Monday, September 26, 2011

බස් අජිත් ගේ සින්දු අහන්න ගිහින් කොටපු පෝස්ටුවක්...

Share


නිකන් ජංජාලෙ කරක් ගහද්දි සයිට් එකක අජිත් මුතුකුමාරනගෙ ඇල්බම් වගයක් දාල තියෙනව දැකල අහන්න හිතුනා... ස්කෝලෙ කාලේ පට්ට ගහපු ගායකයෙක් නෙ.


හපොයි දෙවියනේ... 2 3 4 යද්දි මම ඒක එහෙමම ක්ලෝස් කරල දැම්ම... ඇයි දෙයියනේ කාට උනත් අහන් ඉන්න පුළුවන්ද එහෙව් අදෝනාවක්. ඌට වෙලා තියෙන දේවල්.. අනේ හපොයි කියල හිතුනා... 


ඒ උනාට පරණ මතකයන් පොඩ්ඩක් විතර අලුත් උනා... අජිත් ගේ සින්දු මුලින්ම අහන්න ගත්තෙ ඒ ලෙවල් ක්ලාස් යද්දි බස් වලින්ම තමයි. ඒ කාලේ ඔය පාරේ ගිය බස් වලින් කැසට් දාන්න පුළුවන් හැම බස් එකේම අජිත් තමයි.


දිනිතිව දාගන්න පෙරූම් පුරන කාලෙ වගේම ලව් එක සෙත්තප්පෝච්චි වෙලා මනෝ ගහල ( අමිලය කියන්නෙ මන්ද ගහල කියල ) ඉන්න කාලෙත් එලි රෑ වෙනකල් අහනව...


තාම මතකයි කැස්ට් එක පටන් ගත්තෙ " පෙති ගිලිහී ගිය මල නුඹදෝ " කියල සින්දුවකින්.. මොනව උනත් අදටත් ඒ සින්දු සෙට් එකට මම පට්ට ආසයි. ඒත් අහන්නෙ නෑ. ඇහුවම ඒ තියෙන ගතිය, ආසාව නැති වෙයි කියල හිතෙන නිසා..


" පාසල් බිමේ හමු වූ සුර කුමරියෙ " දිනිති ගෙ ලව් එක කාලෙ කැමතිම සින්දුව... මම කොච්චර ඔය කැසට් එක පට්ට ගැහුවද කියන්නේ අපේ ගන අයියලගෙ ගෙදර උන්ගෙ අක්කටත් සින්දු ලිස්ට් එක කට පාඩම් ඇහිලම. හික් හික්...

ඊට පස්සෙ දිනිතිගෙ බූට් එකෙන් පස්සෙ කාලෙ ගෙවිල ගිහින් ඒ ලෙවල් කටේ තියන් කෙල්ලෙක් පස්සෙ ගෑටුවා... ඒකි ඉතින් නෝ උත්තර මගේ නිර්මල ප්‍රේමයට... ඒතින් කොල්ල ආයෙම මන්ද ගහල... මන්දට ගැලපෙන සින්දු සැට් එකකුත් ගානට සෙට් උනා. ඒ අජිත් ගෙ " ආදරයක කඳුළු ".. අහනව අහනවා ඉවරයක් නෑ... ඒ කාලේ අමිලයත් අපේ ගෙදර හිටියේ... ඌටත් ඇහිලම කට පාඩම්.

ඌ ඕක අහන් ඉන්නම බැරිවද මන්ද මගේ ලව් සීන් එකට බැස්ස. දවසක් මම ගෙදර එද්දි මූ ලියුමක් ලියල මගේ මේසෙ උඩ...

" තෝ අදින් පස්සෙ ආදරයක කඳුලු... හෝ මොනයම් බූට් සින්දුවක් ඇහුවොත් මම තොගේ රේඩියො එකත් කුඩු පට්ටම් කරල තොපේ ගෙදරිනුත් යනව... මින් පසු තෝ බූට් සින්දු අහනවනම් මගේ අවසරය ලබා ගත යුතුය.

අන්න තොගේ හත්තිලව්ව තොට හා කිව්ව ( මේ ටික සුට්ටි අකුරින් ) "


හරිනේ ලව් එක ගොඩ නේ... අජිත්ට බූට්.  " සේපාලිකා මලයි සුදු පාට මීදුමයි " අහන්න ගත්ත මම.. අහන්න ගත්ත කියන්නේ ඒ සින්දුව එක්ක තව නිකන් සුපිරි ලව් සින්දු සැට් එකක්ම රෙකෝර්ඩ් කරල ස්කූල් බස් එකේත් දැම්ම මම කෙල්ලට ඇහෙන්න.. හික් හික්... කොහොමද ප්‍රේමය.. ( ඒ කතාවත් ලියන්න හිතුනා.... බලමු )

ඔය කාලෙම අහපු සින්දු සෙට් වල අජිත් ඇරුනම හිටියේ කිංස්ලි පීරිස්. පොර ට ඉතින් මලක් පේන්න බෑ ඒ කාලේ. පස්සෙන්දට ඒ මල ගැන කියල සින්දුවක් නෙමෙයි ඇල්බම් එකක් ම අවුට්. නා නා ප්‍රකාර මල්..

දෙලුම් මල.. ඩේලියා මල... වැටකෙයි මල... හපොයි...

කිංස්ලි පීරිස් ජෝතිපාල මහත්තයගෙ සින්දු ටික කියපු කැසට් එකත් නැගලම ගියා... අපේ ස්කූල් බස් එකේ කාලයක් ඕක කොයි වෙලෙත් දාල තියෙනව..

ඊට පස්සෙ කව්දෝ මන්ද එකෙක් " සුදු අරලිය මල " කියල එකක් උස්සන් ආව... ඒකත් කාලයක් ඇහුව.. ඒ කාලේ කෙල්ලෙක් නෑ... ට්‍රයි කරෙත් නෑ.. නිකන් ගන්ධබ්බ අවදියක්...

ඊට පස්සෙ ආයෙම නම් අජිත් ඇහුවෙ නෑ...


ඔය අජිත් වයි කිංස්ලි වයි ජනප්‍රිය කරන්න අපේ වනියත් සෑහෙන හවුල්.. උන් දෙන්න දන්නවද මන්ද. ඔය මෙලෝ යකෙක් අහල නැති සින්දු සෙට් එකක් කට පාඩම් කරන් එනව මූ... ඒ ඇවිල්ල අර කවුරුවත් නැති වෙලාවට සිංදු කියන්න සෙට් උනාම මූ ඔව්ව කියනවා... වන් මෑන් උනත් මූට වගක් නෑ මූ කියනව. දවස් 2 - 3 ක් යද්දි අර සින්දු ටික වටේ ඉන්න එවුන්ටත් කට පාඩම්.... හික් හික්...




