Sunday, August 29, 2010

උබ නිසා පස් පව් කල මම පව් නැද්ද යකෝ...

Share

කරන්න වැඩකුත් නැතිව වැඩට ගිහින් පඩියට කල්පනා කොර කොර ඉද්දි ඔලුවට ආව එකක් කුරුටු ගෑවා.. මෙලෝ රහක් නැත්තම් කියන්න ඉතින් හි හි




"" ඔයාගේ ඇඳුමේ එල්ලිල හිටි මකුලුවෙක්ව දැකල විලාප තියද්දි ඌව බිම දාලා චප්ප කල දවසෙ ඉදන් මම පලමු සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාගෙන් ඉල්ලලා " අනේ ඒක කැතයි " කියල දෙන්න බැහ කිව්ව පොටෝ එක ඔයාගෙ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන් මම දෙවැනි සිල් පදය  කියන එක නැවත්තුවා...

ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියල ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් මම හතර වැනි සිල් පදේ  කියන එක නැවත්තුවා...

ඔයා මාව දාල ගිය වෙලේ මගේ තනි රකින්න බෝතලේ එකතු උනු දවසෙ ඉදන් මම පස් වෙනි සිල් පදේ කියන එක නැවත්තුවා...

බලන් යද්දි ඔයා මාර දූවරු පරාද කරන චිංචි මානවිකාවියක්නේ... අසරණ මාව පස් පවට ඇදල දාල...

අපි format එකේ හිතමු කියලා
ඔයා මම format එකෙන් යන්න ගියා..

මම full format වෙලා පස් පවේ ගිලිලා...

යකෝ මම පව් නැද්ද..... කෝ යකෝ උබ ????   """




කෙල්ලො ගැන කියද්දි මේ නම් අත්දැකීමක් නෙමෙයි...


1. මම මකුලුවො මරල නැහ..
2. පොටෝ උස්සලත් නැහ... දෙන්න බැහ නෙමෙයි දෙනෝ ඕයි කියල අරන් මිසක්...
3. බලදාරියා කපා දමන ලදි
4. අත්දැකීමක්.
5. හේතුවක් නැතිව බොන්න  පටන් ගත්තු දවසෙ ඉදන් මම ඒක නොකියමි.


කෙල්ලො ගැන කියද්දි කලු කුහරයක වූ ප්‍රෙහෙලිකාව සුලෝචනා ගැන බලන්න කැමති අය ඔන්න බලන්න...


අත්දැකීමක් එළකිරි ටික වගේ පිරිසිදුව එලෙසම අකුරු කල දිනිති ගැන කතාව ඔන්න බලන්න.


එහෙනම් අදට ඇති මේ...


අහ් මල නොතල රොන් ගන්න සීන් එක ( වචන ටික  ) ඉස්සුවේ අපේ හේමලයා ගෙන්... කැමති අය ඒ පැත්තටත් ගොහින් බැලුවනම්....

Friday, August 27, 2010

කොළඹ සන්නිය.. Coming Sweet

Share


ඊයෙ පෙරේදා දවසක යූ බටේ හෙවත් යූ ටුයුබ් එකේ වටයක් දාද්දි හම්බුනා මරු භාන්ඩයක්... " කොළඹ සන්නිය... ".


අහල තියෙනවා නේ... පරණ ෆිල්ම් එකක්. හිනා කාල නහිනවා ඒක බැලුවම.. මම එකපාරක බලල තිබ්බත් අහු උන එකේ බලලම තමා නිකා හිටියේ.


ඉස්සෙල්ලම කියන්න එපැයි... මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි.


මේකේ කතාව ඇවිල්ලා ගමක ඉන්න මනුස්සයෙක්ට ( අන්දරේ ) දොට්ට පිලට යන්න බඩ වැටියක් අස්සට ගිය වෙලේක හම්බෙනවා නිලක්. ඒ කිව්වෙ මැණිකක්. ඉතින් ඔය මැණික රුපියල් කෝටියකට විකුනනවා මැණික් සංස්ථාවට. ( මේ තාමත් තියෙද ඔය මැණික් සංස්ථාව ? නැත්තම් ඒකත් කොම්පැනියක්ද දැන් ? )


ඊට පස්සෙ ඔය අන්දරේ.. ජාකෝලිස්... අන්දරේ ගේ අක්ක සහ දුව කොළබ 7 න් හෙවත් කුරුදු වත්තෙන් ගෙයක් අරන් එනවා පදිංචියට.


ඊට පස්සෙ ඔය කොළබ සිරිත් සහ ගමේ හිටි අන්දරේලා ඒ වෙනසට මුහුන දෙන ආකරය ලස්සනට හාස්‍ය්යෝත්පාදකව ඉදිරිපත් කරනවා. 

""   අපි යනව නේ ගෙන්දගම් පොලව පාගන්න... හි හි... දෙනවක හාමිනේයි ගීතයි පරණ පාර්ලිමේන්තුවටයි... ගලදාරි එකටයි ඔක්කොටම සාදු සාදු කිය කිය වදිනවා... හික් හික්...

කාර් එකේ වතුර නැතිව නැවතුනාම ජාකෝලියා කොහෙන්ද රා මුට්ටියක් උස්සන් ඇවිත් දානවා කාර් එකට... කාර් එක රුයිතෙ යන්නේ හික් හික්...   ""


මේක 1976 තිර ගත වූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිත


ජෝ අබේව්ක්‍රම ( අන්දරේ )


එඩී ජයමාන්න ( ජාකෝලිස් )


අන්දරේ ගේ අක්කා ( දෙනවක හාමිනේ )


අන්දරේ ගෙ දුව ( ගීතා කුමාරසිංහ )


වගේම ෆ්‍රෙඩී සිල්වා , දයා අල්විස් කියන කලා කරුවොත් දායකත්වය සපයනවා.


සංගීතය මර්සිලීන් ජයකොඩි පියතුමන් සහ සුනිල් ශාන්තයන් ගෙන්...


හි හි බලන්න එපැයි ගීතා කුමාරසිංහ කෙල්ල කාලේ... දැන් කෙල්ලො පරාදයි. අර මිස්ටර් නිරුවස්තරයා ඒකිව භාගෙට නිරුවස්තර කරනවා නොවැ... ( මේ මේ වල් ඒවා නැහ හරිද... ).


ඉස්සර කොලඹ ගැන... ඔය යුරෝපීය සංස්කෘතිය එක්ක වන ගැටීම සහ ඒ ක්‍රම සියුම් විදියට සිනහවට ලක් කරනවා මේ චිත්‍රපටියෙන්.


කැමති කෙනෙක්ට ඔන්න බලන්න පුලුවන්...



http://www.youtube.com/watch?v=yoELhl2KopM


ඔය ලින්ක් එකින් ගියහම අර related videos වල ඉතුරු කොටස් ටික වැටෙනවා.


ඒ එක්කම මේ අඩවියත් සිංහල චිත්‍රපට වලට යම් ආකරයක සේවයක් කරනවා කියලා පිස්සට හිතුනා. ගොහින් බැලුවනම්.


www.films.lk

Thursday, August 26, 2010

රන් තැඹිලි සහ ගොන් තැඹිලි...

Share
අහ් ළමයි කොහොමද... හි හි...

කට්ටියට මතක ඇතිනේ කලින් ලියපු ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන් එක.. බද්දෙවිතාන සර් ගෙ ක්ලාස් එකේ උන සිද්දියක්. මේකත් මේ සර් ගෙ ක්ලාස් එකේම උනු සිද්දියක්. හැබයි ඉතින් මේක ඇවිල්ල අර " ලු " format එකේ කතාවක්. ඒ කියන්නේ අසා දැනගත්.... නොදුටු කතාවක්. හරිනේ...




ඇති දේකුත් නැහ. පොඩිම පොඩි කතාවක්.


