Monday, January 31, 2011

පළාමල්ලට විරාමයක්... ... උබ තනි වෙලා නැහ ඉලංදාරියො...

Share


ඔව්.. පළාමල්ලට විරාමයක්. හික් හික්.. ඔන්න ඉතින් ඉදල ඉදල කොහොම හරි ලංකාවට යන දවසත් ලං උනා. හැම පාර ගොහින් උපරිම මාසෙන් දුවන් එන එක ඇති වෙලා නිසා මේ පාර නම් ටික කලක් ඉන්න තමයි හිතන් ඉන්නේ. මාස 2 - 3ක් විතර. කොහොමත් සයබර් අවුරුද්දයි සිංහල අවුරුද්දයි ඉවර වෙලාම ආයෙ එන්න තමා කල්පනාව.


මොකට බොරු කියන්නෙයි ලංකාවෙ ගියාම නම් ඉතින් බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙයිද විශ්වාස නැහ. එහෙම කියල බොලව් පිස්සව එහෙම අමතක කරන නෙමෙයි ඕන්.


ජීවිතේ ගැන අනාගතේ ගැන ටිකක් නිවි සැනසිල්ලෙ හිතන්නත් ඕනි. කොහොමත් මේ විදියට මේ හම්බු කරන එක කාල බීල නටල ඉදල පලක් නැහ වගේ අන්තිමට. දැන් ඉතින් ආයෙ එන්නෙ හිඟන්න වෙලා.. කොච්චර කලත් ඉතුරුවකුත් නැහ නොවැ. ඒ ගැනත් හිතන්න වෙනවා. ඒ වගේම මතට තිත ගැනත්.. අනේ ඉතින් ලංකාවෙ ගොහින් නම් තිත් තියන්න වෙන්නෙ නෑ. ඇවිල්ල ඒ ගැනත් හිතන්න ඕනි.. කොමාවක් වත් දාන්න.


බ්ලොග් ලිවිල්ලෙන් හුඟක් දෙනෙක් අඳුර ගත්තා. සතුටුයි ඒ ගැන.
මූනු පොතේ ඉන්න සැට් එකට අමතන්නම්කො ආවහම. පටන් ගන්න තියෙන්නෙ එක නොම්මරයි හැබයි. ඒකෙන් ඉතුරු එව්වො ටික හොයා ගන්නම්කො.
ඒ නැතත් අවුරුදු උත්සවේදි සෙට් වෙන්නෙ නැතෙයි.


කලින් ලිපියෙ කිව්ව වගේ ඔශීන් වලට කැමති කෙනෙක් ඔන්න මගේ ඊ ලිපිනය ට ලිපියක් දාල සම්බන්ද කොර ගන්න පුලුවන්. පිළිතුරු නම් ප්‍රමාද වෙයි. ( palaamalla@gmail.com )


හැමෝම වගේ දන්නවා උනත් ආයෙ මතක් කිරීමක් කරන්න ඕනි අපේ බ්ලොග් මිතුරෙක් වන ඉලංදාරියා ගැන.


මේ වෙලාවෙ ඔහුට උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ලොකු හයියක් ඔහුට. අපි සල්ලි හම්බු කරනවා.. ඒව වියදම් කරනව.. හිතල බැලුවම මොන තරම් නාස්ති වෙනවද අපේ අතින්. ඉතින් එහෙම මුදලක් මිතුරෙක් ගෙ යහපතට යොමු කරන්න පුලුවන්නම් ඒක නෙම්යිද මනුස්සකම..


බ්ලොග් මිතුරන් හුඟ දෙනෙක් මේ සම්බන්දව මහන්සි වෙලා කටයුතු කරනවා. ඉලංදාරියො... උබ තනිවෙලා නැහ කියල උබට පේනව නේද... හිතට හයිය අරන් හිටපන්. මිතුරන් උබව අත අරින්නෙ නැහ...


මේ ගැන මූනු පොතේ ගෲප් එකකුත් හදල දැනට 250 කට වැඩි පිරිසක් ඉන්නවා.. ඒ සියලු දෙනා තන්ගෙ දන්න කියන අයට මේ ගැන කියල යමක් කලත් ලොකු මුදලක් එකතු වෙයි.


දුකා අයිය මේ ගැන හුඟක් මහන්සි වෙනවා.  ඒ වගේම සයිබර් අවුරුදු උලළෙට මින් පසු ලැබෙන හැම ආධාර මුදලක්ම මේ වෙනුවෙන් යොදවන්න අභීත ඇතුලු සංවිධයකයින් තීරනය කරල තියෙනවා. තවත් හුඟ දෙනෙක් මේ පිලිබඳව මහන්සි වෙනවා.


