Tuesday, October 25, 2011

ඔව් අපි සිප ගත්තා.. තප්පර 5 ක්.. 10 ක්.. 15 ක්

Share

 පොතකුත් අතේ රෝල් කරන් ස්ටෑන්ඩ් එකේ නවත්තපු බසයෙන් බැහපු මම හෙමිහිට ස්ටෑන්ඩ් එකට ඇතුලු වෙලා වටපිට බැලුවා... වෙලාව දවල් 2 ට විතර නිසාද මන්ද තිබුනේ අමුතු පාළුවක්... කකුලකුත් බිත්තියට ගහ ගන්න ගමන් කොට බිත්තියකට හේත්තු උනු මම වට පිට බැලුවෙ අඳුරන එකෙක් වත් ඉන්නවද කියල බලන්න.... මොන..

ගෙදර ඉන්න කම්මැලි කමට ක්ලාස් කියල එලියට බැස්සට මෙතන ඊට එහා..  පුස්ථකාලෙ පැත්තටවත් ඔලුව දැම්මොත්... ඒ එක්කම මගේ ඇහ ගියේ KLH එකෙන් එලියට බැහපු කෙල්ලෙක් දිහාවට... තිලිණි... මම කාලයක් ට්‍රයි කරපු කෑල්ලක්...

ඔව්.. මට වඩා අවුරුදු 2 ක් වැඩිමල්.. මම විතර දෙගුණයක් විතර සයිස් කොල්ලෙක් මගේ කොලර් එකෙන් අල්ලල බිත්තියකට හේත්තු කරන ගමන්  " තෝ ආයෙ මගේ කෑල්ල පස්සෙ ඇවිල්ල තිබුනොත් කපනව තොගෙ බි** "  කියල සද්දෙ දාපු දවස වෙනකල් මම තිලිනිට try කලා...  

ඒ අවුරුදු 2 කට විතර උඩදි... ඊට පස්සෙ තිලිනි තව කොල්ලො කීප දෙනෙක් අශ්‍රය කලා... ඒත් එදා තර්ජනයත් එක්ක මම නෙමෙයි තිලිනිට try කලේ.... ඔව් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි නේ...  තිලිනි ගැන නොදැන නෙමෙයි මම ට්‍රයි කලෙත්... අපේ ගමේ ගයන්ත අයියත් කාලයක් ම තිලිනි ව හොඳට පරිහරනය කලා... දන්න තරමින් අන්තිමට තිලිනි යාළුවෙල හිටියෙත් ඌත් එක්ක... ඒ සම්බන්ධෙ නැවතුනා කියලත් මම දන්නවා... " ඒකෙන් ගන්න දෙයක් නෑ බන් තව " කියල ගයන්තය කිව්ව මතකයි... ඒත් තිලිනි ගැන නොදන්න කෙනෙක්ට එහෙම නොහිතෙන තරම්ම ලස්සනක් වැදගත් පෙනුමක් තිලිනිට තිබ්බ...


මෙන්න ඒකි ස්ටෑන්ඩ් එක ගාවටම ඇවිත්... මම ඒකි දිහා බලාගෙන ආවර්ජනයක යෙදෙනවා...  ඒකි හිනා උනා... ඔලුවෙන් වගේ කතා කරා.. මම එක පාරටම ගැස්සිල වට පිට බැලුවෙ මටද කියල විශ්වාස නැති නිසා... මොකද ආයෙ පෝරියල් එකක් සෙට් වුනොත්... මොකද ඉතින් එක කොල්ලෙක් කියලය...

නෑ... ඒ මටම තමයි... මම හිමිහිට ඒකිට කිට්ටු කලා...

" කොහොමද...  " ඒකි හිනා වෙලා ඇහුවා...

" වරදක් නෑ.. ඉතින් හුඟ කාලෙකින් දැක්කෙ... දැන් මොකද කරන්නේ..."

ආදී ඕනිම කෙල්ලෙක් එක්ක දාන වදන් ටික දැම්මා... සුපුරුදු ප්‍රශ්න අවසානයත් එක්කම..

" මට ඔයත් එක්ක දෙයක් කියන්න තියෙනවා....  "

මාත් එක්ක.. මට හීන් දාඩිය පාරක් දානව දැනුනා.. ඒ බයටද මන්ද... මේකි මට සෙට් වෙන්නවත්ද... වෙන්න බෑ...

