skip to main |
skip to sidebar
ලියන්න දෙයක් හිත හිත ඉද්දි ඉස්සර බලපු ටිවි සීරිස් ටිකක් ගැන ලියන්න හිතුනා. හේතු 2ක් නිසා.
එකක් සතියක් තිස්සෙ බාන්න දාල යන්තම් ඉවර කර ගත්ත පරණ සීරිස් දෙකක් නිසා.
කට්ටියට මතකද මායා බන්ධන... එහෙමත් නැත්තම් Spell Binder. . සීරිස් 2කම බාගත්තා. අර රියානා කියල සුරතල් කෙලි පැට්ටියක්.. පෝල් කියල සමාන්තර ලෝකෙක හිර වෙන කොල්ලෙක්... එක්ක බලයට පොර බදන මාය බන්ධක අශ්කා... ඉන්න පලවෙණි සීරිස් එක බලන්න ගත්තා
වෙලාවක් නැති එක තමා වැඩේ ඉතින්. සීරිස් දෙක නම් මට ලාවට වගේ මතක.. අර අමුතු කොන්ඩ කෑල්ලක් දාපු චීන කොලුවා ඉන්නෙ.. ඒ කාලේ මටත් උනක් තිබ්බා එහෙම කොන්ඩෙ කපන්න හික් හික්. ඉස්කෝලෙ නෙමෙයි ලොවෙත් නැහ ඉතින් ඒ කාලේ එහෙම කැපුවනම්. හික් හික්.
ඒ එක්කම අර ශර්වුඩයේ රොබින් හුඩ් ගැන මගේ මතකය... ගැන ලියපු ලිපියට වැටිලා තිබ්බ කොමෙන්ට් එකක් තමා අනික් හේතුව මේ ලිපියට. අහස් ගව්වෙ TG දාල තිබ්බ කොමෙන්ට් එකේ ඒ කාලේ
බලපු ටි වි සීරිස් ඔක්කොම අගේ මතක් කරල තිබ්බ.
Night Rider
Taarzen
Swiss Family Robinson
Ha Ha Hari Haawa
දොස්තර හොද හිත
Little House on the Preyari
Oshin
Malgudy Days
Texas Rangers
ඔය ලිස්ට් එකට මට එකතු කරන්න තියෙනවා
Spell Binder
ocean girl
Tin Tin
ගලිවර්
තව මතක් උනොත් ලියන්නම්. ටී ජී ගෙ ලිස්ට් එකේ Little House on the Preyar , Texas Rangers කියන දෙකනම් මට මතක නැහ.අනික්ව නම් හුඟක් ආසවෙන් බලපුවා.
ඒ එක්කම.. රොබෝ කොප්.. the ෆ්ලෑශ්.. සුපර් මෑන්.. සින්බෑඩ් වගේ විවත් එහෙන් මෙහෙන් බැලුවට ඒ තරම්ම අල්ලල ගියේ නැහ.
ඔන්න දැම්ම විශබීජයක්.. මතක් කොර නොවැ ඔශීන්. ඔක්කොම වැඩ තියල ජංජාලෙම හෙව්ව.. කිසිම හෝඩුවවාක් බාගන්න.. ගන්න තැනක් ගැන නැහ නොවැ. එක තැනක $ 250 කට තිබ්බ. හපොයි ගාන වැඩි නොවැ.
යූ ටියුබ් එකේ ඔශීන් පටන් ගද්දි ගිය මියුසික් එක නම් හම්බුනා... අවුරුදු කීයකට කලින්ද බැලුවෙ..
ඔතනින් බලන්නකො ඒක.. මියුසික් එක ඇහෙද්දි මොකද හිතෙන්නේ...
ඔශීන් බලද්දි මට යන්තම් මතක තියෙන කාලෙ වෙන්න ඕනි.. ඒත් මට මතකයි.. ඔශීන් එයාගෙ මුනුපුරන්ට එයාගෙ කතාව පොඩි කාලේ දන් කියන එක තමයි ගලාගෙන ගියේ... පවුලේ හැමෝම ඒ කාලේ බැලුව කතාවක්. ලගදි පෙන්නපු බවක් නම් මතක නැහ.
රූපවාහිනි සංස්තාවෙන් ඔය ගලිවර්... හොඳ හිත වගේ සිංහල හඩ කවපු ඒවයෙ ඩී වී ඩී එහෙම ගන්න පුලුවන් කියල අහල තියෙනව... කවුරු හරි ඒ ගැනත් කිව්වනම්... ලින්ක් එකක් එහෙම දුන්නොත් විස්තර බලන්න...
මෙන්න මූ පොඩි එක වෙන්ට යනව... හික් හික් ඔව් ඔව් වෙලාවකට එහෙම තමා.
ඒ කාලේ මතක මේ ටෙලි ඩ්‍රාම තුල සැඟවිලා තියෙන්නේ. එව්ව මිල කරන්න බැහ නොවැ.
ඒ අස්සෙ ආසවක් ආව Ocean Girl බාල බලන්න ඕනි කියල.. RS ලින්ක් ටිකක් හම්බ උනා බාන ගමන්. බාල තමා එව්වයෙ හොඳ නරක කියන්න වෙන්නේ.
