Saturday, September 25, 2010

හුඟ දවසකින්.... කෝ අපේ ස්ටෑන්ඩ් එක ?? එක්ක කලුවා ගෙ කතාවක්

Share
හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්න තියා කාගෙවත් බ්ලොග් එකක් බලන්නවත් අදහසක් දක්වන්නවත් වුනේ නැහ. වෙලාවක් තිබ්බෙ නෑ කියල තමා කියන්න වෙන්නෙ. ඒත් කල්පනා කරල බලද්දි අමුතුවෙන් කියල කරපු දෙකුත් නැහ. වෙනද වගේම වැඩ කරල වෙනද වගේම කාල හිටිය.  නටපු නැටුමකුත් නැහ බලද්දි බෙරේ පලුවකුත් නැහ වගේ සීන් එකක්.


හිතත් පොඩ්ඩක් විතර අවුල් ගතියකින් නොවැ උන්නෙ.. ඒකත් වෙන්න ඇති.. අනේ මන්ද බොලන් මේ ජීවිතේ නම් මහ පුදුමා කාර උලව්වක් තමා.

එව්ව වැඩක් නැහ...

මූනු පොතේ අපේ එකෙක්ව ටැග් කොරල තිබ්බ පින්තූරයක් දකල මට අනේ අපොයි කියවුනා.




අර ඒ කාලෙ දුකට... සැපට... වලට... වලියට... ලව් හුට්ටප්පර වලට... තිබ්බ ස්ටෑන්ඩ් එක සමතලා කොරල නොවැ නිකන් නැතිම නැති වෙන්න....
මං හිතන්නෙ ලංකාවෙ දිගම බස් නවතුම්පල උනේ ඕක. ජරාජීර්න අබලන් වෙල වගේ තිබ්බට සුනාමියෙන් පස්සෙ ආයෙ හැදුව මට මතක විදියට. අලුතින් ලස්සන පහසුකම් පිරිච්ච තැනක් අපේ උන්ට  ඔය කලින් කිව්ව වලි.. වල.. ලව් සීන්... වලට ආණ්ඩුවෙන් හදන්න වගේ යන්නේ...

මොනව උනත් මතක අහුරක් පිරුනු තැනක්.



ඉස්සර ඒ කොනේ ඉදන් අනික් කොනට යද්දි අහ් මචන් ගාන හැම එකාටම ඉස්සරහට ගිහින් එන්නම් කියගෙන යන්නෙ කොයි පැත්තට ගියත්. ඔය ගිහින් ෆිට් කොල්ලෙක් දැක්කම බිත්තියට හේත්තුවක් දාගෙන කෙල්ලෙක්ට පැණි බෝතලයක් එහෙම හලල... හපොයි ඒ කාලේ.

කෙල්ලො හුටපට
වලි කීයක් මේ අපිට ඔය වහල යට උනාද මේ පිස්ස ඇතුලු සෙට් එකටත්....


මූ මාර භක්තියෙන් කතා කරන්නෙ නිකන් මුගේ ස්කොලෙ වගේනෙ කියල කියන්න එපා ඉතින්.. කිව්වත් මයෙ මොකේ හිහි... ඉස්සර මතකයට පිස්සා හුඟක් ආදරෙය් කියල බ්ලොග් අවකාශෙ කට්ටිය දන්නවනේ....

ස්ටෑන්ඩ් එක ගැන කියද්දි කලුවගෙ පොඩි කතාවක් මතක් උනා.
මතකනෙ අර තනපට අහසට සීන් එක. ඇති දෙයක් නැහ ලියන්න මතක් වෙන්නෙ නැති නිසා මොකුත් මේක ලියමු...



ඔන්න කලුව දවසක් රෑ ඔය සංගීතයක් බලල කකුලුව ගමනින් තව ගෝතයෙක් එක්ක යක්කු ගස් නගින ටයිම් එකත් පහු වෙල ස්ටෑන්ඩ් එකට ඇවිත් ගෙදර යන්න. ඒ වෙලවට මොන බස්ද.. ඉතින් අර තෙල් අංශෙත් වැඩ නිස මුන් දෙන්න ඇහරන් ඉන්න අමාරුව නිසාම කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොඩියක් නිදා ගෙන පාන්දර බස් එකේ ගෙදර යන්න.