දවසක් මූ ඇවිල්ලා " දෙහි මලක් වගේ ඔබේ හිතත් සිප ගත්තම සුවඳ නොදැනෙනා " කියනවා තනියම.. සින්දුව ආපු අලුත ... මටත් තේරෙන්නෙ නෑ.. දෙහි මලක් කොහෙද ?? කිය කිය මම කල්පනා කරලනවා... බැරිම තැන..

" කොහෙද බන් දෙහි මලක් ? "

" යකෝ දෙහි මල ලඟට සුවඳ නෑ.. ඒ උනාට දුරට සුවඳයි.. ගෙදර ගිහින් බලපන් ... " මූ ඒකත් චෙක් කොරල... ඔන්න උගේ සින්දු ඇහිල්ල..

ඒත් ඇපල් මල් ඩැෆඩිල් මල් එහෙම කොහොම කලාද මන්ද මූ...


ඇයි වෙහෙර විහාර සැට් එක... බෙල්ලන් විලෙන් පටන් ගත්තම... කිරි වෙහෙරට වෙනකල් ඒ පැත්තෙන් නම්... අනික් පැත්තෙන් ශ්‍රී මා බෝධිය පැත්තට... නාග දීපෙත් ගියාද මන්ද...  ඔය කිව්වම මතක් උනේ දවසක් මම ගාල්ලෙන් කොලඹ බස් එකක් අ නැග්ග.. අනේ හප්පුචියේ... කැසට් එකක් දාල තිබ්බ කව්දෝ මන්ද කෙල්ලෙක් කියන්නේ... සින්දු 16 ම පන්සල් ගැන...

සේපාලිකා මලයි... සීගිරියේ කුරුටු ගීත... මම අහන්නෙ නම් නෑ රත්තරනේ.. නිල් කඳු යාය මටයි... සින්දු සෙට් එකක් මතක් වෙනවා.... ඒ සින්දු එක්ක ඒ මතකයන් ඇවිස්සෙනව අප්පා... ස්කෝලෙ කාලේ නම්... ඇඩෙනවා... ආයෙ යන්න ඇත්නම්.

ඔය ඇති... අජිත්ව අහන්න ගිහින් පෝස්ට් එකකුත් කොටල...

63 comments:

  1. හපොයි මටනං එදත් අදත් කවදත් පෙන්නන්න බැරි ගායකයෙක්. කැම්පස් එකේ අපේ කාන්තා පාර්ෂ්වේටත් මූව පෙන්නන්න බෑ, ඉතිං අපි කරන්නේ උන්ව අවුස්සන්න අපි සෙට්වෙලා සිංදු කියන වෙලාවට මුගේ සිංදුවක් කියන එක, බවලත් උදවියට මල පනිනවා හොඳම ලෙවල් එකෙන් :D “ලොකු තාත්තෙ හතර මායිමේ“ එකෙන් තමා පටං ගන්නෙ :D ඊට පස්සෙ “ලිංගික ඇසුරකට.. මට දැන් අවසරද...“ එක! :D :D

    ReplyDelete
  2. ගායක යෙකුට අපහාස කරන එක නොහොබිනා වැඩක් උනත් " බස් අජිත් " ගේ සින්දු නම් මට මහා අදෝනාවක් විතරමයි.....ඇඬියාවේ නිමක් නෑනේ...තාලය උනත් හැම සින්දුවෙම එක වගේ...

    දවසක් මම අලුත් ගම ඉඳන් නුවර යන්න හිතාගෙන " මාතර කොළඹ " සුඛෝපහෝගි බස් එකකට නැග්ගා...මගේ කරුමෙටද කොහෙද දාලා තිබ්බේ බස් අජිත්ගේ සින්දු...." සුදු අරලියා මල..." කියලා පටන් ගත්ත අඳෝනාවා පිටකොටුවට එනකනුත් එහෙටයි මෙහෙටයි සින්දු ටික ගියා...හොඳම දේ කියන්නෙ එතැනින් මම වැලි මඩ බස් එකකට නැග්ගා...ගම්පොළින් බැහැගන්න ලේසි නිසාවට...අනේ දෙයියනේ....මගේ කරුමෙට ඒකෙත් ඒ සින්දු ටිකමයි.......

    බස් එකෙන් ආයේ බහින්නයෑ....( කරුමෙට මගේ අයිපොඩ් එක ගෙනතුත් නෑ )

    හැබැයි මගෙ හිත ගත්තු එක සින්දුවක් තියෙනවා... " ඔබෙ සුසුම් පවන් සැලී..." කියන එක..එච්චරයි

    ReplyDelete
  3. සුදු අරලියා මල . . . . .
    පිපුනේ ඇයි තනිව . . . .
    ලිංගික ඇසුරකට . . . .
    මට දැන් අවසරද . . . .

    ReplyDelete
  4. අපොයි ඔය සිංදු ඊ....ක්කා. මං ඔය බස් කොත්තු දාන සිංදු වලට ආසම නෑ. අජිත් අංකල්ගේ දෝණි එක පාරක් අපේ අම්මට සීඩී එකක් ගෙනත් දීලා තිබුනා. (උන්දැගේ දෝණිඇන්දාගේ එක වසරේ ටීචර් අපේ අම්මා නෝ)
    මං ඒක දීලා දැම්මා අජිත්ට ආසයි කිව්ව කාටද. යෑක්කා.... (ඇබැයි ටුවර් එකක් ගීන් ආපු වෙලාවක අලි චෝකෝ එකක් ගෙනත් දුන්නා ඒක නම් මම තනියමම වගේ කෑවා. සිංදු දිරෙව්වේ නැති උනාට එව්වා දිරෙව්වා. හික්ස් )

    @ දිල් අක්කා

    මාතර කොළඹ ගොඩක් බස් වල ඉන්නේ අජිත් මං දන්න තරමින්. අඬාවැටෙනවා කියන්නේ අනේ අපොයි කියලා හිතිලා වමනේ දාන්ට හිතෙනවා. එහෙව් එකේ පැය 8ක් විතර අහනකොට මාර ෂනීප ඇති කණට මී පැණි වක්කොලා වගේ අක්කට...... හික්ස්......

    ReplyDelete
  5. අපෝ මම නම් බස් එකක යන්නෙ කෝච්චියක යන්න බැරි ගමනක් විතරයි. මගෙ යාලුවෙකුත් හිටියා capmus එකේ ඉන්න දවස් වලට ගෙදර ඉඳල එනකොට hostel එකේ ගේට්‍ටුව ළඟ ඉඳල මහ හයියෙන් "බුදු තාත්තෙ හතර මායිමේ" (ෆන් එකට) කියාගෙන තමයි එන්නෙ. මම නම් පස්සෙ පස්සෙ වැඩ කරන factory එකෙන් දීල තිබුන ear plug දෙක මතක් කරල අරගෙන යන්න පුරුදු උනා බස් එකේ යනකොට.