මේ පෝස්ට් එක දැන් පැය දෙකක විතර ඉදන් ටයිප් කොරන්නේ. ඇයි ඉතින් මතක් වෙන වෙන එක හොයනව නොවැ. ඔය ඇති.
ඔන්න ස්පෙල් බයින්ඩර් කැමති කෙනෙක් ඉන්නව නම් මෙන්න ටොරන්ට් ෆයිල් දෙක බාගන්න. ටිකක් ලොකුයි ඉතින්.
පලමු සීරිස් එක
දෙවැනි සීරිස් එක
අහ් STAR GATE වලට කැමති කෙනෙක් ඉන්නවනම් RS ලින්ක් තියෙනව මට ඊ ලිපියක් හරි මූනු පොතේ පනිවිඩයක් හරි එහෙමත් නැත්තම් කොමෙන්ටුවක් හරි දැම්මොත් එවන්නම් ඒකත්.
ඕශන් ගර්ල් එකත් එල්කිරි වගේ වැඩ.. පලවෙනි කොටස ඉවරයි. හැබයි ඉතින් RS ප්‍රීමියම් තියෙන්න ඕනි ඉතින්.
අමතක උනා නොවැ ලඟදි ආව සීරිස් වලින් නම් මම ආස 24, Prison break, Robin hood BBC ටිකට තමා. ගිය පාර ලංකාවට ගිය වෙලේ අර නුගේගොඩ ප්ලේස් එකෙන් ඔක්කොම සීරිස් ටික ඔය 3 ම අරන් ආව. සීරිස් එකක් 200 ගානේ. බාන්න යන දුක බලද්දි උගෙන් 200 ට ගන්න එක ලාබයි ඉහටත් උඩින්. කොලිටියත් උපරිමයි ලස්සනට පැක් කරල කවරෙ දාල දෙනවා. ඒ වගේම ඇතුලේ තියෙන එව්වත් ඒ වගේම කොලිටි කොපි.
How i met your mother බාන්න ගත්ත කට්ටිය හොඳයි කියන නිසා. Lost එකත් උස්සන් ආව ලංකාවෙ ඉදන් අපරාදෙ සල්ලි කියල හිතුනා. මෙලෝ රහක් නැහ ඒක මට නම්.
එහෙන් මෙහෙන් අමුනල බලද්දි ලිව්ව දේකුත් නැහ... මෙතනින් නවතින්නම් ඔය ඇති නොවැ අදට. මායා බන්ධන බලන්නත් එපැයි... අනික ඉතින් බාන එකක් එන්න කලින්. මොකෝ ලංකාවෙ ඇවිත් ඔව්ව බාන්න වෙලා තියෙයි හික් හික්.
ළමයි අවුරුදු උත්සවේ අමතක කරන්න එපා ඔන්න... අපි ගියා.
ප. ලි : කට්ටිය කියපු ඒවයෙන් මට මග ඇරුනු කිහිපයක්ම සදහන් වෙලා..
වයිපර් ( රතු කාර් එක ඇලු වෙනව වහල ගැලවෙනවා එක විකාරයයි. )
එයාර් වුල්ෆ්. ( මම මයේ හිතේ 1 නැත්තම් 2 දි ගියේ. )
සීනා... ( පස්සෙ සීනා පිස්සු කරපු වීඩියෝවකුත් ආව මයෙ හිතෙ හික් හික් )
එකස් ෆයිල්ස්. ( අපෝ ඒක බැලුව කියන්නේ නිදි නැහ ඉතින් එදාට )
බේ වොච්. ( හික් හික් ඒක ඉතින් අපොයි තමා. ඒ කාලේ ස්විමින් සූට් එකක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්ක කියන්නේ සිල් පවා බිඳෙනව නොවැ. සිරසෙද කොහෙද ගියේ.. කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉදල හොරෙන් සුට්ටක් බලනවා. )
තව සීරිස් කිහිප්යක්ම කට්ටිය සඳහන් කරල තියෙනවා. මට නම් ඒ තරම් මතකයක් නැහ.
ඔය ලිස්ට් එකෙ හුඟක් ඒවා මං බලලත් තියෙනව. ඔය ඇරුණම ලඟඳි ආපු Water Margin මම ආසාවෙන්ම බලපු එකක්. ඕලෙවල් හෙට නං අද Water Margin බැලුවෙ. අම්ම කිව්වේ සී එකක් දැම්මේ ඕක හින්ද කියල. 2011 දි තව Water Margin එක්ක එයි. 1997 එකනං බාන්න හොයන්න අමාරුයි.
ReplyDeleteLOST මගේ ආසම TV series එක. හතර වෙනකන් එක දිගටම බැලුවා. හැබැයි හතර බලලා දැන් අවුරුද්දකටත් වැඩියි. පහ බලන්න ගියොත් ලොසේ ලොස්. ඒක නිසා මුල ඉඳන්ම බලන්න වෙනවා.