කිචි බිචි කුරුලු හඩින් මුන් දෙන්න පිබිදෙන කොට මෙලෝ යකෙක් ගනන් නොගන්න කලුවටත් දඩිය දාල. රතු ටයි දගත්තු ටින් ටින් කෙල්ලො සෙට් එකක් පාන්දර කොහෙද අටමගලක යන්න ඇවිත් මුන් දෙන්නව දැකල බොහොම සානුකම්පිතව බලාගෙන කිචි බිචි ගානවලු. දන්නවනෙ කෙල්ලොත් ඉතින් දෙන්න බැස්ටිය කියල බලාගෙනනෙ ඉන්නේ...   


අනේ ඇත්තමයි පිස්සට එහෙම උනානම් ඔහොම දෙයක් ඒ කාලේ හපොයි හිතා ගන්නත් බැහ...
කලුවගේ යාලුවට නිකන් කැරකෙන්න වගේ ලු ඇයි ඉතින් ස්ටෑන්ඩ් එකේ නිදා ගෙන හිටිය කිව්වම ඒ කාලේ... ( දැන් නම් ඕ. පු නේ අපිට හි හි )
කලුව හින්දම ගානක් නැතුව නැගිටල ඇවිල්ල ගානක් නෑ වගේ. ඒ උනාට ඌත් සතියක් විතර ගාලු නොගිහින්ම උන්නා ලැජ්ජවට ආයෙ සෙට් උනොත් උන් ටික... හි හි.

ඔය කලුව ලගෙ ගෙදරට යන පාරෙ ගස් වල අතට හසුවන මායිමෙ අතු විතරයි තියෙන්නෙ.. කොලයක් බෙහෙතකට හොයා ගන්න නැහ.දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සල ලියමු බලන්න.

පටන් ගත්තෙ කොහෙන්ද මැද කොහෙද අග කොහෙද.  පිස්සෙක් නොවැ ලියන්නෙ ගනන් ගන්න එපා.

කලුවගෙ තනපට අහසට මෙතනින් බලන්න පුලුවන්.


පුදුම කම්මැලිකමක් ඇවිල්ල බොල ලියන්නත්... බලමු බලමු....

Tuesday, September 7, 2010

සපෝටර් ල එක්ක සෙට් උනු කෙල්ලො ගැන තවත් කතාවක්.. එක්ක රතු රෝස සින්දුව...

Share


අද නම් ඉතින් අනුන්ගෙ පහනෙන් එලිය බලල ශේප් වෙන්න හදන්නේ.... හි හි. කලින් දාපු පෝස්ට් එක මතකනේ... අර සපෝටර් අශ්වයා පිටින් ගිය එක...
ඒකට දිනේශ් කොලුවා කොමෙන්ට් එකක් විදියට තව ඒවගේ මරු සිද්දියක් දාල තිබ්බා... කොහෙද අර අපතයෙක් හින්දා කොමෙට්ස් මොඩෙරේට් කොරන්න ගත්ත නොවැ. ඒක හින්ද හුඟ දෙනෙක් ඒ කොමෙන්ට් එක දකින්න නැතුව ඇති කියල හිතලා ඒක ගෙඩි පිටින් කොපි කොරල පෝස්ට් එකක් විදියට දාන්න හිතුනා.

ඔන්න එහෙනම් කතා මොකටද... බලන්න.



**********************


ඇයි ඉස්සර අපේ සෙට් එකෙත් බුවෙක් හිටියා.ඌ ට්‍රයි කරපු කෑල්ලට මාර ලව්. කෑල්ලත් සිරා කෑල්ල.රතු රෝස එකේ "චාප" වගේ. හැබැයි කෙල්ල ලඟට ගිහින් කතා කරන්නෙ නෑ.ලජ්ජාව,බය,වෙව්ලීම ඔය සේරම රෝග එතකොට ඌට ඇති වෙනවා.ඉතින් ලියුම් දෙන්නෙ,කැමතිද කියල අහන්නෙ ඔක්කොම කරන්නෙ උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ්.කොහොම කොහොම හරි මාස හයක් විතර ඔය සෙල්ලම තිබුනා.අපිටත් මූ හෙන ඇනේ.කොයි වෙලාවෙත් කියවන්නෙම අර කෙල්ල  ගැනමයි.හදිස්සියට දුමක්වත් දාන්නෙ නෑ.ඒ තරමට කෙල්ල  ගැන හිතනවා.