    ReplyDelete
  6. ඉස්සර දුශ්කර සේවෙට යන කාළෙ මම කොළඹින් බස් එකට නගින්නෙ" අනේ දෙයියනේ මේ බස් එකේ නං ඔය සිංදු ඇහෙන්න එපා" කියලා හිතාගෙන. ඒත් දෙයියො මගෙ දිහා බැළුවෙ එහෙමත් දවසක විතරයි. පැය 6ක් විතර එක දිගට ඕවා අහගෙන ගියහම ගමේ ගිය එකෙනුත් වැඩක් නෑ වගේ දැනෙනවා, දවසක් පාඩම වෙලාවෙ ළමයෙක් ළඟ තියාගෙන බලනවා සිංදු පොතක් බලනකොට සුදු අරලියා මල,,,, පොත ගත්ත අත් අඩංගුවට වෙන මොකටවත් නෙමේ සති අන්තෙදි විඳින දුක මතක් වෙලා, තාමත් කබඩ් එකේ ඇති ඒ ඉස්කෝලෙ :D

    ReplyDelete
  7. ඔය බස් වල සින්දු කාරයො නං මහ හාල්පාරුවො! අඳෝනා විතරමයි! ලඟදි මම අහගෙන අලුත් අඳෝනා සෙට් එකකුත් අැවිත්! උදාහරණයක් විදියට ගොලු කොල්ලගෙ අඳෝනාව! මටනං එව්වා අැද අැද කියන වචන විතරයි! පසුබිමිං ටකරමකට ගහනව වගේ සද්දයක් අැහෙනව!

    මේ තත්ව යටතේ කපුගේලා දයාන්ලා අමරසිරිලා කසුන්ලා වගේ අයට මහත්ඵල මහානිසංස ලැබෙන්න ඔ්න! විශේෂයෙන්ම මතුමතු සංසාරෙ වත් එ් අයට ඔය හාල්පාරු අඳෝනා අැහෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  8. අපි ක්ලාස් යන කාලෙනං කෝකටත් ඉතිං හිටියෙ නාමල් තමයි.
    (නාමල් යනු මල් කැසට් එකක් නොව ගායකයාගේ නමයි :D)

    ReplyDelete
  9. ඔය සිංදු සෙට් එක ගැන නම් කියන්න දෙයක් නෑ. ඕං අපේ මල්ලිත් දැන් අහනවා.

    ReplyDelete
  10. අජිත් අඬනකුමාර කියන්නෙ බොරුවටද ඉතින්.

    ReplyDelete
  11. මටනම් ඔය බසයව පෙන්නන්න බැහැ, අප්පිරියයි. ඌ කියන්නෙ සින්දු නෙමෙයි, අඳෝනා.....
    මහ... පිම්පි හුත්තෙක්....

    ReplyDelete
  12. පෙති ගිලිහී ගිය මල ට නම් මම කැමතියි..
    බස් අජිට් ගැන කතා ටිකක් මතක් උනා මෙතන ලියන්න බැ බන්....

    අපෝ ඔය සින්දු ජනප්‍රිය කාලෙ මමත් සතියකට සැරයක් කි මි200ක් විතර යනව එනවා එපා වෙලා තිබ්බෙ ඔය අඳොනාව.

    හා පැටික්ස් අජිත් ලගේ ගෙවල් පැත්තෙද?

    ReplyDelete
  13. බි පෙ සි...

    අපේ ගෙදර ඉස්සරහ තිබුන ගැරෙජ් එකක්.. ඕකෙ එක බස් එකක් හැදුවා මාස තුනක් තිස්සෙ...

    මාස තුනම දාල තිබුනෙ සුදු අරලිය මලක්... එතන බස් එක හදන හැම එකාටම අහල පහල හැම එකාටම මුලු පීස් එකම සින්දු තියෙන පිලිවෙලට පාඩම්...

    සුන්දු ඇහිල්ල කොච්චරද කියනවනම් බස් කැසට්වල පීස් එක නොනැවතී දුවනවනෙ... ඉතිං රත්වෙලා පීස් එක උනුවෙලා යනවා.. මුන් අලුතෙන් ගේන්නෙත් සුදු අරලියා මල.. එහෙම උනු උන පීස් 11 තිබුනා සුහ්සු අරලියා මල පීස් එක විතරක්....

    අකමැති දෙයක් වැඩිම කාලයක් බලැන් අහපු එකට ගිනස් පොතට යන්න ඕනෙ අපේ ගමේ උන්.. ඕකෙ සින්දු 16 කැසට් එකේ තියෙන පිලිවලටම තාම මට පාඩං..

    මුතුකුමාරණයගෙ මූනට අමුතුවෙන්න එකක් අනිනව මම ඇත්තට දැක්ක දවසක ... අම්මපා...

    ReplyDelete
  14. පරිස්සම් වන්න, ඇසීම මගින් බෝවන රෝගයකි.
    බස් රථයේ ගමන්ගන්නා ඔබ පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැක.
    රොගය මර්දනයට රජය මගින් පියවර ගෙන ඇතත් බස් රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට අපහසු වී ඇත.

    මාරාන්තිකයි. සුවකල නොහැක.

    ReplyDelete
  15. හිකිස් මටත් ඔය සුදු අරලියා මල කැසට් එකේ සිංදු තියෙන විදියටම කට පාඩම්.අහලා නෙමෙයි ඇහිලා.අපේ ගමේ ගෙදර ඉස්සරහ බේකරියක් තියෙනවා.ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් මුලු ගමටම ඇහෙන්න ඒක දාලා තියෙනවා.කැසට් එක ආපු කාලේ පොඩි ගතියක් තිබ්බා ඒ සිංදු වල.ඒත් දැන් ඒවා හරි යන්නේ නැහැ.දැන් ඒවාගෙන් කරන්න පුලුවන් ඒ සිංදු අහපු කාල වල තියෙන සුන්දර මතකයන් අලුත් කර ගන්න විතරයි.

