Thursday, June 16, 2011

කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම

Share

***  හප්පේ ලංකාවට ගියපු අලුත ලිව්ව කතාව දැන් තමා පබ්ලිස් කොරන්නෙ.... ****

ලංකාවට ගොඩ බැස්සත් හරි ලියන්න නම් වෙලාවක් උනේම නැහ. හැබැයි ඉතින් ලංකාවෙ ඉන්නකොට කතා නම් හම්බු වෙනව ආයෙ මදි නොකියන්න.
ගිහිල්ලම හිමින් සැරේ එව්ව ලියන්න ඕනි..


මේක මේ වෙන කාටවත් නෙමේ අසරණ මටම වුනු පටලැවිල්ලක් තමයි.
ගිය සතියට කලින් සතියේ ඒ කියන්නෙ සැපත් උන සතියෙම සති අන්තෙ අපේ කස්ටිය කතා කලා පොඩි බීමකට යන්න.


ඔන්න ඉතින් බීමට ඕනි කරන කල මනා ගන්න කියල මමයි තව එහෙකුයි Cargills එකට ගියා.. මගෙත් එක්ක ගියපු අනික් එකා

" හරි හරි මචන් මම ගන්නම් " 

කියල පැන්න නිසා මාත් පැත්තකට වෙලා පොඩි රවුමක් කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් ඉන්නව. Cargills  එකේම වැඩ කරන්නේ ඒකි. මාව දැක්ක ගමන් කට පුරවල හිනාවකුත් දැම්ම.. 

" මේ කව්ද ?? "

කියල හිතන්න කලින් මීටරේට වැටුන හුටා මේ දිනිති ගෙ යාලුවෙක් නෙ...


ඔන්න එතන ඉදන් දෙබස. 

" අහ් කොහොමද.. දැන් මෙහේද වැඩ.. ? "


" ඔව්.. හුඟ කාලෙකින්.. කොහෙද ඉන්නෙ දැන්.. "


" ඔව් නේ.. ලංකාවෙ නම් නෙමෙයි ඉතින්.. "


( ඒ එක්කම මට මතක් උනේ සමාධි වැඩ කරන්නෙත් Cargills නේද කියල.. මොකද කලින් ආපු වෙලේක මට හම්බුනා Cargills ඒකෙදිම )
( සමාධි කියන්නේ දිනිති ගෙ හොඳම යාලුව කියල දිනිති කතාව බලපු අය දන්නව ඇතිනේ )


" මේ ඔයාගෙ යාලුවා මේකෙ නෙ වැඩ.. "


" ම්ම්ම් නෑ.. එයා ජොබ් එකක් කරන් නෑනෙ..  "


මේකිගේ හිනාවෙ හැටිද මන්ද මහ කුප්ප ලුක් එකක් තිබ්බ නිසා


" ම්ම්ම් කව්ද නම.. අහ් සමාධි.. "


" සමාධි... ? නෑ නෑ සඳමාලි නේ.. එයා බැන්ද අනේ.. එය ජොබ් කරන් නෑනෙ.. "


 ( දැන් කියපන්කො සඳමාලි කව්ද කියල.. ඒ ඔය මාසයක් විතර මගේ පොඩි හුටස්පරයක් තිබ්බ කෙල්ලෙක්.. කරුමෙ කියන්නේ මට මීටර් උනේ නැහ නම කියලත් එවෙලේ සඳමාලි කියන්නේ කව්ද කියල.. මීටරේ තිබ්බෙම නැ ඒකිව. )


( කුප්ප හිනාව මූන පුරා )


 " නෑ නෑ සඳමාලි නෙමෙයි සමාධි "


" මම දන් නෑ එහෙම කෙනෙක් "


" ම්ම්ම් දැන් ඔයා එයාව දන් නෑනෙ.. "


" නෑනෙ.. "


" ම්ම් එතකොට... ඔයා දිනිතිව දන්නවද.. "


" දිනිති ?? "


" හරි හරි දැන් ඔයා මාව දන්නවද ? "


" ඔව් ඔයාව දන්නවා.. "


" එතකොට දිනිති දන්නෙ නෑ.. "


" නෑ... "


සීන් එක ෆුල් අවුල්.. මගේ ඔලුවෙ ඉන්නෙ මේකි දිනිතිලගෙ සෙට් එකේ කෙල්ලෙක් කියල... මේකි කියනව දිනිතිව දන් නෑලු.. ඒ අස්සෙ කුප්ප හිනාව...


( මගේ මෙමරි අවුල කියන්නෙ මෙහෙම වෙලත් මීටර් වුනේ නෑනෙ.. ඔක්කොටම මුල ඒකිගෙ කුප්ප හිනාව )


" අර ******* **  ඉස්සරහ ගෙදර... ඉන්නේ දිනිති... "


" අහ් දිනිති අක්ක... එයා අපිට වැඩිමල් නෙ.. ම්ම් අහ් නෑ නෑ ඔයාට වැරදිල... මම එයාගෙ යාලුවෙක් නෙමෙයි.. මම සඳමාලිගෙ යාලුවෙක්.. "


හපොයි එවෙලේ තමයි සීන් එක මීටර් උනේ.. දැන් ඉතින් ලැජ්ජාවයි නෝන්ඩියයි අරකයි මේකයි... මදිවට ඒකි හිකි හිකි ගාල හිනා වෙනවා..


ඇතිනේ..


වෙලාවට අර යකා... " හරි මචන් " ගාගෙන ආව..