ඔන්න ඉතින් අපි සෙට් එක MISSION IMPOSIBLE කියන ‍ෆිල්ම් එක බලන්න ගියා.හැමදාම ගැලරි යන එකේ අද බැල්කනි යමු කියල බැල්කනි ටිකට් අටකුත් අරගත්තා.වෙලාව පහුවෙලා හින්ද කලුවරේ අතගගා ගිහින් අපිත් ඉඳ ගත්තා. කෆලුත් ගොඩක් ඉන්නවා.සමහර කෆල්වල කොල්ල විතරයි පේන්නෙ.කෙල්ල පේන්නෙ නිකන් නැමිල ඉන්නව වාගෙ..:D හික් හික්.

අපිට එහාපැත්තෙ හිටපු කෆල් එකත් ඒ වාගෙ.දැන් ඉන්ටෙර්වල් එක ආවා.අපි හතර පස් දෙනෙක් සුපුරුදු වැඩකට එලියට ගියා.ටික වෙලාවකින් හෝල් එක ඇතුලෙ පොඩි කචල් එකක් වගේ.අපිත් ටක් ගාල ඔලුව දාල බැලුවා.අම්මට සිරි මේන් බොලේ අපේ එකා උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ් ට අම්බානක නෙලනවා.අපි බැලුව මූ කොහෙන්ද මෙතෙන්ට ආවෙ කියල.බොලේ මේන් චාපත් ඉන්නව.බැලින්නම් අපේ එකාට හොරෙන් උගෙ යාලුව කෑල්ල සෙට් කොරගෙන.ඌ ගිහින් අහල තියෙන්නෙ මූට නෙමෙයි ඌට.දෙන්නම් අතේ මාට්‍ටු.
දැන් චාපනම් කොහෙ ඉන්නවද දන්නෙ නෑ.ඒත් අපේ එකයි උගෙ යාලුවයි අදටත් නෝ කතා. 



**********************


ඔන්න දිනෙශ් ගෙ පහනෙන් අද පෝස්ට් එක ඉවර කොරා...

ඒක නෙමෙයි බොලන් මුගේ කතාව කියවද්දි මතක් උනේ... රතු රෝස මතකද ළමයිනේ.. හපොයි ඒ කාලේ මම චාපට ෆුල් ක්‍රශ් එක හි හි... ඒ වෙද්දි පිස්ස මයෙ හිතේ 1 ද කොහෙද... ( පොඩි කාලේ ඉදන්ම හි හි කැත හිත නොවැ... )
ජංජාලේ මේ ලඟදිත් මම හෙව්වා ඔහෙ නැහ... පොඩි ක්ලිප් එකක් වත් හම්බුනේ. නැද්ද ඔය කතාව ටොරානා එකෙන් වත් තැටියකට එහෙම ගහල...


ජංජාලෙන් කියල හම්බුනේ රතු රෝස එකේ පටන් ගද්දි දාපු සින්දුව විතරයි... මටනම් මේක මතක නැහ. රතු රෝස කිව්වම මතක චායාවක් වගේ චාප විතරයි. හි හි...

අහල බලන්නකො.

Download : මල් යහනට වඩිනු මැනවි


ඒ එක්කම අර සපෝටර් අශ්වය පිට ගිය කතාවෙ ඉල්ලල තිබ්බ " සුදු නංගියා මාගේ " ගීතය ලබා දුන්නු වැම්පි ට බොහොම ස්තුතියි...
ඒ වගේම  Pushpika Gunarathna  සහෝදරයත් ගීතය මේල් කරල තිබුනා මට. බොහොම ස්තුතියි මචන් උබටත්.

ඒ වගේ සිං සිං ගාල ඉල්ලපු දේවල් ලබා දෙද්දි මාර කික් එකක් අප්ප එන්නේ අපේ එව්වො ගැන...

