Wednesday, August 3, 2011

අපි පොලිසියට දඩ ගහන හැටි.. "ලු" ෆෝමැට් කතාවක්

Share


කලින් ලිව්ව පොලිසියේ කතා මතකනේ.. මේකත් පොලිස් කතාවක්. මේක අවිල්ල ඇසූ කතාවක් මිසක් දැකපු දෙයක් නම් නෙමෙයි. ඒ කියන්නෙ " ලු " ෆොර්මැට් එකේ එකක්...

ගාලු පාරේ හරියක පොලිස් අයියල දෙන්නෙක් ඉන්නවලු හැමදාම වගේ.. ඩබල් ඉරි තියෙන හරියක. ඔතනින් යන පොඩි වාහන.. ඒ කිව්වෙ සයිස් එක නෙමෙයි අපි වගෙ මිනිස්සුන්ගෙ පොඩි වාහන... බස්... තුන් රෝද.. මෝටර් බයික් එහෙම පෙන්නන බෑලු. අත දාල උඩ පැනල විසිල් ගහල නවත්තනවලු.. නවත්තල ඉතින් කිසි සමාවක් නෑ උසාවි දාන්නමලු යන්නෙ..

ටිකක් වෙල ගියාම උසාවි දැමිල්ල දඩ කොලේ ට බහිනවලු.. ඒත් පෑන තියනව ගන්නව සීන් එකලු.. ඉතින් අපි හුඟක් අය එහෙම නෙමේ සර් ඉතින් සහනයක් කරන්න ටෝල්ක් එක දානවනේ...

අන්තිමට " හා හා එහෙනම් අර ඉස්සරහ කඩේ පොතට රුපියල් 200 ක් දාල යනව... " වගේ සීන් එකකින් කතන්දරේ සමතයකට එනවලු ඉතින්.


ඉතින් වැරදි කරු ඉස්සරහ කඩේ මුදලාලිට 200 දුන්නම පොලිස් රාළහමිත් ඔලුවෙන් කියනවලු.. වැඩේ ඉවරයි.

සියල්ලෝම සතුටින් විසිර යනවලු...

දවසක් පොරක් ඔහොම අල්ලල උසාවි දාල දඩ ගහන සීන් ඔක්කොම පහු කරල " හරි  එහෙනම් අර කඩේට 200 ක් දීල යනවකෝ " කිව්වලු පුරුදු විදියට..

අව්ලක් නැද්ද සර් ඇහුවම " නෑ නෑ තමුසෙ දෙනවකො "

එහෙනම් " බොහොම ස්තුතියි සර් " කියල මූ කඩේට ගියාලු

" මේ මුදලාලි මේ මහත්තය 500 ක් ඉල්ලගන්න කීවා අර සල්ලි වලින් "

මුදලාලි පොලිස් කරය දිහා බැලුවම ඌත් ඔලුව වනල.. හරි හරි ගනින් කියන්න...

 පොර 500 ත් අරන් මාරු...

ප.ලි : මෙය ඇසූ කතාවක් මිස දෑසින් දුටු කතාවක් නොවන බව සලකන්න.

ප.ලි 2 :: නෙත් එකේ යන බැලුම්ගල වැඩසටහන අහන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න.. අපේ රටේ ඉන්න හොර යක්කු අපේම මිනිස්සුන්ගෙ මෝඩ කම් ලස්සනට පාවිච්චි කරල සල්ලි හම්බ කරන විදිය බොහොම ලස්සනට ඒ වංචා කාරයන්ව නිරුවස්තර කරලා එලි කරන වටිනා වැඩසටහනක්.

මෙන්න ලින්ක් එක මූනු පොතේ ::

ඌ බටේ ලින්ක් එක :: 


ඒ වැඩසටහන කරන නිලූප.. චරිත් ඇතුලු බැලුම්ගල කන්ඩායමට ස්තූතියි වගේම ඔවුන්ගේ ඒ මහන්සියෙන්වත් අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා කියල ප්‍රාර්ථනා කරනවා

17 comments:

  1. මම ඕක කියෙව්වේ මීට අවුරුදු කීපයකට කළින් ඉරිදා ලංකාදීප පත්තරේ ඇසුවෙමි දුටුවෙමි තීරයෙන්, මට මතක විදියට ඔය කියන රාලහාමිලා දෙන්න ඉඳලා තියෙන්නේ මීරිගම පැත්තේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවලු, එතන ඉස්සරහා තියෙන කඩේටලු ඔය සල්ලි දීල යන්න කියල කියන්නේ..

