Wednesday, August 31, 2011

චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද... ) ක්‍රශ් ( ද මන්ද )... වෙන මොකක්වත් ( ද මන්ද )

Share


සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක් උනා...

කොටල දාන්න ඕනි කියල හිතුනා මෙලෝ යකෙකුට වැඩක් නැති හෑල්ලක් උනත්... ලව් කිව්වට මෙව්ව ඇවිල්ල සිංහලෙන් කියනවනම් ක්‍රශ්... ඒත් එහෙමත් නෙමෙයිද මන්ද... නිකන් ආසවක් වගේ එව්වා... සහ ක්‍රශ්.

මට මතක විදියට චූ කොල්ල කාලේ මගේ හිත ගියේ ඒ කියන්නේ 1 - 3 වසර කාල වල හා හා පුරා ලේසි පාසු ස්ත්‍රී පරානෙකට එහෙම නෙමේ... සබීතා පෙරේරාට.. හික් හික්.. ඒ කාලේ ආව චිත්තර පටි වල හිටියේ එකම සැට් එකක් මට මතක හැටියට.. සබීතා, සශී , දිල්හානි, සනත්, ජීවන් එතකොට දුශ්ටයට හිටියෙත් එකම සැට් එක. ගහනව දුශ්ටයට බලන එව්වො හූ කියනවා එක විකාරයයි... ඒ කාලේ ඉතින් දැන් වගේ නෙමෙයි නේ ෆිල්ම් හෝල් වලට ගොහින් පවුල් පිටින් ෆිල්ම් බලපු කාලයක් නොවැ.. ඒක නිසා මාත් ඔව්ව බැලුවා..
ඒකෙන් තමා හා හා පුරා කියල සබීතා ගැන ක්‍රශ් එකක් ආවෙ.. නරක නැහ නේ මගේ චොටිස් එක.. අවුරුදු 20ක් විතර ගොහිල්ලත් බලපන්කො හැඩ... හික් හික්...

හීන ලෝක්න් එලියට වැඩියට පස්සෙ මුලින්ම හිත ගියේ ඒත් 1 වසරෙදි උන්නු කෙල්ලෙක්ට අපේම පන්තියේ.. පූර්නි.. කෙට්ටු අහිංසක හරිම පිලිවෙලට ඇඳුම් ඇඳපු කෙල්ලෙක් කියල ලාවට මතකයි...

ඊට පස්සෙ මතක හැටියට 3 වසරෙදි... අපේ ඉස්කෝලෙට ආව කෙල්ලෙක් හිමාලි කියලා... ටීච කෙනෙක් ගෙ දුවෙක් මතක හැටියට..චා චා... ඉක්කෝලෙටම හිටිය ලස්ස්නම කෙල්ල කියල මට හිතුනේ ඒකි.. අනික බහුතරයක් එක්ක බලද්දි ඒකිත් බොහොම ලස්සනට පිලිවෙලට පිරිසිදුවට උන්නා... හපොයි ඒ උනාට ඒකිගේ තිබ්බ ලොකුකම.. අර නිකන් ඔහොම උන්නොත් නුඹ ගෙනියන්නට ගමෙත් එකෙක් නැත.. රටෙත් එකෙක් නැත වගේ තමා... ඒකි ඇත්තටම අලි වංශෙන් උන්නේ... 

ඊට පස්සෙ වෙන නම් ම්ම්ම්ම් මතකයක් නෑ...

5 වසරෙ සිස්සත්තෙ පාස් වෙලා ගාල්ලෙ ඉක්කෝලෙට ආවට පස්සෙ කොල්ල කරකෝල අතෑරියා වගේ උනා...
මහ විසාල ඉක්කෝලෙයක්... 6 වසර කිව්ව ඉන්ගිලිස් හෝඩියෙන් භාගයක් පන්ති... හපොයි... පිස්සු කොර වෙලා හිටියේ කාලාන්තරයක් යනකල්...  පරණ ඉක්කෝලෙ හෙන බ්‍රයිට උනාට මෙහේ ආවම 30 නුත් පහල වෙනියා ආවෙ... චා මැක්ස් වෙල ඉන්න ඒ කාලේ මොන ක්‍රශ්ද හප්පා...

