Wednesday, January 19, 2011

මට පාඩුවෙ ඉන්න දීල උඹත් පාඩුවෙ ඉදපන්

Share



ඔව් මම උඹට ආදරය කලා... හුඟක් ආදරය කලා..
ඒත් උඹ හෑම තිස්සෙම ඒකට පයින් ගැහුවා..
උඹ මට උඹව එපා කරා.. ටිකෙන් ටික..


හෑමදාම මම උඹෙන් ඇහුවම උඹ මට කිව්වෙ..
" හොඳ යාලුවෙක් වගේ ඉන්න " කියලා..
 ඒත් ආදරය හිතුනම ඒක යට කරන් යාලුවෙක් වගේ ඉන්න මට තේරෙන්නෙ නැහ..


ඔව් මම ආයෙ ආයෙ ඇහුවා.. උඹට මතකද.. හැමතිස්සෙම උඹ කිව්වෙ..


"යාලුවෙක් වගේ ඉන්න. "


මම අන්තිම වතාවටත් ඇහුව.. උඹට මතකද...


එදත් උඹ කිව්වෙ... යාලුවෙක් වගේ ඉන්නවනම් ඉන්න.. නැත්තම් යන්න කියල..


ඔව් මම ගියා.. මොකද මට උඹව යාලුවෙක් වගේ දකින්න් බැරි නිසා. උඹ දන්නවද එදා මම ඒ ඇහුවෙ උඹට තිබ්බ ආදරේ අන්තිම බිංදුවටම අඩු උනාම..


උඹ ඒ ආදරේ මැරුව. පන ඇද්ද ඒ ආදරේට වතුර පොදක් වත් නොදී මරල දැම්ම.




උඹෙන් මම ඈත් උනාම උඹට මාව ඕනි උනා... ඔව්


උඹ ආව.. උඹත් එක්ක ඉන්න කිව්ව... මම මැරිච්ච මිනිහට පන දෙන්න බයෙන් උබෙන් ඇහුව..


" ඇයි මේ "


උඹ කිව්වෙ


" මට ඔයාව බඳින්න බෑ තමා... ඒත් ඔයාට කෙල්ලෙක් හම්බු වෙනකල් ඉන්න මාත් එක්ක කියල "


මේ මොන කතන්දරයක්ද කියල මම උඹට බැහ කිව්ව.. ඔව් මැරුනු එක ඒ විදියට උන්නාවෙ...


උඹ ආව.. ආයෙ ආයෙ.. එක එක එව්ව කියාගෙන..


ඒත් මට දැන් උඹ ගැන ආදරයක් හිතෙන්නෙ නැහ..


උඹ අදටත් ඉල්ලන්නෙ මාත් එක්ක ඉන්න වෙන කෙල්ලෙක් හොයා ගන්නකම් කියල..


උඹ අනාගතයක් ගැන කියන්නේ නැහ..


උඹට මොකක්ද ඕනි.. කියපන් මට වද නොදී..


මම උඹ ගැන බලන්නෙ දැන් දුකෙන්.. ඒත් ඒක වයිරයක් කරන්න එප මට වද දීල.


මට පාඩුවෙ ඉන්න දීල උඹත් පාඩුවෙ ඉදපන්.


මට හැංගි මුත්තම් සෙල්ලම් කරන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නේ මම. ඒක තේරුම් ගනින්... දෙවේයන්ගෙ නාමෙට මට පාඩුවෙ ඉන්න දීල පලකො....






ප.ලි : ඉස්සරම මගේ බ්ලොග් එක බලපු අයට මේ කියන්නෙ මොකක්ද කියල මතක් වෙයි. ඒත් එහෙම නොවුනොත් ඒ මොකක්ද අහන්න එප.. ඒ අතීතෙ වලල ඒ ලිපිත් බ්ලොග් එකේ නැහ දැන්.


ඒ එක ලිපියකට නිලන්ත කියල කෙනෙක් මෙහෙම කොමෙන්ට් කරල තිබ්බ


"" අපෝ මල්ලී, උඹ නම් අහුවෙලා තියෙන්නේ පූරුවේ කරුමයකට. ඕක බැන්දත් උඹට නම් සැනසීමෙන් ඉන්න වෙන්නේ නැහැ. ඕක බැදගත්තේ නැතත් උඹට සැනසීමෙන් ඉන්න වෙන්නේ නැහැ. මොකද ඕක ගැන උඹ පස්සේ හරි හිතන නිසා. ඔය කෙල්ල හැමෝගෙන්ම ආදරය හොයන කෙනෙක්. ගෙදර ගියත් උඹ නසී මඟ සිටියත් උඹ නසී. හරිම දුකයි මලයෝ උඹ ගැන.  ""


එදා ඒක පිලි නොගත්තත් අද නම් ඒ දේ ඇත්ත නේද කියල අනන්ත හිතෙනවා.

