Wednesday, September 14, 2011

ලේසියෙන් ජංජාලෙන් සල්ලි හොයන්න ගොස් අමාරුවෙ වැටීම....

Share
 
මේක උනේ මීට අවුරුදු 5 කට විතර උඩදි.. මන් කැන්ගරු ලන්තෙට පය ගහපු අලුත. ඔය වෙද්දි මට ජංජාලෙ ආගන්තුක තැනක්. මේකෙ තුල තියෙන ජල්තර සීන් වලින් බේරිල ජංජාලෙ පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක ගැන මට ලොකු දැනුමක් තිබුනෙ නෑ. හදිසියකට මේල් එකක් දාන්න ඇරුනම ජංජාලෙන් කොරපු දේකුත් තිබ්බෙ නෑ ඒ වෙද්දි.


මෙහෙට ආව අලුත රස්සවකුත් නෑ... ඉතින් රස්සවල් හොයන්න ජංජාලෙ පීර පීර එක එක ජොබ් වල ඇප්ලයි කොරා. ඔහොම රස්සවල් හොයන කාලෙ මගේ ඊ මේල් එකට ඇවිත් තිබුනා ඒ මේල් එකක්.

ගෙදර ඉදන් කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක් ගැන. මාසෙකට $ 1200 + කමිශන් එකක් ලැබෙනවා දවසකට පැය 3 - 4ක් වැඩ කරහම කියල විස්තර වගයක් තිබ්බ. කැමතිනම් Resume එකක් ඊ මේල් කරන්න කියල... මටත් ඉතින් කිසිම අවබෝධයක් තිබුනේ නෑ මොකක්ද මේ කියල. ඉතින් මම ඊ මේල් එක්ක දැම්ම මගේ Resume එක දාල.

පහුවෙනිදම මට ඊ මේල් එකක් ඇවිත් තිබුනා එයාලගෙ ජොබ් එකට තෝරගන්නව.. ෆොර්ම් එක ෆිල් කරල ඇග්‍රිමෙන්ට් එක සයින් කරල එවන්න කියල. මමත් රස්සවක් නෙ කියල යැව්ව. ඕකෙ අහල තිබුන බෑන්ක් ඩීටේල්ස් එහෙමත්...

ඔන්න ඉතින් දින 2 කට විතර පස්සෙ මගේ පළවෙනි ජොබ් එක ඊ මේල් කරල තිබුනා...




First transfer was sent and here are the details:
Amount: $3,740
Buyer: ***
Item: ***

You should receive this transfer tomorrow. Keep 5% and transfer the
remaining through a western union location near you to: *** (first name)
***  (last name) in ***** (city) ***** (country). The
fees for transferring are to be deducted from the payment received. Once
completed the western union transferring agent will provide you with
reference numbers. State EUR as the currency to be available for pick up.

Once completed send us the first brief report stating:
Amount Received:
Commission 5%:
Fees:
Total Transferred to ***:
Reference Numbers for ***:

Confirm that you have received this email. Keep us informed.


මට තියෙන්නේ ඔය මුදල ට්‍රාන්ස්සර් කරන්න... ඒ වෙද්දි යාන්තමට මගේ මොලේට යමක් තේරිල තිබුනේ... මූට මගෙ අකවුන්ට් එකට දන්නෙ නැතුවම ඔය කියන අකවුන්ට් එකට ඕක කෙලින්ම දාන්න තිබුනා නේද කියල මට පොඩි සැකයක් ආව...

මේ දේ නොකල යුතුයි කියල මට හිතුනා... කෝකටත් කියල දැන් මේ සල්ලි ඇවිල්ලද බලන්න මම මගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙන්න ට්‍රයි එකක් දුන්නා...

හුටා මේ කෙලවිලා තොයෙන්නෙ. මගෙ අකවුන්ට් එක බ්ලොක් කරල... මෙසෙජ් එකක් එනවා කස්ටමර් සර්විස් කතා කරන්න කියල.


කස්ටමර් සර්විස් කතා කරහම උන් කියාපි මගේ අකවුන්ට් එක Possible Fraud එකක් සම්භන්දයෙන් සැක පිට නවත්තල තියෙන්නේ... මේ කියන ට්‍රාන්ස්ෆර් එක සැක සහිතයි ඒ ට්‍රාන්ස්ෆර් එක ගැන විස්තර සපයනකම් අකවුන්ට් එක block කරල තියෙන්නේ කියල...

