skip to main |
skip to sidebar
මේ ඇවිල්ල මේ සැරේ ලංකාවට ගියපු වෙලේ වෙච්චි කබර / බීමත් කම සම්බන්ධ කතාවක්. බීමේ ආදීනව කියවෙන නිසා පොඩි ලොකු ඕනි කෙනෙක් බලන්න කිසි අවුලක් නෑ... හික් හික්...
අපි කට්ටිය ඒ කියන්නේ අතිජාත සැට් එක මේ සැරේ සති අන්තෙක සැට් උනා යාලුවෙක්ගෙ ප්ලේස් එකක. යාලුවා ඇවිල්ල වත්තෙ මහතැන් කෙනෙක් හෙවත් සුපිරින් ටන් ඩන් කෙනෙක්... කොච්චර කිව්වත් ඕක හරියට කියා ගන්න බෑ නොවැ මට. ලංකාවට යද්දි අරන් ගිය කොළ ලේබල් එකක් තමයි පළවෙනි දවසෙ ටාර්ගට් එක. ඒ කියන්නේ මෙහෙමනේ... උගේ වත්තට සැට් උනේ අත පය දිග ඇරල නිදහසේ බොන්න.. වෙන උලව්වකටය.
උයල දෙන්න ඌට අප්පු කියල පොරකුත් ඉන්නවා.. ඔය අප්පු කිව්වම මතක් උනේ එළම කතාව.. ඒක පස්සෙ වෙලාවක හිතල ලියන්නම් හි හි...
ඔන්න ඉතින් අපි 6 දෙනා 1 ලීටරේට සැට් උනා... 6 කිව්වට බොන්නෙ 5 යි.. වනිය බොන්නේ නැහනේ.
ඔන්න බොනවා.. බෝතලේ භාගෙ පනිද්දි පවනයටයි සංකයටයි සිංහල අමතක වෙලා ලොකු ටෝල්ක් එකක් යනව ඉන්ගිලිසියෙන්... ඒකත් ඇවිල්ල මේ ලොකු සීන් එකක් ගැන මොකක් හරි.. මල්ටි මිලියන් බිස්නස් එකක් ගැන වෙන්න ඕනි... සංකය කෝමත් බිව්වම මිලියන් බිලියන් ටෝල්ක් තමා හික් හික්...
ඔන්න පවනයට ආව වෙන්න ගෑනි ගෙන් කෝල් එකක්... ඌ පිරිතකටයි දානෙකටයි යනව කියල ඇවිත් තිබ්බේ ඉතින් ඔන්න ඌ ෆෝන් එක උස්සන් මාරු....
ටිකකින් කකුල් දෙක දෙපැත්තට දැම්ම... ඕක්ක් ඕක්ක්..... සංකය ඩව්න්...
ඒ අස්සෙ වත්තෙ මගත්තය කොළ ලේබලේ ගලවලා.... යකෝ බලපන්කො බන් මේක... ගල් බෝතලයක් ද කොහෙද මූ ලේබලයක් ගහන් ඇවිත්... හැබෑට ගල් බෝතලේ තමා ලේබලේ නැති උනාම හික් හික්
මට අවුල 1 ලීටරේ 5 ට බෙදල ඔච්චර අවුලක් වෙච්චි එක... පුරුදු වෙන්න බොන එව්වොය අපේ එව්වො...
කෑම එකම බයිට් එකට ගත්තු නිසා ඩිනර් ශේප්... නැත්තම් එකත් නෑ... දැන් නිදා ගන්න වෙලාව...
ඩබල් ඇදන් 2ක් තිබ්බ අපි 5 දෙනාට.. ඒ කිව්වෙ වනියටයි ( නොබීපු ) අමිලටයි, පවන්ටයි, සංකටයි මටයි....
" තොපි ඕකෙ බුදියපන් බේබද්දො... මම සාලෙන් බුදියනවා " කියල වනිය සැටියකට සැට් උනා...
වත්තෙ මහත්තැන් කෙලින්ම උගේ ඇදට වැටිලා බුදි සිහියක් පතක් නෑ...
මමත් වෙරි මරගාතෙ ඇදකට වැටුනා..
" අඩෝ අරූ වාහනේ බුදි බන් " කියල අමිලය ගිහින් පවනයව අරන් ආව ඔන්න කාමරේට... ඇවිල්ල මූ දැන් නොබීපු එකා වගේ කියවනවා සංකයටයි පවනයටයි...