    ReplyDelete
  2. ඔය කතාවම ඔයිට වෙනස් විදිහකට මම අහලා තියනවා.

    ReplyDelete
  3. ඕක ඇත්ත කතාවක්.. පොලිසියෙත් ජනප්‍රියයි..

    ReplyDelete
  4. හොඳටම හොඳයි..............!!!

    ReplyDelete
  5. මම මුලින් හිතුවෙ බොරු කතාවක් කියලා. පස්සෙ මාතලන්ගෙ කොමෙන්ට් එකෙන් තමයි දැනගත්තෙ ඇත්ත සීන් එකක් බව. කවුරු වුණත් එළම කිරි බුවෙක්!!!

    ReplyDelete
  6. හික්ස්.. ෆට්ට සීන් එක.. ඇත්තටම වෙලානම්.. හොඳම වැඩේ..!

    ReplyDelete
  7. ඕකේ ලේටස්ට්ම කතාව මං කියෙවුවා මේ සතියේ "ලංකා" පත්තරෙන්. හැබැයි ඒ කතාවේ හැටියට නම් පන්සීයක් දඩ ගහලා කියලයි තිබුනේ.

    ReplyDelete
  8. ඒ වගෙ පොලිස් කාරයන්ට එහෙම කලාට පව් නැහැ..නියම වැඩේ

    ReplyDelete
  9. ඔව් ඕක ඇත්ත කථාවක්, මම අහලා තියන්නේත් පෙට්‍රල් ගහගෙන සල්ලිත් අරන් මාරු වුනා කියලා. කොහොමත් ඕවා ටික කාලයක් යත්දි වෙනස් වෙනවනේ. මතකනේ උඩුරාවණ කථා ඒ වගේ.
    බැලුම්ගල අද කාලෙට අවශ්‍ය දෙයක්. ඒත් කොතරම් කල් දුවයිද නම දන්නේ නැහැ. නියම කොල්ලො ටික. උන්ව දෙවියොම ආරක්ෂා කරන්න ඕනෙ, මේ කරන සේවයට.

    ReplyDelete
  10. ඔය කතාව ම අහල තියෙනවා පොඩ්ඩක් වෙනස් විදිහකට.
    same story, different version :)

    ReplyDelete
  11. ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනවා කියන්නෙ මේවට තමා...

    ReplyDelete
  12. ඇහුවද නෙත් එෆ් එම් එකේ ඒ සෝභිත ගෙ විස්තරේ?
    යූ ටියුබ් එකෙන් හොයාගෙන අහන්න. අන්න හොරුන්ගෙත් හොරු.

    ReplyDelete
  13. මමත් ඔය කතාව අහලා තියේ .. පවු අහිංසක සුදු ඉරි අයියා . රු 200යි නේ ඉල්ලලා තියෙන්නේ . සාදාරන මිනිහෙක් මම නම් රු 250ක්ම දිලා යනවා .

    ReplyDelete
  14. හික් හික් හික්... සිරා සීන් එක...

    ReplyDelete
  15. ෆට්ට..මාත් ඔය බැලුම් ගල අහනවා.මරු මරු දේවල් තියෙන්නේ.හැබැයි ඔක්කොම ඇත්ත.මේ ගොඩ කලෙකින් නේ.මොකෝ මේ පැත්තේ වැඩිය එන්නේ නැත්තේ.මේ මම මේල් එක පස්සෙ දැක්කේ.මම ආයෙත් මේල් එකක් දාන්නම්.සොරි වෙන්න ඕනා

    ReplyDelete
  16. මේක මං නං අහල තිබ්බෙ නැහැ, හැබැය් කරුවලේ ලොරි කාරයෙක් රාලහාමි කෙනෙකුට බුද්ධ ජයන්ති කොලයක් දීල මාරු වෙච්ච කතාවක් නං අහල තිබුන. මේක ඇත්තටම සිද්ධ වුනා නං, අර රියදුරා නියම භාණ්ඩයක්.

    ReplyDelete
  17. කට්ටියටම ස්තුතියි අදහස් සහ කොමෙන්ටු වලට....

    ReplyDelete

Related Posts with Thumbnails