Friday, June 17, 2011

කෙල්ලගේ කොන්ඩෙ straight කරපු හැටි

Share


" මේ මගේ කොන්ඩෙ පීරන්නත් බෑ අනේ... straight එක ගිහිල්ල දැන්... straight කරන්න ඔනි අද හෙටම...  "

" අනේ ඔයාට තේරෙන්නෙ නැහනේ මේක පීරන්න තියෙන අමාරුව... මම මේ සිලිකන් ඔයිල් ගාල ගාල නේ පීරන්නේ... කොච්චර අමාරුද පීරන්න  "

" අපෝ අවුරුද්දට නෑදෑයෝ ආවම කොන්ඩෙ මොකද බලයි මේ... ඊට කලින් නම් කොහොම හරි straight කරන්න ඕනි... "

නා නා ප්‍රකාර විදියට කියන්නෙම මේ හොඳට තියෙන කොන්ඩෙ straight කරන්න ඕනි කියලමයි... දන්නවනේ ඉතින් කෙල්ලො... ඒ උනාට මට නම් කිසිම වැරද්දක් නෑ  හොඳට තියෙනව කොන්ඩෙ... කලින් පාර straight කර එක තාම හොඳට තියෙනව අයේ මොකට පුච්චන්නද මන්ද මේ කොන්ඩෙ... 

ඉතින් ආසවනේ කියල.. " හා " කිව්ව...

කිව්ව පරක්කුවෙන් ඔන්න ඉතින් දවසකුත් වෙන් කරගෙන saloon එකට ගියා කොන්ඩෙ straight කරන්න අපේ ළමය...

" අනේ මේ මට දවල්ට කන්න මොනා හරි ගේනවද ඔයාට පුළුවන්නම්... "

ඇයි යකෝ උදේ පාන්දර ගිහින් දවල් වෙනකල්...

" ඇයි දවල් වෙයිද..  ? " ( මම දන්නවයේ ඔව්වට යන වෙලා.. )

බැලින්නම් හවස 4 වෙනවලු... ආයෙම දවස් 3 කින් යන්නත් ඕනිලු.. හපොයි මොන දුකක්ද...



ඔන්න ඉතින් පටාස් ඩොන් වන් ශොට් එකී මෙකී වයිවාරන chemicals දාල වරුවක් විතර තියලා කොන්ඩෙ හෝදල අරව මෙව්ව කරල ගිනියම් වෙච්චි අයන් එකකින් පුච්චලා අඩියෙ රූල තියලා කපල කොන්ඩෙට දෙන්න තියෙන දෙතිස් වද ඔක්කොම දීල ඔන්න ඉතින් වැඩේ ඉවර වෙලා... මුලු දවසම එතන...

" අනේ ආයෙ නම් මම කොන්ඩෙ straight කරන් නෑ අනේ.... "

" මේ නම් අන්තිම පාර... "

සතියකින් විතර...

" බලන්න අනේ මේ saloon එකේ පාවිච්චි කරපු chemicals නිසා මගේ මූනත් කලු වෙලාද කොහෙද... "

" මූනෙ බිබිලිත් ඇවිල්ල ආයෙම... මේ chemicals වලින් අනේ... "


straight කරනකම් තිබ්බ උනන්දුව කොන්ඩෙ straight කරාට පස්සෙ නෑ... 

" මේ පාර එක හරි නෑ අනේ... මූන මහතයි වගේ මේකට... " 

එකී මෙකී නොකී කතා ඒ පාර

මාසයක් විතර එකී මෙකී නොකී ක්‍රීම් ගාල ඔන්න ඉතින් දැන් නම් හරිලු... ආයෙ කොන්ඩෙ හොඳටම වැවෙනකල් straight කරන්නත් බැහයි කිව්වලු දිරල කියල කොන්ඩෙ... ඇයි දෙයියනේ ඔය දෙන දස වද වලට නොදිර තියෙයිද කොන්ඩෙ...

