skip to main |
skip to sidebar

හුඟ දවසකින්.. ලංකාවෙ ඉද්දි මොන ලිවිලිද.. ඒත් ඉතින් බ්ලොග් එකක් කියල එකක් තියෙන එකේ මොනව හරි දාන්නත් එපැයි... කුජීත සිද්දියක් ඊයේ උනේ...
මායි තව කොල්ලො දෙන්නෙකුයි ගාල්ලේ මංජරී එකට ( කොටුවෙ කඩේ ) ගියා... ගිහිල්ල කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් තව කොල්ලෙක් එක්ක ඇදුම් තෝරනවා... පොඩ්ඩක් ඔලුව උස්සද්දි දැක්කේ.. යකෝ මේ මගේ කලින් කෑල්ලක් නේද... ඒකිත් මාව දැකල හිනා වෙලා කොල්ලටත් මොනවදෝ කිව්වා.. අනේ හොඳයි හොඳින් ඉන්නවනම් කියල කැරකි කැරකි ඉද්දි...
මෙන්න තව එකක්... ඒකත් මම යාලුවෙලා හිටි කෙල්ලෙක්.. ඒකි මාව දැක්ක විතරයි බිම බලාගත්ත නංගි පොඩ්ඩවත් ඇදගෙන වාශ්ප උනා.. ( ඒකි මගෙත් එක්ක උපරිම ඔරොප්පු වෙන්න ඕනි ඉතින් පොතේ හැටියට ) අනේ සංසාරේ...
කුජීත සිද්දිය මොනා උනත්... පරණ කෑලි 2ක් එකම කඩේකදි... පරණ කෙල්ලො තව ඉන්නවද දන් නැති නිසා මාරු වෙන්න පහලට බහිද්දි අර කලින් දැක්ක පරණ කෙල්ල කව්න්ටරේ ලඟ..
" අහ් **** කොහොමද ? "
" හොඳයි... කවද්ද ආවෙ ? "
ඔහොම කතා කරලා..
" මේ අපි යන්නම් එහෙනම්... අහ් මේ අන්න අනික් එක්කෙනත් හිටියා... " අනිත් කෙල්ලගෙ නම " හම්බුනාද ?? "
තවත් මොනා වෙන්නද විලි ලැජ්ජාවෙ බැහ කියල මම එලියට බැස්ස අරුන් දෙන්නත් ඇදගෙන.
ප. ලි :: සයිබර් සිහින උළෙලට ගියානේ ඉරිද.. අභියගෙ සිහිනෙ නම් උපරිමයි.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ දවසක් බලන්න ෆොටෝ මූනු පොතේ තියෙනවා. ඒව ටික දැක්කම ඒකේ ගතිය ලියන්න ඕනි නෑ.
එහෙමනම් කට්ටියට ලබන්නාවු සුබ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා යි පිස්ස ප්රාර්ථනා කරනවා.
කල් තිබ්බට ආයෙ මේ පැත්තෙ එවෙන එක විශ්වාස නෑ සති ගානකට.
අවවාදයයි : මේ දවස් වල ශොපින් යනවනම් පරිස්සමට.. මේ පේන්නෙ නෑ...
******
මේ බ්ලොග් එකට එද්දි "මැල්වෙයා" සම්බන්ද මැසේජ් එකක් එනව කියල අභීත අයිය කිව්වා.. තව " hare :-) "කමෙන්ට්ස් වලත් දාල ති බ්බා එහෙම සිද්දියක්... හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් ඒකට විසඳුක්මක් දෙනව නම් පින්.
දිනිති නේද හම්බ උනේ ... අඩේ අපිස්සා අවුරුදු උත්සවයට ඇවිල්ලා හිටිය නේද අපි ෆොටෝ දැක්කා . මම හිතං හිටියේ පිස්සා කිවුවවම එල හයේ හතරේ පොරක් කියලා ..බලද්දී මූත් මම වගේමයි ..
ReplyDeleteඉතින් මාගේ ගුරුතුමානනි . මොකද දැන් ලියන්න ඔය හැටි කම්මැලි ?
හොඳ වැඩේ.... :D:D:D
ReplyDeleteඇත්තටම මමත් මුලින් හිතාගෙන හිටියේ ඔයා ෆුල් සයිස් කියලා... ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... :)
අනේ ඔයානම් වාසනාවන්තයි.කාලෙකට පස්සෙ දකින්න ආසා නෑද්ද?
ReplyDeleteහප්පොච්චියේ වෙලා තියෙන සංගෙදියක් . . . සන්දුක්කාරේ . . .
