skip to main |
skip to sidebar
පුංචි කාලේ ගහපු ගේම් ඒ කියන්නේ කම්පීතර ගේම් ගැන කොටල දාන්න හිතුනා... ඒ කාලේ බලපු ටි වි සීරිස් ගැන ලිව්ව මතකනේ කට්ටියට... අන්තිමට ඔශීන් එහෙමත් හොයාගෙනනේ ඒ පෝස්ට් එක නැවතුනේ... මේකෙන් මොන උලව්වක් වෙයිද මන්ද... හික් හික්..
කම්පීතරේ ගැන මට මුලින්ම මතකයක් තියෙන්නේ අපේ අර ගන අයිලගෙ අයියා ගෙනාපු කම්පීතරෙන්... ඒක ඩොස් තිබ්බ කම්පීතරයක්... පරණ එකක් කොහෙන් හරි උස්ස ඇවිත් තිබ්බෙ... මේ කියන්නේ 1998 විතර... ඕක ගෙනාවට ඕකෙන් කරන්න දෙයක් උන් දැනන හිටියෙත් නෑ ඒ කාලේ. අන්තිමට සෙට් උනා ගේම් එකක්.. ඒ කම්පීතරේ කැඩෙනකම්ම කලේ ගේම ගැහිල්ල විතරයි.
ඕකෙන් ගහපු ගේම් වලින් මතක තියෙන්නේ සහ වැඩියෙන්ම ගහපු ගේම තමා ප්‍රින්ස් ( Prince ).
මොකුත් නෑ ඔන් කරා
cd prince
prince
ගැහුවා ගේම එක ගැහුව. තියෙන තැන මොකෙක් හරි වෙනස් කරා නම් ගහල හමාරයි. ඒක වෙනස් කරන්න දන්න එකෙක් හිටියෙත් නෑ මතක විදියට හික් හික්... ලෙවල් 6 වලද කොහෙද තඩි මිනිහෙක් එනව කඩුවකුත් අරන්... ඌව පරද්දන්න බෑ මට මොනා කරලවත්... ඉතින් උන්ගෙ අක්කට කෑ ගහනව...
" ඒ අක්කේ... ලෙවල් 6 එකේ මූව මරල දෙනෝකො... "
ඒකි ඉතින් ඇවිත් සිං සිං ගාල කඩු ෆයිට් පාරෙන් ඌව ඩව්න් කරනව... ගේම එකේ තියෙන්නේ කුමාරිව හොයාගෙන යන සීන් එකක්. පැයක් ඇතුලත කම්ප්ලීට් කරන්න ඕනි. ගෙදරට එන එන එකා ඒ දවස් වල ප්‍රින්ස් තමා ඉතින්. ඒත් එකෙක්ටවත් ලෙවල් 13 න් එහාට යන්න උනේ නෑ... මාස ගානක් ට්‍රයි කරා.. අන්තිම වෙද්දි පැය භාගෙන් ලෙවල් 13 වෙනකල් යන ගානට ආව. එතනින් යන්න හොයා ගන්න බැරි නිසා සිය වතාවක් ඌව මර මර උන්නා... බැරිම තැන අත ඇරල දැම්ම. ( හරිනේ කලා... ඔන්න ප්‍රින්ස් හොයා ගත්ත.. දැන් ඉතින් තව පැය ගානක් විනාශයි. )

ඊට පස්සෙ සෙට් උනා කාර් ගේම් එකක් ලෝටස් කියල... ඒක ප්‍රින්ස් තරම්ම නැගල ගියේ නෑ... ඒත් කාලයක් ගැහුවා... ඊට පස්සෙ එක එක පොඩි පොඩි ගේම් සෙට් උනා ( ඩේන්ජරස් ඩේව් සුපර් මරියො වගේ තව කිහිපයක් තියෙනව ) ... එහෙන්මම උන්ගෙ කාර්ය බහුලත්වයත් එක්ක ගේම ගැන ආසව නැති වෙලා ගියා...
ඒ කාලේ අනුන්ගෙ කම්පීතරයක් අල්ලන්න දෙනවය ලේසියකට.. පිරුවට දාල දුම් අලල්ල නොවැ තියාගන්නේ.. අපේ ගන අයියටයි උගේ අය්යටයි මම මොනා නැතත් ඒ දේට සලකනව.. උන් දෙන්න ඕනි වෙලාවක උන්ගෙ කම්පීතරේ දුන්නා බයක් නැතුව. කම්පීතරේ "අ" යන්න ඉගෙන ගත්තෙ උන්ගෙන් තමයි.... කම්පීතරේ තියෙන්නේ " ක " යන්නද මන්ද.... එහෙමත් එකෙක් ගාව තමා තිබ්බෙත් කම්පීතරයක්. අපේ ඔය නැන්ද කෙනෙක් ගෙ ගෙදරකට ගෙනවා එකක් මම ඕලෙවල් කාලේ. ඒ කාලේ හැටියට සුපිරියි.