සර් ගේ ගාල්ලෙ ක්ලාස් එකේ සෙනග ගැන දන්නවනේ කට්ටිය..  සදර්න් එකේ ලොකු හෝල් එක පුරවලා. ඒත් සමහර දාට ඉඩ මදි උනහම පන්තියේ පැත්තක පන්තියටම අල්ලල හදපු පොඩි පන්ති කාමරයකත් ළමයි ඉද ගන්නවා. මොකද ඉඩ නැති නිසා. පන්තියෙන් පිට හි හි. හැබයි ඕකට මම නම් ආසයි මොකද හුලං පාරක් වැදීගෙන ඉන්න පුලුවන්නේ. ඇතුල ඉතින් තැම්බෙනවා අර මොනාද වගේ. ඕකට සර් කිව්වෙ ධීවර අමාත්‍යාංශය කියලා. හි හි.

අහ් මේ මොනාද මේ කියන්නේ. ඒක මේ මතකය ඇවිස්සිල ලිය වෙච්චි එකක්. ඔන්න ඔහේ දැම්මා... මෙන්න කතාව. 



 
සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.
ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...

සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදන්වා කියලා...

මොකක් බලන්න කිව්වා.... ??

ඔහොම අහන්න ඔට්ටු නැහ. ගෑනු ළමයෙක් ගෙන්ම අහගනිල්ල...

ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.

සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...

ඒ මළෙන්ම ...

" අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "

කියලා...

මයික් එක ඇතුවද නැතුවද කිව්වෙ දන්නෙ නැහ... මොනා උනත් කෙල්ලට හපොයි මොකට වහ ගත්තද හිතෙන්න ඇති. 



******


ගෑනු ළමයි අවි ආයුධ උස්සගෙන එන්න එපා ඔන්න.... හැමෝටම ඔට්ටු නැහ මේක.

ඒ උනාට ඔය කෙල්ලො යන්තම විලි වැහෙන කෑල්ලක් දාගෙන ඇවිත් නැවෙද්දි අරහෙන් අදිනවා... මෙහෙන් අදිනවා... ඇයි දෙයියනේ හරි හමන් ඇඳුමක් ඇඳන් වරෙන්කො...

මට නම් මළ උපරිම  වෙන්නේ ලංකාවෙ ඉද්දි බස් වල යද්දි... අර පේලි 4 ක් හිටන් යන බස් වල නොගෑවි යන්න බැහ නොවැ. මේ සමහර කෙල්ලො / ගෑනු යන්තම් ගෑවුනත් හැරිල බලයි.. ඔරවයි... ඇයි මම අහන්නේ තේරුම් ගන්න එපැයි ඕනි කමින් තද වෙනවා නෙමේ කියලා. පස්සට උනොත් පස්සෙ ඉන්න මනුස්සය රවයි.
මම නම් මොන තරම් බැරි උනත් ඔය බවලතුන් ඉස්සරහින් / පස්සෙන් නම් හිටන් යන්නෙ නැහ බස් වල.

Monday, August 23, 2010

අමරසිරි පීරිස් සමඟ සුරම්‍ය රාත්‍රිය හා අලුත් තරු ගැන...

Share


පහු ගිය දවසක යූ ට්යුබ් එකේ රවුමක් ගහද්දි හම්බුනා අමරසිරි පීරිස් මහත්මයා සහභාගී වුනු වැඩසටහනක් ජාතික රූපවාහිනියේ. සුරම්‍ය රාත්‍රිය. ඔක්කොම වැඩ පැත්තකින් තියලා ඒක බලන්න සෙට් උනා.
ඇත්තටම අමරසිරි පීරිස් මහත්මයගේ කටහඬ හිතට වදින ගැබුරු කටහඩක් බව අමුතුවෙන් කියන්න ඕනි නැහනේ...

ඒ එක්කම මතක් උනේ පහුගිය දවසක එතුමා මේ රටට ආවා ප්‍රසංගයකට. බලාපොරොත්තු උනාටත් වඩා සෙනඟක් ඇවිත් හිටියා.. සමහරු හිටගෙනත් බැලුවා සල්ලි දීල ඇවිත්. හ්ම්ම් සද්දයක් නෑ එතුමා ගායනා කරද්දි. මට එවෙලෙ හිතුනා මොන තරම් අලුත් කට්ටිය ආවත් මේ ගීත වලට ආදරය කරන පිරිසක් තාමත් ඉන්නවා නේද කියල මේ රටවල උනත්. 



මුලු වැඩසටහම නැතත් ගීතයේ පසුබිම ගැන පොඩි විස්තරයකුත් සමඟ ලස්සන ගීත කීපයක්ම එම ක්ලිප් කීපයේ තියෙනවා.

කියන්න ලැජ්ජ උනත් මම මීට පෙර අසා නැති 


අමරසිරි පීරිස් මහත්මයා මුලින්ම මයික්‍රොපෝනයක් ඉදිරිපිට මුල්ම සරල ගී වැඩසටහනට ගායනා කල " මුදු සිහිල ගලාලා... " ගීතය...

" සඳ රේඛාවෙන් බසින ලියේ...  නූ පුර නොසලා වඩින ලියේ...  " 



ගමට අලුත් පාලමක් පැමිනීමත් සමඟ අසරණ වූ පාලු කරුගේ දුක ගැන කියවෙන " කවුරුවත් නෑ කවුරුවත් නෑ... එගොඩට යන්නට එගොඩට යන්නට... " 


රජ්ජුමාල චිත්‍රපටියේ... " ප්‍රේමයේ මනරම් හැඟුම්... " 


වගේම අපි හුඟ දෙනෙක් අසා ඇති...

ලඳුනේ...

මගේ පුංචි රෝස මලේ..

මලක් උනේ ඇයි නුබ මට..

මිනිසා මරන තුනක් ඇති..

ඔබ ඇපල් මලක් වාගේ..

වළා අතුල සිරියහනේ...

සඳුද අවඩියෙන්..

ඉරි තැලුනු වළා...

ගීත ඒවායේ කෙටි පසුබිම් කතා සමඟ ( 1 ක හෝ 2 ක ඇරුනම ) ඉදිරිපත් කරනවා.


ඒ එක්කම මතක් උනේ පසුගිය දවසක පත්තරේක කියවපු ලිපියක්.

ප්‍රියා සූරියසේන මහත්මයා සංගීත ප්‍රසංගයකට ගියපු වෙලාවක සංවිධායකයෙක් කියලා මේ ගීත ටික නැතුව වෙන ගීත ටිකක් කියන්න කියලා ලිස්ට් එකක් දීල... ඇයි ඇහුවම.. ලඟදි පායපු තරවක් ඒ ගීත ටික කියන නිසාලු.
කොහොමද වැඩේ... අන්තිමට ප්‍රියා සූරියසේන මහත්මයා එයාටම කියල ඉතිරියත් ගායනා කර ගන්න කියලා ඇවිල්ලා...

ලතා වල්පොල මහත්මිය ගේ ගීත ගයන්න එකම විදිකාවෙ එතුමිය වගේ 2 ගුනයක් අය කරන අලුත් තාරකාවියක් ගැනත්..  එම ලිපියෙම තිබුනා.

පැරණි ගායක ගායකාවියන්ගෙ ගීත ගයන අලුත් තරු ගැන ලක්ශ්මන් කොඩිතුවක්කු ලියපු වටිනා ලිපියක්.



මම කියනව විතරනේ...

මෙන්න ඒ ලිපිය කියවන්න පුලුවන් මෙතනින්.

අමරසිරි පීරිස් මහත්මයගේ ගීත වැඩසටහනේ පලමු කොටස පල්ලෙහ තියෙනවා. ඒකට ගියාම ඉතිරි කොටස් ටික වල related videos වැටෙනවා.


සුරම්‍ය රාත්‍රිය 1

පැරණි ගීත ගැන කියද්දි අමතක කරන්න බැරි බ්ලොග් අඩවි කීපයක්ම තියෙනවා...

