Tuesday, October 18, 2011

මගේ කෙල්ල බ්ලොග් කියවන්න අරන්... ( පළාමල්ල ට වාරණයක් )

Share

කාල වරෙන්කො.... ඇනොනිමස් විදියට බ්ලොග් ලියන්න කියල ඔන්න ඉතින් පිස්සුවකුත් හදාගෙන ආව කියමුකො.... ඊට පස්සෙ ටිකින් ටික එකා දෙකා අදුර ගත්තා... අභීත දත් දොස්තර මහත්තය හීනයක් දැකල අවුරුදු උත්සවයක් තියල බ්ලොග් අවකාශෙ සැට් එකක්ම අදුර ගත්තා... ඊට කලින් නෙළුම් කොළේ සෙට් වෙච්චි එක වෙනම කතාවක්...


ඔය කොහොමින් හරි මූනු පොත හරහා අර තිබ්බ පිස්සගෙ ඇනොනිමස් ගතිය නැති උනානෙ...


ඒත් ඉතින් බ්ලොග් අවකාශෙ එව්වො ඇරෙන්න මම බ්ලොග් ලියනව කියල දන්නෙ නැහ නෙව කවුරුත්... අපේ එව්වො එක්ක බීමකට සෙට් උනු වෙලාවක ගෝල්ඩ් ෆිශ් කෝල් එකක් දුන්න මතකයි දවසක... ( ලංකාවට ආව වෙලේ.. ) එවෙලෙ ඌත් එක්ක කතා කරපුව අහන් හිටපු අපේ නම් බ්ලොග් එකේ ජනප්‍රිය චරිත ටික ඇහුව මොකක්ද බන් උබ ලියන්නේ.. මොනවද ඔය බ්ලොග්  කියල... 

" තොපි ගැන තමයි ඉතින් " 

කිව්වට උන්ට ඒක තේරුනේ නැත්තෙ එවෙලේ මල්ටි බිලියන් බිස්නස් ඩිස්කශන් එකක් ගිය නිසා වෙන්න ඇති අපි අතරේ... බිව්වම අපේ සංකය කතා කරන්නේ එහෙම එව්ව ගැන... අතරින් පතර කඩ්ඩත් දානවා....


කොහොමින් හරි ඉතින් අපේ මගේ වෙන්න භාරියාව හෙවත් කෙල්ල පැටියට ඕක ඉව වැටුනා..

මොනවද ඔයා ලියන්නේ ?

කා ගැනද ?

මං ගැනත් ලිව්වද... ?


ආදී ප්‍රශ්න.. ටික දවසක් යද්දි.. කෝ ඉතින් ඔය ලියන ඒව මටත් එවන්නකො... හරිනේ ඉතින්...


" ඔයාට ඉන්ටර්නෙට් නෑනෙ සුදු... " එහෙම කියල බේරෙන්න හැදුවට කොහෙද එව්ව... එව්ව හදේ ලු..


" අහ් එහෙනම් ඉතින් ෆෝන් එකෙන් කියන්න...  " හප්පුච්චියේ මේ ලියන එව්ව කියවන්න පුළුවන්ද... කම්මැලි නැද්ද අප්ප.. මෙලෝ රහක් නැති එව්වනේ... අනික මේකෙ තියෙන බේබදු කතා සැට් එක දැක්කම අනේ අර බෝ පැල කියල හිතන් ඉන්න මගේ යාළුවො ගැන අපේ කෙල්ල මොනා නොහිතන්න බැරිද...  ඊට පස්සෙ ඉතින් ලංකාවට ගිය කාලෙක වත් එව්වො එක්ක සෙට් වෙන්න අවසර ගන්න අමාරු වෙනව නෙව අර එකෙක්ට වුනා වගේ...

ලිපියක් දෙකක් කියෙව්ව අමාරුවෙන් තෝරගෙන.... මටම කම්මැලියි..
මම හිතුවා බ්ලොග් කියවිල්ල ඇහිල්ල ඒකෙන්ම එපා වෙයි කියල... කෝ නෑනේ...

මේ ඔය බ්ලොග් එක එවන්නකො මට...


දවසක් තකහනියෙම...


