Tuesday, September 6, 2011

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2

Share
මුල් ටික නොබලපු අයට
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1


 පැය 2 න් කොහොම වෙතත් පැය 5 කට ආසන් කාලයක් ගත කරලා අපි ඔන්න තලවකැලේට ආව කියමු... ( ඒ කාලය තුල ආව සංකයට කෝල් වලින් තෙරුන විදියට කෙල්ලට ඉවසීමේ සීමාව පැනපු සයිස් එකක් දැනේ අපිට... )...

" මචන් ඔය පාරෙන් දාපන්... "

තලවකැලේ කිව්වට මුගේ කෙල්ලගෙ ගේ තියෙන්න් තලවකැලේ  ලයන්නෙත් කෙලවරද මන්ද... ලොවෙත් නැති වංගු සහිත පාරක විනාඩි 45 ක් විතර එහාටමයි මෙහාටයි හරවලා අන්තිමට අපී පළමු නැවතුමට සැපත් උනා.

" මේ සංක තෝ කෝකටත් ගිහින් බලල වරෙන්... ගුටි කෑමක් සෙට් වෙන්නත් බැරි නෑ.. මේ වෙලාවෙ දවල් කෑමට ආව කියල... "

" නෑ නෑ උබලට මොකුත් කියන් නෑ වරෙන්කෝ.. "

මූ අපිව ඉස්සරහට දාල බේරෙන්න..

හප්පේ අපිව පිළිගන්න කෙල්ලයි අම්මයි පෙර මග බලන් ඉන්නව...

" අනේ අනේ... 1 ට නේද එනව කිව්වෙ.. " කෙල්ල සංකයට සත්තම දාන්න ගත්ත විතරයි..

" මේ ගයාන්... මචන් ගයාන් මේ සංකි.. මෙයා තමයි අර ඔබාමගේ සටේ ඉන්නේ... " මූ බොහොම වැදගත් ලීලාවෙන් අපිව අඳුන්නල දෙන්න ගත්ත... 


ගයානුත් පට ගාල " හෙල්ලො " ගාල අත දුන්නෙ නැද්ද කෙල්ලට...

සංකයගේ මූන අඹ ලෙල්ල සේ උනා... අම්මල ඉන්න තැන ඌට අතකින් වත් අල්ලන්න තහනම් ද කොහෙද හික් හික්....  ඌ අපිව හෝල් සේල් එකපාර අඳුන්නල දුන්නා....  පිලිගැනීමේ උත්සවය ඉවරයි...

අනේ ඉතින් අපරාදේ කියන්න බෑ කෑම ටිකනම්...



දන්න කියන එළවලු ජාති මස් ජාති ඔක්කොම වගේ හදල මේ වැදගත් සැට් එකට... කොහොමින් හරි අමාරුවෙන් නුපුරුදු සංවර කමක් ගොඩ නගාගෙන වැදගත් කමින් කාලා බීල ඉවර වෙද්දි...

" අද ඉදල යන්න ඉතින්.. දැන් ගිහිල්ල රෑ වෙනවනේ... අන්න කාමරේකුත් ලෑස්ති කරල තිබ්බෙ අපි කට්ටියට... " 


සංකයට කෙල්ලගෙන් සහ නැන්දම්මගෙන් යෝජනාවක්... ඌම කියපුව තමයි ඉතින් හික් හික්..

ඒත් ඉතින් බොහොම වැදගත් විදියට ඒකත් ප්‍රතික්ශේප කරල අපි කට්ටිය වැඳල එහෙම ඔන්න එලියට බැස්ස...  වෙලාව 7 ට කිට්ට්ටුයි...

දැන් සංකය පොර වෙලා.. උගේ වැඩේ හරිනේ...

" උබලගෙ ලොකු කමනේ... ඉන්න කිව්ව එකේ ඉන්නෙ නැතුව.. දැන් අහවල් එකක යන්නය මේ වෙලාවෙ... "

මම සුපිරින් ටැන් ඩන් මහත්තැන් ගෙ සීන් එක මුන්ට කිව්වෙ නෑ.. ගයාන් විතරයි ඒ සීන් එක දැනන් හිටියේ.. දැන් ඉතින් අමිලයත් අවුල් වෙලා..

