Monday, August 8, 2011

කෝල් එකක් මැදදි ෆෝන් එක රිං වෙලා තියෙද ?? පජාතම වූ ෆෝන් කතාවක්

Share


මෙච්චර දවස් අරුන්ට මුන්ට වුනු කතා නේ ලිව්වෙ.. අද ලියන්නෙ මෙ පිස්ස කොල්ලට කොල්ල කාලෙ වෙච්චි දෙයක්... තාමත් කොල්ල තමා ඉතින්... හික් හික්...

මේක උනේ 10 වසරෙදි... ඒ කියන්නෙ සුදු දිග කලිසමට සැට් වෙච්චි කාලේ... එහෙමත් නැත්තම් කෙල්ලො ගැන උණ ටික ටික තිබිල උපරිමේට ගහන කාලේ කිව්වත් හරි... ඒ කාලේ හපොයි මතක් වෙද්දිත් මේ වගේ ගොං ගහක් කියල හිතෙනවා... පිස්සු මවිත නේ ඉතින්...

ඔය දවස් වල මොබයිල් එහෙමත් නැත්තම් සෙල්ටෙල් එහෙම ( ටිගෝ.. එතිසලට් නෙමේ... මොබයිල් වලට කිව්වෙත් සෙල් ටෙල් කියලනේ ඒ කාලේ... ) දැන් වගේ නැහ... වැරදිලවත් අහලක එකක් රිං උනොත් පළාතෙම මිනිස්සු හැරිල බලනවා නිකන් මේ මොකක්දෑ මේ සද්දෙ කියලා..


ඒ දවස් වල ඉතින් වයිබ්‍රේට් වෙන ෆෝන් එකක් කියන්නේ හප්පා... සුපිරි බඩුවක්. නොකියා 3310 එක එන්නත් කලින් මේ කියන්නේ.... 3310 එක අති සුපිරි භාන්ඩයක් වුනු යුගයකුත් තිබ්බනේ... මොනව උනත් ඒක නම් සුපිරිම ෆෝන් එකක්.. පොළවෙ ගැහුවත් වැඩ... සෝනි එරික්සන් ටී 230 එක වගේ තමා...

සමාවෙන්න සමාවෙන්න ආයෙමත් කතාවට...


ඔන්න ඔය කාලේ පිස්සට කෙල්ලෙක් ගැන පොඩි මෙව්ව එකක් ඇති උනා... මෙව්ව එකක් කිව්වෙ මෙව්ව එකක්... ඉතින් ඒක පස්සෙන් යන එක තමයි ඒ කාලේ හැටියට දන්න උපරිම දේ මම... දැන් එව්වො වගේ ෆෝර්වර්ඩ් නම් නෑ ඉතින්... හා හා පුරා එහෙම දෙයක් උනේ ඒ ලෙවල් කාලේ.. මතකනේ දිනිති කතාව...

මට මතක හැටියට ඒකි පස්සෙ ගියේ දවස් 3 ක් නැත්තම් 4 යි... මේ ෆෝන් කෙලියක් නිසා ඒ මෙව්ව එක උපන් ගෙයිම වැලලිලා ගියා... හරි හරි.. ඒ ෆෝන් මෙව්ව එක තමා ලියන්න හදන්නේ දැන්...


ඔය කාලේ අපේ අර ගන අයියගේ අයියා ගාව තිබ්බ ෆෝන් එකක්... ඕක අර භාගේ කෝදුවක් විතර දිග පොඩි ඇන්ටෙනා අංශයක් තිබ්බ ගඩොල් භාගයක් නොවන ෆෝන් එකක්.. මොටරෝලා ද කොහෙද... කොහොමින් හරි දවසක් මම ඔය කෙල්ල පස්සෙ යන්න සැට් වෙලා එලියට බහිද්දි අපේ ගන අයියා ඕක තියාගෙන ඔබ ඔබ ඉන්නවා... ( ඌට ගන අයිය කියල අම්මන්ත්‍රනේ කොරනව දැක්කොත් මගේ ඇට කටුත් ගලවනවා ඕකා ඒක ආයේ හෝදන්න නම් දෙයක් නෑ... ) මමත් කිට්ටු කරා...

