skip to main |
skip to sidebar
ඔන්න මාස 22 කට පස්සෙ පළාමල්ලේ 100 වැනි පෝස්ටුව දිග ඇරෙනවා...
යම් යම් හේතු නිසා සමහර පෝස්ට් මේ වන විට බ්ලොග් අඩවියෙන් ඉවත් කරපු නිසා පේන්න තියෙන්නේ නම් පෝස්ට් 87ක් තමයි... කොහොමින් හරි ඔන්න මේක තමා 100....
බ්ලොග් එකක් ලියන්න ගත්තෙ නම් හිතට වද දුන් ආදරයක් දීපු දුක වචන වලට පෙරලන්න ඕනි උනු නිසා... ඒත් ටිකින් ටික ලියාගෙන යද්දි ලිපි වලට කමෙන්ට්ස් එහෙම වැටෙද්දි ලියන්න තියෙන ආසාව ටික ටික වැඩි උනා... හැමදේම වෙන්නෙ හොඳට වගේ මමත් බ්ලොග් කරුවෙක් හෙවත් සාඩම්බර සිංහල බ්ලොග් කරුවෙක් බවට පත් උනා...
බ්ලොග් කෙරුවාවෙන් ලැබුන වටිනාම දෙය තමයි අලුත් මිතුරු පිරිසක් අදුනා ගන්න ලැබීම...
ඒ වගේම ගෝලාකාර ලෝකේ විවිධාකාර මිනිසුන්ගේ නා නා ප්රකාර බ්ලොග් වලින් සෑහෙන දැනුමක් වින්දනයක් ලබා ගන්නට ලැබීමත් සෑහෙන වටින දෙයක්....
ලිපි 100ක් තුලදි දැන අදුර ගත්තු පිරිස බොහොමයි...පළාමල්ලේ මුල් කාලේ ආව ගිය සමහර මිතුරන් අද වෙද්දි බ්ලොග් අවකාශේ පේන්න නැහ... ඒ වෙනුවට අලුත් මුහුනු ඇවිත්... බ්ලොග් සැට් එක සෙට් විය ලිපියෙන් කිව්ව වගේම බ්ලොග් අවකාශේ අඳුර ගත්තු දැවැන්ත චරිත කීපයක් සැබෑ ජීවිතේ මුලින්ම හම්බුනේ ලංකාවට ගියපු වෙලේ... ඒ වගේම අභීත අයියගේ හීනෙට පින් සිද්ද වෙන්න තවත් සෑහෙන පිරිසක් සයිබර් සිහින උළෙලෙන් අඳුර ගන්න දැක ගන්න ලැබුනා... බොහොමත් සතුටුයි ඒ ගැනත්...
නම් ගම් වලින් කියන්න ගියොත් මග ඇරෙන පිරිස බොහොමයක් නිසා නම් ගම් සඳහන් නොකර ඉන්න හිතුවා... ඒත් මේ තාක් කල් පළාමල්ලට ඇවිල්ල මේ ලියන එව්ව කියවල වචනයක් හරි කියල ගිය දන්නා නොදන්න සියලුම බ්ලොග් මිතුරන්ට ස්තුතියි කියන්න මේ ලිපියේ මේ ඉඩ වෙන් කරන්න පිස්ස හිතුවා.
කවුරු කොහොම කිව්වත් මම නම් ලිපියක් ලියල දැම්මට පස්සේ ඒකට කවුරු හරි ප්රතිචාරයක් දක්වනවනම් ඊට වඩා සතුටක් නැහ... මම හිතන්නේ හැම බ්ලොග් කරුවෙක්ම හිත යටින් හරි එහෙම වෙන්න ඕනි.. දිගින් දිගට ලියන්න ඕනිම බ්ලොග් කරුවෙක්ට ආසවක් ඇතිවෙන්නෙ බ්ලොග් කියවන අපි උබලා ගෙ ප්රතිචාර මතින් කියලයි මම හිතන්නේ... ඒ හින්දා ආයෙමත් සැරයක් වචනයක් හරි කොටල ගිය හැමෝටම හුඟක් ස්තුතියි.