කොහොමින් හරි 8 වසරෙදි විතර ඇහ ගියා අක්ක කෙනෙක්ට.. ඉසුරු අක්ක... අපේ වෑන් එකේමයි ඉක්කෝලෙ ගියේ.. අවුරුද්දක් වැඩිමල්. අහිංසක කෙට්ටු ( චා මගේ හිත යන්නෙම එකම මොඩල් එකට ද මන්දා ) ඒ වගේම දන්න විදියට පට්ටම බ්‍රයිට් අක්ක කෙනෙක්. ඒකිත් ඉතින් හිනා වෙල මල්ලි කමට කතා කොරනව.. පුත්තරයගෙ හිත දන්නවැයි එකි බ්‍රයිට් උනාට... 
ඒකි නම් දකින දකින වෙලේට මට ආයිශ් අප්පා ටයිප් හැඟීමක් තිබ්බේ... ඒකත් ඉතින් එහෙන්ම නැති වුනා...

ඊට පස්සෙ ක්‍රශ් එක තමයි ඉක්කෝලෙ ඉන්ගිලිස් ටීච... පොඩි එකෙක් වගේ සුදුම සුදු පොශ් ටීච කෑල්ල... ඒ උනාට ඔය අපේ ගයානයට තමා කොල්ලො විහිලු කරේ ටීචගෙ නම කිය කිය... ඌ දැන්නම් කියන්නේ දැන් වගේ එහෙම ටීච කෙනෙක් සැට් උනොත් ලොවෙත් නෑ කියලමයි... සුපිරියි. මේ කියන්නේ 9 වසරෙදි...
( දැන් මේ කවුද කියල අපේ ඉක්කෝලෙ එව්වොන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. සුපිරි ඉන්ග්ලිශ් ටීචර්ස්ලා හිටීයෙ නෑ නේ මහ ගොඩක්... )

ඒ කාලේ ම ඉන්ග්ලිශ් ක්ලාස් ආව කෙල්ලෙක්... අයුමි.. ඒකි ත් සුදුම සුදු කෙල්ලෙක්. ඔය ක්ලාස් එක තිබ්බේ ගයාන් ලගෙ ගෙවල් පැත්තෙ. ඌ නම් ආවෙ නෑ.. දවසක් මම බස් එකක් එනකල් ඉද්දි මේකිත් හෝල්ට් එකේ හිටියා බස් එකක් එනකල්.. කොහෙද යන ගමන් ගයාන් ඕක දැකල ඉක්කෝලේ ඇවිල්ල පැතුරුවෙ නැද්ද මගේ චරිතෙ නැති වෙන්නම ඒකිගෙ නම.. කෙල්ලෙක්ගෙ නමක් තිබ්බනම් ඇතිනේ ඒ කාලේ.. කොහොමින් හරි ඒ ක්ලාස් යෑම නැවතුනාම ඒ ක්‍රශ් එකත් හබක් උනා...

ඊට පස්සෙ 11 වසරේ දි ගනන් ආපු කෙල්ලෙක් ගැනත් තිබ්බ පොඩි මෙව්ව එකක්.. ඒකිත් මාත් එක්ක හොඳට කතා බහ එහෙමත් කරා.. යාළු ෆිට් එකට මිසක් වෙන මොකටද.. ඒකත් ටික දවසයි ඕ ලෙවල් වලින් පස්සෙ කෙල්ල මිසින් උනා...


මතක් වුන කතන්දර ටික තමා ඔය.. අමතක වූ සහ චූචි චූචි එව්ව තව ඇති...

කොහොමින් හරි අවුරුදු 16 ක් ට්‍රයි කරල කරල ඒ ලෙවල් පටන් ගද්දි වගේ තමා හා හා පුර කෙල්ලෙක් සෙට් උනේ... ඒ කතාව ලිව්වනේ බ්ලොග් එකේ.


