Monday, October 17, 2011

අම්බානෙක බීල... ලයිසන් නැතුව එලවලා.. පාර වැරදිලා.. පොලිසියට මාට්ටු වෙලා.. ගෙදර ගිය හැටි..

Share
 
ඉතින් අපිත් වයසට යනවා... මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඕප දූප ටික ආරංචි වෙනව. අපේ උනුත් දැන් ටික ටික  ජය මංගලම්.. පවුල් පන්සල් වෙන්න අරන්...
අනේ සාදු... දැන් මේ කියන්න යන්නෙ පවුල් පන්සල් වෙන්න යනව කියල නෙමේ...


කොටින්ම මගුලක් ගැන නෙමේ මගුලකට ගිහින් උන දෙයක් ගන කියන්න හදන්නෙ...


2005 ජනාධිපතිතුමා රජ වෙන්න කලින් තිබ්බනෙ ජනාධිපතිවරනයක්. ඔය කාලේ තමා මේක උනේ.


මේක ඇවිල්ල අර පාවෙන කාලේ ඕනි කුණු ගොඩකට වලියකට " යමන් මචන් " කියල ඔලුව දාන කාලේ සීන් එකක්....


මම මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලෙ මූ කිවා

" මචන් අද රෑ wedding එකකට යන්න ඔනෙ උබත් යමන් "


 කියල. මම බැලුව යකෝ එහෙම යනවද වෙඩින් වලට.. ප්ලේට් ගානට කාර්ඩ් ගහල අන්තිම සතේට ගනන් හදල නෙව දැන් වෙඩින් වලට යන්නේ.... 


" යකෝ එහෙම යනවද බන් wedding  වලට invitation නැතුව... "



" උබට invitation දෙන්න පිස්සුද බන් උන්ට... අවුලක්  නෑ උඹ වරෙන්කො... මම නේ  කියන්නේ  "


දැන් බඳින්නේ කෙල්ලෙක් ද කොල්ලෙක්ද බඳින එකා කලුද සුදුද කියලවත් මම දන්නෙ නෑ... මටත් ඉතින් මොකෝ අතින් පයින් යනව කියලය...


ඉතින් ඕනි මගුලක් කියල මාත් උගෙ කිට් එකක් දාගෙන ලාස්ති උනා.

මූට තිබ්බ අර වැලි අදින ජාතියෙ canter එකක්... ඕක තමයි ඉතින් වාහනේ දුකට සැපට ඕනි දේකට තිබ්බ.... පිස්සු සීන් එක කියන්නෙ මූ වෙඩින් එකට යන්න ගත්තෙත් මේ වාහනේ.... තියෙන එකේ නොයා ඉතින් පාරෙ බස් එකේ යන්නය...  අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...  ඕක ඇවිල්ල බර වාහනයක්.. ඒ කියන්නේ බර වාහන ලයිසන් ඕනි එලවන්න.


අවුලක් නෑ පොර එලවනව මම වාඩි වෙලා යනවා... ඉතින් ගියා. මාලබේ තමා wedding එක තිබුනෙ. මුගෙ ගෙවල් පිලියන්දල.
වෙඩින් එක කිව්වට ඇත්තටම වෙඩින් එක ඉවරයි. එදා රෑ ඒ  බැඳපු එකාගේ යාළුවන්ට පාටි අංශයක්. ඒකයි පොරත් අවුලක් නෑ යමන් කියල මාවත් එක්කන් ආවෙ. 



ඉතින් ගිය වෙලේ ඉදන් බීමක් තිබුනෙ. අපරාදෙ කියන්න බැ එහෙම බයිට් variety එකක් නම් මං අද මේ වෙනකල් දැකල නෑ. චිකන්, ඉස්සො, දැල්ලො, පෝර්ක්, බීෆ් ඔක්කොම ඩෙවෙල් ද නා නා ප්‍රකාර විදියට හදලා... තව කන්කුන් ඩෙවෙල්... වෙජිටේරියන් අයට එහෙම... බොන්න තිබ්බෙ නම් ලෝකල් තමයි... ඒත් හොඳ variety එකක් තිබ්බ.