ReplyDeleteසිරාවට මමක් හිතන් ඉඳියේ සිරාවටම උඹත් අර වැපා සයිස් කලු තතඩියෙක් නියල බං. උඹනං මැක්සා පොරක්. බොහොම සතුටුයි මචෝ අඳුරගන්න ලැබුණ එක. සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා මචෝ!!!!!
ReplyDeleteඅපෝ නව නින්ගිරාවයිනේ අප්පා කුජීතයි... එක්කෙනෙක් දිනිති අක්කා අනික් කෙනා වරුණි අක්කා නේද කියහන් බලන්න පිස්සා අයියේ...බ්ලොග් එකේ ලියල තියෙන්නේ ඉතින් ඔය දෙන්නා ගැන විතරයිනේ.....අර ඇමරිකන් මරලේ ඇරුනම....කව්ද දන්නේ මු +18 කතාත් තියාගෙන බ්ලොග් එක වාරණය වේවි කියල බයට දැම්මේ නැද්ද කියලා. නැත්නම් දැක්ක ගමන් මාරු වෙලා ගියයි කිව්වේ මුනවත් නොබලා.
ReplyDeleteඅඩෝ ඒ කිය්න්නෙ උඹ ගාල්ලෙ නේද. උඹ ගාල්ලෙ කොහේද?
ReplyDeleteහෙ හේ... මාතෘකාව දැක්කම මම හිතුවෙ මේ පරණ කෙල්ලො විකුණන්න තියෙන සාප්පුවක් ගැන කියලා...
ReplyDeleteබ්ලොග් එකට එද්දි උඹ මේ මැල්වෙයා එවනව කියල මැසේජ් එකක් එනවනෙ බං...
ඇති යන්තං දෙන්නටම මාට්ටුවෙලා උඹ යහතින් ඉන්නවා...
ReplyDeleteහෆොයි... මෙයාටත් වෙන වැඩ
ReplyDeleteහිස් අහස : ඇයි බන් මම කියල තිබ්බෙ හීන්දෑරි පොඩි කොල්ලෙක් කියල...
ReplyDeleteකොට ජීවිතේ : පව් නැද්ද... හි හි..
නදී... : ඒක නම් අනේ මන්ද... මෙහෙම උනහම නම් චා හි හි
දුකා : ආයෙත් කියල ඇඩෙනවා
ReplyDelete..ChAnDiKa.. : ඇයි බන් උබල ඔක්කොම එහෙම හිතන් හිටියේ... අර රවා කිව්වෙත් ඕකමනේ... හි හි..
අපරාජිතයා :::: Aparajithaya : අපොයි වරුනි කෙල්ලෙ නෙමෙයි බන්... නොලියපු එව්ව තව තිබේ ලිව්වට වඩ නොලිව්ව එව්වා නේ තියෙන්නේ...
අනුරාධ : ගාල්ලේ තමයි බන්... 370 බුස් එකේ විනාඩි 20 ක් විතර යන්න ඕනි ඉතින් ගාල්ලෙ කිව්වට... බුකියෙන් එවන්නම්
hare :-) : අඩේ අබියත් කිව්ව ඔය සීන් එක මට තේරේන්නෙත් නෑ බන් එහෙම එකක් ආවෙත් නෑ නේ.. දන්න එකෙක් කිව්වනම් හේතුවක්...
ReplyDeleteprasanna86k : වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නෙ ඇයි... කියල කිව්වෙ නිකන්ද...
හසී : කියල වැඩක් නැහ... තව සිද්දියක් උනා ආපු දවස් වලත් ලියන්න ඕනි...
හපොයි බන් මහ කුජීත වෑඩක්නේ වෙලා තියෙන්නේ.අනික මේ වගෙ දව වල ඔය මන්ජරි, හෙමාරා එකට වගේ යන්න නරකයි,මොකෝ අවුරුදු නිකා ගම් නියම් ගම් පිටින් ඔවට එන්නේ.හොදම වෑඩේ ටිකක් රෑ වෙන්න යන එක....
ReplyDeleteමැල්වෙයා සීන් එක එන්නේ "යන එන තැන්." කියලා තියෙන විජට් එකේ "ශාන්ගේ අඩවිය"(anythingshan . blogspot . com) නමින් තියෙන බ්ලොග් එක නිසා.. ඒක රිමූව් කලානම් වැඩේ ෂේප්..