Star Gate SG-1 හත් වෙනි එක වෙනකන් බාලා බැලුවා. ඉන් එහාට බාන්න විදියක් තිබුනේ නෑ. 12ක් විතර තියෙනව මම හිතන්නේ.
අනිත් එක supernatural.. ඒක නොකියම බෑ.
ReplyDeleteඒ කාලෙ කාටුන්, හඬ කවපු වැඩසටහන් නියමයි! දැන් තියන කාටුන් වල ඉන්නෙ මහ බක පණ්ඩිත පොඩි උන්. ඊටත් එහා ඒවයෙ තියෙන දෙපැත්ත කැපෙන වචන!
ReplyDeleteවෙලාවක් තියෙනවනං මේවත් බාල බලන්න, එලම තමයි මේවත්
ReplyDeleteTerminator: The Sarah Connor Chronicles
supernatural [fantasy/ mystery/ Action]
The Event [Science Fiction]
Human Target [Action/ crime/ detective]
santuary [fantasy, mystery]
Heroes [Fantasy]
Cougar Town [comedy]
Dall House [fantasy/ mystery/ Action/Science Fiction]
අර ලිස්ට් එකේ පිස්සා අයියට මතක නැති 2 ගැන නම් මට පුංචි මතකයක් වත් නෑ..... ඔෂීන් ගැන යන්තම් ඡායාවක් තියෙන්නේ.
ReplyDeleteමේවට අමතරව වැඩි කාලයක් නැති සුවාධීනේ ගියා තව කතා මාලාවක් ඒකත් බැලුවා. මට නම නම් මතක නැහැ.
ඔය ලිස්ට් එකටම සීzනාත් (අර කලින්ම ගිය එකත පස්සේ ආපු එක නම් මළ ජරායි මට) මං ආසාවෙන් බැලුවා. මේ දවස් වල ඉතින් පුල් හවුස් වලට කස්ටිය පිස්සු වැටිලනේ.
පිස්සු පූසාත වලස් මාමා ඉගුරු පාන් මල්ලි ඥාණකතා මල්ලි වගේ සුට්ටි කාටුන් සීරිස්තුත් ඉතින් ඔව්වටමනේ අයිති. :D :D :D :D
ඔයාට පොඩි එකක් අමතක උනා. අර මෝල්ඩර් කොලුවගෙයි, ස්කලී කෙල්ලගෙයි කතා සෙට් එක. ඒ කාලේ මහ රෑ ඕක බලලා බයේ තමයි නිදා ගන්නේ.
ReplyDeleteතව ගියා AirWolf කියලා එකක්. අර හෙලිකොට්ටරයක් තියෙන්නේ. ඒ කාලේ පිස්සු හැදෙනවා ඒකට.
ඇයි 2000-2001දි ගිය "ඇමේසන්".අර කැලේ මැද්දට හෙලිකොප්ටර් එකක් කඩන් වැටිල ඒකෙ ඉන්න බුවාල ටිකකුයි ස්වීට් කෑල්ලකුයි කැලේ මැද්දෙ අතරමං උන කතාව.
ReplyDeleteආයෙ "misfits of science" කියල 94දි ගියා එල කතාවක්.
ඔය අස්සෙ ඉතින් "beverly hills " කියල teen drama සීරිස් එකකුයි," Baywatch "කියල ඇඩල්ට්ස් කතා සෙට් එකකුයිත් බැලුවා.Baywatch එකේ හිටියෙ ඕං අපේ knight rider නළුව.
"බේ වොච් "ගැනනම් දන්නෝ දනිත්.....හික්.....හික්.....
මම ඉස්සර ඉදං හොයපු ටීවී සීරියස් එකක් තිබ්බා
ReplyDeleteපොඩි කාලේ බැලුවා මට හැබැයි ඒකේ නමවත් මතක නෑ , කතාව නම් මතකයි
මට ඩව්න්ලෝඩ් කරන්න තමයි බැරි # :( කාට හරි පුලුවන් නම් මට මේ වගෙ ටිකක් ලබා දෙන්න
කාට හරි මතකද මෙන්න මේ කතා
කොල්ලෙක් බල්ලෙක් වෙන එකක් ( බල්ල dulux ඇඩ් එකෙ ඉන්නවා වගෙ බල්ලෙක් )
අනිත් එක නම් පොඩි සයන්ස් කතාවක්
ස්පෙන්ස් වගෙ නමක් තමයි තිබ්බෙ
ඔන්න ඔය දෙකේ ඇත්ත නම් දන්නවද ?
Kolla ballek vena tv show eka "Woof"
Deletehttp://en.wikipedia.org/wiki/Woof!
නියමයි පරණ මතකය අලුත් වෙනව. ටීවී තියෙන ගෙවල් වලට දුවල ගිහින් කොහොම හරි ඕව බලනව. මම දැන් ගොඩකල් ඉදන් හොයනව අයි ටී එන් එකේ ගියපු අලකලංචිය කියල ටෙලිනාට්‍යයක්.
ReplyDeleteමැරෙනකන් හිනාඋනා මතකයි ඔක බලල. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනන් තියෙන තැනක් හරි විස්තරයක් කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද??