ඇයි සුදු ඔයා කොහොමද බලන්නේ..

මම බලන්නේ මගේ ෆෝන් එකෙන්..


හුටා.. ෆෝන් එකෙන්...

ඕකේ සිංහල නැහනේ සුදු... බ්ලොග් බලන්න සිංහල තියෙන්න ඕනි..


එදාත් වැඩේ ශේප්...

මේ ඔයාගෙ බ්ලොග් එක එවන්නකො... මම බලන්න ට්‍රයි එකක් දෙන්නම්... මේකෙ සිංහල තියෙනව අනේ...

හුටා හරිනේ... දැන් ඉතින් මොකේදැයි දන් වලදන්නේ අපේ ලොකු හාමුදුරුවනේ කිව්වලු....

palaamalla.blogspot.com ඔන්න සුදු... ඕක තමයි බ්ලොග් ඇඩ්‍රස් එක...

පැයක් ගියා... 2 ක්... 4 ක් 5 ක්... සද්දයක් නෑ...

සුදූ මොකද කරන්නේ ?


ප්‍රතිචාරයක් නෑ...

ගත්ත කෝල් එකක්...

" දිව් රාල පවසන්න මට ආ... බීප් බීප් බීප්...  "

හුටා කට් කරා නේද...


ඔන්න තව විනාඩි 10 කින් විතර කෝල් එකක්...


අනේ සොරි පැටියො... මම ඔයාගෙ බ්ලොග් එක බල බල හිටියේ...



ඉතින් කට් කලේ... මටත් ටිකක් විතර තද උනා..



අහ් මම අර දිනිති කතාවෙ අන්තිම කොටස කියව කියව හිටියේ.. ඒකයි...


හුටා...


මේ කව්ද අනේ දිනිති.. ඔයා මට කියල නෑනේ...



දිනිති නෙමෙයි අනේ... ***** බ්ලොග් එකේ නම වෙනස් කරල දැම්මේ ඉතින්...



අහ් එයාද...



මේ මේ ඉතින් ඔයා අපි ගැනත් ලියන්නකො...


හරිනේ... තව මෙගා සීරිස් එකක්.. බ්ලොග් එකක් කියවගන්නවත් වෙලා නැති කොට මෙගා ලියන්න...


වෙලාවක් නැහැනේ සුදු.. පස්සෙ ලියමු..



ඒ උනාට ලියන්න ඕනි හොඳද...



හරි හරි සුදු...


ඔය ආකරයේ ප්‍රශ්න පත්තරයක්...


අපෝ ඒ උනාට ඔය බේබදු කතා ලියන්න එපා අනේ.. ඔයාගෙ බ්ලොග් එක කියවන අය මොනව හිතයිද...


බ්ලොග් අවකාශෙ නොදන්න බෝතලය කිව්වලු...

ම්ම්ම් ඔව් ඔව් බොන කතා නොලිය ඉන්න ඕනි...


ඔයාගෙ ඔය පරණ කෙල්ලො ගැනත් ලියන්න එපා... ඒව ඕනි නෑනේ.. ඔයා මම ගැන ලියන්න...


හරිනේ... ඔන්න එහෙනම් පිස්සගෙ පළාමල්ලටත් ඒක පුද්ගල වාරණ මන්ඩලයක් පත් කරල... ඉස්සරහට ලියන එව්වයෙන් මොනව වාරණය වෙයිද මන්ද...


ප. ලි : ඔය ඉතින් මම ඔහොම කිව්වට අපේ කෙල්ල කිසි ගින්නක් නෑ... ඔයා ලියන ඒව හොඳයි... ඒ කවුරු ගැනද... ආදී ප්‍රශ්න/ විචාර තමයි ඉතින්... මම දන්නවනේ.. මෙච්චර කාලෙකට චූටි හරි ලෙඩක් දැම්මෙ බොනවට තමයි.. ඒකත් ඉතින් වැඩිය එපා කියනව මිසක් " බිව්වොත් එහෙම  මම තෝව දාල යනවා " ජාතියේ තර්ජන නම් නෑ... කොහොමින් හරි සිංහලෙන්ම කියනවනම් රත්තරන් කෙල්ලෙක් සෙට් උනා අන්තිමේදි...