22 comments:

  1. මට පොඩ්ඩක් විතර තේරෙනවා උඹ කියන්න හදන දේ.

    ReplyDelete
  2. මචං 'බ'යන්න අඹ 'බ'යන්න කලොත් ලස්සන වෙයි නේද?

    ReplyDelete
  3. ඔය කියන පෝස්ට් එක මම කියවලා නැතුව ඇති...

    ReplyDelete
  4. පිටස්තරයා : උඹට තේරුනේ මොකක්ද මචන් ?

    බ යන්න වෙනස් කලා මචන්. ස්තුතියි ඒක පෙන්නල දුන්නට. මට ඒක එච්චර මීටර් උනේ නැහ.



    සෝරෝ : එකක් නෙමෙයි බන්.. හුඟක් තිබ්බා.. ඒ හැමදේම වලලල දාල ඉන්නෙ බන්.. ඔලුවට වදයක් නිසාම මේක ලිව්වෙත්.

    ReplyDelete
  5. අයියා මෙතෙක් ලියපු කතා සියල්ලෙහි සාරාංශයක්...... හැබැයි එදා හිටි පිස්සා විදියට නෙමෙයි. ටිකක් ආවේගශීලීව......

    ReplyDelete
  6. හා පැටික්කි (MS) : ඔයා හරි. ඒ සිද්දිය ගැන දාඅපු පෝස්ට් ඔක්කොගෙම සාරාංශයක් කියල මටත් දෑන් හිතුනේ. ඒත් අන්තිමට පෝස්ට් එකක් ඒ ගැන දාපු දවසෙ ඉදන් මේ වෙද්දි ආවේගශීලි නොවී බැරි තරම් දේවල් වෙනස් වෙලා..

    ReplyDelete
  7. කෙලින් තීරණයක් ගන්න බැරි කෙනෙකුගෙ පාලු මකන්න කාලය කා දමනවා කියන්නෙ තමන්ගේ ජීවිතය/කාලය තමන් විසින්ම විනාශ කරගන්නවා කියන එකයි..
    ඒ නිසා මේ අවසානය ගැන මාත් එකඟයි..

    ReplyDelete
  8. anthimata aran tiyenne hari theeranayak. meka matath sameepai, mamath ohoma therenayak gaththa , mama nam kollek neme kellek .

    ReplyDelete
  9. මට සෑහෙන දුරට මතකයි උඹේ කතාව මචං. උඹ අද මේක ලියලා තියෙන්නේ සෑහෙන පීඩනයකින් වගේ. උඹේ පෝස්ට් එක ගැන මුකුත් ලියන්න නම් මම යන්නේ නෑ.

    උඹ ලියපං කොල්ලෝ. අපි ඉන්නවා. හිත නිදහස් වෙනකම් ලියපං.

    ReplyDelete
  10. මොකද යනකොට දාලා ගිය පිස්සුව..ආයේ එන්න කිට්ටු වෙනකොට ආයෙමත් හැදෙන්නද..?
    භූමි දොසේ..වෙන මොනවද..?

    ReplyDelete
  11. RoshanHerath : ඔව් ඇත්ත. ඒත් මේ විදියට වද දීම මහ වදයක්.


    ඇනෝ : හ්ම්ම්.. ඒ තීරනේ ගැන මමත් සතුටුයි.



    හෙළයා : ඔව් උබ ඒ කාලේ ඉදන් මේ බ්ලොග් එක බැලුවනේ.. පීඩනයක් තමයි බන්. එපා වෙනව වෙලාවකට. ටික දවසක් මම මොබයිල් ඕෆ් කරලත් හිටියා... හ්ම්ම්. එපා වෙනවා ඇයි බන් සිංහලෙන් කිව්වම තේරුම් කරල තේරෙන්නෙ නැද්ද.