ඒ වගේම සිංහල බ්ලොග් කියවනයට... ලාංකීය සිතුවිලි අඩවියට.. කොත්තු අඩවියට.. අනෙකුත් සින්ඩි වලට වගේම පළාමල්ලේ ලිපිනය තමන්ගේ බ්ලොග් අඩවි වලට එක් කරන් සිටින සියළුම මිතුරන්ටත් පිස්සා ස්තුති කරනවා...
නම් ගම් නොලිව්වත්... උබ ගැන මේ වෙලාවෙ පොඩි හරි සඳහනක් නොකර කොහොමද මචන්... ඉලංදාරියෝ... පළාමල්ලේ මුල ඉදන්ම වගේ බොහෝමයක් ලිපි වලට වචනයක් හරි කොටල ගිය උබ... මම මුලින්ම උබේ බ්ලොග් එක බැලුවේ වසන්තයෙන් එහා කියවන්න... උබ ඒ කතාව කියල ඉවර කලේ නෑ... අවුරුදු උත්සවේදී උබේ පොත් පිංචෙ මම කව්ද කියල ලියල දුන්නම " අහ් මේ උබද... ?? " කියල බොහොම ලෙංගතුව කතා කල උබ... උබ ගැන උබේ යාළුවෙක් උබේ බ්ලොග් එකේ දාපු කමෙන්ටුවක් මම ලිපියක් විදියට පළාමල්ලේ කාලෙකට ඉස්සර දැම්මා.. උබ කොයි තරම් සරල.. ජීවිතේ තේරුම් ගත්ත කොල්ලෙක් ද කියල වටහගන්න ඒ වචන ටිකම ඇති...
උබ අද අපෙන් සදහටම සමු අරන්... මචන්.. උබට නිවන් සුව...
මෙතෙක් කල් ලියපු ලිපි ගැන කිව්වොත් පිස්සගෙ කුළුදුල් ආදරය ගැන ලියපු දිනිති කතාව හුඟක් දෙනෙක් කියවපු ලිපි වලින් ඉහලින්ම තියෙනවා...
ඒ වගේම ප්රසන්න සර් ගේ ක්ලාස් ගිහින් වෙච්චි ජංගි ඇදලනම් ඉස්සරහට වරෙන් ලිපියත්...
රෑ තිස්සෙ පොල් ගනන් කරපු 15+ ලිපියත්...
වැල හෙවත් ගන ගැන ලියපු ලිපියත්...
ඔශීන් මායා බන්ධන සහ ඉස්සර බලපු ටීවි සීරිස් ගැන ලියපු ලිපියත්... හුඟක් ම දෙනෙක් බලපු ලිපි විදියට ගූගල් ඇනලටික්ස් වලින් පෙන්නනවා...
ඒ ඇරුනම පිස්සගේ ස්කෝලෙ කාලෙ කතා වලටත් හොඳ ප්රතිචාර ප්රමානයක් ලැබිල තියෙනවා
මේ වෙද්දි 28000 කට වැඩි අමුත්තන් පිරිසක් පළාමල්ලට ඇවිත් ගිහින් තියෙනව කියලත් උන්දෑ කියනවා... බලපු පිටු ගනන 64000 කට කිට්ටුයි... හපොයි ඔය මදැයි...
එහෙනම් ඉතින් ආයෙම පාරක් පළාමල්ලට එන යන අදහස් පළ කරන සියල්ලන්ටම බොහොමත්ම ස්තුතියි කියාගෙන පළාමල්ලේ 100 වැනි පෝස්ටුවට . තියනවා.... එහෙනම් 101 න් හමු වෙමු... හික් හික්....
ගොහින් එන්නම්.