" අයියගේ ෆෝන් එකනේ.. "

" අහ් මලයා... ඔව් බන්.. මූ කොළඹ ගියා... ෆෝන් එක දාල ගියේ.. "

මගේ ටිකිරි හරක් මොළේට ආව මන්චි අයිඩියස් පාරක්...

" මේ අයියේ... "

" මොකෝ බන් ? "

" මේ මම අද අර කෑල්ල බලන්න යන්නේ.. කෝල් ගන්නෙ නෑ බැරිද පොඩ්ඩක් ෆෝන් එක දෙන්න... "

" ෆෝන් එක මොකටද ?? "

අපෝ කොමන් සෙන්ස් නැති බූරුවා කියල හිතුව මමයි බූරුවා උනේ...

" නෑ බන් දන්නෙ නැද්ද... "

" අහ් හරි හරි මේ කෝල් ගන්නෙ එහෙම නෑ... අනික අරූ එන්න කලින් වරෙන්... " ( ඒ කාලේ විනාඩියට රුපියල් 13 + බදු මතක හැටියට... ඒ කාලේ කියන්නේ පාන් ගෙඩ්ඩ 10 ට විතර තිබ්බ කාලේ...  )

කියල දුන්න මූ ෆෝන් එක...

ආයිශ් අප්ප ගුංඩු දැන් ඉන්නේ නිකන් කොල්ල සල්මන් අමීර් රාමනායක වගේ.. කියල හිතාගෙන එලියට බැස්ස...


ඇවිදගෙන යද්දි බස් හෝල්ට් එකට... ආව නිකන් තවත් එක එළකිරිස් අයිඩියාර් එකක්...

ගත්ත ෆෝන් එක... එලාර්ම් කියල එකක් තියෙන්නෙ.. ඒක ඒ කාලේ ෆෝන් වලත් තිබ්බනේ...

කෙල්ල බස් එකේ ඉන්න ටයිම් එක අල්ලල සැට් කොරා එලාර්ම් එක... දැන් බස් එකෙදි රිං වෙනව ෆෝන් එක.. කෙල්ලට ඇහෙන්න පේන්න.. කෝමද ටිකිරි හරක් මොළේ...

ඔන්න ඉතින් දැන් හෝල්ට් එකට සැට් වෙලා ඉද්දි කෙල්ලත් ආව... අනේ ඉතින් හැමදාම වගේ මූනවත් නොබල මෝල්ගහක් ගිලපු ඉබ්බියෙක් වගේ ඉදල බස් එකකට නැග්ග.. මාත් පුරුදු පරිදි බස් එකට නැගල දැන් ඔන්න ඉන්නව ලඟට වෙලා...

නෝ කතා.. නෝ සිනා... ( ඇත්තටම අදටත් ඒකි දන්නවද මන්දා මම ඒකිට මෙව්ව එකක් තිබ්බ කියල.. ) 



ඔන්න ඉතින් බස් එකත් යනව පැද්දි පැද්දි....

" ටිලි ටිලි ටිලි ටිලි....... "

ලොවෙත් නැති සද්දයක් දාගෙන අර ෆෝන් රාජයා සද්ද වෙන්න ගත්තා නැගිටපිය යකෝ කියන්න වගේ.... අහ් ඔය තියෙන්නේ... කෙල්ල ඇතුලු කිහිප දෙනෙක් හැරිල බැලුවා... කොල්ලත් ඉතින් පොර සේ ගත්ත ෆෝන් එක අරගෙන කනෙන් තියාගෙන දැන් අර එලාර්ම් එකත් එක්ක කතාව..

