Wednesday, September 7, 2011

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය )

Share
මුල් ටික නොබලපු අයට...

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2


දැන් ඉතින් සංකයා ඔතනවා ඔතපු එක වටේ යනවා එහෙමම ඒක ඉවර උනා... වනිය නම් ඔව්වට නෑනේ... අනික් එව්වො අරූ ඔතන එව්ව ඔක්කොම ඉවර කරන්න උදව් කරා හොඳ නෑනෙ මහන්සිය අපතෙනෙ කියල... දැන් අරූ බුදු බොක්ක සංකගේ දැන් රෑට අපිත් එක්ක බොන්නත් සෙට් වෙලා පොර...


ඔය ඉන්න ගමන් වත්තෙ මහත්තැන්ට උගේ යාළුව පොඩි සද්දයක් දානවා... අපේ එක ලඟදි කොහෙද ගිහින් බීල ඔෆිසර්ස් ල වගයක් එක්කද කොහෙද...

" මේ උබ ඔය එහෙ මෙහෙ ගිහින් බොන්න එපා බන්... නෝන්ඩි නේ... උබ එදා ගිහිල්ල ගහල තියෙන්නෙත් රවුම් බෝතල් නේද... චාටර් නෙ බන් රවුම් බෝතල් ගහන්නේ උබ.. "


මෙලෝ දෙයක් නොදැන කතාවට සැට් වෙලා හිටි සංකය එක පාර මාරු උනා ඔය කතාවත් එක්ක...


මට තේරුනේ නෑ අරූගෙ රවුම් බෝතල් ටෝල්ක් එක ඒක නිසා මම...


" මොකක්ද බන් රවුම් බෝතල් සීන් එක ? "

" නෑ බන් මෙහේ මේ වතු වල වැඩ කරන එව්වො ගහන අරක්කු එකක් තියෙනවා.. ඒකට උන් කියන්නෙ රවුම් බෝතල් කියල.. ගානත් අඩුයි ජරාවක් හැබැයි...  මූ මේ එව්වත් ගහන්න ගිහින්නේ.. තත්වෙ තිය ගන්නෙ නැතුව.. "


( ඒක ඇවිල්ල කසියා නෙමෙයි... බාර් වල විකුනන එකක්...නම හරි එක මට මතක නෑ බොල... )


කොහොමින් හරි ඒ සීන් එක හෙවත් මල් චැප්ටර් එක ඉවර කරල ගෙදර ගියා බෝතල් චැප්ටර් එක පටන් ගන්න... හපුච්චේ... අප්පුවා...


කෝප්ප තියලා බයිට් හදල.. පුටු රවුමට තියලා...ආයෙ නිකන් වාඩි වෙලා බොන්න තියෙන්නේ...


ඒ උනාට බොන්න එව්වො නෑ... අමිලය ගත් කටටම.. "  මට බෑ බන් අද... "


ගයානුයි මායි බියර් දෙක කඩව ගත්ත අප්පුවට කියලා..


මල ගෙනාපු වත්තෙ මහත්තැන්ගෙ යාළුවත් මචන් දැන් බොන්න බෑ බන්.. අව්ලක් නැ උබල ගහපන්... සීන් එකේ...


වනිය සුපුරුදු ලෙස " මොන ප**** යකෝ.. ඕක නොබී ඉන්න බැරිද උබලට "


අපේ වත්තෙ මහ්තයත් " වැඩිය බොන්න බෑ බන් එක ශොට් එකක් දාමු.. "


සංකය සද්ද නෑ... බෝතෙල් කඩල මැදින් තිබ්බ... ඔන්න ඉතින් වැඩේ යනව....
සංකය විතරක් බොනව පේනවා... අනික් එව්වො කතාව... ටිකකින් අර වත්තෙ මහත්තැන්ගෙ යාළුවා ( ඌට මෙතන සිට මල් මහත්තයා ලෙස යොදන්නට තීරනය කලෙමි හික් හික් )


" මචන්ලා එහෙනම් මම ගිහින් එන්නම්.. පස්සෙ සෙට් වෙමු... " කියාගෙන ඌ ගියා...