අනේ මේ කතා කොච්චර ලස්සනද නේද? star gate ත් හොඳ කතාවක් තමා. මොන වැඩ තිබුණත් මමත් පහුගිය ටිකේ spell binder බැලුව. බලනකොට මාත් පිස්සගෙ ගොඩේම නොවැ.
ReplyDeleteඅර කොල්ලෙක් බල්ලෙක් වෙන කතාව මමත් බැලුව වගේ මතකයි. අනේ නම මතක නැහැනෙ. මෑතකදිත් ජාතික රූපවාහිනියෙ ගියා :(
ReplyDeleteමට Around the twist එකත් හොදයි.ඔය walker texas ranger කියන්නෙ chuck norris ඉදපු එකනෙ.ඒකත් නියමයි.
ReplyDeleteපුලුවන්නම් Flash Forward series 1 බාගෙන බලන්න.කාටවත් එපා වෙන්නෙ නෑ.ඒක තමයි මම බලපු හොදම tv series 1
ReplyDeleteKnight Rider ලියලා තියෙනවා වැරදියි.
ReplyDeleteමම ocean girl season 4 ම බෑවා.
Smallville season 9 මයි 10 යේ ep11කුයි බෑවා.
ඒ කාලෙ Little House on the Preyari ත් ටීවි එකේ ගියාද?
ReplyDeleteමන් ඒක නම් බලල නෑ.ගන්ගා නිරොශිනි සුදුවෑලිකන්ද ලියපු සින්හල කතා පොත් ටික නම් කියවල තියෙනවා. අනික් ටික නම් බලල තියෙනවා.
"Ripley's Believe it or not" බලලා තියෙනවද? අර සුපර් මෑන් ඉන්නෙ. තව Viper, Silver shadow ,Smallville,...
ඕ තව ගොඩක් තිබ්බා
නම් නම් මතක නෑ
ටික කාලෙකට කලින් 'සුසුරන්' කියලා හඬ කවපු ජපන් ටෙලියක් ගියා රූපවාහිනියෙ. ඒකත් ලස්සනයි . එතකොට 'Flash Gordon'(2007 TV series) ඒකත් ගියේ රූපවාහිනියේ.
ReplyDeletexena (and gabriel) නම් මතකයි වගේ..
ඔශීන් නම් ලාවට මතකයි.. ඒත් කතාව මතක නැ .. මොකද මට ඒකාලේ වුරුදු 5 කට වඩා වැඩි වයසක් නැ.
-Sheshanie
මට කොහොමද බොලේ අමතක උනේ රූපවාහිනියේ ගිය 'රිදී හිරු' (silver sun),'පරිගණක දඟයෝ'..
ReplyDeleteඇයි Robin hood BBC <3 <3 <3
- sheshanie
ඇයි Silver Shadow, Tomorrow People, Relic Hunter, Round the Twits, Full House
Deletewater margin එකේ හොද link ටිකක් දාන්නකෝ
ReplyDeleteFAST LANE ,TEAM NIGHT RIDER,LOVE BOAT......
ReplyDeleteewa kauruth balala nedda?
-dumindu-
කට්ටිය කියපු ඒවයෙන් මට මග ඇරුනු කිහිපයක්ම සදහන් වෙලා..
ReplyDeleteවයිපර් ( රතු කාර් එක ඇලු වෙනව වහල ගැලවෙනවා එක විකාරයයි. )
එයාර් වුල්ෆ්. ( මම මයේ හිතේ 1 නැත්තම් 2 දි ගියේ. )
සීනා... ( පස්සෙ සීනා පිස්සු කරපු වීඩියෝවකුත් ආව මයෙ හිතෙ හික් හික් )
එකස් ෆයිල්ස්. ( අපෝ ඒක බැලුව කියන්නේ නිදි නැහ ඉතින් එදාට )
බේ වොච්. ( හික් හික් ඒක ඉතින් අපොයි තමා. ඒ කාලේ ස්විමින් සූට් එකක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්ක කියන්නේ සිල් පවා බිඳෙනව නොවැ. සිරසෙද කොහෙද ගියේ.. කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉදල හොරෙන් සුට්ටක් බලනවා. )
තව සීරිස් කිහිප්යක්ම කට්ටිය සඳහන් කරල තියෙනවා. මට නම් ඒ තරම් මතකයක් නැහ.
කොමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. වෙන වෙනම පිලිතුරු නොදුන්නට කමක් නැහනේ. ආවට කොමෙන්ට් කලාට මේ පැත්තෙ ආයෙමත් ඉතින් ස්තුතියි.
අම්මෝ! මගෙත් මතකය අතීතෙට ගියා. සිරාවට ඒ දවස්වල කොච්චර සිරා ටීවි සීරීස් ගියාද? දැන්නං කොහොමද දන්නෙ නෑ. පිස්සු පූසා, රොබින් හුඩ්, ඔෂින් වගේ ඒවා මගෙත් ෆේවරිට් ටීවි ෂෝ තමයි
ReplyDeleteඅර මම කලින් කිව්ව කතා ටික කවුරුත් දන්නේ නැද්ද ? :\
ReplyDelete"හරී - පිණිපළස" පොඩ්ඩක් මතක් කරල බලන්නකෝ :(
පරිගණක දඟයෝ එක තියෙන තැනකුත් කියන්න පුලුවන්ද ?
blog gadol : දැන් ඉන්න එව්වොන්ට මෙව්ව නෙමෙයි බන් හරියන්නේ... රෙස්ට්ලින් වගේ එව්ව හික් හික්.
