Wednesday, September 21, 2011

කොටියගෙයි මිනිහගෙයි කතාවක්

Share

මීට කාලෙකට ඉස්සර මම මම ඉන්ගිලිශ් බ්ලොග් එකක් සහ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා..පළාමල්ලත් පටන් ගත්තෙ ඒ කාලෙමයි. ඒත් අන්තිමට අර බ්ලොග් දෙකම අභාවයට යවල පළාමල්ල එක්කම බ්ලොග් කෙරුවාව කරන් යන්න තීරනය කලේ කවුරුත් නොදන්න නමකින් ලිවීම තුලින් ලියන්න ලැබෙන නිදහස වැඩි නිසා... ඒත් දැන් නම් බ්ලොග් ලියන බොහොමයක් මූනු පොත තුලින්.. සයිබර් සිහින උළෙල තුලින් පිස්ස කවුද කියන එක දැනගෙන තියෙනවා...

වටේ යන්න ඕනි නෑනෙ.. මේ කතාව මගේ ඒ බ්ලොග් එකක දාපු කතාවක් පළාමල්ලෙ දාන්න ඕනි කියල හිතුනා...


මේක ටික කාලයකට කලින් උන කතාවක්. අපි කට්ටිය බෝතලයකට සෙට් උන වෙලවක ඇදුනු කතාවක්. ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්. ඒත් මට තාම මතක තියෙන නිසා දන්න හිතුන.

කට්ටියම බීල ඉන්න ගමන් මොකක් හරි හේතුවකට තමා අපෙ යාලුවෙක් මේ කතාව කිව්වෙ.

" මචන් කැලේ ඉන්නවනේ කොටි. කකුල් හතරෙ උන්. සිව්පා කොටි. දැන් ඔය කොටියෙක් කැලෙදි මිනිහෙක්ව මරුවොත්.... ඒ ඇයි ??

ඒ උගෙ තියෙන නපුරු කම, රව්ද්‍ර කම, කුරිරු කම... නිසා... කියල නෙ කියන්නේ. වෙන්නත් පුලුවන්. ඒත් සමහර විට මි
නිහව මරුවෙ...

ආත්ම ආරක්ශාවට  වෙන්න පුලුවන්... බඩගින්නට වෙන්න පුලුවන්... එත් අපි කවදවත් ඒ පැත්ත දක්කිනෙ නෑ. දක්කිනෙ උගෙ නරක පැත්ත විතරයි.

හැබයි මිනිහෙක් කොටියෙක් ව මරුවොත්...

ඒ මරන්නෙ ඒ මිනිහගෙ තියෙන එඩිතර කම... වීරකම... නිසා කියල කියන්නෙ....
හැබයි සමහර විට ඒ මිනිහ කොටියව මරුවෙ විනෝදෙට... දඩයමට වෙන්න පුලුවන්....

එත් කවුරුවත් මිනිහගෙ හොඳ මිස නරක දකින්නෙ නෑ....

සතව හිංසනය පේන්නෙ නෑ..


ඔහොම තමයි බන්...

උබ වැරද්දක් කරල වැරදි කාරයෙක් විදියට හංවඩු ගහුනොත් උබ මොන දේ කලත් උබ ව මේ ලොකේ බහුතරයක් දකින්නෙ වැරදි කාරයෙක් විදියට....   "


ඌ බීල කිව්ව ඒ කතාව තුල ලොකු ඇත්තක් තියෙනව කියල මට හිතෙනවා... ඒ හින්දමද මන්ද අදටත් ඒ කතාව මට මතක තියෙනව...


ඒකට යමක් මම එකතු කරන්න ඕනි නෑ කියල හිතෙනවා... ඒක නිසා පෝස්ට් එකට තිත තියන්නම් ඒ කතාවෙන්.

බීල කිව්ව කතා ගැන කියද්දි... යකෝ.... සීගිරි කාශ්‍ය්යප කියන්නේ සල්ලාලයෙක්  කතාවත් නොබලපු අයට මෙන්න ලින්ක් එක...

බීල කරපු වැඩ නම් ඕනි තරම් බ්ලොග් එකේ ලිව්වනේ.

26 comments:

  1. බීල වුනත් කියල තියෙන්නෙ සහතික ඇත්ත බන්...

    ReplyDelete
  2. අර කිව්වත් වගේ බීල උනත් කියලා තියෙන්නෙ අපූරු කතාවක්නෙ

    ReplyDelete
  3. බිව්වම මිනිස්සු දාර්ශනික වෙනවයි කියල අහල තියෙනව.
    ඒත් හැමෝම නෑ.....