මෙව්ව ඇවිල්ල නවසීලන්තයෙන්ම වැඩි ගානට ආනයනය කරපු සුපිරි බටර්... හික් හික්...

54 comments:

  1. කොච්චර කරත් තනිකම තමා අැඟටගුණ! :) ;) :D

    ReplyDelete
  2. අෆොයි අර රත්ගමය උනා වගේ වැඩක්ද වෙන්න යන්නේ

    ReplyDelete
  3. කොහොමින් හරි ඉතින් අපේ වෙන්න භාරියාව හෙවත් කෙල්ල පැටියට ඕක ඉව වැටුනා..

    මොකක් බන්? අපේ? :O :D :D

    -කෝච්චියා-
    (ලොග්වෙන්න කම්මැලි බන්)

    ReplyDelete
  4. දැන් එතකොට නැකත් එහෙම බැලුවැයි...?

    මමත් ඊයේ නාගත්තා රාජකීය නෑමක්... නඩුකාරීය මගේ බ්ලොග් එකේ ඊයේ දාපු පෝස්ට් එකේ ලින්ක් එක යැවුවා, පොර වෙන්න කියලා හිතාගෙන. මට අමතක වුනානේ බං ඒ ලින්ක් එකෙන් ගියත් ඊට කලින් දා පෝස්ට් එකත් බලන්න පුළුවන් කියලා...

    පස්සේ එනවා කෝල් එකක්... මොනාද ළමයෝ අර ලියලා තියෙන්නේ...? කියලා...

    ReplyDelete
  5. ඔය වාරණය ආණ්ඩුවෙ වාරණේට එහා.
    මේකට කොමෙන්ටුවක් දැම්ම ඊයෙ. ඒත් පබිලිස් වුනේ නෑනෙ. බලමු අදවත්.

    ReplyDelete
  6. බටර් බටර් අන්තිම ටික

    ReplyDelete
  7. හොද කෙල්ලෙක් වගේ.. අනේ වාසනාවන්...

    ReplyDelete
  8. අන්තිම කෑල්ල නම් එහෙම් පිටින්ම බටර් තමා... ඔය තමන් ගැන ලියන්න, වෙන කෙල්ලො ගැන ලියන්න එපා කියන එක නම් මචන් සාමාන්‍යයෙන් හැම කෙල්ලගෙම ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයා එකක්ලු...

    ReplyDelete
  9. කේක් හදන්නයි, පාන් වලට ගාන්නයි මීට පස්සෙ මෙහෙන් ගන්න එක ලාබයි වගේ

    ReplyDelete
  10. මම උඩ ටික කියවගෙන එද්දි හිතුව කොල්ලට බඩු පැකට් වෙලා කියල. පස්සෙ බලද්දි වැඩේ ගොඩ වගේ.

    ඇන්ඩ්රොයිඩ් වල නං දැන් සිංහලත් තියෙනව.

    ReplyDelete
  11. මටත් ඔය වාරණයම ආවා...අතීතයෙන් මතක අහුලන එකට...අයිතිකාරය කියපි නැතෑ ලියන්න එපා කියලා...අනේ ඉතින් මාත් අවුරුද්දක් විතර නොලියා උන්නා...ඇයි ඉතින් දිල් " තරු ඇස් දෙකක් " ගැන ලියන්න ගත්තනෙ...

    හැබැයි ඉතින් විශ්වාසය කියන එක අපේ අතරෙ ඇති උනාට පස්සෙ....ඒ වාරණය ඉවතට ගන්න එයාටම සිද්ධ උනා....දැන් ඉතින් දිල් තරු ඇස් ගැන ලියන්නෙ නෑනෙ.... හැබැයි දැන් එක වාරණයක් තියෙනවා...මේ බ්ලොග් අවකාශයේම කෙනෙක් දිල්ගෙ ආදරය ගන්න හැදුවනෙ...ඒකෙන් තමා ඉතින් ඔය අයිතිකාරයත් හම්බ උනේ....රණ්ඩු බේරන්න ඇවිත්...ඒ බ්ලොග් එකට ගොඩ වදින්න නම් දිල්ට තහනම්.....