ReplyDeleteDarKneT | ඉෂාර : මට නම් එහෙම එකක් මතක නැහ කොල්ලො... බලලත් ඇති සමහර විට ඒත් හීනයක් වගේ වත් මතක් වෙන්නෙ නැහ නොවැ. හින්දි චිත්තර පටියක් නම් මතකයි ඒ වගේ කතාවක් තියෙන හුඟ කාලෙකට කලින් බලපු.
සුවර්න වාහිණියේ ගිය "නාන කාමරේ" බලන්න මම හරිම ආසයි! හෙවුවා හෙවුවා හෙවුවා හෙවුවා හෙවුවා හෙවුවා . මට එක අංසු මාත්‍රයක් වත් හොයාගන්න බැරි උනා ..
ReplyDeleteඅනේ කවුරුහරි දන්නවනම් මට නානකාමරේ සීරීස් එක සහිත ටොරන්ට් එකක් එවන්න . අපේ ගෙදරින් නම් බාන්න බෑනේ පිස්සා අයියේ . මම ඔෆීසියට වත් ගෙහුං බාගන්නවා . මායා බන්ධන බාගන්න ඕන මේ මාසේ ඩවුන්ලෝඩ් වෙන්න දැම්මනම් ලබන අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට මට ගත හැකි .
ඉතිං අයියේ ලංකාව බලා එන්නේ කවදාද ? රටෙන් ඈතට වෙලා පරන කතා බලමින් දුක් වෙනවා වගේ තමයි මටනම් පේන්නේ
අම්මෝ මතකය ගිය දුර. ඔය ගොඩක් ඒව අපි කවුරුත් බොහොම ආසාවෙන් බලපු ඒව තමයි. දැන් නම් ඉතින් chuck, the big bang theory, the vampire diaries තමයි බලන්නේ
ReplyDeleteප.ලි. - අර කොල්ල බල්ල වෙන කතාව මට මතක විදිහට woof.
@DarKneT | ඉෂාර - අයියා 'පරිගණක දඟයෝ' එකේ ඔරිජිනල් නම 'crash zone'.පොඩ්ඩක් Crash Zone (TV Series 1999–2001)කියලා torent වල search කරලා බලන්න.
ReplyDelete-Sheshanie
හි හි .... මොනවද බං මේ කරන්නේ? දැන් ඉතින් වැඩ ඔක්කොම පාලු කරන් මේ ටික බලන්න එපාය. :-)
ReplyDeleteමේ තියෙනේ කොල්ලා බල්ලා වෙන කතාව
http://en.wikipedia.org/wiki/Woof!
ඔන්න මේ දවස්වල The Cape කියලා අලුත් TV Series එකක් පටන් අරන් තියෙනවා. Batmanගෙ කොපි එකක් වගේ. Batman Fans'ලා නම් කැමති වෙයි ඒකට.
ReplyDeleteThe Cape - http://www.imdb.com/title/tt1593823/
The Gates (vampire, warewolf)
http://www.imdb.com/title/tt1599357/
Lost Girl (succubus, warewolf)
http://www.imdb.com/title/tt1429449/
The Menatalist (detective, psychology)
http://www.imdb.com/title/tt1196946/
Lie to Me (detective, psychology)
http://www.imdb.com/title/tt1235099/
Fringe (SyFy)
http://www.imdb.com/title/tt1119644/
Outsourced (comedy)
http://www.imdb.com/title/tt1593756/
Nikita ( action, spy)
http://www.imdb.com/title/tt1592154/
Pretty Little Liars (Mystery)
http://www.imdb.com/title/tt1578873/
melrose place මතකද?
ReplyDelete-Sheshanie සහ naya ට දහස් වරක් ස්තූතී , මම මේ දෙකේ නම් මතක නැතුවනෙ හිටියේ :)
ReplyDeleteමේ වගේ ලිපියක් දාපු පිස්සාටත් බොහොම ස්තූතී
ප.ලි - පිස්සා අවුරුදු උත්සවේට එනවා නම් එද්දි පුලුවන් නම් ඔය ටීවී සීරියස් ටිකක් ගේන්න කො :p
අනේ අපාහු පුන්චි කාලේට ගියා........
ReplyDeleteසහෝ...
ReplyDeleteදැන් ඔයා මෙව්වා download කරල නම් තියෙන්නෙ මමත් download කරන එක තේරුමක් නෑනෙ. ක්‍රමයක් කියන්න ඔයාගෙන් කොපීස් ගන්න. මම DVD provide කරන්නම්.
අපි නම් පොඩිකාලෙ බැලුවෙ ETV එකෙ ගිය Sex & the City එක මතක නැද්ද?