ලෝක මහා සංග්‍රාමයේ.. නෑ නෑ මල්වර මඟුලේ ආරම්භය... අපේ එකා වැඩිවියට පත්වෙන ලකුණු ඔන්න පෙන්නුම් කොරන්න පටන් ගත්තෙ මල් මහතැන්ගෙ පිටවීමත් එක්ක...




" තොපි තොපි මෙහෙ දියව් තොපේ බියර් දෙක... "


කියල මගෙයි ගයාන්ගෙයි බියර් දෙක ඌ අරගෙන පුටුව යටින් තියා ගත්තා...

" යකෝ අර අරූ මෙතන අපිව චාටර් කරල දාල ගියා තොපි තොපි ගෑනු වගේ බියර් බොනවා... මූ මූ හැමදාම එක එකත් එක්ක බොන එකා.. මූ අද බොන්නෙම නෑ... "


ලොවක් නැතුව අපිට බනිනවා...


අපිටත් හිතා ගන්න බෑ ඇයි දැන් මේ මූ අපිට බනින්නෙ කියල..


" මොකද යකෝ ? "


" ඇයි බන් මුගේ යාළුවා... ඌ ආවෙ මෙතන බොන්න.. ඌ හිතුවෙ උබල රට ඉදන් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගෙනත් ඇති කියලා... ඌ දැක්ක රවුම් බෝතලයක් උගේ හිත වෙනස් උනා... "

" මේ මොනවද බන් මූ කියන්නේ ? "

" ඇයි යකෝ ඌ කිව්ව ඌ රවුම් බෝතල් ගහන් නෑ කියලා.. ඌ කලේ චැලෙන්ජ් එකක්... මම හිතා ගත්තා ඌ නොබිව්වට මම තනියම හරි මේක ඉවර කරනව කියල... "


ආදී වශයෙන් නා නා ප්‍රකාර කතා කියනවා...


කෙටියෙන්ම කියනවනම් සංකයා අහන් හිටියෙ රවුම් බෝතල් කතාවෙන් භාගයක් නිසා ඌ හිතල තියෙන්නේ අරූ ලෝකල් බ්‍රෑන්ඩ් නොගහන ඩයල් එකක්.. අපි ලෝකල් එකක් බොන නිසා ඌ නොබිව්වෙ.. ඌට රිදෙන්න අපි අපේ බෝතලේ ඉවර කරන්න ඕනි වගේ අදහසක්...


කොච්චර කිව්වත් මූට සීන් එක තේරුම් කරන්න බෑ... වයිට් බීපු නාලගිරි ඇතා වගේ මූ.. මඳන ඇතුන් නෙලුම් හුයෙන් නවතන්නද කියලා අපිත් දැන් මුගේ කතාව අහන් ඉන්නවා...


කොහොමින් හරි මූ මේ තත්වෙන් බෝතලේම ගැහුවොත් ලෙඩක් නිසා ගයානයත් එහෙන් මෙහෙන් සෙට් උනා උගේ රවුම් බෝතලේට... කොහොමින් හරි බනින ගමන් ටාර්ගට් එක හෙවත් මල් මහත්තයගෙ චැලෙන්ජ් එක දිනුම්...


කොහෙද... ඉවරයක් නෑ මූ බනිනවා.. ඒ අස්සෙ අර පුටුව යටින් ගත්තු බියර් බෝතල් 2 කත් එහෙන් මෙහෙන් දා ගත්තා... දැන් සංකය ෆුල්... වැටෙන්න ඔන්න මෙන්න ගහෙන්...  

මල + රවුම් බෝතල් + දුම + බියර් = විනාශයක් කියල අමුතුවෙන් කියන්න ඕනිය...


" මචන් මම මම බිව්වෙ උබල වෙනුවෙන්... උබලගෙ ආත්ම ගරුත්වය රැකගන්න... යකෝ අර කව්ද එකෙක් ඇවිත් චැලෙන්ජ් කරල ගියා.. උබල ට ගානක් නෑ... උබල සතුටු වෙයන් මම උබලව බේරගත්ත... "


ආදී වශයෙන් කතාව ටික ටික අඩු වීගෙන ගියා.. 



" මචන් මට .. "

" මූ මේ කබරයෙක් දාන්න බන් යන්නෙ.. උස්සහන් ඕක පුටුව එක්කම එලියෙන් තියන්න.. "


කියල අමිලයයි වනියයි පුටුව පිටින්ම උස්සන් ගියා මූව.. කොහෙද ගේ දොරකඩට යද්දිම මෙන්න " බෝක්... " ගාල දැම්ම...