ඔය යාලුවො එකම කෙල්ල ගැන හිතන සීන් ගැන කිව්වම මේකත් බලන්නකො..  .සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

Monday, September 6, 2010

අන්තිමේ සපෝටර් ( supporter ) අශ්වය පිටින් ගියා....

Share


පරණ කතන්දරයක් මතක් උනා. ලියම්දෝ නොලියම්දෝ කියල පරාලයක් ගිලපු උගුඩුවෙක් වගේ කල්පනා කොර කොර ඉදල ලියල දානව කියල හිතුවා. අර මෙලෝ රහක් නැති කැටගරි එකට වැටෙයිද මන්ද... කමක් නැහ...


අපි මේ කතාවෙ චරිත දෙකට බන්ටි සහ කැවුමා කියමුකො. ඔය දෙන්නම අපේ හොඳ හිතවත් යාලුවො දෙන්නෙක්. ඔය උසස් පෙළ පටන් ගන්න කාලේ ඔය පිස්සට උනා වගේ කැවුමටත් හිතේ මල් පිපෙන්න ගත්තා. හි හි...
කැවුමගෙම වයසෙ කෙල්ලෙක් ගැන.


ඒ කෙල්ලට අශ්වය කියමු... කියමු නෙමෙයි ඒකිට කිව්වෙ අශ්වය කියල තමා. කොයි වෙලෙත් පස්ස උඩ දාගෙන දුවන එකමයි... හි හි. ගැලපෙන නම. කොල්ලො ඉතින් නමක් දාන්නෙ චරිතෙ ගැන හොඳට අධ්‍යයනය කොරල ගන පිහිටවල අකුරු ගලපල එහෙම නොවැ.


ඒ කාලේ ඉතින් ඔය වගේ වැඩකට තනියම බහින්න කකුල් දෙකට වීරිය මදි නොවැ... අර පිස්සට ගයාන් හිටිය වගේ කැවුමට සෙට් උනේ බන්ටිව. බන්ටි ත් මම හිතන්නේ ඔය කැවුමලගෙම ගමේ. ඉතින් ඔය හවස පන්ති දාට... ඒ කිව්වේ කෙල්ලට පන්ති දාට.... මුන් දෙන්න බත් මුල් දෙකකුත් බැදගෙන එහෙම ගාලු එන්නෙ. ඇවිත් ඕකත් කාල අර කෙල්ල පන්ති ඇරෙනකල් අජරාමර කට්ටකුත් කාල පස්සෙන් හැතම්ම ගනන් ඇවිදල... ඇවිදලත් බැහ දුවන්න ඕනි ඒකි පස්සෙ යනවනම්. හි හි.....


ඉතින් මාසයක් දෙකක් විතර පස්සෙන් දුවල දෙන්නත් එක්ක මේකෙ ඉවරයක් නැහ. කැවුම අහල තිබ්බට හරි හමන් උත්තරයක් දීල තිබ්බෙත් නැහ දන්න තරමින්. ඒත් ඒකිගෙ අකමැත්තකුත් පේන්න තිබුනේ නැහ.
ඒ හින්දම අපිත් හිතුවෙ ඔය ආසයි බයයි සීන් එකක් කියල.. දන්නෙ නැද්ද කෙල්ලොන් ගෙ කැටයම්.
 
ඔහොම ගිහින් කොහොමින් කොහොම හරි දවසක් අශ්වය කැවුමට පනිවිඩයක් එවල තිබ්බ හම්බෙන්න කියල... කට්ටියම හිතුවෙ වැඩේ ගොඩ තමයි... කැවුමත් සුවඳ සබන් ඇඟ ගාල පිලිවෙලක් වෙලා ගියා බලන්න අශ්වයව.


ඔන්න ඉතින් දවස් කීපයක් ගියා ආරංචියක් නැහ. දැන් කාලේ වගේ communicate කරන්න facilities නැහ නොවැ ඒ කාලේ. දැන් එව්වොන්ට mobile කියයි... facebook/ twitter කියයි.


ඉතින් දවස් කීපයකට පස්සෙ පිස්සටත් කැවුමව හම්බුනා ස්ටෑන්ඩ් එකේදි..


" ඈ බන් කැවුමො... උබ අපිට පාර්ටි එක දෙන්න වෙනවට මග අරිනවනේ.. කියපන් කියපන් මොකෑ උනේ ? "


කැවුමත් මූන පොඩ්ඩක් අවුල් කොරන්...