" අහ් මචන්... .. ඔව් බන් මේ ගාලු යන ගමන්... අහ් හරි බන් මම ඒක බලන්න... "

බුදු අම්මේ මෙන්න්න කෝල් එක අස්සෙ කවුද එකෙක් හැබෑවට කෝල් කරා... කන දෙදරගෙන 


" ටිලි ටිලි ටිලි... " 

ගාන්න ගත්තෙ නැද්ද ෆෝන් රාජය...

ඇස් 10 - 12 ක් කෝමත් මගේ එලාර්ම් කෝල් එක දිහාට ෆෝකස් වෙලා තිබ්බෙ... මේ සංගෙදියත් එක්ක බස් එකේ සෑහෙන පිරිසක් ෆෝකස් උනා... මටම දැනුනා මගේ සුදු ( කළු ) මූන රතු වෙලා සෝස පාට වෙනවා කියල.... මූන සෝස වෙන්න ගියාට වඩා කාලයක් ගියා මට අර කෝල් එක නැති බංගස්තාන කරන්න....

ඒ කාලේ උනත් මේ සංගෙදිය ඕනි රට හරකෙක්ට තේරෙනව කියල මට අනිව ඩෙෆා....  හික්සි බිකිස් පාරවල් 2 -3 කුත් ලඟින්ම ඇහෙද්දි බස් එක නවත්තපු මුල්ම හෝල්ට් එකෙන් බැහපු මම සිහි එලවගත්තෙ සෑහෙන දුරක් අතුරු පාරක් දිගේ ඇවිදල...


එදායින් පස්සෙ මම නෙවෙයි ෆෝන් අරන් බස් එකේ ගියේ වත් අර කෙල්ල මූනට හම්බුනේවත්... කොහොමින් හරි ඒ ලෙවල් 2 වැනි පාර කරල මටම කියල ෆෝන් එකක් ගත්තට පස්සෙත් මම නෙමෙයි සෑහෙන කාලයක් යනකල් බස් එකේදි ෆෝන් එක සද්ද වෙන්න දාන් ගියේ...

45 comments:

  1. හික්හික් ..

    ඔව්වා සින් එකක්ම මට මතක විදිහට අර සඳරු කොලුවටත් උනා හික්හික්

    ReplyDelete
  2. හෆොයි.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා...

    ReplyDelete
  3. තොට පිස්ස කියන්නේ නිකන්ද අම්මපා..... :D

    ReplyDelete
  4. හික් හිකි හිකි...
    එමම සීන් එකක් වුනා මගේ යාළුවෙකුටත්.... :D

    ReplyDelete
  5. හික්ස් හික්ස්..... හිනා කාල මැරෙනවා බන්

    ReplyDelete
  6. හික් හික් 456 ඩයල් කොරල කනේ ගහගෙන ෂෝ පෙන්නපු වැඩේ නම් මමත් කොරල තියනවා... මොනවා කරන්නද කොලු කාලේ නෙව...:D

    ReplyDelete
  7. හික්ස්
    ඕකනෙ කියන්නෙ බැරි වැඩ නොකරන් අඹරෝ කියල :D

    ReplyDelete
  8. ඇයි යකෝ ඔය මගුලේ සයිලන්ට් දාන්න බැරිද?

    ReplyDelete
  9. හොඳ වැඩේ ඇඩ් එක දානවට...

    ReplyDelete
  10. උඹනම් අමුම අමු පිස්සෙක් :D ඊයා ඕයි මේක කියවන මටත් ලැජ්ජයි :D

    ReplyDelete
  11. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා ඕන්..

    ReplyDelete
  12. මම නං ගඟේ පනිනවා....
    වතුර! බීල මැරෙනවා....
    චාටර් ලෝකයයි නේ? මගේ යාලුවෙක් ගාවත් ඉස්සර ඔය නොකිය 3310 එකක් තිබ්බ. ඒක බිම වැටුනම කෑලි කෑලි යනව. ඌ ඒවා එකතු කරලා ආයෙම ෆිට් කරල ගොඩ දාගන්නව. පොළොවේ ගහලත් කැඩෙන්නෙ නැති ෆෝන් එකක් ඕක.