" අපි කොහෙට හරි ගිහින් කතා කරමුද... "

මේකි මේ කියන්නේ රූම් එකකට යමු කියලද.. නෑ වෙන්න බෑ.. ෆිල්ම් එකක්.. ම්ම් නෑ එහෙනම්.. අතේ තියෙන රුපියල් 20 එලියට ඇදෙන වැඩක්ද... ඒකෙන් පුළුවන් ප්ලේන්ටි 2ක් බීල තව දුමක් දාන්න... එච්චරයි... එහෙනම් මොකක්ද මේ වෙන්න යන්න


" කො කොහාටද... මො මොකටද... "

ශික් විතරක්... ගොතත් ගැහෙනවා...


" ඔයාට කමක් නැත්තම් අපි පාක් එකට යමු.. මේ වෙලාවෙ සෙනගත් නෑනේ.."

පාක් එකට.. මෙ දවල්.. කෙල්ලෙකුත් එක්ක..

" ඔ... ඔයාට මොනවද කියන්න තියෙන්නේ... "

" ඒ ටික මෙතන කිව්වම ගිහින් කියන්නේ මොනවද මැට්ටො..  " ඒකි මගේ අතකට ලාවට පාරක් ගහන ගමන් කිව්ව...

" හරි එහෙනම් යමුකො... "


ඒකිට ට්‍රයි කරන්න ගිහින් නෝන්ඩි උනා කියල ඒකි දන්නවා... ඒ ඇරුනම ඔය ගයන්තය එක්ක බස් එකේදි අරහෙ මෙහෙදි දැකපු වෙලාවට හිනා වෙලා කතා කරල තිබ්බට මේකිට මාත් එක්ක කියන්න තරම් දෙයක්... මොන මරාලයක් ද වෙන්න යන්නෙ හිත හිත මමත් ඒකිගෙ පස්සෙ පාක් එකට ගෑටුවා...

" මෙහෙම වාඩි වෙමුද... "

පරණ පුරුදු පොට් එකක්ද මන්ද ගහක මුලක් පෙන්නුවා.. සතියෙ දවසක් නිසාද දවල් වරුව නිසාද මන්ද ඒ හැටි සෙනගක් නෑ... එහෙන් මෙහෙන් ගස් කොළන් වලට මුවා වෙලා හැංගි හොරා ආදරය කරන එව්වො කීප දෙනෙක් ඇරෙන්න...

" ඉතින් දැන් මොනවද කියන්න තියෙන්නේ... "

මම කතාවට මුල පිරුවා...

" ඔයා දන්නවනේ ගයන්ත ගැන.. මම ගයන්තව හුඟක් විශ්වාස කරා..................... "


කතාව දිගට ගියා...තිලිනි ගෙ නූතන පටාචාර පුවත කියන්න මාවම තෝරා ගත්තේ ඇයිද කියන පැනයට පිළිතුරු සොයමින් මමත් ඇහෙන ඒ කතා පුවතට ඇහෙන්න දුන්නා...


ඒ ඇහෙන දේවල් එක්ක මගේ හිතට එන නා නා ප්‍රකාර අදහස් එක්ක හිත පෙරළි කරද්දි මම එක පාරටම මනෝ ලෝකයෙන් පිබිදුනා... හත්තිලව්වයි... මේකි මගේ උරිස්සට ඔලුව තියන් අඩනවා...

කෙල්ලෙක්ගෙ කඳුලු ඉස්සරහ දිය නොවෙන හිත් තියෙන කොල්ලො සිටීද ?? නැත ස්වාමීනි... මගෙ හිත මට කියපි.. 


ඇයි මේකි මේ අඩන්නේ.... වටේ පිටේ එව්වො මොනව හිතයිද... උන් මට ගහයිද කෙල්ලෙක්ට අතවර කලා කියල හිතල....