" අහ් මේ සොරි පොඩි වැරදීමක් උනේ.. අපි යන්නම්.. පස්සෙ හම්බු වෙමු "


ගාල මම නිකන් එතනින් වාශ්ප වෙලා වගේ ආවෙ...


ඒ අස්සෙ අමිලය ආයෙ කෝල් එකක් දෙනව මචන් තව උන් දෙන්නෙක් සෙට් උනා තව භාගයක් ගෙනෙන් කියල. ආයෙ ඉතින් ජංගියක් ඇදන් ඕකට යන්න...


පාරෙ බාර් එකකින් ඒ භාගෙ අරන් අපි ගියා බීච්...


චිකේ මෙමරි අව්ට් එක අන්තිමයි.

19 comments:

  1. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :D

    ReplyDelete
  2. හික්... මේමත් නෝන්ඩි වෙනවද අෆ්ෆා...

    ReplyDelete
  3. දිනිතිව හම්බුනේ නැද්ද බං ෂිහ් ..

    ReplyDelete
  4. විලි ලැජ්ජාවයි මෙයාත් කරගන්න දේවල්... හි හි මේක පාලුවට ගිහින් තිබ්බේ.. දැන් ඉතින් ලියමු දිගටම...

    ReplyDelete
  5. උඹට තියෙන්නෙ වෙනම නෝට් පොතක් තියාගෙන ඔය කෙල්ලො ඔක්කොම ලිස්ට් කරගෙන යන යන තැන අරන් යන්න. උඹට ඔහොම නං මේක කියවන අපිට ඔය නම් කොහොම පැටලෙනවද කියල හිතහන්කො. ගොඩ කාලෙකින්. අන්තිමටත් අර පරණ කෙල්ලො දෙන්නෙක් එක වහලක් යට සෙට් උනා කියපු නිසා මම බැලුව බුවාට වෙන මොනවහරි පෝරියල් එකක් සෙට් වෙලාද කියල. හික්

    ReplyDelete
  6. හික්ස් ඔයාට තියෙන්නෙ මරු memory එකක්නෙ ..
    මට නිකම් අඩමානයි වගේ හොදට බලන්න දැන් ඉන්නෙ ඔයාගෙම ගෙදරද නැත්නම් වෙන ගෙදරකද කියල...

    ReplyDelete
  7. ගජිනි වගේ සීන් එකක් තමයි කොරන්න වෙන්නේ යන යන තැන කැමරාවත් අරන් ගිහින්

    ReplyDelete
  8. කාලා වරෙන්කෝ...මීට පස්සේ දන්නවා කියල හිතෙන කාව හරි දැක්කම කෙලින්ම අහපන් ඔයා දිනිති ගේ යාලුවෙක්ද සඳමාලිගේ යාලුවෙක්ද, සමාධිගේ යාලුවෙක්ද කියලා.. ඊටත් ඉස්සෙල්ලා ලිස්ට් එකක් හදා ගන්න වෙනවා කට්ටියගේ..

    හික්ස්..

    ReplyDelete
  9. haha.. good to see you machan..

    Vampire

    ReplyDelete
  10. shih.....kollek mehmat chatar wenawada appa?ekath kellek issaraha.....aiya lankawata awa welawa hoda na wage.... hik..hik...

    ReplyDelete
  11. hapoi pisa aiyata wena dewal.. hikiz.. oin giya madai....

    ReplyDelete
  12. කට්ටියටම ස්තුතියි කිව්වා ගොඩ වැදුනට මේ පැත්තට.... වයසයි නෙ බොලව්... පොඩි එව්වො සන්දියෙ කරපුව මතක තියෙනවය දැන්... හික් හික්

    ReplyDelete
  13. මදෑ ඔයින් ගියා

    ReplyDelete
  14. me podi ekage wayasata nemei kello list eka nam :D :D honda wade

    ReplyDelete
  15. වසලා හමාරයි විලි ලැජ්ජාවේ බැහැ.....

    ReplyDelete
  16. මෙව්වට මොකුත් නොකියා අදහස් වලට ස්තුතියි කියල ඉන්න එක ඇඟට ගුනයි නොවැ හික් හික්....

    ReplyDelete
  17. අම්මේ පිස්සයියා කරගන්න දේවල්. ඔය කිව්වට ඉතින් මටත් ඔහොම කේස් එකක් උනා එක පාරක්. ‍යාළුවෙක් දන්න කෙල්ලෙක්ව අඳුන්වල දුන්න අපේ කැම්පස් එකේ ම වෙන ඩිපර්ට්මන්ට් එකක්. දවසක් ලිෆ්ට් එකේ එද්දි කෙල්ලෙක් කතා කරා කොහොම ද කියලා. මාත් හිතුවා අර යාළුව මුණගස්සපු කෙල්ල වෙන්න ඇති කියලා. බලද්දි අපිත් එක්ක පන්ති ආපු කෙල්ලෙක් (දැන් ඉතින් අඳුරන්නත් බෑ, කොන්ඩෙත් අස්ප වලිගෙ වගේ).කෙල්ලටත් මීටර් මම විද ගත්ත කියලා. වස ලැජ්ජාවයි :(

    ReplyDelete
  18. ලේසි නෑ නේ බන් දැන් ඉන්න කෙල්ලො මතක තියා ගන්න.. නා නා ප්‍රකාරෙන් හැඩ වෙල නොවැ එන්නේ

    ReplyDelete

Related Posts with Thumbnails