" මේ උබ කාටවත් කියන්නෙ නැහ නේද.. "


" කියපන් ඉතින් කාට කියන්නද... "


" ම්ම් මම ගයාන්ටයි... අමිලටයි... ( නම් 6 - 7 ක් කිව්ව ) විතරයි කිව්වෙ... " ( මූ හැමෝටම කියල තියෙන්නේ කාටවත් කියන්න එපා කියල... ඌ ඔක්කොටම කියල හි හි )


" ඉතින් කියපන්කො... "


" එදා මම ඒකි හම්බෙන්න ගියානේ... ඒකි මගෙන් උදව්වක් ඉල්ලුවා... "


" ඉතින් යකෝ උබේ කෙල්ලනේ... කරපන්.. "


" උබ මේ මඟුලක් කියනවනේ.. ඒකි කියනව ඒකි කැමතියිලු බන්ටිට...


මට කියනව බන් බන්ටිගෙන් අහන්න කියල ඒ ගැන "


කැවුම නිකන් අඬන සයිස්... මාත් කොර වෙලා ගියා මේ හරුපෙ අහල..


ඔන්න ඉතින් දැන් කට්ටියම එකතු වෙලා මේ ගැන සාකච්චාවක් දැම්ම... බන්ටි කැවුම ඇතුලුව...


බන්ටි ත් කොර වෙලා...


" අනේ බන් මම හීනෙන්වත් හිතුවෙ නැහ ඒකි ගැන... " වගේ ටෝල්ක් දෙනවා...


කැවුමත් මූනෙ හොටු පෙරන් මූඩ් එකේ...


අන්තිමට තීරනය උනේ කැවුම ඔය කෙල්ලෙ පස්සෙන් යෑම අත අරින්න සහ බන්ටි ඒකිට බැහ කීම.


මොකද ඉතින් චාටර් නේ බන්ටිය ඒකි යාලු කර ගත්තම.


කාලය සති 2ක් විතර ගියා... මෙන්න ආරංචියක් ආව බන්ටි ගිවිසුම කඩ කරල අශ්වය පිටේ යන්න අරන් කියල...


හොයල බලද්දි ඇත්ත සීන් එක. 

කැවුම ශෝකය දරා ගන්න බැරිව ඒ කාලේ අඬපු ගායකයන් මැරෙව්ව... ඌ ගාවින් ගියත් එක්කො අජිත් මුතුකුමාරන... වැලිතුඩුව... වගේ ශෝක ගීමයි ඇහෙන්නේ....

කැවුම ගෙ ෆිට් කොල්ලොන්ට ඕකට අම්බානෙක මළ පැනල මුන් දෙන්න දකින් දකින් තැන කෑ ගහල නෝන්ඩි කරා කාලයක්.. ඒ උනාට උන් නෙමෙයි ඒව ගාකට ගත්තෙ. අපි අපේ ආදර ලෝකෙ කියල බන්ටි අශ්ව ආදර අන්දරේ අවුරුදු 3 -4 ක් ගලාගෙන ගියා.


ඒ කාලේ කොහොම හරි ඔය සීන් එක කොල්ලො කවි කොලේකුත් ගැහුව නොවැ... හි හි මට මතක නැහ එක කවියක් වත්.. එක පේලියක් නම් මතක තිබ්බ ඒක පට්ට.

" අන්තිමේ සපෝටර් අශ්වය පිටින් ගියා.... "




************************


අර මෙලෝ රහක් නැති කුනුහරුප කාරය මේ පැත්තේ රිංගල තිබ්බ නිසා කොමෙන්ට්ස් ටික පොඩ්ඩක් බලල දාන්න ( moderate ) හිතුවා... ඒ ගැන සිදුවන අපහසුතාවයට සමා වෙන්න ඕනි.
අනේ ඇත්තමයි කුනුහරුප උනත් මූ එකමනේ දාන්නේ... පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා වෙනස් එකක් දාපන්. මෙලෝ රහක නැහ ඒ යකා නම්.


***********************


ළමයි මේ... අර පරණ සින්දුවක් තිබ්බා කවුද කියන්නේ නම් දන්නේ නැහ...




"" කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා... සුදු නංගියා මාගේ හිනැහී ගියා.... ""


ලඟ තියෙන කෙනෙක් දෙනවනම් පින් සිද්ද වෙනව.

Saturday, September 4, 2010

කව්ද බන් මේ මළ පරාලේ...

Share


අලුතින් යමක් ලිව්වෙ නැහ නොවැ කාලෙකින්... වැඩ අස්සෙ කම්මැලි කමත් ඇවිත්... ඒ මදිවට රෑ ජාමේ එක එක ජරමර මේ ටිකේම... මිනිස්සු උපදිනවා... ලංකාවට යනවා... ඔක්කෝගෙම සුරාව තමා... හපොයි... චික් චික්...


මේ ඒක නෙමෙයි බොලන්... කෝ මේ වැම්පියයි... ගඩොලයි... උන් දෙන්නත් නැහ නොවැ කාලෙකින්...

අනේ බොලන් ලියන්න දෙයක් එන්නෙත් නැහ... බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයකට ඔලුව දැම්ම අද... ඒ හින්ද මොනා හරි කුරුටු ගාල යන්න ඕනි කියල හිතුවා.

පිස්සා ගියා නොවැ ෆිසික්ස් ක්ලාස් එකකට ඉස්සර... සර් ප්‍රතාපසිංහ සර්. වැඩිය ක්ලාස් කොරන මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඔය ගිං ගඟ අසබඩ ඉසව්වක ඒ කාලේ කොලා පොඩියට පන්තියක්. වැඩියක්ම ළමයින්ට නිකන් ඉගැන්නුවේ... මම දන්න තරමින් ඒ කාලේ නම් ඉස්කෝලේ උන්ගෙන් සල්ලි ගත්තෙත් නැහ. කැමති අය දුන්න... බැරි අය නොදී උන්නා.


පහු කාලේ ගාල්ලෙත් ක්ලාස් කරා මම හිතන්නේ...
ඒ කාලේ ඔය සර් උගන්නපු ස්කෝලෙ උසස් පෙළ එව්වොන්ට වැඩිය උගන්නන්න ගුරුවරු හිටියෙ නැහ. සර් physics වගේම combined maths එහෙමත් පුලු පුලුවන් හැටියට කරා උන්ට ඒ කාලේ... වනියලගේ අයියලා ඒ ලෙවල් කරද්දි... අපොයි ඒකේ හිටිය කොල්ලො... උන් මහ මරු මුස් ඩයල් ටික. සර් මුන්ට ෆිසික්ස් පෙව්වා... සමහර දාට පීරියඩ් 8 ම ෆිසික්ස්.

කොල්ලො මාර ආදරෙයි මනුස්සයට. පොරගෙ එකම අවුල රෑට කන සාක්කුවෙ හිටින්න ගහනවා. 



සර් ඉතින් ඒකාලේ පන්ති කරද්දි ටික්කො බක්කො නැහ. කැමති උන් සර් ට සල්ලි දෙනවා... හැබයි ඉතින් එන හැම එකාම සර් ට කියල එහෙම පන්තියට එන්නේ... අලුතින් එද්දි...

දවසක් ආවා පොරක්... ඔය ගාල්ලෙ ස්කෝලෙක.. අපි ඉතින් දන්න කියන ( ඔව් ඔව් ඉතින් අපේ ස්කෝලෙ තමා ) එකා නිසා ඌට කිව්ව...  මචන් සර් ට කියල වරෙන් කියල...


දන්න කියන උන්නේ ඉන්නේ... වනියලගේ අයියල එහෙමත් කිව්වා..

" මල්ලි ගිහින් සර් ට කියල වරෙන් " කියලා...


" හහ්.. අපි අනික් ඒවටත් යන්නේ කියලද බන්... සල්ලි දෙනවනම් කිය කිය ඉන්න ඕනිය.. "

කියල මූත් ලොකු කමට ගිහින් ඔන්න දැන් රිවිශන් පන්තියේ ඉද ගත්තා.



හවස 6 ඉදන් 9 වෙනකල් වගේ මට මතක පන්තිය තිබ්බේ... ළමයි 60 ක් විතර හිටියා... හුඟක් ඉතින් සර්ගෙම ස්කෝලෙ ළමයි. කෙල්ලොත් කීප දෙනෙක් හිටියා.