" යකෝ බොනවනම් ගානකට බීපන්... පෙරේත කමට නොබී... මොනවද යකෝ එකෙක් එතන කබරය දාල.. මූ වාහනේ ගාව දාල... " අඳෝනාව වගේ බනිනව..
මල් පැන් පොදක්.... කිනිත්තක් අගින්...
ආයෙම පවනයගේ ෆෝන් එක... වලියක් සැට් වෙලා වගේ පට්ට මලකින් ගත්ත ෆෝන් එක බැස්ස එලියට...
අමිලයටත් බැනල ඇති වෙලා ඌත් ඇඳට වැටුන... දැන් ඌයි සංකයයි එක ඇදක... අනිකෙ මම...පවනයත් ඉඩ තියල මම නිදි..
එක පාරම හීනෙන් වගේ මාව නිකන් විසික් වෙනව වගේ දැනුනා... "ඩොග්" ගාල සද්දෙකුත් එක්ක..
වෙරි මරගාතේ ඇස් ඇරල බලද්දි පවනය අරක්කු බීපු ඇතා වගේ අරුන් දෙන්නගෙ ඇද පොලවෙ ගහන්න හදනවා... උන් දෙන්න දඩ බඩ ගාල කාමරෙන් එලියට පැන්න...
ඇඳේ හිටිය මම බිම...
" පරයෝ ආව ආතල් දෙන්න.. ඕන තැනක බුදියපන්... "
කියල පවනය හතර ගාතෙ දාල වැටුන ඇදට... චැප්ටර් ක්ලෝස්.
ටිකකින් මට තේරුනා මූ මාව ඇදත් එක්ක පොළවෙ ගහල කියල... ඒත් ඇයි යකෝ... ??
මම දැන් ඇදන් 2 ක මැද බිම.. කල්පන කරල තේරුමක් නෑනේ කියල මම හිස් ඇඳට වැටුනා ගිහින් අරුනුත් නෑනේ...
නින්ද යාගෙන එද්දි
" ඩොග්... ඩොග්... තග්..සලං... "
පවනය නැගිටගෙන මිශන් මදුරුවො 2 පටන් අරන්... බිත්ති ජනෙල් කොට්ට මෙට්ට හතර අතේ ගහනවා... මදුරුවොන්ට ඇඩ්රස් නැතිවෙන්න...
මමත් අනේ උබ ඕනි එකක් කරපන් කියල කොට්ටෙකුත් අරන් එලියට ආව.. ශුවර් නෑනේ ශරීර කූඩුවෙ හැටියට මාවත් මදුරුවෙක් වගේ පෙනුනොත් චප්ප නේ...
ඉතියෝපියාවෙ සාගත කාරයො වගේ අරුන් 3 දෙනා පුටු උඩට වෙලා ගුලි වෙලා බලන් ඉන්නවා...
" ඇයි බන් අරූ අර ?? "
" මේ මූ බැන්න නේ ඒකට තද වෙලා වෙන්න ඇති බන්... " සංකය ඉදන් අමිලට බනිනවා...
" මූ එක්ක නම් බොන්න බෑ බන්... පිස්සුනේ... " අමිලය බය වෙලා...
මොනා කරන්නද... අරක්කු වලට පින් සිද්ඩ වෙන්න පුටු උඩම නින්ද ගියා... රෑ ආයෙම ඇහරල මම වත්තෙ මහත්තැන් ගෙ ඇඳට සැට් උනා... උදේ බලද්දි අරුන් දෙන්න ආයෙම කාමරේට ගිහින්... වනිය පුටුවෙ...
උදේ නැගිට්ටම මම ඇහුව..
" පවන්.. ඇත්ත කියහන් ඇයි බන් උබ මාව පොළවෙ ගැහුවෙ ඊයේ ?? "
" කව්ද බන් ?? මට මතක නෑනේ... "
තේරුමක් නෑ.. උගෙන් අහල.. මේ ලඟදිත් මම ඇහුව... ඌ කියන්නෙ එහෙම දෙයක් උනේ නෑ කියලමනේ... කාට කියන්නද... හැබයි මේක දැක්කොත් නම් මිශන් මදුරුවො 3න් මට බඩු පැකට් අනිවා ආයේ හෝදන්න දෙයක් නෑ
පවනයගේ කබර කතා කලිනුත් තිබ්බ නොබලපු අයට බලන්න මෙන්න....
අපේ සංකයගේ කතන්දර සැට් එකක් මෙතනින්...
Gatsby කබර කතාව
බලාගෙන යද්දි කබර කතා සැට් එකක් තියෙනව වගේ හික් හික්
හප්පා... කියවලා මටත් වෙරි වගේ
ReplyDeleteපව් අප්පා... දනි පනි ගාලා චියර්ස් කියලා බොන්න පටන් අරන් විඳින දුක.....