කුඩු වෙන්න... නන්නත්තාර වෙන්න වැදුන දෙන්නටම. ‍අපිට විතරක් නෙමෙයි එතන හිටි උන්ගෙන් 90 % අවුට්... ඒ මදිවට සමහර එව්වො බෝතල් සාක්කුවෙ දාගන්නව... ඉනේ ගහ ගන්නව... මඟුල් ගෙදර උනුත් අනේ පිනට දුන්න කියල හිතාගෙනද මන්ද ඇස් වහගෙන ඉන්නව නොදැක්ක සේ... ( බැඳපු ඩයල් එක පිට කොටුවෙ බිස්නස් කරන පොරක්.. ඉතින් ඇවිත් තිබ්බෙත් අමුතුම ඩයල් ටිකක්... )

යාලුව නම් ෆුල් අවුට් සීන් එකක්. අපි බීල හින්දද මන්ද මට නම් පෙනුනේ මනමාලයත් ශොට් එකක් වත් දාල කියල... අනේ මන්ද... කොහොම හරි බත් ඩිංගිත්තකුත් කාල ඩෙසර්ට් නම් කන්න බෑ බෑ වගේ නිසා ඒකත් එපා කියල අපි ආව ගෙදර යන්න... ඉතින් ගෙදර යන්නත් එපයි.


කව්ද යකො අර කැන්ටර් තඩිය එලවන්නේ.. මට බර වාහන ලයිසනුත් නෑ... අනික පාර දන්නෙ ත් නෑ... ( ඔය කාලේ මම මාලබේ ඉදන් පිලියන්දලට යන්න දන්නෙ නෑ.. )..


‍ඒත් ගෙදර යන්න ඕනි නිසාත්... බීපුවගේ ශක්තිය නිසාත්... අරූවත් අමාරුවෙන් අරන් කන්ටෙර් එකට දාගෙන ( වටේ බේබද්දන්ගේ උපකාරයෙන් )  එවෙලේ බුදු ෆිට් උනු සෙට් එකට එන්නම් කියල ආව. මනමාලයට කිව්වද මතකත් නෑ...


මට ඉතින් බර වාහන ලයිසන් නැති උනාට අරූගේ බර වාහන ලයිසන් එකට වඩා මගේ කාර් ලයිසන් එකට හොඳ තත්වෙ තිබ්බා... ඌට සාපෙක්ශව...

අනික් අවුල මන් පාර දන්නෙ නෑ. ලාවට මතකයක් තිබ්බට එවෙලේ තිබ්බ තත්වෙ අනුව පාර පුරා සීන් එකක් නේ.

ඒ හින්ද ඔන්න පාරට දාගෙන එන්න ආව කියමුකො....

" ඒ ඔහොම නවත්තපන්... "

" ඇයි ? "

" මට චූ බරයි... නවත්තපන්... "

අවශ්‍ය්තාවකනේ... අනික කාගෙන් තහනමක්ද... ඒ කාලේ චූ කරනවට නීති තිබ්බෙත් නෑ මයෙ හිතේ.. ගැහුව බ්‍රේක් පාරක් පාර මැදම.. ( අතුරු පාරෙ මේ තාම ඉන්නේ ).. වාහනේ පාර මැදම තියල දෙන්නම බැහල චූ ත් කරා...

හරි දැන් ඔන්න යනවා... අවුල ඉතින් මම පාර දන්නෙ නෑ... මතකෙන් යන්නේ.. මට මතක විදියට මාලබෙන් අතුරුගිරිය පැත්තට දාල කොට්ටාව - මාලබේ බස් යන පාරේ ගියේ...

" ඒ මචන් හරිද... "

" හරි හරි පාර හරි උබ යමන්කො.. "

කොහොම හරි ඉතින් ආව එහෙන් මෙහෙන් දාගෙන. අරූ ගෙන් අහන අහන පාරට හරි හරි යන් කියනව උට පාර තියා මාව පේන පාටකුත් නෑ.