" එක අතකට ඔව් බන් ඔන්න ඔහේ එහේ ඉන්න තිබ්බ.. අවුලකුත් නෑ බන් ඒ මිනිස්සු.. දැන් යන්නෙ කොහෙද බන්.. "

නා නා ප්‍රාකාර කතා..

ඉදපන් බලන්න යාළුවෙක් හිටියා මෙහෙ කියල ගත්ත කෝල් එකක් වත්තෙ මහත්තැන්ට..

" මචන් මම දැන් තලවකැලේ ඉන්නේ.. එන්න පාර කියපන්..."

" අහ් ලඟනේ බන් ඔතනින් එහා පත්තෙ වත්ත තියෙන්නේ... පැය භාගයක් යයි " කියල මූ පාර කිව්වා...

අපි ඉතින් පැයක් විතර ඇවිල්ල දැන් තාම මුගේ රොඩ් සයින් නෑ...

" මචන් මේ අපි අහවල් හන්දියේ ඉන්නෙ.. "

" අහ් හරි හරි ඔහොම වරෙන් ඔතනින් එහා පැත්තෙ බන්... වරෙන් වරෙන්.. "

ඔහොම 4 - 5 පාරක් කෝල් කරල අන්තිමට මූ කියපු තැනට එද්දි පැය භාගෙ ගමනට පැය 3ක් විතර ගත වෙලා...

පස්සෙ මැප් එකකින් බැලුවෙ.. මුගේ පැය භාගෙ දුර අපිට පට්ට දුරක් අර වංගු එක්ක..

ටික වෙලාවකින් ඈතින් රේස් කරන් එන බයික් එකක සද්දයක් ඇහෙනවා... එලියක් මොකුත් නෑ... තවත් විනාඩි 5 කින් විතර මෙන්න මූ කව්ද ගෝතයෙක් එක්ක බයික් එකකින් ලෑන්ඩ් කලා... යකෝ ඒ පාරේ එක ලයිට් එකක් නෑ.. ඒ මදිවට මුන්ගෙ බයික් වල ලයිටුත් නෑ...

" අඩේ මේ මූනේ... තොපි කියන්න එපැයි.. " වත්තෙ මහත්තැන් අඳුර ගත්තු අපේ එව්වො පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින්...

හරි එහෙනම් උබල අපේ පස්සෙ වරෙන්.. කෙලින්ම බංගලාවට... කියල අරුන් දෙන්න අර හද්ද කලුවරේ රේස් එකක් යන්න වගේ ආයෙ විද්දා... අපි අරූගෙ සද්දෙ  අනුව පස්සෙන් යනවා....

ටිකක් වෙලා යද්දි සද්දෙත් නෑ..

" යකෝ මුන් දෙන්න පල්ලමකටවත් ගියාද බන්.. "

" අම්බානෙක බීල බන් ඉන්නෙ.. ලයිටුත් නැ... පිස්සු හු*** 2ක් බන්... "



ඒ අපේ අදහස්...
" කෝ බන් ඔහොම වරෙන් අපි ඉස්සරහ ඉන්නව... " කියල ඔන්න කෝල් එකක් උගෙන්


ඌ යන යෑම් යන්න අපිත් බීල වාහනෙ ලයිටුත් ඔෆ් කරගන්න ඕනි... කොහොමින් හරි අතක් පයක නොකැඩී අපි උගේ බංගලාවට ගොඩ බැස්ස...

ඔන්න ඉතින් නා කියාගෙන එදා රෑ 11 ට විතර ගයානය එද්ද් උස්සන් ආපු ලීටරේ බෝතලයක් කැඩුවා... එහෙව් ආතල් එකක්...

නීති රීති මොකුත් නෑ... ප්‍රසිද්දියේ බොන්න බැරි එව්ව කිසි ගින්නක් නැතුව බොනවා ගේ ඇතුලෙම...  අප්පු බයිට් ටික සින් සින් ගාල සප්ලයි කරනවා... අපි බොනවා... ආයෙ අස් පස් කරන්න එව්ව මොකුත් නෑ... නිකන් රජ උනා හා සමානය...