අපිට නම් ලංවෙන්න ඒ කියන්නේ කී බෝර්ඩ් එකවත් අල්ලන්න නො අවසර. එහේදි දැකපු ගේම් එකක් තමයි වර්චුවල් කොප් ( Virtual cop ). එහේ අක්කල දෙන්න ඉතින් එක ගහනව අපිට පේන්න. අපිත් ඉතින් අර උපාසක අම්මල පෙරහැර බලනව වගේ බලන් ඉන්නව.
කොහොමින් හර් උසස් පෙළට සෙට් උනාට පස්සෙ ගෙනාව අපේ ගෙදරටත් කම්පීතරයක්. 600 MHZ.. 128 MB RAM... 20 GB HD.. ඔව්වා තමා තිබ්බේ. ඒ කාලේ හැටියට සෑහෙන ගොඩ.
ඕකෙන් කරේ ගේම් ගැහිල්ලයි ගන බැලිල්ලයි තමා. ඊට ටික කාලෙකට පස්සෙ ඕක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කොරා... 800 MHz 256 MB වගේ මතක... ඒක තමයි ඉතින් යල් පනිනකල් හෙවත් ලංකාවෙ එනකල් පාවිච්චි කරේ.
අර කිව්ව වර්චුවල් කොප් (virtual cop )
ඒජ් ඔෆ් එම්පයර් 2 ( Age of emperor 2 )
නීඩ් ෆො ස්පීඩ් 2 , 3
නීඩ් ෆො ස්පීඩ් 5 ද මන්දා Porsche Unleashed කියන්නේ ඒත් අමාරුවෙන් ගැහුවා... ස්පීඩ් මදි මැශින් එක ඒ ගේම් එකට
ඊට අමතරව strategy ගේම්ස් එහෙම කිහිපයක්ම ගැහුවා... නම් නම් මතක නෑ..
ටූම් රේඩ් අර සෙත් ගෙ සීන් එක.. ( Tomb Raider last revaluation )
ඕක ගැහුවෙ 2005 විතර... කොළබ ගියහම ඉන්ට නෙට් කැෆේ එකකින් ගේම් එක ගහන හැටි යන හැටි පේජ් පිටින් කොපි කරන ඇවිත් තමයි ගහන්නේ... සැහෙන දවසක් ගැහුව ඕක... අපේ තාත්ත කියන්නෙ නම් නෝන පන්නනව කියල ඒකට හික් හික්...
ඒ ලෙවල් කාලේ අපේ ස්කෝලෙ කම්පුටර් ලැබ් එකේ කොල්ලො පිස්සුවෙන් වගේ ගහපු ගේම් එකක් තමයි කමාන්ඩෝස් ( commandos )... කට්ටිය පිස්සුවෙන් ඒ කාලේ ඒ ගේම් එක ගැහුවෙ.. කව්දෝ එකෙක් නෙට් එකෙන් පාස් වර්ඩ් වගයක් ගෙනත්.. ඒ කාලේ නෙට් තියෙන්නෙ එහෙමත් තැනක තමයි...
ගාල්ලෙ ඉන්ටනෙට් කැෆේ එකක් තිබ්බෙත් නෑ... මට මතකයි මගේ ඕ ලෙවල් රිසල්ට්ස් බලන්න රුපියක් 60 ක්ද කොහෙද ගියා ඒ කාලේ නෙට් එකෙන්... හික් හික්...
පස්සෙ වනියා ඔය ගේම් එකේ කොපියක් උස්සන් ඇවිත් අපේ ගෙදර දැම්ම. ඒ දවස් වල මම ස්කෝලෙ යන්නෙ නැත්තම් ඌත් යන්නෙ නෑ. අපේ ගෙදර ඇවිත් කමාන්ඩෝස් ගහනවා... ලෙසට යනව සීන් එක.. ඇයි ඉතින් වෙඩි නොවදින පාස් වර්ඩ් දාලනේ... නැතුව නම් ඒ ගේම් එක ගහන්න බෑ... මාත් ඉවරයක් ම කලා.

ඊට අප්ස්සෙ අපේ ගයාන් පවනයටත් කම්පීතර සෙට් උනා... ඒ කාලේ හිට් එක තමයි මැක්ස් පේන් ( Max Payne )... හප්පා.. කොල්ලො නිදි මරන් තරගෙට ගැහුවෙ. චීට් මොකුත් නෑ ලෙසටම ගැහුවා... ගයාන්.. පවන් උන්ගෙ අයියා.. එතකොට උන්ගෙ ගෙවල් ගාව සෙට් එකක්.. අපේ ගන අයියා...( ඌ තමයි ගේම් එක අඳුන්නල දුන්නෙ අපිට ) වනියා ඇතුළු බර සෙට් එකක් ඒ ඒ තැන් වලට සෙට් වෙලා ගේම ගහනව... මාස 2 - 3 ක් යද්දි ඉවරයක් උනා ඒ ගේම් එක... ඊට පස්සෙ එකෙ පාර්ට් 2 එකත් ආව. ඒක නම් අල්ලල ගියේ නෑ...