වැම්පයර් ගේ බ්ලොග් අඩවිය

තිස්ස අයියා ගේ හද රැදි ගී

දුකා අයියගේ නෑසෙන ගී රස



මතක නම් ඔච්චරයි. තව හොඳ අඩවි තියෙනවම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් විදියට දානවනම් පින්.

Thursday, August 19, 2010

සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

Share


මේක ඇවිල්ල ඇත්ත කතාවක්/ මනංකල්පිතයක් එහෙමත් නැත්තම් මෙලෝ රහක් නැති අනුරු ටිකක් වෙන්න පුලුවන්... කියවල බලපන් ඒ උනාට...
පිස්ස ට හිතෙන ඒවා.


*******************************************


උබත් ආදරය කරපු
මමත් ආදරය කරපු
ඒ කෙල්ල සුලෝචනා
ඇත්තමයි
ඒකිගෙ හිනාව... කඳුල... කතාව... විතරක් නෙමෙයි
ඒකි මතක් උනත් 42 % විස්කි භාගයක් අමුවෙන් ගැහුව වගේ වදිනව...

ඔව් බන් දුක යන්නවත් කතා කරමු

ස්තානය : චීන අවන්හලක්

වට මේසයක් දෙපැත්තෙ උබයි මමයි

නොකැඩූ 42 % විස්කි බෝතලයක්
සෝඩා
මස් තසිමක්
මදිවට ජෝන් සීයත්

හෝරා 2ක් ගතවිය


මාතෘකාව නුඹම විය සුලෝචනා

වට මේසය දෙපැත්තෙ බේබද්දො දෙන්නෙක්

හිස් ව්ස්කි බෝතලයක්
සෝඩ එහෙමම
කටු ගොඩ ගැහුනු හිස් තසිමක්
ජෝන් සීය ගෙ කොට හතර අතේ

හපොයි උබ අපිට කල හදියක් සුලෝචනෝ

අමාරුවෙන් නැගිටගෙන උබයි මායි



" මචන් සුලෝචනා "

" අඩේ සුලෝචනා ඇවිල්ල පසලොස්වක දවසෙ පිපුනු කඩුපුල් මලක් ඇතුලෙ තියෙන ප්‍රෙහෙලිකාවක් "


" හි හි ඒ ප්‍රෙහෙලිකාව පුරවන්න ගිය උබටයි මටයි උනේ
අමාවක දවසක බාඳුරා ගොට්ටක තිබ්බ කලු කුහරෙක හිර වෙන්න "

" හි හි වැඩක් නෑ බන් ඒකි
කලු කුහරයක ඉන්න ප්‍රෙහෙලිකාවක් "

අපි පාරෙ ආව රෝද 3 කට අත දැම්ම



*******************************************
හෝව් හෝව් ළමයි

මේකේ මායි උබයි කියන චරිත 2 මම.. මගෙ යලුවො... දන්න අය.. නොදන්න අය.. බ්ලොග් බලන උබල වෙන්න පුලුවන්...

එතකොට සුලෝචනා.. හිතට ආව මනංකල්පිත නමක්.. ඒත් ජීවත්වන චරිතයක් අප අතරේ

මෙලෝ රහක් නෑ කියල හිතෙනවනම් කියපල්ල. මොකද මටයි ඌටයි හිතෙන්නෙ එහෙමයි





*******************************************


නොලියූ දෙබස

" මෙලෝ රහක් නෑ බන් "
" ඔව් බන් "

" මේ ඒකි ලස්සනයි නේ මචන් "
" ඔව් බන් නියම කෙල්ල.. "

" දුක තමා බන් "
" හ්ම්ම් උබට මතකද....    "


ආයෙමත් සුලෝචනා..


*******************************************

මේක ඇවිල්ල මේ " පලංචියේ ලී ඉරුවේ " " කෙලෙසද කිව මැන සිපගත් දෑතට " " බිතු සිටුවම් රූ මෙන් දිලෙනා " ටයිප් කතාවක් නෙමෙයි. මේක් ඇවිල්ලා සම්මත ලෝකේ අසම්මත නොවූ කතාවක්.

42 % විස්කියක් නැහනේ ගෙදර පලාතේ චික්. 


කලින් පෝස්ට් එකෙත් කියන්න බැරි උනා.. පූසන්ගෙ අඩවිය හරහා කොමෙන්ට් වල අකුරු ලොකු කරන හැටි කියල දුන් නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට ස්තුතියි....

Tuesday, August 17, 2010

ස්කෝලෙන් පැනල ගිය හැටි... ගැන එක කතාවක්.

Share
මේකත් මේ ස්කෝලේ කාලේ කතාවක්. කාලෙකින් ලිව්වෙත් නැහනේ එකක්. ලියන්න හිතෙන්නෙ නැහ අප්පා ස්කෝලෙ කාලේ ගැන.... දුකයි. කමක් නෑ... මේකත් මේ පැනල යන සීන් එකක්.

වනියව දන්නවනේ... දන්නෙ නැති අය "වනි***** අද එකද ??? බින්දුවද ?? තිතද ?? " බලන්නකෝ.. ඉතින් දවසක් වනියයි... මායි... ගයානුයි පැනල යන්න සෙට් වුනා.


ඒ දවස් වල ස්කෝලෙට පොත් 1 ක් නැත්තම් 2 යි ගේන්නේ... ඒ උනාට ගයානයයි මායි දෙන්නම බෑග් දෙකක් එල්ලගෙන තමා ආවෙ. ඒ කාලේ ආවෙ පොඩි ෆැශන් පාරක් ඔය බෑග් එක්ක. ඒවට ගැලපෙන පොඩි බෑග් අයිටම් දෙකක් තිබ්බ අපි දෙන්නට.



ඉතින් අපි හැමදාම වගේ පැනල යන පොට් එකෙන් තමයි පැනල යන්න තීරනය කලේ... පොට් එක ගැන කියනවනම් ඔන්න අමාරුවෙන් ඇන්දා... බලන්නකො....


පිස්සා කොරේ චිත්‍ර නොවැ ඒ කාලේ. හික් හික් හිතා ගත හැකිනේ නිර්මානශීලිත්වය.

කොහොමින් හරි... ඔය කොළ පාට රවුම ගහක්. ඔය ගහට නැගල ගහෙන් තාප්පෙට නැගලා තාප්පෙන් පැනල තමයි අපි යන්නේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි නේ. ඕනිම හුට්ටප්පරයකට ෆිට් ඇගවල් නේ තිබ්බේ.... තාප්ප තැමිබිලි ගස් මොනවද හික් හික්.. ඒකට දැන්. හපොයි.... 


ඒ ඇරුනම හැඩ වැඩ වෙන්න පොඩි කන්නාඩියක් එහෙමත් ඔය පරණ විදුහල්පති කාර්යාලය පිටිපස්සෙ අපි හයි කරන් හිටියා. ටැප් එකක් එහෙමත් තිබ්බා මූන හෝදල ලෑස්ති වෙන්න. ස්කෝලෙ ඇරුනම එතන බියුටි කචල් ලෝකයක්. හි හි.


පනින්න එහෙම කිසි අවුලක් නැහ. කවර් වෙලා හැම අතින්ම. ප්‍රයිමරියේ ටීචර්ස් ල දැක්කත් නොදැක්ක වගේ නේ ඉන්නේ ඒ කාලේ. දකින්නෙත් නැහ ඉතින් පිහිටීමෙ හැටියට.

සොරි සොරි කතාව දික් ගැස්සුනා.  ඉතින් ඔන්න එදා අපි පනින්න ලෑස්ති වෙලා බෑග් ප්‍රශ්නෙ නිසා... මායි ගයානුයි වනියට බෑග් දෙක දුන්නා.(  ඌ බෑග් තියා පොතක් වත් ගෙනාවෙ නැහ.. උගේ පොත් ඔක්කොම පන්තියෙ තියල නේ යන්නේ හික් හික් )

මොකද අපේ පන්ති ඉස්සරහින් නොවැ යන්න ඕනි. කවුරු හරි දැක්කොත් ලෙඩක් නේ.. ඒක නිසා බෑග් දෙක ඌ අතේ යවල අපි දෙන්න පස්සෙ ශේප් වෙන්න හිටියේ.