" ඔන්න අපි වෙනුවෙන් කබරයත් දානව... "


ඒ අස්සෙ ගයානය කොහෙන්දො මන්ද කැමරාවක් උස්සන් ඇවිත් වීඩියෝ කරනව වෙරි මර ගාතෙම...


එක පාරටම අමිලය...


" අනේ දුවේ... උබ ලොකු ළමයෙක් වුනා නේද දුවේ... සන්තෝසයි දුවෙ... "


කියාගෙන උගේ මල්වරය ට මුල් වෙඩිල්ල තිබ්බ...


" දුවේ... දැන් ඉතින් පරිස්සම් වෙන්න ඕනි දුවෙ... කඩාගන්නෙ එහෙම නේ දුවෙ... "

" මේ මට ඉන්න දියන් යකෝ.. "

" අනේ දුවේ.. සෙල්ලම් නෙමෙයි දැන්... ගෙට වෙලා තැන්පත්ව ඉන්න ඕනි දුවේ.. "


අමිලය නවත්තන්නෙම නෑ...


කොහොමින් හරි ටිකක් ඉදල දැන් මූව හෝදන්න එපැයි...

" එහෙනම් දුවේ... දැන් නැකත හරි... උබව නාවල ගෙට ගන්නයි තියෙන්නේ... වරෙන් දුවේ නාවන්න.. "


අමිලය රස දෙනව...


ඔන්න දැන් මූව බාත් රූම් එකට ගෙනිහිල්ල... නාවන්න විදියක් බැලුව... ඒකෙ බාත් ටබ් එකක් තියෙන්නේ.. ටබ් එකට තමා ශවර් එක සෙට් වෙන්නෙ...


" අඩේ ඕකව ඔහොම තියල නාවහන් බන්. මොකෝ ටබ් එකේ බස්සන්නය... "

දැන් මූව ටබ් එක ගාව හිටවල නාවන්න කතාව

" ඔව් ඔව් අවුලක් නෑ... ඔහොම නාවහන්.. ඔතනින් වතුර බහිනව.. " වත්තෙ මහත්තයත් බීල...


" මෙතනින් කොහෙටද බන් වතුර යන්නෙ ? "

" ඔය ජනේලෙන් බන්.. ජනේලෙන් වතුර බහින්නේ.. අවුලක් නෑ නාවපන්.. "


හික් හික් රස ලෝකයක්.. " ජනේලෙන්.. ? තොට පිස්සුද බන්.. ? "

" අහ් නෑ නෑ.. ජනේලෙ ගාවින් වතුර බහිනව.. නාවපන්කෝ.. "

" මූව නාවන්න භාජනයක් ගෙනෙන්.. "


අහ් හිටපන් හිටපන්.. කියල ඌ දුවල ගිහින් අර අරක්කු බෝතලේට වතුර එකක් අරන් ආවෙ නැතෙයි මූව නාවන්න..


" යකෝ අරක්කු බෝතලෙන් පුළුවන්ද බන් මූව නාවන්න.. ලොකු භාජනයක් ගෙනෙන්.. "

" මේ මේක හරියන්නෙ නෑ බන්... ඔන්න ඔහේ ටබ් එක ඇතුලෙම දාල ශවර් එකට අල්ලමු... " 

සිහි බුද්දියෙන් ඉන්න වනියගෙ යෝජනාවට පිටින් කවුරු යන්නද....

" ඔන්න ඔය පුටුව පිටින් අල්ලහන් ටබ් එකට... " දැන් වැඩිවියට පැමිනි කුල කුමරිය ඉන්නව පුටුව උඩ වාඩි වෙලා ටබ් එකේ... රෑ 12 ට විතර අයිස් වගේ වතුරෙන් දැන් මූ නානව... අරූ ගෙනාපු බකට් එකෙන් ඒ අස්සෙ වතුරත් ගගහ හෝදන්නෙ දැන් මූව...

" යකෝ ලොකු ළමයෙක් නාවද්දි කියන ගාථාව මොකක්ද බන්.. "

" භවතු සබ්බ මංගලම්... වෙන්න ඇති නේ බන්.. "

" එහෙනම් කියහන් ඒක.. "

කට්ටියම භවතු සබ්බ මංගලම ගයනව..