    කොහොම උනත් බටර් ගාලා කෙල්ලන්ව රවට්ටන්න නම් බෑ...

    ReplyDelete
  12. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ කියන්නෙ ඕක තමයි .......

    ReplyDelete
  13. දැන් ඉතිං වෙන භාෂාවකින් තමයි ලියන්න වෙන්නෙ.

    ReplyDelete
  14. අපේ වෙන්න භාරියාව හෙවත් කෙල්ල පැටියට

    උඹලගේ ගැන්සියම මැරි කරන්න හදන්නේ එක කෙල්ලෙක්වද මචන්

    මල්ලි වැකේශන් ඇවිත් බැඳපු අපිට නෝඩි කරපුවා තොට බඳින්න කලින් ඉඳලම පල දෙනවා නේද? හොඳ වැඩේ හුන්නස්ගිරිය...

    මූ මේ උඩ කියලා තියෙන කෙල්ල පැටියට මේ කියන්නේ... අපිත් එක්ක එහෙම බොන්න එන්න දුන්නෙ නැත්නම් වහලේ උළු ගලවලා තමා ඕකව අරන් යන්නේ.. නංගි, නෑ නෑ දුව... ඔය දැන්ම ඉඳන් හිත හදා ගන්න....

    ReplyDelete
  15. ඔය පරන කෙල්ලො ගැන ලියපුවා පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ බැන්දයින් පස්සේ තමා කොල්ලෝ . . අත්දැකීමෙන් කියන්නේ . . මාත් ඉතිං ඇනෝනිමස් ලියලා පස්සේ මොකාද කියලා කියපු එකානේ . . හික් හික් හික්

    ReplyDelete
  16. හරි හරි ඔහොම යමංකෝ....හැබැ පුතෝ වාරන වලට එරෙහිව සටන් කොරන්ට ඔන උනොත් කියපං අපී පුල් සපොර්ට්....

    ReplyDelete
  17. තනි අලියා : අලිය කොයි කාලයක් එහෙම ඉන්නද හිත ඉන්නෙ...හික් හික්...



    Ano : ඌට මක්ක වෙලාද... මම හිතුවෙ රැග නිසා ලියන්න වෙන්නෙ නෑ කියල...



    කෝච්චියා : ශික් විතරක්... බොටත් පේන්නෙම ඔය වගේ කෑල්ලක් තමා... අනේ උබේ කම්මැලිකම.. හික් හික්..



    prasanna86k : හික් හික්... ඇඩෙනවනේ... ඊට කලින් එකෙයි කිව්වෙ අර ෆොටෝ ගහපු එක වෙන්ටැ...

    ReplyDelete
  18. රාජ් : අත්දැකීම් තියෙන පාටයි... ඊයෙ දැම්ම එක ට.. රාජ් කෙනෙක් කමෙන්ට් කරල තිබ්බා... ඒ උබ නෙමෙයි ද... ? අහ් ඒ ඉන්ගිලිසියෙන් රාජ්...හික් හික්..


    රෙෂාන් Chathuranga : හික් හික්.... නැතුව ඉතින්....


    නිසුපා : අනිවා.... කිසි අවුලක් නෑ...


    සාතන් : උබටත් එහෙම වෙලා වගේ.... හික් හික්

    ReplyDelete
  19. වාරණය හොඳයි ! මල්ලි ඔය කොයි තාප්පෙත් හිල් තියෙනවා.. එහෙන් මෙහෙන් රිංගලා එන්න... නිදසුන් බලන්න අපි අබීතලා එක්ක ලොකු තේ සන්ධ්‍යාවක් ගත කලේ.. කවුද බීවේ ?

    ReplyDelete
  20. ලොක්කා අපේ තව සහොදරයෙක් ඉන්නව එයා රාජ්..හැබැ මගේ ප්‍රොෆයි එකත් Raj මචො..

    ReplyDelete
  21. අඩේ කෙල්ලටත් කියල දීපන් බන් බ්ලොග් ලියන්න

    ReplyDelete
  22. ඒපා කියනවනම් නොබී ඉන්නකො.ඔච්චර හොද කෙල්ලක් ඉද්දි

    ReplyDelete
  23. හයියෝ මෙහෙමත් බටර්.......... ලියපු කතාවලින්ම මෙයාට පිස්සු කියලා ඒ අක්කා දැනගන්න ඇති...

