Thursday, December 23, 2010

පිස්සා ශොපින් ගියාලු...

Share



බ්ලොග් අවකාශේ ඕපදූප ටික දැම්මත් හරි ගොඩ වැදුනෙ අද... වැඩත් එක්ක කිව්වට වැඩකුත් නැහ.. අර බල්ලට ඇති වැඩකුත් නැහ හිමින් ගමනකුත් නෑ වගේ තමා.. ඉතින් කට්ටිය කොහොමද ?? හික් හික්..


දැන් ඉතින් නත්තල් සේල් කාලේ නොවැ.. කට්ටිය නිකන් මෙච්චර කලක් නොකා නොබී නිරුවස්තරව උන්නා වගේ බඩු ගන්න කඩ වල පිරිලා.. ඒ අස්සේ ඔන්න පිස්සත් හිතුවා පොඩි ශොපින් පාරක් දාන්න.. වෙන අහවල් එකක් නෙමෙයි ඉතින් ලංකාව පැත්තෙ රවුමක් ගහන්නත් අදහසක් තියෙන නිසා බඩු ටිකක් ගන්න. අඩුවට දානව නේ.
අඩුවට කිව්වට ඉතින් කඩ කීපයකම බලල අඩුම තැනින් ගන්න ඕනි. වෙලාවට කනා චාන්ස් එහෙමත් වදිනවා.


ඔන්න ඉතින් උදේ පාන්දරම 10 ට විතර නැගිටල කාල බීල ඔන්න ගියා ශොපින්. හපුච්චියේ වාහනේ නතර කොරන්න විදපු දුකක්. හරියටම විනාඩි 20 කට වඩා එහෙටයි මෙහෙටයි කැරකිල යන්තම් ඔබා ගත්තා. පුදුම සෙනගක් නොවැ... මේ ලොකු සාප්පු සංකීර්නයක නෙමෙයි සාමන්‍ය එකක්. ඔන්න ඉතින් ගියා කියමුකො... අනේ අම්මේ ඇත්තමයි පිස්සන්ටත් පිස්සු හැදෙනවා මෙව්ව දැක්කම. හැබයි ඒකනායක උන්නැහේ එහෙම ආවනම් උන්දැට කර කියා ගන්න දෙයක් නැතිව සිහි මුර්ජා වෙන්න බැරි නැහ.. ( උන්දැ ඔය කොටට අදින එව්ව එහෙම නවත්තනවය කියන්නේ... ). රස්නේ කාලේ නොවැ සූටි සූටි කලු පාට දුබුරු පාට කහ පාට රතු පාට නා නා ප්‍රකාර ජාතියේ කෙලි පැටව් උපන් ඇඳුම යන්තම් වහගෙන ශොපි ඇවිත් නොවැ... මේ දෑස මක්කටෙයි කියල පිස්සා සන්සුන් ගමනින් ඔන්න ශොපින් කොරන්න ගත්තා බිම බලන්. සීලේ බිදුනොත්... ඇයි අර දැකීමත් එක්තරා ආකරයක අහවල් එකක් කියනවනේ.


ඔන්න ඉතින් පුරුද්දට වගේ කොම්පීතර ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් කඩේකට ගියා... පොඩි කෑලි ටිකක් ගත්ත.. වෙන ගන්නය කියල දෙයකුත් නැහ.. රුපියල් 800 ක විතර මුදලක් වෙද්දි 4 GB පෑන් කෑලි ටිකක් ගත්තා. ඒකත් අරන් එලියට බැහල එකින් එකට ඔන්න කඩ වලට ඔලුව දැම්මා.. 5 වෙනි කඩෙනුත් එලියට බැස්සෙ මෙලෝ දෙයක් නොගෙන. කකුල් දෙකත් රිදෙනවා ඇවිදලම.. හපොයි මිනිස්සු කොහොම ශොපින් කරනවද මන්ද. මට ඔය ගියා ගත්ත ආව මිසක් ඇවිදල ශොපින් කොරල කොහෙද පුරුද්දක්.
බඩත් ගිනියි..