    ReplyDelete
  4. අර ඛය්යාම් ගොය්ය මී පොතයි ගී විතයි කියන්නැත්තෙ මිනිහටත් ඔයවගේ හොඳ දහස් ආවෙ බිව්වම හින්ද වෙන්ටැ!

    ReplyDelete
  5. කතාව අැත්ත! කතා දෙකම! මේකයි රජකතාවයි!

    ReplyDelete
  6. යකෝ අපි ජාතියක් හැටියට නිතරම බීගෙන හිටියනං කොච්චර සෝක්ද ඈ..?

    ReplyDelete
  7. ඇත්තම කතාවක්. ඒකනේ අදකාලේ වැරැද්දක් කරපු මනුස්සයෙක්ට ආයෙම හැදෙන්න බැරි. ගොඩ දෙනෙක් ඒ මනුස්සයා හොඳක් කරන්න ගියත් හිතන්නේ. ඕකා මේ පාරත් හිරේ....! වගේ ඒ මනුස්සයට ආයෙම හිටි තත්වෙට යන්න හිතෙන කතා.

    කවදා හැදෙයිද........

    ReplyDelete
  8. ඇත්තමයි මල්ලි, උඹත් එක්ක සෙට් වලා බොන්න හිතෙනවා මේ කතා තවත් අහන්න....!

    ReplyDelete
  9. බිව්වහම තමයි හොඳ හොඳ කතා , සංකල්ප, සිතුවිලි, පහල වෙන්නෙ !

    ReplyDelete
  10. මචන් මෙහෙම පැත්තකුත් තියෙනව නේද, ඔන්න මිනිහෙක් කොටියෙක් මරලා තව සෙට් එකක් එක්ක වට වෙල හෙන වීර කමක් කරල කියල වර්ණ්නා කර කර ඉන්න තැනකට පොඩි මිනිහෙක් ඇවිත් කියනව මේ මරල තියෙන්නෙ අහින්සක සතෙක් ඕකෙ ඇති වීරකමක් නෑ කියල, එත කොට අර වටේ ඉන්න උන් ඒ මිනිහ කියපු එක පිලි ගනීවිද ? එහෙම නැත්නම් ඌව බයිට් එකට ගනීවිද ? පදුරකට ගැහුවත් සුපර් ස්ටාර්ලා විසි වෙන සමාජයක, ඒ මිනිහට ඔල්මාදෙ කිව්වත් ඒකෙ ඇති පුදුමයක් නෑ, එහෙම බැලුවොත් ඉතින් බීලම ඉන්න එක හොදා :)

    ReplyDelete
  11. පුදුම ලෝකයක් තමා.මිනිස්සු හිතන විදිහ තමා වෙනස් වෙන්න ඕනේ. අද දවසේදෙවෙනි පෝස්ට් එකද කොහෙද මේ ?
    පලා මල්ල බොනවද ආහ් නෑ... පිස්සා බොනවද

    ReplyDelete
  12. සමහරුන්ට පියිවි සිහිය එන්නේ දෙකක් දා ගත්තම්‍. මගෙත් යාළුවෙක් ඉන්නවා... ඌ නොබී ඉන්නකං මෝල් කෙලලා කෙලලා, බිව්වම තමා හෙන සිරියස් එකටම වැඩේ ඔලුවට අරං කරන්නේ....

    ReplyDelete
  13. අරක්කු කියන්නේ මම පුදුම පානයක් .ඒකෙන් කතා නොකරන හිත් කතා කරනවනවා , හිනා නොවෙන එවුන්ට හිනා වෙන්න කියලා දෙනවා . බය ගුල්ලන්ට වීරයෝ වෙන්න , වීරයන්ට සන්සුන් වෙන්න . බ්ලවත් ඔසුවක්

    බීලා කියපු ඒ කතාව සහතික ඇත්ත ..

    මට තව දෙයක් නොකියාම බෑ සූර් වෙච්ච බුවෙක් කියන කියමනක් .. සමාජය පිලිගන්න මැලි වෙන්නේ ඇයි ?

    කවුරු කීවත් කතාව ඇත්තනම් ඒක පිලිගන්න ඕන

    ReplyDelete
  14. ඇත්තටම එහෙම සිරා අදහස් එනවද හිතට බීවාම . . . . ??? නියමයි ඕයි . . . . මමත් වෙලාවක ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ . . . .

    ReplyDelete
  15. බිව්වම ගොඩක් මිනිස්සූ කවියෝ සාහිත්‍යවේදියෝ වෙනවනේ.. ඉතින් මේ කතාවත් ඒ වගේ... ඇත්ත නොබීපු වෙලාවක හිතේවි මම මේ මොකක්ද කියලා තියෙන්නේ කියලා.. ඒත් කතාවනම් ඇත්ත...

