Wednesday, April 28, 2010

කාක්කා ගහපු අවජාතකය මෙහෙ වර...

Share
හුඟ දවසකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ.... අලුතින් මොනවත් ලියන්නවත්.. කිසිම බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් ලැබුනෙ නැහ. යන එන ගමන් mobile එකෙන් google reader භාවිතා කරල බ්ලොග් කීපයක් නම් කියෙව්ව. මැරතන් එකත් තිබිල නේ...


ඇත්තටම වැඩ... වගේම පුද්ගලික වියාපාර කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුල වීම තමා හේතුව.


ම්ම් ඉතින් මොනා හරි ලියන්නත් ඕනිනෙ.. අදත් ස්කෝලෙ කාලෙ උන සිද්දියක් ලියන්න හිතුනා. බ්ලොග් එක පාලුවට යවන්න බැහනේ.


මේක උනේ උසස් පෙල පන්ති යන කාලේ. මම මුලින්ම රසායන විද්‍යාවට ගියෙ බද්දෙවිතාන සර් ගාවට.ඒ දවස් වල ඉතින් ලොකු කන්ඩායමක් නේ ගියේ.. ඒ ගිහින් වුන සිද්දියක් තමයි  ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්... එකි ලිව්වෙ. කට්ටියට මතක ඇතිනේ.
පස්සෙ ඉතින් කට්ටිය ප්‍රතිපලත් එක්ක එක එක විශයවල් කරන්න බෙදිල ගියා. ඒ වගේම ඉතින් සර් ගෙ සමහර ක්‍රියා මාර්ග මට අල්ලන්නේ නැති වීමත්... ඉරිද දවසෙ තව පන්ති කීපයක් තිබීමත් නිසා මමත් තව යාලුවො කිහිප දෙනෙකුත් ඩන්කන් කුලසේකර සර් ගාවට යන්න තීරනය කලා.


ඩන්කන් සර් ගෙ පන්තියෙත් ලමයි 600 - 700 ක් විතර ඉන්නවා. සර් ගෙ කාබනික රසායනය.. අකාබනික රසායනය එහෙම හුඟක් හොදයි.


සර් ඉතින් ඔය බද්දෙවිතාන සර් වගේ එක එක විහිලු කරන්නේ නැහ. ඒ වගේම තමයි ලමයින්ට ඕනිවට වඩා සද්දෙ දාල බය කරන් ඉන්න හදන්නෙත් නැහ.
එහෙම කියල සර් ගෙ පන්තියේ විනය නැති උනෙත් නැහ.


මෙහෙමයි ඉතින්.. ඒ ඩන්කන් සර් ගෙ විදිය.. අර බද්දෙවිතාන සර් ගෙ විදිය.


ඉතින් අටුවා ටිකා වැඩක් නැහ. කතාව කියන්නම් කො.

කට්ටිය දන්නව ඇතිනෙ ඔය කොල කෑලි වලින් කාක්කො හදනව ඒ කාලේ. මම නම් ඔය කාක්කො හැදීමට එච්චර සමත් නැහ. කොච්චර උත්සහ කලත් මගේ කාක්කො යන්නේ නැහ වැඩි දුරක්. හික් හික්.. නාසා එකට සුදුසු නැහ. ඒ උනාට සමහර අයනම් ඇත්තටම නාසා එකට ගන්න වටිනව හික්.. ඒ තරම දක්ශයි කාක්කො ( rocket ) යවන්න.

ඉතින් කොහොම හරි එදත් සර් උගන්න උගන්න ඉද්දි කව්ද මන්ද එකෙක් ඔය කාක්කෙක් යැව්ව. ඉලක්කය නම් ඔය ගැහනු ලමයෙක් වෙන්න ඇති. ඒත් ගිහිල්ල වැටුනෙ සර් ගාව.


සර් හිමින් සරේ හැරිලා " වෙන තැන් වල කරන සෙල්ලම් නම් මෙහි කරන්න බැහ ළමයි... ආයේ එහෙම මේව එවනව එහෙම නෙමෙයි " කියල බොහොම සන්සුන්ව කියල අනිත් පැත්ත හැරිල ලියන්න ගත්තා....