" තිලිනි මේ බලන්න...  " 
 
මම තිලිනිගෙ මූන මගේ දිහාට හරවගත්තා... මෙච්චර වෙලාවකට නොදැකපු ලස්සනක මම ඒ මූනේ දැක්ක.... කඳුලු පිරුනු ඇස් දෙක... කඳුලු පාරවල් දෙකක් මූන දිගේ ඇදිලා... ලා රෝස පාට තොල් පෙති... මම ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා.. යමක් කීමට අවශ්‍ය උනත් මගේ උගුරේ මොනවද හිර වෙලා... කෙල ගිලෙන්නෙත් නැද්ද මන්ද... අපේ ඇස් එකට හමු උනා... මොහතකින් ඒ ගැහෙන ලා රොස පාට තොල් පෙති දෙක ටිකින් ටික කිට්ටු වෙනවා වගේ දැනුනා... ඔව් මගේ ඇස් පියවුනා..

තිලිනි ගේ ඒ ලා රෝස පාට තොල් පෙති  මෙතුවක් කල් සිගරට් දුමින් කලු ගැසුනු මගේ තොල්  එක්ක පැටලුනා... ඔව් අපි සිප ගත්තා..

තප්පර 5 ක්.. 10 ක්.. 15 ක් යන්න ඇති... මට දැනුනෙ අපුලක්ද... නෑ ඒත් මම එක පාරටම ඒකිගෙන් ඈත් උනා...



මට තේරෙන්නෙ නෑ... ඒත් මට එතනින් ඈත් වෙන්න ඕනි උනා... තිලිනි බිම බලාගත්තා... මෙතනින් යමන් යකෝ... මගේ සිත කෑ මොර දෙනවා... ඇයි ඒ.. මගේ කටේ තිත්ත රසක් තියෙනව වගේ... කෙල ගුලියකුත්... මට කෙළ ගහන්න ඕනි... ඒත් මේකි ඉන්නවා... මම අමාරුවෙන්...

" තිලිනි අපි යමු...  " කියල කිව්වා... හිතේ අමාරුවක් නිසා නෙමෙයි.. ඒ කටේ හිර උනු කෙල ගුලිය නිසා ඇති වූ අමාරුවකින්.. මම අඩි ඉක්මන් කලා... මේකි නැල වෙනවා.. කල්ප කාලාන්තරයකින් අපි දුම් රිය ස්ථානය ඉදිරිපිට...

" තිලිනි මම යන්නම්... " ඒකි ඔලුව වැනුව... මම අඩියට දෙකට මාරු උනා.. ඔව් මම නැවතුනේ P & J එකට එහා පැත්තෙ තියෙන තේ කඩේ ඉස්සරහ... අර හිර කරන් හිටි කෙල ගුලිය කානුවකට ගහපු මම කඩේ ඇතුලට ගිහින් වතුර වීදුරුවකින් කට හෝද ගත්තා.. ඇවිද්ද වේගෙටද වෙන හේතුවකටද මන්ද මගේ පපුවත් ගැහෙනවා....

" මට ප්ලේන්ටි එකකුයි ගෝල්ඩ් ලීෆ් එකකුයි ගේන්න "  කියන ගමන් මම පුටුවකින් වාඩි වෙලා ඔලුව මේසෙ උඩට ගහගෙන කල්පනා කරා මොකද උනේ කියල.. මට...

වේටර් කොලුව ගෙනාපු සිගරට් එක පත්තු කරන් දුම් ගුලියකින් මම ඒ තිත්ත රස යවා ගන්න try කලා... හොඳට සීනි දාපු රස්නේ ප්ලේන්ටි එක ඒ දුම් ගුලියට වැටෙනකොට ඒ තිත්ත රස නැති උනා.. ඒත් ආයෙ ආයෙ එනව වගේ...

ඇයි ඒකි ඒ දුක කියන්න මාව තෝර ගත්තෙ ?
ඇයි ඒකි මාව සිප ගත්තේ... ?
ඇයි ඇයි ඇයි... ඇයි යකෝ ඇයි... මම මගෙන් ම අහනවා...

මම දන්නෙ නෑ.. මම පරාජිත හඩකින් උත්තර දෙනවා..

සිගරට් එක අළු වෙලා... ප්ලෙන්ටි එකත් ඉවරයි... ඒත් ප්‍රශ්න පත්තරේකුයි... තිත්ත රසයි ඉතුරුයි...

මම රුපියල් 20 වේටර්ට දීල එලියට බැස්සා... කානුවට තව කෙල පාරක් ගහල හිමිහිට ස්ටෑන්ඩ් එක පැත්තට පාවුනේ ගෙදර ගිහින් නා ගන්න හිතාගෙන...