මොනව උනත් මොනර පිල වගෙ තියෙද්දි ලස්සනයි... ඒ උනාට දෙයියනේ ඔය දෙන දස වද නිසා කොන්ඩෙ ට වෙන හානිය කියලමයි හිතෙන්නෙ.... පහු කාලයක ඕවයේ බලපෑමක් ආවොත් වගේ විකාර තමා මට හිතෙන්නේ... 


හැබැයි ඉතින් මේක වැරදිලවත් දැක්කොත් ඉතින් මගේ කොන්ඩෙට වද 64 ම සෙට් වෙනව අනිවා...

හික් හික්...

ප . ලි :: කාලෙකට කලින් වරුනි කියල කෙල්ලෙක් ගැන ලිව්වා මතකයි නේ... මතක අය ට මතක ඇති... ඔව්.. ඒ කෙල්ල මගේ  කෙල්ල වෙලා අද... ඒ වගේ කෙල්ලෙක් ලැබිච්ච එක ගැන හිතෙද්දි මම මොන තරම් වාසනාවන්තද කියල හිතෙනවා....

47 comments:

  1. හෆොයි කොන්ඩේ ලේයර් කරලා විදින දුක ඇති... දැන් වැවෙන්නේ නෑ අපලාදේ යසට තිබ්බ කොන්ඩේ..:(

    ReplyDelete
  2. නෑ එහෙමද? අඩේ මචං ඔන්න එහෙනම් මගේ උණූසුම් සුභපැතුම්!!!! ජයෙන් ජයම වේවා!! දෙන්නටම ලස්සන අනාගතයක් උදාවේවා!!!

    ReplyDelete
  3. එළ එළ තව තව කොණ්ඩෙට හැඩ වැඩ දාන්න ලැබෙන, ස්ට්‍රේට් කරපු කොණ්ඩේ සිලිකන් ඔයිල් දාලා පීරුවා වගේ දිලිසෙන ලස්සන අනාගතේකට සුභ පැතුම්! :D

    ReplyDelete
  4. ප.ලි කෑල්ල පොඩි බටර් පාරක් වගේ.... හික්ස්....

    උඹලා දෙන්නාට සුභ පැතුම්.....

    ReplyDelete
  5. ලිව්ව කතා ගොඩේ හැටියට මතකෙට නං එන්නේ නෑ ;)! හැබැයි මෙන්න මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  6. හසී : චා චා... ඕකට යූරියා ටිකක් දැම්මනම්... නිකමට ට්‍රයි කොරල බලන්නකො හික් හික්



    ..ChAnDiKa.. : බොහොම ස්තුතියි මචන්....




    පූසා : උබේ අර මිදි තිත්තයි පෝස්ට් එකට වගේ... තිත්ත නැති මිදි ගෙඩියක් වගේ කෙල්ලෙක් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  7. අණ්ඩරදෙමල : නැත්තම් මේ අහිංසක මමනේ හික් හික්


    මුහුදු කොල්ලකාරයා : ඒ කතාව දැන් නම් බ්ලොග් එකේ පේන්නෙ නැ මචන්....

    ReplyDelete
  8. කාලෙකින් ඇවිත් දිගට හරහට ලියනවා නේ. බොහොම සතුටුයි. හැබැයි ඉතින් ගෙදර උන්දැට මඩ ගහලා ,,, අපි දන්නෑ පරිස්සමින් හොඳේ. මෙන්ඩෝ,,,,,,,,,,,වරුණී,,,,,,,,,,ඊ,,

    ReplyDelete
  9. කොණ්ඩෙ අවුලක් නෑ... මේකවත් හරියට කරපන්.. :D

    මොනවා වුනත් සුභ පැතුම්....

    ReplyDelete
  10. අඩේ සුභ පැතුම් පිස්සා අයියා.... එහෙනං ඊලග පාර අපිට වෙඩිමක් තියනවා යන්න. ජය වේවා.. කොන්ඩෙ ගැන නං මුකුත් නොකියා ඉන්නං....

    ReplyDelete
  11. මාත් කලා ඔය වැඩේ අයන් කරන්නෙ නැතිව හෙයා ඩ්‍රයර් එකෙන් අවුරුද්දක් ගැරන්ටිය :P

    සුභ මංගලන්!