    ReplyDelete
  24. මං හිතන්නේ මචං උඹ තව බ්ලොග් එකක් පටන් ගන්න එක හොඳයි කියලා... මේක නවත්තලා දාන්නම ඕන නැහැ ඉඳ හිට එකක් ලියපන්
    "පෝය දවසේ සිල් සමාදන් උනෙමි"
    "යහපත් ළමයෙක් වෙන්නේ කොහොමද..?"
    "පෙම්වතියට අවංක වෙමි" නගේ පොස්ට් මේකේ දාහං.. ඇත්තම ලියන්න ඕන නැහැ..හික්...

    අළුතින් පටන් ගන්න එකේ ඔය දැන් ලියනවා වගේ ලියමු.. ඔන්න කරන්න තියෙන හොඳම දේ... දැන් හිතන්න එපා අපිත් එහෙමයි කියලා..හරී...

    ReplyDelete
  25. අපේ .. මොනවද බන් අපේ, කියපන් මගේ කියලා :))

    ReplyDelete
  26. තව ටික දවසකින් එයා මෙහෙම කියයි ද දන්නේ නැහැ.

    “ ඒ මෙයා , මටත් බ්ලොග් එකක් ලියන්න හිතෙනවා “

    ReplyDelete
  27. හරී - පිණිපළස : ඔව් ඔව්... කලින් ඕඩර් එක දෙන්න ඕනි... අපොයි බටර් නෙමෙයි දෙයියනේ.. හික් හික්



    මුහුදු කොල්ලකාරයා : නෑ නෑ.. එහෙම අවුලක් නෑ මචන්... හික් හික්... දැන් ෆෝන් වල මොනාද බන් නැත්තෙ.. අනෙ අප්පේ....



    දිල් : බටර් නෙමෙයි අයියෝ මේ.... එලකිරි වගේ ඇත්ත.... හික් හික්... කොහොම හරි දිල් ආයෙ ලියනවනේ... ඒ ගැන සතුටුයි



    පන්සල් හංදිය : කියල වැඩක් නැහ.... අව්ලක් නෑ ඉතින්...

    ReplyDelete
  28. Praසන්ன : අර හුන්නස්ගිරිය වගේ නොතේරෙන වචනයක අරක්කු වලටත් හොයා ගන්න ඕනි... හික් හික්



    අභීත : අපොයි බොලට වචනයක් එහා මෙහා වෙන්ට බෑනේ.... වැරද්ද නිවැරැදි කලා....

    හික් හික්... මම එහෙම කරාද බන්... මොන අර ඕනයා එහෙම අක්කත් එක්කම ඇවිත් හිටියේ...

    හික් හික්... උබල එක්ක බොන එව්ව අව්ලක් වෙන එකක් නෑ මයෙ හිතේ... තව අපේ එව්වො එක්ක... තව මෙහෙ එව්වො එක්ක... ම්ම්ම් ඔය වගේ සෙට් කීපයක් හදා ගන්න ඕනි... හපුච්චියේ මේකත් කියවයි නේ...



    දුකා : අයියා ඉතින් අත්දැකීමෙන් වගේ කියන්නේ... හික් හික්... මේ බ්ලොග් අවකාශෙ ඉන්න චරිත එක්ක කොහොම ඇනෝ වෙන්නද බන්.. මුන් හතර වටේ ගිහින් දාන ෆොටෝ දැක්කම සෙට් වෙන්නමයි හිත....



    Raj : හික් හික්.... එහෙම අව්ලක් වෙන එකක් නෑ බන්...

    ReplyDelete
  29. Weni : හක් හක් හක්... අභීතල එක්ක තේ.. අඩේ ඒක පට්ට එක්ස් කුයුස් එක....



    Raj : ඔව් ඔව්... පටලැවුනා... දැන් හරි...