    ReplyDelete
  16. බස් අජිත්ට සෙට් වෙන්න ඕන මගේ සඳ ලියන පසන් මලයව.... නියම ඩබල.. පසනා ලියයි.. අජියා කියයි... කොහොමද පසනාගේ අදෝනා කවියි අජිත්ගේ අඳෝනා හඬයි මුසු වෙලා එද්දි.. නිකම් මල ගේක අඬනවා වගේ තියෙයි..... :D

    ReplyDelete
  17. Pravin Indranama : හක් හක් හක්... ලිංගික ඇසුරකට අවසරද.... පට්ට ඒක


    දිල් : දිල් ට පස්සෙන්දට කැසට් එකක් අවුට් කරන්නත් තිබ්බ ඒ ටයිප් එකේ... හික් හික්. නියම රැග් එක


    ඕනයා : පට්ට වදන... ලොකු වෙනසක් නෑ හැබයි ඉතින් උගෙ වර්ශන් එකත් එක්ක... හික් හික්


    හා පැටික්කි (MS) : චා චා... චොකෝ කාල ඔහොම බනින එක පව් නැද්ද... ඒ මනුස්සය දන්නවනම් හෙටම සීන් එක ගැන කියල කැසට් එකක් අවුට් කරයි...


    Enemy : හපොයි ඒ තරමට ඇලර්ජික් ද

    ReplyDelete
  18. හපෝ මතක් කරන්න එපා. උදේ පාන්දර බස් එකට නගිද්දි මෑන්ස්ගෙ සින්දුවක් ඇහුනොත් (ඇහෙන්නෙම ඒවා තමයි ඉතිං)දවසම කාලකන්නි වෙනවා

    ReplyDelete
  19. හරී - පිණිපළස : දුරගමන් බස් වලට සෙට් උනොත් නම් බඩුම තමානේ... වෙස්සන්තර ජාතකේ ඇහුව වගේ තමයි



    තනි අලියා : මොකක්ද බන් ගොලු කොල්ලගෙ සීඑන් එක ? අලුත් අජිත් කෙනෙක් වත්ද ?



    Praසන්ன : නාමල් ගේ ආවෙ " වී " සැට් එකනේ... ඒ උනාට නාමල් ගෙ සින්දු සිරා.. මම තාමත් අහනවා....



    Prasanna : ඇයි බන් මලයට ලව් සික් ද.. බූට් ද...

    ReplyDelete
  20. මොකාද මේ කාටත් පේන්න බැරි බස් අජිත්? කෂ්ටිය කියල තියෙන කතා වලින් තේරෙන්නෙ නං හෙනම ජනඅප්‍රියම ගායකයෙක් වගේ

    ReplyDelete
  21. අජිත් මුතුකුමාරනගෙ "බෝගන්විලා මලේ ලා දම් පාට අගේ" සින්දුව බොක්කෙන්ම අහපු සින්දුවක්, ඒ දවස් වල ජනනී කියල කෙල්ලෙට try කලා campus එකේදි, ඒකිට තිබුන දම් පාට ගවුමක්, ඉතින් එ කෙල්ලයි සින්දුවයි දෙකම නැගලම ගියා. තව සින්දුවක් තමයි "කන්දු මුදුනින් සද එලියක් සේ ... මල් අතරින් ඔබේ රුව මැවේ". කින්ස්ලි ගෙ "ඩේලියා මලින්" caset එකෙ හැම සින්දුවකම බොක්කෙන් අහුවා, ඒව ඉතින් එක යුගයක මතක සටහන් .. මෙහෙම දේකුත් හිතෙනව .. කපුගේ, කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරනගෙ සින්දුවල යම් විදියක සමානතාවයකුත් තියෙනවද මන්දා කියලා, මට හිතෙන්නෙ ඒවා ආලවට්ටම් වලින් තොර මහ පොලොව උඩ තියෙන සින්දු කියල. පිස්සු ඩබල්ද මන්ද ... :)

    ReplyDelete
  22. නෑ ඔය බස්වල යද්දි අැහෙනව චං ළමා නිවසෙ ඉන්න ගොලු කොල්ලෙක් ගැන සින්දුවක්.......

    අපේ ෆ්‍රෙඩී සර්(අර සාස්තර අහන්න ගියෙ) කියන විදියට ඔය සින්දු ලියන්නෙ ඔය වගේ අප්සට් අදහස් තියන පොරවල් වන අතර අහන උන්ට වෙන්නෙත් එහෙම අදහස් අැති වෙන්න ගන්න එකම තමයි!

    ReplyDelete
  23. අනික බං අමුතු කුමාරගෙ කැසට් එකේ සින්දු පටන් ගන්නවා දැනෙන්නෙත් නෑ, ඉවර වෙනවා දැනෙන්නෙත් නෑ,මුලු කැසට් එකම එක සින්දුවක් වගේ,
    ඩයල් එක තමන්ට තියෙන ඇබිත්තං ගායන හැකියාවෙන් ආපු දුර ගැන නම් මනුස්සයාට අපි ගරු කරන්න ඕන, මොකද ගොඩක් අය කිය කිය ඉන්නේ 'අනේ අපිට අත දෙන්නකෝ' කියලනේ, ඩයල් එක ඉතිං . තමෞත්සාහයෙන් දියුනු උනා.දැන් පොරට කරන්න තියෙන්නේ හොඳ දක්ෂයෝ ටිකක් එක්ක හොඳ වැඩක් කරලා බැනුම් වලින් නිදහස් වෙන එක, බලමු කරයිද කියලා.....

    ReplyDelete
  24. සිංදු වර්ග 3 ක් තියනවලු නෙ.
    1. අහන සිංදු
    2. ඇහෙන සිංදු
    3. අහන්න වෙන සිංදු
    ඔය සිංදු අයිති වෙන්නෙ ඕකෙ 3 වෙනි වර්ගයට ලු නෙ.

    ReplyDelete
  25. අපෝ අජිත් නම් මතක් කරන්න එපා..පැය 4 ක් විතර එක දිගට ඔය සින්දු ටික අහන්න වුනාම නිකන්ම එපා වෙනවනේ..

    ReplyDelete
  26. බස් අජිත්ව නම් මට පෙන්නන්න බැරි පොරක්. ඒත් සාපේක්ෂව බලද්දී මෑන්ට වඩා කිංස්ලි පීරිස් හොඳයි. ඊටත් වඩා චාමර විරසිංහ හොඳයි. මාත් ඉස්කෝලේ යන කාලේ කිංස්ලි, චාමර දෙන්නටම කැමති වුණත් දැන්නම් වැඩි කැමැත්තක් නැහැ. වයසට යද්දී පරිණතද මොකක්ද එකක් වෙනවලුනේ. ඒක නිසාද දන්නේ නැහැ

    ReplyDelete
  27. මේ කියන්නෙ 2003 - 2004 කාලෙ ගේන වෙන්න ඕනෙ. එතකොට අපි හයේ විතර අති. බස් එකක වෑන් එකක ඇහෙන්නෙම ඕවා තමා. තාමත් හොන්දට මතකයි (නිකන් ඩෙමල ඉස්ටයිල් එකට තිබුනට ගණන් ගන්න එප ෆෝනෙ එකෙන් සින්හල ගෑහුවේ)

    ReplyDelete
  28. මේ මම බස් අජිත් ගැන ලියපු කවියක්.කැමති නම් කියවලා බලන්න.