ReplyDeleteමමත් ඉරිදා ආවානේ.. අපරාදේ.. සෙට් වුනේ නෑනෙ.. :-\
මමත් හිතාගෙන හිටියෙ මහ සද්දන්ත බුවෙක් කියලා. බැලින්නං අහිංසක පොඩි එකෙකේ වගේ
ReplyDeleteඅනේ වාසනාවන්. කල කල දේවල් තමයි ඉතින් පස්සෙන් එන්නේ.
ReplyDelete:D
සුබ අළුත් අවුරැද්දක් වේවා කියලා ප්රාර්ථනා කරනවා
කාලෙකින් නේද? තවම ලංකාවෙද?
ReplyDeleteහෑයියා අප්පා වෙන දේවල් නේද? ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා... :)
ReplyDeleteගුටී නොකා ආවා මදැයි :D
ReplyDeleteP.S - යන්න කලින් අර ටික දියන් හොදේ :D
හප්පොච්චියේ... අවුරුද්දට මුකුත් ඕනෙ නෑ, ගෙදර ම ඉන්නව :)
ReplyDeleteඅසoක : බඩු ගන්න නෙමෙයි බන් නිකන් ගියේ... කව්ද ඉතින් ඔහොම හෝල් සේල් චාටර් වෙයි කියල හිතුවෙ
ReplyDeleteචතුවා (ළමයා) : අහ් ඒක අයින් කරා මචන්.. දැන් නැහ නේ.. ස්තුතියි... ඇයි බන් ආවනම් පොඩ්ඩක් කතා නොකලේ... අපරාදේනේ...
blog gadol : ඇයි මලයෝ මම කවද්ද එහෙම කිව්වෙ ... හි හි...
රොබින් : අනේ මන්ද... එව්වනම්
හරී - පිණිපළස : ඔව් තාම ලංකාවෙ අක්කෙ... යන්න හිතෙන්නෙත් නේ හි හි අවුරුද්දෙන් පස්සෙ ම යනව
ReplyDeleteඉෂාර l Ishara : ඔයින් ගියා මදැයි කියල ඉන්න තියෙන්නේ හි හි
DarKneT | ඉෂාර : කියල වැඩක් නැහ... හරි හරි මලයා දෙන්නම් අනිවා
කොඩී : උබටත් පරණ කතන්දර තියෙනව වගේ හික් හික්
අප්පා බොටත් වෙන වැඩ ඔච්චර ලොකු කඩේ උඹව මාට්ටු උනා කියන්නෙ කරුමෙ තමා
ReplyDeleteවෙලාවට දෙකෙන් බේරුනේ.....
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම..!!
හප්පා....පිස්සා අයියාට මාර වැඩනේ වෙලා තියෙන්නේ....මේ දවස් වල ග්රහය නීච වෙලාද කොහෙද....
ReplyDeleteඔන්න මමත් කමෙන්ටු වැඩේට බැස්සා....
එදා උත්සවේ ඉවර වෙලා ගෙදර යද්දී රෑ උනාද?..........
සුබ අලුත් අවුරුද්දක් අයියා..........
ආතල් කේස් එක.... :D
ReplyDeleteඔන්න 200 වෙනියට පස්සෙන් ආපු කෙනා මම.ගෑනු ළමයි ප්රශ්න තමයි හැමෝටම
ReplyDeleteමැල්වෙයා ගැන ඇහුවනෙ.සමහර විට අයිය blog එකට pictures ලින්ක් කරද්දි ඒ pictures වලින් malware එන්න පුලුවන්..ඒක නිසා pic download කරල blog එකට upload කරල දැම්මොත් හොදයි..
ReplyDeleteඅනේ මමනම් පතන්නෙ ඔහොම දෙයක් නොවෙයන් කියල.කොහොමද බං ඒ වෙලාවට මූන දෙන්නෙ.
ReplyDeleteහෆොයි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව.. හික්ස්
ReplyDeleteකමෙන්ට්ස් දාපු ඔක්කොට්ම බොහොම ස්තුතියි....
ReplyDeleteකෝ බං පිස්සා අයියේ පොස්ට් එකක් නැහැනේ බොල මාස දෙකකින්.යකෝ අපිට බ්ලොග් ලියන්න ආසාව ඇති කරපු උඹ ඔහොම බ්ලොග නොලිය තියෙද්දී හෙන දුකයි බං ලියපන්කො මොන බම්බුවක් හරි.
ReplyDeleteලංකාවෙ ඉද්දි එක තැනක නැහනෙ මචන්... දැන් ආයෙම තනිවෙලානේ... ලියන්නම්
ReplyDelete