අද ලියන්න යන්නෙ නම් ලොකු පෝස්ට් එකක් නෙමෙයි... අහම්බෙන් වගේ අහන්න ලැබුනු ගුවන් විදුලි වැඩසටහනක් ගැන... මූනු පොතේ තිබුන ලින්ක් හරහා තමයි එකක් දෙරණ ගුවන් විදුලියේ විකාශනය වන " රෑ ඉර පාන " කියන වැඩසටහන අහන්න ලැබුනේ.
පහුගිය මාසෙ 7 වෙනිදා පටන් අරගෙන තියෙන මේ වැඩසටහන ඉරිදා රාත්‍රී 7 ට විකාශනය වෙනවා කියල තමයි වෙබ් අඩවියේ තියෙන්නේ...
බන්ධුල නානායක්කාරවසම් මහතා විසින් ඉදිරිපත් කරන මේ වැඩසටහන කාලෙකින් අහපු ගීත වැඩසටහන් වලින් ඉතාම ඉහල තැනක තියෙන වැඩසටහනක් කියල හිතුන නිසා මේක බ්ලොග් එක තුලින් බෙදා හදා ගන්න තිබුනා.
ගීත වල පසුබිම් කතා... අතීතය.. සැඟවුනු යටි අරුත් බොහොම ලස්සනට ඉදිරිපත් කරන වැඩසටහනක්. මේ තුලින් සිංහල ගීත පමණක් නෙමෙයි හින්දි හා බටහිර ගීතත් ඒවා තුල සැඟවුනු මතකයන් සමඟ බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා..
ලිපිය ලියන ගමන් ජංජාලෙ සර්ච් එකක් කරනකොට දෙරන බ්ලොග් අඩවියේ රෑ ඉර පාන වැඩසටහන ගැන අපූරු ලිපියක් හමු උනා...
""" රෑ ඉරපානේ සංග්‍රහ වන දේ හරිම වැදගත්… වෙලාවකට අපේ මතක ලෝකයේ සදානුස්මරණිය ගී දියමන්තියක්…. තවත් වෙලාවක ඉංග්‍රීසි හෝ හින්දි දෙමළ අසාමාන්‍ය නිර්මාණයක්…… අප විසින් ඉතාමත් දුක්මුසුව අමතක කළ ගීතයක්….. නැතිනම් අපි අවධානයට ලක් නොකළ අපූර්ව ගීතයක්…… එසේත් නැතිනම් තමුන්ගේ අතින් වියදම් කරගෙන ඉතාමත් පරිපූර්ණව නිර්මාණය කරල මහන්සිවෙලා තමන්ම අහ අහ ඉන්න අළුත් ගී නිර්මාණයක්…..
ඉංග්‍රීසි හින්දි දෙමළ වගේම වෙනත් සංගීත දහරාවකින් ගත් ගීතත් හැමදාම රෑ ඉරපානට ඇතුළත්.
මේ හැම ගීතයකටම අමුතු සිද්ධියක් ප්‍රස්තුතයක් තියෙනවා. ඒක පරම්පරා භේදයක් නැතිව විඳින්න පුළුවන් සමාජ අත්දැකීමක්.
ගීතයට හීනෙන්වත් සම්බන්ධ නැති සිද්ධියකින් පටන් අරන් කිසිවකු නොසිතන තැනකට අප ගීතයත් එක්ක යනවා…. ඒකාකාරී ගී ඉදිරිපත් කිරීම පිටුදකින්න මට තිබුණු ඕනෑකම අද ඊයේ එකක් නෙමෙයි…. ඒත් රෑ ඉරපාන ඒ අවශ්‍යතාව තෘප්ත කළා.
අපි පරම්පරා ගැටුමට හැමදාම ලක් වන උදවිය… ඒක නතර කරන්න බැහැ. ඒත් එදා හිටපු තරුණ පරම්පරාව හැටියට අද තරුණ පරම්පරාවෙ සිතුවිලි මට නම් දුරවබෝධ නැහැ… ඒ නිසාම මගේ වැඩසටහන කිසිදු තරුණ පරම්පරාවේ කෙනෙකුට “දුරවබෝධ” හෝ “අවිෂය” වන්නේ නැහැ… එයට මගේ නිර්මාණ ජීවිතයෙන් උදාහරණයක් ගත්තොත්………. පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී, වික්ටර්, සනත් යන ගාන්ධර්වයන් හරහා සුනිල්ල එඩ්වඩ්ල දීපිකාල නිරෝෂා පසුකර නෙලුලා උරේෂා විතරක් නෙවෙයි මධුමාධවගේ යුගයේ සිට රනිඳුට මා ලියූ “නිල්නයනියේ” හෝ “පළායන්නේ නෑ මා” වැනි ගීත දක්වාම මේ බැම්ම, ආධ්‍යාශය බලගතුයි….
ස්ථීරසාරයි…… නිර්මාණශීලියි.