    ]එම්බා බස් අජිතාන[

    එම්බා බස් අජිතාන
    ගොලු මුහුදක් මේ උදය
    පාරවා මා කල්පනා
    මොනවා දොඩනවාද
    සංගීතයක් මැද

    එහා ගෙදරින් සරිගම හැළෙන
    කරුමක්කාර සති අන්තය
    පළිගන්න හැටි අපූරුයි
    එම්බා බස් අජිතාන

    බොබ් මාලෙලා සිංහල
    තවත් මොනවාදෝ ගයන
    සූර සූරා මා පපුවත
    මේ හොයන්නේ මොනවාද
    කාගෙදෝ ඒ ගී ?

    එවර දමිත් අසංකයාන
    අඩු වැඩි ප්‍රේමාලාප
    මම වයස වැඩියි වාගෙද මිතුර
    කන් රිදවෙන්න මේවාට

    එම්බා බස් අජිතාන
    බස්යේ කවුලුවෙන් පනිමි දිනෙක
    අසූ පස් වැනි වරට ඇසුණොත් මට
    පළිගන්න ගයන ඒ වචන
    මහ රෑටත් මා සවන හූරන

    සමාවෙන්න බස් අජිතාන
    සැර වැඩි නම් මේ අරමුණ

    http://www.thinkland.net/?p=753

    ReplyDelete
  29. මතක් කරන්න එපා ඔය බස් සංගීතේ . කටුනායක පැත්තේ ඉස්කෝලෙක ඉගැන්නුවා . නාමල් ගේ අම්ම ල ආච්චිලා සිහි කළා ඒ දවස්වල . ඊට පසු කලෙක 138 බස් එකේ කොන්දොස්තර ල එක්ක රණ්ඩු වුනා ඔය අදෝනාව අහන්න බැරිව . දෙය්යෝ මා ගැන අනුකම්පාවෙන් බස් වල නොයන්න ඉඩ දීල තියෙනවා ටික කලකට . ඇයිද මන්ද එකෙක් කට හොල්ලන්නෙ නැහැ කණ පැලෙන්න අදෝනා තියද්දි. බස්වල දුම්පානයත් එක්කම එරෙහි වෙන්න ඕන දෙයක් ඕක.

    අජිත් ..කිංස්ලි ගැන කියන්න තියෙන්නේ එයාල ගායකයෝ වුනේ අපේ කරුමෙට .

    ReplyDelete
  30. අජිත්ගේ පරණ සින්දු නම් ඇත්තටම ලස්සනයි. අදටත් අසාවෙන් අහන්න පුළුවන්. හැබැයි ඉතින් ආදරයක කඳුළු ඇල්බම් එකේ ඉඳල ඊට පස්සේ ආපුව නම් සතෙකුට වත් අහන්න දෙන්න හොඳ නෑ.

    ReplyDelete
  31. අජිත්ගේ සමහර සින්දු අහද්දී නම් මට සසර කල කිරෙනවා ඒත් මෑන් ගයාපු "මගේ නංගිගේ" කියන සින්දුවට මම ආසයි

    අපේ කාලේ නම් ඉස්කෝලේ නැගලා ගියපු ගායකයා තමයි චන්දන ලියන ආරච්චි .පොර කියන සින්දු අපේ එවුන් කොල කෑලි වල ලියාන ඇවිදිල්ලා පන්සිල් ගන්න වෙලාවෙත් කීවා මතකයි .

    කිස්න්ලිගේ සින්දු නරෙගලා ගියේ අපේ ගමේ කෙල්ලෝ අතරේ මම නම් කින්ස්ලිගේ මරඳ වැලේ එකට විතරයි පොඩ්ඩක් ලයික් වුණේ .

    දිනිති කතාව ආයෙමත් කියවන්න හිතුණ ඔන්න

    ReplyDelete
  32. අපි නම් කියන්නෙ ලේලන්ඩ් අජිත් කියල.. මට නම් දිරවන්නෙම නැති ඩයල් එකක් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම... පොරගෙ සින්දු අහනවට වඩා හොඳයි ගලක් බෙල්ලෙ බැදන් මුහුදෙ පනිනව...

    උඹේ කාමරේ හිටපු යාලුවට මල් තියල වැඳපන්... මම එහෙම හිටියනම් උඹේ බෙල්ල මිරිකනව ;)

    ReplyDelete
  33. පළවෙනි එකයි දෙවනි එකයි හොඳයි ඒවගේ එච්චර අඩෝවැඩියාවක් නෑ.. මට මතක හැටියට මම මුලින්ම සල්ලි දීලා ගත්තෙත් අජියගේ ආදරයක කඳුළු කැටස් පීස් එක..

    පස්සෙන් පහු ආපු ඒවා මල කංකරච්චල්... ඇහෙනකොටත් බඩ රිදෙන්න ගන්නවා... :D

    ReplyDelete
  34. ajith nam katha karanna epa! wamaneta enawa! eewa ahaddi hithenne uge jivitha kaaletama uu boot kaala thiyanawakiyalai! :D

    ReplyDelete
  35. අයියෝ මට බැරියෝ :-(

    ReplyDelete
  36. හපෝ මතක් කරන්න එපා බන් ඕකා.... මම A/L කාලේ බස් එකෙන් බයිසිකලේට මාරු වෙන්න ප්‍රධානම හේතුව ඔය යකා....:D ඔය යකාගේ යන්තම් හරි අහන්න පුළුවන් සිංදුවකට තිබ්බේ "මගේ නංගිගේ" සින්දුව විතරයි.... ඒ වචන ටික ඕකගේ අදෝනා වොයිස් එක නැතුව ලස්සන වොයිස් එකකින් කිව්ව නම් කොච්චර හොදද කියල හිතිච්ච වාර අනන්තයි.....:D බින්දී කිව්ව වගේ ඔය යකා ගායකයෙක් උනේ අපේ කරුමෙට.....:P

    ReplyDelete
  37. පිස්සා අයියා විසින් අජිත් අමුතු කුමාර පිළිබඳ මතකය කුලුගන්වනු ලදුව!!! මම මිනිහාගේ සින්දු ටිකක් බාලා ඇහුවා,හැමෝම මිනිහට බැන්නට මොකද මූනේ පොඩි හිනාවක් නැතුව උගේ සින්දුවක් අහන එකෙක් නෑ,ඒවා ඉතින් පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙයි ජෝක් වලටත් එහා,
    මිනිහගේ සින්දු අහද්දී මට මරු පේලි කීපයක් අහු උනා,'මගෙ නංගිගේ' කියන සින්දුවේ හරි හිරිකිත පේලියක් තියෙනවා, "පින් සිදු වෙයි මගේ නංගි මරලා දැම්මා නම්" කියලා(නෑ නොවෙයි බන් තියෙනවා)
    තව එකක තියෙනවා "සා පැටවෙකු දුටුවත් සිහි කරවයි ඔබෙ සුවඳ" කියලා. ඒ කියන්නේ කෙල්ල ලඟ හා ගඳයි කියලා!