ඔයිට අමතරව එක එක පොඩි පොඩි ගේම් එක එක කාලෙට ගැහුව... ඒ තරම්ම නැගල ගියෙ නෑ.. ඔය කාලෙම ගාල්ලෙ අන්නසි කඩේ උඩ ගේම් රෙන්ට් කරන ශොප් එකක් දැම්ම.. තාම තියෙනව මයෙ හිතේ. කොල්ලො ඕකෙන් තමයි ගේම් අරන් ගියේ ඊට පස්සෙ. පට්ට බිස්නස් එකක් සෙට් උනා ඌට එකේනෙ.
අහ් තව ඒ ලෙවල් පාඩම් කරන කාලේ රෑට මායි ගයානයි මල්ටි ප්ලේයර් දාල නීඩ් ෆො ස්පීඩ් ගහනව. මතක හැටියට NFS Underground කොහෙද...
ම්ම්ම් අපි සෙට් එකම ඒ තරම්ම ගේම් පස්සෙ එලෙව්වෙ නෑ... අහිංසක විදියට ගනයක් බලල.. කෙල්ලෙක් යාළු කොරන් ඉන්න එක තමයි ඉතින් කරේ... ඔය ගේම් සෙට් එක තමයි මතක තිබ්බේ...
මෙහෙට ආවට පස්සෙ ගහපු ගේම් 2 ක් තමයි.. නීඩ් ෆො ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් එකයි ( NFS Most wanted ) ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ( GTA 4 ) එකයි.. ( අන්තිමට ආවෙ.. ) සල්ලි සල්ලි නොකිය ඔරිජිනල් ම අරගත්තා... ඒ අරගෙන අවුරුද්දක් විතර ඔය කොහෙද දාල තිබිල තමයි නීඩ් ෆො ස්පීඩ් ගහන්න ගත්තෙ... ග්‍රෑන්ඩ් තෙෆ්ට් එක නම් ගෙනාපු දවසෙම ගහන්න ගත්ත.. වෙලාවක් නැති හින්ද ඒකත් එහෙම්ම අතෑරුනා... ඒ කිව්වම මතක් උනේ අපේ බප්පලහ තිබ්බ සුපිරි කම්පීතරයක් ඒ කාලේ. එකෙ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ( GTA 3 හරි Vice city හරි මතක විදියට ) ගහන්න යනව මම කොළබ ඉන්න කාලේ. පොඩි එකා ( මලය ) ඌ චීට් හොයන් එනව... ඉවරයක් වෙනකල් නම් ගැහුවෙ නෑ...
ඔය ඔක්කොමත් හරි මගේ ඔල් ටයිම් ෆේවරිත් තට්යි වින්ඩොස් වල තියෙන පින් බෝල්... හික් හික්.. කාලයක් අර අරේ මරේ සැට් එක අහන ගමන් ඕකමයි ගැහුවෙ... තාමත් ඉදල හිටල සෙල්ලම් කරනව...
ගේම් ගහන කස්ටියත් එක්ක බලද්දි මම ගේම් ගහලම නෑ වගේ නේ හික් හික්.... සමහර කොල්ලො ඉන්නව උන් කන්නෙ බොන්නෙ ඇවිදින්නෙත් ගේම් වල විදියටනේ හික් හික්...
අවුස්සමු බලන්න තම තමගෙ මතකයත් ඉස්සර ගහපු කම්පීතර ගේම් ගැන...
මට මුලින්ම හම්බඋනේ වින්ඩෝස් 95 දාලා තිබ්බ කම්පියුටරයක් ඒකේ ගහන්න පුළුවන් වෙච්චි එකම ගේම එක dave!
ReplyDeleteමෙතන ගොඩක් තියෙන්නෙ මම ගහපු ගේම් තමයි... ප්‍රින්ස් එක නම් මටත් ගහල ඉවර කරන්න බැරි වුනා... ඒ මගුල කොහොමද පැයකින් ගහන්නෙ... බඩ තඩියට නම් ෂොට් එක දෙනව...
ReplyDeleteකමාන්ඩෝස් තමයි මම ස්ට්‍රැටජි ගේම් වලින් හම්බුවුන හොඳම එක.. 1,2,3,4 කොටස් ටික ඔක්කොම ගැහුව... ගේම් 2ක් තියෙනව.... පුංචිම මිනිස්සු ඉන්න එකකුයි ලොකු එකකුයි... චීට් නම් පාවිච්චි කලේ නෑ.. ඔක්කොම ටික ඉවර වෙනකම්ම ගැහුව...
මැක්ස් පේන් කියන්නෙත් පට්ටම ගේම් එකක් තමයි... අනික අන්ඩර් ග්‍රවුන්ඩ්... ඒක ගැහුවෙ වයිබ්රේට් වෙන ජොයිස්ටික් එකකින්... පට්ට ආතල්...