කොහෙද අපේ උන්ට හොදින් කිව්වට තේරෙන්නෙ නැහනේ.. ( ඒකද මන්ද බද්දෙවිතාන සර් අරහෙම නීති දාන් ඉන්නෙ.. )

වචන දෙකක් ලියන්න උනේ නැහ තව කාක්කෙක් සර් ගෙ කකුල් දෙක ගාවට Land කරා. FM mike එකත් අරන් හැරුනෙ අර කලින් හිටි ඩන්කන් සර් නෙමෙයි....

හෙන ගහන්න වගේ සද්දෙට...

" කව්ද මේක එවපු අවජාතකයා.... කියපන්.. "

කට්ටියම silence . සර් ටිකක් වෙලා බලන් හිටියා...

සර් ගෙන් ඔය වචනේ පිට වෙන්නේ රතු කට්ට කැඩෙන්න තද උනහම කියල අපි අහල තිබ්බ...

 " මේක එවපු එකා කියනකම් මම පන්ති කරන්නේ නැහ " කියල සර් බැහල ගියා...



ටික වෙලාවකින් සර් ගෙ ටික්ක ඇවිත් කිව්වා... සර් පන්තිය කරන්නේ නැහ කියල...

ඒ කාලේ ඉතින් තව මොකක්ද... පොත් ටික ගත්ත සිං සිං ගාල කට්ටිය ගෙවල්... බස් ස්ටෑන්ඩ්... මල් වතු... කොටු පවුරු බලා පිටත් උනා...
ෆුල් ආතල් නෙ ඉතින් කලින් පන්ති ඇරුනම...


ඊට පස්සෙ සතියෙත් ගියා පන්ති... උදේ තිබ්බ පන්තිය ඉවර කරහම තමා අපේ කාඩ් මාක් කරල ඇතුලට ගන්නේ. එදා ටික්ක කියපි... අද පන්ති කරන්නේ නැහ.. කාඩ් ගත්තු අයගේ සල්ලි ආපහු දෙන්න කියල සර් කිව්ව කියල...

එවෙලෙ තමයි ඉතින් කට්ටියට රත් උනේ... කොහෙ පන්ති යන්නද වෙන... ඔක්කොම ඉතින් සර් හම්බුවෙන්න ගියා...
වෙනද වගේ පොඩි බංකුවි වාඩි වෙලා සර් තේ එකක් බොනවා...

ගිහින් ඉතින් සමාව ඉල්ලල ඒව මේව කිව්ව.. කොහෙද.. අර කාක්ක යවපු එකා කියනකම් සර් නෙමෙයි පන්ති කරන්නේ..

කොහොම හරි පැය එකහ මාරකට විතර පස්සෙ සර් එකඟ උනා පන්තිය කරන්න.

හික් හික්.. එදායින් පස්සෙ නම් ඒ අවුරුද්දෙ ඩන්කන් සර් ගෙ පන්තියෙ නෙමෙයි කාක්කො හැදුවෙ එකෙක්වත්.

Wednesday, April 21, 2010

ස්කූල් බස් ( school bus ) ඉනිමගේ ස්කොලේ ගිය හැටි...

Share



පහු ගිය ටිකේ දිගටම වගේ වැඩ කලා.. වෙලාවක් ලැබුනහම පරන යාලුවොන්ට දුරකතන ඇමතුම් දුන්නා අවුරුද්දට සුබ පතන්නත් එක්ක. පරන දේවල් හිතට නොයෙන්න... ඒ ගැන නොහිත ඉන්න මම සෑහෙන උත්සහ ගත්තා.  යාලුවො කරපු කොමෙන්ට්ස් වලින් මට සෑහෙන හිතට හයියක් දැනුනා... හ්ම්ම් ඒ ගැන දැන් කතා කරල වැඩක් නැහ.


පරන කතාවක් කියන්න හිතුනා. ඉස්සර කරපු දේවල්.. පිස්සු වැඩ මතක් වෙද්දි තවමත් හිනා යනව....




මේකත් ඒ වගේ පිස්සු මෝඩ වැඩක්.