    @ හා පැටික්කි (MS) - මිනිහට කියලා පාසල් ගීතයක් වගේ හදා ගත්තොත් නරකද?

    ReplyDelete
  38. @ widanarala

    තියන පාසල් ගීය හොඳයි අයියේ/ මල්ලි. හැබැයි ඔය මොකක් හරි රැකෝඩ් කරන්න නම් අර ශබ්දාගාරෙට යනවා.

    ReplyDelete
  39. පිණිබිඳු... : අඩනවනම් තමයි ආයෙ වැරද්දක් කියන්න බෑ උපරිමෙන්ම අඩනවා...



    uwiniran : හික් හික්....



    නිශ් : මුල්ම සෙට් එක ( ඒකද මන්ද.. ඔය පෙති ගිලිහී ගිය මල ) තිබ්බ සෙට් එකනම් වරදක් නෑ තමයි... පස්සෙ පස්සෙ ආපුවනම් අමු චා වගේ...



    පොඩි මෑන් : හක් හක් හක්... පට්ට රැග් එකනේ බන්.... ඇඩෙනවා



    cha_sl : රජය මගින් පියවර ගත්තා කිව්වෙ ?

    ReplyDelete
  40. පිස්සු පුසා : සිරාවටම.. ඒ කතාවනම් ඇත්ත... ඒ කාලෙ මතකයන් අලුත් කර ගන්න එක තමයි ඒවයෙන් වෙන්නෙ දැන් නම්



    අභීත : යකෝ හෙටම අජියා පසන්ගෙ බ්ලොග් එක කියවල අනිද්ද වෙද්දි කැසට් එක අවුට් කරන්න බැරි නෑ



    BLOG ගඩොල් : හික් හික්....



    Observer : අජිය මෙච්චර චා වෙලා කියල මම හිතුවෙත් නෑ... හපොයි...

    නිකමට වගේ ගූගල් එකේ හරි යූ නලේ හරි අජිත් මුතුකුමාරන කියල කොටල අහල බැලුවනම්... හික් හික්



    ගුණේ : මාත් ඔය මුල් කැසට් දෙකට ආසයි... එත් පස්සෙ ඒවනම් අමු චා වගේ කට්ටියගෙ අදහස් අනුව... මම එදා අහපු ටිකෙන් තේරුනෙත් දැන් නම් අඩෝ වැඩියාවක්ම පමනයි කියලා....

    ReplyDelete
  41. තනි අලියා : අහ් ඒවා එහෙම තමා... දුක නේ බන් විකුනන්නේ උන්...



    widanarala : ඒකත් ඇත්ත ඉතින්... මුලින් කරපු ඒවනම් වැඩි අවුලකුත් නෑ... දැන් ඒවනම් හරි නෑ වගේ බන්.



    Enemy : හික් හික් අහන්න වෙන වා නේන්නම්


    Sayuri : අපොයි අජියට තියෙන විරෝධතාවය...



    Hasitha : මාත් චාමරගේ මුල්ම කැසට් එක පට්ට ගැහුවා... අර සිතින් විතරක් සින්දුව තිබ්බෙ... ඔව් බන්.. දැන් නම් ඔව්ව අහන්න හිතෙන්නෙවත් නෑ.. ඒත් වැරදිලා හරි ඇහුවොත් අර පරණ මතක අලුත් වෙනවා ඇරෙන්න වෙන දේකුත් නෑ... කාලෙත් එක්ක වෙනස් වීම තමා

    ReplyDelete
  42. Ashen : 2001 - 2004 වගේ කාලෙ තමයි... 2000 විතර වගේ ඔය පෙති ගිලිහී ගිය මල කියන සෙට් එක ආවෙ මතක විදියට.



    කාංචනා අමිලානි : ඕක මම කියෙව්වා... කමෙන්ට් එකකුත් දැම්ම මයෙ හිතේ. පෝස්ට් එක කොටද්දි ඔය ලින්ක් එක දාන්න හෙව්වත් හොය ගන්න බැරි උනා.. නියම කවි සෙට් එක.. " එම්බා බස් අජිතාන " හික් හික්



    Bindi : හික් හික්... සැර වැඩිද මන්දා...



    Kasun : ඔව් බන් මුල් ඒවයෙ ලොකු අවුලක් නෑ... පස්සෙන් පහු නම් අමු චා වෙලා වගේ අජිතාන හික් හික්



    හිස් අහස : චන්දන ගෙ නම් මචන් හොඳ සින්දු සෙට් එකක්ම තියෙනවා...
    " මගේ නංගිගේ " සින්දුවනම් ගති තමයි.... වනියා තමයි ඒකත් ජනප්‍රිය කරේ කොල්ලො අතරේ හික් හික්

    ReplyDelete
  43. සාතන් : වෙලාවට උබ ස්කෝලෙ කාලේ නොහිටියේ මගේ... හික් හික්



    සෝරෝ : ඔව් බන් පස්සෙ ආපුව අමු චා වගේ.. මම නම් අහල නෑ.. මුල් ටික නම් අවුලක් නෑ... පස්සෙ ආපුව කියල එදා අහපු ටික නම් අනේ හපොයි




    මාධව - மாதவ - Madhawa : බූට් විතරක් නම් මැදැයි.... පටාචාරටවත් නොවුනු දේවල් නෙව ඌට වෙලා තියෙන්නේ



    Ano : ඒ මොකෝ... උබ අජිත් නෙමෙයි නේ හික් හික්



    Soda ගුනේ : යකෝ උබේ බස් ගාස්තුව ඉතිරි කරල ඇඟට වියා යාමයක් ලබා දුන් අජිතානට කතා කොරන්නෙ ඔහොමද හික් හික්

    ReplyDelete
  44. widanarala : හක් හක් හක්.. ඔය වගේ ආතල් පේලි නම් ඕඉනි තරම් තියෙනවා බන්... අනේ හපොයි.... සුජීව අයියගේ පොත් වලට එහා....




    හා පැටික්කි (MS) : හා පැටික්කිත් සින්දු කියනවද ?