ReplyDeleteහි හි
කමෙන්ට් කරපු සියලුම දෙනාට ස්තුතියි. අර රොබින් හුඩ් ගැන පොස්ට් එකේ ඔශීන් දැකල හොයන්න ගනිපු මෙහෙයුම සාර්ථක උනා. ඒ ගැන වෙනම පෝස්ට් එකක් හැකි ඉක්මනින් දාන්නම්.
ReplyDeleteමායා බන්ධන... ස්ටාර් ගේට්... ඕශන් ගර්ල් සහ ඔශීන් සීරිස් වලට කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්න මං ගාව තියෙනවා. අවුරුදු උත්සවේව එනවනම් පෝර්ටබල් හාර්ඩ් එකක් ගෙනාවනම් දෙන්න පුලුවන්.
ඩීවීඩි වලට නම් දාන්න අමාරුයි ඒ තරම් ගොඩක්.
කැමති කෙනෙක්ට මම ලංකාවට ආව වෙලේක මේ සීරිස් පුලු පුලුවන් විදියකට දෙන්න මමත් කැමතියි.
nugegoda place eka mata mail karanawada? pleeeeeeeeeeease??
ReplyDeleteTimeTrax kiyala show ekak mathakada?
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Time_Trax
" Robinson Andaraya "
ReplyDeleteHi Hi " Swiss Family Robinson " Mokda Amataka Une ? .................
ReplyDeleteමචං මාත් ඔය ඔක්කොම පොඩි කාලේ ඉඳන් හරි ආසාවෙන් බලපුවා..
ReplyDeleteවිශේෂයෙන් එයාර්වුල්ෆ් නම් අමතක නැහැ.. මං පොඩි එකා නිසා ඕක බලනවට අම්මගේ තිබුණේ දැඩි විරෝධයක්... ඒත් තාත්තා මගේ පැත්තේ හිටි නිසා හැම කොටසක්ම වගේ නොවරදවාම බැලුවා...
දොස්තර හොඳහිත, පිස්සු පූසා, ගලිවර්, මායා බන්ධන, නයිට් රයිඩර්, රොබ්න් හුඩ් (ඉස්සර ගිය එක), එක්ස් ෆයිල්ස්, සමුදුරු දැරිය, ස්ටාර් ගේට් මේවා කවදාවත් අමතක නොවන මතක...
ස්ටාර් ගේට් විකාශය වුණේ ස්වර්ණවාහිනියේ... ඒ දවස්වල මං මාර මලකින් හිටියේ ස්වර්ණවාහිනියත් එක්ක... ඇයි පළවෙනි series එකේ අන්තිම Episode එක නොදා නැවැත්තුව එකට...
සීනා ගිය කාලේම නේද හර්කියුලිස් ගියෙත්... ඒකත් හරිම ආසාවෙන් බලපු එකක්... වැඩේ කියන්නේ අපේ අම්මල ඕව බලනවට ටිකක් හරහට හිටියනේ... මොකද ඕවයේ අතරින් පතර අර වැඩිහිටියන්ට පමණයි කෑලිත් යන හින්දා...
මේවත් බලල තිය්‍රනව
ReplyDeletesilver shadow
the X-sheena
තව එකක කතාවක් ගියා
තව සිරසෙ ගිය walker Texas ranger මරු
water ranger ටොරෙන්ට් වල කරන්න තියනව...කොහොමඩ දන්නෑ
(මේ unicode වල අව්ලක් තියනවද??)
2001 ස්වර්ණවාහිනියේ ගියා වගේ මතකයි... Emily of Newmoon කියල සීරීස් එකක්. ඒකත් බොහොම ආසාවෙන් බලපු කතාවක්....
ReplyDeletedumindu7 : කොමර්ශල් බැන්කුව තියෙන පැත්තෙ නෙමෙයි අනික් පැත්තෙ තියෙන්නෙ බොහොම පොඩි තැනක. නම නම් ඩිජිටල් සෝන් මතක විදියට. මේල කරන්න මේල් අයි ඩී එක... ?
ReplyDeletesansarasidu : හුඟ දවසකින් උබව දැක්කෙ... හික් හික් ඔව් නේ හර්කියුලිස් මට මතකයි.
සීනා.. හර්කියුලිස් එහෙම ඉතින් හිටිය ගමන් පිස්සු කෙලිනවනේ.. ඒ වෙලාවට ලෝක ලෙඩේ...
nuwansrimal : උනිකෝඩ අවුලක් නැත...
All Anonymous commenter s : බොහොම ස්තුතියි අදහස් වලට...
Naya : මගේ නම් මතකයේ නැහ සහෝ ඒක
ReplyDeleteTHANKS........dumindu7@gmail.com
ReplyDelete"Tour of Duty", "Street hawk", "Magaiver", "Manimal", "Stasky & Hutch"
ReplyDeleteIf u like Full House, go to KBSWORLD drama... you can see lots of Korean dramas. Prety girls..nice stories.
ReplyDeleteහප්පා.. අතීතයට ගියා වගේ....ටයි මාමා පරිවර්තනය කල පිස්සු පුසාගෙ ඔරිජිනල් එක ලගදි දැක්කා..පලේ පල්..පිස්සු පුසා කොච්චර විනොදයිද.