පුර සඳ ගේ  ඉන්දියානු බස් කතා..බිහාරයේ තට්ටු තට්ටු බස්...  කතාව දැක්කම මතක් උන සිද්දිය ආයෙම ඇදුනේ අද පරන යාලුවෙක්ට කතා කල වෙලේ. ඉතින් බ්ලොග් එකේ ලියන්න හිතුනා. ඒ වලින් වත් මේ විකාර හිතෙන එක අඩු වෙය්නෙ.


යන්නෙ කොහෙද මල්ලේ පොල් නේ... මෙන්න කතාව.


****************************


උසස් පෙල කරන කාලේ අපි ස්කොලේ ගියේ පාසල් බස් එකේ.school bus එක කියන්නේ. හෑබය් මේක private බස් එකක්. ඒත් අය කලේ සාමන්ය ගාස්තුවෙන් බාගයයි.


ඉතින් අපි ඔකේ තමයි ස්කොලේ යන්නෙ එන්නේ. ගාස්තුව කොහොම උනත් ඉතින් හුඟාක් දෙනෙක්ට බස් එකේ යන්න වෙනම හේතු තිබුනා. මොකද ඔය ආදර හුට පට වලට හුඟාක් නිදහස් නිසා. ස්කෝලේ ළමයි විතරනේ ඉන්නේ. ඕප දූප වලට මාට්ටු නොවී ඉන්න පුලුවන්නේ. ඉතින් පිස්සත් ඒ කාලේ පොඩි ආදර පල හිලව්වක පැටලිලා හිටියා. ස්කෝල් යන කාලේ නේ..


ඉතින් කොහොම හරි ඔය බස් එක හවසට ස්කොලේ ඇරුනම නගරය පුරා තියෙන හැම ස්කෝලෙකම ළමයි අරන් තමයි අපේ ස්කෝලේ ගාවට එන්නේ. ඒ දවස් වල ස්කෝලෙ ඇරුනෙ දවල් 2 ට. බස් එක එද්දි 2.20 - 2.25 විතර වෙනවා. ඉතින් කට කපලා සෙනග බස් එකේ.


කොහොමත් ෆුට් බෝඩ් තමයි හොල්ට් 4 - 5ක් යනකම්... අපේ ස්කොලේ ගාවින් පස්සෙ නගින්නේ නැහනේ කවුරුත්.


බස් එකේ කන්ඩක්ටර් හිටියේ සමන්ත අයිය. ( ඇත්ත නම ඕනි නැහනේ :) )
ඒ මනුස්සය තමයි කලින් කිව්ව ආදර හුටපටයටත් සෑහෙන උදව් කලේ ඒ කාලේ. ඒක වෙනම කතාවක්.
සමන්තය සෙනග පටවන උපාධියක් කරලද මන්ද ඇගිල්ලක් ගහන්න බැරිවෙන්න ලස්සනට බස් එක පැක් කරල කොහොම හරි අපිව බස් එකේ ඇතුලට ගන්න ඉඩ හදනව හැමදාම ස්කෝලෙ ගාවට එද්දි.


ඉතින් ඔය කියන දවසේ සමන්තය නිවාඩු. කොහොම හරි බස් එක ආව අපේ ස්කෝලෙ ගාවට නගින්න හිතන්නවත් බැහ. එහෙම කියල අපිව දාල යන්නද... අපිම දගලල කෑ ගහල ( හික් හික්.. අපේ බස් එකනේ :) ) කොහොම හරි අපේ ස්කෝලෙ ගාව්න් නගින කෙල්ලො ටික යන්තම් නැග්ගුව බස් එකට. කොහොම හරි අන්තිමට ෆුට් බෝඩ් එක බිම වදින ගානට සෙනග. මටයි තව මගේ යාලුවෙක්ටයි නගින්න ඉඩක් ඇත්තෙම නැහ.


එහෙම කියල කොහොමද... අනිවාර්යෙන් බස් එකේ යන්න ඕනිම දවසක් එදා. කට්ටිය දැකල ඇතිනෙ ඔය බස් වල පිටිපස්සෙ පොඩි ඉනිමගක් තියෙනවා.


මායි යාලුවයි එල්ලුනා ඒකෙ. මොනව කරල හරි යන්නත් එපැයි. ඒකෙ නොගියොත් බස් දෙකක යන්න වෙනවා.. ඒ වගේද කෙල්ල මිස් වෙන එක. හරක් මොලේනේ ඒ කාලේ.


