Wednesday, February 16, 2011

ලංකාවෙ ඕපදූප... + බ්ලොග් සැට් එක සෙට් විය...

Share
ලංකාවට ගොඩ බැහල ටික දවසක් නොවැ දැන්. හප්පේ කාලය යන ඉක්මන. ඇඩෙනවා. යන්න ඕනි කියල හිතෙද්දි හපොයි කියල හිතෙනවා.
අර අභීත අයිය ලිව්ව ලිපිය මතක් වෙන්නේ එහෙම වෙලාවට තමයි.


ලංකාවෙ ජීවිතේ නම් එලකිරිස් වගේ. ගෙදර අම්ම උයන කෑම 3 වේල කාල සරමකුයි ටී එකකුයි ගහගෙන රවුමක් දාල එද්දි හප්පා...
වැඩිය කොහේවත් නෑ දවස් 3ක් ඇරෙන්න අනික් දවස් 11 හම ගෙදරට වෙලා හිටියා. ඉස්සර ගෙදර ඉන්න තියෙන අමාරුවක්... ඒකට දැන්. ඊට වඩා කුමන සැපක්ද... 


ඉතින් ඕපදූප ටික කියමුකො..


ඔන්න ඉතින් ආව කියමුකො.. මනුස්සයෙක් දකින්න නැහ ගෙදරකට යන්න බැහ මෙව්වො ඔක්කොම අහන්නෙ ගං වතුරයි සුලි සුලනුයි ගැන. අහපන් උබට කොහොමද... එව්ව නෑ...


ඒව තිය අර ලංකාවෙ භාගයක් යට වෙලා... ඒවත් නෙමෙයි මේ එහේ යට වීම තම. මම නම් දන්නෙත් නැහ හික් හික්.


බැරිම තැන නිව්ස් ටික ගූගල් සර්ච් කරල හොයාගෙන තමයි එලියට බැස්සෙ මම හික් හික්. නැත්තම් මූ අප්පිරිකාවෙ ඉදන් ආව කියල පතුරන්නත් බැරි නැහනේ අපේ කස්ටිය.


ඒ අස්සෙ තව පොරක් දුන්න මරු ටෝල්ක් එකක්.. කව්ද එකෙක් රටක ගිහින් ඔය ඇමරිකාවෙද කැනඩාවෙද කොහෙද.. ඌ ඉතින් ඔය කෝල් එකක් දීපු වෙලේ අපේ පොර අහල කොහොමද ඔහේ කියල..


" මේවනේ අයිය දිව්යලෝක.. ලංකාව මොකක්ද අපායනේ මේව එක්ක බලද්දි... "


මට ඉතින් පුකෙනුත් හිනා ඕක අහල..


අනික මේ අපේ එව්වො රට යන්න දගලන දැගලිල්ල... අනේ මන්ද මම නම් දැන් ආදීනව නම් කියන්නෙම නෑ කාටවත්. ඕනි නම් පල කියල ඉන්නව මිසක්.


රේඩියො වලත් මරු ආතල්...


ඒ අස්සෙ රේඩියො එකේ යනව පැයේ 18 + ගීතය... මම දඩි බිඩි ගාල ඕෆ් කරන්න හැදුවෙ පොඩි එකෙක් වත් අහන් හිටියොත් කියල.. බලද්දි චාමරයගෙ අඩි සීයේ පාර... ඇඩෙනව..


14 ද කොහෙද ඔන්න කෙල්ලෙක් කෝල් කරල ඒකිගේ ෆුල් ලව් ස්ටෝරිය කියල ලබන මාසෙ බඳිනව කිව්වම... එහෙනම් මේ ගීතය ඔය දෙන්නට කියල දැම්ම ගීතයක්... ඇඩෙනව එතනත් ඒක විරහ ගීයක්


පිස්සෙ පීකුදු...


12 වෙනිද තිබ්බ නේ ඉලංදාරියා වෙනුවෙන් පොඩි හමුවක් විහාර මහ දේවී එකේ.. මාත් ගියා. බ්ලොග් ලියන හිතව්තුන් කිහිප දෙනෙක් ම හමු උනා.


ඒ පිලිබඳව හුඟක් මහන්සි වෙලා බ්ලොග් හිතවතුන් කීප දෙනෙක්ම වැඩ කරනවා.. මට නම් හිතුනේ මේ මහන්සියත් කැපවීමත් එක්ක මේ ටාර්ගට් එක අමාරු වෙන එකක් නෑ කියලා.


මූනු පොතේ group එකේ නම් 100+ එනවා කියල තිබ්බට 25 - 30 ක් විතර ඇවිත් හිටියා... ඒකෙදි කතා උනු දේවල් මූනු පොතේ group එක තුලිනුත් බලා ගන්න පුලුවන් මම හිතන්නේ.