එදා ඉතින් අතක් පයක් නොකැඩී " මේ නගරය ඔබ මා " සින්දුවටත් නටලා දෙයියනේ කියල නිදා ගත්තා...







උදේ නැගිටිද්දි ඔලුව දෙක වෙලා... ටික වෙලාවක් නිඩි මතේම පෙරලි පෙරලි ඉද්දි.. මෙන්න අප්පුව...

දුම් දාන තේ එකකුයි වතුර කෝප්පෙකුයි අරන්... චා චා... ගෙදරදි වත් මෙහෙම බෙඩ් ටී එකක් අතට හම්බෙලා නෑ ලෙඩක් දුක නොහැදුනොත් මිසක්...

" මාතියා... ඇඳුම් එහෙම තියෙනවා හෝදන්න ?? "

යකෝ මට නිකන් පිස්සසු වගේ... මූ පිස්සු ඩයල් එකක් නේ... 


" අහ් නෑ අප්පු.. " 


කියාගෙන මම එලියට බැස්ස... 

මොනා උනත් 7 ස්ටාර් තමයි අප්පුවගේ සැලකීම.. ගෙදරදිවත් මෙහෙම සැලකීමක් ලැබිලා නෑ.. අපි ට්‍රිප් ගියාම ඔය කොහේ හරි නැවතිලා කොහෙන් හරි කාල කොහේ තියන් හරි බීල චාටර් වෙන එකනේ... ඒකට වත්තෙ මහත්තැන් ට පින් සිද්ද වෙන්න ඒ දවස් ටිකේ සියල්ල අතට පයට.... කියන පමාව විතරයි...
අපෝ ඔය ඉන්නේ... උදේ පාන්දර මුස්පේන්තු කමට සැට් එකම.. වනිය නම් උදේ පාන්දර ගින්දර වගේ මර්වින් ගෙ සින්දුවක් අහගෙන තේ එක රස විඳිනවා ඌ ඉතින් මතට තිත නොවැ... වත්තෙ මහත්තැන් නම් වත්තට ගිහිල්ල වෙරි මරගාතෙම...

අනික් එව්වො... සික්... මූනෙන් අලක්කු.. ( නෑ මොනාද බිව්වෙ වොඩ්කා.. ) එව්ව බේරෙනවා...

ඒ අස්සෙ අමිලය ගහක් බදාගෙන... නෝන්ඩි නැතිව කබරයෙක් අරිනව...


" යකෝ බේබදු කමට බීල... අර කොමඩ් එකට ඔලුව අල්ලල ෆ්ලශ් කරපන්.... " සංකය අමිලයට ලොකු ටෝල්ක් දෙනවා... 


එදා දවස හවස් වෙනකල් වෙරි මත බහින්න පැද්දි පැද්දි උන්නා... හවස් වෙද්දි බඩු බැහල... සංකය ආවා මගේ ලඟට..

" මචන් අද රෑට බොන්න මොකුත් නෑනේ... "

" අද ? බොන්න.. ? අනේ මට නම් බෑ බන්... " ඇත්තටම බොන්න එපා වෙලා තිබ්බේ... ඒක සාමාන්‍ය් දෙයක් නේ බීල වැඩි උනාම පහු වෙනිදට...

ඒ උනාට ඌට බොන්න ඕනිමයි ලු... ඒක හින්දා ආයෙම පැය භාගයක් විතර බාර් එකක් හොයාගෙන ගිහීල්ලා බෝතලයක් අරගත්ත ( ඒක ඇවිල්ල රවුම් බෝතලයක්... වයිට් ඩයමන්ඩ් මතක හැටියට... බෝතලේ හැඩේ වැදගත් වෙන්නෙ ඉස්සරහට ).. බොන්න ඉන්නේ සංකය විතරයි.. අමිලය බොන්නෙම නෑ කිව්ව.. මටයි ගයාන්ටයි බියර් 2ක් ගත්තා... වත්තෙ මහත්තැන් බිව්වොත් හරි නැත්තම් බොන්න එකෙකුත් නෑ ගත්තට...