අර ඉතින් ෆුට් බෝඩ් එක බිම වදින්න එන බස් එක දැකල ඇස් උඩ දාගන්න මිනිස්සු පස්සෙ ඉන්න අපි දෙන්නව දැක්කම කට ඇරල අතකුත් ඔලුවෙ ගහ ගන්නව.
ඒ මදිවට කූඩුවේ දාල වගේ. ඇතුලේ ඉන්න කෙල්ලො ඔක්කොටම පේනව අපිව. අපිට හරියට උන්ව පේන්නෙ නැහ දූවිල්ලට. ( පස්සෙ ඇතුලින් බැලුවම හිතුනේ රිලව් දෙන්න වගේ ඉන්න ඇති කියල )


කොහොම හරි මාරන්තික ගමනකින් හෝල්ට් 4 ක් ද කොහෙද පහු උනාම ඔන්න යන්තම් ෆුට් බොඩ් එල්ලුනා... කොහොම හරි කට්ටියගේ සහයෝගයෙන් ගියා කෙල්ල ගාවටත්...


අම්මෝ එදා ඉදන් දවස් 2 ක් විතර යනකම් බැනුම් ඇහුව.ඇත්ත නේ... හරක් වැඩක් නේ කලේ....


හොදම සිද්දිය... ඊට හරියටම සතියකට පස්සේ බස් එක යන ගමන් අර ඉනිමග කඩාගෙන වැටුන බිමට.


අපි ගිය දවසේ උනානම් අද පිස්සෙක් නැහ.


කනක් ඇහිල ඉන්න හම්බුනේ නැහ ඒ සිද්දියෙන් පස්සේ ආයෙම දවස් 2 ක් විතර යනකම්.




හ්ම්ම්... කල කම් පල දෙනවද මන්ද...  තේරුම අහන්න එපා...

Wednesday, April 14, 2010

සුබ නව වසරක් වේවා

Share
ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා කියල පිස්සා පලාමල්ල ප්‍රාර්තනා කරනවා...




 ( පින්තූරය මූනු පොතේ යාලුවෙක් ව ටැග් කරල තිබුන එකක්. මුල් නිර්මානකරුට තුති. )

සියලුම තරහ මරහ අමතක කරලා නෑදෑයො.. යාලු හිත මිතුරන් සමග සතුටින් සමගියෙන් මේ නව වසර ආරම්බ කරල ඒ විදියටම එම වසර ගත කරන්න ලැබේවායි මම ප්‍රාර්තනා කරනවා....

මම නම් මේ පාලු රටේ වෙනදා වගේම අද දවසත් විශේශත්වයකින් තොරව ගත කරනවා... මූනු පොතේ නම් අවුරුදු දැක්ක.. ලංකාවට දුරකතන ඇමතුම් කීපයක් ගන්න ඕනි ණාසියන්ට.. යහලු මිත්‍රාදීන්ට.
පාලු රටේ ඉන්න සින්හල අයටත් අවුරුද්ද ගැන ලොකු තිය පොඩි වත් හැගීමක් පේන්න නැහ. එයාලගෙ වරදක් නෙමෙයි ඉතින්.

මට මතක් වෙනවා ඉස්සර අවුරුද්ද සමරපු හැටි.
ලියන්න නම් කම්මලියි අද.
මෙන්න මේකෙ තොයෙනව විස්තර ටිකක් ඒ ගැන.
මට මතක අවුරුද්ද සහ දැන් දකින අවුරුද්ද...

එහෙනම් කිරිබත් කැවුම් කොකිස් කාල... නෑ ගමන් ගිහින් දෙමව්පියන් නෑ සියන් යහලු මිතුරන් එක්ක සමගියෙන් සතුටින් අවුරුද්ද සමරන්නකෝ....

පිස්ස ලබන අවුරුද්දෙවත් යන්න ඕනි ලංකාවට :)

Sunday, April 11, 2010

ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

Share


මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.

ඉතින් කොහොම හරි එදා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ. 




කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.

අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN  එකේ.

ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට...  දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...

" ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.



කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.

ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.

" ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "

ආයෙම..

මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා.  පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.