මඩ නම් ගහන්නෙ නෑ ඔන්න කාටවත්... හසිය නම් බයිට් උනේම නෑ වගේ අර රංග අයියගෙන් පෙත්තක් ඉල්ලල හික් හික්..

හසී නගා නම් ආව වෙලේ ඉදන් ලිව්ව ලිවිල්ලක් කට අරින්න බැහ ඒක ලියා ගන්න ව නොවැ.. හික් හික්.


අර අහිංසක කෙල්ල නම් මුලු පාර්ක් එකටම කේක් බෙදුවා උපන් දිනේ වෙනුවෙන්.. අපිට නම් හම්බුනේ නැහ හැබයි. හික් හික්..


වැප්නිසාන්ත මහත්තයත් බස් එක පාරට දාන්න පරක්කු වෙනවා කියල රැස්වීම ඉවර වෙද්දිම දිව්ව දිවිල්ලක් හික් හික්...


ඔන්න ඊට පස්සෙ පිස්සයි.. ටිකක් හිනා වෙන අභීත අයියා... මගේ ලෝකෙ රංග අයියා.. ටොපියෙ මුචා.. පිටස්තරයා..ඕනයා... ලිශාන්.. ජේ ඩී ඇතුලු අපි ගියා කොළඹ සිරි නරබන්න. දුකා අයියත් පොඩි තල්ලුවක් දීල ගියා සංගීත අංශයක් තියෙනව බලන්න ඕනි කියල..


හප්පොච්චියෙ හිනා වෙලා මගෙ ඔලුවත් රිදෙන්න ගත්ත පස්සෙන්ද වෙනකල්.. ආතල් කියන්නේ අපි ස්කෝලෙ සෙට් එක කන්දක් පල්ලෙ ගිහින් රවුම් බෝතල් හිස් කරල ගත්තු ( ඒක ලියන්න බලධාරීන් තහනම් කර ඇත ) ආතල් එකට පස්සෙ ගත්තු සිරාම ආතල් එක කියන්න පුලුවන්.
ලියන්න දෙයක් නැහ ඉතින් සෙට් එකේ බ්ලොග් ටික කියෙව්වම හිතා ගන්න පුලුවන් ඇතිනෙ ඒ ටික සැට් උනාම තියෙන ෆන් එක... ( ඒ ටික ඉස්සුවෙ අභියගෙන් )


ප. ලි : ලිශාන් කොලුවයි ජේ ඩී කොලුවයි ඇරෙන්න අපි නම් කෝක් විතරයි බිව්වෙ ඔන්න... අපි අමධ්‍යපයි නොවැ...  ඒකේ අනික් පැත්තද මන්ද උනේ හික් හික්
එදා රෑ තමා රෑ... හික් හික්.. උපරිමයි.


ගෝල්ඩ් ෆිශ්... මාරයා... රත්ගමයා හිස් අහසෙ පුංචි සර් ඇතුලු කීප දෙනෙක්ටත් දු.ක ඇමතුම් දීල කතා බහ කරා.. 


ඔය ඔක්කොමත් එක්ක ලොකු දුකක් හිතේ තියන් ඉන්නේ.. හිනා වෙ ලා පිස්සු නටල ඒක යට පත් කරන්න හැදුවට වතුරෙ ඔබපු බෝලයක් වගේ උඩට එනව හැම තිස්සෙම.. ජීවිතේ කිසිම දේකට පරක්කු වෙන්න හොඳ නැ කියල හිතෙන්නේ මේ වෙලාවට. ඒත්..


ඒ අස්සෙ තව ජරමර..


කෙටියෙන්ම කිව්වොත්


අපි ආදරේ කරන කෙල්ලොයි..


අපිට ආදරේ කරන කෙල්ලොයි..


අපිත් ආදරේ කරන.. අපිටත් ආදරේ කරන ඒත් එක වෙන්න බැරි කෙල්ලොයි..


ප්‍රශ්න කෝටියක්.


මාසෙකට විතර උඩදි යවපු ලිපියක් හරිම කාලෙදි one zero zero එකේ පල වෙලා..
  
මංගල ඇරයුම් පත

30 comments:

  1. අපි සෙට් වෙමුකෝ අපේ ජොතිෂ මහත්තයට කියලා වෙලාවක් එහෙම බලවගෙන.

    ReplyDelete
  2. හප්පා පිස්සා කොල්ලෝ උඹ මට කතා කරපු බවක් මෙවායේ පොරසිද්ධියේ දාන්ට එපා..
    මේ දවස්වල කස්ටිය හොයනවා අර තොරණේ විස්තරේ මා අතට ආවේ කොහෙන්ද කියලා..අන්තිමට බොලාට දෝස් මුරේ දායි ඔය උන්නැහේලා ටික..හියැහ්...