    ReplyDelete
  13. ඔබේ භාෂා ශෛලියට මම හරි කැමතියි. ලියන්න.. පස්සෙන් එලව එලව කියවන්නම්..!!

    ReplyDelete
  14. හිකි හිකි හිකි ...........................

    ReplyDelete
  15. මට හිතාගන්න පුලුවන් චාටරේ... මොකද මටත් ඕකම වුනා... එකක් නෙවෙයි කෙල්ලො දෙන්නෙක් ඉස්සරහ.. බැහැල දුවන්න විදියක් නෑනෙ මම හිටියෙ එයාල දෙන්න එකක පන්සලේනෙව... හිහිහි... මතක හැටියට 9 වසරෙ වගේ.ඔය උඩ පින්තූරෙ තියෙන භාණ්ඩෙම තමා මාත් උස්සන් ගියෙ.. අනික ඒ කාලෙ මොබිටෙල් එකේ (ටෙලිකොම් එකෙන් ගන්න කලින්) විනාඩියට රු13 සත ගානක් තමයි.ඉන්කමින් විනාඩියයි free.ඊට පස්සෙ විනාඩියට රු8යි ගානක්. කෝම කෝම හරි මම ඉතින් ඔය වගේ සාටර් වුනත් මොනව කරන්නද කියල වැඩේ කරගෙන ගියා.අදටත් ඒ ගෑණු ළමය තමයි ඉතින් සෙට් වෙච්චි පාර මාත් එක්ක තාම ඉන්නෙ. හිහිහි... (Dharana)

    ReplyDelete
  16. දැන් අවුරුද්දකට දෙක තුනකට කලින් බස් එකක අදුරන කොල්ලෙක්ට ඕක උනා. ඒත් ඌනම් කියන්නේ ෆෝන් එක කනේ තියන් සින්දු අහ අහ ගියේ කියල..

    පලි : මගෙත් ඉස්සර තිබ්බා 3315ක්. 3310 වඩා පොඩ්ඩක් බර අඩුයි. බිම වැටිලා කෑලි ටික එකතු කර ගත්ත ගමන් නියමෙටම වැඩ

    ReplyDelete
  17. හප්පොච්චියේ විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...බොට ඒකටත් ඇඩ් පාරක් දෙන්න තිබ්බෙ...කෝල් එක එනකොට "මේ කවුද එකෙක් මේකේ එලාම් තියල" කියල කියන ගමන් කෝල් එක කට් කරන්න තිබ්බෙ...

    ReplyDelete
  18. හොඳ වැඩේ, ගොන් පාර්ට් දාන්න යනවට. හෙහ්.....හෙහ්....හෙහ්....අපේ ගෑනිත් හිනාවෙනව පිස්සට හොඳ වැඩේ කියල.

    ReplyDelete
  19. අඩෝ පට්ට සීන් එක ඈ .. මටත් දවසක් ඔහොම්ම වුණා මචං මම මොකද කලේ ..

    "ආ..! මචං පොඩ්ඩක් ඉඳින් මේ තව කෝල් එකක් එනවා .. මම තව ටිකකින් ගන්නම් ඈ" කියලා වැඩේ යට ගැහැවුවා

    අඩේ ඒ අපේ පලාතේ නම් ඕවා යට ගහන්න ලේසියි .. උඹට නම් මචං ඇඬෙන්න වැඩේ වෙලා තියනවා . අඩෝ මචං උඹ පවු බං ! ඊට පස්සේ අර කෙල්ල උංගේ යාලුවන්ට මේ සීන් එක කියන්න ඇති නේද බං .? අඩේ උඹ පවු බං ... මට මැරෙන්න හිනා !

    ReplyDelete
  20. හික් හික් ලොල් පට්ට සීන් එක හොදේ...