ඊට පස්සෙ නම් ට්‍රයි කරන්න ඕනි දාගන්න ඕනි කියල හිතුන කෙල්ලොන්ගෙන් දෙන්නෙක් ඇරෙන්න අනිත් සියල්ල අඩුම ගානේ දින 50 පසු කල ප්‍රේම සම්බන්ද වලින් තමයි අවසන් උනේ...
අසාර්ථක උන කෙල්ලො දෙන්නා තමයි...
ඒ එකක් නම් ප්‍රින්සිපල් කෙනෙක් ගෙ දුවෙක්.. ඒකි මූන වත් බලන්නෙ නෑ කොල්ලෙක්ගේ.. ඉතින් ඒක හබක්... කොච්චර කතා කරත් අඳ ගොලු බිහිරි කිසිම හැඟීමක් නොපෙන්නවන ටයිප් කෙල්ලෙක්... ඉතින් ඒකි බේරුනා හික් හික්...

අනික අක්ක කෙනෙක් කියල නොදැන ට්‍රයි කරපු එකක්...

" අයියෝ මල්ලි මේ ඔයා අපේ මල්ලිලගේ පන්ති වලනේද... ? " 

කියල අහපු ගමන් ඒකටත් තිත... බැලින්නම් එකිගේ මල්ලි මම දන්න කියන කොල්ලෙක්.. ඒකිගෙ හොඳකමට වැඩේ නෝන්ඩි කලේ නෑ.. නැත්තම් වසල හමාරයි..
ඔය ඇතිනේ... කියවන එකෙක්ට වැඩක් නැතිම බ්ලොග් පෝස්ට් එකද මන්ද ලියපු ඒවයෙන්... හික් හික්..

34 comments:

  1. හප්පද බොල, උඹහැ ජූල්හස් හංදියෙ ඉස්කෝලෙ බෝනික්කිට ක්‍රශ් එකක් තිබුනද.... අප්පා.... එහෙමනං ඉතිං පවසා පලක් නැත එතනින් එහාට ! :)

    ReplyDelete
  2. " අයියෝ මල්ලි මේ ඔයා අපේ මල්ලිලගේ පන්ති වලනේද..." උඹට නං වෙන්නෙ ගඟේ පනින්න වෙන වැඩම තමයි.

    ReplyDelete
  3. හික් හික්!! හපොයි....විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා

    ReplyDelete
  4. කෑවොත් චාටරයක්..

    ReplyDelete
  5. Anonymous ලෙස ආවාට සමාවෙන්ට. හරි නමින් දැම්මොත් මම වසලා හමාරයි. කැම්පස් ආපු අලුත වෙච්ච සීන් එකක්. එක දවසක් කොහෙද මන්දා යනකොට ලස්සන කෙල්ලෙක් බස් එකේදි සෙට් උනා. කෙල්ලත් මට හිනාව දාලා බොහොම ඇඩ් එක දාගෙන හිටියා. පහුවෙනිදා කැම්පස් යන කොට ඇතුළු වෙනකොටම මාව අක්කලා ටිකක් අල්ලගත්තේ නැද්ද රැග් කරන්න. වසලා හමාරයි. අර කෙල්ල ෆයිනල් ඉයර් අක්කා කෙනෙක්. කෙල්ලත් මාව දැකලා ඩිම් උනා. කුටු කුටු ගාලා මොනවද අනිත් අවුන්ට කිව්වා. අන්තිමට උන් ටික මාව පැය එකහමාරක් බයිට් කළා. :-(

    ReplyDelete
  6. nawammawatha : ඔය කිව්වෙ හරියටම... බෝනික්කි තමයි... හික් හික්.. ක්‍රශ් නොතිබ්බ එව්වොන්ට වඩා තිබ්බ එව්වො වැඩියි නෙ බන්...


    මුහුදු කොල්ලකාරයා : එහෙම අවුලක් නම් තියෙනවා බන්... හික් හික්



    blog gadol : එහෙව් කාලේ නේ බන්... මම මේ සුදු පූසි කියවන්ට සෙට් වෙන ගමන්...