මොනව උනත් ජීවිතේ ලස්සනම කාලය තමයි ඒ කාලය.

Saturday, April 10, 2010

මට මතක අවුරුද්ද සහ දැන් දකින අවුරුද්ද...

Share


අවුරුද්දත් ලගයි නේ. කොහොමද කට්ටිඅයට් අවුරුදු ? ජයයිද ?
මට නම් මේ පාලු සීතල රටේ මොන අවුරුදුද..

ඇත්තටම ලංකාවෙත් ඉස්සර තරම්ම අවුරුද්ද සමරනවද ???

කොහොම හරි මුදලාලිලා නම් ( ගමේ කඩේ ඉදන් ඔඩෙල් දක්වාම ) අවුරුද්ද ත් මාර්කට් කරල විකුනනවා.

ඉතින් මම මේ කියන්න යන්නෙ මීට අවුරුදු ගානකට කලින් අපේ ආත්තම්මලහ දැකපු අවුරුදු සහ දැන් මම දකින ආත්තම්මලහ දකින අවුරුදු ගැන.
මේක හුඟක් ගෙවල් වලට පොදුයි මම හිතනේ.




මම තාත්තා ගැන ලියපු පොස්ට් එකේ විදියට ඉස්සර අම්ම හිටියේ අම්මලගෙ මහ ගෙදර. ඉතින් හැම අවුරුද්දෙම වගේ අපි නිවාඩු දීපු ගමන් යනව එහේ.

අම්මලගේ පවුලෙ ඔක්කොම ලමයි 8ක්. 5 දෙනෙක් මේ කාලේ වෙද්දි විවාහ වෙලා. ඒ අයගෙ ලමයි හිටියා 10 දෙනෙක් මමත් ඇතුලුව.
( මම කියන්නෙ මම 2 - 5 වසර වගේ කාලෙදි.. ).
ඉතින් අවුරුද්දට මේ ඔක්කොමල මහ ගෙදර එනවා.

ආත්තම්මලහ ගෙදර වගේම වත්තත් මහ විසාලයි.ඉතින් ඔය සෙනඟ එකතු උනහම හිතා ගත හැකිනේ. ගනන් හදල බැලුවම ආත්තම්මයි සීයය් ඇතුලුව 25ක්. හික් හික්.
ඉතින් අවුරුදු ගැන හිතා ගත හැකිනේ.

අපි පොඩි උන් නම් ඉතින් වත්ත පුරා එක එක සෙල්ලම්.
ඉස්සර ඒ වත්තේ නොතිබ්බ දෙයක් නැහ.
පුන්චි දොල පාරක්... තේ.. කෝපි... උඩට වෙන්න කලු ගල් තලාවක්.. හරිම ලස්සනයි.
ඉතින් ඔය වත්ත කෙලවර ගල් තලාවට යන එක තමා ලොකුම වීරකම.


අවුරුද්ද ට කලින් දවසෙ ඔක්කොමල නානව වත්තෙ තිබ්බ ලිදෙන්. අදටත් මම ලන්කාවට ගියහම ඔය ලිදෙන් නාල තැබිලි ගෙඩියක කඩන් බීල තමා එන්නේ.
නිල් කැටේ වගේ වතුර ටික... ඔක්කොම පොඩි උන් ඉදන් ලොකු අය දක්වාම පරන අවුරුද්දටයි අලුත් අවුරුද්දටයි ඔය ලිදෙන් නානවා.

පුන්චිල.. උදව් කරනව.. ලොකු අම්ම තමයි කැවිලි හදන්නේ හුඟක්ම. එයා ඒකට හරි දක්ශයි.

25 දෙනෙක් ගෙදරම නේ.. ඒ ඇරුනම ගමේ ගෙවල් වලට.. නෑදා ගෙවල් වලට දෙන්න... මහ ගොඩාක් හදනව ඉතින්.