ReplyDeleteහොදවැඩේ මොකට බොනවද බැරිනම් කෙලින් කටින් ඉන්න.
ReplyDeleteමට තේරුනේ නෑ හෆ්ෆා.. ආයිත් කියවන්නෝනි.. :D
ReplyDeleteආ මචං මේ උබ දන්නවද දන්නෑ අන්න උබ ආසාවෙන් බලං හිටපු ගාල්ලේ වල බහින නව මධ්යස්ථානේ ඕපන් කලා.....
ReplyDeleteඕනෙම කොල්ලෙක්ට, කට්ටිය බිව්වාම කියන කරන එව්වා ලියනවනනම් වෙනම බ්ලොග් එකක් ලියන්න තරම් කතා තියෙනවානේ බං. වෙලා තියෙන්නේ සමහර එව්වා 18+ :D
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්...
ReplyDelete" ඇයි බන් අරූ අර ?? "
" මේ මූ බැන්න නේ ඒකට තද වෙලා වෙන්න ඇති බන්... " සංකය ඉදන් අමිලට බනිනවා...
" මූ එක්ක නම් බොන්න බෑ බන්... පිස්සුනේ... " අමිලය බය වෙලා...
මට නිකන් මැවිලා පේනවා.... ඩෝප් සීන් හොඳ එක නේ...?
හික් හික් ලොල් සිද්දිය
ReplyDeleteතොට හොඳ වැඩේ... බොනවට...
ReplyDeleteපේනවා නේද බිව්වාම වෙන ආදීනව. හික් හික්!!
ReplyDeleteනොදකිං බේබද්දා :D
ReplyDeleteඕකනේ කියන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියලා....
ReplyDeleteහිතාගෙන ඉන්නේ බොන්න පුලුවන් කියලා මි.ලි 150 ක් බිලා තමා ඔය තරම් ඩෙගා නටලා තියෙන්නේ කට්ටිය
(බොතලේක තියෙන්නේ 750 මි .ලි නේද? නොබිපු අපි ඕවා දන්නේ කොහොමද?)
ඔයාට මම කිවුවනේ අයියේ බොන්න එපා කියලා . ඇයි අයියේ ඔයා බොන්නේ . චිකේයියා . අයියා බොන බව දන්නවා නම් මම අයියගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ .
ReplyDeleteයන යන තැන කිවුවා අයියා හින්දා බ්ලොග් ලියන්න ගත්තා කියලා දැන් බලන්න අයියා මට තියන ලැජ්ජාව . මේ සේරම ඔය අවුසදේ හින්දානේ
ඒක නෙවේ මොනාද අයියේ කොල ලේබල් කියන්නේ . ඒක රසයිද ? මොකද්ද බ්රෑන්ඩ් එක ? හරියට කියන්නකෝ . බෝතලේ කීයක් වෙනවද ?
මොනවා උනත් එකට බොනවනම් යාළුවන්ගේ හිරිහැර ඉවසන්න පුරුදු වෙන්න ඕනේ... බලපං අපි...
ReplyDeleteබෝතලයක් දහ දෙනෙක් විතර බීල......
ReplyDeleteහපෝයි.....
එතටකොට උඹ බබා... :D
ReplyDeleteඔහොම සොමියක් නැස්තන් ඉතින් බීපු එකේ වැඩක් තියනවය.
ReplyDeleteබොන උනව බලන එක තරම් ආතල් වැඩක් තවත් නෑ :P
ReplyDeleteමේක ලිව්වෙත් වෙරිමරගාතෙදැයි සැකයක් පහල විය... :P
ReplyDeleteපට්ට ආතල් කතාව ඈහ්... සිරාවට උඹව පොලවෙ ගැහුවද බං...?
ReplyDeleteකට්ටිය බීපුවහම දෙන ආතල් ගැන නම් කියල වැඩක් නැහැ මචං...
ReplyDeleteඅපේ එකෙක් මේ ළඟඳි දවසක මඟුල් ගෙදරක ගිහින් කබරයා දාන තරමට සෙටි වෙලා... ඇඳන් හිටිය කුර්තාව යට කරල ඇඳගන්න මාර ගේමක් දුන්නා... :P
පට්ට ආතල් නේ.....!!!!!
ReplyDeleteකස්ටියටම බොහොම ස්තුතියි වෙරි මරගාතේ හරි අදහස් දැක්වුවට... :D
ReplyDelete