මමත් ලියන්න ගත්තු මුල් කාලෙ පිස්ස මල්ලි කමෙන්ට් වලින් දිරි දුන්න මට,,දැං උනත් පසුවෙලා හරි එනව ඒ පැත්තෙ. බොහොම ස්තූතියි. ඉදිරි ගමනට සුභ පැතුම් !!!!
ReplyDeleteහරිම සතුටුයි....ඒ වගේ 100 වෙනි පෝස්ට් එකට මගෙන් සුබපැතුම්.....!
ReplyDeleteකාලයක් තිස්සෙ උඹ ලියාපු දිනිතිගේ කතාව මම කියෙව්වා. උඹ කෙල්ලෙක් හින්දා විඳපු දේ අකුරු කරද්දී මම කොල්ලෙක් හින්දා විඳපු දුක අකුරු කලා.... දුක එක උනත් අත්දැකීම දෙයාකාරයි....
පාළුවටත් එක්ක උබ ලියන දේවල් කියවන්න අපි මෙහෙ ඉන්නවා...... 200 පෝස්ට් එක දාන දවසටත් දිල් යහතින් හිටියොත් ඇවිත් වචනයක් හරි කොටලා යන්නම්....
ජය වේවා !
100 වෙනි පෝස්ටුවට සුභ පැතුම්.. 100න් 1000 ටම යන්න ලැබේවා කියල පතනවා. !!
ReplyDeleteදිගටම බ්ලොග් අවකාසෙ රැඳිල ඉන්න ඔන්න මගෙනුත් සුබපැතුම්...
ReplyDeleteසුභ පතනවා මලේ හදවතින්ම..උඹ ලියන ඒවා හැමදාමත් කියවපු එකෙක් නෙව මං උන්නැහේත්...
ReplyDeleteඉදිරියටම යමං මලේ...
සීයට සුභ පැතුම් මචං . . . . . පතනව ඉක්මනින්ම දෙසීය ගහන්න ලැබේවා කියල . . . .
ReplyDeleteඉදිරි ගමනට මගෙනුත් සුභ පැතුම් !!!!
ReplyDeleteදිගු කලක් ලියන්න ලැබේවා....
සුභ පැතුම් මචං!
ReplyDelete"සිංහල බ්ලොග් කරුවෙක්"???
කොහෙද බං එහෙම උං ඉන්නේ බ්ලොග් කරුවෝ නෙමෙයි බ්ලොග් කාරයෝ! :D ;)
පිස්සු කිව්වට පිස්සට පිස්සුම නෑ නේද?100 ට මෙන්න උණුසුම් සුභපැතුම්!!!
ReplyDeleteඕං මාත් ඇවිල්ලා ගියා. ජයවේවා!
ReplyDeleteඋණුසුම් සුභපැතුම් !
ReplyDeleteජයවේවා ජයවේවා මලයෝ....!!!
ReplyDeleteදිගටම යමු නේ...??
ජය වේවා මමත් අලුත් සතුටුයි 100 ගැහුවට ආයේමත් ඔන්න මගෙනුත් තවත් දිගු ගමනකට සුබ පැතුමි ............
ReplyDeleteමමත් එදා ඉඳන්ම කියවන බොහොම හොඳ රසවත් බ්ලොග් එකක් මේක. ඒ වගේම පිස්සයියා මගේ බ්ලොග්කරණයට දුන්න සහයෝගෙ අමතක කරන්නත් බෑ. ඉතිං 100 ගැහීම වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම්. ඉතාම ඉක්මනට 200ත් වාර්තා කරන්න හැකිවේවා කියලත් ප්රාර්ථනා කරනවා
ReplyDeleteජයවේවා මචං...
ReplyDeleteපලාමල්ලට එකසීයට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ! දිනිතිගේ කතාව තමා මාත් ආසාවෙන් කියෙව්වෙ. මට බ්ලොග් එකක් තිබ්බෙත් නෑ ඒකාලේ මම හිතන්නෙ. තව ගොඩක් රසවත් ලිපි ලියන්න. අපි දිගටම කියවනව.