IGI කියන්නෙත් මම කැමති ගේම් එකක්...
මම ඉස්සෙල්ලම කරේ Italian Job ගේම් එක. ඒක නම් ආසාවෙන් ගැහුවා.
ReplyDeleteඔය උඹ මුලින්ම කිව්ව දෙකනං අහු වෙලා නැහැ බං.. ඒත් මං ආසාවෙන්ම ගහපු එකක් තමා මැක්ස් පේන් 1 හා 2.. දැන් උනත් මට මතකෙන් වගේ නෙලාගෙන ගියෑකි..ඒ තරමට කට පාඩං... අනිත් උන් තාප්ප අස්සෙන් ඔළුව දාන කොටම වෙඩි තියලත් ඉවරයි..ඒ තරමට ටයිමින් තියෙනවා..
ReplyDeleteඑතකොට ඊ ළගට ආසම එක තමා IGI අම්මේ..ඒකෙත් 1යි 2යි නං ගොඩ දැම්මා.. ඊ ළග එකක් අහු උනේ නැහැ...
ආයේ එක වංගියක් ස්නයිපර් කියලා එකක් ගෙනාවා..ඒකත් ටොප් ඒත් ඒක පටන් ගන්න කොටම බුවා හිරේ ගියා..එළියට එන විදියක් මට හොයා ගන්න බැරි උනා.. ඌ තාමත් හිරේ..:D
ඔය කාර් රේස් සහ V කෝප් නං ඇති පදං නෙළුවා..
ඒත් පුතාට කියන්න පුතා..බොහෝම කණගාටුයි..දැන් මේ ලැපේ ඔක්කෝම හරි..ඒත් වීජී එක මදි..ඔය එක්ස් පී වලට එන කාඩ් අතක් ගහනවා වගේ එකක් නං කලෑකි..එයිට එහා ම්හූ..
ඒත් එක අතකට ඒකත් හොඳයි..නැත්තං මේ තියෙන දේවල් අස්සේ තව ගේම් ගහන්නත් තියා ගත්තනං කොහොමට හිටීද..
ලොකු මතකයක් ඇවිස්සුවේ උඹ.. තැන්කූ වේවා..!
හුටා අමතක උනා..ඩෙල්ටා ෆෝස්.. කාලයක් පදිංචි වෙලා උන‍්නේ..
ReplyDeleteඇයි යකෝ ඩූම්.. අමතක උනාද? අම්මෝ ඒක නම් මම පැල්බැදගෙන ගැහුවා...
ReplyDeleteපටන් ගත්තේ F1 Race & Dave එකෙන්.... ඒ හරියටම 1999.
ReplyDeleteපටන් ගත්ත කරුමේ තාම ඉතිං එහෙම්මයි... ගහපු ගේම් & දුන්නු ගේම් ගැන ලියන්න ගියොත් උඹේ පෝස්ට් එකේ මං පෝස්ට් එකක් දැම්මා වෙනවා.... හික්ස්...
පට්ට කොල්ලෝ.... ගොඩකාලෙකින් මේ පැත්තේ ආවේ....
ඔය කිව්වම මතක් උනේ මටත්.... ඩෙල්ට ෆෝස් එකත් කාලයක් ගැහුව ගේම් එකක් තමයි... ඒත් පස්සෙ මගේ මදර් බෝර්ඩ් අවුලක් නිසා ද මන්ද මව්ස් එකයි කී බෝර්ඩ් එකයි එකට වැඩ කරනකොට කීක් කීක් ගාල සද්ද්යක් ඇවිත් මැශින් එක ස්ටක් වෙන්න ගත්ත. ඒකෙන් පස්සෙ තමයි ස්ට්‍රැටර්ජික් ඒවට පුරුදු උනේ...
ReplyDeleteඩූම් අමතකම වෙලා තිබ්බේ... බැඳගෙන ගහපු එකක් නේන්නම්.... ඉවරයක් නම් කොලේ නෑ...
ඔව් ඔව්.. ඩෙල්ට ෆෝස්..සීසර් දෙක.. එෆ් සික්ස්ටීන්, එෆ් ටුවෙන්ටි ටූ, ඒජ් ඔෆ් එම්පයර්, ඒජ් ඔෆ් මිතලොජි.. අන්න ගේම...!
ReplyDeleteමේ දවස් වල නං ආයෙ පෝශේ අන්ලීශ්ඩ් ගහනව..
ඉස්සර අපේ කොම්පියුටර් ලැබ් එකේ තිබ්බ හද්දම පරන එකක්. ඒකෙ පුලූවන් ප්‍රින්ස් ගහන්න විතරයි. කොච්චර පට්ට පීසී තිබ්බත් කොල්ලො ඒ කබල් මැසිමට පොරකනවා. මතකද ඒ කාලෙ කී බෝඩ්.. අන්න කී බෝඩ්... දැනටත් ගෙදර මගේ ලඟ තියෙන කී බෝඩ් එක හද්ද පුරාණ මැසිමක අයි බී එම් එකක්. තාම ගිනි කසය වගේ..මෝටල් කොම්බැට් ගහන්න මරු ඒක. බර දාල දෙතෑකි.