සීන් එක කියන්නේ අපි යන්න සෙට් වෙද්දිම අපේ පන්තියට ආව සර් කෙනෙක් මොකක්ද ඔය නෝටිස් ඉලව්වකුත් සෙට් කරන්... ඊලඟට ගයාන්ලගෙ පන්තිය... ඒ හින්දා කරුමේ = වෙලාව නිසාම ඔන්න අපිට පරක්කු උනා පනින්න...

ඔන්න ඉතින් සර් නෝටිස් එක දීල පන්ති 2න්  ගියා විතරයි අපි එලියට බැස්සා... මෙන්න බොලේ කොල්ලො සෙට් එකක් පෝලිම් කරන් අර ප්‍රයිමරිය පැත්තෙන් අපේ වයිස් ප්‍රින්සිපල් සර් කෙනෙක් එනවා. අර " හු** කව්ද කුනුහර්ප කියන්නේ " ඇහුවේ... ඒ සර්ම තමා. 


ටික වෙලාවකින් වනියත් එනවා අත් දෙක වන වන... අපේ බෑග් 2 කට වෙච්චි දේකුත් නැහ...

" වනියෝ... කො බන් බෑග් 2 ? "

" ඒ බන් මාර සීන් එකනේ.... මම බෑග් දෙකත් අරන් ශේප් වෙද්දි සර් ලගේ ටොයිලට් එක ගාවින් මට පොඩි බට ගඳක් ආව බන්.. "

" ඉතින්... කෝ බොල බෑග් දෙක ? " ගයාන් පිස්සු අහනව ඒ අස්සේ...

" අහපන්කෝ...  කෝකටත් කියල මම බෑග් දෙකත් අරන් ටොයිලට් එකට ගිහින් ඇතුලේ ඉන්නේ කවුද ශුවර් නැති නිසා බෑග් දෙක ටොයිලට් එකේ තියල බොලාට කියන්න එලියට ආවා... "



" මොකද බන් බෑග් දෙක ටොයිලට් එකේ ?? තොට මොන්ගල්ද බන් ?? "

ගයාන්ටයි මටයි මළ හොඳම එකෙන් පැන්න... ඇයි ඉතින් අපේ චූකිරි මලු දෙක නොවැ...

" අහපල්ලා වේ***යනේ.... "

ඌට තද වෙලා...

" මම ටොයිලට් එකේ දොරේ එල්ලල ආවේ... "

" කියපන් ඉතින්... "

" මම එලියට එද්දි මෙන්න බන් ********* සර් එතන... " 



" ඌද බටේ ගහල තියෙන්නේ.... ? "

" ඔව් ඔව් බන්... බටේ නෙමෙයි අහපන්කෝ... ඒ එක්කම අර වාචාලය පැන්නනේ බන් තාප්පෙන් ස්කෝලෙ ඇතුලට... "

" හුටා... ඌ කොහේ ගිහින්ද ? "

" අහපන්කෝ... මෙන්න පෝලිමට සෙට් එක ස්කෝලේ ඇතුලට පනිනවා.... පනින පනින එකා අරූ බෙල්ලෙන් අල්ලන් පැත්තකින් තියනවා සද්දෙ වහන්න කියලා... "



සීන් එක කොල්ලො සෙට් එකක් ඉන්ටර්වල් එකේ ස්කෝලෙන් පැනල ආයේ උන් ස්කෝලෙට පනිද්දි තමා සර් ට අහුවෙලා තියෙන්නේ.... ඉතින් සර් අහල මුන්ගෙන්...

" කොහෙද තමුසෙලා ගියේ ? "

" අනේ සර් කාල එන්න ගියා.... "

" ඇයි මිනිහෝ කැන්ටින් එකේ කෑම තියෙන්නේ... "



" අනේ සර් එකේ කෑම වගේ නෙමෙයි... පල්ලෙහ කඩේ රුපියක් 10 ට ලොකු රෝල් එකක් දෙනව සර්.... බඩ පිරෙන්න.... "

වාචලයා සර් ව ලස්සනට අන්දනවලු...

" අහ් කමක් නෑ... පොලිම හැදිල යමු මගේ ඔෆිස් එක ගාවට... "

හොඳම් සීන් එක... ඊට පස්සෙ පොර මෙච්චර වෙලා සිප් එක උස්ස උස්ස හිටි වනියට කතා කරලා...

" මේ තමුන් දැක්කද බෑග් දෙකකුත් අරන් මෙතනින් එකෙක් යනව ? "



" අනේ නෑ සර්.... "

" තමුන් දැක්කේ නෑ.... දැන් මෙතනින් ගියානේ එකෙක් බෑග් දෙකත් අරන්..... ? තමුන් මොකද කරේ මෙතන.... ? "

" සර් මගේ බඩ පොඩ්ඩක් රිදෙන්න අරන් මේ ටොයිලට් එකට ගියා.... "

" හ්ම්ම්... යනවා යනවා... පන්තියට එහෙනම්... "

සර් හොරාගෙ අම්මගෙන් නේ පේන අහල තියෙන්නේ... උගෙන් ෆුල් සීන් එකම අහගෙන ඊලගට පන්ති චෙක් කරයිදෝ කියන සැකයත් පැත්තක තියල අපි පැනල ගියා ආදරේ නාමෙන් හික් හික්.

කතාව පොඩ්ඩක් ගතියක් නැති උනා වගේ ලියද්දි... සොරි වෙන්න ඕනි ළමයි... පොඩි අංශයක් එක්ක කපුගේ මහත්මය එක්ක තනි උනු වෙලාවක මතක් උනු සිදුවීමක්.

Sunday, August 15, 2010

එළවලු... කඩ කෑම... රම්‍ය නගරය සහ වන්නි වන පෙතේ... එක්ක ( අපි ) .

Share


අද උදේ පත්තරෙ දැකපු පුවතක් නිසා තමයි ලියන්න හිතුනේ මේවගේ සටහනක්. පුවත කෙටියෙන් කිව්වොත්... මේ සීතල රටේ හුඟක් ප්‍රසිද්ද වෙලඳ සැල් වල විකුනන්න තියෙන එළවලු මාස 6 - 8 ක් අතර පරන ඒවා කියල හොයා ගෙන. අධි ශීතකරන වල කල් තබා ගෙන තමයි ලු විකුනන්නේ.

ඒ දුරට හිතද්දි මට හිතුනේ ලංකාවෙ මිනිස්සු මොන තරම් වාසනාවන්තද කියලා. ඒක අපිට තේරෙන්නෙ නැහ..  මේ රට වල් වල මිනිස්සු " ෆ්‍රෙශ් ( fresh ) එහෙමත් නැත්තම් ඔර්ගනික් ( organic ) " එළවලු වලට මොන තරම් මිලක් ගෙවනවද.. ඒත් කොච්චර ෆ්‍රෙශ් කිව්වත් මාසයක් වත් පරන ඇති මම හිතන්නේ. 



ඒත් ලංකාවෙ ගමක කඩයක... පොළක.. එහෙමත් නැත්තම් ටවුමෙ මාර්කට් එකේ විකුනන එළවලු උපරිම දවසක් 2 ක් පරන ඇති. ඒවා මොන තරම් නැවුම්ද කියල අපිට තේරෙන්නෙ නැහනේ.

ඒ දවස් වල අපේ ගෙදර තාත්ත වවල ඔය බන්ඩක්කා.. වම්බටු.. පතෝල මැස්සකුත්  තිබ්බා. ඒත් මළාට කන්නෙ නැහනේ ඒ කාලේ. අම්මගෙන් බැනුම් ඉතින්... " බෙහෙත් නැති ගෙදර වවපු දෙයක් කන්නෙ නැහ " කියලා. ඒත් ඒවයේ අගයක් දැනුනෙ නැහ.