    වැම්පයර් : කියල වැඩක් නෑ



    Ano : ලොවෙත් නෑ... ඔයින් ගියා මදැයි බන්... එහෙමත් කෙල්ලෙක්ට අහු උනා නම් උබට සොවි

    ReplyDelete
  7. අපේ ඉස්කෝලෙත් ඉන්ග්‍රීසි උගන්නපු ටීචර් කෙනෙක් හිටියා චම්පා කියලා, හබෑම ලස්සනයි, ඊටත් වඩා සිරියාවයි, එලියට බැහැල කොරිඩෝ එකේ යන කොට අපි ජනෙල් වලින් එබි එබි බලන් ඉන්නවා, හිහ්. මෙයා ඉස්කෝලෙ ඇරිලා හවස ගෙදර ගියේ තව කොල්ලෙක් ගෙ ජීප් එකක, සමහර දවස් වලට school බස් එකට මේ ජීප් එක මාට්‍ටු වෙනවා, ඔය හරියෙදි ඉතින් ගොඩක්වෙලාවට නිදි, කොල්ලො ටික චම්පෝ, චම්පෝ කියල කෑගහනවා ලෝකෙ පෙරලන්න වගෙ, පට්ටම ආතල් වැඩේ, ටීචර් අහැරෙන්නෙ උඩ ගිහිල්ලා.

    ReplyDelete
  8. උඹ අධෛය්රිය වෙනව නෙමේ හෙම කොල්ලො, මං ඔබීත් එක්ක ෆුල් ලව් එකේ ඉන්න අස්සෙ එහා පන්තියේ උගන්නපු සුදසිංහ මිස්ට මැරෙන්න ලව් (හිතෙන්)

    ReplyDelete
  9. හී හී හී...තාමත් මෙහෙමමද ?

    ReplyDelete
  10. අපෝ ඔහොම ක්‍රශ් නම් කීයක් හිතෙ තියෙන්න ඇද්ද. මම නම් පටන් ගත්තෙ මොන්ටිසෝරියෙදී.:) ගොඩක් කල් යනකල් ගෙදර අය මට ඒ කෙල්ලගෙ නම කියල විහිලු කලා. ඒ කෙල්ල එක්ක මම ගහපු ෆොටෝ එකක් තිබුන අපෙ අම්ම ගාව. මම ඒක උස්සල හංගන්න ගිහින් මාට්ටු වුනා, වැඩේ හරි ගියේ නෑ.:(

    ReplyDelete
  11. අර හැමතිස්‍සෙම ඔකඳ ‍වෙන සඳරු ‍මෙතන්ට ක‍මෙන්ට් කරන එකක් නෑ ම‍යේ හි‍තේ..... හික්ස්....

    ReplyDelete
  12. හයියෝ පලා අයියේ.... හිකි හිකි

    ReplyDelete
  13. @හා පැටික්කි .. කමෙන්ට් නොකර බෑ නෙව හා සහෝදරී මේ බ්ලොග් එක නිසා තමයි මම සිංහල බ්ලොග් අඳුරගත්තේ ..මේ පිස්සා තමයි මගේ ෆ්‍රස්ට් බ්ලොග් ගුරා .. මේං වැන්දා !

    මට නම් ඇත්තටම පොඩි කාලේ ඉස්කෝලේදී එහෙම ලවු සීන් තිබුනට එවුවා හිත ඇතුලෙම අල වෙලා ගියා මම මුලින්ම කෙල්ලක ගෙන් ඇහුවේ දහය වසේරේදී වගේ ..අර ඩෝරා ගෙන් තමයි

    පොඩි කාලේ නෙවෙයි ලොකු කාලේ පවා අපේ ඉස්කෝල වල ආදරේ කිරීම සපුරා තහනම් . අහු වුණොත් අස් ..

    පිස්සට නම් පට්ට කෙල්ලෝ තොගයක් ඉඳලා තියනවා .. මොකද්ද බං ක්‍රශ් කියන්නේ ?