    ගුණේ : මමත් කිව්ව... කොහෙද බැහලුනේ...



    suddi : ඕකනේ ඉතින්.. ඕනි නැති කතාමනේ කියන්නේ... හික් හික්

    ReplyDelete
  30. හසී : හසී හුඟ කාලෙකින් මේ පැත්තෙ.... ඇයි බොල හසියො.. පිස්සට පිස්සු කියල අමුතුවෙන් දැන ගන්න ඕනිය... හික් හික්.. බටර් නෙමෙයි අනේ...



    මාරයාගේ හෝරාව : හික් හික් හික්.... ඕව දැම්මොත් නම් අනිවා දැනගන්නව මූ මේ බොයියක් දාන්නෙ කියල... නැත්තම් අනිවා මාන්සික වෙදෙක් ගාවට ඇදන් යාවි මේ මිනිහට මක් වුනාද එක පාර කියල.. හික් හික්.



    ගුණේ : බොලට වචනයක් එහා මෙහා වෙන්ට බැරි හැටි.... ඔන්න හැදුවා... හික් හික්



    සොඳුරු සිත : මම ඒත් ඇහුව අක්කේ... කොහෙද බැහලුනේ....

    ReplyDelete
  31. අප්පේ ඇති යාන්තං ඔයින් ගොඩ ගියා..අපිට ඉස්සරහට "බලධාරියා විසින් කපා හරින ලදී" යන එක දකින්නට නොලැබේවා...

    ReplyDelete
  32. ඔව් සහෝදරයා. ඔය බොන ඒවා ලියන්න එපා. අපේ කවුරැත් බෙබේලා නෑ න්ඒ.. :D :D
    අන්තිම බටර් පාරනම් උපරිමේටම වැඩ කරයි වගේ.

    ReplyDelete
  33. වෙලාවක දෙන්නකෝ බලන්න පිස්සගේ පිස්සිගේටත් බ්ලොග් ලියන්න. :)

    ReplyDelete
  34. ඔන්න ඕකයි මම මෙගේ කෙනාට බ්ලොග් ගැන මෙලව දෙයක් කියන්නේ නැතුව හැමදාමත් ඒගැන මුනිවත රකින්නේ . මගේ බ්ලොග් එක මගේ කෙල්ල කියෙවුවොත් මට කනේ පාරක් ගහනවා සුවර් .

    ඇයි බ්ලොග් එකක තිබුනු උප්පර වැට්ටිටියක්ම යූස් කරලා නේ මම එයාව සැට් කරගත්තේ .

    උඹට දෙයියංගෙම පිහිටයි . අපරාදේ අපි ආසාවෙන් බලාපු පලාමල්ලටත්.තහන්චි වැටුන නේ

    ReplyDelete
  35. මම නම් මොකක් හරි අටමගුලක් සෙට් උනොත් බ්ලොගත් වහල දාන්න වෙයි වගේ බං

    ReplyDelete
  36. මීට පස්සෙ ඔය වගේ මාතෘකා ගැන ලියනවනං . . . . මෙන්න මේ වගේ ලියපං . . .

    ප.ලි.
    මම හාමිනේ එක්ක ආවට හාමිනේ බ්ලොග් කියවන්නෙ නෑ බොල

    ReplyDelete
  37. වාරණ මණ්ඩටයට අහු උන බව පෝස්ට් එකෙන් පේනවා.. මීට පස්සේ බලදාරීයා විසින් කපා හරින ලදී කෑලී එහෙම තියෙයි නේද...

    ReplyDelete
  38. අපරාදේ බොරුවක් කියල ශේප් වෙන්න තිබ්බේ....

    ReplyDelete
  39. ඔය බටර් වලට අහු වෙන්නෙ නෑ.

    ReplyDelete
  40. cjgayan : නෑ නෑ එහෙම වෙන්නෙ නෑ.... බලධාරියා ශේප්



    Missaka : බෙබේලා නෑ නේන්නම් බ්ලොග් අවකාශේ



    මධුරංග : ඇහුව බන්.. ලියන්න නම් බෑලුනේ....



    හිස් අහස : හික් හික්... ඒ උනාට දැන ගන්න පුළුවන් බන් ටික කලක් යද්දි.. දැන් තියා ශේප් කරන් හිටු...

