Tuesday, October 11, 2011

( අ ) වාසනාවන්ත රටක උපන් පවට

Share


පට්ට සීතල කාලේ ඉවරයි... ටික ටික පොරෝගෙන හිටිය ඇදුම් කෑලි වලට නිවනක් දෙන්න පුළුවන්... ඒ එක්කම මල් පිපෙන කාලේ.. ඒ කියන්නේ මට නරක කාලේ... ඔව්.. මේ කාලේට මට වැඩි වෙලා එලියෙ හිටියොත් හේ ෆීවර් හැදෙනවා.. කාලයකට ගිනි ගහන්න රස්නෙයි.. කාලයක් පට්ට හීතයි.. අනික් කාලෙ එලියට ගියාම හේ ෆීවර්... මට මේ රෙද්දෙ රට එපා වෙලා... ඒත් ????

ඔව් ලංකාව ඒ අතින් රත්තරන්... අවුරුද්දෙ ඕනිම කාලෙක එලියට බැහල සරමක්.. කමිසයක් දාගෙන ඉන්න පුළුවන්.. සීතල ගන්න ඕනිනම් පැය 5 ක ගමනක් නුවර එලියට.. පුංචි එංගලන්තෙ.... රස්නෙ ඕනිනම් ඔය පොලොන්නරුව කතරගම දිහා යන්න පුළුවන්... 


හීටර් වත්... ඒයාර් කන්ඩිශන් වත් ඕනි නෑ... එව්ව දාගෙන ඉදල මාසෙ අන්තිමට එන දඩ බිල ගෙවන්න ඕනිත් නෑ... මග තොටදි වතුර තිබහක් ආවොත් $ 2 - 3 ක් දීල හිච්චක් විතර වතුර බෝතලයක් ගන්න ඕනි නෑ අපේ රටේ... කඩේකට ගොඩ වැදිලා වතුර වීදුරුවක් පුරවන් බිව්වට සල්ලි ඉල්ලන තත්ත්වෙට අපේ රටේ මිනිස්සු බංකොලොත් නෑ තාම... 


ගෙදර ලිඳෙන් වතුර ටිකක් නාල... ගහෙන් කඩල තිබ්බ කුරුම්බ ගෙඩියක්.. තැම්බිලි ගෙඩියක් බීල හීතල හුලඟක් වැදි වැදි ගහක් හෙවනකට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් තාම අපේ රටේ...

වත්තෙන් ඉන්දපු පලා කොල වලින් හදපු මැල්ලුමක්... එහෙමත් දවසක උදේට කොළ කැඳ ටිකක්.. වත්තෙ හිටවල අපිම වතුර දාල හඳපු වම්බටු ටිකක්.. මෑ කරල් ටිකක්.. පුහුල් ගෙඩියක්... වට්ටක් ගෙඩියක්.. අඹ ගෙඩියක්.. පේර ගෙඩියක්.. ගස්ලබු ගෙඩියක්....අවුරුදු ගානක් ෆ්‍රිජ් වල දුක් විඳපු සීතල එළවලු නෙමෙයි... දවසක් දෙකක් පරන එළවලු.. යකෝ මෙව්වො ෆ්‍රෙශ් කියන්නේ සතියක් වත් පරණ එව්වට... අපේ මිනිස්සුන්ට අගයක් නෑ අර පොළේ  තියෙන එළවලු ටික..

ළුත් මාළු ටිකක්...

හදිස්සියකට අහල පහල මිනිහෙක් උදව්වකට නෑවිත් ඉන්නෙ නෑ... ගහ මරා ගන්නව තමයි... ඒත් හදිසියකදි උදව්වක් නොකර ඉන්නෙ එහෙමත් එකෙක්.. ඒ ලෙංගතු කම.. හිතවත්කම.. තාම තියෙනව මිනිස්සු අතර ඒ උනත්.. මූනිච්චාවට කියන ගුඩ් මෝර්නින්... තැන්ක් යූ එකට වඩා ඒකත් හොඳයි...


ඇත්තටම ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයි.. ඒත් ඒක තේරෙන්නෙ නෑ... ඒකෙ වටිනකම පේන්නෙ නෑ...

ඇහුවොත් කියන්නේ " මෙහේ ඉදල හරියන්නෙ නෑ බන් "

ඔව්.. ඔය මොනා තිබ්බත් අපි මහ අවසනාවන්තයි... අපි මෙච්චර ලස්සන සුරපුරයක් වගේ රටක ඉපදුනත් අපි අවසනාවන්තයි... 