    අපෝ ඉස්කෝලේ කාලෙ මතක් වෙද්දිත් ආතල් ..කෝටියයි

    ReplyDelete
  14. එළ එළ මරු ක්‍රශ් කතා ටික ................:D

    ReplyDelete
  15. හිතට එන එවුවා කියන්න බැහැ බොල. :D

    ReplyDelete
  16. ​මෙක තමා උඹේ කාලෙකට පස්සේ පට්ටම පෝස්ට් එක. ඈ බං අයියේ... 1 වසරේ ඉඳන්ම සබ්ජෙක්ට් එකේ ඉඳලානෙ උඹ... අපි හොඳයිනේ...

    ReplyDelete
  17. යන තරමක් හිත ගිහින් තියෙන්නේ අක්කලාට සහ ඇන්ටිලාට,, අනේ අම්මපා,,,

    ReplyDelete
  18. හප්පාආආආආඅ උඹලත් මාර පොරවල්, ඔය හිත කියන එකාව මෙල්ල ක්‍රන්න පුලුවන් බෙහෙතක් ඉක්මනටම හොයා ගත්තොත් හොඳයි වගේ,

    ReplyDelete
  19. අඩේ මටත් තියේ මේ වගේ සෙට් එකක් ලියන්න.. :D :D

    ReplyDelete
  20. මටත් තියෙනව මොන්ටිසෝරියෙ ඉදන්ම ලියන්න 20ක 30ක නම් ලිස්ට් එකක්..(ටීචර්ල නැතුව) වැඩේ කියන්නෙ මම 4 වසරෙ දහම්පාසලේදි ට්‍රයි කරපු ගෑණු ළමය තමයි මට 11 වසරෙදි කැමති වෙලා තවමත් වසර 5ක් පමණ ප්‍රේම වෘතාන්තයකට සහභාගි වෙලා ඉන්නෙ.. හිහි.. (4 වසරෙ සිට 11 වසර දක්වා වෙනත් විවධාකාර ගෑණු ළමයිනුත් හම්බුනා ඉතින් ) (ප.ලි.තාමත් හම්බවෙනව) මම අර කිව්ව මොන්ටිසෝරි ගෑණු ළමය ගැනනම් ඒ කාලෙ අම්මල එක්ක පවා කිව්වද කොහෙද...හිහිහි.. (කොල්ල ඒ කාලෙ ඉදන් Official ක්‍රමේට තමයි වැඩේට enter වුනේ)හිහිහි...

    ReplyDelete
  21. ඔය වගේ සීන් දෙක තුනක් මටත් තියෙනව ද මන්දා....... :D

    ReplyDelete
  22. ගුණේ : ඉංගිලිස් ටීචර්ස්ලාට කොල්ලෝ ඇහැ දානවා වැඩි කොමත්


    Observer : හික් හික්.... ඔබා අයියත් නොකරපු දෙයක් නෑ හික් හික්..


    චතූ...... : නෑ නෑ මෙච්චර අවුල් නෑ... හික් හික්....


    Kasun : ඇත්ත කියපන්.. ෆොටෝ එක ඉස්සන්න හැදුවේ ලැජ්ජාව නිසාම නෙමෙයි න ?


    හා පැටික්කි (MS) : ඔය කොරල තියෙන්නේ... හික් හික්

    ReplyDelete
  23. හසී : අනේ හසී නගෝ



    හිස් අහස : ඔන්න ඉතින්... දැන් ඔය ගුරු කතා ඇති බොල.. ස්කොලේ කාලෙ ගැන නම කුමන කතාද... ආයේ යන්න ඇත්නම් කියල හිතෙනවා හැම වෙලේම...



    The Lion : හික් හික්.. ස්තුතියි ආවට මේ පැත්තේ...



    ..ChAnDiKa.. : නොකියන එක හොදා... හික් හික්...




    prasanna86k : ංඑඉ බොලගේ හොද.. හික් හික්...

    ReplyDelete
  24. හරී - පිණිපළස : චුච්චං කාලෙ නොවැ.. දැන් හොඳයි.... හික් හික්...



    cjgayan : හොයන බොල ඉන්නේ දැන්



    චතුවා (ළමයා) : ලියපියකෝ ඉතින් අපිටත් කියවන්ට



    සිංහළ PC Magazine : එලකිරිනේ... සුබ පැතුම්

    ReplyDelete
  25. සෝරෝ : අපි නේ දන්නේ.... හික් හික්

    ReplyDelete
  26. aa ban pissa ayyya kavda ban oua bonikki?,,, koy kale hitiya ekakda? aththanamth poddak agavapnko(apith perapu ekakda dannne ne?), log venna kammeliy bolan, ekay ano aawe..