කෙසෙල් කැන් ඔහේ නරක් වෙවී ගියා කන්නෙත් නෑ ඒ කාලේ. යාලුවො ආව වෙලේක ඇදල දැම්මොත් මිසක් ඉන්නකොට කන්න හිතෙන්නෙ නැහ.
ඒත් දැන් මෙලෝ රහක් නැති බෙහෙත් ගහපු කෙසෙල් සල්ලි දීල අරන් කනවා. 



මේ ලඟදි මම ටිකක් හරි අඩුවෙන් අලුත් එළාවලු ටිකක් ගන්න චීන කඩේකට ගියා. ගස්ලබු ( පැපොල් ) තියෙනවා. ගෙඩියක් $ 9 ක්. ආසාවනේ අරන් ආවා. මෙලෝ රහක් නැහ. මට මතක් උනේ ඉස්සර ගහෙන් කඩලා එවෙලෙම කපල ඇටත් අයින් කරල අතටම ගෙනත් දුන්නමත් කන්නෙ එක පලුවක් උපරිම. බැනුම් අහ අහ ඉන්නවා ඒ කන්නෙ නැහ. දැන් මතක් වෙද්දි දුකේ බැහ.


පොස්ට් එක ට්‍රැක් එක පැනල වගේද මන්ද... කමක් නැහ.

ඉස්සර ගෙදර ඉන්න දවස් වලට අපේ අම්මා උනුවෙන්ම කෑම උයලා ලිපෙන් බාන්නත් කලින් බෙදල දෙනවා.. පව කියන්නේ කන්නෙ නැහනේ.

" අනේ අම්මේ මේ ගිනි රස්නෙ කන්න බැහ " කියල ඉන්නවා.

ඒත් දැන් උනු බත් කටක් උනු අලුතින් උයපු එළවලු ටිකක් එක්ක කන්න වෙන්නෙ සතියකට කී දවසද. දවස් ගානකට උයප ෆ්‍රිජ් එකේ දැම්මම ඕක අරන් රත් කර කර කනව මිසක්. මෙලෝ රහක් නැහ මට එහෙම. ඒත් වෙලාවක් හදා ගන්න අමාරුයි දිනපතා වේල් 2 -3 ක් උයන්න. අනේ ඇත්තමයි අපේ අම්මල රස්සාවල් එක්ක කොහොම කරාද හිතෙනවා.



දැන් කාලයත් එක්ක ලංකාවෙ උනත් දේවල් වෙනස් වෙනවා... අපේ අම්මල පොඩි කාලේ... මීටත් වඩා ජීවිතය විඳින්න ඇති.
මට මතකයි අපේ ආත්තම්මලහ තිබ්බා හුඟක් කෑම ජාති වතෙම වවලා.

කුලුබඩු ජාති... ගොරක.. කරාබු නැටි... කරපිංචා... කුරුඳු... ඉඟුරු... ඔය ජාති ඔක්කොම වවල තිබ්බා.

ඒත් දැන් ඔක්කොම කඩෙන්.... බඩගින්නක් ආවම ඔය අහුවෙන ෆාස්ට් ෆුඩ් ප්ලේස් එකකින් මොනා හරි ඇදල දානවා. තෙල් විමාන. බඩගින්න නම් නැති වෙනවා. නිරෝගී කමට බඩු හම්බෙනවා. 


කාලය එක්ක හුඟක් දේවල් එක්කම අපේ ජීවිතත් මහ මොනවද වෙලා.

ඔක්කොමත් එක්ක මතක් උනා සින්දු දෙකක්...

එකක් කපුගේ මහත්මයගේ " රම්‍ය නගරය.. "

රම්‍ය නගරය යන්න ඕනෑ...
රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා...
ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා....

ගමේ කුම්බුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට ටික
කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා...

රම්‍ය නගරය...

දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින් ගෙන
වතුර ටිකටත් මුදල් ගෙව ගෙව
රටට ණය වෙනවා...
කොලඹ අපි එනවා...

රම්‍ය නගරය...


අනික් ගීතය තමා සුනිල් එදිරිසිංහ මහත්මයගේ... " වන්නි වන පෙතේ "

වන්නි වන පෙතේ...
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරු
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්... //

කන්ට බෑ කියා තනියම
එන්ට යැයි කියා ගමටම
බත් මුලක් නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිදියි නගරය අසල දූ පුතුන්...

වන්නි වන...

කල්ප කාලයක් පරපුර දුන්න දරු ඇතත්
හිතතුල මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෙඔ දුකින්...

වන්නි වන...


මේ සින්දු දෙක ඇහුවම අපි ගැනම හිතෙන්නෙ පුදුම දුකක්. අපිට මෙහෙමවත් කියන්න පොඩි කාලේ හරි ජීවිතයක් තිබ්බා. ඒත් අපේ පොඩි උන්ට... ??? උන් හිරකාරයො වගේ නේද ජීවත් වෙන්න වෙන්නෙ.... පර්චස් 10 ක හිර වෙලා... උන් හිතාවි එළවලු.. පලතුරු වැවෙන්නෙ ෆ්‍රිජ් එකේ එහෙමත් නැත්තම් සුපර් මාර්කට් එකේ කියලා...

අපිත් පව්. උනුත් පව්. කියන්න දේවල් ගොඩ... ඒත් මේ ගීත දෙක ඒ හැම දේම ගොනු කරලා කියනවා.


ගීත දෙක අහන්න...  


" රම්‍ය නගරය.. " 

" වන්නි වන පෙතේ "

Saturday, August 14, 2010

මහින්ද විජේසේකර සහ පින් පව්.

Share


2009 අකුරැස්සේදි උනු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සුවය ලබන හිටපු ඇමතිතුමා බලන්න ජනාදිපතිතුමා ගිය වෙලාවක ගනිපු සේයාරුවක්.
අසරණ උන මනුස්සයෙක්ට මඩ ගහන්නවත්... දේශපාලන පක්ශ වලට කඩේ යන්නවත් නෙමෙයි... ඒත් මේ චායා රූ පෙල දුටු විට මට හිතුනේ ජීවිතෙ හැටි නේද මේ කියල..

අපි කවුරුත් දන්න දකුණු පළාතේ හිටපු දේශපාලකයකු තමයි මහින්ද විජේසේකර කියන්නේ. දන්නෝ දන්නවා ඇති ඔහුගේ කල් ක්‍රියාව. හොඳ වැඩ කරන්න ඇති... ඒත් මහින්ද විජේසේකර කියන චරිතේ චන්ඩි කම් මැර කම් වලින් පිරිච්ච දේශපාලන චරිතයක්. ඒත් ඒ චන්ඩියා... හයි කාරයා.. ඇමතිතුමා අද... ??

අනේ කොහොම හිටි කෙනෙක්ද කියල හිතෙනව නේද...

මේක හොඳ උදා හරනයක් ඔය නොමැරෙනවා කියාල හිතල ජනතාවගේ... රටේ සල්ලි විනාශ කරල.. හොරකම් කරල සුර සැප විඳින නායකයන්ට.



මිනිස්සුන්ගෙ චන්දෙන්ම පත්වෙලා මිනිස්සුන්ටම පහර දෙන... මිනිස්සුන්ගෙම සල්ලි හොරකම් කරන... බලය අයුතු ලෙස යොදා ගන්නා... කොටින්ම තමන් දෙවියන්ටත් ඉහලින් කියල හිතාගෙන උඩ පනින මැර ඇමතිලා හොර දේශපාලුවන් ඔක්කොටම වගේම අපි හැමෝටමත් හොඳ පාඩමක් ජීවිතේ ගැන. 