ප. ලි :: මෙහි " මම " යනු මම නොවන අතර.... මේ කතාව මනංකල්පිතයක්ද නොවේ...

කාලවකවානුව මීට වසර 6 - 7 කට පෙර...

පිස්සාගෙ අවවාදය : දුම්බීම ශරීරයට අහිතකරය.

57 comments:

  1. මේ වගේ අත්දැකීම නැති කොලු ජීවිත ජීවිතද? මෙහෙම දෙවල් මේ විදියට කියන්න හැකියාව තියෙන්නෙත් සුපිරි කොල්ලෙක්ටම තමයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ටිකක හිතන්න දෙයක්..

    ReplyDelete
  4. sirawata thiththada bun? mama oka karala na..

    ReplyDelete
  5. පුදුම පින්තූරෙකුයි කථාවකුයි...!!!
    මටත් හිතාගන්න අමාරුයි ඒ තරුණයා එතනින් ඉවත් වුණු කාරණය...

    ReplyDelete
  6. ආකර්ශණයද නොවේ.. ආදරයද කොහෙත්ම නොවේ.. ඒ මොහොතට ඇතිවූ එක් හැඟීමක් පමණි. දැන් ඔය පලි කෑල්ල දැම්මෙ කෙල්ලගෙන් බේරෙන්න නේ. අපි නොදන්න චෙස්.

    ReplyDelete
  7. බොරු කිව්වොත් අපායෙ යනවලු පිස්සා අයියේ

    ReplyDelete
  8. දැනට අවුරුදු 6 - 7 කට පෙර නේද ? ඔය වගේ කතා ගොඩක් මමත් දැනගෙන හිටියා....! ගොඩක් මගේ යාළුවන්ගේ....!

    ReplyDelete
  9. දැන් ඉතිං උඹ මොනවා දැම්මත් මංනං බලන්නේ වපර ඇහෙන්.. මොකද දැන් මේක මාධ්‍ය වාරණයට ලක් වූ බ්ලොග් අඩවියක්නේ..හැකිස්...

    ReplyDelete
  10. චැහ් තිත්ත රහ දැනෙනව වගේ බන් .. නොකිය කියන්නෙ ඒකි ගො* කියලනෙ ...

    ReplyDelete
  11. එතකොට දැන් තිළිනි කෝ.... ඒ වෙලාවෙ ආපු හැඟිමක් නිසා වුණ දෙයක්. තිලිනි කෙර් තිබුණු පිලිකුල නිසා තිත්ත රහ එන්න ඇති...

    ReplyDelete
  12. එහෙනං ඉතිං මම වෙන කෙනාට කියන්න තිබුනෙ
    "ඔන්න පුතේ තව ඩිසාස්ටර් එකක්! ලෑස්ති වෙලා හිටු" කියල! :D
    සාමාන්‍යයෙං කෙල්ලෙක් පුරුපුරු ගාගෙන එනව කියන්නෙ ඉතිං,.................

    ReplyDelete
  13. සොඳුරු සිත : ප්‍රශ්නයක් නේද අක්කේ.



    වෙද ගෙදර මහ වෙදනා : ඔව් ඔහොම අත්දැකීම් නැත්තම් උගේ කොලු ජීවිතෙන් වැඩකුත් නෑ තමයි..



    cjgayan : හිතන්න එපා බන්... ඌ හිතුවෙත් නෑනේ... කෙල පාරක් ගහල ගෙදර ගිහින් නාගත්ත කියන්නේ



    Anonymous : කරලම බලන්න සහෝ.... :)

    ReplyDelete
  14. තිස්ස දොඩන්ගොඩ : තිස්ස අයිය කාලෙකින් මේ පැත්තේ... හේතුවත් ප්‍රශ්නයක් අර අනික් ප්‍රශ්න වගේම... ඔය ප්‍රශ්නෙට උත්තරේ විදියට ලැබුනේ " අහිංසක හිනාවක් " පමනයි...



    පිණිබිඳු... : ආදරය... නෑ කොහෙත්ම නෑ... ඔව් පිනිබිදු හරි වෙන්න පුළුවන්...

    පිස්සු කෙල්ලගෙන් බේරෙන්න නෙමෙයි අයියෝ...... ප. ලි දැම්මේ ඒ " මම " මම නොවන නිසා...