ඔන්න හවස් වෙද්දි අර වත්තෙ අනික් ඩයල් එක.. ( අපේ එකාගෙ යාළුවා.. ඌත් ඒ ලඟ වත්තක මහත්තැන් කෙනෙක් ) ආව... අපේ එකත් එක්ක...

" මචන්ලා මොකද කරන්නේ... ?? එළ පොට් එකක් තියෙනවා සිරා මචන් පැත්තම පේනවා යමන්.. "

ඔන්න ඉතින් කට්ටිය ලෑස්ති වෙලා ගියා උගේ සිරා පොට් එක බලන්න්න... ප්ලේස් එක සිරා..

උන්ගෙ බයික් උඩ නැගල ගල් උඩ බයික් තියල එක එක විකාර රූපි විදියට ෆොටෝ ටිකක් ගහලා එහෙම ඉද්දි...

අර ඩයල් එක..

" මචන්ලා.. මලක් තියෙනවා උබල මොකද පාවිච්චියක් තියෙද.. ? "

ඔහොම එකක් නම් එකෙන්ම නේ සංකය... ඌ පැනල මල ඔතන්න ගත්තා

" අහ් මචන් එළකිරිනේ... උබ දෙයියා.. " කියාගෙන...


දෙයියා බව්ව වෙන හැටි...  රවුම් බෝතලේට මොකද උනේ... ඒ සිද්දි ටික ඇතුලුව ඉතිරිය හෙට විතර දාන්නම්... අනිද්ද විතර නැත්තම් හික් හික්...

දිග වැඩියි වගේද මන්දා....

අවසාන කොටසත් ඔන්න දැම්මා...

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය )

18 comments:

  1. අඩේ එල එල.... මල ගැන කතාව ලියහං ඉක්මනට....

    ReplyDelete
  2. මොකෝ මේ මළුවට මල මතක් වෙලා

    ReplyDelete
  3. යකෝ ඔහොම ප්‍රසිද්දියේ මල් ගහනවද? ගැහුවත් කියවනවද? පොලිසියෙන් අල්ලන් යයි. දාපන් ඉතුරු ටිකත් ඉක්මනට

    ReplyDelete
  4. හුටා මේකේ පලවෙනි එක මිස් උනා..හිටු ඒක බලන්න යන්න..

    ReplyDelete
  5. අඩේ මටත් ආසයි බං අන්න අර වගේ කන බොන තැන අස් කරලා ඔක්කෝම කරන්න කවුරු හරි ඉන්නවනං පාඩුවේ හීනියට දෙකක් ඇනලා ඉන්න.. බොන්නත් පුළුවන් ඒත් මේ අස් පස් කිරිලිත් එක්කනේ බැරි..

    ReplyDelete
  6. හප්පට සිරි, ඒ ට්‍රිප් එක මමත් ගියා වගේ දැනුනේ.....! සීතලේ ගල් වෙවී ශොට් එකක් දාගන්න තියෙනවනම්....!

    ReplyDelete
  7. මගෙත් යාළුවෙක්ගේ අයියා හිටියා තලවකැලේ කිට්ටුවම.. ලිඳුල මතක විදිහට.. බංගලාවට පහලින් ඔයක් වගෙත් තිබුනා.. දවස් දෙකක්ම කන්ටිනියු බීමක්ම තමයි...
    ඒකෙත් ඔය විදිහෙම අප්පු කෙනෙක් හිටියා මචං.. පාන්දර දෙකට තුනට විතරත් අපෙ එවුන් බඩු පිට ලණුව අදිනවා.. පව් වැඩේ කියන්නේ අප්පු ඒ වෙද්දිත් නිදි නෑ.. ඉල්ලන්නේ මොනවද ක්ෂණිකව හදලා ඇති.. ඒ කරලා පහුවදා උදේ කෑමත් ඉල්ලන වෙලාවට රෙඩී.. මටනම් බුවා ගැන ඇත්තටම මාර දුකක් හිතුනා.. තනිකරම වහලෙක් තියන් ඉන්නවා වගේ වැඩක්.. ඒත් වතුවල සිස්ටම් එක එහෙමලුනේ...
    ඒ මොනව වුනත් කතාවනම් එළ මචං.. අතරමගදි මලකුත් එනවය කියන්නේ ආතල් සාගරයක් සෙට් වෙයි වගේ..