මහ ලොකුවට ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වට... අපේ රටේ නායකයො.. ලොක්කො කියන එව්වො.. උන්ට උඩ ගෙඩි දෙන සොක්කො... උඩ ඉදන්ම පල්ලෙහාම එකාට වෙනකල් තමාගෙ බඩ වඩා ගැනීම ම පමනයි කියන තැන ඉදන් අවුරුදු ගානක් වැඩ කරල අපි ඉපදෙද්දිම අපිව අවසනාවන්ත කරලා...

පහුගිය කාලේ දුප්පත් කෙල්ලො ටික හෝල් සේල් අරාබියට පැටෙව්ව...  නාකි අරාබි කාරයන්ගේ වහල් වැඩ වලට... ඒ කෙල්ලන්ට වෙන අතවර කිව්වම ලොක්කො සද්ද නෑ.. උන් බාල් නටනවා...

අවුරුදු 30 ක් තිස්සෙ යුද්ද කලා.. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ මහ විශාල ගහක් වෙනකල් බලන් උන්නේ පෝර දැම්මෙ කව්ද.. අපේ දේශපාළුවො නෙමෙයි කියනවනම් උබලගෙ ඇස් වල හොටු යකෝ... කොල්ලො බුරුතු ගනන් මැරුනා... මිනී පෙට්ටි ආවෙ හෝල් සේල්...  ඔන්න දැන් තව සෙල්ල්ලමක් ඔලුව උස්සනව නැගෙනහිරෙන්.. අනේ අපේ චන්ද ටික කැඩෙයි කියල සද්ද වහන් හිටියොත් වැඩි කාලයක් නෑ තව කෙලියක මුල වෙන්න බැරි නෑ...


දුප්පත් මිනිහෙක් බඩගින්නට හරි නැති බැරි කමට හරි පොල් ගෙඩියක්.. කොස් ගෙඩියක් කඩා ගත්තොත් ඌව උසාවි දානවා.. ඇමති වරු ලොකු ලොක්කො කෝටි ගනන් වාහන වල කුඩු අදිනවා... ගංජා ගහක් දෙකක් වැව්වොත් ඌව අවුරුදු ගානකට ඇතුලේ... කුඩු වලට මොකුත් නෑ...

තරු හෝටල් වල සුපිරි ගොන්නු තියාගෙන අහවල් එක කරගන්න ඔය ලොක්කොන්ට පුළුවන් ඒ උනාට කෙල්ලෙකුයි කොල්ලෙකුයි බීච් එකක කතා කර කර හිටියත් පොලිසියට උස්සන් යනවා...



සංස්කෘතියද මොකක්ද මන්ද මඟුලක් කියාගෙන ඔක්කොම ගණිකා නිවාස අල්ලනවා... මොනයම් හේතුවක් හරි හින්ද පත්තරේ අරන් බැලුවම සන්දුක්කාරේ.. තාත්ත දුවව දූශණය කරල... මුනුපුරා ආච්චිව... පහු ගිය දවස් වල මාතරම ප්‍රසිද්ද සිද්දි 2ක් උනා.. මල් වගේ අහිංසක ළමයි...  නිකමට සතියෙ දවසක පත්තරේ අරන් බලපන්... Rape කේස් කීයක් තියෙද කියල... එතකොට පත්තරේ නොවැටිච්චා...

ඉගෙන ගෙන රස්සාවක් කොරල පෙළවහක් කරගන්න මේ යන විදියට අවුරුදු 30 ක් වත් යනව... ඉතින් අර 13 - 14 දි කෙලින් වෙන්න ගත්තු එව්ව තව අවුරුදු 16 ක් විතර හිර කොරන් ඉන්න නීති දාල තියෙන රටේ මිනිස්සු නීති පිළිබඳින හැටි වෙන්ට ඕනි ඔය... TV එකේ එලි රෑ වෙනකල් කෙල්ලො අඩ නිරුවස්තරෙන් නටනවා... එහෙන් කෙල්ලෙක් ට කොල්ලෙක්ට නිදහසෙ කතා කරන්න විදියක් නෑ.. ඉතින් පත්තරේට නිව්ස්...