පුන්ය කාලයට ඔකොමල පන්සල් යනවා... හැබයි සීය නම් යන්නේ නැහ. ( සීය එච්චර ඒ පැත්තට නැඹුරු උනේ නැහ ඒ කාලේ. ) පයින් තමයි යන්නෙ. කිලෝ මීටර 3ක් විතර තියෙනව යන්න විතරක්. ඉතින් දුර දැනෙන්නෙවත් නැහ කට්ටියම යනවනේ. අපිත් සෙල්ලම පිටනේ යන්නේ. අනික ලොකු රබර් වත්තක් මැදින් උඩට යන්න ඕනි අපි යන පන්සලට. අපි ඉතින් හරි ආසයි ඒකට යන්න.
( දහම් පාසල් ගියේ වෙන එකකට )


ඊට පස්සෙ නැකතට කෑම කවනව සීයා ඔක්කොටම. හොදම කොටස ඊට පස්සේ. ගනු දෙනු හික් හික්. දෙනු නම් නැහ. ඒත් සීයා ගෙන් තාත්තගෙන් බාප්පල මාමලගෙන් හැමොගෙන්ම පොඩි පොඩි ගනු ලැබෙනවා.

ඊට පස්සේ ඉතින් ආයෙම සෙල්ලම.

දවස් 4 - 5 ක් ඔක්කොමල ඉන්නව ඉතින්. ( අනේ මන්ද ඒ දවස් වල දැන් වගේ වැඩට යන්න ප්‍රශ්න තිබෙත් නැහ එයාලට ).

මුලු ගේම පිරිලා.

ගමේ මිනිස්සු ගනු දෙනු කරන්න... අවුරුද්දට ඇවිල්ල යන්න එනවා. හරිම ලස්සනයි ඒ කාලේ.


*****

දැන් සීයා නැති වෙලා අවුරුදු 6ක්. ඔක්කොමල බැදල ගිහින්. මහ ගෙදර පොඩි මාමට ලියල දීල. ආත්තම්ම යි මාමයි එයාගෙ නෝනයි ඉන්නේ.
ඒත් අවුරුද්දට වෙනද වගේ කට්ටිය එන්නේ නැහ. තම තමන්ගෙ ගෙවල් තියෙනවනේ. ( මහ ගෙදර දැන් මාමගේ ගෙදරනේ .
ගමත් වෙනස් වෙලා.
ඉස්සර තරම්ම මිනිස්සු කිට්ටුත් නැහ. ආස්‍රය උනත් අඩුයි.

මම 2008 අවුරුද්දට ලංකාවෙ හිටියේ. මම අවුරුද්දට ගියා. ඇත්තටම පුදුම දුකක් දැනුන.
කාලයත් එක්ක මොන තරම් වෙනස් වෙලාද.

පාලු ගෙදර ඒ 3 දෙනා අවුරුදු සමරනවා. හැම ගෙදර 3 - 4 දෙනෙක් තමයි ඉතින්.

ඒ කාලේ තිබ්බ අවුරුදු සිරියත් නැති වෙලාද මන්ද.


හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...... කිරි ඉතිරෙන නිරෝගිමත් සතුට පිරි වසරක් වේවා.

Saturday, April 3, 2010

බයෙන් බයෙන් Thrill ගත් රට මේකද ??

Share
ඉර හඳ තණකොල නොයෙකුත් දේ ගැන
ගී පද වැල් නිතරම වයනා FM මහතුනි...
හපුතල් කන්දට බර ගෙනියන කොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සින්දුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහොටද ???

ජාතික ගීය වැයෙනකොට
කොඩිය කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් ආඩම්බර වෙනවද ??

ජාතික ගීය සැදූ මිනිසා
ජාතික ගීය නිසා සිය දිවි නසා ගන්න කොට
වටේට හිටියෙ අපිමද මගෙ සද ?

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි


89 ගිනි තියල මරනකොට
තවත් අය වෙඩි තියල මරනකොට
බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ...

කාශ්යපගේ බය සීගිරිය උනා
9 වෙනි පුදුමය එයම උනා...
බයෙන් බයෙන් Thrill ගත් රට මේකද ??

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

රාජසිංහ නාමෙන් පොඩි දරුවා
වන්ගෙඩියට දාල කොටනකොට
බලන් හිටියෙ අපි Thrill ටද  මගෙ සඳ

සිරිසගබෝ ඔලුවක් දුන්නා
තවත් අය තව දේ දුන්නා...
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද..