චීන අක්කි කෙනෙක් නූඩ්ල්ස් විකුනනව ෆුඩ් කෝර්ට් එකේ. බඩගින්නත් වැඩි උනා ඒකෙ සුවඳට.
අක්කිගෙන් ඔන්න ගහල තිබ්බ බෝර්ඩ් ලෑල්ලෙ තිබ්බ එව්ව බලල seafood noodles එකක් ඉල්ලුවම ඉවරයක් නැහ අරව දාන්නද මෙව්ව දාන්නද... අහනව. මම දන්නවය කෑම ගැන.. ඔය තියෙන උලව් ඔක්කොම දාල ගේන්න කියල කල්පනා කොරා දැන් මොනවද ගන්නේ මොනවද හෙව්වෙ කියල.. මෙලෝ අදහසක් නැහ.


ඒ අස්සෙ දුම් ගගහ අක්කි නූඩ්ල්ස් එක ගෙනල්ල කූරු දෙකකුත් එක්ක. හපොයි ඔව්ව්යෙන් කාල කෑම කන එක යුද්ද්යක් කොර ගන්නය මම... අනේ අක්කියේ මට ගෑරුප්පුවක් කියල ගෑරුප්පුවක් ඉල්ලගෙන ඒකත් කාල ( බඩ පිරුනා හැබයි උපරිමේට )ආයෙම රවුමක් දැම්ම වටේම.. කිසිම ප්‍රගතියක් නැහ.
එහෙමම එලියට බැහල තව ඈත සාප්පු සංකීර්නයකට ඔලුව දාන්න හිතන් ගියා.. ඔන්න ඒකේ නම් වදයක් නැතිව වාහනේ නතර කොර ගත්තා. පුරුද්දට ආයෙම ඉලෙක්ට්‍රොනික්... මෙන්න බොලේ වයර්ලස් කීබොර්ඩ් මව්ස් ලාබෙට.... ගමුකො... ඔන්න ගත්ත. 1 ටි.බි HARD එකකුත් තිබ්බ ලාබෙට ඔන්න ඒකත් ගත්ත. දැන් ඉතින් ආවෙ මක්කටෙයි ?? ආව වැඩේ කොහොම වෙතත් ඔය ආකරයෙන් ඕනිත් නැති ඒත් ලාබෙයි කියල හිතෙන අංශ කීපයක්ම උස්සගෙන පිස්ස ආයෙම ගෙදර එන්න ලෑස්ති උනා.


මෙන්න ඒ පාර සුවඳ විලවුන් සේල් එකක්.. 50% අඩුයි.. නියම අයිටම් ටික අපේ එව්වොන්ට දෙන්න.. ගත්ත 10 ක් විතර හික් හික්.. ඇත්තටම ලාබයි. කොලිටිම එව්ව නොවුනට එදිනෙදා පාවිච්චි කොරන ජාති තමා.


එව්වත් අරගෙන හිමින් සැරේ ගෙදර එන ගමන් හැන්දෑවට යමක් කරන්න කියල අර අංශ කඩේකට ගොඩ වැදුනා. කඩේ කිව්වට ඒක අංශ සුපිරි වෙලඳ සලක්. අනේ අම්මෝ නා නා ප්‍රකාර අංශ. හික් හික්... අඩුවට දාල. ඔක්කොම උස්සන් එන්නය එහෙම කියල. අවුරුදු 12ක් විතර පරණ අංශයකුත් අරගෙන ඉතින් බයිට් එකට චීස් පෙති ටිකකුත් අරන් ආව පිස්ස ගෙදර.


පැය 6ක් විතර ඇවිදල ඔන්න ගෙනාවේ ඔව්ව ටික තමා. හික් හික්..


පිස්සො කොරන ශොපින්.

44 comments:

  1. මටත් ඔය කෝ‍ටු කෑලි දෙකේ කෝස් එක ආපු මුල් දවස්වල මල පනිනම සීන් එකක් උනා.මාට් වලට ගිහින් එනකොට අන්තිමට ගන්න ගිය එව්ව නෙමෙයි නේ බං අරන් ඇවිල්ල තියෙන්නෙ.හික්...........
    දැන් අර අවුරුදු 12ක් පරණ එව්ව අනුමත වෙලා එහෙම ඇත්තෙ මයෙ හිතේ.