    ReplyDelete
  21. හික් හික් . . . උඹට කියන්න මචං . . . මටත් උනා ඔය සීන් එකම . . . එරික්සන් 1018 එකක් තිබුනෙ. මම ටිකක් සද්දෙට "මචං මට අනිත් ලයින් එකට කෝල් එකක් එනව" කියල ගොඩ දාගත්ත . . . . හැබැයි බස් එකේ එවුං මොනව හිතුවද දන්නෙ නෑ . . . .

    ReplyDelete
  22. රෙද්දක් ඇඳන් පාරෙ යන්න බැරි වෙන තරමටම වැඩේ අනාගෙන නේද? :(

    ReplyDelete
  23. අවංකවම නෝන්ඩි වෙලා අපෝයි

    ReplyDelete
  24. හිකි හිකි මදෑ ඇඩ් එක දාන්න ගියා හු හු ;)

    ReplyDelete
  25. ඔය වගේ සීන් එකක් මම ෆිල්ම් එකක දැක්කා. මම හිතාගත්තා මම නම් ඒ වගේ වැඩක් කරන්නෙ නෑමයි කියලා.. :D

    ReplyDelete
  26. මොනවා උනත් පවු අප්පා.. :D

    ReplyDelete
  27. මම නම් බස් එක පලාගෙන යනවා :D

    ReplyDelete
  28. අපේ අයියා කෙනෙක් අලුත්ම අලුත් ෆෝන් එකක් අරගෙන. මූ මට කියනවා නංගි මට 3ට විතර කෝල් එක දෙන්න කියලා පොඩි වැඩකට. මූට ඒ වෙලාවෙ මීටින් එකක්. කොහොමද මීටින් එක මැද්දෙන් ලස්සන ෆෝන් එකක් එලියට අදිද්දි තියෙන ආඩම්බරේ.

    ReplyDelete
  29. වැප් : ඌටත් වෙලාද ?? හික් හික්...


    sameerausa : ආයේ ඉතින් හොඳම එකෙන්...


    අභීත : ඒකනේ බන් එහෙම නමක් දා ගත්තේ... හික් හික්


    සෝරෝ : පව් නැද්ද මන්ද...


    DReeZone : උබටත් කියන්න වෙන්නෙ අර සෝරෝඉට කිව්ව එකම තමා.... පව් නැද්ද මන්ද මම...

    ReplyDelete
  30. Soda ගුනේ : ඩයලොග් එකේ ගිණුම් ශේශය.... හික් හික්


    Bindi : :D


    හිම කුමාරි : ඕකනේ කියන්නේ... අබරට කිව්වට පිස්සට කිව්වෙ නෑනේ....


    Anonymous : මගුලක් කතා කරනවා... කෙල්ලට ඇහෙන්නනේ එලාර්ම් එක තිබ්බෙත්... හික් හික්


    prasanna86k : ඉස්සරනේ... දැන් නම් සල්ලි දුන්නත් ඇඩ් නෑ...

    ReplyDelete
  31. පූසා : හික් හික්... ඔයි තරම් ලැජ්ජ වෙන්න එපා බන්....


    චතුර.... : කියල වැඩක් නෑ....


    මුහුදු කොල්ලකාරයා : ඒ ෆෝන් එක නම් ඉතින් සුපිරියි.... දැන් එව්ව වගේ කවර දාල අරවා මෙව්ව දාල පරිස්සම් කොරන්න කරදර වෙන්න ඕනි නෑ...


    Indranatha Thenuwara : ඔබතුමා මේ පැත්තෙ ආවමයි මයේ හිතේ... බොහොමත්ම ස්තුතියි....


    sithuwilimandiya : :D

    ReplyDelete
  32. සිංහළ PC Magazine : එහෙනම් ඉතින් සාටර් උනාට මොකෙඔ සහෝ... ඔය තියෙන්නේ එළකිරි වගේ රිසල්ට් එක... ජය...


    තාරක Dilsh@n : නිකන් පොකට් රේඩියෝ එක වගේ...