ReplyDeleteසියයට සුභ පැතුම් මචං.. දිගටම ලියපන්.. කමෙන්ට් නොදැම්මත් වෙලාවක් සෙට් වුන ගමන් පළාමල්ල අවුස්සන්ට එනවා අනිවාර්යෙන්... :) ජයවේවා!
ReplyDeleteපිස්සා අයියේ මම උඹට ඔන්න බොක්කෙන්ම සුබ පතනවා .
ReplyDeleteඋඹ මචං බ්ලොග් එක පටන් ගත්තට . ලියලා තියෙන්නේ බොහොම හෙමින් . උඹ බ්ලොග් එකක් පටන්ගත්ත එකෙන් කී දෙනෙක්ට බ්ලොග් ලියන්න හිත දෙන්න ඇද්ද . හරියට මේ මට වුණා වගේ
මම උඹට මේක කියලත් ඇති . මම සිංහල ටයිපින් නිකං ජොලියට වගේ පුරුදු වෙච්ච එකෙක් .
ඔන්න මචං ඔය යුනි කෝඩ් කියලා දෙයක් ලාවට වගේ දැනගත්ත දවස් වල මම ෆෝල්ඩර් එකක් සිංහලෙන් රී නේම් කරන්න ගිහිං . ලැං වේජ් බාර් එකේ සිංහල එහෙම්ම ඔන් වෙලා තිබිලා . මම ඉතින් වැරදිලා ගූගල් එකේ මොකද්ද මන්දා සිංහලන්ම සර්ච් කරා උඹ දන්නවා ඇති මොකද්ද ලැබුණේ කීයලා උඹගේ දිනිති ආදර කතාව . මම ඒක මුල ඉඳන් අගටම කියෙවුවා . කර කර හිටි සේරම වැඩ අහක දාලා උඹගේ සිංහල බ්ලොග් එක මුල ඉඳන් කියෙවුවා . පස්සේ උඹගේ බ්ලොග් එකේ තිබුණ ලිංක් වලින් අනෙක් ඒවටත් ගියා . අන්න එහෙමයි මම සිංහල බ්ලොග් ගැන දැනගත්තේ ...
උඹට ස්තූතියි බං . උඹ තමා මගේ බ්ලොග් ගුරු තුමා ..
උඹටත් මේ රටක් වටින බ්ලොග් කෑල්ලටත් .
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි !!
හෑපී සෙන්චරියක් වේවා පිස්සෝ.... :D
ReplyDelete100ට මගෙනුත් සුබ පැතුම්.. දිගු ගමනක් යන්න ආසිරි !!
ReplyDeleteමගේ සුභ පැතුම්!
ReplyDeleteමගෙත් උණුසුම් සුභ පැතුම් !
ReplyDeleteමගෙනුත් සුභ පැතුම් පළාමල්ලටත් පිස්සටත් දෙන්නටම!
ReplyDeleteජය වේවා !!!
ReplyDeleteEla machan..
ReplyDeleteසුබ පැතුම් අයියේ.... එල එල අපි පාටියක් දාමු :)
ReplyDeleteමයියාගෙනුත් උණුසුම් සුබපැතුම්..දිගටම ලියන්න
ReplyDeleteජයෙන් ජය...!!
ReplyDeleteමෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්!....
ReplyDeleteසුබ පතනවා!
ReplyDeleteබන් මම බ්ලොග් වලට ඇබ්බැහි වෙන්න එක හේතුවක් තමා උබේ බ්ලොග් එක. දිගටම ලියමු!
ජයවේවා...........!