ජනාධිපතිවරන කාලේ නේ ඉතින් පොලෝසියේ අන්කල්ල ( ඒ කාලේ අන්කල්ල.. දැන් අයියල උනාට ) ලා හම තැනම... ඉතින් ඔහොම යන ගමන්... කොයි හරියෙදිද මන්ද දැම්මනේ අත එකෙක්...


බීපු වෙරි ටික සූ ගාල දාදිය පාරකින්ම වාශ්ප වුනා... දැන් මොකැයි කොරන්නේ... අතත් සුට්ටක් විතර වෙව්ලනවා...

" ඇයි නැවත්තුවෙ " ඒ අස්සෙ අරූ අහනවා... ඌ ඇස් දෙකත් පියාගෙන කනත් සක්කුවෙ දාගෙන.. ඒත් නිදි නෑ...

" පොලිසියෙන් බන්.. අත දැම්ම.. "


" අනේ ඕකුන්ට හුන්නස්ගිරිය ( අබේපාල මාමගෙන් ඉස්සුවෙ ) කියල යමන් බන්... "  

මගේ තිබ්බ වෙරිත් බැස්ස... ඇයි දෙයියනේ ඒක ඇහුනනම් අපි දෙන්නට පාර මැද තියල හුන්නස්ගිරි කන්ද නග්ගනව ආයේ හෝදන්න දෙයක් නෑ...

ඉතින් එක අන්කල් කෙනෙක් ඇවිල්ල දැම්ම ඔලුව...

" මල්ලි පොඩ්ඩක් ලයිසන් ඉන්ශූරන්ස් අරන් බැහල එනවද "


මාත් ඉතින් කලබලෙම මගේ ලයිසන් එකයි ඉන්ශූරන්ස් කොලෙයි අරන් බැහල ගියා...

තව එකෙක් එතන පොතකුත් තියන් ලියනව. මම කට වහගෙන ගිය පොර ගාවට... ඇයි දෙවියනේ සංසාරෙ හුරු පුරුදු සුවඳ වත් දැනුනොත් ඉවරනේ...


" කෝ... දෙන්න.. " මම ලයිසන් එක අතේ තියාගෙන ඉන්ශූරන්ස් කොලේ දුන්නා... වැරදිලවත් ලයිසන් එක බැලුවොත් ලොරි ලයිසන් නෑ කියල මාට්ටු වෙයි කියල..

" මේ ඉන්නේ තමුසෙ නෙමෙයි නේ... ? "

හත්දෙවියනේ උගේ අතේ ලයිසන් එකක්.. මූන පුරා රැවුල වවපු ඩයල් එකකගේ.. මම නෙමෙයි නේන්නම්.... ටක් ගාල මීටරේට වැටුනා.. අරූගේ ලයිසන් එකත් ඉන්ශූරන්ස් කොලේ ඇතුලේ...

" සර් ඔය අර අනික් එක්කෙනාගෙ... එයාගෙ වාහනේ.. "

" කෝ තමුසෙගේ ලයිසන් එක... ? "

" අහ් මෙන්න සර්... "

 මමත් අතේ තිබ්බ ලයිසන් එක දුන්න ගැහි ගැහි..

පොරත් ලයිට් එලියට අල්ල අල්ල බල බල පොතේ මොනවද ලියනව..

" කොහෙද යන්නේ... ? කොහේ ඉදන්ද එන්නේ... ගියේ මොකටද ? "  ආදී ප්‍රශ්න සැට් එකකුත් ඇහුව.. මමත් ඈතින් ඉදගෙන බොහොම අමාරුවෙන් කට වහගෙන වගේ උත්තර දුන්න.. ඇයි දෙවියනේ සුවන්නදක් වත් ආවොත්... බඩු නේ... පොර විස්තර ටික ලියාගෙන මට කොල ටිකයි ලයිසන් එකයි දීල...


" හරි යන්න.. "

දැන් මටත් සීන් එක අවුල්.. දඩේකුත් නෑ... කරපු වැරද්දකුත් නෑ... හිතේ අවුලට මමත්..

