Tuesday, September 6, 2011

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1

Share


මෙච්චර කාලෙක ට්‍රිප් ගිහිල්ලා... පිස්සු කෙලල... බීලා... එකී මෙකී නොකී එව්ව කොරල ගත්තු ආතල් වලින් හොඳම ආතල් එක කියන්න පුළුවන් කතාවක් තමයි මේක.. ලියන්න ඉතින් සෑහෙන සංස්කරන කටයුතු කොරන්න ඕනි නිසා නොලිය උන්නෙ... අන්තිමට හිතුවා මේකත් කොටල දාමු කියල... හික් හික්...


ගිය පාර ( සයිබර් උළෙල ) තිබ්බ පාර නෙමෙයි ඊට කලින් පාර ලංකාවට ගියහම තමයි මේ කතන්දරේ මුල... 


ගොඩ බැහල සතියකින් විතර ඔන්න අපේ සංකය.. ( ඔව් ඔව් අර ඉර නග්ගල... ටික කලක ඉදන් එකට නටල පිස්සු බුවා තමා... ) ආව අමුතුම යෝජනාවකුත් එක්ක... ඒ තමයි උගේ ගෑණු ළමයලහ යන්න.. නිකනුත් නෙමෙයි ගිහිල්ල දවස් 2 - 3ක් ඉදල එන්න.. යකෝ මූ බැඳලත් නැතුව එහෙම කොල්ලො සෙට් එකක් ඒ ගේ ඇතුලෙ දාගනියිද... මුගේ මොලේ හොටුද මන්ද...

" පිස්සුද බන්... එහෙම පුළුවන්ද ගෙවල් වල ගිහින් ඉන්න... ? "

" අවුලක් නෑ බන්... මම නේ කියන්නේ උබල යමන්කෝ.. "

කොහොමත් අපිටත් ට්‍රිපක් යන්න ඕනිකමත් තිබ්බ... ඒ එක්කම ඉතින් නවතින්න තැනක් එක්ක කෑම බීම සෙට් වෙනව කියන්නේ ඉතින් ආයෙ මොනවද... ඒ උනත් ඉතින් මූ බඳින්න ඉන්න ගෑනි නේ.. අන්තිමට උගේ මඟුලත් කැඩෙනව මොකද ඉතින් චාරවත් සැට් එකනේ... ඊට පස්සෙ අපිටමනේ වදේ තව ගෑනියෙක් හොයන්න... ඒක හින්දම අපි පොඩ්ඩක් පස්ස ගැහුවා.. ඒත් මූ අනේ බන් යමන්කො කියල පොළවෙ පස් නොකන ටික විතරයි...

" උබලට නවතින්න බැරිනම් වේලක් හරි කාල යමන් බන් එහෙන්... " 


සංකය ගේම අත අරින්නෙම නෑ.... 


ඒකට හේතුව පස්සෙ තමයි අපි දැන ගත්තෙ මූ යාළුවො සැට් එක ගැන ලොකු ටෝල්ක් එහෙම දීලා... රට රාජ්ජ වල ඉදන් ආපු  බොහොම වැදගත් යාළුවො කියල ( මේ අපිට හික් හික්.. ඒකේ ඇති වරදකු ත් නෑ කියන්න පුළුවන් හික් හික් ) අපි එක්ක ටුවර් එකක් දාන්න එහේ එනවා නවාතැන් ගන්න දෙන්න ඕනි නැත්තම් හොඳ නෑ... මොනවත් හිතයි ආදී නා නා ප්‍රකාර ලොකු ටෝල්ක් දීල... ඉතින් අපි නොගියොත් මුගේ කාර්ඩ් අවුල් නිසා තමයි මූ නාහෙන් හොටු පෙර පෙර අඬල තියෙන්නේ...  මූ ගමන පිටත් උනාට පස්සෙ අපිට හැසිරෙන කතා බහ කරන පිළිවෙල උගන්නද්දි තමයි ඒ ටික වැටහුනේ...
කොහොමින් හරි අන්තිමට එහෙනම් දවල් ට කෑම කාල එහෙන්ම නුවර එලි පැත්තට අල්ලන්න තීරනය වෙලා ට්‍රිප සැට් කර ගත්ත.