උනුසුම් සුභ පැතුම්. බ්ලොග් කියවන්න ගත්ත අළුත මම නිතර කියවපු බ්ලොග් එකක් මේ. මගේ ප්රියතම කථාව වුනේ දිනිතිගේ ආදර කථාව. ඒක පොතක් වගේ වටිනා කථාවක්. අපි දැන් ටිකක් වයසක පොරවල්. මලේ එහෙනම් මගේ සුභ පැතුම් නැවතත්.
ReplyDelete100 ට උණුසුම් සුභ පැතුම්. තව දිගු ගමනක් යන්නට හැකියාව ලැබේවා !
ReplyDeleteමටත් පිස්සු නිසා මමත් හැමදාම කියවනවා..
ReplyDeleteමයි හාටීයස් කොන්ග්රැට්ස් පිස්සෝ.. පාටියක් එහෙම නැතුව ඇති....
මාත් ඔය බ්ලොග් වගේ ඒවා කියවන් යද්දි මුලින්ම වැටුනු තැන් වලින් එකක් තමා ඉරි තැලුනු පිස්සා අයියා. (ආ එහෙම කියන්නේ පිස් සො ගොඩාඩාඩාඩාඩායි නිසා )
ReplyDeleteඅයියට දිගටම ලියන්න ලිපි අදහස් ගලා ගලා ඒවායි ප්රාර්ථනා කරනවා අපිත්.....!!!!
ජය තමා...!!!!
100 උණුසුම් සුබ පැතුම්. දැන් ඉතිං ඉක්මනට 101 දාපන් :)
ReplyDeletesubha pathum.....
ReplyDeleteසුබ පැතුම් 100ට.. තවත් පිස්සු තද ම වෙන්නෝන!
ReplyDeleteමගේ සුබ පැතුම් අයියේ....
ReplyDeleteපිස්සෙක් උනත් මල්ලේ තියෙන්නේ වටිනා දේවල්නේ......මෙන්න මගේනුත් පිස්සු වැඩිවෙන්න සුබ පැතුම්.........
ReplyDeleteසුබපැතුම් සුබපැතුම්.. හයිස්පීඩ් ගිහින් 1000ත් ලියන්න බැරිවෙයිද ලඟදීම? ;)
ReplyDeleteඇවිල්ල ගිය... වචනයක් හරි කොටල ගිය... උබල ඔක්කොටම ස්තුතියි... :)
ReplyDeleteජය වේවා මල්ලි.. තවත් රස දේවලින් බ්ලොග් අවකාශය පුරවමින් ඉක්මනට 200ත් ගහමු :-)
ReplyDeleteමම බ්ලොග් ලියන්නත් කලින් ඔයාගෙ බ්ලොග් එක කියෙවන්න ගත්තෙ. හැමදාම රසවත්ව ලියනවා. සුභ පැතුම් මගෙනුත්.
ReplyDeleteහුරේ.....ජය වේවා...!! උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා....
ReplyDeleteඑල එල .......... ඔන්න සෙන්චරියට සිංහයගෙනුත් සුභ පැතුම් ............. !!!!!!!!
ReplyDeletesuba pethum pissa ayya........!!!!!!!
ReplyDeleteමරේ මරු අයියේ!මමත් බ්ලොග් ගැන දැනගෙන ඒවා කියවන්න ලියන්න පටන්ගත්තේ මේ ළගදී.මේපැත්තේ ඉස්සඉස්සෙල්ලම ආවෙත් දැං.ලියපු පෝස්ට් ගොඩාරියක් එක හුස්මට වගේ කියෝගෙන ගියා.මං තාම බ්ලොග් ලියන්ටට ආධුනිකයෙක් බව ඇත්ත.ඒත් මගේ මුලු හදවතින්ම සුභ පතනවා අයියාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා
ReplyDeleteබොහොම ස්තුතියි කිව්වා බොල ඔක්කොටම...
ReplyDeleteසුභ පැතුම් !
ReplyDeleteසුබ පැතුම් මිත්රයා.
ReplyDelete