රජ කම් කලත් කල කම් පල දෙනවා කියන සත්‍යය ට මේ එක් උදාහරනයක් පමනයි... අතීතය දිහා බලද්දි උදාහරන අනන්ත...
මෑත කාලයේ උනු සක්විති සිද්දිය උනත් හොඳ උදාහරනයක්.

මේ ලෝකෙ හොඳ නරක කියල දෙයක් තියෙන බවට... ඒවා ඒ ඒ විදියට අපිටම ආයෙ ලැබෙන බවටත්... කර්මය කියන දෙයක් තියෙන බවටත් මතක් කරන් ජීවත් වෙන්න හොඳ උදා හරනයක්.

මහින්ද විජේසේකර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

Tuesday, August 10, 2010

රෑ තිස්සෙ පොල් ගනන් කරන්න තොට පිස්සුද ? 15 + කතාවක් ( ද මන්ද.. )

Share


ලියන්නත් දෙයක් නැහ... ඒ උනාට ලියන්නත් එපැයි. චුට්ටිම චුට්ටි කතාවක් ලියල දාන්නම්... මේක ඉතින් ඇත්ත නැත්ත නම් දන්නෙ නැහ. ඔය 10 - 11 වසර වලදි ඔය කතාව උනු එකාම තමා කියල තියෙන්නේ... පස්සෙ ඉතින් ආරංචිය ආව හැමෝටම.


මේක ඔය 15+ වගේ කතාවක්ද මන්ද... පිස්සු... මොන 15 + ද... දැන් නම් 10 + ද මන්ද... කොම හරි... ඔය සිංහලන් කියන්නේ ස්ව‍යං වින්දනය... එහෙමත් නැත්තම් masturbation කියන්නේ. අන්න ඒක ගැන සීන් 2ක් තමා...


මෙන්නො මූ මොනවද මේ ලියන්නේ ?? ඔව්වා වානා... ඇයි බොලන් කොරන්න හොඳනම් කියන්න නාකද ? කියවන්නයි කිව්වෙ.... කැමතිනම් හික් හික්.

පොඩි ළමයි ඉන්නවනම්... ක්ලෝස් කරපිය දැන්මම මේ පිටුව. හි හි

ඔන්න මේකයි... ඇති දේකුත් නැහ. අපේ කොලුවෙක් ඔන්න දවසක් රෑ තිස්සෙ පාඩම් කරලා මහන්සි ත් එක්ක නිසා පොඩ්ඩක් හිතිලා අර කලින් කිව්ව වින්දනය ගන්න... එහෙම හිතල කොලුවා කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ( කරුමෙට කාමරේ දොරක් නැහ... ඒත් මහ රෑ ඔක්කොම නිදිනේ.. ඌ එහෙම හිතලා )


උගේ වචනෙන්ම කියනවනම්


" රෙද්ද දාගෙන මුලු ඇඟම වැහෙන්න ලයිට් එකත් ඕෆ් කරලා ඇස් දෙකත් වහගෙන හීන ලෝකයක් මවා ගෙන වැඩේ කොරන්  ගිහිල්ලා... " ඔන්න ඉතින්  වැඩේ මොකක්ද අහන්න  අහන්න බැහ.... 

කොහොම හරි වැඩේ ඉවර වෙලා ඇස් දෙක ඇරල රෙද්ද පොඩ්ඩක් එහාට කරල බලද්දි...


කාමරේ ලයිට් එකත් දාලලු.... මේස උඩ උනු තේ කෝප්පයක් දුම් දම දම තියෙනවලු...
හික් හික්...
කතාව ආරම්භය ඔය ඇස් වහන් හිටි එකාගෙන්ම තමා...  ඇත්ත නැත්ත ඌම තමා දන්නේ...


ඔන්න කතා අංක 2.


කොල්ලෙක්.. ඒත් ඔය අපේ එකෙක් තමා... රෑ ඔක්කොම නිදා ගත්තට පස්සෙ හීනයක් දැකලද මන්ද ෆොර්ම් වෙලා ඉන්නම බැරි තැන... කෝකටත් වැඩි පරෙස්සමට කියලා ඇඳ යටට ගිහිල්ලා... හික් හික්...


සීන් එක මගක් යද්දි ඌටත් සිහියක් නැතිවද මන්දා සද්දයක් ඇවිල්ලද මන්ද.. උන්ගෙ තාත්ත ඇවිල්ලා...


" පුතා... ?? ලොකු පුතා... "


මූ ඇඳ යට ඉදන් ඔලුව දාලා...


" මොනාද මිනිහෝ මේ මහ රෑ ඇඳ යට කරන්නේ ? "


" අහ් නෑ මේ.. තාත්තේ මම මේ පොල් ගනන් කරා "


" උබට පිස්සුද මේ මහ රෑ පොල් ගනන් කරන්න... "


කියල උන්ගෙ තාත්ත මාරු වෙලා... තාත්ත පුතා ගෙ අපහසු තාවය තේරුම් අරන් වෙන්න ඕනි හික් හික්...


ළමයි මේ නොතේරෙන ළමයි නොතේරෙන විදියට ඉන්නව මිසක් ප්‍රශ්න අහන්න ඔට්ටු නැහ.

Sunday, August 8, 2010

කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්තයො....

Share


සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය බ්ලොග් එකේ තිබ්බ ලිපියක් තමයි මෙහෙමත් දොස්තරලා. ඕක කියෙව්වම මට පුදුම තරහක් වගේම කල කිරීමක් ආවේ... අපේ රටට මොනා වෙලාද කියලා...


ලිපිය කියෙවන්න ඇති හුඟක් දෙනා... ඒත් නොකියපු අයට වගේම මේ සිද්දියට ප්‍රචාරයක් දෙන්න ඕනි මේ සම්බන්දව කුමක් හරි කරන්න ඕනි කියල හිතුන නිසා එම ලිපිය මම බ්ලොගයේ පල කරනවා...


"""""


මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක.
මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ.

රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්.

කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා.
පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ.

ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා.

ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා.

ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ.

"මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා.
ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ.
.ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා

"දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා.

එච්චරයි ඒ අම්මට කියන්න උනේ.

"මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා.

අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ.
එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා.

ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්...

අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ..

ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ

"අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා.
ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ.
ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා.

ඊට පස්සේ තවත් එකක්...

අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි.

ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා?
ආච්චි : ඔව්
ඩොකා : නම මොකද්ද?
ආච්චි : ඔව්
ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද?
ආච්චි : ඔව්
ඩොකා : එහෙනම් ඔව් කිව්වේ?
ආච්චි : ඔව්

අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා.

ඩොකා : වලිගයක් තියෙනවද?
ආච්චි : ඔව්

එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි.

මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්.
මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ??

මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්..

"ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා.

ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති...

මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ...

මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...

ප.ලි. :-

ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්‍රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..

  """"""

ඇඟේ ලේ කෝප වෙනවා නේද....

අසනීපෙන් මනුස්සයෙක් ඉස්පිරිතාලෙකට අරන් ගියාම ලෙඩා ඩොස්තර ගාවට යන්න ඕනිද... ඇයි ඌට හෙන ගහවනවද ලෙඩා ගාවට ගියාම ???

මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන පඩියකට වැඩ කරන්නේ මිනිස්සුන්ට සේවායක් කරන්නනේ...  ඒ ඔක්කොමත් හරි... ඌ කරපු ඒ බලු වැඩේ.. ???
කෙල්ලෙක් ගේ යට ඇඳුම ගලවන්න්න ????
මොන අවලං වැඩක් ද ඒ ?? ඒ යකා ඩොස්තරයෙක් නෙමෙයි පිස්සෙක් වෙන්න ඕනි. පිස්සොන්ටත් පව් එහෙම කියන එක... අපේ මිනිස්සු ගැන කලකිරීමක් ඇති වෙන්නෙ... ඒ යකා ගැන පැමිනිලි කරාම " මේක පලමුවෙනි එක නෙමෙයි " කියපු එක..