NFS 2 Gahuwa,
ReplyDeleteBoot 1 kaawata passe totath mehema thama thiyanne kiya kiya IGI 1 gahuwa, desertstorm gahuwa, game kiyala jeewithetama ochcharamay!
නියමයි මචං. මාත් ගේම් පිස්සෙක්. මේවම තමා මාත් වැඩියෙන්ම ගැහුවෙ. බලං ගියාම අපි ඔක්කොමල එකවගේ බං.. ආපහු අතීතය මතක් උනා. මැක්සා හොදේ.
ReplyDeleteමේ පරණ ගේම් ආපහු හොයාගෙන ගහන්න ආසයි. එත් එක්ස් පී වලට ඩොස් ගේම් වැඩ නෑ නේද මචං..! මොනව උනත් දැං අලුතින් එන ත්‍රීඩී ගේම්වලට වැඩිය ඒ දවස්වල අපි ගහපු ඒ ටූඩී, ෆ්ලැට්ෆෝම් ගේම් පට්ටයි කියලයි මට හිතෙන්නෙ..!!
කදිරා : මම ප්‍රින්ස් ගහන්න ගත්ත වින්ඩොව්ස් 7 වල... ඩොස් බොක්ස් කියල පොඩි ප්‍රොග්‍රෑම් පාරක් තියේ... ඒක දාගෙන ඒකෙන් ඩොස් ගේම් ප්ලේ කරන්න පුළුවන් මචන්...
ReplyDeleteබෙස්ට් ඕල්ඩ් ගෙම්ස් ඩොට් නෙට් කියල සයිට් අංශයක් තියේ.. ඒකින් තමයි මම ප්‍රින්ස් සහ ඩොස් බොක්ස් දෙකම ගත්තෙ.
මම පටන් ගත්තේ NFS 2 වලින් NFS 3 , Underground 2 , Most Wanted Carbon , Undercover වගේ එව්වට ගහල තියෙයි (ඒ උනාට Most wanted ඉවර කරගන්න බැරි උනා කොපියුටර් ආබාධි නිසා ) .Lotus , virtual Cop දෙකත් යාලුවන්ගෙ ගෙවල් වල සෙල්ලම් කරල තියෙයි හැබැයි NFS 2 ටපස්සේ . ඒ දවස් වලම සෙල්ලම් කරපු අදටත් සෙල්ලම් කරන ගේම් එකක් තමයි Age Of Emperors 2 .GTA තමයි ප්‍රියතම ගේම් සිරිස් එක . GTA 3 , vice City , San Andreas නම් ඉවර කලා GTA 4 භාගයක් ගහන කොට VGA කාඩ් එකට බබා හම්බු උනා . ඉවර කරන්න බැරි උනත් මම ආසම ගේම් එක තමයි GTA 4 . දැන් නම් සෙල්ලම් කරන්න පුලුවන් කොම්පිතරයක් තියෙයි , ඒත් ගේම් එක ලඟ නැ . GB 13 ක්ද කොහෙද නිසා බාන්නත් කම්මැලියි . ඉල්ල ගන්නවත් දන්න කියන එකෙක් ගාව නැ . First Person shooter වලට මගෙ කැමැත්ත ඉතාම අඩුයි
ReplyDeleteගේම්ස් කියලා ඉස්සරවෙලාම කලේ සුපර් මාරියෝ....ඊටවඩා දෙයක් ඒ දවස්වල ලැබුනෙ නෑ.. ඊට පස්සෙ නම් ටිකින් ටික ප්‍රින්ස් සහ strategy ගේම්ස් කීපයක් ගැහුවා.... මට නම් ගේම්ස් බෝරින්...මම දන්නෙ නෑ ඇයි කියලා. දැනට නම් කම්මැලි හිතුනම Plants vs. Zombies ,The Treasures of Montezuma වගේ එවා ප්ලේ කරන්නෙ මහන්සිය නැති කර ගන්න විතරමයි...