    ReplyDelete
  16. සහතික ඇත්ත කතාවක්. අපේ සමහරුන්ට බිව්වාම තමා කඩ්ඩ මතක් වෙන්නෙ..:)

    ReplyDelete
  17. @ඕනෙ අයිය: අනේ අමාරුවෙන් හරි එකපාරක් බීල බලන්න... ;)

    ReplyDelete
  18. හපෝ...උඹත් බොනයෙක්ද? හැදියන් බන් අර ඕනය වගේ...

    ReplyDelete
  19. හි හි මොනවා උනත් බුවා කියලා තියෙන්නේ ඇත්ත...

    ReplyDelete
  20. ඔව් ඔව් බිව්වම තමයි ගොඩක් උන්ට ලොවෙත් නැති අදහස් එන්නෙ.:)

    ReplyDelete
  21. සාතන් : ඔව් බන්... බිව්වම ඇත්ත කියනව වැඩිද මන්ද.


    දිල් : බීලනේ.. හික් හික්


    පිසාචයා : ඔව් ඔව් සමහරු තිරිසන් වෙනවා... යටි හිත ද මන්ද එව්වොන්ගෙ


    ඉන්දික උපශාන්ත : ගී පොතයි.. මීවිතයි... බ්ලොග් එකයි කියලයි මම කියන්නෙ නම් හික් හික්


    තනි අලියා : ස්තුතියි අදහසට සහෝ

    ReplyDelete
  22. මාරයාගේ හෝරාව : ඒකත් හොඳයි තමා. මොකෝ සිහියෙන් හිටියත් පිස්සුනේ කෙලින්නෙ වැඩි හරියක්


    හා පැටික්කි (MS) : හැදෙන්නෙ නෑ හා පැටික්කි... මේ අපේ මිනිස්සු හැදෙන්න.. පිස්සුද.


    දුමී : සැට් වෙමු... කොහෙද දුමී අයිය එද්දිමනේ මම ලංකාවෙන් ආවෙ ඉදල ඉදල...


    Weni : ආයෙත් අහල


    ගුණේ : සහතික ඇත්ත බන්... මේ අද සමාජයේ වෙන ඒව දැක්කම හොඳ සිහියෙන් නොයින්න තරමට හොඳ කියල හිතෙනවා

    ReplyDelete
  23. මධුරංග : අනේ නෑ බන්. ඒ දවසෙ එකම පෝස්ට් එක... චා... මම නෑ නේ ඔව්වට.. බොරුනම් රංග ගෙන් හරි.. අබේපාල මාමගෙන් හරි.. ඕනයගෙන් හරි අහල බලපන්... හික් හික්



    Prasanna : යාළුවා බ්ලොග් කොටන මාළුවෙක් එහෙම නෙමෙයි නේ... හික් හික්



    හිස් අහස : ඒකටත් දාන්න වෙන්නෙ මේ කතාවම තමයි බන්... ඌ බේබද්දෙක් නෙ... එතනින් එහාට වැඩක් නෑ කියන තැන තමයි සමාජය තියෙන්නේ


    ඕනයා : හක් හක් හක්... වෙලාවක... ?? දීල බලපන් හක් හක්...



    Dinesh : ඔව් ඒ උනත් කතාව ඇත්ත.

    ReplyDelete
  24. නිසුපා : හපොයි බීමයි කඩ්ඩයි ගැන නම් කතා නොකරම ඉමු.. හපොයි



    Observer : ඕනයා වගේ කිව්වා... හික් හික්... හැදිලා නේන්නම් ඉන්නේ ඌ වගේ.. සයිබර් උත්සවේ දවසෙ අයියගේ කාර් එකේ ඩිකිය සුද්ද කරන්නත් උදව් කලේ අපි... හික් හික්




    පිස්සු පුසා : අනිවා



    Kasun : ඇත්ත කතාව

    ReplyDelete
  25. හැමදේම සාපේක්ෂයිලුනේ අයියා. එහෙම බලද්දී ඔයාගේ කතාව ඇත්ත. වැරදිකාරයාට හොඳ වෙන්න ඉඩක් නැහැ අපේ සමාජේ. ඌව ඒකටම තියලා බැඳලා තියෙන්නේ..............

    ReplyDelete
  26. Hasitha : ඔව් බන්... ඌව හංවඩු ගහනවා... ඉතින් ආයෙ හොඳ දෙයක් කරත් වැඩක් නැහ

    ReplyDelete

Related Posts with Thumbnails