Friday, September 16, 2011

තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම පහලට දානව නෙමෙයි.... 15 + ද මන්ද

Share

මේක ඇවිල්ල අර මළ ගෙවල් වල එහෙම නිදි මරද්දි කියන කතාවක්.. හුඟක් අය අහලත් ඇති... ඒත් ලියල දාන්න හිතුව...

අලුත බැඳපු ජෝඩුවක් ඇනෙක්ස් එකක පදිංචියට ගියාලු.. මේක ඇවිල්ල තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවලු.. ඊට එහා පැත්තෙ වත්තෙ තිබිල තියෙන්නෙ කුකුල් ෆාම් එකක්.

ඉතින් බැඳපු අලුත නිසා දෙන්න ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉදල තියෙන්නෙ... ආලෙන් වෙලිච්ච ගමන්ලු...

කොච්චර ආලෙන් වෙලුනත් " පරිස්සම එකට " සංකල්පය අමතක කරපු නැති  මේ දෙන්න ඉතින් පරිස්සම් වීමට  උපත් පාලන කොපුවක් එහෙමත් නැත්තම් සිංහලෙන්ම කිව්වොත් කොන්ඩම් එකක් පාවිච්චි කරනවලු...



ඉතින් ලේසියටත් එක්ක ආලෙන් වෙලිල ඉවර උනහම පාවිච්චි කල කොපුව ජනේලෙන් එහා පැත්තෙ ෆාම් එකට විසි කරනවලු...

මුන් දෙන්න ඉතින් ඔහොම ආලෙන් වෙලෙද්දි ෆාම් එකේ අයිතිකාරය මුන් ආපු දවසෙ ඉදන් දුකෙන් හා මලෙන් වෙලුන ගමන්ලු... හේතුව මනුස්සය උදේට එනකොට හැමදාම කිකිලියෙක් මැරිලලු.. ( කුකුල්ලු නැතිව කිකිල්ලියො ම මැරුනෙ ඇයිද මම දන්නෙ නෑ ඔන්න..)

දැන් මේ මනුස්සයටත් මාර ප්‍රශ්නයක්ලු... හේතුවක් නැතිව කිකිලියො මැරෙන එක.. ඉතින් මේ මනුස්සය තීරනය කරාලු රැයක් ෆාම් එකට වෙලා ගත කරන්න. එහෙම කරල හරි මෙ විනාසෙට හේතුව හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතල දැන් මෙ මනුස්සය ෆාම් එකේ කුකුල් කොටුවට වෙල ඇන තියන් ඉන්නවලු.. 


රෑ 10 ට විතර එහා වත්තෙ උඩ තට්ටුවෙ ඉදන් සුදු පාට අයිටම් එකක්  "චොක් "ගාල ෆාම් එකට ලෑන්ඩ් කරාලු.. කිකිලියෙක් ගිහිල්ල ඕක ගිල්ලලු. ටිකකින් කිකිලි සෙත්ත පොච්චිලු...


දැන් මේ මනුස්සයට අම්බානෙක මල ලු.. කමක් නෑ තව ටිකක් ඉවසල බලමු කියල ඉන්නවලු දැන්... පාන්දර 2 ට විතර යාන්තම් ඇහ පියවීගෙන එද්දි ආයෙම සුදු පාට අයිටම් එකක් " චොක් " ගාල ලෑන්ඩ් කලාලු.. තව කිකිලියෙක් හිමින් සැරේ කිට්ටු වෙල ගිල්ලලු ඕක.. ටික වෙලාවක් යද්දි ඒ කිකිලිටත් ඇදුනලු චාන්ස් එක.. සෙත්ත පොච්චි.

දැන් ෆාම් එක අයිති මනුස්සයට මල මල් වත්තක් වෙල.. 84000 ටත් චුට්ටක් වැඩියෙන් තද වෙල දන්න කියන ශුද්ද සිංහලෙන් අම්ම මෝ නැතුව බනිනවලු...

ඔය සද්දෙට අපේ අලුත බැඳපු ජෝඩුවත් එලියට බැස්සලු... බැහල අර මනුස්සයගෙන් ඇහුවලු

" අන්කල්.. මොකද මේ කෑගහන්නෙ කියල..."

අන්කල්ට තවත් මලලු...

" කෑගහන්නෙ කෑගහන්නෙ උබල මේ එලිවෙන ජාමෙ වෙනකල් ඇහරෙගෙන අහවල් එකක්ද කරන්නෙ... "

කොල්ලත් බොහොම උජාරුවෙන් කෙල්ලගෙ කරට අතකුත් දාගෙන තුරුල් කරන් කිව්වලු..