ඇයි යකෝ කලිනුත් පැමිනිලි ආවනම් ඒ ගැන කටයුතු කරන්න එපැයි...

රටේ නීතියක් නැද්ද ?? 



ඔය රජයේ රෝහල් වලට හුඟක්ම යන්නේ නැති බැරි මිනිස්සු... ඒ මිනිස්සුන්ට නීති කතා කරන්න දන්නෙත් නැහ... දැනගත්තත් හයියකුත් නැහ. ඒ බව දන්න මේ පරයෝ රජ වෙන්න හදනවා..

මේ වගේ සිද්දියක් උනොත් ඇත්තටම ලංකාවෙ අපි කාටද පැමිනිලි කරන්නේ ???

ලංකාවට කොයිතරම් ආස උනත්... ආදරය කලත් මේව ඇහෙද්දි පුදුම කලකිරීමක් ඇති වෙන්නේ... 



ඇත්තට මේ ගැන අපට කල හැකි යමක් නැද්ද ???

සිදුවීම උපුටා ගත්තේ
සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය බ්ලොග් අඩවියෙන් වන අතර එම සිදුවීම ගැන එම අඩවිය කියවීමෙන් ඇති වූ අදහස් මෙහි පල කරන ලදි.


Thursday, August 5, 2010

කට්ටියට මතකද / බලල තියෙද BOYS ?

Share




කට්ටිය බලල තියෙද දන්නෙ නැහ BOYS. මේක 2003 විතර ආව දෙමළ ෆිල්ම් එකක්. මම ඔය දෙමළ, හින්දි චිත්‍රපටි වලට නම් කොහෙත්ම කැමති නැහ. ඒත් මේක නම් මම ඒ දවස් වල ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඔය අවුරුදු හරි දීපවාලි දවසක හරි සිරසෙ පෙන්නුවා.. අල්ලල ගියා. පස්සෙ ඔය පිට කොටුවෙ රවුමක් ගහල රුපියල් 150 කට CD එක ගත්තා. CD එක කිව්වට 3 ක තමා තිබ්බේ. දිගයි නේ ටිකක්.


කොහොම හරි මේ ඊයෙ පෙරේද දවසක YOU TUBE එකේ නිකන් බල බල ඉද්දි හම්බුනා. මුලු ෆීල්ම් එකම ෆුල් quality up load කරල තියෙනවා. ඔක්කොම වැඩ නවත්තල ඒක බැලුවා ඒ පාර.


ලස්සන කතාව. උසස් අධ්‍යපනය ලබන කොල්ලො 5 දෙනෙක් හා කෙල්ලෙක් වටේ තමයි ගෙතිල තියෙන්නේ. සාම්ප්‍රදායික දෙමව්පියන්.. සංස්කෘතිය හා අලුත් පරම්පරාව අතර ඇති වන ගැටලු ලස්සනට පෙන්නනවා ෆිල්ම් එකේ.


කොල්ලො කාලේ කරන පිස්සු වැඩ... ජල්තර කේස්.... කෙල්ලො පස්සෙ යන ඒවා...ආදරය
ඊට පස්සෙ ආදර සම්බන්දතා ගෙවල් වලට අහු උනහම ඇති වන ගැටලු...
දෙමව්පියන් ගාව ඉද්දි විඳින සැහල්ලු ජීවිතය හා දෙමව්පියන්ගෙන් මිදුනට පසු මුහුන දෙන්න වෙන ප්‍රශ්න වගකීම්... ඒවට මුහුන දෙන ආකරය..
හැම ප්‍රශ්නයකටම මුහුන දීල තමගේ හැකියාවල් හොයා ගෙන ඒ දිගේ ජීවිතය ජය ගන්න හැටි...


හරිම ලස්සනට මේ ෆිල්ම් එකේ තියෙනවා. කතාව කිව්වොත් බලන එක රසවත් නොවෙන නිසා කියන්නෙ නැහ. ඒත් මම හුඟක් ආස ෆිල්ම් එකක්.
හැබැයි ඉතින් හැමෝටම අල්ලන ටයිප් එකේ නෙමෙයි. ෆන් එකේ බලන්න මිසක් අර කලා තියරි.. මේ කලා තියරි දාන්න නම් අනේ මන්දා.


ඉස්සරනම් ආස ෆිල්ම් එකටමත් නෙමෙයි.. හික් හික්.. ඒකෙ ඉන්න කෙල්ලට. හරිනි.. ලස්සන කෙලි පොඩ්ඩ හික් හික්.


සින්දු ටිකත් ලස්සනයි දෙමළ උනාට.


හුඟක් දෙමළ ෆිල්ම් වල වගේ ගොන් පාට් එහෙම නැහ මේකේ.


ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා කොල්ලා දෙනෝ දාහක් ඉන්න නගරයක පාර මාරු වෙනවා නිරු වස්තරයක් ඇදගෙන. හරිනි ආදරේ ඔප්පු කරන්න එහෙම කරන්න කිව්ව කියල හරිනි ගෙ යාලුවෙක් දෙන ලනුවක් කාල තමා බුවා එහෙම කරන්නේ. කෙල්ලො නිසා කන කටු.. අන්තිමට හිරෙත් ගොහින් තමා නවතින්නේ කොල්ල..


නිකන් මතකයි වගේ නේ... හික් හික්... ඊට පස්සෙ අපේ කොල්ලො හැදුවෙ " හිරිපොද වැස්ස ".. හික් හික් ගෙඩි පිටින්ම වගේ කොපි කරලා ඒක. මොනා උනත් ඒකෙ එකා කොල්ලුපිටියෙ ජොකා ඇදන් දුවපු එකත් මාර වීර සීන් එක නේ හික් හික්. දන්න කියන දෙනෝ දාහක් මැද.. හප්පොච්චියේ


කොපි නම් ඔව්ව මොනාද... රන්ජන් අයියා අර "බාබ" ෆිල්ම් එක ගෙඩි පිටින් කැත නැතුව "1ශොට්1" කියල කරේ.. ශා ඒක බලද්දි පිස්සටත් හිතෙනවා ෆිල්ම් එකක් කොරන්න... පිස්සට පොර වෙන්න පුලුවන් නේ. ගහනවා රොත්තම වැටෙන්න එක පාරින් හික් හික්..


ඔව්ව වැඩක් නැහ... මෙන්න එකේ තියෙන ෆිල්ම් එකේ මුල් කොටස.  මෙතන ඉදන් බලන අයට බලන්න පුලුවන් කොටස් 17 ක් විදියට තමයි තියෙන්නේ.
english උපසිරැසි එක්ක තියෙන්නේ




කැමති අය බලන්න එහෙනම්... අකැමති අයත් ඕනිනම් බලන්න හික් හික්.

Wednesday, August 4, 2010

කව්ද එකෙක් වතුර එක උස්සලනේ.... තවත් කක්කි කතාවක්.

Share


කට්ටියට මතකනේ කලින් ලිව්ව කක්කි කතාව... අර ජොකා හැලුනු එක... මේකත් ඒ වගේම කක්කි සීන් එකක්... ඇති දේකුත් නැහ ඉතින්... ලියල දාන්න ඕනි කියල හිතුන ඒ වුනාට.

ඔය සාමන්‍යය පෙල එහෙමත් නැත්තම් O/L කාලේ නිවාඩුවකට අපි කට්ටියට ට්‍රිප් එකක් යන්න අදහසක් ආව. යෝජනාව විරෝධතාවකින් තොරව සම්මත උනා.
ගමනාන්තය නුවර එලිය.



8 දෙනෙක් තමයි ගමනට ඉන්නේ... ඒ මදැයි... ඔන්න ඉතින් ප්‍රාදේශීය සභාවෙන් සම්මත උනාට වැඩක් නැහනේ... ප්‍රතිපාදන සහ අවසන් තීරනය දෙන්නේ පාර්ලිමේන්තුවෙන්නේ අපේ විදියට ඒ කාලේ. ඔන්න ඉතින් යෝජනාව දැම්ම...