    ප්‍රසංග : පිස්සු හැදේයි... මට අර කෝල් එක කට් කරගන්න විදියවත් හිතා ගන්න බැරි උනා ඒ වෙච්චි සංගෙදියට... මොන තැනට සුදුසු වචනද...


    Observer : සිකේ... විලි ලැජ්ජාවයි.... අපොයි දෙවියනේ මේ මීට අවුරුදු 12- 13 කට කලින් වෙච්චි කතන්දරයක් නෙවැ....


    හිස් අහස : යකෝ සදරුවෝ.. මට කෝල් එක කට් කරගන්න සිහියක් තිබ්බෙත් නෑ... ඔච්චර හරියක් කෝම කරන්නද.... අනේ ඒකි මොන උලව්වක් කරාද මන්ද බන්.. මම නෙමෙයි ඒකිගේ මූන්ට පේන්න ගියේ ඊට පස්සෙ...

    ReplyDelete
  33. පිස්සු පුසා : :D :D


    ඕනයා : උබටත් උනාද... හික් හික්... එහෙනම් වැඩි අවුලක් නෑ... උබයි මමයි සඳරුවයි... පී සී මැගසිනුයි සැට් එකක් ම ඉන්නවා... හැබැයි උබල ඔක්කොටම තිබ්බ ටිකිරි මොලේ මට තිබිල නෑ නොවැ.... සාටර් උනේ එතනින් මම හික් හික්


    Kasun : පිස්සුද බන්... ඊට පස්සෙ මම ගියේ ඔය ඕනි තරම් මට නෙමෙයි වගේ... වෙලවට අපේ එව්වොන්ට නෝන්ඩි උනේ නෑ සීන් එක...


    අකූ : අවංකවම ඔව් නේ....


    හසී : හූ හූ ගාන්න එපා නේ ඉතින්.. පව් නේ... හික් හික්

    ReplyDelete
  34. චතුවා (ළමයා) : මම නම් මචන් ෆිල්ම් වල රඟපාල නෑ... හික් හික්... උබ මාව නෙමෙයි නේ දැක්කේ... හික් හික්


    හරී - පිණිපළස : හරී ට විතරයි පව් කියල හිතුනේ....


    Anonymous : ඊට පස්සෙ පලයන්කෝ ඉස්පිරිතාල ගානේ.... :D


    පිණිබිඳු... : ආඩම්බරේ නිකන් මැවිල පේනවා වගේ....


    චතුරංග පෙරේරා | chathuranga Perera : කියල වැඩක් නෑ...


    තනෝජා රාජපක්‍ෂ : පව් නේන්නම් හික් හික්

    ReplyDelete
  35. හික් හික්!! හපොයි වෙච්ච විනාසේ!

    ReplyDelete
  36. හිකේ හික් මටත් ඔය වගෙම 1ක් වෙලා තියෙනවා 1999 දි. අෆ්ෆා..... මං දන්නේ නෑ... මගේ යාලුවාට මං කිවුවා කතා කරන්න කෝල්1ක් අරන් දෙන්න කියලා.. ඉතින් මූ මං දුන්න නොම්මරේ ගහල සෙන්ඩ් කරල දීලා... මන් දන්නෙ නෑ ෆෝන්1 කනේ තියාගත්තම විතරයි කියල ඇහෙන්නේ... මු දුන්න ෆෝන්1 මන් අරන් සාක්කුවෙ දාගෙන හිටිය කෝල්1ක් ආවෙ නෑ. ( මම දන්න තරමින් ) කෝල්1ක් ආවෙ නෑ නේ. මම ඌට කිවුවා ඒ මචං කෝ කෝල්1 ආවේ නෑනෙ කියලා. ඌ කියනවා යකෝ උඹ කතාකළේ නැද්ද..? කියල .. වෙලා තියෙන්නෙ එහා පැත්තෙ එකා කතා කරලා මං කනේ තියාගන්නේ නැතුව එහෙන් එකක් එනක්ල් ඉඳලා. හිකිස්... ඒ කාලේ මම හිතාගෙන ඉඳලා තියෙන්නේ.... ෆෝන්1න් කතා කරනවා කියන්නේ මේ අපි ලඟ ඉන්න එකෙක් එක්ක කතා කරනවා වගේ හයියෙන් ඇහෙන එකක් කියලා....

