Thursday, June 16, 2011

ආයෙමත් මේ හීතල අඩවියේ... හුඟ කාලෙකින්...

Share


ලංකාවෙ ගත කල ලස්සන මාස කීපය නිකන් කතරගම කොලඹ බස් එකකට වඩා වේගෙන් ගියා වගේ.. ආයෙමත් පරණ පුරුදු හීතල පාළු රටේ තනිවෙලා... රස්සා ප්‍රශ්න අරව මෙව්ව විසදගෙන ( විසදගෙන කිව්වට විසද ගන්න ගමන් ) බ්ලොග් අවකාශෙට ඔලුව දාන්න හිතුවා ආයෙම...

ලංකාවට ගියපු වෙලේ බ්ලොග් සැට් එකේ සෑහෙන පිරිසක් හම්බුනා.. නුවර ගමන මග ඇරුන එක නම් හිතට දුකක්...

ඒ වගේම අපේ ඉලංදාරියා... අවුරුදු උත්සවේදී උබේ පොත් පිංචෙ මම කව්ද කියල ලියල දුන්නම " අහ් මේ උබද... ?? " කියල බොහොම ලෙංගතුව කතා කල උබ... ඊට සති කීපයකට පසු අපෙන් සදහටම වෙන්වීම හීනයක් කියලත් හිතෙනව වෙලාවකට...

ජීවිතේ මහ පුදුම දෙයක් කියල හිතෙනව... 

උබේ බ්ලොග් එක මම බ්ලොග් කියවන්න ගත්තු මුල්ම කාලෙ බලන්න ගත්තු එකක්... බ්ලොග් එකේ මුල ඉදන්ම උබ උබේ අදහස් වලින් මාව දිරිමත් කලා.... මචන්... උබට නිවන් සුව...

ලැබුන කෙටි වෙලාවෙ ලිපියක් ලියනවට වඩා මට හිතුනා කට්ටියගෙ බ්ලොග් කියවන එක හොඳයි කියල... අවකාශෙ මොනව වෙනවද දන්නෙත් නැහ නොවැ.. ඒ එක්කම ලංකාවෙ ගියපු අලුතම කොටපු ලිපියක් පල කරන්න අමතක වෙලා... ඒක මේ ගමන්ම පල කරන්න හිතුවා... එහෙනම් ආයෙ පරණ සෙනහසින් ලියන්න ගන්නම්...

 කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම

13 comments:

  1. ආහ්..!! ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්... :D

    ReplyDelete
  2. ඔන්න අපිත් ආවා .. ආයෙමත්

    ReplyDelete
  3. මෙන්න මෙයා ප්‍රවේශමෙන් ගොඩ බැහැලා :)

    ReplyDelete
  4. තනිවෙලා ඉද්දී ලියන්න හුඟාක් දේවල් හිතට එනවා කියලා මම නම් අහලා තියෙනවා.... හිතට එන ඕන බහුබූතයක් ඔන්න ඔහෙ කුරුටු ගෑවා නම් අපි වටකරගෙන හිනා වේවී...ආයෙමත් අර පරණ කතා මතුවේවී...එහෙම නේද සහෝ ?

    ReplyDelete
  5. පරිස්සමෙන් ආවැයි . . . අනේ හොඳා . . දුක් වෙන්න එපා බන් . . . හත් ගව්වක් දුර හරි අපි අපි ඉන්නවා නොවැ අපේ හිතේ තනියට . . .

    ReplyDelete
  6. එළ කිරි මචං..ආයෙත් ලියමු.

    ReplyDelete
  7. එළ කිරි සහෝ මම දවස ගානක් ගොඩවෙලා බැලුව කෝ පිස්සා කියල..:D

    ReplyDelete
  8. බොහොම ස්තුතියි කට්ටියටම ගොඩ වැදුනට....

    ReplyDelete
  9. ඈ...... බොලව් බොලා ඉඳල, ඉඳල, මෙහෙ එන්නෙ බොන්ඩය්, පරණ බඩු මොකද කොරන්නෙ කියල බලන්ඩද? ඊට වඩා හොඳය් තොපි ඉන්න රට රාජ්ජෙකෙට වෙලා එහෙ ඉන්න එවුන්ට වාත වෙන එක. හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  10. අහ් අයේමත් මූ ඇවිත් එල එල......

    ReplyDelete
  11. ඔබ්සර්වර් අයියා මේ ආවමයි මේ පැත්තෙ මයෙ හිතේ....



    අපරාජිතයා... ඔව් ඔව් ආව මචන් හික් හික්

    ReplyDelete
  12. පිස්සු කෙලින්නෙ නැතුව දිගට ම ලියමු :)

    ReplyDelete

Related Posts with Thumbnails