ReplyDelete"පිස්සා මූ.. පිස්ස මූ...පිස්සු පුසා මූ.....
පිස්ස බලල තියෙන්නෙත් මං බලපුවමයි. අඩෙ ඔය මායා බන්ධන යද්දී සෙනසුරාදාට පනතියෙන් පැන්න හැමදාමත්.
ReplyDeleteඊට පස්සේ අයි ටී එන් එකේ ගිය ඈමසෝන්. අපෝ ඒක බලන්න ගිහින් තමා මං ඔළුවත් පලාගන්න ගියේ.
ආයෙත් සේරම ටික හොයාගෙන බලන්න ආස හිතුනා බන්.. ඔන්න ස්පෙල් බයින්ඩර්නම් බාන්න දැම්මා.. තැංකූ වේවා!
ReplyDelete@ DarKneT | ඉෂාර s: science කතාවෙ නන් හිටියෙ සැක් කියල කෙනෙක් එයාගෙ යාලුවා තමයි ස්පෙන්සර් එයා කැමති ගර්ල් ග්වෙන්ඩලින් එකට පස්සෙ ගිය the worst best friend වුත් ලස්සනයි.
ReplyDeletepopeye the sailor man, casper මතකද?
bones, house, charmed වුත් ලස්සනයි
robin hood තාමත් tv එකේ යනව,,nethra tv(eye channel) එකේ සෙනසුරාදා 5.00
ReplyDeletehttp://www.rupavahini.lk/dub/family.php
රූපවාහිනියෙ වැඩසටහන් මෙතන විකුනනව..
ReplyDeletehttp://www.rupavahini.lk/sales/sales.html
lost world මතකද?
ReplyDelete@DarKneT | ඉෂාර: සැක් files තමයි science කතාවෙ නම
ඔක්කොටම ස්තුතියි කොමෙන්ට්ස් වලට.. අමතක උනු ඒව කිහිපයක්ම මතක් කරලා.. විශේශයෙන්ම කැස්පර් හරිම ආසවෙන් බලපු එකක්.
ReplyDeletenuwansrimal : ස්තුතියි ලින්ක් එකට මචන්. :)
ඔෂීන් එකේ තේමා වාදනේ එක්ක අර ගැඹුරු කටහඬකින් කියන ටික මතකද? ".... මවකගේ ආත්ම පරිත්‍යාගය චිත්ත ධෛර්යය ...... එකට කැටිවුණු සමාජීය පෙළ නළුවකි ඔෂීන් ඔෂීන්.."
ReplyDeleteලඟදි ගිය TV series වලින් නම් මම ආසම එක Full House. කොරියන් සීරීස් එකක්.
myth quest n reilic hunters balala thiyenawada?
ReplyDeletepissi
පිණිබිඳු... : ඔශීන් මුලු සීරිස් එකම ලැබුනා.. බලන්න ඕනි වෙලාවක් හොයාගෙන
ReplyDeletepissi : ම්ම්ම් මතකයක් නම් නැහ නේ...
ෆට්ටම ෆට්ට අයියා....ගොඩක් ටීවි සීරිස් බලලා තියෙනවා....මතකයක් අළුත් වුනා....මගේ ලගත් ඇති ටීවි සීරිස් කීපයක්...
ReplyDeleteදැන්නම් මටත් හිතුනා මගේ ෆිල්ම් කොලෙක්ෂන් එකට අමතරව පොඩි කොලෙක්ෂන් එකක් වගේ හදාගන්න ටිවී සීරිස් වලිනුත්...
ම්ම්ම් UFO ටීවී සීරිස් එකත් ලස්සනයි.හැබැයි දැන් බලනකොට නිකන් චා වගේ.මොකද ගොඩක් පරණ නිසා.මොකද අපි හිතන්නේ දියුණුවෙච්ච මනසින් නිසා.
තව PSI Factor, Heroes, Marlin,The Event,The IT Crowd,SuperNatural,The Vampire Diaries,The adventures of Sherlock Holmes, Shaun The Sheep, Pingu වගේ ගොඩක් තියෙනවා.
අලුත්ම ටීවී සීරිස් එක්ක විදිහට ආපු Sherlock. (බලලා නෑ තාම.තාම පළවෙනි සීරිස් එක විතරයි.ඒකත් බීබීසී වැඩක්)
සිරසේ ගියා නැවක් කුණාටුවකට අහුවෙන සිද්ධියක් තියෙන කථාවක්. නම 'ජොන් රෝස්' මෙ කථාවත් ඵලකිරි.
ReplyDelete෴ හසියා ෴ : මමත් දැන් ෆිල්ම් වලට වඩා ටී වි සීරිස් බලන්න පටන් අරන් වගේ මලේ හික් හික්.. අලුත් එව්ව නම් වැඩිය බලල් නැහ බන්.. මේ ටික බලන්නත් කලය හරස් වෙන එක තමා අවුල.
ReplyDeleteChethiya : සිරසෙ ගිය එව්ව ඒ තරම්ම මතකයක නැහ මචෝ.... ස්තුතියි ඒ පැත්තෙ ආවට
කොන්ඩෙ බැදපු චීන කොල්ල facebook ඉන්නව...