    උඹේ ස්ටෝරිය මරු.. දිගටම ලියපං............. Vasantha

    ReplyDelete
  37. හපුච්චේ...................... මදැයි කොරා ඉතින්.......... හැබෑට ඒ කාලේ අය ඕවායේ කෙරුවාව වැඩියේ නොදන්න නිසා අරම කතාවක් කියලා සේප් වෙන්න තිබ්බා. අපරාදේ.......

    ReplyDelete
  38. Hapoi.... kollata una abaddiyata kellage hita unu unada danneth ne....

    ReplyDelete
  39. blog gadol : ඒ ගැන නම් කුමන කතාද මලේ


    Bunny : ඇඩෙනව නේන්නම්.... හික් හික්


    Vasantha : ඒ කාලේ මොබයිල් ඉතින් මැජික් වගේ නේ බන්.... මරුසිද්දිය ඒකත්... ඒ කාලේ කරපු සමහර වැඩ මතක් වෙද්දි හිතා ගන්නත් බෑ දැන් නම් හික් හික්


    හා පැටික්කි (MS) : ඒ තරම් දෙයක් හිතා ගන්න පුලුවන් උනානම් බැරිය නගෝ එවෙලේ


    Tanikada Jeewithe : හික් හික්... දන්නෙ නෑ... දැනගන්න මූනට වත් මුලිච්ච වෙන්න නොගිය එකේ මම...

    ReplyDelete
  40. අඩෝ මම නම් වහ කනවා...ඔහොම උනොත් නම්..පට්ට චා නේ බන්

    ReplyDelete
  41. මටත් A/L කාලෙ තිබ්බ Nokia 3315 ෆෝන් එකක්.. නියම ෆෝන් එක. වතුරෙ වැටුනත් කෑලි වලට ගැල වුනත් ආයෙ සෙට් කරගත්තම වැඩ.. ඒ දවස් වල මම හිටියෙ බෝඩිමක. බෝඩිමේ ෆෝන් තියා ගන්න තහනම්.මම හොරෙන් තමා තියන් හිටියෙ. මගෙ අතීසාර මිත්‍රයො තුන්දෙනා විතරයි මේක ගැන දන්නෙ. වයිබ්‍රේට් දාලා තමා තියන් හිටියෙ.බෝඩිමේ හිටියා වාත නංගි කෙනෙක්.. "**** අක්කා" කියාගෙන කොයි වෙලෙත් අපෙ රූම් එකට හොට දානවා.ෆෝන් එක මගෙ කොට්ටෙ යට තියෙන්නෙ.දවසක් අර වාතෙ ඇවිත් මගෙ ඇඳ උඩ ඉඳගත්තම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා.මට දෙයියො සිහි උනා.ඇයි දෙයියනේ මේකි ගිහින් ඇන්ටිට කීවොත් "**** අක්කගෙ ඇඳ දඟලනවා" කියලා මම ඉවරයිනෙ.මගෙ යාලුවත් ඒ වෙලාවෙ ඇඳේ ඉඳගෙන හිටියෙ.මගෙ යාලුවට ගනදෙවි නුවන පහල වෙලා එක පාරටම ඇඳ උඩ ඉඳන් උඩ පනින්න ගත්තා " සුදු ලූනු වලට මම කැමතිම නෑ කැමතිම නෑ" කිය කියා වයිබ්‍රේට් වෙන එක ඉවර වෙනකන්ම.. අර නංගි බය වෙලා වගේ බලන් ඉඳලා යන්න ගියා.දැන්නම් මතක් වෙනකොටත් හිනා යනවා.

    ReplyDelete

Related Posts with Thumbnails