    ReplyDelete
  2. හා වැඩි දෙයක් ඕනේ නෑ මටනම්.. ‍ඔය 1 ටි.බි HARD එකකුයි, අහ් වෑර්ලස් රවුටර් එකක් ගන්න හිතන් ඉන්නේ. ඔය අත්දෙක වන වන එන්නේ නැතිව රවුටරේකුයි අරන්න එන්නකෝ..

    මොකක්? සල්ලි ගෙවනවාද අහනවා? පිස්සුද? මං  ඕවා තෑගි හැටියට භාර ගන්නේ. :පී

    ReplyDelete
  3. අර දැකීමෙ අහවල් එක මොකද්ද බං..??.හි......හි...........

    ReplyDelete
  4. තෑගිනම් ඕනිත් නෑ...අනේ මනද් දුන්නොත් නොගෙනත් බෑ.....

    හේහේහේ ඇත්තටමයි කියන්නේ තෑගිනම් එපා...ලංකාවට ආවොත් සැට් වෙමුකෝ...මෙහෙ ආපු කට්ටිය යන්න ඉස්සෙල්ලා ආවොත් ගොඩක් හොදයි වගේ....

    ReplyDelete
  5. "උදේ පාන්දරම 10ට විතර" :DDDDDD

    ReplyDelete
  6. ඔන්න ඉතින් මගේ ගුරුතුමා ඔයා මාවත් ඇවිස්සුවා !! අඩේ අවුරුදු 12 පරනයි කීව ? එලට පදං වෙලා ඇති . අපේ ගමේ "මුල්ලපටස්" වලට වඩා ෆන් ඇති ..කීයක් විතර උනයි ඇත්තට ?

    ඔයානම් ගෙවන්නේ මාර ජීවිතයක් එලටම ෆන් එකේ ජීවත් වෙනවා ..කන්නද බොන්නද ? එලටම තියනවානේ .මමත් රට පයින්න ඕන .බොන්න තියන රටකට පැන්නනම් ගොඩ ..

    අර පරන අංශය ගත්තේ මට නේද ? මාවත් මතක් වෙලා එහෙනම් ..

    ජයවේවා !!

    ReplyDelete
  7. dinesh : බොට නම් අමාරුවෙන් උනත් පුරුදු වෙන්න සිද්ද වෙන්න ඇති නේ... ඔව් ඔව් යාන්තමට වගේ අනුමත වුනා ඉතින් හික් හික්...

    අනේ බොල දන්නෙ නැද්ද උබ හික් හික්....



    ළමයා : හික් හික් බොට අපි හොයමු අපේ ගමෙන් ළමිස්සියක් හික් හික්... තෑගී විදියට





    ෴ හසියා ෴ : සැට් වෙමු... සැට් වෙමු. ලංකාවට ආව සැට් එක කිව්වෙ ජීව් අයියයි තිස්ස අයියයි ද ? ජීව් ගොයියා ආපහු යනවලු ??

    ReplyDelete
  8. පූසා : වේලපහින් උදේ 2 ට 3 ට නිදා ගත්තම හික් හික්


    සඳරු : පුංචි සර් නමත් වෙනස් කොරලනේ හික් හික්. මුල්ල පටස් වගේ නැහ බන්.. මේක පට්ට. ගාන නම් යකෝ මුන් නාස්ති කොරන හැටි කියයි නොවැ... 5000ක් වගේ උනේ.. අර කොළ පාට ලේබලේ බන්.. හික් හික්

    ඔන්න මලේ වැරදුන තැන... ජීවිතේ කියන්නේ කෑම බීම නෙමෙයි බන්.. අදටත් මම ආසයි අර රෝල් එකක් කාල කිරි පැකට් එකක් බීල වල බැහපු කාලේට.. අතේ සතේ නැතත් සන්තෝසෙන් උන්න නොවැ.

    නැහීගෙන වැඩ කරල තමා ඉතින් මෙහේ උනත් කන්නෙ බොන්නේ...

    ජය ජය පුංචි සර්.. ඒ පැත්තෙ ගොඩ වදින්නත් ඕනි හික් හික්

    ReplyDelete
  9. ලබන අවුරුද්දේ ලංකාවට එන කතාවක් කිව්වා නේද අයියා ? දැන්ම තියා ඒකට පැක් වෙනවාද ???