මුළු සමාජයම වපරැහින් බලන හෝ ප්‍රතික්ෂේප කළ අමුතු ගායකයකුගේ සොඳුරු ගායනය…. පෙර කී භාවාත්මක ගී අතර තියෙන්න පුළුවන්. ගීතය විනාඩි තුනහමාරක විසඳුමක් නෙවෙයි. සියවස් ගණනක් හිතන්න පොළඹවන සාමුහික කලා මාණික්‍යයක්. මාර්ටින් වික්‍රමසිංහයන් කීවා “හොඳ පොතක් කියෙව්වම සියවසකින් අප පැහෙනවා” කියලා. හොඳ ගීතයකත් ඒ බලය, විශ්මිත ගුණය තියෙනවා. ""
මේ රෑ ඉර පාන වැඩසටහන ගැන බන්දුල නානයක්කරවසම් මහත්මයා ඒ ලිපියට එකතු කල වචන ටිකක්....
ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වාත්... නැවත් විකාශය සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වාත් දෙරණ ගුවන් විදුලියෙන් අහන්න පුලුවන්....
එහෙම නැත්තම් මූනු පොතේ රෑ ඉර පාන පිටුව තුලිනුත් පැරෑණි වැඩසටහන් අහන්න පුලුවන්.
දෙරණ බ්ලොග් අඩවියේ රෑ ඉර පාන වැඩසටහන ගැන ලිපිය මෙතනින් බලන්න පුළුවන්...
රැ ඉර පාන මූනු පොතේ ෆෑන් පේජ් එකට...
පැරණි වැඩසටහන් මූනු පොතේ ෆෑන් පේජ් එක හරහා හරි යූ ටියුබ් එකේ සර්ච් කරල හරි හොයා ගන්න පුළුවන්.... ..
දෙරණ නාලිකාවට වගේම වැඩසටහන ඉදිරිපත් කරන බන්දුල නානයක්කර මහතාටත් බොහොම ස්තුතුයි මේ වගේ වටිනා වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන්.



අපේ ඉස්කෝලේ පොරක්නේ පිස්සෝ :)
ReplyDeleteඔව් ඔව්..... ස්කෝලෙ ගැන සෑහෙන කතා කියනව වැඩසටහන අතරෙ .... ඒ කාලේ මතකයත් ඇවිස්සෙනවා....
ReplyDeleteඅහම්බෙන් ඇහුවා.. වෙලාව තියෙන වෙලාවට අහනවා. සිත නිවෙනවා. මොකක්ද අනේ ඉස්කෝලේ. මම ආස මනුස්සයෙක් බන්දුල .. නෑ බන් ගුණවර්ධන නෙමෙයි නානායක්කාරවසම්..
ReplyDeleteඅහල බලන්න ඕනෙ. ගීතයක වටිනාකම වැඩි කරන්න පුලුවන් ඒකට පාදක උන පසුබිම් කතාවත් කිව්වම. වටින අදහසක්.
ReplyDeleteමාත් අහනවා.. නියම වැඩසටහනක්...
ReplyDelete(ගීතික)
මේකට සෙට් වෙලා බලන්න ඕනේ.... තෑන්ක්ස් අයියේ දැනුවත් කලාට.
ReplyDeleteස්තූතියි මචන් මේ ගැන ලිව්වට... මේ දවස් වල හොඳ සින්දුවක් අහන්නත් පිනක් තියෙන්න ඕන කේස් එකක්නෙ තියෙන්නෙ...
ReplyDeleteඅහල බලමු
ReplyDeleteතාම අහල බැලුවෙ නැහැ, සිංදුත් අහලම එන්නං
ReplyDeleteමාතලන් : වැඩසටහනේ කියවෙනවා බන්... රිච්මන්ඩ් එක ගාල්ලේ.
ReplyDeleteපිණිබිඳු... : ඔව් ඔව්.. අහල බලන්නකො...
ගීතික : සිරාම වැඩසටහනක් තමයි මචන්
Prasanna : එළ මචන්... අහල බලපන්
සාතන් : අනිවාර්යෙන්... අලුතින් එන හුඟක් සින්දුනම් අනේ මන්දා
ReplyDeleteපොඩි මෑන් : එළ මචන්
Observer : අහල බලන්න අයියේ
අහලා බලන්න ඕනා. ගීතය වගේම පාදක වෙච්ච කතාවත් ගොඩක් ම වටිනවා.
ReplyDeleteඇහිල්ලක් තමා තියෙන්නේ
ReplyDeleteමධුරංග : ඔව් මචන්... අහල බලපන්...
ReplyDeleteහිස් අහස : එල එල මලයා... අහපන්. මේක සිරා
මේ අනිත් ලින්ක් ටිකත් අද රෑ ගිහින් බලන්න ඕන . .
ReplyDeleteබොහෝම ස්තූතියි . .
මම මේක කලින් දැක්කේ නෑ කොල්ලෝ . .
හිටු මගේ ලිපියේ මේකට ලින්ක් එකක් දාන්න . ..
මේ ගැන බට්ටිත්... මාතලං අයියත් ලිපි දෙකක් පස්සෙ ලියල තිබුනා මතකයි... ලිපියෙ ලින්ක් එක දැම්මට ස්තුතියි අයියේ....
ReplyDelete