    ReplyDelete
  3. අප්පේ ඔව් ලිව්ව ලිවිල්ලට අත තාමත් රිදෙනවා... මං ඉතින් කියන්නේ නෑ පිස්සා අයියාටම නිසා... මොනවා උනත් හරිම සුන්දර හමුවීමක් :D

    ReplyDelete
  4. හෆොයි ඇවිල්ලා කි‍යන්නෙත් නැතිව ගියාද බොල?

    ReplyDelete
  5. දැන් පිස්සයියා කොහෙද ඉන්නෙ? ලංකාවෙද? පිටරටද?

    ReplyDelete
  6. ෂැක් හසියා අයියට හීනිවට ලොකු බයිට් පැකට් එකක් හම්බුනා කියලා ආරංචිය ආවට කවුරුවත් ලියන පාටක් නැ. හික්ස්..... (හසියා අයියා මෙය නොදකීවා.....!!!! )

    හසි අක්කා මොනවද අප්පේ ඔච්චරම ලිව්වේ???? O.o

    අර කිව්වත් වගේ අයියා නොකියම ගියාද??????

    ReplyDelete
  7. අහ් උඹ හොදින්ද? එල එල‍....පරිස්සමින් හිටපන් පුතේ‍‍‍...
    මං හිතුවා එදා උඹලා අර කෝක් බීලා කික් ගන්න ගිහින් වෙන කොහේ හරි ගියා කියලා....හික් හික් උඹලට ඉතිං මේහේ හුරුනෑනේ....

    @ හොර හාවි...

    අහ් අල්ලා ගන්නම්කෝ කන් දෙක්නේ උස්සලා ප්‍රක්ෂිප්තයක් බවට පත්කොරන්න....

    ReplyDelete
  8. @ හසියා අයියා

    බැරි වැඩ නොකියන් හසියෝ කියලා කවුදෝ කියලා තිබ්බලු......

    හික්ස්...... :P

    ReplyDelete
  9. කොච්චර දුකක් හිතේ තිබ්බත් ඒ දේවල් මොහොතකට හරි අමතක කරලා ටික වෙලාවක්වත් සතුටින් ඉන්න පුළුවන් එකම කොච්චර ලොකු දෙයක්ද :)

    ReplyDelete
  10. අන්තර්ජංජාලේ පාවිච්චි කොරන්ට සතියක් පමණ නොහැකි වීම නිසා මට වෙච්චි දේවල්.. හරි දුකයි මම 12 හිටියෙත් ඔය අහල පහලමයි නේ. කරන දේවල් වලට අපෙත් සපෝට් එක දෙනවා ඒ වුණාට අනිවාර්යෙන්

    ReplyDelete
  11. අඩේ පිස්සයියා ලංකාවට ආවද? දන්නෙත් නෑ. විභාගෙ අත ලඟ නිසා පොත අත ලඟ. නැත්නම් ඉලංදාරියාට සප් එකක් දෙන්න එන්න තිබ්බා කට්ටියව ම හම්බෙලා යන්නත් එක්ක ම

    ReplyDelete
  12. prasanna86k : අනිවාර්යෙන්ම...



    මාරයාගේ හෝරාව : ඒ මොකක්ද බොල ඒ... අදමයි ඇහුවෙත්...



    හසී : හැබෑට මොනවද ලිව්වෙ නගෝ... හික් හික්

    ReplyDelete
  13. චතුවා (ළමයා) : ගියේ නැත බන්...



    blog gadol : ලංකාවෙ බන්.. ලංකාවෙ...



    හා පැටික්කි (MS) : අනේ මන්ද නගෝ හසියා හික් හික්... හසී නගා නම් මොනා ලිව්වද මන්ද හික් හික්. ගියේ නැතෝ

    ReplyDelete
  14. ෴ හසියා ෴ : අහ් කොල්ලෝ... පෙත්තක් හම්බු උනැයි... හික් හික්


    පූසා : අපි හැමෝම එහෙම තමා නේ



    සංජු : අපරාදේ... එන්න තිබ්බා

    ReplyDelete
  15. කොඩී : හිත කා ගාවද මලේ.. හික් හික්



    වැප් : මොකෝ බන් තිතක් ?

    ReplyDelete
  16. බස් ඒකට තියන අඩය :D

    ReplyDelete
  17. නෝර්මන් රොක්වෙල්ගේ ඕපදූප තෙල් සායම සටහන ලිව්ව විදියට නියමෙට ගැලපෙනවා. හරියට ලංකාවට ඇවිත් ඔය කිව්ව සේරටම සහභාගි වුනා වගෙයි!!!

