Tuesday, January 11, 2011

සැබෑ වෙන හීනෙකදි මුන ගැහෙමු සැබවින්... පිස්සා හා හා පුරා කියල 2011...

Share


අම්බානෙක වැඩ. සමාවෙන්ට ඕනි මේ පැත්තෙ එන්නවත් වෙලාවක් උනේ නැහ. සති 2කින් විතර ලිපියක් දාල නැහ කියල තේරුනෙත් දැන්.

හා හා පුරා කියල මුලින්ම 2011 ලියන්නෙ මේ ලිපියද කොහෙද..

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පිස්සත් ප්‍රාර්තනා කරනවා. ( වැඩිය පරක්කු නැහ නොවැ තව සති 50ක් ම තියෙන්නේ. )

ලියන්න කියල හුඟක් දේවල් නැත්තෙත් නැහ ඒත් වෙලාව තමා අවුල.

අර ගූගල් බස් එකට ගොඩ වැදුනා අභීත අයියගෙ හීනෙ ගැන පනින්ඩයක් දැකල ඒ ගමන් වැමිප්යගේ බස් එකක් දැක්කෙ මාව හොයල. අනේ මේ ඉන්නේ ඉතින්. අංශයක් වත් ඇඟට දාගන්න වෙලාවක් නැතිව. පිං ඉතින් හොයල බලනවට පිස්ස ගැන.

ආර්ථිකට්ය ලොකු අර්බුධයකට මූන පාල දැන් නම්. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු තමයි.
ආපු ගමන් ආයෙත් යං කියන්න තමා වෙන්නේ. හම්බු කරල ලංකාවට යන්න සබ්බ සකල මනාවම වියදම් වෙනව නොවැ. ගයාන් කියන්න වගේ එහේ ගොහින් එව්වොන්ගෙන් ඉල්ලන් තමා කන්න බොන්න වෙන්නෙ හික් හික්. 

කාල බීල ඉන්න මිසක් ඔව්ව ගොඩ ගහල මැරෙද්දි උස්සන් යන්නය. ඉන්න නෑ මිතුරු පරපුරටම පොඩි පොඩි යට හරි මොනා මොනා හරි ගත්තා. 

අහ් අභීතයගෙ හීනෙ ගැන කියන්න එපැයි. ටී එකක් දාගෙන ඩෙනිමකින් සැරසිලා පිස්සත් ඉදල නොවැ ඒකෙ. 
මොනව උනත් පිස්සත් ගොඩ බහින කාලේ අභීත ගොයිය දැකපු හීනේ නම් මල් මසුරං. බ්ලොග් ලියන කට්ටිය අපේ හැබහින් දැක බලා ගන්නවයි කියන්නේ හික් හික්...
ඔන්න එහෙනම් එදාටම බලා ගන්නකො පිස්ස ව.

" අඩෝ මේ උබද ? " කියල එකෙක් දෙන්නෙක් වත් අහනවා අනිවා හැබයි. හික් හික්. අනේ අහිංසක හීන්දෑරි කොලු ගැටය... හික් හික්.

ඔන්න ඉතින් අභීත අයියගෙ වචනෙන්ම මේ උත්සවේ තියෙන්නේ අප්‍රේල් 3වෙනිදා උදේ 9.30 ඉදන් හවස 03.30 වෙනකන්....... තිඹිරිගස්යායේ තියෙන හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ...

වැඩි විස්තර සදහා +94714449162 ඔන්න ඕකට ඇමතුමක් දීල අභීත මහත්තයට කතා කරන්න පුලුවන්.

වැඩි විස්තර කියවන්න එහෙනම් ගොඩ වදින්න මෙන්න මෙතනට.

පිස්සු හැඳෙන සඳ... එන්න කියවන්න වෙබ් අවකාශෙ ඉන්න ඔක්කොම......


හපුච්චියේ රෑ 12 ට කිට්ටු වීගෙන එන්නේ. තාම කාල නාල බීල මොකුත් නැති කොට.
එහෙනම් අපි විසික් වෙනවා ළමයිනේ.

ගොඩ බහින්න කලියෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්. ලියන්න කතා තිබ්බට වෙලාව නැති කමට ආයෙම සමාව භාජනේකම දාල ඉල්ලා සිටිනවා.

එහෙනම් සැබෑ වෙන හීනෙකදි මුන ගැහෙමු සැබවින්.



ඒ හීනේ සැබෑ කරගන්න හැමෝම පුලු පුලුවන් විදියට උදව් කරල සහභාගී වෙවී යයි පිස්සා හිතනවා.

20 comments:

  1. එල පිස්සා... ජය... තොරන් බැඳලා පිළිගන්නෙ ලංකාවට ආවම...

    පිස්සෙක්ට තොරං බඳින්න අපිට පිස්සුද බන්....

    ReplyDelete
  2. පිස්සු බන් අපි උබල ඔක්කොටම. හික් හික්. තොරන් නැතත් ඔය හීනෙ දැකපු රවුම් එව්ව ටිකක් දීල පිලි ගත්තනම් හික් හික්

    ReplyDelete
  3. පිස්සෝ එදාට ඇත්තටම දැකගමු...

    ReplyDelete
  4. අපි නැතත් උඹලා සෙට් වෙලා ෆන් එකක් ගනිල්ලා. අපිටත් සතුටුයි.