" සර් විස්තර ටික ගත්තෙ ? "

" අහ් මේ පාරේ යන වාහන වල ඩීටේල්ස් ගන්නව.. මැතිවරන කාලෙනේ ඕයි.. "

මම ඌටත් හිනාවක් දාල වාහනේට නැග්ග...

" මොන හුන්නස්ගිරියක්ද උන් කියන්නේ... මම කතා කරන්නද ? "

මූ ට පිස්සුද මන්ද... කෙලින් ඉන්න බැරි එකා බැස්සොත් වැරදිලාවත්... මම සිං ගාල එතනින් කැපුනා..


පුදුම වාසනවක් තිබිල එතනින් බේරුනේ... උන්ට සීන් එක තෙරුනානම් ඇපත් නෑ... ඉතින් කොහොම හරි     "මහරගමට " හරි " කොට්ටවට " හරි ආව... මට මතක විදියට කොට්ටාව වෙන්න ඕනි... ඔය දෙකින් එකක්... ඇවිල්ල දැන් හරවන්න ඕනිනෙ හයිලෙවල් රෝඩ් එකට... මට මතක විදියට මම වමට හරවලා දැන් කෙලගෙන යනවා මහරගම බලා... මගේ මීටරේට අනුව ඔහොම ගියහම මහරගම හම්බෙන්න ඕනි... එතකොට පාර දන්නවනේ...

යනව යනව මහරගම නෑ.. ඔහොම යද්දි " මන්චි " එක තියෙනව ඉස්සරහ...
මට තේරුනා මොකක් හරි අවුලක් කියල...

 " මචන් පාර වැරදියි වගේ නේ "

 " ඇයි උබ දන්නෙ නැද්ද ?  "

ඇයි දෙයියනේ මූට මම කී පාරක් කිව්වද පාර කියපන් කියල...

" නෑ යකෝ... "

" ඉතින් මේ යන පාර වැරදිනේ... අනිත් පැත්තට නෙ යන්න ඕනි. "

මූ ඉදන් කියපි...

" ඉතින් උබ නොකිව්වෙ ? "

" මම හිතුවේ උබ වෙන හුන්නස්ගිරියක යනව කියල .. "

අනේ ඉතින් කාට කියන්නද...

දැන් එහෙම කියල හරවන්නෙත් නැතුව යනව ඌත් එක්ක වාද කර කර... තවත් සෑහෙන ටික දුරක් ගිහින් හයිලෙවල් එකේයූ ටර්න් එකක් දාල මහරගම හරහ ගෙදර ආව අතක් පයක් කඩා ගන්නෙ නැතුව දෙයියනේ කියල...

එදායින් පස්සෙ මම නෙමෙයි ඔය ගානට බීල වාහන එලවන්නේ...



අහ් මේ යාළුවා වෙන කවුරුත් නෙමෙයි අර එපා ම උනු මත්පැන් බීමක් එකේ පොරම තමයි.. ඒ ලිපියේ සිංහල නම් අන්තිමයි. බ්ලොග් එක පටන් ගත්තු අලුත නිසා උනිකෝඩ් ටයිප් කරල තියෙන්නේ දෙමළ වගේ.. හික් හික්...


අබේපාල මාමගේ හුන්නස්ගිරි කතාව මෙතනින්.


බේබදු කතා බලනවනම් මෙන්න...


පොලිස් කතා මෙතනින් බලන්න පුලුවන්....

පින්තූර ජංජාලයෙනි.

පිස්සගේ අවවාදය : මත් වතුර පානය ශරීරයට අහිතකර විය හැකිය.

30 comments:

  1. පුදුම වෙන්න කාරණයක් තමයි! මොකද හරියට යනඋංවත් පොලෝසියෙං අල්ලන එකේ!

    ReplyDelete
  2. //දඩේකුත් නෑ... කරපු වැරද්දකුත් නෑ... හිතේ අවුලට මමත්..//

    කරපු වැරද්දකුත් නෑ??