තියෙන හැම උලව්වම විකුනගෙන කනවා.. ලෝක උරුමයක් උන සිංහරාජෙ මැද්දෙන් පාරක් කපනව කිව්වම ඉතින් වෙන මොන කතාද... ඇඟ සීතල වෙලා ගියා ඒ නිව්ස් එක දැක්කම... විල්පත්තුවෙත් බරටම ගස් ටික පටවනව කියල කොහෙද තිබ්බා... ඇත්තටම මුන්ට හෙන ගහලද... මෙච්චර ලස්සන රටක් තියාගෙන විනාශ කරන්නේ...  ඒ උනාට දීපාල් සිල්වගේ " මේ රටේ මිනිස්සු කෙලින්නෙ පිස්සු " සින්දුව තහනම් කරනවා හානියක් කියලා... මෙව්වට අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ...

ඒ අස්සෙ වශී ගුරුකම් කාරයොයි.. ලෝකෙ නැති දෙවි ගොල්ලොයි පස්සෙ දුවනව සෙට් එකක්.. ආගම් ගැන කතා කරන්න කැමති නෑ ඒක වලියකට මුලක් පමනක් නිසා.. ඒත් සිංහල මිනිහට ලෝකෙ ලංකාව ඇරුනම කොහෙද වෙන රටක් තියෙන්නේ... ??? ඉතින් ඒක කෑලි කෑලි වල එක එක ආගමුයි අරවයි මෙව්වයි එල්ලගෙන අනේ මන්දා....

මහින්ද හාමුදුරුවො එදා කියල තියෙන්නේ " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහළුන්ගේ " කියල... එතුමා අද හිටියනම් ඕක කියපු කට බිම උලාගෙන දිව හපාගෙන අපවත් වෙනව හෝදන්න දෙයක් නෑ...

මිනිහෙක්ගෙ පඩිය වැඩි කරන්න සල්ලි නැති රටේ... රාජ්‍ය ආයතන කෝටි ගනන් පාඩු ලබන මේ රටේ... ලොක්කන්ගෙ පුතාලගෙ මඟුල් කාඩ් වලට කෝටි ගනන් වියදම් කරනව කැත නැතුව... ඒ පඩියේ හැටියට ඔය ගාන එකතු කොර ගන්න අනේ හපුච්චේ... නොකා නොබී දුක් විඳල වෙන්ට ඇති...

 ඒත් මෙව්ව බලාගෙන මිනිස්සු තමන්ගෙ වැඩක් කරෙගන ඔහේ ඉන්නවා... ඔව් ඔහේ ඉන්නව ඇරෙන්න මොනා කරන්නද... මැර බලයට.. සල්ලි වලට යට උනු සමාජයක වෙන මොනව කරන්නද...

ලොක්කන්ව ආදර්ශෙට අරන් පොඩි පොඩියට හරි හොරකම් කරගෙන... විකුනගෙන කාල හැදියල්ල... වෙන උබල අපි මොනව කරන්නද...
ඉතින් කෑගහපල්ල ආසම නම් සුදු වෑන් එකකින් රවුමක් එහෙම දාන්න... 

37 comments:

  1. ඔව් ඔහේ ඉන්නව ඇරෙන්න මොනා කරන්නද... මැර බලයට.. සල්ලි වලට යට උනු සමාජයක වෙන මොනව කරන්නද... ලොක්කන්ව ආදර්ශෙට අරන් පොඩි පොඩියට හරි හොරකම් කරගෙන... විකුනගෙන කාල හැදියල්ල... වෙන උබල අපි මොනව කරන්නද...

    ReplyDelete
  2. මම උ/පෙ කරලා ගෙදර ඉන්න කාලෙ මහ විශාල පොත් ගොඩක් කියෙව්වා. නමුත් මට දැන් මතක තිබෙන්නේ පොත් කීපයක් පමනයි. ඉන් වැඩි හරියක්ම ලියලා තියන්නේ අපේ අරුණි අක්කාගේ තාත්තා. අනික් පොත් තමයි සිසිර කුමර මාණික්කාරච්චි කියන ප්‍රවීන ලේඛකයාගේ පොත්. මේතුමාගේ පොතක් තිබෙනවා සාගරයක් මැද අමන රටක් ඇත. කියලා මම මුලින් ඒ පොත බලපු දවසේ මට අහුවුනානම් මානික්කාරච්චි ඉවරයි. නමුත් දැන් වඩා මෝරපු වැඩිහිටියෙක් විදියට මට හිතෙන්නේ මෙතුමා අනාගත වක්තෘවරයෙක්ද කියලා මට හිතෙනවා. පුළුවන්නම් කියවලා බලන්න.

    ReplyDelete
  3. කියන්නට කිසිම දෙයක් නැත. උඹ ඔක්කොම කියා ඇත!