" භවතු සබ්බ මංගලම්... සබ්බතු රක්ක දේවතා....... "

ඒ අඩේ අර ස්කෝලෙ ඇරෙද්දි කියන්නෙ මොකක්ද බන්...

" අහ් යෝවාද තම්පාව... ඒකත් කියපන්... යෝවාද තම්පාව රෝමානු යේසු..."


" ඒ ශ්‍රී ලංකා මාතත් කියපන්.... " 

ඔක්කොම කියන ඕනි එව්ව කියනව කට්ටිය... ගහෙන් වැටුනු එකත් ඉන්නව ඌට සිහියක් පතක් නෑ...


" ඇති ඇති යකෝ දැන් මූට සීතල අල්ලල මැරෙයි ටව්ල් එකක් ගෙනෙන්... "

" පොඩ්ඩක් හිටහන්.. වත් පිළිවෙත් කරන්න ඕනි... ලොකු ළමයට.. " කියල වත්තෙ මහත්තය...

" අප්පු... ඒ අප්පු.. "

" මාතිය.. "

" ඒ ගිහිල්ල පිච්ච මල් ටිකක් ගෙනෙන් බන්... "

අප්පු යනව රෑ 12 ට පිච්ච මල් ගේන්න... අප්පු මල් හොයන අල්ල පනල්ලේ දැන් සංකයව එලියට අරගෙන ටවල් එකකීන් එහෙම පිහිදාල... එද්දි ආයෙ කට පන ගහන් එනව...

" මේ මට ඉන්න දියල්ල හරි... "

" හරි හරි ඉතින් ඉදහන්... "

ඒ අස්සෙ අරූ සුදු රෙද්දකුත් ගෙනත්.. " ඒ මේකෙන් මූව වහන් යමන්... "

සංකයගෙ විරෝධය කටින් විතරයි.. ඇඟට පනක් නෑ... අප්පුවත් දස්සය...  විනාඩි 5 ක් ගියේ නෑ මල් ටික ගෙනවා...



දැන් ලොකු ළමයට සරමක් අන්දල අර රෙද්ද ඔලුවට දාගෙන එලියට ගේනවා... ඒ අස්සෙ වත්තෙ මහත්තය පිච්ච මල් ටික වතුර කෝප්පෙකට දාගෙන බාත් රූම් එකේ දොර ලඟ...

" ඒ මේකත් බීහන්... "

පිච්ච මල් වතුර එක පොවාගන්න බැරි උනාට ලොකු ළමයව රෙද්දෙන් වහන් කාමරේට ගෙනියන්න කට්ටියට පුළුවන් උනා...

ඒ අස්සෙ අප්පු ඇවිල්ල අමිලයගෙන් අහනවලු..

" මාතියා.. මාතිය පිච්ච මල් වලට වෙරි බහිනව ? "

" කව්ද අප්පු එහෙම කිව්වෙ ? "

" නෑ අර අපේ මාතිය පිච්ච මල් ගේන්න කිව්වෙ ? "

අමිලයට සීන් එක මීටර් වෙලා තියෙන්නෙ එවෙලේ..

" අහ් ඔව් ඔව්.. " කියාගෙන ඌ ශේප් වෙලා.. අප්පුව ඊට පස්සෙ බීපු එව්වොන්ට පිච්ච මල් පෙව්වද දන්නෙත් නෑ... හික් හික්...


කාමරේට ගෙනාවට පස්සෙ අරූ ආයෙම බනින්න ගත්තා...

වෙනසක් නෑ... කොල්ලෙක් චැලෙන්ජ් කරා... අපි චැලෙන්ජ් එක බාර ගත්තෙ නෑ.. ඌ අපි වෙනුවෙන් බිව්වා... ආදී එකම ට්‍රැක් එක 10 පාරකට වඩා කියනවා...

ඒ අස්සෙ..

" මූ මූ අර කැන්ගරු ලන්තෙ එක එක ප*** එක්ක බොනවා.. අපිත් එක්ක තමා බොන්න බැරි.. "

ගයානුත් ඌව ෆොර්ම් කරන්න

" ඔව් බන් මූට.. "

" උබ කටවහපන්.. උබත් අර බියර් එකක් ගෙනල්ල... යකෝ අර කොල්ලෙක් ඇවිත් චැලෙන්ජ් කරා.. " කියල ආයෙම ට්‍රැක් එකට එනවා...