    ඇයි යකෝ බීලා වාහන එලවීම?
    බරවාහන ලයිසන් නැතිව බර වාහන එලවීම?

    ReplyDelete
  3. තව පොඩ්ඩෙන් මල හුන්නස්ගිරියක් වෙන්නෙ!

    ReplyDelete
  4. ඔව ඔහොම තමා ලොක්කා.... අරක්කු දිව්‍ය රාජයා අරක් ගත්තහම...ආයි ඔකා අරුඩකරගන්න කොට ගානකට ගනිං...

    ReplyDelete
  5. බීලා එලවන්න එපා බොල.. මම මේ වෙද්දි 20000කට වඩා ගෙවලා ඇති පගාව විතරක්....

    අර යට තියෙන අවවාදය නම් තනිකරම පිස්සාගේ අවවාදයක් තමා...

    ReplyDelete
  6. මදෑ යහතින් ගෙදර ගියා...

    ReplyDelete
  7. පිස්සු සඳ... අයෙත් ඉතින් අහනවා...

    ReplyDelete
  8. මම යන්නෙ එන්නෙ ඉතිං බයික් එකේ නෙ . . . . බීල එද්දි පොලීසියෙන් නැවැත්තුවොත් ටක් ගාල ග්ලවුස් දෙකෙන් එකක් ගලවනව කටින් ඇදල . . . ඊට පස්සෙ පොලිස් කාරය එක්ක කරන ඕනෙම කතාවක් අර ගලවපු ග්ලවු එක දත් සැට් එකෙන් එල්ලගෙන . . . ඒකෙ ගඳට අරක්කු නෙමේ වෙන මොන ගූ ගඳක් උනත් කැපිල යන්ව

    ReplyDelete
  9. එල කතාව. ඔහොම ඩීටේල්ස් ලියාගන්න චෙක් පොයින්ට් එකක් තිබ්බ නිට්ටඹුවෙ. මහ රෑ පැය ගනන් පෝලිමේ ඉඳලා විස්තර දීල යනව.
    henryblogwalker the Dude

    ReplyDelete
  10. පොලිස් කාරයොත් බීල ඉන්න ඇත්තෙ මයෙ හිතේ...

    ReplyDelete
  11. කරගන්න දේවල්... ඒ පිස්සා අර පොලිස් කාරයට මීටර් වුනේ නැද්ද බං උඹ ලොරි එකවන්නේ කාර් ලයිසයි එකකින් කියලා.

    උන් දෙන්නත් බීලාද දන්නෙ නැ හැටියේ.

    ReplyDelete
  12. අන්තිමට ලියලා තියෙන එකනම් හරියට පේන්නෙ නෑ බන්

    ReplyDelete
  13. ෂු.. නුලෙන් බේරිලා.. තව පොඩ්ඩෙන් එල පොරියල් එකක් සෙට් වෙනවා අහූ උනාන

    ReplyDelete
  14. මල්ලි හොදටම ෂුවර්ද ඔය ලංකාවේ පොලීසියද? වෙරිමරගාතේ ඔය රටේ පොලීසියද කියලා බලන්න අමතක වුනාද?
    දවසක් ජීවිතේට කටේ තියලා නැති මගේත් අරක්කු ගද එනවා කිව්වනේ අපේ ලංකාවේ පොලීසිය. ඒ සැරේ මම කිව්වා රෝහලකට යන් හැබැයි බීලා නැත්නම් මම තමුසෙලට නඩුදානවා කියලා. මෙන්න ඒ සැරේ යන්න සර් කිව්වා. මට පුදුමයි එහෙව් පොලීසිය......

    ReplyDelete
  15. ඔයින් බේරුනා හොඳටෝම ඇති !

    ReplyDelete
  16. ෂුවර් එකටම පොලිස් කාරයෝ බීල ඉන්න ඇත්තෙ.

    @ ඕනයා,
    නෑ එක්කො ඕනෙ නැහැ....

    ReplyDelete
  17. බීලා වාහන එලවනවට නෙමේ...බොනවට හොඳම වැඩේ.....