සිකුරාද ගිහින් ඉරිද එන්න. අහ් කියන්න බැරි උනානේ... මුගේ වෙන්න ගෑනි හෙවත් කෙලි පොඩ්ඩ ඉන්නෙත් ලේසි පාසු දුරක නෙමෙයි.. තලවකැලේ...

දැන් ගියා වගේ නවතින්න තැනුත් හොයන්න එපැයි.. යන්න කලින් දවසෙ මම අපේ සුපිරින් ටැන් ඩන් ඩන් මහත්තැන්ට කතා කලා.. මොකද ඌ ඒ කාලේ ඔය පැත්තෙ වත්තක තමයි හිටියේ... ( අර මාව පොලවෙ ගහපු කතාවෙ අපි සැට් උනෙත් මුගේ වත්තක තමා )

" මචන්... මම පිස්ස "

" අඩේ ලොක්ක කවද්ද ආවේ... " ආදී කතා වලින් පස්සෙ ඉබ්බ දියට දාන්න කතා කරනව මූ..

" ඉතින් යකෝ වරෙන්කෝ මේ පැත්තෙ.. "

" එන්න ඉතින් තෝ කොහෙද ඉන්නේ... ? හරියටම "

" කුල වත්තේ යකෝ... වරෙන් වරෙන්.. "

" ම්ම් මෙහෙමයි මචන්.. එහෙම සීන් එකකුත් තියෙනවා.. අපි සැට් එක ට්‍රිපක් දාන් ඉන්නව ඔය පැත්තට... නවතින්න තැනක් සැට් කරගන්න බැරි වෙයිද.. ? "

" ඇයි යකෝ මේ තියෙන්නේ... මෙහේ ඉදපන්... "

" අවුලක් නැද්ද උබ්ට ? "

" පිස්සුද යකෝ... වරෙන් වරෙන්.. කීයක් එනවද අප්පුව උයල තියයි.. දැන්ද එන්නෙ ?? "

" නෑ නෑ බන් හෙට රෑට වගෙ.. උබ දන්න එව්වොම තම... මායි ගයානුයි සංකයයි අමිලයි වනියයි.. උයන්න ඕනි නෑ බන්...  "

" අහ් වරෙන් වරෙන්... නැ නෑ අප්පු උයයි... ඉතින් දැන් වරෙන්කො... "

" හෙට හෙට.. "

කියල උගෙන් බේරුනා.. ඌ ට තියෙන්නෙ අමුතුම මිනුම් දඩු... ඌ පැය භාගෙන් කියන්නේ පැය 3 - 4ක් වත් වෙන දුරකට... ඒ උනාට පැය භාගෙන් හඳට යන්න කතා කරන්නේ... යකෝ හඳටනේ.. උදේ ගිහින් හවස එන්න බැරිය.. කියන ටයිප් ඉස්සරහට උගේ දුර කීම ගැනත් කියනම්කො..



ඔන්න ඉතින් සිකුරාද උදේ පාන්දර 7 ට විතර මායි ගයනුයි ගාල්ලෙන් පිටත් උනා තලවකැලේ දවල් කෑමට යන්න... හික් හික්.... අමිලයයි සංකයයි වනියයි කොළබින් සෙට් වෙන්න හිටියේ... දවල් 11 විතර වෙද්දි ට්‍රැෆික් එකට පින් දීලා ඔන්න උන් 3 දෙනාවත් නග්ග ගෙන තලවකැලේ යන්න පිටත් වෙද්දි අමිලය කියපි...

" යකෝ දැන් යන්න බෑ බන් එහේ.. චාටර් නේ බන්... දැන් ගිහින් උබල රෑ කෑමට යන්නද බන්... ? මෙහෙන්ම නුවර එලි යමන් බන්... "

" ඔව් බන් අයේශ්.. දැන් වෙලා නෑ බන් අපි යන තැනකට යමන්.. මෙතනම 12 නේ බන්.. " ඒ වනියා...

