෙ උඹේ බ්ලොග් එක කියෙව්වට පස්සෙ.මගේ ජාතියෙම එකෙක්නෙ.හි...හි....

    ReplyDelete
  7. මේ පෝස්ට් එක නිකම් පිස්සා අයියා බ්ලොග් ගැන වෙළඳ දැන්වීමක් දැම්මා වගේ :D

    ReplyDelete
  8. අනේ බන් තේරැමක් ඇති දෙයක් ලියපන්කෝ උබලගේ බ්ලොග් බලනවට වඩා හොදයි බුකියට ගියානම්

    ReplyDelete
  9. මඩ...මොකක් කිව්වා කැත කතා කියන්න එපා මලේ..අපි කවද්ද මඩ ගැහැවුවෙ..?
    අපි ඇවිල්ලා ඇල් වතුරත් නිවලා බොන කාණ්ඩෙට අයිති වෙන්නේ..
    ඇත්තටම මොනවද ඔය මඩ කියන්නේ..?

    ReplyDelete
  10. හික් හික් හික් .. ඔක්කෝම කස්ටියගේ අළුත්ම තොරතුරු සමඟින් පිස්සා පලාමල්ලත් අරන් මෙන්න ඇවිත් පිලිගන්න . . .

    ReplyDelete
  11. උඹටත් දෙක ලප්පන් ඕන නම් දැන්මම ඕඩර් කරපන් . . තොග සීමිතයි

    ReplyDelete
  12. පිස්සා අයියගේ ගම් පලාතෙන් පෙලවහක් කරගනින් කියලා මට දැන් දෙතුන්දෙනෙක්ම කිව්වා... සළකලා බලන්න ඕනි.. හික් හික්

    අෆ්ටර් අ ලෝන්ග් ටයිම් අහ්.. මව්බිමට ලෑන්ඩ් කරනවා කියලා ආරංචී..එල එල අහ්

    ReplyDelete
  13. සඳරු ලොක්කා අපේ බ්ලොග් ධනපති පංතියේ බ්ලොග් කියලා කාඩ් එකක් ගහලා තිබ්බා. දැන් ඉතින් ආදායම් බදු ගෙවන්න වෙයිද දන්නේ නැහැ :))

    කොහොම වුනත් කට්ටියගේ අළුත් විස්තර ටික හැමෝටම දැනගන්න ලැබුණු එක හොඳයි. ඒ වගේම මට දීලා තියෙන ඇඩ්වයිස් එකටත් තැන්කු වේවා අයියා.

    ReplyDelete
  14. දැන් අපිට කෙලින්ම මේ පිටුවට ආවම කට්ටියගේ අප්ඩේට්ස් බලාගන්න පුලුවන් වගේ.. හෙට එන්නේ එහෙම නැද්දෝ...(අපිට දහ පාරක් ඉස්කෝලේ ගියාත් මදි වගෙ දැන් හැදෙන අයව හදන්න..)

    ReplyDelete
  15. හෙක් හෙක්... මරු ඕප දූප ටික :D

    ReplyDelete
  16. මමත් හෙට ඉදන් මේ පැත්තේ එන්ට ඕනේ.....ලේසියට අප්ඩේට් ටික එක තැනකින් තියෙනවනේ......

    ReplyDelete
  17. අම්මෝ...පිස්සයියාව දැකපු කල්! කොහෙද ගිහින් හිටියෙ? අපි හිතුවෙ ඉබ්බා වගේ අතුරුදහන් වුණාවත්ද කියලා...මොකද මේ දවස්වල බිසීද?

    ReplyDelete
  18. අයියාලා... අක්කලා ....පොඩි හෙල්ප් එකක් ඉල්ලන්නයි මේ අවේ ,,
    මම පොඩි මලයෙක් ,ඉතින් පොද්දී ආසවකටත් එක්ක වගේ බ්ලොග් එකක් ලියන්න පටන්ගත්ත...පුලුවන්නම් හොද නරක කියල පොඩි හෙල්ප් එකක් දෙන්න ....
    http://tikirimalli.blogspot.com


    ප.ලි - සිරාවට මේ බ්ලොග් එකනම් එල ...
    ත්‍රිභාෂා පරමේශ්වර කෙනෙක් නේ හික්හික් ....

    ReplyDelete
  19. හිස් අහස : හික් හික් රස්ත... බොට පිස්සු... අර හසිතය කිව්වත් වගේ උබ හදන්නේ මේ අනික් බ්ලොග් ටිකට බද්දක් වත් ගස්සවන්නද ?? හික් හික්...



    dinesh : උබේ බ්ලොග් එකට ගියත් නිකන් ගුලියක් කාල වගේ නොවැ හිනා යන්නේ... හික් හික් ඒක එල




    පූසා : හික් හික් පොඩි ඇඩ් එකක් වගේ තමයි නේ.. අපිත් යමක් කොරන්න එපැයි පූසෝ...