ReplyDeletehttp://www.facebook.com/lennyb0i
ඌ ලොකු කොල්ලෙක් නේ දැන් හික් හික්... පට්ට
ReplyDeleteමචන්ලා පොඩි කලෙ බලපුවා අයෙත් බලනකොට අපි තාමටත් පොඩි කලෙ ඉන්නවා වගෙ නෙද. මෙ කා ගාව හරි රොබින්සන් අන්දරය ගන්න තියෙනවද??මම හොයන්න පුලුවන් හැම තැනකම හෙව්වා.අද රුපවහිනි එකටත් ගියා.එක එහෙ විකුන්නන්න නැලු.මම ගාව සීනා,NightRider,Taarzen,Oshin,Malgudy Days,එකස් ෆයිල්ස් කියන ටික නම් තියෙනවා.මට පුලුවන් නම් රොබින්සන් අන්දරය හොයල දෙන්න පුලුවන්ද???
ReplyDeleteඅහ් අමතක උනනෙ මම ගාව The adventures of Sherlock Holmes එකෙ සීරිස් 4ක් තියෙනවා.5 බාන්න සීඩර්ස්ලා නහැ නෙ>>>අලුත් ට්ව් සීරිස් නම් ගොඩක් තියෙනවා.එත් පරන එව තරම් ගතියක් නහ එවගෙ.අයෙ පාරක් බලන්න ආසා හිතෙන්නෙ නැහැ අලුත් එවා :D
ReplyDeleteපිස්සු පුස : උබ ගාව හොඳ කලෙක්ශන් එකක් තියෙනවානේ... මම ගාව නම් නෑ බන් රොබින්සන් අන්දරය. ඒකේ සින්දුවටනම් මම මාර ආසයි
ReplyDeleteමගේ ප්‍රියතම සීරිස් එක Chuck දැන් යන්නෙ 4වෙනි වෙළුම. මෙතන කවුරුත් ඒක බලලා නැහැ වගෙයි!
ReplyDeleteඔන්න මට රොබින්සන් අන්දරය හම්බුනා
ReplyDeletehttp://epola.blogspot.com/2011/08/blog-post_08.html
me tika dakkama hari asai. mata thawa deka thunak mathak una, rupavahiniya patan gththa kaalema giye "V" kiyala series ekak, eka aliens lage kthawak mathaka widiyata ara uda hama galewwama kola pata wenne, ekath shok, passe kaleka meke daapuwata amathrawa, cave of thr golden rose, lois and clark, etv eke giya 7th heaven, etakota mathakadi giya roswell ekath godak asawen baluwa.
ReplyDeleteපිස්සු පූසෝ ::: උබේ ටීවි සීරිස් සැට් එක ගන්න ඕනි බන් ඊලඟ පාර ආවමවත්....
ReplyDeleteAno and ම.ම.ගි : ස්තුතියි අමතක් උනු මග ඇරුනු සීරිස් කීපයක් මතක් කරාට....
පුළුවන් නම් මට stargate link එවනවද dsuranga@live.com
ReplyDeleteමායා බන්දන නම් 1,2 දෙකම ඩවුන්ලෝඩ් කර ගත්තා මරු .....බොහොම ස්තූතියි..
ReplyDeleteAnonymous : සොරි වෙන්න ඕනි කොල්ලො... මේල් එක ආවනේ.
ReplyDeletechulpath mendra : එළකිරි තමයි මචන්...
ඉශාන් : අර කොල්ල බල්ල වෙන කතාව : Woof! කට්ටියට අමතක උනාද : Beast Master, Ghost writer (මහ කරුම කතාවක්, මට නම් තේරුනේ නෑ), Martial Law, Dark sky?? කව්රුහරි අර "නුගේගොඩ ප්ලේස් එක" මට කියනවද? මම ගොඩක් පොඩි කාලෙ බලපු කාටුන් සීරිස් එකක් තියෙනවා මට නම මතක නෑ.පොඩි කොල්ලෙකුයි කුමාරියෙකුයි බෑලුමක නගිලා යනවා.ඒක පස්සෙන් තව එකෙක් එනවා මකරෙක් පිටේ.මකරට හෑමතිස්සෙම කිඹුහුම් යනවා....මතක කෙනෙක් ඔය කතාවෙ නම දාන්නකෝ......
ReplyDeleteනුගේගොඩ කමර්ශල් බෑන්ක් එක ඉස්සරහම නිල් පාට බිල්ඩින් එක. හොයා ගන්න අමාරු නෑ
DeleteThawa "Space1999""Bigfoot""cosbyshow"
ReplyDeleteබිග් ෆුට් මගෙත් ආසම එකක්... දැන් නම් මතකත් නෑ
Deletemachan nuge goda place eka kiyapan
ReplyDeleteනුගේගොඩ කමර්ශල් බෑන්ක් එක ඉස්සරහම නිල් පාට බිල්ඩින් එක. හොයා ගන්න අමාරු නෑ
DeleteRoswell කතාවත් නියමයි...
ReplyDelete