    ReplyDelete
  27. ඒ බෝනික්කි සව්ත්ලන්ඩ් එකට ගියා කියලයි මතක පස්සේ... 2003 ධි වගේ ගියේ මතක හැටියට... යකෝ ඇනෝ ආවට නමක් ගහල පලකො... හික් හික්

    ReplyDelete
  28. හප්පා ඉංගිරිස් ටීචර් ගැන නං මතක ගොඩාරියයි. මමත් ඒ කාලෙ දැකපු ලස්සනම කාන්තාවන්ගෙන් කෙනෙක්. මිස්ගේ පුරුද්දක් තියෙනවනේ පන්තියට ආපු වෙලාවෙ ඉඳන් අහුවෙන අහුවෙන එකාට වේවැලෙන් කෙලින. කොල්ලො ගුටි කන්නෙත් ආසාවෙන් :D
    මිස් පවුල් ජීවිතේ අවුල් කරගත්ත එක නං ලොකු අපරාදයක්. ඒ හැර ගුරුවරියක් වශයෙන් නං හරිම හොඳයි.

    ReplyDelete
  29. ඔව් ඔව් වේවැලෙන් තමයි... අතින් ගැහුවනම් කොල්ලො පෝලිමට එයි ගුට් කන්න හික් හික්.... ලස්සන පොඩ්ඩෙක් හිටියා නේද මිස්ට... මතකත් නෑ...

    ඉන්දරේට මතකද මන්ද එතුමියව ???

    ReplyDelete
  30. හප්පා මට මොකැයි මතක නැත්තෙ. මට අවුරුදු 3ක් ඉංගිරිස් උගන්නලා තියේ. මිස්ගෙන් මට ලැබුනු ලොකුම උදවුව තමා ඒ කාලෙ Western music කරපු අය විතරක් සාමාන්‍යයෙන් සහභාගී වුනු Choir එකට 6 වසරෙදි සිස්සත්තෙන් අලුතෙන් ආපු ගමන් මාවත් අරගත්ත එක.
    මිස්ගෙ පොඩ්ඩා දැන් පොඩි නෑ, බුවා මේ පාර ඒලෙවල් කලාද කොහෙද :D

    ReplyDelete
  31. ඔන්න ඔහොම අරගෙන තමයි ගයාන්ට කොල්ලො විහිළු කරන්න ගත්තෙ ටීච ගෙ නම කිය කිය... ඌත් ඊස්ටර් මියුසික් කරද්දි choir එකට ගත්ත කියල හික් හික්...

    මම ඇහුවෙ බන් බෝනික්කි මිස් ගැන නෙමේයි... අර කොල්ලො නමක් හදල තිබ්බේ සුදු මිස්.. " එතුමිය ".. ඉන්ගිලිස් වගේ මතක ඉගැන්නුවෙ

    ReplyDelete
  32. ම්හු.. ඔය කියන කාඩ් එක නං දන්නෙ නෑ. O_o

    ReplyDelete
  33. උබ පොඩි එකා වෙන්ට ඇති ඒ කාලේ... වැඩි කල් හිටියේ නැහ.. මොකක්දෝ හුටස්පර කතාවකුත් එක්ක මිස් වෙන කොහාට හරි ගියා

    ReplyDelete
  34. අපි 9 වසරෙ ඉන්න කොට අපේ ඉස්කෝලෙටත් ආව අලුත් ඉංග්‍රීසි මිස් කෙනෙක්.. මට මූන නම් මතක නෑ ඒත් ලස්සන ඇගක් තිබ්බ කියල මතකයි. ඉංග්‍රීසි අරහං උනාට මිස්ට අපි හරි කැමතියි..

    ReplyDelete

Related Posts with Thumbnails