    ReplyDelete
  20. Priyanke Perera : අනේ ඉතින් මගෙන් නම් තහනමක් නැහ... බුකියට ගියානම් එහෙනම්



    මාරයාගේ හෝරාව : මඩ කියන්නේ අයියේ... අර දුමියගේ බ්ලොග් එක පැත්තෙ ගියා නම්... මේ දවස් වල ඒ සම්බන්ධව පන්ති කරනවනේ දුමියා හික් හික්... ඇල් වතුර නිවලා මත් වතුර එක්ක එහෙමත් බොනව ඇති මයෙ හිතේ හික් හික්



    දුකා : පුදුම ඉල්ලුමක් නේ දුකා අයියේ... ඔන්න එහෙනම් මටත් දෙකල්ලපම් බේසමක් එව්වනම් හික් හික්

    ReplyDelete
  21. ළමයා : ඔව් ඔව් ඉගෙනගෙන අහවර වෙලා බැලුවනම්... අපිටත් සලකල මඟුලක් එහෙම අරන් හික් හික්



    Hasitha : ඒකනේ බන්... පුංචි සර් අපිට බදු ගෙවන්න වැඩේ සැට් කොරන්න යන්නේ හික් හික්



    හසී : ආයෙත් අහල.. දැන් ඉන්න එව්වො ගැන මොකට කියනවද...

    ReplyDelete
  22. Hasitha ජයසූරිය : හප්පේ දැකපු කල් මලයව...


    අඳුරෙන් එළියට : හික් හික් සින්ඩියක් කතා කරයි කියල අපූරු ලිපියක් තිබ්බේ... ඒ හින්දම තව කාලෙකට ඕපදූප නැහ... හි හි...



    blog gadol : අපෝ නැහ මලේ.. එහෙනම් කියලයි යන්නේ. ඉබ්බ වැඩ රාජකාරි නිසා තාවකාලික සමු ගැන්මක් කියල ලිප්යක් දාල තිබ්බ මාස කීපයකට උඩදි.. මයේ හිතේ ඉබ්බගෙ තටු කපල දාල ඉබ්බියෙක් හික් හික්



    ~පණ්ඩිතයා~ : මොකෙක් කිව්ව... ගොඩ වැදුන මලේ.. ගමේ කොලුවෙක් නේ.. දිගටම ලියමු කො බලන්න එහෙනම්...

    ReplyDelete
  23. හොඳා හොඳා කට්ටියම දකින්න ලැබීම සතුටක්.. එන්න බැරිවුන එකටනම් ඉතින් අවුල කියන්නේ හිරේ ගියා වගේ දුකයි...

    අර අන්තිමට කියල තියෙනව වගේ අපි නැවත හමුවෙමු කියල තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
  24. බ්ලොග් අවකාශෙම මේකෙ නේ.
    (අලේ...මගෙ එකත් තියෙනවා. තන්කූ පිස්ස අයියේ)

    ReplyDelete
  25. මෙගා ටෙලියක් වගේනේ මේක ....
    හෙට නැතුව අදම ඒකත් කිව්වනම්.....

    ReplyDelete
  26. ජයා හෝ ............අනේ කාලෙකින් නේ ආවේ ....
    ඔන් අලුත් පොස්ට් එකක් එනකන් බලන ඉන්නෝ .........!!!

    ReplyDelete
  27. සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය : ලෙඩ දාගන්නෙ නැතිව පරිස්සමින් හිටපන් කොල්ලො... උබව ලෙඩ හොයන්නෙ එන්නෙ.



    කොඩී : හික් හික් ඔව් ඔව් ඒ පැත්තෙත් ගොඩ වැදුනා



    කැන්ඩි... : මෙගා ටෙලියක් නෙමෙයි බන්.. ඒක ඉවර උන එකක්



    ~පණ්ඩිතයා~ : වැඩත් එක්ක බැහ මලේ

    ReplyDelete
  28. පට්ට ඇඩ් එක ...හිකි හිකි ,එල ..එල

    ReplyDelete
  29. man gahanth thiyanooo.. hureee... pissa aiyata e kiyanne mawa amathaka wela na... :) :) jaya weewaa.. me lankawata apu gaman mata danun denna hode... :)

    ReplyDelete
  30. ෆැන්ටසි : හික් හික්



    නිරහංකාර අහිංසකාවි : දැනුම් දෙන්නම් අනිවාර්යෙන්. එහෙම අමතක වෙනවද හික් හික්

    ReplyDelete

Related Posts with Thumbnails