    ReplyDelete
  10. ඇයි බන් තව සතිය නොවැ ලබන අවුරුද්දට තියෙන්නේ.... හික් හික්
    මාර්තු මුල වගේ ගොඩ බහින්න හිතුවෙ හික් හික්

    ReplyDelete
  11. පුලුවන්කමක් තිබ්බොත් අනිවා සෙට් වෙමු අයියා. මම හිතන්නේ හුඟාක් අය ඔයාව හම්බෙන්න තමා ඉන්නේ :)

    ReplyDelete
  12. හපොයි ඒ අහවල් වැරද්දක් කරාටද... හික් හික් හමුවෙමු හමුවෙමු. මඩ ගැහිලි නම් ඔට්ටුයි මූනු නොදා... හික් හික්

    ReplyDelete
  13. අපි නෑනේ ඔය මඩ කොන්ත්‍රාත්වලට :))

    ReplyDelete
  14. ආ...එල එල!! පිස්සයියා ලංකාවට එන එක කොච්චර දෙයක්ද? අනිවා සෙට් වෙමු හොදේ!!! නූඩ්ල්ස් එක ගැන කියවද්දි කටට කෙළත් උනනවා. දැන් තමයි දවල්ට කන්න හදන්නෙ

    ReplyDelete
  15. Hasitha : හික් හික්



    blog gadol : මොකක්... දවල්ට ?? යකෝ දැන් රෑට කන වෙලාවනේ... හික් හික්

    ReplyDelete
  16. යකෝ මාත් මාර්තු අගට විතර වෙන්න සැපත් වෙන්න කියල ඉන්නෙ.සෙට් වෙලා මොනව හරි කොරමුද?

    ReplyDelete
  17. උපරිමයි නොවැ... උබ ගොඩ බහිනවනම් දන්වපන්... සැට් වෙමු.

    ReplyDelete
  18. ඔව් ආයේ මාසෙකින් විතර යනවා කිව්වා...ගෙට් එකේදි කිව්වේ...ඒත් දැන් වෙනස් වෙලාද දන්නේ නෑ....හික්ස්...

    ReplyDelete
  19. පිස්සයියා සන්තෝසෙන් වගේ කියලා දැනේනවා..ඒකනම් ගොඩක් හොඳයි.ලංකාවට ආවට පස්සේ පුලුවන් වුනොත් හම්බවෙමුකෝ එහෙමනං.
    මේ දන්නැති හින්දයි අහන්නේ..මං හිතං හිටියේ බයිට් එකට ගන්නේ සැර ජාති කියලා.චීසුත් ගන්නවද හප්පා බයිට් එකට

    ReplyDelete
  20. ඔය ෂොපිං කෙලියනම් මටත් අප්පිරියම වෙන එකක්... යන්නේ නංගී ගේන්ට... බලන්නේ අක්කා දිහා... අන්තිමට අරන් ඇවිල්ලා තියෙන්නේ නැන්දම්මා... මුං විකුණගන්ට බැරි එව්වා සේල් සේල් කියලා දානවා... අපිත් ඉතින් පැනගෙන ගිහින් ගන්නවා... මෙහේ පියරේ කාඩින් රෙදි කඩේ වසර පුරාම 75%ක් මිල අඩු කල සේල්... අන්තිම කතාව නම් සහතික ඇත්ත... අපි කොරන ෂොපිං...

    ReplyDelete
  21. පිස්සා සහෝ..ඒකත් නරක නෑ.. හික් හික්

    ReplyDelete
  22. ශෝක් කථාව! හැබැයි අපිට නම් ඉතින් පය 12 ක් නෙමෙයි දවස 2 ක තුනක් ෂොපින් ගියත් වැඩි අමාරුවක් නෑ,

    ReplyDelete
  23. අඩේ මේකා මාර ශොපින් කිරිල්ලක්නෙ කොරල තියෙන්නෙ... හික්

    බලන් ගියාම ඒකත් නරක නෑනේ.. :D ..ඒක නෙමේ අයියෙ අර සෙන්ට් එක ගත්තෙ කාට දෙන්නද? ;) :D:D

    ReplyDelete
  24. නෝනත් එක්ක ෂොපිං ගිහිල්ලම බලන්නකෝ,,,,,,,,

    ReplyDelete
  25. ෴ හසියා ෴ : ඔව් ඔව් එව්ව කියන්න බැහ.. පව්ල් කාරය නොවැ...