    ReplyDelete
  45. හපොයි බොලං, ජූල්ගස් හන්දියෙ ඉස්කොලෙට බද්දෙගම දිහයින් ආපු බස් එකේ ඔය ගොයියගෙ සින්දු හරිම ප්‍රසිද්ධයි, වැඩිය කියන්න ඕනෙ නෑ වලිත් කීපයක් ගිහිල්ල තියනව ඔය කැසට් එකෙ මාරුකරල වෙන ඒව දාන්න ගිහිල්ල. අම්මප පිස්සත් උන්නද දන්නෙ නෑ ඒ බස් එකේ. මම නං කකුල් දෙකට වීරිය අරං පුටාර් එක පාගාපු හන්දා ඉස්කෝලෙට ඔය අතුරු ආන්තරාටම මූණදෙන්න උනේ නෑ.

    ReplyDelete
  46. යකෝ.... ඔය බස් එක ඉතින් ජීවිතේ වගේනේ මගේ ඒ කාලේ... සමහර දාට ඉස්කෝලෙ ගාව බහින්නෙ නෑ ඒකෙම කෙලින්ම ඊලඟ ටර්න් එකේ සෙට් එකම අපේ ගෙදර...

    උබ 2002 විතර ඔය බස් එකේ ගියපු මහ වලිය දුටුවාද ?

    ඈ බන් උබ මොන වසරක මොන පාසලක මාවතක්ද ?

    ReplyDelete
  47. ගුණදාස කපුගේ උපහාර උළෙලකදි ප්‍රධාන දේශනය තිබ්බ ආචාර්ය ( ඒ කාලෙ ) සුනන්ද මද්දුමබන්ඩාර කිව්වෙ "පිරිමි අඬනකොට ගෑණු ළමයින්ට ඊට වඩා හය්යෙන් ඇඬෙනවලු, ඒකලු නාමල් එහෙම ගෑණු අතරෙ වැඩිපුර ප්‍රසිද්ධ.

    කිංස්ලි කියන්නෙ කපුගේට පස්සෙ වඩාත්ම කම්පිත ස්වරයකින් ගහන ගායකය. අවාසනාවට මිනිහ කියන සින්දුයි ඒවගෙ තාලෙයි මේ ඕඩියන්ස් එකට දිරවන්නෙ නෑ!

    ReplyDelete
  48. සිරාවටම බන්, ගොඩක්ම ඔය සිංදුවලට කැමති ඔය දුර ඈත ගම්පලාත් වලින් ආපු කොල්ලෝ කෙල්ලෝ තමයි, උන් කවද්ද රොක් ඇහුවෙ :D


    මේ සිංදු හරියට තේරුම අරං බැලුවොත් ඌ අන්තං පුරයක් තියන් ඒ අන්තං පුරෙන්ම බූට් කාපු එකෙක් වගේ,

    ඈක්කා :P

    ReplyDelete
  49. අජිත් චාමර වගේ අය සිංදු ප්‍රසිද්ධ කර ගන්න බස් වලට නිකන් කැසට් බෙදනවා එක නිසා තමයි එකම කාලයකදි ගොඩක් බස් වල එකම සිංදු සෙට් එක ඇහෙන්නෙ ගාලු පාරෙ බස් තමයි මේකට වැඩියෙන්ම අහුවෙන්නෙ මොකද දෙන්නම දකුණෙ අය නිසා 
    චාමර පහුගිය කාලෙ හිටියෙ හිරේ කිංස්ලි චාමර දෙන්නට නම් මල් නැතුව සිංදු කියනවා බොරු

    ReplyDelete
  50. මං හිතන්නේ මාතර බස් රුට් එකයි බස් අජිතුයි....හරියට...කිරියි..පැනියි වගේද කොහෙද.....හැබැයි ගොඩක් දෙනාට වහකදුරූ......

    ReplyDelete
  51. අර 'පළමු පෙම්වතා' සින්දුව කියන්නෙත් මෙයාද? මම මුලින් වැඩ කරන්න ගත්තම ඔෆිස් එකට යන්න ගෙදර ඉඳන් බස් දෙකක යන්න ඕනෙ. එද්දිත් ඉතින් එහෙමනෙ. කිව්වට විස්වාස කරන්න ඒ දවස් වල හැමදාම ඔය සින්දුව 4 පාරක් අහනව දවසට!

    ReplyDelete
  52. ඉන්දික උපශාන්ත : කමෙන්ට්ස් වලින් පෙනී යන විදියටනම් අජිත් ගෙ ඇඩිල්ලට කෙල්ලො කොසු පොලු උස්සන් එන සයිස් එකක් තියෙන්නේ...

    කිංස්ලි පීරිස් නම් වොයිස් හොඳයි.. ඒත් පොර පෝලිමට රැල්ලට කැසට් අවුට් කරන්න ගිහින් චොර උනා වගේ



    DarKneT | ඉෂාර : ඔව් ඒ කතාව ඇත්ත.. ඒ පැතිවල කොල්ලො කෙල්ලො අහනව තමා...
    අන්තංපුරෙන්ම බූට් කාල පට්ට කතාව.

    ඒ උනාට මන්ද ඔය රොක් අහන්න නම් මටත් බෑ... මෙටල් හපොයි... අනේ මන්ද මමත් ගමේ එකෙක් හින්දද කියල බන් අජිය හොඳයි කියල හිතෙනව ඒව ඇහෙද්දි මට...



    ගුණේ අයියා : ඔව් බස් වලට නිකන් දෙන කතාව මමත් අහල තියෙනවා...

    ගුණේල සෙට් එකක් ඉන්නවනේ... පැටලෙනවත් එක්ක



    Raj : ඔව් ගාල්ල මාතර බස් වල පොර අනිවා ඒ කාලේ.. දැන් නම් දන්නෙ නෑ



    මුහුදු කොල්ලකාරයා : හික් හික් ඒක කියන්නෙ චාමර වීරසිංහ මචන්...

    ReplyDelete
  53. බොට කියන්න මාත් ඉස්සර පුට් බෝඩ් එකට නැගල බලනව අඳෝනා දෙනවද කියල කවුරු හරි!ඇයි බං ක්ලාස් වල මැරිලා මැරිලා බස් එකට ගොඩ උනාම තියන දුක මදිවට උන්ගේ ඩුක අහන්නත් ඕන!

    ReplyDelete
  54. ඔය අජිත්ගේ සින්දු මට කොයි තරම් ඇලජික්ද කියනවනම් දවසක් නුගේගොඩින් මීගොඩට ටිකට් අරගෙන මහරගමින් බැස්සා . . . වමනේ කරන්න අර ටොයිලට් එකට රිංගන්න අකමැති නිසා ගෙදර ගිහින්ම වමනේ දානවා කියලා හිතලා ඊලඟ බස් එකට ගොඩ උනා . . . .