    මාරයාගේ හෝරාව : යනකොට දාල ගිය එකක් නෙමෙයි බන් අයියේ.. මෙහේ ඉද්දිම උනු කතා තමා. භූමි දෝසයක්නම් මෙහේ එකක් ම තමා.

    ReplyDelete
  12. මන් මෙකේ මුලක් නම් දනේනේ නැ ඒත් අර කොමෙන්ට් එක නිසා ගොඩක් දේවල් හිතෙනවා. පරන දේවල් නිසා අහනේත් නැ. වලලපුවා වලලම දාන්න.

    ReplyDelete
  13. සමාවෙයන් මචං ,මටත් මේකනම් තේරෙන්නෙ නෑ.ඒ උනාට උඹේ මේ කතාවනම් සහතික ඇත්ත.

    "ඒත් ආදරය හිතුනම ඒක යට කරන් යාලුවෙක් වගේ ඉන්න මට තේරෙන්නෙ නැහ.."

    හැබෑටම උඹ ටිකක් සීරියස් බුවෙක් හින්ද වැඩිය මොනාවත් කියන්න යන්නෙ නෑ.ඒ උනාට කෙල්ල කියන විදිය ගැනත් ඉතිං චුට්ටක් හිතල බැලුවට අවුලක් නැද්ද මන්ද???උඹට ඇනයක් වෙන්නෙත් නෑ කියනවනෙ බං .හික්.......ඒ උනාට කලින් සි‍ටුවේශන් එකනම් මං දන්නෙ නෑ මචෝ.

    ReplyDelete
  14. මචන් උබ වාසනාවන්තයි..උබ බේරුනා කියල හිතාගනින්..මම ආදරේ නිසා,එයා වෙනුවෙන් එයාගේ අයියව රට යවන්න වීසා හැදුව ලක්ශ 15 වියදම් කරල.ඔක්කොම හරිගියාට පස්සෙ එයත් කිව්වෙ ඔය කතාව..එයා වෙන කෙනෙකුටලු ආදරේ..මම තවමත් ඒ ණය ගෙවනව..ඒත් තවමත් ආදරේයි එයාට..

    ReplyDelete
  15. එපා කියල ගියා නම් යන්නම පලයං. ආයෙ පස්සෙන් ඇවිත් වද දෙන්න එපා. ඉස්සර හිටපු "මම" දැන් මැරිලා. අලුත් "මට" උඹව එපා...

    ReplyDelete
  16. ආදරෙයි කිව්වාම යාළුවෝ වගේ ඉමු කියන කෙල්ලෝ සෑහෙන්න ඉන්නවා. උන්ට පිස්සු කොහොමද එහෙම ඉන්නේ.

    කලින් කතා බ්ලොග් එකේ නැති වුනාට මේක කියෙව්වාම මුළු කතාවම හිතා ගන්න පුළුවන් වගේ

    ReplyDelete
  17. උඹ මගේ හිත් කියෙව්වා වගේ මචං.............

    ReplyDelete
  18. කතාව මැකුවට මතකයි මචං ඔන්න ඔහේ මේක වත් කුරුටු ගාපන් හිත හැදෙන කල්.....

    ReplyDelete
  19. පිස්සු පුසා : වලලන්න ඉඩ නොදෙන එකනෙබන් මේ කරුමේ... හ්ම්ම් අනේ මන්ද




    dinesh : උබ කියන දේ මට තේරෙනවා. ඒක මෙතනට හරියන්නෙ නැහ බන්



    මැට්ටා.. : ඔව් දුක හිතිල හා කියල හිටියොත් මට වෙන්නෙත් එහෙම දෙයක්.

    " අනේ අම්මිල කැමති නැහ මම අම්මිල හෙව්ව කෙනාව බඳිනව ඔයත් හොඳ කෙනෙක් බඳින්න කියයි "

    ReplyDelete
  20. කොඩී : අලුත් මට උබව එපා... ඕක මම කිව්ව බන්




    පූසා : පිස්සු නැත්තම් මෙහෙම කතා කියනවද බන්... සිරාවටම මට දැන් එපා වෙලා




    අරා : එකම බෝට්ටුවේ වගේ



    නිශ් : ඔව් බන් වෙන මොනව කරන්නද කියන දේ තේරුම් නොගන්න කොට. ස්තුතියි ආවට මේ පැත්තෙ..

    ReplyDelete
  21. මම නම් ඔහොම හිතන්නේ නෑ බන්

    ReplyDelete

Related Posts with Thumbnails