    ReplyDelete
  12. ඒ කතාව මටත් මතකයි. එළ එළ...සිරි සුභ මංගලම් කිව්ව!!

    ReplyDelete
  13. ඒකත් ජයසිරි මංගලම්

    ReplyDelete
  14. අදමයි මේ බ්ලොග් එකට ආවේ...
    හැපී වෙඩඩ් ලයිෆ්... :)

    ReplyDelete
  15. එල කොල්ලෙක්නේ වරුනිව කොහොම හරි සැට් කරගත්තා නේද අපිට මාර සන්තෝසයි මචෝ ! මම ඉතින් මේ බ්ලොග් කතන්දර ටික කට පාඩම් කරගත්ත එකානේ ..

    ජය වේවා මචං උඹට සතුටුයි නම් අපටත් සතුතුයි කොහොමද හදිස්සියේම වැඩේ සෙන්ටි මෙන්ටල් උනේ . අපිටත් කතාව විස්තර ඇතුව කිවුවනම් .

    එහෙනම් මගේ බ්ලොග් ගුරුතුමා දිනුවා ! .. වෙඩින් එක මටත් කියපන් ලොක්කෝ . ලංකාවේ කොයි කෙලවරේ හිටියත් මම එනවා !

    අළුත් කපල් එකට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!!

    ReplyDelete
  16. එල එල ලොක්කා... එහෙනං වැඩේ ගොඩ ඈ.... මොකෝ අපිට අමතක වෙන්නේ ... හික්... හික්....
    ඔන්න අළුත් වදක බෙරේටයි... බ්ලොග් ලිවිල්ලටයි සුභ පැතුම් කිව්වා....

    ReplyDelete
  17. ලාබෙට අස්සයො ගන්න ගියාම ඔහොම වෙනව!

    ReplyDelete
  18. හප්පේ...අහන්නත් සංසෝතයි වරුනි ව සෙට් උනා කිව්වම.. එහෙනම් ලංකාවේ වැකේෂ්න් එක එලටම යන්න ඇති.. සුබ පැතුම් මචං...

    ඔය වගේ තව එක එක කෑලි තියෙනවා ගෑනු ළමයි ගාව... ඉස්සරහට ආර්තිකේට පසුම්බියට සෙතක් වෙන්න නම් බියුට් පාලර් කෝස් එකක් කරපං මචං...

    ReplyDelete
  19. අම්මපා දැන් කියනකම් නිකමටවත් කිව්වද වරුණි අක්කව සෙට් උනා කියල.මොනා උනත් වෙන්න වෙඩිමට මගේ සුභ පැතුම්.

    ReplyDelete
  20. සුභ පැතුම් සහෝදරයා..මංනං ඉතිං දැනගෙන උන්නා නෙව ඕක..

    කොණ්ඩේ දිරනවානං තමා..ඒත් පොඩි ලස්සනකුත් තියෙනවා ඕකේ..හැබැයි අනිත් අවුල තමා..පීරන පීරන වතාවේ කොණ්ඩේ ටික ටික හරි ගැලවෙන එක...
    අඳ උඩ එහෙම කෙස් ලොරි ගාණට එකතු කලෑකි...
    මාත් කෑවනේ ඔය කට්ට එක්කෙනෙක් හින්දා...සිලිකන් ඔයිල් දදා අයන් කරහංකෝ පණ යනකල්..

    ReplyDelete
  21. වරුනි ගැන මට මතකයිනේ... අර එක පාරක් ගෙදර ගියාම හම්බුවෙලා කතාකරා කියලා කිව්වේ....

    කොන්ඩෙ ස්ට්‍රේට් කරන එකට මං නම් ආසා නැහැ අප්පා. චූටි බූල් බෑන්ඩ් එකක් දාලා බලු නැට්ට වගේ තියෙනවට තමා ං කැමති....

    වාසනාවන්... පිස්සත් කොටු වුනා එහෙනම්....

    ReplyDelete
  22. meka hina yana katawak. man danna kellek hitiya. kalin normal hair eak thibune. passe boy gen salli illagena hair straight karala, masayakata witara passe wena kollek ekka yalu una.