මේ ලිපිය බලන හැමෝගෙන්මත් මම ඉල්ලන්නෙ තම්න්ට පුලුවන් විදියට අපේ යාලුවට උදව් කරන කියල...


ඉලංදාරියො උබ එක්ක අපි ඉන්නවා...


එහෙනම් සියලු දෙනාටම ජය වේවා... ටික කලකට සමු ගනිමු බ්ලොග් ලිවිල්ලෙන්.. සැබෑ ලොවේදී හුඟ දෙනෙක් මුන ගැහෙන්න ආසවෙන් ඉන්නේ...

9 comments:

  1. අවුරුදු තුනක් එක දිගට සිංහල අවුරුද්ද මගෑරුනා මල්ලියේ...
    ෂහ් මේ අවුරුද්දේ හිටියානම් මුණ ගැහෙන්නත් තිබුණා මල්ලිව..
    මක් කරන්නද නේ...?
    හොඳයි එහෙමනම් තුණුරුවන්ගේ පිහිටෙන් පරිස්සමින් යන ගමන් යන්න...
    සුභ ගමන් මල්ලියේ...!

    ReplyDelete
  2. සමගිය බලය​ වේ..........:)

    ReplyDelete
  3. තෝ වර ලන්කාවට...ගාලු යන්න ඕන රත්ගම හන්දියෙන්නේ...මොකක් හරි සීන් එකක් ගියොත් මට මැසේජ් එකක් දාපන් අයියේ...නැති නම් එක හූවක් කියහන්..මම එන්නම් ඕන වලියකට...උලෙලෙදි හම්බෙමු හරිය...ඉකේයියා තමා...

    ඉලන්දාරියා වෙනුවෙන් හැම එකාම පෙල ගැහිලා ඉන්නේ...බ්ලොග් ලියන්නේ නිකම්ම නිකම් මිනිඋස්සු නෙමේ කියල මම මේකෙන් ඉගෙන ගත්තා...
    ජය වේවා!!!

    ReplyDelete
  4. ඉලන්දාරියාට පුලුවන් උදවුවක් අපිත් කරනවා,
    ඉක්මනින්ම සුව වෙයි බන්

    ReplyDelete
  5. මා අන්තරි ජාලයේ සරිසරන අතර සි0හල බ්ලොග් අඩවඉ ගනනාවකම අපේ ඉල0දාරියට මේ සිදුවු කරදරය පිලිබදව සදහන් කර තිබෙනවා දෑක්කා,මෙය ඉතාම ස්0වෙදී අවස්තාවක් කියලා මට හිතෙන්නේ.මෙම බ්ලොග් කරුවන් සමහරවිට තමතමන් පුද්ගලික හෑදුනුම් කමක් නොමති විය හෑකි නමුත්.නමුත් බ්ලොග් අවකාශයේ ඉල0දාරියා වෙනුවෙන්,සෑලකියයුතු ඉඩක් මෙවන විට සෑකසි ඈත.
    අපි වන්ම තවත් සහොදරයෙකු වෙනුවෙන්,ඔහුගෙ ඉක්මන් සුවය වෙනුවෙන් අපි ඔහුව තනි නොකර ඔහු සමගම රෑදී සිටිමු....

    ReplyDelete
  6. අපිත් ඉන්නවා ඉලංදාරියෝ උඹ වෙනුවෙන්....

    ReplyDelete
  7. මට වෙලාවකට යන්න හිතෙනවා,වෙලාවකට බෑ කියල හිතෙනවා.අනේ මන්ද බං.උඹ යනවනම් පරෙස්සමෙන් ගිහින් වරෙන්.වරෙන් කියන්නෙ ඔය ඇති බං දැන්.කසාදයක් බැඳල පිළිවෙලක් වෙයන්කො.

    ReplyDelete
  8. පිස්සා අයියා පරිස්සමින් එන්නකෝ.. කමෙන්ට් එක දානකොටත් මෙයා ඇවිත්ද දන්නේ නෑ.. අපිට චොකෝ එහෙම ගේනවානේද? :D

    ReplyDelete
  9. ගොඩ බැසලා දින ගනනාවකි... ලංකාව එලකිරිය.

    ReplyDelete

Related Posts with Thumbnails