    ReplyDelete
  55. මචෝ, පෝස්ට් එක කියවන්න විනාඩි පහක් වත් ගියෙ නෑ. කමෙන්ට්ස් ටික කියවන්න නම් පට්ට වෙලා ගියා . මරේ මරු.

    මගේ යාළුවෙක් ඉන්නවා, ඌ ට්‍රේනිං ඉඳලා තියෙන්නෙ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්. ඉතිං උං ට්‍රේනිං ඉවර වෙලා ඇවරියවත්තෙ හන්දියෙ ඉන්නවළු බස් වලින් එහෙට මෙහෙට මාරු වෙන්න.දන්නෙ නැද්ද ඉතිං, ගාමන්ට් නංගිලා සූ ගාල එනවළු.රෙකෝර්ඩ් බාර් එහෙමත් යහමින් තියනවළු.නංගිලා රෙකෝර්ඩ් බාර් එකට ඇවිත් අජිත් මුතුකුමාරණගෙ එකම කැසට් එකෙං දෙකක් ගන්නවළු.බලං ඉන්න බැරිම තැන යාළුවා ඇහුවළු රෙකෝර්ඩ් බාර් එකේ බුවාගෙන් මොකද ඇයියේ හැමෝම එකම කැසට් එකෙන් 2ක් ගන්නෙ කියලා.
    අයියා: මේකනෙ මල්ලී...සිංදුව අහ අහ ඉන්නකොට එක කැසට් එකකට මොනා හරි වුනොත් එහෙම ටක් ගාලා අනිත් එක දාතැහකිනෙ... (කොහොමද ඒක....හිහ්..හිහ්.. )

    මගේ තව යාළුවෙක් ඉන්නවා.ඌටත් බස් අජිත්ව පේන්න බෑ. ඌ නම් කියන්නෙ මූට දිවයින පත්තරේ පිටුවක් ගලෝලා දුන්නා නම් මූ ඒකත් සිංදුවක් කරලා කියයි කියලා... මටත් ඉස්සර බස් අජිත්ව අරහං...හිහ්...හිහ්...

    බස් අජිත්ගේ ඉල්ලුම කොච්චරද කියනවනම් මම දන්න විදියට කැසට් පබ්ලිෂර් බස් අජිත්ට මොන්ටෙරෝ එකකුත් අරන් දීලයි තියෙන්නෙ...(අනේ අපොයි... අපි තාමත් පරණ ලඩි පදින්නෙ...හිහ්...හිහ්.. )

    ඉස්සර මම කාලයක් බස් 2ක ගියා. තුම්මුල්ලෙ ඉඳලා නුගේගොඩටයි, එතන ඉඳලා ගෙදරටයි. අනේ ඉතින් නුගේ ගොඩින් බහින කොට සිංදු අහලා මට වමනෙට වගේ.ඊළඟ බස් එකේ යාන්තම් එල්ලුනාම මෙන්න යකෝ අර කැසට් එකේම ඉතුරු ටික මේකෙ යනවා....මතකද අර රේඩියෝ කතාවක් තිබ්බා සාගරේ සේ ආදරේ කියලා...හප්පා... ඒක නිසා කාපු කට්ටක්...ඒ දවස් වල බස් එකේ ගියොත් ඒක අහන්න වෙන එක නම් ෂුවර්. දැං මතක් වෙනකොට හිනාත් යනවා...හිහ්... සාගරේ සේ ආදරේ....

    ReplyDelete
  56. මොන කරුමයක්ද මන්දා ඔය සිංදු මං ඒ කාලේ ඇහුවෙත් නෑ.. මේ කාලේ අහන්නෙත් නෑ.. :D

    ReplyDelete
  57. බස් සිංදු කේස් එකනං හරිම වාතයක්....ගස් කොලං.පංසල් පල්ලි..ඇල දොල ගංගා ඔය හෑම එකක් එක්කම Love එකක් පටලලා කිසි තේරුමක් නැතුව අඩා වැටෙනව....

    ReplyDelete
  58. ane manda.mama nam oya ekakwath aragena ahuwenam na.eth baus wala radio wala ahapu tharamak thamai.me sinduth e kale lassanai.hithe thiyena adare duka amuwenma kiyala danawa.boot kala inna kollanta bokkatama wadinawa.anika ajithla kinsli la ta kawadawath kauruth place ekak denne na.ekath eka athakata asadaranai wage.kohoma unath adatath oya sindu ahena kota iskole arila bus enakan record bar laga hitiya kaleta hitha yanawa.

    ReplyDelete
  59. Sabith : දුක කියන්නේ ඉතින් හොඳම එකෙන් නේ



    දුකා : හපොයි බන් දුකා අයියේ ඒ මනුස්සය මේ බ්ලොග් පෝස්ට් එක දැක්කොත් නම් අනිවා හෙට වෙද්දි දුක කියල තව කැසට් එකක් ගහනවා... ඩෙෆා



    ඉබ්බා : උබව දැක්ක කල්... අඩේ අජියට ඒ තරම් ඉල්ලුමක් තියෙද.... එක අතකින් ඌ එක්තරා සමාජ පන්තියකට ගැලපෙන්න සින්දු කියල ඒ අතින් දියුනු වෙලා... අනුන්ගෙ සින්දු තමන්ගෙ වගේ පොශ් කිට් ගහල ස්ටෙජ් වල කියල පොර වෙනවට වඩා අජියගේ දුක කීම හොඳයි කියල හිතෙනවා මටත්.

    ReplyDelete
  60. චතුවා : හික් හික්...



    ඔබ නොදු‍ටු ලොවක්..... : හික් හික්... ආදරේ හැම තැනම



    Anonymous : ඉස්කෝලෙ යන කාලේ සෙට් එකටනම් මමත් ආසයි.... කිංස්ලි ගෙ නම් වොයිස් එක සිරා... සින්දුත් එච්චරම අවුලක් නෑ... ලඟදි ඒවනම් අහල නෑ මම... අහන්න ඕනි ටිකක්

    ReplyDelete
  61. මම නම් කියනේ ඇමරිකාවේ ඉන්න akonල වැනි පිසාචයන් ගේ සින්දු වලට වැඩිය බස් අජිත් ගේ සින්දු ගොඩක් හොදයි .......

    ReplyDelete
  62. AJITHGE SINDU WALATA KAMATHI AYATH INNAWA. NATHTHAN A SINDU AHENNA WIDIYAK NANE. KAMATHI AYA AHANAWA. AKAMATHI AYA BANINAWA. EKA THAMANGE NIDAHASA.

    ReplyDelete
  63. මටත් පොඩි කාලේ මතක් වුනා

    ReplyDelete

Related Posts with Thumbnails