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි



අජිත් කුමරසිංහගේ ගෙ සින්දුවක්. ගායකයෙක් විදියට නම් එච්චර සාර්තක නැහ. ඒත් අජිත් කියන දෙය නම් සෑහෙන වටිනවා.


සින්දුව අහන්න කැමති අයට මෙන්න ලින්ක් එක.


ඉර හඳ තනකොල _ අජිත් කුමාරසිංහ

අපි කියනව ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා.
ඇත්තටම මම ආසයි ලංකාවට. රටින් පිට උනාම තමයි ඒකෙ වටිනකම තියෙන්නේ.
ඒත් ජාතියක් හැටියට අපි උතුම්ද ???
අජිත් කියන දේවල් ඇරුනම සාමන්‍ය් ජීවිතෙයෙදි මොන තරම් කලකිරෙන දෙවල් අපි දකිනවද ?

සුද්දො නිදහස දුන්නට පස්සෙ උන් හදල දීපු කොඉච්චි පාරවල් ටික ඇරුනම අලුතින් පාරක් දාන්න බැරි උනා එක ආණ්ඩුවකටවත්.

උන් වවපු තේ ගස් ටිකට පෝර දදා තවම යන්තම් තේ ටිකක් නම් රට යවනවා.


ආණ්ඩු කීයක් ආවද ? ඒත් අපි තාමත් වනන්තරේ. රටේ බහුතරයක් ගැන මම කියන්නෙ. කොලඹ නුවර වගේ නගර වල ඉන්න සුපිරි පන්තිය ගැන නෙමෙයි.


රටට සල්ලි නැහ. පොඩි එකාගෙ ඉදන් බටහිරට ණයයි.
ඒත් මැතිවරණයක් නැති අවුරුද්දක් නැහ.
තාප්ප වැහෙන්න පෝස්ටර්. තමන්ගෙ පුද්ගලික සල්ලි වලින් මේව කරන දේශපාලුවො නම් නැහ මම දන්න විදියට.
අනික ඇමති පඩියෙන් ඔය ඔක්කොම කොහොම කරන්නද ?
මිනිස්සුන්ගෙ සල්ලි කැත විදියට නාස්ති කරන නායකයො ඉන්න රටක්.

කුඩු මුදලාලිලට ආචර්ය උපාදි දීල.. ඡන්දෙන් පැරදුනත් ජාතික ලයිස්තුවෙන් පර්ලිමෙන්තු යවන රටක්.

වේදිකාවල් වල නැගල බටහිර පතුරු ගහන නායකයො රටේ සල්ලි වලින් පවුල් පිටින් රට ගිහින් සුද්දො එක්ක සවාරි යනව.
එහෙව් නායකයො ඉන්න රටකට ඉතින් 3  වෙනි ලෝකෙවත් ඉන්න ලැබුන එක ලොකු දෙයක්.

නීතිය බල්ලට ගිහින්. සල්ලි වලට බලයට යට වෙලා.
කාකි සූට් ඇදන් කැත නැතිව පගා ගන්නව.
විරුද්ද කාරයොන්ට වරදක් නැතිව කූඩුවෙ දාල වද දෙනව.
අගුලානෙ සිද්දිය..  SLIIT එකේ  සිද්දිය වගේ ඒව.


අනික ජාති‍යක් හැටියට උනත් අපි මොන තරම් බෙදිලද ?
මඟුලක් කර ගන්න ගියහම තමඇ ඒක තේරෙන්නේ.
කුලය.. ආගම.. උඩරට පහතරට.. ලවක් නැති විදියට බෙදිල.
පන්සිල් පද නමට විතරයි.

අම්මල දරුවොන්ව ගඟට දානව.
තාත්තල දුලව දූෂනය කරනව.

පුදුම අසරණ කමක් අපි ගැන හිතෙනේ.

කපුගේ මහත්ත්ස්යගෙ අපි අසරණ වෙලා වගේ ගීතයත් මතක් වෙනව.

ඇත්තටම අපිම නේද ඒකට වග කියන්න ඔනි ????

අද වැඩට එන ගමන් කාර් එකේ අජිත් ගෙ ඔය සින්දුව අහන් ආව. එතකොට හිතුන දෙවල් තමා ඔය.

Related Posts with Thumbnails