" අමිල.. මූ මූ ගමේ එකා.. මුන්ගෙ අම්ම මට මූව බාර දුන්නෙ බලා ගන්න... මූ බිව්වෙත් නෑ.. "

ඒ අස්සෙ වනියත් ෆෝම් වෙනවා...

" යකෝ මුන්ගෙ අම්ම මූව උබට බාර දුන්නා.. උබ එහෙව් එකාට පොවන්න යනවනේ.. "

" යකෝ මට බැරිනම් ඌට හරි පොවන්න එපැයි.. අර අර අරූ චැලෙන්ජ් කරා.. " බැක් ටු ට්‍රැක්..

කොහොමින් හරි ලොකු ළමය නිදා ගත්තා... 




උදේ දැන් සිහිය ඇවිත්...


ඒ අස්සෙ මූව වහන් ආපු සුදු රෙද්දෙ කොහෙන්දෝ මන්ද ගෑවිච්ච ලේ පැල්ලමක්... ( වත්තෙ එකා නම් කියන්නේ උගේ යාළුවෙකුයි උගේ කෙල්ලයි ආව දවසක ඇඳේ තිබ්බ රෙද්දලු.. අනේ මන්දා.. )

ඕක දැක්ක අමිලය ෆෝම් උනා ආයෙම.. ඩබල් ඇක්ටින්.. ( මෙව්ව ඔක්කොම වීඩියෝ වෙනවා ගයානයගෙ කැමරාවෙ.. )

" අනේ දුවේ... උබ මොකක්ද දුවේ මේ කර ගත්තෙ ? " ලොකු ළමයෙක් උන දවසෙම කඩා ගත්තද දුවේ.. ?? " කියාගෙන විලාප දෙනවා...

සංකය මුවින් නොබැන ඉන්නව නෝන්ඩි වෙන නිසා...

" දුවේ... කව්ද දුවේ උබට මේ අපරාදේ කලේ.. අනේ දෙයියනේ ලොකුළමයෙක් උන දවසෙම ඇයි දුවේ මේ වගේ දෙයක් කර ගත්තෙ ? දැන් කොහොම ද දුවේ අපි රට්ටුන්ට මූන දෙන්නේ "

රස ලොවයි...

ටිකකින් මූ දැන් වග කිව යුත්ත වෙලා කැඩිල්ලට.. මූ සංකයටලං වෙලා..

" ඔයා ඔව්ව ගනන් ගන්න එපා සුදූ... ඔව්ව ඔහොම තමයි.. " හික් හික්...

ඒ අස්සෙ ඌට සින්දුවකුත් මතක් වෙලා...

" සුදු පිරුවටයයි මංගල යහනයි.. කඳුලින් තෙමනු එපා... ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා... මට දොස් නගනු එපා... "

කියන ගමන් මූ අර ලේ පැල්ලම උස්ස උස්ස පෙන්නනව...

" සාගරයට වැඩි ආදර හිත ලඟ අපි ළදරුවන් වගෙයි.. අපේම ලොව තුල තනි වූ දා අප දුර නොබැලුවේ ඔබයි... දුර නොබැලුවෙ ඔබයි.. "

" නෑ සිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි... "

ස්කෝලෙ යන කාලේ පට්ට ගහපු හින්දද මන්ද ඌට සින්දුවම මතකයි...
කොහොමින් හරි ඔය ට්‍රිප් එකේ දෙවැනි දවස් හෙවත් ඉරිදා.. ගෙදර එන්න හිටිය දවස.. කොහේ එන්නද මේ ආතල් එක්ක.. අනික ලොකු උනු ගමන් අතවරයකට ලක් වුනු දැරියෙකුත්.. එක්ක.. හික් හික්...

ට්‍රිප් එක ඉස්සරහට ගියා කන්දකුත් නැගල වෙරි පිටම... සංකයගෙ මල්වරය ෆුල් සීක්‍රට් වීඩියෝ එකක් විදියට අවුට් උනා.. වීඩියෝ එකේ පිච්ච මල් වතුර බොන දර්ශන එහෙම ඉතින් වනියව දම්මල කැමර ට්‍රික්ස් වලින් කවර් කර ගත්තා... දන්න තරමින් කොපියක් තියෙන්නේ ගයාන් ගාව විතරයි... හික් හික්...