    ReplyDelete
  41. රංග - මගේ ලෝකය : හික් හික් ඔව් ඔව් උබේ බ්ලොග් එකේ මුල් කාලේ තිබ්බ පෝස්ට් ටික දැක්කොත් ඕනි කෙල්ලෙක් ට ඔරොප්පු වෙනව හොඳම එකෙන්



    ඕනයා : හාමිනේ කියවන්නේ නෑ... මම හිතුවා ඒත් එදා අරහෙම කට්ටක් කද්දි බ්ලොග් අවකාශෙ එව්වො ගැන හොඳ චරිත සහතිකයක් ඇතිව වෙන්න ඇති කියල... මොනා උනත් අයියගේ හාමිනේ නම් කිසිම ගින්නක් නෑ වගේ... නැත්තම් අර එදා කාපු කට්ටම මදෑ...



    මාතලන් : අවුලක් නෑ.. බලධාරිය ශේප්.



    ඔබ නොදු‍ටු ලොවක්..... : බොරු මොකටද බන්....



    පිණිබිඳු... : මේව බටර් නෙමෙයි අයියෝ...

    ReplyDelete
  42. බොන්නේ ඉඳල හිටල කලාතුරකින්, පාර්ටියකදී, මගුලකදී,මරනෙකදී,පින්කමකදී, හිතට සතුටක් ආවම, හිතට දුකක් ආවම,යාළුවො සෙට් වුනාම, ට්‍රිප් එකක් යනකොට...........ආදී වශයෙන් කෙල්ලට ලිස්ට් එකක් දීල තියහන්.

    ReplyDelete
  43. හික් හික් හික්... ඔය වගේ වැදගත් අවස්ථා වලදි බොනවට තමයි අයියේ ලෙඩේ... බලපන් කොයි තරම් පොඩි අවස්ථා ගානක්දිද අපි බොන්නේ නේද....

    ReplyDelete
  44. පිස්සට හොඳට බටර් ගන්ට පුළුවන්නේ:-D. ඉස්සරහට පිස්සාගේ කුප්ප කතා නැති වෙයිද?

    ReplyDelete
  45. ඔය වාරණේ ටිවි එකේ කොටු යනවටත් වැඩිය එහා.. දැන් එහෙනම් ඊළග පෝස්ට් වල ඉදන් පරිස්සම් වෙන්න වේවි.. මේ අපි කමෙන්ට් කරද්දිත් පරිස්සම් වෙන්න ඕනද??? :)

    ReplyDelete
  46. අර අන්තිමට ප.ලි තිබුනෙ බයට එහෙම නෙමෙයිනෙ?

    ReplyDelete
  47. නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න : නෑ නෑ එහෙම වෙන එකක් නෑ.... හික් හික්


    Dinesh : නෑ නෑ කමෙන්ට් වලට වාරණයක් නෑ නෙව....



    ලොකු ඡෝන් : බයට නෙමෙයි බන්.. අර කෙල්ලට ගරු කරන්න ඕනිනේ ඒකයි හික් හික්

    ReplyDelete
  48. සන්තෝසයි සන්තෝසයි....... :D

    ReplyDelete
  49. හික් ! බොහොම අගෙයි ආයෙ මං මක්කාවත් කියන්නෙ මොටෝ ඔය බටර් ගැන. හැබැයි පරන උලව් සේරෝම කියල බැඳහං, නැත්නං උඹට බඩුම තමා.

    ReplyDelete
  50. සෝරෝ : ඒ මොකටද බන්.... හික් හික්...



    නවම් : කිසි අවුලක් නෑ... ඒකි මගෙ පරණ ලව් හුට්ටස්පර ඔක්කොම දන්නවා... අමතක වුනු එව්වත් මතක් කරල දෙනවා හික් හික්

    ReplyDelete
  51. මදැයි තව එකෙක් හිරේ යන්න ලෑස්ති වෙනවා :))

    ReplyDelete
  52. හෆෝයි. පවු ම පවු වැඩේ පිස්සා අයියාට.......

    ReplyDelete
  53. Hasitha : උබත් යාවි මලයෝ...



    elephas : හික් හික්.... අවුලක් නෑ...



    හිතුවක්කාරි : ආයෙත් අහල...

    ReplyDelete

Related Posts with Thumbnails