    තීර්ථ යාත්‍රිකයා : හික් හික් සන්තෝසයක් කියල නැහ බන්. ඒත් පොඩි කික් එකක් තියෙනව ඉතින් ලංකාවට ගොඩ බහින්න ලං වෙද්දි.

    සැර ජාති තමා ඉතින් ඒත් මේකට නම් මට හරියන්නෙ චීස් තමා.



    පුතා : ඒක මරු කතාව බන්.... හික් හික් අක්කයි නංගියි නැන්දම්මයි.

    හික් හික් මෙහෙත් එහෙම කඩ ඕනි තරම්.. ඔන්න සති අන්තෙ අර කලු සිකුරාදා වගේ දවසක් එනවා එදාට කිට්ටු වෙන්න බැරි වෙයි මයෙ හිතේ

    ReplyDelete
  26. ළමයා : එහෙනම් බලමුකො අපි හික් හික්



    Janani : අපොයි ස්ත්‍රී පාර්ශවය ගැන කුමට කතා ද.. ඔය කට්ටිය එක්ක ශොපින් යනව කියන්නේ ඉතින් හපොයි. අනේ අර බංකු උඩ වාඩි වෙලා ඉන්නෙම මූන බෙරි උනු පිරිමි නොවැ... හික් හික්



    වැම්පයර් : හික් හික් දුරු රට නොවැ බන් වසන්නේ

    ReplyDelete
  27. Hasitha ජයසූරිය : අහ් මේ අපේ පොඩ්ඩි නොවැ හික් හික් හික්... ඈ බන් 1 ක් නෙමෙයි 10 ක්... ඔය ඉන්නෙ බන් නෑ පරපුරේ පොඩි පොඩි කොල්ලො කෙල්ලො.. උන්ට තමා.


    හරී - පිණිපළස : අත්වෙන ඉරණම ශෝචනීයයි වෙන්න ඕනි හික් හික්

    ReplyDelete
  28. ඔන්න මුලින්ම කියන්න ඕන, ලංකාවට ආපු ගමන් මට දැනුන් දෙන්න හොදෙ.. නැත්තං ආයි කිසිම කතාවක් නෑ අයියා කමින් අයින් කරනවා. :) :) අනිත් එක එනකොට මට චොක්ලට් ගොඩාආආආආආආක් අරගෙන ආවොත් ඇති වෙන මුකුත්ම ඕන නෑ අයියා.. :) :) ඔය ළමයා අයියට වගේ මට යකඩ බඩු නං එපා..

    හ්ම්ම්ම්ම්ම්... මොනවා උනත් යකඩ බඩු ගන්න හරි අයියා හිත නිදහසෙ කාලෙකින් රවුමක් ගිහිපු එක ගැන සතුටුයි..(අන්තිමට ගිය තැනට ඇරෙන්න.. :( එක තමා නරක. )

    මුහුනු පොත පැත්තෙ ආපු වෙලාවට අනේ මටත් හායි කියලා යන්න හොදේ...

    ReplyDelete
  29. ඔන්න පිස්ස අයියේ මටත් ඕනේ ඇහ් මොනවාහරි

    ReplyDelete
  30. අනේ ඉතින් හිත සතුටෙන් දෙන හින්දා එපා කියන්නත් බෑ, කමක් නෑ එහෙනම් ආපු දවසක මොනා හරි අරන් එන්න කෝ. කාන්තා පාර්ශවයට වගේ අපිටත් දවස් ගනන් ශොපින් කිරීමේ හැකියාවක් තිබ්බනම් කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි නේ :P

    ReplyDelete
  31. පිස්සෝ උඹ කොයි කාලේද බන් යන්න ඉන්නේ.

    මේ අවුරුද්දේ පෙබරවාරි ගියාට පස්සේ මට තාම යන්න බැරි උනා බන්.

    කලින් අවුරුදු වල නම් අවුරුදට දෙපාරක් කොහොම හරි යනවා.