ඔන්න ඔහොමයි අපේ සංකය වැඩිවියට පැමිනුනේ...


ට්‍රිප් වලින් පට්ටම ට්‍රිප් එක... ආයෙ කන්නද බොන්නද සියල්ල අතට පයට.. ඕනි වෙලාවක... ඒ අප්පු නම් එළකිරි ඩයල් එක... ඒ මිනිස්සු පුරුදු වෙච්චි හැටි... තාමත් ඉස්සර තරම්ම නැතත් උඩහ පැත්තෙ වත්තෙ මහත්තැන් කියන්නෙ පට්ටම සැලකිලි ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන්... දැන් නම් අපේ එකා ඉන්නෙ පහත රට.. දැනුත් ඉන්නව අප්පු වෙක්.. හපොයි ඌ මහත්තයටත් වඩා මහත්තැන් කෙනෙක්..

30 comments:

  1. අම්මට හුඩු.. රස කෝටියයි නෙ..

    ReplyDelete
  2. හිකිස් අෆ්ෆා හිනාවෙලාම බඩ රිදෙනවා

    ReplyDelete
  3. adoo bela wedi wela inna unwa nawanna hoda nee ne

    awulak nee bokath bilanee :-)

    katawanam patta hinawela panayanawa

    ReplyDelete
  4. පිච්ච මල් වෙනුවට අර ඔතපුවයින්ම ටිකක් දුන්නනං හරි.

    ReplyDelete
  5. පස්ට බං... දැන් අර ලොකු වෙච්ච කෙල්ල බැඳලද බං?

    ReplyDelete
  6. පික්සු පීකුදු . . හික් හික් හික්

    ReplyDelete
  7. අනේ මලේ වැඩ කර ගන්න බැහැ. හිනාවෙලා පන ගියා. වෙදහාමිනේට මල පැනලා තනියම හිනා වෙනවට. ආයිත් පාසැල් කාලෙට ගියා.

    ReplyDelete
  8. හිනා සාගරයයි .. ඔය මහ රෑ 12ට කෙල්ලව නාවලා ඒකි කිල්ලට අහුවුණාද දන්නෑ ..

    මම නම් හිතන්නේ ඔය බේබදු මිතුරු කැල අතින්ම තමා අර වැඩිවියට පැමිනි කෙල්ල අපහරණය වුණේ ! .. උඹලා තමයි ඔවුවට වග කියන්න ඕන ..

    ReplyDelete
  9. maru kathawa bola

    ReplyDelete
  10. කෙලලා තියෙන්නේ තාප්පෙටම..නොදකින් පාප මිත්තරයෝ ටික..අච්චර උඹලා වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච එකාට අතවර කොලේ කවුද යකෝ..සික්...

    ReplyDelete
  11. මරු.කියන්න වචන නෑ .........:D :D :D

    ReplyDelete
  12. හිකි හික්...පට්ටම පට්ටම...

    ReplyDelete
  13. ඇඩෙනවා මචන් රස ලෝකයයි හූ .......................

    නියම කතාව බොලව් තරු පහයි.

    ReplyDelete
  14. අප්පා හින සාගරයයි, අනෙ පව් අර ජම්බු ගහෙන් වැටිච්ච එකා. උඹලා පස්සෙ ඌව බයිට් ක්‍රන්න ඇති හොඳට අර් විඩියො එක පෙන්න පෙන්න ඌ පස්සෙ මොනද කිව්වෙ එක දැකලා

    ReplyDelete
  15. එකක් කියවල නවත්තන්න උන්නෙ. කොහෙද මේක රස ආකරයක්නෙ. අන්තිමට කොටස් තුනම කියවලයි අහවර උනේ. මෙහෙව් ට්‍රිප් එකක් ගියාම ආයෙ අවුරුද්දකටම ඇති.

    ReplyDelete
  16. හිකිස් අනේ මගේ ඉල ඇට...පට්ටම පට්ට ට්‍රිප් එකක්නේ....