ReplyDeleteඅම්මෝ.. ගේම් කිව්වම මතක් උනේ.. ඒජ් ඔෆ් එම්පයර් වල පදිංචි වෙලා හිටිය මම කාලයක්.. මම කොම්පීතරේට ආවේ 1995 කාලේ එද්දී තිබ්බේ පට්ට ඩොස් ගේම්. මම මුලටම සෙල්ලන් කරේ වින්ඩෝස් 3.1 එකේ පට්ට ඩොස් ගේමක්. එකේ තිබ්බෙම තඩි ඩයිනොසොර් එකෙක්ට පොල්ලෙන් ගහන්න.. හා හා හා... ඊටපස්සේ ඩෙල්ට ෆෝස් සීරිස් එකම.. IGI සබ්මැරින් ගේම් ටෑන්ක් ගේම් GTA සෙට් එකම.. ෆ්ලයිට් ගේම් කොමන්චි 64 අර අයිලන්ඩ් එකේ සීන් එක.. තව පට්ට ස්ට්‍රටර්ජි තොගයක් ගැහුවා, කොමාන්ඩොස් සිරිස් එක, කොම්පැනි ඔෆ් හීරෝස් සිරිස් එක.. පිස්සු පීකුදු වෙනතරන්.. අදත් ගහනවා කොම්පැනි ඔෆ් හීරෝස් නම්. ලංකාවට ගියාම ගැහුවා ස්ප්ලින්ටර් සෙල් එක.. මැක්සා ගේම අදටත් මම පරණ ගේම් හොයන ගහනවා.. ඒවා අද එව්වට වඩා අපිට පත්තියම් බන්..
ReplyDeletegames nam gahapuwa thiye gedara giyama annam okkoma dan me office eke inne
ReplyDelete. parana mathakayan ausana eka gana sthuthiyi
Dar[K]
මමත් මුලින්ම super mario , dave තමා. ඊටපස්සේ delta force ඒකනම් ඉවර වෙනකම්ම ගැහුවා. පස්සේ IGI 1,2. NFS, hitman, mortal combat, Death house එහෙමත් ඉවරෙටම ඉවර කලා...
ReplyDeleteඋඹලා ඉපදෙන්නත් කලින් මම මුලින්ම ගැහුවෙ ඩොස් ගේම් එකක් යට්සි කියල..ඊට පස්සෙ ඒලියන්, ඩිසෙන්ට්, චිප්ස්, වගෙ පොඩ්පොඩි ගේම්..ඊළඟට තමයි ඔයගොල්ල ඔය කියන ලිස්ට් එකට එන්නෙ..
ReplyDeleteමම කැමතිම ගේම්ස් තමයි කොමාන්ඩෝස් සහ ඒජ් ඔෆ් එම්පයර්ස්. අයි ජී අයිත් සෑහෙන්න ගැහුවා. දැන්නං ගේම්ස් වලට වෙලාවක් නෑ :)
ReplyDeleteමුලින්ම ගහපු ගේම්ස් කියල හරියටම මතක නැති උනත්, ගොඩක් මතකයෙ රැඳුනු ගේම්ස් දෙක තමයි NFS සහ Mortal Kombat. ඒ දවස් වල පිස්සුවෙන් වගේ සෙල්ලන් කලා. දැන් නං ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ. ඒ කාලේ NFS 2 එකේ එක එක ට්‍රැක්ස් වල ට්‍රක් රෙකෝඩ් එක තියන්න අපි මාර ගේමක් දෙනව.
ReplyDeleteනීඩ් ෆෝ ස්පේඩ් මේ ලගදි ආපු අළුත්ම එක ඇරෙන්න අනිත් ඔක්කොම ගැහුවා.. එතකොට කොමාන්ඩෝස්.. ඒජ් ඔෆ් එම්පයර්.. පැල් බැදගෙන ගැහුවේ... ඇටි මොර්ටල් කොම්බැට්... ඒක ගහලා ගෙදර කීබෝඩ් එකේ අකුරුත් වැඩ කරන්නේ නෑ අන්තිමට... දැන්නම් අර අලුත් ඇසැසින් ක්‍රීඩ් එක තමයි මමනම් ගහන්නේ...
ReplyDeleteNFS,Age of Emperor වලට අමතරව මම පැල් බැඳගෙන ගහපු ගේම් එක තමයි King of the road කියල ලොරි එලවන එක.
ReplyDeleteRedAlert 2
ReplyDeleteකවද කාපු ටකරන්ද? මම
ReplyDeleteමමත් king of the road පැල් බැඳගෙන ගැහුවා.මුලින්ම ගැහුවේ නම් Dave තමා.හිට් මෑන්,ඩෙල්ට ෆෝස් එහෙම කට පාඩම් වෙනකන් ගැහුවා.
ReplyDeleteගහපු මුල්ම ගේම මැක්ස් පේන්, ඒක ගැහුවයිං පස්සෙ හැදිච්ච ඔළුවෙ කැක්කුමට ගේම් සේරම එපා උනා. ඕං දැං ආයෙම ෆෝන් එකෙන් කම්මැලි වෙලාවට ඇංග්‍රි බර්ඩ්, BMWF1, මිඩ් නයිට් පූල්, සෙල්ලං කරනව. [ඒවටනං ගේම් කියන්නත් බෑ වගේ...]
ReplyDeleteමම මුලින්ම ගැහුවෙ එන් එෆ් එස් ටූ....