    ශානු : බොරු නෙමෙයි ශානු... ඔය සිගරට් පැකට් එකක් අරන් බලන්න ඒකේ ගහල නැද්ද කියල " දුම්බීම ශරීරයට අහිතකරයඉ " කියල... හික් හික්..



    දුමී අයියා : හැබෑට... ලියමුකො බලන්න...

    ReplyDelete
  15. මාරයාගේ හෝරාව : අඩේ ඒකයි මේ... නැහ බොලව්... ප. ලි එක වාරනය නිසා නෙමෙයි ඒක සිරාවටම දැම්මේ...



    ගුණේ : නෑ... " මම " එහෙම කියන්නෙ නෑ... කතාවෙ " මම " එහෙම කියනව කියල හිතන්නත් බෑ නේද මචන්



    නචියා : දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ... ඒ කාලෙන් පස්සෙ දැක්කෙත් නෑ... ඔව් සමහර විට එහෙම වෙන්න ඇති.



    තනි අලියා : විනාශයක් තමයි නේ....

    ReplyDelete
  16. අප්පොච්චියේ! මදෑ ඔයින් ගියා :D

    ReplyDelete
  17. මම නම් ඔයවගේ කෙල්ලන්ට කැමති නැ,ගොඩ දෙනෙක් පාවිච්චි කරලා නිසා වෙන්න ඇති කටට තිත්ත රහක් එන්න ඇත්තේ.

    ReplyDelete
  18. ඔය වගේ අත්දැකීම් මගේ යාලුවොන්ගෙ යාලුවෙක්ටත් තියෙනවා... :)
    ඒත් මචෝ ඒකා බිව්වෙ KLH එකෙන් නම් නෙවෙයි... :)
    ගාල්ලයි ,මගෙ ඉස්කොලෙ කාලේයි මතක්වුනා බන්...

    ReplyDelete
  19. සමාන අත්දැකීමක් ඇත.

    දුක අහන්න ගිහිං තමා සීන් එක පට්ටාං ගත්තේ...

    ReplyDelete
  20. Gayantha is in parliament Do not worry of you think Thilini is suit for you marry her with out loafing around the samanala bridge and Galle town

    ReplyDelete
  21. මේක හිතන්න දේවල් ගොඩක් තියන කතාවක්. අර මහ වෙදනා කිව්වා වගේ මේ වගේ අත්දැකීම් නැති කොල්ලෝ කොල්ලෝ නෙවෙයි.. හ්ම්ම්..

    ReplyDelete
  22. ඒ ඇත්තිගේ එවක පෙම්වතා දවල්ට කන්න ඇත්තේ කරවිල වෙන්ටැති,

    මේ කතාව වෙච්ච හාදයා වලක් බහින්න එකෙකුත් නැතුව දුකසේ ඉන්දැද්දි නේ මේ ඇත්ති ආවේ, ඒකිට හිතෙන්න ඇති "අනේ මටත් " කියන සිතුවිල්ලෙන් මූ ඉන්නවා කියලා, ඒ දැරිවිත් ඉතින් හිතේ උපන් මහා කරුනාවෙන් ඔය කටයුත්ත කරන්නට ඇති,අහලා නැද්ද , මහා ගඟක් ගලන්නේ දෙපැත්තෙ තියෙන ඉවුරුත් තෙමා ගෙන නේ....

    ReplyDelete
  23. ඒ මොකද අනේ ඒ තිත්ත රහ? මම හිතන් හිටියේ මුකුත් රහක් නෑ කියල.:)

    දැන් සහෝට ප්ලේන්ටිය බිව්වට පස්සෙ වත් තිත්ත රහ ගියේ නැද්ද? :P

    ReplyDelete
  24. කියෙව්වෙ නැහැ, කියෝලම කොමෙන්ට් කරන්නං

    ReplyDelete
  25. තිත්ත රහක්?? ඒ ගැනනම් හිතන්නම වෙනවා..

    ReplyDelete
  26. තරහා වෙන්න එපා මෙහෙම කියනවට... කතාවක උනත් ඒක ඇත්තටම නිවැරදි විය යුතුයි....

    කොල්ලෙක් කෙල්ලො 4-5 දෙනෙක් එක්ක යාලු උනත් නිදි වැදුනත්....ඒක කොළු කම...හැබැයි කෙල්ලෙක් එහෙම කලොත් ඒකිව හඳුන්වන වචන තමාමේ ඔයා ලියලා තියෙන්නෙ...මාරයි නේද ....