සංකයගෙ මූන 2 - 3 වෙනව මට කන්නඩියෙන් පේනව...

" අඩේ ඒ මිනිස්සු උයලත් ඇත්තෙ බන් දැන්... යමන්.. "

ඒ අස්සෙ මුගේ ෆෝන් එක රිං වෙනව...  " ඒ කෑ ගහන්න එපා බන් "

" හෙල්ලො.. "

" අහ් ඔව් ඔව් සුදූ මේ එන ගමන් ටිකක් පරක්කු උනා.. ඔයාල කන්න... අපි එනවා හරි හරි.. තව පැය 2 කින් විතර එහේ.. "

මූ ෆෝන් එක තියලා.. 


" මේ දැන් යන්නම වෙනවා අන්න ඒ මිනිස්සු නොකා බලන් ඉන්නව... "  

මොනව කරන්නද කියල ඔන්න අපිත් පැය 2 න් තලවකැලේ යන්න පිටත් උනා...


ලියන්න ගත්තට එක දිගට කොටන්න කම්මැලියි බොලව්... ඒක නිසා කොටස් කඩල දාන්න තීරනය කොරා... කොහොමත් ලියන්න ගත්තු විදියට එක පෝස්ට් එකකට දාන්න දිග වැඩියි වගේ.... ඒ එක්කම කියන්න ඕනි සිද්දිය පමනක් ලිව්ව කතා වගේ නෙමෙයි මේක මුල සිට අගට ට්‍රිප ගැනම ලිවීමක් නිසා බෝරින්.. මෙලෝ රහක් නෑ වගේ හිතෙනනත් බැරි නෑ... මේක අපි සැට් එකේ තවත් එක පිස්සු ගමනක් පමනි. වෙනසකත් එක්ක දිගට ලියන්න හිතුවෙ...

 දෙවැනි කොටසත් ලිව්වා.... මෙන්න ::  සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2

13 comments:

  1. සී සී තව සුට්ටක් ලියලම නවත්තන්න තිබ්බේ අයේෂ් අයියා

    ReplyDelete
  2. අපරාදේ නැවැත්තුවේ.... කියවනවනන් කියවපන් නැතිනම් ඒත් කියවපන් කියලා ඔක්කොම ටික එක පාර ලියලා දාන්නයි තිබුනේ....!

    ReplyDelete
  3. පොල්ලෙන් ගහනවා වගේ ඔහොම නවත්තනවද යකෝ බ්ලොග් පෝස්ට් . .

    ReplyDelete
  4. පොල්ලෙන් ගැහුව වගේ නැවත්තුවට සමා වෙන්න... ඉතිරි ටික ටයිප් කොරමින්...

    කොහෙද අර වැපාගෙයි රවාගෙයි බස් එකක් කියවන්න සැට් උනානේ.

    ReplyDelete
  5. මෙයා මහ පිස්සෙක්නේ. ලියනවකෝ ඉතුරු ටිකත් ඉක්මනට

    ReplyDelete
  6. අඩේ ලියහන්කො ටිකක් දිගට. මේ ටික එක හුස්මට කියෙවුවා :D

    ReplyDelete
  7. 2 වෙනි එකත් දැම්ම... තව කොටසක් දාන්න වෙයි වගේ... හික් හික්.. ඒක නම් අද බෑ...

    ReplyDelete
  8. දෙවැනි එක කියවලාම මොනව හරි කියන්නම් ලොල්ස්

    ReplyDelete
  9. මුලින්ම දැක්කේ දෙක කොටහ ඒක බලලයි මේක හොයාන ආවේ ..

    දෙකට දුවමින් ..

    ReplyDelete
  10. දෙවෙනි එකට මෙතන ලින්ක් එක වැඩ නෑ................

    ReplyDelete
  11. ඔන්න කොටස් 3 කින් ඉවරයක්‌ කොරා.... හික් හික්

    තාරක ස්තුතියි මචන්... එක හැදුවා...

    ReplyDelete
  12. මොකක්ද මේ කේස් එක.

    ReplyDelete

Related Posts with Thumbnails