    ReplyDelete
  8. හි හි සිරාවට ලියලා තියෙනවා.ඉතුරු ටිකත් ඉක්මනටම දැම්ම නම් හොදා

    ReplyDelete
  9. අනේ ඉතින් මේ කොල්ලන්ට ගිය තැන බෝතලේ ....බෝතලේ....

    ReplyDelete
  10. පට්ටයි අයියා !! .. උඹලට කොහොම හරි කන පැලෙන්න බීලා අත පය නිදහසේ වීසිකර දාලා වැටිලා ඉන්න තැනකුත් හම්බුනාලු එහෙනම් ඈ ..

    මතක ඇති කාලෙකින් ට්‍රිපක් ගියේ නෑ බං උඹලගේ කතාව බැලුවාම හිතෙන් මම තේ වත්තකට ගියා ..

    තුන් වෙනි කොටහත් ලියාපන් අයියා ..

    ReplyDelete
  11. නියම කතාව වගේ. ඉක්මට ඉතුරු ටිකත් දාන්න.
    @ මාරයා. ඉතිං කසාදයක් කරගනිංකො.

    ReplyDelete
  12. එල කතාව පිස්සා අය්යේ, ගල උඩට වෙලා සිහිල් සුළන් ‍රැල්ලේ මල ගහනව, ඇගට දැනෙනව, දැනෙනව වගේ ආතල් එක හික්, සිරාම ට්‍රිප් එකක් උබලා සෙට් එක ගිහින් තියෙන්නෙ, ඉතිරි ටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  13. මැක්සා ෆන් එකක්නේ අරං තියෙන්නේ ඒත් මාතෘකාවට අදාල ජම්බු ගහෙන් වැටීම ගැන නම් මෙලෝ දෙයක් නෑ හික්ස්

    ReplyDelete
  14. දැන් ඊලඟට.. මල් ආතල්.. හික්ස්.

    ReplyDelete
  15. prasanna86k : මල ගැන... හික් හික්... දැම්මා දැම්මා



    mahima : මුහුදේ තියෙන ගල් මලක් කියල හිතන්න ඇත්තේ...



    අම්බලම : ඔව්‍ ඔව් එව්වා තමයි පොලොසියෙන් අල්ලන්නේ... ඔන්න දැම්මා...



    මාරයාගේ හෝරාව : ආයෙත් අහල අයියේ... ඇස පස කොරන්න කෙනෙක් ඉන්නවනම් ෂෝයි... හික් හික්... එඉ අතින් සුපිරි ට්‍රිප...



    දුමී : කියල මොකටද අප්පා එ ගැන...

    ReplyDelete
  16. පුතා : ඒ මිනිස්සු සුද්දගේ කාලෙ ඉදන් පුරුදු උන හැටිනේ මචන්... අනික එ මිනිස්සුන්ට අපි සලකන තරම් දෙමල මිනිස්සු සලකන්නේ නෑ.. වතු දෙමල කියල බොහොම පහත කරනවා...
    පොර නම එළකිරි හැබැයි...



    පිස්සු පුසා : දැම්ම මචන්.. බැලුවනම්...



    දිල් : හැදෙන්නෙම නෑ නෙඉ හික් හික්....



    හිස් අහස : ඔය ඔහොම ට්‍රිපක් ගියාමයි බන්.. නිකන් හොටෙල් එකක හිටියට සුපිරි...



    Praසන්ன : මාරයාගේ කෙරුම් ඉවරයි එහෙම උනොත්... ගෑනු ඇස කොරයිධ බන අපි වනසන එව්වා... හැමදාම... හික් හික්

    ReplyDelete
  17. ගුණේ : දැම්ම මචන් ඉතිරියත්... එඉ ආතල් එක කුමටද කතා කරලා....



    දුකා : අන්තිම කොටසේ තමයි ඒ ටික.. දැම්ම ඔන්න බැලුවනම්... හික් හික්...



    පිණිබිඳු... : හික් හික්...



    තාරක Dilsh@n : ඔන්න දැම්ම මචන්....

    ReplyDelete

Related Posts with Thumbnails