Thursday, October 20, 2011

ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද..

Share

අම්මගෙන් කවදාවත් ගුටි කාල නැති උනාට 6 - 7 වසර වල් වලට වෙනකල් තාත්තගෙන් නම් ගුටි කාල තියෙනවා... ඒ ඉතින් මොනවටවත් නෙමෙයි පාඩම් කරන්නෙ නැති උනහම තමයි. ඒත් තාම මතක් වෙන්නෙ දවසක් තාත්ත ගෙන් ගුටි කාල නිදා ගනින්ද්දි මගේ ලගට  ඇවිල්ල කඳුලු පිරුනු ඇස් දෙකින් මගේ දිහා බලන් පිට අත ගාපු හැටි... 

" මට දුක හිතුනා පුතේ " කියල කිව්වා...

අම්මගෙනුයි තාත්තගෙනුයි ගුටි කාපු ව ගැන නෙමෙයි.. එතකොට ඔය ස්කෝලේදි.. ක්ලාස් වලදි... බස් ස්ටෑන්ඩ් වලදි කොල්ලො එක්ක වලි දාගෙන ගුටි කාපුව ගැනත් නෙමෙයි...



අද ලියන්න යන්නේ ස්කොලේ දි ක්ලාස් වලදි ගුරුවර ගුරුවරියන්ගෙන් ගුටි කාපුවා... දඩුවම් ලබපුවා ගැන...

මම ඇත්තටම ස්කොලෙදි ගුටි කාල තියෙන්නේ හරිම අඩුවෙන්... ඒ මම බ්‍රයිට් කේස් එකක් නිසා නම් නෙමෙයි.. ඒ මම නිහඬ.. අහිංසක චරිතයක් නිසා වෙන්න ඇති... මම ඕ ලෙවල් කාලෙ වෙනකල් දඟ වැඩ වලට ඒ තරම් සහභාගී උනේ නෑ...

ඒවටත් එක්ක පිස්සු කෙලින්න ගත්තේ ඒ ලෙවල් කරන්න ගියාට පස්සේ... පිස්සු කියන්නේ ඉතින් ඒ ලෙවල් නම් පිස්සුම තමයි. ඒ ලෙවල් කාලෙත් අර විදියටම හිටියනම් අනේ අද කොහෙද... සන්දුක්කේ...


කොහොම හරි.. හා හා පුරා ස්කොලෙදි කියල දඩුවමක් ලැබුනේ 1 වසරෙදි... මසං ගහ යට රවුමට ඉදගෙන පාඩමක් කියවද්දි මායි තව එකෙකුයි ( සුරංග කියල මතකයි නම ) වෙන මොකක්දෝ හෑල්ලක් කතා කර කර හිටියා... උගන්නපු මිස්ට ( ඒ ස්කෝලෙ අපි කිව්වෙ ටීච කියල... සර් ට නම් සර්... ) තද වෙලා දෙන්නටම දන ගහන්න කිව්ව අර වැලි පොළවෙ... මට ඇඩෙන්නත් ආවා... ඒත් දන ගහගෙන හිටියා...

මම ඉස්සර ස්කෝලේ ගියේ නැගෙනහිර පළාතේ පාසලකට... සමහර සර් ලව දැක්කමත් දුවන ගානට ළමයි බයයි.. ඒ තරම් දඩුවම් වලට ප්‍රසිද්ද නිසා.

සරඹ කරන්න හිටිය සර් ඒ අයගෙන් එක්කෙනෙක් දෙනව ඩෝන් ඩෝන් ගාල අහුවෙන එකකින්... එතකොට කළු මහත සර් කෙනෙක් හිටිය දැක්කමත් චූ යන සයිස් මට නම්.. දවසක් මට කිව්ව මොකක් හරි එකකට ( හරියටම මතක නෑ වැරද්ද... ඒත් අපිට උගන්නපු සර් කෙනෙක් නම් නෙමෙයි )


අනික් දවසෙ අහු උනොත් කකුල් දෙකෙන් මේ බාල්කෙ එල්ලනවා කියලා...

මම දවස් 2ක් ඉස්කෝලෙ ගියෙ නෑ ඊට පස්සෙ බොරු ලෙඩ අරන්... තනියම කල්පනා කරා ඇත්තටම මාව එල්ලයිද ඒ බාල්කෙ කියලා.. පස්සෙ මගෙ ටිකිරි මොලේට තේරුනා ළමයෙක්ව එහෙම එල්ලන එක ප්‍රායෝගික නෑ කියලා... ඒත් මම නෙමෙයි ඒ සර් ගෙ මූනට මුලිච්චි උනේ ඊට පස්සෙ.

තුන වසරෙදි ඉන්ටවල් ඉවර වෙලා පන්තියට එන්න පරක්කු උනා දවසක්... ඒ අපි ක්‍රිකට් ගගහ හිටි නිසා.. ඈබැරිච්ච කෝටු කෑල්ලක් අරන් අත දිග අරින්න කියල පුළුවන් වෙර යොදල පාර දෙක ගානේ ගැහුව පරක්කු උනු හැමෝටම... ඒ නම් මිස් කෙනෙක්....එදාත් කඳුලු පිරෙන්න රිදුනා...