    ReplyDelete
  4. නියමෙට කියල තියනව

    ReplyDelete
  5. සිසිර කුමර මාණික්කාරච්චි මහත්තයාගේ "සාගරයක් මැද" පොත කියෙව්වේ හුඟාක් ඉස්සර කාලෙක, හැබය් එදාටත් වඩා අදට ගැලපෙනව අනිවාර්යයෙන්ම

    ReplyDelete
  6. ඔයා වගේ මිනිසුන් කොයි රටේ හිටියත් වගතුවක් වේවි කියල හිතන්න බැහැ.
    sagara

    ReplyDelete
  7. උඹ කියා තියන දේ නම් සහතික ඇත්ත .

    නැගෙනහිරෙ පැත්තේ අලුත් සෙල්ලම් ටිකක් තියනවා ඒත් බලමුකෝ අපිත් ඉන්නවනේ !

    ReplyDelete
  8. ලෝකෙන් උතුම් රට ලංකාවෙයි . . . .
    ලංකාවයි සිරි ලංකාවයි . . .

    ReplyDelete
  9. මේ යන විදියට තව අවුරුදු 25, 30කින් ලංකාව කියල රටක් ඉතුරු වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
  10. අනේ ඉතිං මොනා කරන්නද මචං! :( මේ විගඩං බලබල අපට ඉන්න වෙනවනෙ! :(

    ReplyDelete
  11. ලංකාව ගැන මේතරම් විස්තර කරලා දාපු පෝස්ට් එකක් මම තවත් දැකලා නෑ. Niyamai

    ReplyDelete
  12. නැගෙනහිර වෙන සීන් නම් මටත් දිරවන් නෑ. සිරාවට බන් ලොක්කො ඔක්කොම වෙනකම් බලන් ඉන්නවා චන්ද පදනම කඩන් වැටෙයි කියලා..

    ReplyDelete
  13. ඒ වුනාට මේ පාරත් අපේ ජාති මාමක චන්ද සූකරී ලා ටික දීල තිබ්බේ අපේ මහ රජතුමාට.....! අර කෝටි 11000 කතාව සැබෑ නම් ඒකම උසාවි යන්ට කාරනාවක්නේ...අපි කවුරු හරි යන්කන්ද දන්නෑ විපස්සේ කස්ටිය බලාන ඉන්නේ, හොරකම් වෙන වග හැමෝම දන්නවා, ඇයි එක විපස්සෙකටවත් බැරි එකම එක ඇමතියෙක්ව හරි කොටු කරලා දෙන්න.ඒකම ලොකු සුදුසුකමක් වේවි පක්ෂ නායකයා වෙන්න...මේවා ඉතින් කාටද කියන්නේ..,නීතිය කොහෙද තියෙන්නේ, කත්‍රිආරච්චි උනැහේව සාක්ෂි තියෙද්දි නිදහස් කලා, එල්ලාවල මන්ත්‍රීවරයව මරපු පුන්චි නිලමේ අද ඒ පක්ෂෙම ආන්ඩුවේ, මිල්‍රෝයි උන්නැහේගේ වයිපරේ නිදහස් කලා,.... නීතිය හැමෝටම සාදාරන නැති රටක් ගැන තව දුරටත් බලාපොරොත්තු තියාගන්න බැහැ!

    @ හිස් අහස - ඒක තමා මල්ලි, උම්බ ඉන්න හින්දා ඉතින් අපිට බයක් නෑ!

    ReplyDelete
  14. හ්ම් ...

    අපිත් දත නියව නියව බලන් ඉන්නවා

    ReplyDelete
  15. අවුරුදු 30ක කාලකන්නි යුද්දේ ඉවර උනාම අපිත් කිරිබත් කාලා ජාතික කොඩිය එහෙම උස්සලා බලාපොරොත්තු උනේ දැන්නම් ලංකාවෙ නරක කාලේ ඉවර උනා කියලා. ඒත් බල ලෝභයෙන් ඇස් අන්ධවෙච්ච පාලකයෝ ඉන්න රටක, උන් හිතාගෙන ඉන්නේ මහ ජනතාව ඔක්කොම එළ හරක් කියලා. බලාගෙන ගියාම උන් හිතාගෙන ඉන්න විදිහත් වැරදි නෑ....!