    අර ප.ලි කෑල්ල කෙල්ලගෙන් බේරෙන්න වෙන මුකුත් නෙමේ

    ReplyDelete
  27. අඩේ.. තිලිණි ගාල්ලෙ නේද.... කෝ කොහෙද කියල කියපං උඹට බැරිනම් ඒ කතාව මම අහන්න....

    පවු අප්පා

    ReplyDelete
  28. ම්ම් දැන් ඉතින් තිළිනි කෝ අය්යා..?හ්ම්ම් ගාල්ල බස් නැවතුම් පොළයි,මල් වත්තයි අමතක නොවෙන තැන් දෙකක් :)

    ReplyDelete
  29. මචො කොල්ලේක් උනාම එක එක හේයියං මාරුවලට අහුවෙනව බං....
    ඔය ඔක්කොටම අහු උනාට පස්සේ එක වැදගත් තරුණයෙක් ඉතිරිවෙනව...අන්න එවුන්ගෙන් එකේක් උඹ...

    ReplyDelete
  30. පව් බං... ඒක වල් කම නෙවෙයි....

    ReplyDelete
  31. හික් හික්!! අනේ අපේ පිස්සයියටත් පෝස්ට් එකක් දාන්න ගියාම දැන් කොච්චර දේවල් හිතන්න තියෙනවද? ඉස්සර කොහොම හිටපු බ්ලොග්කාරයෙක්ද ඈ? මොනවා වුණත් මමනං කියන්නෙ ඔය “යාලුවා“ කරපු වැඩේ හරි.

    ReplyDelete
  32. ඔහොම තමයි බං කෙල්ලෝ කියලා හැඟීම් දැනීම් නැතුවයැ . තිත්ත රහ ගැනනම් ටිකක් හොයලා බලන්න වට්නවා

    සමහර විට කෙල්ල දත් නොමැද හිටියා හෝ . උදේ ආහාරයට කරවිළ කා පැමිනියා වියැ හැකියි .

    නියමම කතාවක් බං මට සිංහල බ්ලොග් අල්ලලා ගියේ ඉතින් උඹගේ ලිවිල්ල දැකලා නේ . උඹ නැතිනම් අපිත් නැත

    ReplyDelete
  33. //ප. ලි :: මෙහි " මම " යනු මම නොවන අතර.... මේ කතාව මනංකල්පිතයක්ද නොවේ...

    පිස්සාගෙ අවවාදය : දුම්බීම ශරීරයට අහිතකරය.//

    හික් හික් . . . පෙටිකෝට් ආන්ඩුවයි . . . . මහ ආන්ඩුවයි . . . .දෙකම එකපාර ගොඩ දාගෙන

    ReplyDelete
  34. හික්ස් හපා කන්න ගියාම ඔහොම වෙනවලු නේ

    ReplyDelete
  35. ඇත්තටම "මම" කියන්නේ "මම" නෙමෙයිද .....:D

    ReplyDelete
  36. තත්පර 15 ක් ඔරලෝසුව දිහා බලන් ඉඳහන්, කොය් තරං දිග කාලයක්ද කියල, සෑහෙන්න ඩීප් කිස් එකක්. ඒ කාලෙ ගියෙ නැත්තන් දැන්වත් වී. ඩී. ක්ලිනික් ගිහින් චෙක් අප් එකක් කොර ගනිං පුතා....

    ReplyDelete
  37. ..ChAnDiKa.. : එහෙම උන එක හොඳයි... ඔව් නේ




    නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න : දන්නෙ නෑ බන්....




    buddy --බඩී : අහ් එහෙනම් ඌ මූද... නෑ වෙන්න බෑ.. දන්නෙ නෑ...

    නෑ බන් KLH එකෙන් එලියට ආවෙ කෙල්ල...




    Prasanna : බෙදා හදා ගත්තනම් අපිත් එක්ක...

    ReplyDelete
  38. Anonymous : If you can a way to travel to past i can tell your messge to him :)



    ක්සැන්ඩර් | Xander : ඔව් ඔය වගේ සිද්දි සිදු වෙනවා...




    widanarala : අනේ හැබෑට උබටත් හිතෙන දේවල් මලේ...