ඒ අස්සෙ දැන් අරුන් ඊ මේල් එකක් එවල තවම ට්‍රාන්ස්ෆර් එක වෙලා නෑ ඒ සම්භන්දයෙන් ලීගල් ඇක්ශන් ගන්න කලින් වහාම ට්‍රාන්ස්ෆර් එක කරන්න කියල...

දැන් මම ෆුල් හොල්මන්... මම උන්ට මේල් එකක් දැම්ම සීඑන් එක කියල මට මේක ට්‍රාන්ස්ෆර් කරපු එකාගෙ Details ටික එවන්න බෑන්ක් එකට දෙන්න කියල...

සද්දයක් නෑ...

පස්සෙ මම බෑන්ක් එකට කතා කරල සීන් එක කිව්ව මෙන්න මේකයි කියල.. ඊ මේල් ටිකත් ප්‍රින්ට් කරල ගෙනිහින් දුන්න. ඒත් උන් පිලිගන්නෙ නෑ උන් අවසාන තීරනය උනේ ඒ බැංකුව මගෙත් එක්ක කිසිම ගනුදෙනුවක් මින් පසු නොකරන බව... දින 14 ක් ඇතුලත මගේ සල්ලි ( අරුන් එව්ව මුදල නැතුව ) ගන්න පුළුවන් කියල ලියුමක් එවල තිබ්බ.

මොනව කරන්නද... මම මගේ සල්ලි ටික අරන් වෙන බැංකුවක දා ගත්ත. ඒත් ලොකු හානියක් නොවී එය එහෙම වුන එක ගැන මම අදටත් සතුටු වෙනවා...

මොකද ඒ බැංකුව එදා එහෙම මගේ අකවුන්ට් එක බ්ලොක් නොකරනම් මම ලොකු අමාරුවක වැටෙනව කියල මම තේරුම් ගත්ත. පස්සෙ මම ඔය වගේ ජංජාලෙ හරහා වෙන මගඩි ගැන සෑහෙන විස්තර හෙව්ව. ඒ ඉගෙන ගත්ත පාඩම නිසා ජංජාලෙ තුල වගේම එදි නෙදා ජීවිතයෙත් මුහුන දෙන්න වෙන වංචා කරුවන් ගැන ලොකු අවබෝධය ලබාගන්න පුළුවන් උනා...

මෙන්න මේ සයිට් එකේ කැමති නම් ඔය වගේ SCAM ගැන ලොකු විස්තරයක් තියෙනවා... www.scamwatch.gov.au



ජංජාලෙ තුලින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඇති ඕනි තරම්... ඒත් මම නම් දන්න තරමින් තියෙන්නේ Adsense හා Forex විතරයි. ලංකාවෙ නම් පුළුවන්ද දන්නෙ නෑ... වීඩියෝ එහෙම හදල U ටියුබ් දාල ඒ හරහා ඇඩ්සෙන්ස් එකෙන් හොඳ ආදයමක් ලබන කිහිප දෙනෙක් ම මම දන්නවා...  Forex උනත් නොදැන කරොත් නන්නත්තාරම වෙලා යන සීන් එකක්...

කොටස් වෙළද පලේ ආයෝජනය කරල කොටස් මිලට ගන්න විකුනන්න පුළුවන් අන්තර්ජාලය හරහා... ඒක Forex වලට වඩා හොඳයි මම දන්න ආකරයට. ඒත් ඉතින් දැන් නම් කොළබ කොටස් වෙළද පලත් එක්තරා ආකරයක සූදු පොළක් නිසා හුඟක් පරිස්සම් වෙන්න ඕනි....

එහෙනම් නැවත් හමුවෙමු...

29 comments:

  1. හප්පා........... මම දන්න මල්ලි කෙනෙකුත් ඔය වැඩේට සෙට් වෙලා ඉන්නවා හැබැයි එයා නම් කීවේ එයාට හරියට වෙලාවට ජොබ් එකෙන් පස්සේ පේමන්ට් එක හම්බ වෙනවා කියලා

    ReplyDelete
  2. අන්තිමට කිව්ව කතාවනම් සහතික ඇත්ත... කොළඹ කොටස් වෙළඳපල සූදු පිටියක් කරගෙන තියෙන්නෙ මේ දවස්වල...