    ReplyDelete
  23. හික්ස් එහෙනම් පිස්සටත් හරි වැඩේ :D

    සුබ පැතුම් වේවා :)

    ReplyDelete
  24. මොනා දැම්මත් කමක් නෑ හැබැයි ආසනික් තියෙනවද කියල බලන්න මචෝ

    ReplyDelete
  25. හප්පට සිරි... එලකිරි අය්යා!!
    හැමදාම සතුටින් ඉන්න ඔනේ! දෙන්නම...
    - shani

    ReplyDelete
  26. subapathum malli !!!!sathutin life eka geniyanna labeewa :)

    (mama naga ge akka :D )

    ReplyDelete
  27. යකෝ මාරයත් දන්න දේවල්

    ReplyDelete
  28. මේකනේ ඔබා අයියේ කාරණාව..දැන් මේ මොකාද වගේ හිටියට අපිත් ඉතිං ඔය කාලෙන් කාලෙට විවිධාකර පන්නයේ කරත්ත දැක්කුවා නෙව... ඒ හින්දා ඉතිං ඔය කටු ගැන ටිකක් දන්නවා...

    ReplyDelete
  29. "ප . ලි :: කාලෙකට කලින් වරුනි කියල කෙල්ලෙක් ගැන ලිව්වා මතකයි නේ... මතක අය ට මතක ඇති... ඔව්.. ඒ කෙල්ල මගේ කෙල්ල වෙලා අද... ඒ වගේ කෙල්ලෙක් ලැබිච්ච එක ගැන හිතෙද්දි මම මොන තරම් වාසනාවන්තද කියල හිතෙනවා...."

    යකෝ මොන ලබ්බටද මේක පසුව ලියමි කියලා දැම්මේ...?? ආහ් බොල දාපියකෝ මේක මුලට...ටිකක් ලොකු ෆොන්ට් එකකින්....

    අඩෝ සිරාවටම සතු‍ටුයි අයියා... මම උඹෙ බ්ලොග් එක කියවන්න අවේ ඔය වරුනි අක්කගෙ ලව් හුටප්පරේ ගැන උඹ පොස්ට් එක දාපු මුල් දවස් වල... එල ඈහ්.... සිරාවටම සතු‍ටුයි බං.....

    ReplyDelete
  30. අම්ම ගහයි . . උබ හිච් උනාද . . එල එල තන්තෝසයි ඈ . .

    ReplyDelete
  31. අඩේ..!! ප.ලිය නම් පට්ටයි ආ.. බොක්කෙන්ම හැපී..!

    ReplyDelete
  32. pissa aiyya goda giya ehemang ape suba pethum aiyye!!

    ReplyDelete
  33. ehenam mechcharakal kurulla wage athal eke hitapu pissatath honda pissiyek set una.den ithin parana sellam boru ban aiye....menna apenuth subha pethum...............!!!!!!!!!

    ReplyDelete
  34. එළ එළ මචන් මෙන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්...!!!!!!!

    ReplyDelete
  35. මගෙනුත් උණුසුම් සුභපැතුම්...

    ReplyDelete
  36. හරී - පිණිපළස : බ්ලොග් එක පාළු වෙනව නොවැ... හික් හික්.. ගෙදර උන්දෑ මේක බලල...


    අභීත : අනිවා ඉතින්... බොහොම ස්තුතියි අභීත අයියා



    නඟා : එහෙම වෙයි හික් හික්... ස්තුතියි කිව්වා නගාට



    pissi : හප්පා... පිස්ස්සිත් දන්න වැඩ... හික් හික්.. ස්තුතියි කිව්ව...

    ReplyDelete
  37. දොඩන් : බොහොම ස්තුතියි.



    ඕනයා : මොකද අයියා ඊලඟ පාර සමරමුද සලාක උඩ තට්ටුවෙ එකේ... හික් හික්



    මන්තරකාරි : වෙඩෙඩ් කිව්වට තාම බැන්දෙ නැතෝ.. ආවට ස්තුතියි මේ පැත්තෙ



    හිස් අහස : හික් හික් කතන්දරේ නිවාඩු පාඩුවෙ කියන්නම් මලයා... උබ ඉතින් හැමදාම ගොඩ වදින එකානේ... බොහොම ස්තුතියි මලයා...