ReplyDeleteඒකෙ රේස් එක යන්නෙනැතුව ඔහේ ඇවිද ඇවිද ඉන්නව.. :D
මේ ප්‍රින්ස් ගේම් එක තමයි ඒ දවස් වල අපෙත් අංක එක. ඕකෙ 1, 2 කියලා දෙකක් තිබුණා. ඔය කියලා තියෙන්නෙ 1. 2 ඔයිට වඩා ලස්සනයි. ඔය 1 ලෝඩ් කරනකොට ප්‍රින්ස් කියන වචනෙත් එක්ක තවත් මොකක්ද වචනයක් තිබුණා. ඒ දෙක ගහපු ගමන් ලෙවල් කම්ප්ලීට් කරන්නෙ නැතිව බස බස ගාලා යන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ හොයා ගන්න කොට අපි කට්ට කාලා ඉවරයි. ඊට පස්සෙ 2 හම්බ වුණා. ඒක ඩිස්කට් 20 ක විතර තමයි ගෙනාවෙ. අන්න ගේම්.
ReplyDeleteඔය ඔක්කොම මාත් ගහලා තියෙනවා ... ඒත් මම ආසාවෙන් ගහපු එකම ගේම තමයි මිඩ්නයිට් ගේම !!!
ReplyDeleteගහපු මුල්ම ගේම් එක GTA 3 ඒ කාලේ හැටියට සුපිරියටම ග්‍රැපික්ස් තිබුනා.. මේ වෙන කොට GTA සීරිස් එකේ අන්තිම ගේම විතරයි හොයාගන්න බැරි උනේ.. NFS එකේ hot pursuit එකේ ඉදන් ඔක්කොම වගේ ගැහුවා. ඒත් කාබන් එක තරම් අනිත් ඒවා ඇල්ලුවේ නෑ.under cover එකත් එච්චරම හිට් උනේ නෑ . ආසම WAr ගේම් එක තමයි Sniper, chrome එන්ජින් එකෙන් හදලා තියෙන්නේ ග්‍රැපික්ස් උපරිමයි. ගෙම්ස් ගැහුවා හැට හුටාමාරක් විතර, හොදම ගේම්ස් ටික තමා මේ..
ReplyDeleteඑළ එළ අයියේ ...........:D
ReplyDeleteFar Cry ගහලා තියේද ?
ReplyDeleteමුලින්ම කොම්පියුටර් ගේම් ගැහුවෙ සකූ කියලා යාලුවෙක් ගෙ ගෙදර, උගේ තාත්තට office එකෙන් ලැපක් හම්බුනා, වින්ඩොව්ස් 95 තිබ්බ එකක්. Dangerous Dave, තව මොකද්ද boxing ගේම් එකකුයි, Mortal Combat හෙනම ආසාවෙන් ගහුව. Prince of Persia නම් මට වැඩිය ගහගන්න බැ, ඌ වැල වගේ වැනි වැනි දුවන කොට ගහන්න හිතෙන්නෙත් නෑ හිහ්. ගෙදරට කොම්පියුටරයක් ගෙනාවට පස්සෙ නම් නැගලම ගියපු ගේම් එක තමය් Half Life ඒක නම් පිස්සුවෙන් වගේ ගැහුව, තවමත් ආසයි CD එකක් හොයන් ගහන්න.
ReplyDeleteගේම් කියන එක නම් මට එපාම වෙලා.. හැබැයි GTA ඒවා ඇරෙන්න.. :D
ReplyDelete@sameera . අනිවා. far cry ගහලා නැත්තම් වැඩක් නෑ.. ඒකත් පට්ටම ගේම් එකක්.. ඒක අනිත් war ගේම්ස් වලට වැඩිය ගොඩක් වෙනස් එකක්...
ReplyDelete@චතුවා. GTA සීරීස් එක කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ නේද බන්?
අදහස් දක්වපු... තමන්ගේ පරණ මතකයන් බෙදා හදා ගනිපු සියලු දෙනාටම බොහොම ස්තුතියි....
ReplyDeleteඔය කට්ටිය කියපු ඒවත් එක්ක මටත් අමතක උනු ගේම් එකක් මතක් උනා... ඒ තමයි කින් ඔෆ් ද රෝඩ්.. ලොරි ගේම් එක.... ඒත ආසවෙන් ගහපු ගේම් එකක් තමයි.
හැමෝගෙම කමෙන්ට් රස වින්දා... සියල්ලන්ටම පිළිතුරු අදහස් දක්වන්න අමාරුයි හික් හික්...
ගේම් ගැන කීවොතින් නම් මම ගේම් ගහන්නම තමා මගේ පරිගණකය එකලස් කරගත්තේ . දඩ වීජීඒ එකක් දාලා රැම් එක වැඩි කරලා මම එල පරිගණකයක් හදාගෙන හෙන කාලයක් ගේම් ගැහුවා පස්සේ ඒ ආසාව නැතිවෙලා ගියා .