    ඉන්ටනෙට් මනී කියල එන ඒව ගැන නම් කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ... මොකද ඕක බොරුවක් කියල හොඳටම දන්නව...

    ReplyDelete
  3. අත්දැකීමකින්ම ඉගෙනගන්න ලැබීම ලොකු දෙයක්. එතකොට ආයෙ මැරෙනකංම මතක තියෙනව. මුල්ම අත්දැකීමෙන් පාඩුවක් සිදු නොවීම ගැන දෙයියන්ට පිං දෙන්න :D

    ReplyDelete
  4. ඔයිං ගියා මදැයි අපිනම් ඉතින් ඔයවගේ මගඩි වලට අහුවෙන්නේ නෑ . මොකද කියනවා නම් අපිට නෑ නෙව බැංකු කාඩ් . අපිට තියන බැංකු ගිනිමෙත් රු 500කට වඩා නෑ අන්තිම 500ගත්තොත් ගිණුම ක්ලෝස් කරන්න වෙන නිසා යන්තම ඒක තියාන ඉන්නවා

    ඔය කතාව අපිත් එක්ක බෙදා ගත්තු එක හොඳයි .බොස්

    ඒක නෙවේ ජොබක් නැතුවද බොල රට ගියේ ? එහෙම ගිහිං නන්නත්තාර වෙනවා නෙව .

    ReplyDelete
  5. ඔයවගේ සීන් මටත් අනන්තවත් වෙලා ඇති. Bux sites, affiliate marketing, survay වගේ ඒවා තනිකරම බොරු.
    ඒත් oDesk, Elance වගේ ඔන්ලයින් ජොබ් වලිනුත් සල්ලි හොයන්න පුලුවනි.

    ReplyDelete
  6. ශානු : කම්මැලිකම ඔය කෝක්ටත් ලොකුයි කියන හින්දද මන්ද මෙව්වට අහුවෙන්නේ



    සාතන් : කියල වැඩක් නෑ... ඒත් ඉතින් ඔලුව පාවිච්චි කරල හිටියොත් ඉහ ගහන් යන්න පුළුවන් තැනක්...



    Pravin Indranama : ආයෙත් අහල මචන්... ඔයින් ගියා මදැයි



    හිස් අහස : නෑ බන්... රට ගියේ ඉගෙන ගන්න.. අමතරව කරන්න තමයි ජොබක් හෙව්වෙ ඒ කාලේ...

    කොහොමත් මෙහෙට ජොබ් වීස දෙන්නෙ නෑ බන් ලේසියකට... ස්තීර පදිංචියට වීස හම්බුනත් ජොබ් හොයා ගන්න වෙන්නෙ ඇවිල්ල...



    nextGen : මම නම් ඔය එල ඔන්ලයින් ජොබ් එකක් වත් කරන් නෑ බන්... හික් හික්... සී එස් සී එකේ පොඩි පොඩි සෙල්ලම් ටිකක් දානව ඇරෙන්න..

    ReplyDelete
  7. මසුරන් වටින කතාවක්! :)

    ReplyDelete
  8. ඔව් ඔව් ලේසි සල්ලි යාදෙන්නෙ නෑ කියල කතාවක් තියෙනවනෙ.

    ReplyDelete
  9. හොක්..මදෑ ඔයින් බේරුනා...
    ඔය ඇඩ් සෙන්ස් සිස්ටම් එක නම් අපේ රටටත් දෙනව මං හිතන්නේ..

    ReplyDelete
  10. මට නම් පේන්නම බැරි සබ්ජෙක්ට් එකක් බං ඔය... කවදාවත් ඔය වගේ මගුලකට ට්‍රයි කරන්නවත් හිතිලා නෑ... සිරාවටම මං දන්න වුනුත් කීප දෙනෙක් ඇනගත්තා.