    Kasun : හිතන් හිටිය කිව්වා.... කොයි කාලෙ විතරද බන්... හික් හික්

    ReplyDelete
  39. Observer : හරි හරි... කියවලම අදහසක් දෙමුකො...



    Dinesh : ටිකක් හිතපන්.. වැඩිය එපා



    රෙෂාන් Chathuranga : තිත්ත තොල් පෙති....



    දිල් : ඔයාට වැරදිලා... ඔය අදහස් කලේ " කෑල්ල " කියන වචනෙ ගැන නම් ඒ වචනෙන් එහෙම අදහසක් එන්නෙ නෑ... ඔව් හුඟක් ගෑනු ළමයි කැමති නෑ කොල්ලො යොදා ගන්න වචන වලට... ඒත් " අන්න මචන් උබේ කෑල්ල එනවා " කියන එකෙන් ඒ ගෑනු ළමය නරක කෙනෙක් කියල අදහස් වෙන්නෙ නෑ කොහෙත්ම.

    එහෙම ඒවට වෙන වචන ඇත. මේ පෝස්ට් එක තුලදි මම තිලිනි සුදු වත් කළු වත් කරන්න උත්සහ ගත්තෙ නෑ.


    ඔයා කිව්ව දේට එකන්නගයි. කොල්ලෙක් කෙල්ලො කී දෙනෙක් එක්ක හිටියත් ඒක උගේ කොලු කම.. ඒත් කෙල්ලෙක් එහෙම උනොත්... ඔව්.. ඒ සමාජය හිතන හැටි.


    කිසි තරහක් නෑ දිලෝ... අපොයි නෑ නෑ ප. ලි ලිව්වෙ බේරෙන්න නෙමෙයි අදනම්.

    ReplyDelete
  40. පොඩි මෑන් : අනේ... උබේ කරුණාව.. උබ අර වියංග කෙල්ල එක්ක කෙලිය ඉවර කරපන් අපේ ලේ පුච්චන්නෙ නැතුව...



    ආඩම්බරකාරී : ආඩම්බරකාරි ත් ගාල්ලෙ වගේ.... :) තිලිනි කොහෙද දන්නෙ නෑ



    Raj : මම නෙමෙයි.. ඌ....



    harshana1985 : නෑ ඒක වල් කම නෙමෙයි. ඇයි මේ ලිපියෙන් එහෙම හැඟීමක් එනවද... එහෙනම් ලිවීමෙ දෝශයක්

    ReplyDelete
  41. BLOG ගඩොල් : ඈ බන් සුදු පූසි බ්ලොග් කියවන්නෙ එහෙම නැතෙයි ??



    හිස් අහස : උබත් කරවිල ගැන කියන්නේ.. අනේ මන්ද එහෙමද කියල... හුටා... කේ එල් එච් ගිහින් දවල්ට දෙසා බෑවෙ කරවිලයි බතුයිද.... ??

    බොක්කෙන්ම සතුටුයි උබ වගේ සුපිරි බ්ලොග් කරුවෙක් බ්ලොග් අවකාශෙ ගැන දැන ගත්තෙ මේ මගෙ බ්ලොගය හරහා කියල හිතෙනකොට...



    ඕනයා : හක් හක් හක්.... ප. ලි එක නම් මෙදා පාර එහෙම දේකට නෙමෙයි...



    ItalyDilan : මූ කෙල්ලව හපා කාලවත්ද....වෙන්න බෑ...



    Observer : හත්තිලව්වයි... ඔව් නේන්නම්... සෑහෙන ප්‍රමානයක ඩීප්...ඌට කියන්න ඕනි...
    ඔබා අයියට ඒ ක්ලිනික් ගැන සෑහෙන දැනුමක් තියෙනව වගේ.... හික් හික්

    ReplyDelete
  42. උඩ පැනලා කඩා ගන්න බැරි වෙච්ච මතකය නිසා වෙන්න ඇති තිත්තට දැනෙන්න ඇත්තෙ !
    සුපිරි විදියට ලියලා තියෙනවා කතාව නම් !

    ReplyDelete
  43. සමාන අත්දැකීම් සහිතය..

    ප.ලි.
    මට නොවේ..!
    :D

    ReplyDelete
  44. ane ban mata nam mechchara kalekata thiththa rahak awith na..kata gadha nam enawa :D

    ReplyDelete
  45. ඔය ලිප්ස්ටික් රහ මල්ලී..කොහෙද ඕව දන්නවයෑ.....