" අන්කල්... අන්කල් අපි මේ ප්‍රේමයෙ පළ නෙලනව " කියල

අන්කල් කිව්වලු....

" තොපි දෙන්න ප්‍රේමයෙ පල බැරිනම් ඕනි එකක් නෙලාගනින් හැබයි මීට පස්සෙ ලෙලි එහෙම පහලට දානව එහෙම නෙමෙයි " 


කළුවගේ තනපට අහසටත් ඔය වගේ කතන්දරයක් තමයි...ඒක ඉතින් ඇත්ත සිද්දියක්

ඔය කතාව මතක් උනේ මූනු පොතේ තිබ්බ වීඩියෝ එකක් දැකල.... මෙන්න ලින්ක් එක...

22 comments:

  1. ඒ දවස් වල කිකිලියො බලන් ඉඳල තියන්නෙම ලෙලි කන්නද කොහෙද? :))

    ReplyDelete
  2. හික්ස්...මරු මරු!~

    ReplyDelete
  3. අනේ සංදුක්කේ... කොහොම පෝස්ට් ලියපු කොලුවෙක්ද මේ :D

    ReplyDelete
  4. ළඟකදි නෙලන්න හම්බ වෙලා නැතිව ඇති..:D

    ReplyDelete
  5. සිරා වට ඇයි බං කිකිලියොම ඕක කන්නේ... මහ වල් කිකිලියෝ ටිකක් තමා ඒ ෆාම් එකේ ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
  6. හික් හික්!! ඊට පස්සෙ ලෙලි ටික දැම්මෙ කොහාටද දන්නෙ නෑ.

    ReplyDelete
  7. හරිම ශෝචනීයයි....හික් හික්.....

    ReplyDelete
  8. රෑ දහයටයි පාන්දර දෙකටයි ලෑන්ඩ් උනේ එකම රැයකද? :D

    ReplyDelete
  9. කිකිලියො මැරුනෙ ප්‍රෝටීන් වැඩි වෙලාද?

    ReplyDelete
  10. අපි දැනං හිටියෙ නෑ නෙව උඹ බැදල කියල ????

    ReplyDelete
  11. මරැ... මරැ...අනේ අහිංසක කිකිළියෝ ටික....

    ReplyDelete
  12. කැම්පස් යන කාලෙ අපෙ සෙට් එක කියන්නෙ ඕක ටිකක් වෙනස් විදියට..කතාව නම් ටිකක් වෙනස් අන්තිමේදි කියන්නෙ.." කේක් කෑවට කමක් නෑ...කුඩු එහෙම හලන්න එපා ඔන්න " කියලා

    ReplyDelete
  13. හෙහ් පට්ට කතාව සහෝ.

    ReplyDelete
  14. සෝක් කතාව . හිනා වුණා බඩ පිරෙන්නම

    ReplyDelete
  15. නියම කතාව... ඊට පස්සෙවත් කිකිළියෝ ටික බේරුනාද දන්නෑ...

    ReplyDelete
  16. ඇවිල්ල අදහසක් කොටල ගිය සියල්ලන්ටම ස්තුතියි...

    ReplyDelete
  17. හික්, එල කතාව.
    ඔය කිකිලියො ටික ගිය ආත්මෙ ඉපදිල තියෙන්නෙ මිනිස් ලෝකෙ ගෑනු විදියට, ඉතින් ඒ කාලෙ ඇති කරගත්ත පුරුද්දට තමයි ඔය දැක්ක ගමන් ගුඩුස් ගාල ගිලින්නෙ. මේක ඔය නරක පුරුද්දෙන් අත්වන විපාක ගැන කාට කාටත් හොද පාඩමක්. හික් හික් ...

    ReplyDelete
  18. අප්පා ඔව්වා ඔච්චරටම වසද ඈ........ බයියේ බෑ ඕං !

    ReplyDelete
  19. කොල්ලා ටත් කියන්න තිබ්බෙ - ඉරුවට කමක් නෑ බොල ගිලින්න එපා කියලා

    ReplyDelete
  20. පුදුම කිකිලියෝ තමයි ඉදලා තියෙන්නේ. ලෙල්ල වැටෙනකන් බලාගෙන ඉදලා තියෙන්නේ.

    ReplyDelete
  21. එකම දවසේ ගොඩක් ඵල නෙලලා වගේ ජෝඩුව.....
    අර නෙලුවා නෙලුවා බරටම නෙලුවා කියන්නේ ඒක නිසා වෙන්න ඇති :))

    ReplyDelete

Related Posts with Thumbnails