    ReplyDelete
  11. උඹ ඉන්නෙ කැන්ගරු දෙසෙයි? මම මෙතෙක් කල් හිතාන හිටියෙ අන්කල් සෑම් ගේ රටේ කියල. :) හප්පෝ ඔය Forex සයිට් එකක නිකන් වත් රෙජිස්ටර් උනොත් පස්සෙන් එලෝ එලෝ කෝල් කරනව. ලංකාවෙත් ඔය ඔන්ලයින් වඩා කරන සීන් එකක් ආව. මගේ යාලුවෙක් ඒ දවස් වල රුපියල් 12 000 ක් ද කොහෙද ගෙවල අන්තිමට සතයක් වත් හම්බුනේ නෑ. එක කරපු එවුන් සල්ලි එකතු කරන් රටෙන් පැනල තිබ්බ!

    ReplyDelete
  12. මොන කරුමයක්ද මන්දා මට ඔව්වා ට්‍රයි කරන්න හිතෙන්නෙම නෑනේ....

    ReplyDelete
  13. බොහොම වටින දැනුවත් කිරීමක්

    ReplyDelete
  14. තනි අලියා : බොහොම ස්තුතියි ගොඩ වැදුනට...



    අලුත් කොල්ලා : එහෙම කතාවකුත් තියෙනවා... ඒක එහෙම උනාට ඒක එහෙමත් නෙමෙයිද මන්ද බන්.. බලපන්කො දේශ පාළුවො...



    චතූ...... : ගන්න අමාරුයි කියල අහල තියෙනවා... ඒත් යූ ටියුබ් සීන් එක නම් නෑ මම හිතන්නේ...



    prasanna86k : ඒක හොඳයි බන්...

    ReplyDelete
  15. මුහුදු කොල්ලකාරයා : සෑම් ගෙ රටෙ නෙමෙයි බන්.... ඔය කියන්නෙ අර 2004 විතර සීන් එකද... මට මතකයි ස්ලිට් එකේ හෙන සෙට් එකක් මාට්ටු උනා සීන් එකකට...


    පූසා : ඒක හොඳයි බන්... අහුවෙන්නෙ නෑනේ....



    Observer : බොහොම ස්තුතියි ඔබා අයියේ ගොඩ වැදුනට

    ReplyDelete
  16. ඇඩිසෙන්ස් වලින් හෙිදට සල්ලි හොයන්න පුලුවන්.... එත් මාසෙන් දෙකෙන් නමි බැ....ගොඩක් අය දවසෙන් දෙකෙන් මිලියනර් කෙනෙක් වෙන්න බලනවා....Adsense, oDesk, Elance, Freelancer කියන්නේ ඔන්ලයින් ඡොබි කරන්න හොදම Website..

    ReplyDelete
  17. මොනවා උනත් ලොකු අමාරුවක නොවැටි බේරුන එකනම් ලොකු දෙයක්.. මටත් එනවා අනන්තවත් ඔය වගේ මේල්... ගොඩක්ම ග්‍රින් කාඩ් වගේ ඒවා...

    ReplyDelete
  18. හපොයි පූස් කියල වැඩක් නෑ. මට දවකට ස්පෑම් එකට මේල් විස්ස තිහ එනව සල්ලි ගන්න, ලොතරැයි දිනුම් අරගන්න කියල. මට ඉතින් කෝටි ගනං තීන නිසා මං ඔව්ව ගනං ගන්නෙ නෑ.

    ReplyDelete
  19. අම්මෝ මම නම් ආයෙම ඔය කියන ඩීටේල් දෙන්නේ නෑ. හොද වෙලාවට බැංකුවේ සල්ලි ටික අරගෙන වැඩේ ගොඩින් බේරගන්න පුලුවන් උනේ.

    ReplyDelete
  20. බේරිච්ච බේරිල්ලක්.
    අයියගෙ මැසේජ් එකට මං රිප්ලයි එකක් එව්ව.

    ReplyDelete
  21. අඩේ මීට පස්සේ ඔන් ලයින් හොයන්න ඕනනං වැපාට කතා කරහං....ඌ ගාව තියෙනවා මසුරං ආයෝජන ක්‍රම වගයක්..ආකර්ෂණීය පොළී සහිත හා රහිත..:D:D:D

    ReplyDelete
  22. මම නම් ඉතින් ඔය කොටස් වෙලඳ පොලෙන් ඔන්ලයින් කීයක් හරි හම්බ කර ගන්නව තමයි..ඒක සුවර් අපි කල්පනාවෙන් කලොත්..