    ReplyDelete
  46. දාන්න හිටි කමෙන්ට් එක අමතක වුනා ඔනයගේ කමෙන්ට් එක දැකලා... :D

    ReplyDelete
  47. අර ඉන්ගිරිස් ෆිල්ම් වල තියෙනව ඔහොම දේවල් . . කිස් කරලා කිසි ආතල් එකක් නැති උනා කියන්නේ උන් දෙන්නා කොහොමටවත් ගැලපෙන උන් දෙන්නෙක් නෙමේ කියන එකයි . .

    ReplyDelete
  48. අසයි බයයි ඒ බෝට්‍ටුවෙ නමයි //

    ෂුවර් එකෙටම බොලා දෙන්න කිස් කරනව බලං උන්නු පාක් එකේ බුරුස් කාරයො උඹෙ පලු යන්න බනින්න ඇති හරි හමං විදියට ආතල් එකක් ගන දුන්නෙ නෑ කියල. [හුටා වැරදුනා. උඹෙ යාළුවට]

    කරුමෙ තමා මල්ලි බානක් උනාම හිතේ හැටියට තමන්ගෙ අත්දැකීමක් දෙපාරක් නොහිතා කියන්න බැරි එක නම්. ඉතිං ඒ හැම කතාවකම ඉන්නෙ "මම නෙවේ" තමා.

    ඇයි බං උඹ ඔය ඉලේපෙරුමෙයි, නිව්ලංකා එකෙයි දුං දාන කාලෙ මට මුලිච්චි උනේ නැත්තෙ?

    ReplyDelete
  49. අඩේ බොන්න ඕන ප්‍රස්නයක්.. ඒවගේම පිස්සයිය ගාල්ලෙ කියල දැනගත්තෙත් අද..

    ReplyDelete
  50. පට්ටයි ....
    මේ ලොක්කො බොරු කෙලින්න එපා, උඹ නෙවේ කිව්වට අපි දන්නවා බොට තමා ඔය වැඩේ උනේ කියලා ....

    නියමෙටම ලියලා තියනවා, එල කියන්නෙ එලම කිරි ......

    ReplyDelete
  51. වෙනි : අනේ මන්දා.... ස්තුතියි :)



    වැම්පයර් : අහ් යාළුවෙක්ට තමයි මේකත්... ( සිරාවටම )



    ඇනෝ : ලිස්ටරින් තියෙන්නේ...



    ඔබ නොදු‍ටු ලොවක්..... : හප්පා.. හැබෑටම එහෙමවත්ද... ?

    ReplyDelete
  52. සෝරෝ : වෙලාවට...


    දුකා : එහෙම වෙන්න ඕනි... හපොයි ඒවයේ කිස් කරල නවතින්නෙ එහෙමත් එහෙකනේ... හික් හික්



    නවම්මාවත : උබ මේ මගුලක් කතා කරනව බන් අයියේ... ඕනි එකක්... හම්බෙන්න ඇති බන් අයියේ... ස්කෝලෙ ලොකු අයිය කෙනෙක් කියල හිනාවක් දාල යන්නත් ඇති සමහර විට... හැබැයි අපි ඔව්වයෙ නම් වල බැස්සෙ නෑ වැඩිය.. මොකද අපේ උන් හුඟක්ම දුම් විරෝධී.

    ReplyDelete
  53. කෙෂාන් විදුරංග : හික් හික්... ඔව් ඔව් ගාල්ලෙ තමයි :)



    හේමලයා : උබ හුඟ කාලෙකින් මේ පැත්තෙ...



    පන්සල් හංදිය : අනේ බන් මට නෙමෙයි... මට උනානම් තිත්ත රසට චුයින්ගම් එකක් හපල ආයෙම හම්බෙනවනේ දවසක... සික් මම අතාරියි ඒ කාලෙ එහෙව් අවස්ථා...

    ReplyDelete
  54. The Lion : උබේ කමෙන්ට් එක ස්පෑම් වෙලා බන්... හික් හික්... දැන් දැක්කේ.

    මම නෙමෙයි බන්... මම නම් කෙල ගහල එනවද සික්...

    ReplyDelete

Related Posts with Thumbnails