    ReplyDelete
  38. Jeew : උබට මතක නැති වෙන්න බෑ නොවැ... බොහොම ස්තුතියි අයියා.... බ්ලොග් එක පැත්තෙ ගොඩ වැදුනෙත් නෑ කාලෙකින්



    ඉන්දික උපශාන්ත : :)



    sameerausa : ඒකනම් ඇත්ත තමයි මචන්.. හික් හික්..ගෙදර පොඩි සැලූන් එක්කෞයි ඇඳුම් කඩේකුයි දාගන්න ඕනි හික් හික්... බොහොම ස්තුතියි මචන්



    මොළකාරයා : ඉතින් කියන්න වෙලාවක් උනේ නැ නේ බන්... හි හි... බොහොම ස්තුතියි කිව්වා

    ReplyDelete
  39. මාරයාගේ හෝරාව : මාරය අයිය තමා ඉතින් බ්ලොග් සැට් එකේ මුලින්ම දැන ගත්තෙ... බොහොම ස්තුතියි කිව්වා.... හැමදේටම :)

    හප්පට බොල උබත් දන්න දේවල්... ඇත්ත තමයි මොනව උනත් කතාව




    prasanna86k : උන්ගෙ ආසවනේ බන්.... ඔව් ඔව්... බොහොම ස්තුතියි මචන්



    Anonymous : එහෙම දේවල් ඉතින් අහන්න දකින්න ලැබෙන එක පුදුමයක් නෙමෙයි අද කාලේ



    DarKneT | ඉෂාර : බොහොම ස්තුතියි මල්ලියා... මේ උබ අර නුගේගොඩ ප්ලේස් එකට ගියාද ?

    ReplyDelete
  40. bckurera : අලුත්ම ට්‍රෙන්ඩ් එක ආසනික් නේ හික් හික්


    shani : බොහොම ස්තුතියි ශානි



    mama naga ge akka : බොහොම ස්තුතියි කිව්වා... ලංකාවෙද ?? හම්බ වෙන්න ලැබීම සතුටක්...


    Observer : හික් හික්...

    ReplyDelete
  41. අපරාජිතයා :::: Aparajithaya : හික් හික්... ඒක අගට දැම්ම එකෙත් පොඩි ගතියක් තියෙනවනෙ මචන්... බොහොම ස්තුතියි කිව්වා...


    දුකා : බොහොම ස්තුතියි දුකා අයියා


    චතුවා (ළමයා) : බොහොම ස්තුතියි ළමයෝ


    Kasun Tharanga : බොහොම ස්තුතියි මචන්... උබත් කමෙන්ට් වැඩේට බැහල වගේ

    ReplyDelete
  42. The Lion : හික් හික් බොහොම ස්තුතියි ලයන්.... දැනුත් වෙනසක් නෑ ඉතින්..



    Soda ගුනේ : බොහොම ස්තුතියි මචන්



    තාරා : බොහොම ස්තුතියි....

    ReplyDelete
  43. සුභ පැතුම් අයියා. සෑහෙන දවසක් නිහඬව ඉඳලා ආයෙ ලියන්න ගත්ත එක ගැනත් සතුටුයි.

    ReplyDelete
  44. ජය මංගලම් සහෝදරයා. අපිටත් හොරෙන් වරුනි සෙට් කරගෙන නේ. ශේප් එකේ ඒක ගැනත් පොස්ට් එකක් දැම්ම නම් නාකද ???

    ReplyDelete
  45. ස්ට්‍රේට්........... හපෝ........යි ඒ ගඳ ඉවසන්න පුළුවන් කාටද......... මතක් වෙද්දිත් වමනෙ යනවා වගේ........ ඔවෑක්......... :D

    ReplyDelete
  46. සුබ පැතුම්!!
    මටත් මතකයි වගේ කොල් කරන සීන් එකක්, ඔය නමින්...

    ReplyDelete
  47. බොහොම ස්තුතියි සුබ පැතුම් වලට

    ReplyDelete

Related Posts with Thumbnails