    දැන් මේ යන විදිහට උන් කිව්වොත් මේ උදේට පායන්නෙ ඉර නෙමෙයි හඳ කියලා අපේ රටේ ඉන්න හරක් ඒකත් පිලි ගන්නවා.... ඔව්නේ බොලේ, ආණ්ඩුවෙන්නේ මෙහෙම කිව්වෙ.... ඒක ඇත්ත වෙන්න ඇති කියලා..... ඇස් පනාපිට මිනීමරපු මැරයන්ව ඉස්පිරිතාලවල නවත්තලා උන්ට රටේ ඉන්න හොඳම විශේෂඥ්ඥ දොස්තරලට කියලා බෙහෙත් කරලා ජනතාවට පස්ස පැත්ත පෙන්නන පාලකයෝ ඉන්න රටක මිනිස්සු වාසනාවන්තද ?

    ReplyDelete
  16. අනේ මන්දා වෙලාවකටනම් කලකිරෙනවා මේ වෙන දෙවල් වලට.. දැන් උනත් මේ දේවල් වලට නැවතීම තියන්න පුළුවන්නම් අපේ රටට ඉස්සරහට යන්න පුළුවන්....

    ReplyDelete
  17. ඔව් .. දිනේෂ් මලය කිව්ව වගේ .. දැන් වුනත් කරන්න පුලුවන් .. හැබැයි අපි ඔක්කොම එකතු වුනොත්.
    ඒත් ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගෙ තාමත් එකමුතු කමක් නැහැනෙ.

    ReplyDelete
  18. ඇත්තටම ලංකාව විතරද මෙහෙම

    ReplyDelete
  19. ඔන්න මම මූණු පොතටත් මේක දැම්මා..
    බොහොම අගේ ඇති ලිපියක්...

    ඇල්කෙමියා

    ReplyDelete
  20. ඊයෙත් උනේ මේකයි අදත් මේකයි හෙටත් මේකයි බන් වැඩි වෙනසක් නෑ

    ReplyDelete
  21. අපි තාමත් සෙක්කු මඟක සරු බිම් හොයනවා මචන්. යුඇන්පී ගොනා එපා වුනාම නිදහස් පක්ශ ගොනා බදිනවා. නිදහස් පක්ශ ගොනා එපා වුනාම යුඇන්පී ගොනාව බදිනවා. ආයේ මූ එපා වුනාම ඌව බදිනවා.

    එකම සෙක්කු මඟක අපි කැරකෙනවා.
    අන්තිමේ අපි හැමදාම එකතැන.

    ප.ලි: ඒ අස්සේ ජේවීපේ මී හරක් සැරින් සැරේ ඇවිත් කුඹුරු පළු කරලත් යනවා.

    ප.ප.ලි: ඔය ගැන ලිය වෙච්ච නියම සින්දුවක් තියෙනවා පරාක්‍රම නිරිඇල්ල මහත්තයගේ සෙක්කුව වේදිකා නාට්‍යයේ. මේ තියෙන්නේ ඒක.

    පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
    තෑගි කලයි කිරිපුස්සා
    සරු බිම හොයලා කම්මැලි වීලා
    පැන්නූවයි කිරිපුස්සා
    නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
    කම්මැලි නැති කිරිපුස්සා
    ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
    බඳිනවදෝ කිරිපුස්සා

    [රාළේ බැඳපන් කිරිපුස්සා
    රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

    දෙමුහුන් කුලයේ උපන්න කදිම
    වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
    රටේම ඉපදී හැදිලා වැඩුනයි
    රඟේට මේ අපෙ පැඟිරා
    සරු බිම හොයලා මුරන්ඩු වීලා
    කම්මැලි වුනු අපෙ පැඟිරා
    ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
    බඳිනවදෝ අපෙ පැඟිරා

    [රාළේ බැඳපන් අපෙ පැඟිරා
    රාළේ බැඳපන් කිරිපුස්සා]//

    මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
    බිම් හෙව්වා නොවැ රාළේ
    කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
    හති වැටුනා නොවැ රාළේ
    'රාළේ! රාළේ!!'
    මහතැන දොඩවන බේගල් අහලා
    තව රැඳෙනුද මෙහි රාළේ
    පැඟිරා පන්නල පුස්සව බැඳලා
    ගාටනවද අපෙ රාළේ

    [රාළේ බැඳපන් අපෙ පැඟිරා
    රාළේ බැඳපන් කිරිපුස්සා]///
    අපෙ පැඟිරා..කිරිපුස්සා///

    ReplyDelete
  22. ඔවු මචො ....උබ කියන කතාවේ ඇත්තක් තියෙනව..අපේ කාලකන්නී දෙශපාලුවන්ට මේරටේ මිනිස්සු වැදගත්වෙන්නේ මතක් වෙන්නේ චන්දයක් තියෙන කාලේක විතරයි.....අපේ සීයලගේ..අත්තලගේ..කාලේ ටිකක් හරී හොඳ විදිහට තිබ්බ රට දැන්නම් කොහේට යනවද දන්නැ....