    ReplyDelete
  23. මමනං ඔන්ලයින් සල්ලි හම්බකර නැත. හම්බ කරන්න බලාපොරොත්තුවක්ද නැත. උඹ ඔයින් බේරුනා මදෑ අයියේ...

    ReplyDelete
  24. ෆොරෙක්ස් වලින් මම නම් සල්ලි හොයනව, ලංකාවේ කොටස් වෙලද පොලට එන්න ආසයි. ඔන්ලියින් ගිනුමක් තියාගන්න රුපියල් ලක්ශ දෙකක් ඉල්ලනවා. මට දැනගන්න ඔනි මේ අය ඒ ඒ සමාගම් වල මිල ප්‍රස්තාර දෙනවද කියල. කවුරු හරි දන්නවද්?

    http://muthunayake.blogspot.com/

    ReplyDelete
  25. අම්මෝ...ඔයින් ගියා මදැයි. ඔයාගෙ සල්ලි ටික බේරුන එකනම් ලොකු දෙයක්

    ReplyDelete
  26. sacworks : දවසෙන් දෙකෙන් නම් බැහ තමයි. ඇඩ්සෙන්ස් ගැන ඇරුනම අනික් එව්වනම් අහල නැත.



    Dinesh : ඔව් ඔහොම බේරුන එක ලොකු දෙයක්... ස්කෑම් නා නා ප්‍රකාර එව්ව මෙහේ...



    ඉන්දික උපශාන්ත : හික් හික්... එහෙම මේල් නම් ස්පෑම් බොක්ස් එක පිරෙන්ට



    මධුරංග : ඔව් බන්... ඔයින් ගියා මදැයි



    පිසාචයා : එළ එළ... මට මතකයි මතකයි වගේ ඒත් අනිවා ඩෙෆා දැනගන්න මැසෙජ් එක දැම්මෙ

    ReplyDelete
  27. මාරයාගේ හෝරාව : ඔව් ඔව් මටත් මතකයි ඌ මොකක්දෝ පිරමිඩයක් හදන්න කතා කරල පෝස්ට් එකක් දාල තිබ්බ හික් හික්



    Weni : ඔව් ඔව් ඒක නම් අව්ලක් ඇත්තෙම නෑ... බ්‍රෝකර්ස් ලගෙ ඇම නොකා තම්න් හොඳට සට්ඩී කරල කරනවනම්... මාත් අවුරුදු 5 ක් විතර තිස්සෙ ලාවට ටච් එකේ ඉන්නවා



    blog gadol : ඔව් බන්.. හික් හික්... ඔයින් ගියා මදැයි.



    Muthunayake : ඔව් හුඟක් බ්‍රෝකර්ස්ල දැන් ඒ ගාන ඉල්ලනවා. ඒත් අලුත් බ්‍රෝකර් ෆර්ම් සමහර විට ඉල්ලන්නෙ නෑ.. රිචර්ඩ් පීරිස් එහෙම මුල්ම ටිකේ ඉල්ලුවෙ නෑ ආරන්චියෙ හැටියට. කෝල් කරල බැලුවනම්.



    නිසුපා : අපොයි ඔව්... පෙර පින හික් හික්

    ReplyDelete
  28. පාර පුරා පෝස්ටර් එහෙම ගහලා තියෙනවා අන්තර්ජාලෙන් මුදල් උපයන හැටි කියාදෙන සම්මන්ත්‍රණ එහෙම තියෙනවා කියලා. ඒකත් ලොකු ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ :))

    ReplyDelete
  29. Hasitha : ඔය කියන්නේ අර ඊ බේ එකෙන් බඩු ගන්න විදිය... බ්ලොග් එකක් කරන විදිය.. ඒකට ඇඩ්සෙන්ස් ගන්න විදිය... ෆොරෙක්ස්... cලික් සයිට් ගැන අනන් මන සීන් එකනේද... ඇයි බන් සල්ලි දීල කෝර්ස් කරන්න ඔනිය ඕක දැන ගන්න...

    අන්තිමට කියනවද දන්නෙ නෑ බොලත් මෙහෙම කෝර්ස් එකක් කරල සල්ලි උපයපල්ල කියල... හික් හික්

    ReplyDelete

Related Posts with Thumbnails