දැන් ඉතින් අපේ පොරත් පොර සේ ඉන්නවා වාඩි වෙලා...

සර් ගානක් දීල පන්තිය වටේ රවුමක් දාන ගමන් මූව දැකල...

" ඈ බන්..කවුද මේ මල පරාලේ... "

අරූගෙ මූන නිකන් ඉදිච්ච ජම්බක් උනා....
කොල්ලො හූ කිය කිය හිනා වෙනවා... ඇයි ඉතින් මූට කිව්ව නොවැ සීන් එක කලින්ම...



" සර්... සර් මම... අමිල... " ( අපේ එකා නෙමේ )

සර් වගේ වගක් නැතිව හිනාවක් දාල ගියා...

ඌට එදා ඉදන් " මල පරාලේ " උප්පැන්නෙ නමටත් වඩා ප්‍රසිද්ධ උනා..

සර් ගැන කියද්දි... සමහර දාට පොර පන්තියේ ඉන්න ගමන්... ( ගමේ උන්මනේ ඉන්නේ.... )

" උබල දන්නවද... මම මේ ගමට එද්දි මේකෙ එව්වො කොල අතු ඇදන් නොවැ උන්නේ... "

කොල්ලො ඉතින්

" ඔන්න බොරු... ඔන්න බොරු... "

" මොකාද බොල බොරු කියන්නේ... අහපිය ගොහින් තාත්තගෙන්... "

" මම ඇවිල්ල තමයි බොල මේ ගමට බස් නැවතුම් පලක්... කඩ පේලියක් හදල දුන්නේ...

මම මුන්ට අදින්න රෙදි ගෙනත් දුන්නම මුන් අහනවා...  ඈ සර්.. මේව සරුංගල් හදන්නද කියල...
මම කිව්වා.. නෑ බොලන් මේව මහල ඇදපල්ල... කියල... "

කොල්ලො ඉතින් සූ සද්ද එහෙන් මෙහෙන් දානවා...

" අර බැංකු ගොඩ නැගිල්ල...මම තට්ටු දෙකට හැදුවම මුන් මගෙන් අහනවා... සර් මේකෙ උඩ තට්ටුවට නගින්න ඉනිමගක් කොයි කියල...  අන්න එහෙමයි බොලන් හිටියෙ මම  මේ ගමට එන්න ඉස්සෙල්ල... "

මහ කැත හිනාවක් එක්ක තමයි සර් මෙව්වා කියන්නේ...

" බොලගෙ ගමේ එව්වො හිතන්  හිටියේ මෙහේ විතරයි පස් තියෙන්න් කියල... මම කිව්ව බොලන් මුහුදෙන් එහාත් පස් තියෙයි කියල... කොහෙද උබල්ගෙ එව්වො අහන එකක් ය... "



කොල්ලො ඔරොප්පු කරන්න තමයි ඉතින් සර් මේ වගේ ටෝල්ක් දෙන්නේ... පන්තියේ අන්තිම විනාඩි 10 - 15 ඇතුලත තමයි ඉතින්...

මොනා උනත් මම වගේම හුඟක් කොල්ලො ගරු කරන මනුස්සයෙක්.. උන් යන්තම් හරි ඒ ලෙවල් ගොඩ දැම්මේ සර් නිසා කියල විශේශයෙන්ම ඔය වනියලගේ අයියාලාගෙ බැච් එකේ මරු මුස් සෙට් එක නිතරම කියනවා.

අපිට සමහර දාට රෑ 12 වෙනකල් පේපර් කරවල තියෙනවා... සල්ලි සත පහක් බලාපොරොත්තු නැතිව...

හැබයි කන සාක්කුවෙ... සර් හම්බුනේ නැහ හුඟ කාලෙකින්.. බැන්ද කියල ආරංචියි..

අදට ඇති නේ...

සර් ල ගැන කියද්දි බද්දෙවිතාන සර් ගැන ලියපු ජංගි ඇදපු කතාවයි රන් තැබිලි කතාවයි නොබලපු අය බලන්නකො..
Related Posts with Thumbnails