    ReplyDelete
  23. මේ පක්ෂ දේශපාලනේ ඇත්තටම මහ කුණු ගොඩක්.. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුලුවන් වෙයි කියල පේනවා..

    ReplyDelete
  24. එන්න එපා අපේ සිරි ලංකාවෙ කට්ටියට මුකුත් කියන්න !

    ReplyDelete
  25. wadak na tamanth ang athi buruwo inna rataka, owa wenas wenne na

    ReplyDelete
  26. ඔය යන විදිය මිනිස්සුන්ට හොඳ ඇති.එකනේ හැමදාම උන්නැහෙලටම මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ. තව කාලයක් යද්දී මමනම් හිතන්නේ රටේ ආණ්ඩුවත් විකුනන්න වෙනවා චීනෙට හරි ඉන්දියාවට හරි.

    ReplyDelete
  27. යුද්දෙ ඉවර වෙල දවස් කීපයකින් දියවන්නාව පිට්ටනියෙ තිබ්බෙ රස්වීමෙදි මහින්ද කිව්ව යුද්දෙ ඉවර කල වගේම මතින් තොර රටක් හදනව එ සටනත් ජය ගන්නව කියල. අපිත් ආසාවෙන් බලන් හිටිය දැන් ඉතින් රටට හොද කලක් ලැබුව නේද කියල හිතා ගෙන, මතකයි එදා දුමින්ද සිල්වත් උගෙ සෙට් එකත් එක්ක ඔය සෙනග අතරෙම ඉඩන් හුරේ දදා ඉන්නවා, හික්
    යකෝ මෙ වෙන දේවල් වලට අඩන්නයි වෙලා තියෙන්නෙ. රජ්ජුරුවො කිව්ව කටවල් වලින්ම දැන් වෙලා තියෙන්නෙ, ගුණ මකුව කියන්නයි, බොරු රජා කියන්නයි... අපේ කරුමෙ බන් ...

    සද එළිය ගන්ගක් වී මා නුවන් ඉවුරේ
    හැපී පෙන පිඩු නගයි, අනේ අපි කවදාක පීනමුද ඒ ගගේ ...

    ReplyDelete
  28. සිරා පෝස්ට් එක මචං.
    මේ දේශපාලනේ කියන කුණුහරුපේ නිසා තමයි අපේ රට හදන්න බැරි. මොන පක්ෂේ බලයට ආවත් වැඩක් නෑ එකම උන් ටික තමයි ඒ පැත්තෙන් මේ පැත්තට පනින්නෙත් මේ පැත්තෙන් ඒ පැත්තට පනින්නෙත්!

    ReplyDelete
  29. උඹත් දේස දොරෝහියෙක් උනා එහෙනම් ඈ . .

    දේස පෙරේමියෝ නම් කියන්නේ මදුරුවෙක් මැරුනොත් විතරක් ලේ බිඳක් දකින්න ලැබෙන කේතුමතී පුරේ වගේලු අපේ සිරි දේසේ . .

    එහෙව් සිරි දෙසේ මේ උඹ ලියල තියෙන ඒවා පෙන්නේ දේස දොරෝහියන්ට විතරයිලු . . .

    ඒකයි මම ඇහුවේ උඹත් එහෙනම් දේස දොරෝහියෙක් උනා එහෙනම් ඈ . කියලා . . .

    හෙ හෙ හේ . . .

    ReplyDelete
  30. ලිපිය කියෙව්වෙමි

    ReplyDelete
  31. සහතික ඇත්ත මචං... කියන්න ඕනෙ ටික ලෙසටම කියල තියෙනවා...ආයෙ හෝදන දෙයක් නෑ...

    ReplyDelete
  32. පොස්ට් එකේ තියෙන හැම වදනම එලෙසින්ම දකිමි.
    එලෙසින්ම දනිමි.
    තවද විදිමි(විදවමි) !!!

    ReplyDelete
  33. මොකෝ බං එකපාරටම ජාත්‍යාලය මෝදු වුනේ.... :D

    ReplyDelete
  34. ඇවිල්ල අදහසක් කොටල ගියපු හැමෝටම ස්තුතියි.....

    ReplyDelete

Related Posts with Thumbnails