ReplyDeleteGTA තමයි මමත් ආසාවෙන්ම ගහපු සීරීස් එක මම ඒක අහවරම කලා . ඇයි හිට් මෑන් ! මම ඒ සේරෝම ගේම්ස් ඉවර කලා .
doom amathaka welane.hitman,GTA,Call of Duty, maxpayne,mafia,deltafoce, as wahagena gahanda puluwan.mmmm thawa nfs most wanted.dan nam goda kalekin sellam kale na.play station eken most wanted gahaddi nam mara athal ekak thiyenne.
ReplyDeleteහෆ්ෆා තව එකක්, උබ එක පාරක් ටීවී සීරියස් උස්සන් ඇවිල්ලා පිස්සුවක් හදලා ගියා මේ පාර තව එකක් :D
ReplyDeleteමම නම් ඉස්සෙල්ලාම ගේම් ගහන්න සෙට් උනේ පලවෙනි කොම්පීතර ක්ලාස් එකේදී, ක්ලාස් එකේ අන්තිම විනාඩි 10 දෙන්නේ ගේම් ගහන්න කියලා :P , එහෙම ගහන්න ලැබුනු ගේම් තමයි
Dave
Super Mario
V Cop ( Virtual cop )
ඒ දවස් වල වී කොප් එකේ නම් ඔක්කොම ටික ඇස් පියාගෙන ගහන්න පුලුවන් :D, මේ ලගදිත් දවසක් සෙටප් එක හම්බෙලා ඕක ගැහුවා :P
ඊට පස්සේ ඉතින් ගෙවල් පැත්තේ ගේම් කැෆේ එකක් තිබ්බා ඒකට ගේම් ගහන්න සෙට් උනා, ඒකෙදි ඉස්සෙල්ලාම ගේම් එකක් කියලා ලැබුනේ
GTA Vice City
Delta Force
Project IGI
Mortal Combat
ඔය වගේ ගේම්ස් , එතනින් GTA Vice City කියන්නේ අදටත් මගෙ කැමතිම ගේම් වලින් එකක් :D
ඊට පස්සේ කම්පියුටරයක් ගත්තා, ඒකෙන් ගැහුවේ
GTA III
Scooby Doo
Commandos 1, 2
NFS 2 SE
ඔය වගේ ගොඩාක් ඒවා, ඒකෙ ගහපු තරම් ගේම් මේ මැශින් එකේවත් මම ගහලා නැතුව ඇති :P
ඊට පස්සේ මෑතකදි නම් ඉතින්
GTA San Andreas
Crysis
NFS Most Wanted
NFS Carbon
Prototype
COD 1 MP :P
COD UO MP :P
The Witcher
Raven Squad
Halo
හාෆෝ ඔය ඇති වගේ :P , ඔන්න මගෙ ගේම් හිස්ට්‍රි එක :P
අප්පේ මමත් ගේම් කාපු එකේක් මම මුලින්ම ගැහුවේ roda rash කියලා එකක් මරු Virtual cop,NFS SE 2
ReplyDeleteතාමත් NFS ගහානවා
HITMAN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteහිස් අහස
ReplyDeleteAno
ගෙම් පිස්සා
Meeya
ස්තුතියි මතකයන් බෙදා හදා ගත්තට....
DarKneT | ඉෂාර : හික් හික්... උබ ත් අර ගේම් මරුවෙක් වගේ... පට්ට ලිස්ට් එකනේ.
කට්ටියටම :: ඔන්න මැක්ස් පේන් 3 එනවලු.... වීඩියෝ එකේ හැටියටනම් සුපිරියි වගේ.....
සිරාවටම මමත් දැක්කා වීඩියෝ එක, පිස්සු තද වෙනවා ,
ReplyDeleteකම්පැනි එක Rockstar නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ කොහොම වෙයිද කියලා :D
සුපිරියට නම් ඇති බන්.. ඒ වගේම සුපිරි මැසිමකුත් ඕනි ඇති හැබැයි...
ReplyDeleteඅනේ මන්දා එහෙම කියන්නත් බෑ ඉතින්, මොකද මැක්ස් පේන් පලවෙනි එක මගෙ ඒ දවස් වල තිබ්බ ප්‍රෙන්ටියම් III 600Mhz එකේ ගැහුවනේ 8Mb Onboard VGA එකකුත් එක්ක :P
ReplyDeleteඒ ගේම් එකේ උනත් ඉෆෙක්ට්ස් තරමක් හොද කොලිටියකට තිබ්බා, බලමු බලමු ඉතින් කොහොම වෙයිද කියලා
දෙයියනේ කියලා බැට්ල්ෆීල්ඩ් 3 තරම් නම් ලොකු මැසිම් නොඉල්ලත්වා කියලා කියනවා :P
එහෙම උනොත් නම් හොඳයි... නැත්තම් මොකෝ අලුතින් මැසිමක් ගන්නය
ReplyDeletenfs 1
ReplyDeletenfs se
hot persiut 1
high stacks
poshe unleshed
hot persut 2
undrgrund 1
undrgrund 2
mst wanted
carbn
pro street
undercover
shift
shift unleshed
run
me man iwrkrpu car gmes