බුදු හප්පොච්චියේ.... ගයාන්.. පවන්... හසිත ලගෙ ඇප්ලිකේශන් බලන්නෙත් නැතුව අහකට දැම්ම නේ... මොනා කරන්නද...
ලෙමන් පෆ් කාල... උපවාස කරලා... අඬලා... වැලපිලා... දවස් ගානක් නොකා නොබී ( හොරාට කාල ) ඔන්න අන්තිමට අමාරුවෙන් අවසර ගත්තා. 

ඒක වෙනම ලියන්න තරම් වටින යුද්දයක්....
චූ කොල්ලො කාලේ නේ... අවසර දුන්න එකත් ලොකු දෙයක් නෙ කියලා... ඔය සංකයලගේ කව්ද මන්ද ඉන්නවා එහේ නවතින්න පුලුවන් කියලා ගෙවල් වලටත් කියලා ඔන්න කොහොම හරි පැන්න.

ගමන කෝච්චියේ... අනික දන්නවනේ සීමිත මුදලක් තමා තිබ්බේ. මට මතක විදියට දවස් 3 ටම එකා ගාව 750 ක් වගේ තිබ්බෙ....

කොහොම හරි දැන් මේ කතාව පිට පැනල කියල තේරෙනවනේ... හික් හික්... ඔන්න ඔහොමයි ගමන් ගියේ.
ගියාට සංකයා වගේම තමා උන්ගේ නෑයත්.. මේ නරි රැලක් ගෙට වද්ද ගන්න පුලුවන්ය... ඒ මනුස්සය ඔය නුවර එලිය නගරයේ තැනක් නවතින්න ලෑස්ති කරලා. අපේ ගානට නම් හරි.. හැබයි චා මැක්ස්. හික් හික්. තැන නම මතක නැහ. පන්සලක් හරි ඔය විශ්‍රාම ශාලාවක් වගේ එකක්.

කාමරයක් තමා හම්බුනේ. පැදුරු දාල... ඒ කාලේ බස් හෝල්ට් එකක් උනත් කමක් නැහ කියල ආවේ... ලොකු සීන් එකෙන්නේ... ඔය කිව්වට එපා උනා අපිට ඉතින්.


ඔය තැන එදා තව බස් එහෙකින් ආපු නඩයකුත් ලොකු ශාලවෙ හිටියා. අපි ඉතින් පොඩි ළමයි නේ ඒ කාලේ... ඉතින් නාකි සිංහයෙක් ගෙන් උගුර කට තෙමාගෙන එදා නිදා ගත්ත.
ඒ කාලේ ඉදන්ම.... චී චී මහ කැත ළමයි... හික් හික්.

හරි හරි... ඔන්න පසුබිම.

දැන් කතාව.



ඔය කියපු තැන වැසිකිලි එහෙම නැත්තම් ටොයිලට් තිබ්බේ පේලියට... සීන් එක කියන්නේ ටැප් නැහ. චා නේ... එලියෙ තිබ්බ පොඩි ටැංකියකින් වතුර අරන් බාල්දියකට තමයි ටොයිලට් යන එකා යන්න ඕනි...
උදේ ඉතින් අර බස් නඩෙත් සෙට් වෙලා තදබදය උපරිමයි. අපිටත් කවද කාපු කටු ද... ගයාන් හසිතය එහෙම ෆුල් අවුට් හික් හික්.. හුරතලේට සැපට හැදුන ළමයි නෙ අපි. හික් හික්...

තදබදය නිසාම ඉතින් වතුර බාල්දි ප්‍රශ්නෙකුත් තිබ්බ.  කොහොම හරි අන්තිමට එක බාල්දියක් සෙට් කරන්  මායි අමිලයයි එක ලඟ වැසිකිලි දෙකක බොගකට සෙට් උනා. මම වතුර එක අරන් ගිහින් වැඩේ ඉවර වෙලා අලුත් වතුර එකක් ඌට ගෙනත් දෙන්නම් කියල තමා දැන් ටොයිලට් ගියේ.



මම ඉතින් මගේ වැඩේ ඉවර කරන් අලුතින් වතුර එකුත් පුරවලා අරන් ගිහින්

" මෙන්න මචන් උබේ වතුර එක එලියෙන් තියනව ඉක්මනට ගනින් " කියලා උගේ ටොයිලට් එක ඉස්සරහ තියලා ආව...
ඌත්...

" අහ් එල මචන්... " කියල හිටියා..

අපි ඉතින් මූන හෝදලා.. ලෑස්ති වෙලා ඔක්කොමත් ඉවරයි... අමිලය නැහ තාම. මූ පැය භාගෙකටත් වැඩියි දැන් ටොයිලට් එකේ...

" කෝ බන් මේ යකා... වරෙන් බලන්න " කියල මායි අපේ හසිතයයි ගියා වැසිකිලි ය ගාවට ඌ ගියපු...

" අමිල... මොන හු***** කරනවද බන්... වරෙන්කො... "

" ඒ අනේ බන් මට වතුර එකක් ගෙනත් දියන්කො... අර හු*****ක් මගේ වතුර එක ඉස්සුවනේ... "

මූ ඇතුලෙ ඉදන් කෑ ගහනවා....

පස්සෙ බැලින්නම් මම වතුර එක තියල ගිය ගමන් කව්ද එකෙක් මුගේ වතුර එක උස්සල. මූ ලැජ්ජාවට සද්දෙ වහන් ඉදල... හික් හික් පොඩි කාලෙනේ...
මූට හෝදන්නෙ නැතුව එලියට එන්නත් ලැජ්ජාව... ඉතින් මූ අපි එනකල් ඉදල අරකෙ හික් හික් හික්.... අරකෙ කිව්වෙ ටොයිලට් එකේ...

පස්සෙ ඉතින් බාල්දියෙන් ගොඩ දාන්න බැරි උනා. වතුර බාල්දි 4ක් ගෙනත් දීල තමා අන්තිමට ඌව ගොඩ ගත්තෙ...

පැය භාගය හා වතුර බාල්දි අතර සම්බන්දය හිතා ගන්න ළැමයි හොඳද... හික් හික්...

අමිලටම බොග සීන් වෙන්නෙ ඇයි අහන්න එප.. පව්නේ.. හික් හික්... ලබා උපන් හැටි මයෙ හිතේ හික් හික්
උගේ ජොකා හැලුන සීන් එක මෙතනින් බලන්නකො බලපු නැති අය.

Tuesday, August 3, 2010

කෙලිදෙලෙන්...... School memories

Share


බ්ලොග් අවකාශෙ රස්තියාදුවක් ගහන වෙලේක දැක්කේ මේක... අපේ ස්කෝලේ කොල්ලොන්ගෙ වැඩක්... සින්දුවනම් ලස්සනයි... හිතට වදිනවා... වීඩියෝ එක එක්ක බලද්දි මට නම් තව වැඩියෙන් දැනෙනවා... මොකද ඉතින් හිත අතීතයට යන නිසා...


අහල බලන්නකො....





අන්තිම හරියේ අපේ මැරය සර් ක්‍රිකට් ගහන සීන් එක දැක්කම පපුව මොකක්ද මන්ද උනා.. මතකයන් මතක වෙලා වෙන්න ඇති...


ස්කෝලෙ කාලෙ මොන තරම් ලස්සනද...


කිසිම බරක් පතලක්... වගකීමක් නැතිව දුව පැන පැන පිස්සු කරන... ලස්සනම කාලයක්.
ඒ කාලේ හම්බවෙන යාලුවොත්... කුහක කමක්.. ඉරිසියාවක් නැතුව.. බොක්කෙන්ම සෙට් වෙන යාලුවො...


මතකයන්... අනන්ත... 

මේ සින්දුව ඒ මතකයන් අලුත් කරා.... කැමති අයට මෙතනින් බාගන්න පුලුවන්.
Related Posts with Thumbnails