    ReplyDelete
  17. යකෝ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් නේ උඹල කරලා තියෙන්නේ... හික් හික් උඹල වෙනුවෙන් චැලේන්ජ් එක බාරගත්ත එකාටම අතවර කොරල..... හිනාවෙලාම පනගියා බන්....

    ReplyDelete
  18. වැම්පයර් : ආතල් ලෝකයක් බන් ඒ ට්‍රිපනම්


    ශානු : අපොයි දෙය්යනේ.. හික් හික්...


    mahima : හොද නෑ තමයි බන්.. ඒත් නාවන්නේ නැතුව කොහොමද බන් ලොකු උන ළමයෙක ව... හික් හික්


    Praසන්ன : එව්වා ඉතුරු වෙයි ඔච්චර වෙලා....


    prasanna86k : තවම නෑ බන්.. ලගදීම බදියි...

    ReplyDelete
  19. දුකා : හික් හික්


    වෙද ගෙදර මහ වෙදනා : බොහොම ස්තුතියි.. ලේ පිරිසිදු වෙනවා නෙව... හාමිනේටත් පෙන්නුවානම්...


    හිස් අහස : සික් අපි නෑ නෙ ඔව්වා කරන්නේ... ඌම තමා කරගන්න ඇත්තේ.... හික් හික්


    ඇනෝ : ස්තුතියි...

    ReplyDelete
  20. මාරයාගේ හෝරාව : ඌත් කියන්නේ ඕකමනේ අයියේ...


    The Lion : ස්තුතියි....


    ChammA : ස්තුතියි :)


    ගුණේ : හික් හික්....

    ReplyDelete
  21. cjgayan : මොනවා කියන්නද බන්.. " ඕක මකපන් යකෝ " කිව්වා.. හික් හික්...


    nawammawatha : ආයෙත් අහල මචන්... අවුරුද්දකට කතා...


    පිස්සු පුසා : හික් හික්....



    Soda ගුනේ : හික් හික්... ගුණේ අයියගේ පන කෙන්ද හපොයි....

    ReplyDelete
  22. පික්සු පිකුදු කිව්වාලු. මොනවා වුණත් කෙල්ලගේ ගෙදරත් එක නයිටක් ගහලා එන්න තිබ්බා :))

    ReplyDelete
  23. හික් හික්!! කොටස් තුනම එක පාරම කියෙව්වා අයියේ. මරු කතාව. මටත් මේක කියවලා ට්‍රිප් එකක් යන්න උණක් ඇතිවුණා. මාස ගානකින් ගියෙ නෑ ට්‍රිප් එකක්

    ReplyDelete
  24. අපොයි...මාත් කොටස් තුනම එක පාරම කියෙව්වා. රස සාගරයයි නොවැ....:D

    ReplyDelete
  25. තාමත් හිනා යනවා යකෝ.. පස්ටයි.......... හක හක හක... :D

    ReplyDelete
  26. Hasitha : එහෙදි ලොකු උනානම් කොහොමද සැප...


    blog gadol : ඔය ට්‍රිපෙන් පස්සෙ ඔහොම ට්‍රිපක් සැට් උනෙ නෑ බන්.. අර අරූ මාව පොළවෙ ගහපු ට්‍රිපත් එළ හැබැයි...


    නිසුපා : බොහොම ස්තුතියි ගොඩ වැදුනට මේ පැත්තෙ


    සෝරෝ : අනේ සාධු... පෝය දවසෙවත් උබ හිනා උනා හික් හික්...

    ReplyDelete
  27. නැද්ද ඔය කිව්ව වීඩියෝ එක හොයා ගන්න :P

    ReplyDelete
  28. කියවලා දැම්මා කොටස් තුනම ඔන්න ...

    හප්පේ යකෝ ඔෆිසියේ අනික් උන් හිතුවා මට පිස්සු කියලා ..
    [තනියෙන් මොනිටරය දිහා බලන් හිනා වෙනකො] :DDD

    ReplyDelete
  29. කොඩී : එව්ව පුද්ගලිකයි රහසිගතයි... ඒර්යා 51 එකේලු හංගල තියෙන්නේ...


    වැප් : ඉතින් උන් හිතපු එක ඇත්ත නෙමෙයිද කියහන් හික් හික්...

    ReplyDelete

Related Posts with Thumbnails