    ලබන අවුරුද්දේ එකදිගට මාසයක් නිවාඩු ගන්න ඕන නිසා අමරුඑන් ඉවසලා ඉන්නවා.

    අපි නම් යන්න ඉන්නේ ලබන ජුනි ජූලි වගේ . .

    උඹ යන්නේ???

    ReplyDelete
  32. කොල්ලොන්ට ලෝකෙ තියෙන අමාරුම වැඩේ ෂොපිං යෑම උනාට කෙල්ලොන්ට නම් ඒකෙ අනිත් පැත්ත. ඒ මදිවට අමාරුවෙන් ෂොපිං ගිහින් යකඩ බඩු ටිකක් උස්සගෙන ඇවිල්ලා. ගියපු එකේ ගනිංකො ඇඳුමක් දෙකක්. අනේ අම්මපා මේ කොල්ලො නම් කවදා හදන්ටද. තරහ වෙන්ට කාරි නෑ ඕන් ඈ..

    ReplyDelete
  33. ඔක්කොමත් හරි, අංශ ගැන තමා මුලින්ම ලියන්න තිබ්බේ. අනිත් ඒවා නම් ඉතිං වැඩකුත් නෑ වගේ බං.

    ReplyDelete
  34. නිරහංකාර අහිංසකාවි : හි හි ඔයාට මම මූනු පොතෙන් එවන්නම් කො පනිවිඩයක්




    පුබුදුවා : ළමයට වගෙ ළමිස්සියක් හික් හික්



    කොඩී : අර පුතා කීව වගේ තමා බන් අපේ ශොපින්.. ඒක හින්දා එආ වෙන තරමට හොදා.

    ReplyDelete
  35. දුකා : අපොයි අයියේ මම යන්නේ අවුරුදු 2 කට විතර පස්සෙ... අපරාදේ උබ යන කාලෙට මම එහෙ ඉන්න එක්ක නැහ. මම කොමත් අවුරුද්දට ඉදල මැයි වෙන්න කලින් ආයෙ එන්න ඉන්නේ. යන්නෙ නම් මාර්තු විතර.



    පිණිබිඳු... : යකඩ බඩු කමක් නැහ කියමුකො... ඔය ගැහනු ළමෝ උස්සන් එන රෙදි පඩංගු... හපොයි... 1ක් ගන්න පැය කීයක් ඇවිදිනවද... ඔන්න තරහ උනා හික් හික්



    prasanna86k : මෙලෝ රහක් නැහ කියන්නෙ බන් ඒ අංශෙ තාම ඉවර නැහ නොවැ...

    ReplyDelete
  36. ආදරනීය පිස්සා අයියේ...
    මා රත්ගමයාහුය...අලුත් ගෙදරක පදින්චියට ගියාහුය....ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි....
    ස්තූති....
    මෙයට විශ්වාසි
    රත්ගමයා හෙවත් ඉරු

    ReplyDelete
  37. හප්පට බොල... මොකෝ මේ නම් ගම් භාශාව සියල්ල වෙනස් කරන්... බලමු බලමු

    ReplyDelete
  38. අලුත් පෝස්ට් එකක් දැම්ම නම් නරක ඈති නේ......... :D

    ReplyDelete
  39. හික් හික් දාන්න ඕනි බන්. ඒත් නිවාඩුවක් ලැබුනම ඇවිල්ල තියෙන බ්ලොග් ටික කියවල කොමෙන්ට් කරාට පස්සෙ ලියන්න වෙලාවක් හිටින්නෙ නැහ. ලංකාවට යන වැඩත් හිර වෙලා නොවැ. බලමුකො

    ReplyDelete
  40. ලැපක් ගත්ත ගත්තමයි සද්දයක් නැතිඋනේ මොකෝ ?

    ReplyDelete
  41. සද්ද බද්ද දාන වෙලාවක් නැහ ඒ තරමට එක එක වැඩ. ඔන්න පොඩි සද්දයක් දැම්ම අපේ සැබෑ වෙන්න යන හීනෙ වෙනුවෙන් අද. ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  42. පිස්සගේ ශොපින්.. :D

    ReplyDelete

Related Posts with Thumbnails