    ReplyDelete
  5. මගේ ගුරුතුමා සියැසින් දැකගන්න මට වාසනාව නැති හැටි . ලඟ පාතක වත් මම හිටියනම් . නැව වරායට ලංකරනකොටම මම පැනලා පිස්සා අයියාව පිලිගන්නවා .

    අයියා කනාවට හරි අපේ පලාතට ආවොතින් "මුල්ල පටස්" සග්‍රහයක් කරලා යවනවා . ආයේ අමතක නොවෙන්න .

    ජය වේවා !!

    ReplyDelete
  6. එලස් කිරිස් නෙව.
    එහෙනම් ක්‍රීඩාංගනේටම ගොඩබාන්න. :D

    ReplyDelete
  7. ආ එල එල!!! පිස්සයියාව දැකගන්න අපිත් ආසාවෙන් හිටියෙ. බ්ලොග්අවකාශෙ අපිට එදා ඉදලා හිටපු හොදම යාලුවෙක් නොවැ! එහෙනං එදාට සෙට් වෙමුකො. අපිට අවුරුදු උත්සවෙත් එක්කම ලංකාව වර්ල්ඩ් කප් ගත්ත සතුටත් විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  8. යකෝ මෙන්න හෙලයාත් ඇවිල්ලා. "අපි නැතත්" කියන්නෙ මොකද? උඹත් වරෙන්

    ReplyDelete
  9. එල එල පිස්සයියා ඉක්මනට ම එන්න කෝ. පුලුවන් උනොත් සෙට් වෙලා ප්ලේන් ටී එකක්වත් ගහමු. (අනිත් ඒව ගහන්නේ නෑ නේ)

    ReplyDelete
  10. ආ එහෙනම් කට්ටියම බලාගන්න පුලුවන් වෙයි නේද??මොකද්ද බං මේ මූනු පොතේ අවුල.උඹටත් msgකරන්න බැහැනෙ.

    ReplyDelete
  11. බ්ලොග් ගඩොල් :- එන්න වෙන්න නෑ මචං. මං දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ. අනිත් එක, මම මේ නිවාඩුවට ලංකාවට එන්නේ නෑ.

    ReplyDelete
  12. priyantha.ඒබී : ඔව් ඔව් හමුවෙමු :)




    හෙළයා : හපොයි බන් උබව දැක්ක කල්. ලංකාවෙන් ගියාද.. ? කොහෙ හරි කමක් නැහ සන්තෝසෙන් ඉන්නවනම් මචන්. ඉදල හිටල හරි මෙහෙම ඇවිත් යන එකම මදැයි. මා ගාව උබේ ඊ ලිපිනය තියෙනවා..




    හිස් අහස : පිස්සු පීකුදු. පුංචි සර් වැරදිලාවත් කොලඹ දිහා එනවනම් කලින් කියපිය.. ඔය ප්ත්තෙ නම් එවෙන්නෙ නැහ ඉතින්... බලමුකො දන්නෙ නැද්ද අපේ අයියලා ආරු ගම්බේ යමු කිව්වොත්.

    ReplyDelete
  13. raala : හික් හික්



    blog gadol : ආයෙත් අහල. පූසො බියර් බීපු දවසෙ ඉදන්ම ගඩොල් බලපු ම්ම නේ හික් හික්. 96 දුන්න බැටේ මේ පාරත් දෙනව බැටේ කියාගෙනම සෙට් වෙමු හික් හික්.



    කොඩී : ඔය ප්ලේන් ටී එකක් ගහමු බන්... සෙට් වෙන එකනෙ වැදගත්. උබත් ඉතින් එදා ඉදන් මේ පැත්තෙ ආව ගිය එකා නොවැ.




    dinesh : උබ එන එක අනිවා ඩෙෆා ද දැන් ?? ඔන්න මම එව්ව පනිවිඩයක් උබට.

    ReplyDelete
  14. ඔව් මචං. වරදක් නෑ හොඳින් ඉන්නවා. වෙලාව තියන විදිහට ඇවිත් බ්ලොග් ටික කියවලා යනවා මචං.

    ReplyDelete
  15. මට නම් ඉතින් ඕං ඕවට එන්ට වෙන්නේ නැහැ... ආයෙම ලංකාවෙන් පිටත් වෙන්ට වුණා නොවැ.... ආයෙම එනකොට ඉතිං ජූලි පහුවෙයි... මොනව කොරන්ටද... පිස්සගේ මූණ පොටෝ කටට්කින් වත් බලා ගන්ට වෙයි වගේ....

    ReplyDelete
  16. Admin : හොඳා හොඳ... බලමුකො



    හෙළයා : හොඳින් ඉන්නවනම් එච්චරයි මචෝ



    Hasitha ජයසූරිය : එළ නෙමෙයි වර හික් හික්



    Jeew : හප්පේ දැක්ක කල්.. මම නම් දැක ගත්ත උබව අර සින්දුවක් කිව්ව වීඩියෝ එකෙන්. තාම ලංකාවෙද ? උබ කවද්ද යන්නේ ?

    ReplyDelete
  17. සැට් වෙමු සැට් වෙමු අනිවා...!!!

    ReplyDelete

Related Posts with Thumbnails