    ReplyDelete
  18. ඔන්න අපිටත් හවස ඉන්න තිබුන ලගපාත හිටියනම්.. කොහොද අපි ඉතින් පැය ගනන් යන්න එපැයි ගෙදර යන්න :D

    ReplyDelete
  19. පිස්ස අයිය මට කතාකරපු එක කොයිතරම් ආඩම්බරයක්ද ? මොකද පිස්සගේ මේ පලා මල්ල නොවෙන්න හිස් අහස බ්ලොග් එක එලි බහින්නේ නෑ නෙව .. මේක බලල තමයි මටත් බ්ලොග් ලියන්න හිතුනේ .

    ඔයා ඉතින් තනියම සෙට් වෙලා තියෙන්නේ . රටින් ගෙනාපු බඩු ටික තනියම ගහලා ! ඔය බෝතලයක් අරං එනවකෝ මේ පැත්තේ .

    ඉලන්දාරියට සප් එකක් දෙන්න එන්න තිබා ඒත් බං මට බස් එකේ එනවනම් රු 450 දුර පැය 7 යනවා අනික ඇවිල්ලා ඉන්න තැනකුත් නෑ එදාම යන්නත් බෑ . අන්න ඒ කරුණු කාරනා නිසා මම ආවේ නැත්තේ . එන්න වියදම් කරන සල්ලිත් ඉලන්දාරියට බැර කරන්න පුලුවන් මම ඒ වැඩේ මෙහේ ඉඳන් කරනවා .

    ReplyDelete
  20. ඔය තනියෙම රවුම් බෝතල් හිස් කරන එකනම් මහ කැත වැඩ හොදේ...:D :D

    ඔය කිවේ අලියා බීමා වෙන්ටැති මයේ හිතේ ? :D

    ReplyDelete
  21. සිරාවට.. එදා සිරාම ආතල් එකක් ගත්තා.. ගෙදරත් ගිහින් තනියෙන් හිනාවෙන්නම..

    ආයෙ සැට් වෙමුකො. දැන් ඉතිං එකෙක් බොන්නෙත් නෑලු :P

    ReplyDelete
  22. " මේවනේ අයිය දිව්යලෝක.. ලංකාව මොකක්ද අපායනේ මේව එක්ක බලද්දි... " - හික් හික්. මටත් පිටිපස්සෙන් හිනා!

    ReplyDelete
  23. යකෝ....20න් පස්සේ නේ යනව කිව්වේ...මේ මොකෝ එක පාරටම මාරු උනේ...
    මමත් එන්න තමා අයියේ හිටියේ..කොහේද ඉතින් පැය 7ක ගමනක් නේ...දවසම ඉවරයි....

    ReplyDelete
  24. වැප් : අහ් අඩය.. බස් එකට හික් හික්



    arunishapiro : ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට... :)



    Yohan Kanishka | යොහාන් කණිෂ්ක : දුර නම් අවුලක් තමා... බලමුකො අධි වේගී පරවල් කෝච්චි ආවම... ( අපි නාකි වෙලා නොහිටියොත් )

    ReplyDelete
  25. හිස් අහස : උබ ඉන්නෙ සෑහෙන දුරනෙ බන්.. නැත්තම් එන්න තිබ්බා සැට් වෙලා යන්නවත්... අවුලක් නෑ බන්.. කවද හරි සෙට් වෙමු



    Pirate Bunny : අලියා බීම නෙමෙයි බන්.. කොකා කෝලා... හික් හික්




    පිටස්තරයා : ආයෙ සෙට් වෙමු.. අනිවා. ඌ 3 වෙනිදනම් බොනවලු... හික් හික්.. ආතල් කියන්නේ අය්යෝ.. කොර.

    ReplyDelete
  26. මුහුදු කොල්ලකාරයා : බොරු බයිලා කියල ඉතින් අපි උබල දන්නවා බන්.. ඒ උනාට මෙහෙ ඉදන් රට යන්න දඟල උන් ටොපිය කනවා.




    රත්ගමයා : පිස්සො කියන එව්ව නේ.. උබ ඉක්කෝලෙ මීටිමට යනවද... මට කම්මැලියි බන්.. ඊයෙ රෑ ආවෙ ගෙදර..

    ReplyDelete
  27. 12 වෙනිදා මතකයි නේ . .. එදා සෑ තමයි සෑ . . හික් හික් හික්

    ReplyDelete
  28. මොකද අයියා කිසිම සද්දයක් නැත්තේ ???

    ReplyDelete
  29. දුකා : එහෙව් රැයක් නේද දුකා අයියා... හික් හික්


    Hasitha : ලියන්න තරම් වෙලාවක් නෑ මලයා.. ලංකාවෙ ආවම දන්නවනේ..

    ReplyDelete

Related Posts with Thumbnails