    ReplyDelete
  18. බොන එක වෙනම කතාවක්. ඒත් බීල වාහන නම් එලවන්න එපා සහෝ, ඉන්න තැනකම වැටිල ඉඳල වෙරි හිඳුනම යනව මිසක්.

    ReplyDelete
  19. හොද වෙලාවට ඒ අපේ පොලීසිය උනේ.. නැත්නම් ඉතින් ඇතුලෙම තමයි එවෙලේ....

    ReplyDelete
  20. මට නිකං මැවිලා පේනවා දෙන්නෑ කැන්ටර් එකේ නැගලා වෙඩින් එකට ගිහින් එනවා..මරු මරු

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. seen ekama film ekak wage liyala anthimata ikmanata iwara karapu eka thamayi waradda. kaapu katta thawa liyanna thibune.

    e wunata ela kathaawa

    ReplyDelete
  23. අප්පා මමත් මේ ලඟදී අපේ මැනේජර් ලොක්කව බයික්කේ තියාගෙන ගෙදරට ගිහින් දාලා ආවා . පොර කුනුවෙන්න ගහලා ..හැබැයි බීලා තිබුනේ හරියටම එක වීදුරුවයි එක වීදුරුවෙන් පොර ඩවුන් ..

    ඉතින් මම සේරම ටික බීලා මූව ඇරරෝගෙන බයික්කේ තියාගෙන ගියා මූ දාපි මගේ කරේ ඉඳලා කොලර් එක දිගේ පහලට කබරයා පාරක් ! ඒක ලියන්න ඕන

    දැන් කොහොමද අදාල පුද්ගලයා බීමතින් වැරදි රියදුරු බලපත්‍රයකින් රිය පැදෙවුව බවට පාපොච්චරානයක් තියනවා ඒක නිසා ඔහු ලංකාවට එනවිටම අත් අඩංගුවට ගන්න කියලා උසාවි නියෝගයක් නිකුත් වුනොතීන් එහෙම .. අඩේ එහෙම වුනොත් පට්ටයි !

    ReplyDelete
  24. මෙහෙමත් බේ බද්දෝ යකෝ :D
    මමත්.... ආ නෑ එක්කො ඕන නැහැ.. :D

    ReplyDelete
  25. මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ......

    ReplyDelete
  26. කට්ටියටම ස්තුතියි ඇවිත් ගියාට.... වෙන වෙනම කමෙන්ට් වලට උත්තර දෙන්න අදනම් පුදුම කම්මැලි කමක් තියෙන්නේ..... සමාව ඉල්ල සිටිනවා ඒ සම්බන්ධව.... :D :D :D

    ReplyDelete
  27. ඔබා මාමා කිව්වා වගේ පොලිස් කාරයෝ බීලා ඉන්න ඇත්තේ...

    ඒක නෙවෙයි පිස්සෝ... පිළියන්දල කොයි හරියෙද ? මමත් පිළියන්දල තමා... හරිය... දන්න කියන අයද දන්නෑ නොවැ...

    ReplyDelete
  28. මම පිළියන්දල නැවතිල හිටියේ මචන්... මම ගාල්ලෙ නේ.

    ReplyDelete
  29. මමත් දවසක් රෑ බයික් එකේ 3දෙනෙත් ඩබල් දාල යද්දි පොලිසියෙන් පාරට පැනල නවත්තන්න කිව්වි.. ඒ මදිවට මැද වාඩි වෙලා හිටපු එකාට හෙල්මටුත් නෑ..

    බයික් එක නවත්තපු එකා කිව්වා ලයිසන් ඉන්ෂුවරන්ස් අරන් යන්න කියල එහා පැත්තේ ඉන්න ලොක්කා ගාවට.. ෂේප් එකේ ඒ ටික පෙන්නල මම මාරු....

    ReplyDelete
  30. මටත් එක දවසක් ඔයවගේම දෙයක් උනා දාන්න ඕනේ ලියලා.

    ReplyDelete

Related Posts with Thumbnails