උබේ අත පෙන්නපන්... ලග හිටිය එකා කිව්ව මතකයි.. අත රතු වෙලා පාර හිටලා...

තවත් මොකක්දො වැරද්දකට පන්තියෙන් භාගයක් විතර වැලි පොලවෙ අර කාශ්ටක අව්වෙ දන ගහන් හිටියා... ඒ අව්වෙ රත් උනු වැලි පොලවෙ අවුරුදු 8 - 9 ක වයසෙදි දන ගහන් ඉන්නව කියන්නේ ලොකුම දඩුවමක්...

මම 5 ශිශ්‍යත්වෙන් පස්සෙ ඒ ස්කෝලෙන් ආව.. පුටුව උඩ නගින ඒවා.. පන්තියෙන් එලියට දාන ඒවා... ගුටි කෑම් කීපයක්ම තියෙනව.. ඒ ඇරුනම මතක නැති ඒවත් ඇති...


ඒ ස්කෝලෙ මම ආදරය කරන කරුණාවන්ත ගුරුවරු කීප දෙනෙක්ම හිටියා.. ඒත් සමහරු හැසුරුනේ දුශ්කර පළාතක වැඩ කරන්න උන කෝපයෙන්ද මන්ද... ඒ කෝපය දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි පිටින් ගියාද මන්දා...



ගාල්ලේ ස්කෝලෙට ආවට පස්සෙ 7 වසරෙදි ස්කෝලෙන් පැනල ගිහින්.. ( මම වත් දන්නෙ නෑ පැනල ගියා කියල මොකද ගේට්ටුවෙන් ස්කෝලෙ ඇරෙන්න විනාඩි 5 ක් කලින් ගියේ ) සෝමරත්න සර් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 5 ක් හිටන් ඉන්න උනා...

8 වසරෙදි නම් කීප විටක් බන්ඩාරගොඩ සර් ගෙන් ගුටි කන්න වෙලා තියෙනවා... බ්‍රයිට්ම සිරාම ඩයල් එකක් ඇරෙන්න බන්ඩාරගොඩ සර් ගෙන් හෙවත් බන්ඩ ගෙන් ගුටි නොකාපු එකෙක් අපේ ස්කෝලෙ අපේ පන්ති වල හිටිය කියන්න බෑ... බෙල්ලන් අල්ලල පිට මැද්දෑවට ඩොං ඩොං ගාල දෙනවා... අනේ හප්පේ... ආතල් එකට ත් අල්ලන් ගහනව වෙලාවකට කොල්ලොන්ට...


9 වසරෙදි බන්ඩාරගොඩ මිස් අඩි කෝදුවකින් හීනියට පාර දෙකක් ගැහුවත් මතකයි... එතකොට අර කලින් පෝස්ට් එකේ කියවුනු බෝනික්කි ටීචගෙනුත් ගුටි කාල තිබේ... ඒ වේවැලෙන්...

ඊට පස්සෙ නම් ගුටි කාලා නෑ... ඔය කොල්ලෙක් ගෙන් වලියකදි කෑවොත් ඇරෙන්න...

ඒ ලෙවල් වලදි යුනිෆෝම් එකේ අවුලක් වෙලා අහුවෙලා ප්‍රින්සිපල් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 6 ක්  හිටන් ඉන්න උනා...



නාගහවත්ත සර් ගෙ වයිෆ් ට මොකක්දෝ කිව්ව කියල කොල්ලෙක්ට ගහපු ගැහිල්ල...  7 වසරෙදි පුටුවකුත් පෙරලගෙන වැටෙන්න දීපු ගුටි ප්‍රහාරය... අපේ පවනය 13 දි පොන්නම්පෙරුම සර් ගෙන් කාපු ගුටි කෑම... අදී කීපයක් නොමැකෙන විදියට හිතේ ඇදිල තියෙනවා...

ලියවුනේබොහොමත්ම අඩු ප්‍රමානයක්.... මීට අවුරුදු 10 කට 15 කට 20 කට එහා දේවල් නෙව.... මතක් වෙන්නෙ නෑ...

කට්ටිය ගෙ අත්දැකීම් බෙදා ගමුද පහලින්... නැත්තම් බ්ලොග් පෝස්ට් එකක් ලියල පහලින් ලින්ක් එක දාමු අම්බානෙක ගුටි කාල තියෙනම්.. හික් හික්...

41 comments:

  1. මං නම් සර්ලාගෙන් ගුටි කාලාම නැ.. මිස්ලාගෙන් ගුටි කාලා ඇති.. ඒත් එහෙම ලොකු මතකයක් නැ.. මං අන්තිම අහිංසකයා :D

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. යකෝ... මට මෙතන පෝස්ට් එකක් ලියන්න බෑ... :D

    ReplyDelete
  3. අපිව නම් ඉතින් ඉස්කෝලෙන් පනින එවුවට අහුවෙන්නෙ නෑනේ අපිව අහුවෙන්නෙ ඉතින් ෆ්‍රී පීරියඩ් වල සෙක්ෂන් එක දෙක වෙන්න කෑ ගහන එව්වට තමා අපිට ලැබෙන ලොකුම සහ එකම දඬුවම කොරිඩෝ එක දිගේ මුළු පන්තියම දණගස්සලා තියන එක

    ReplyDelete
  4. අඩේ පෝස්ට් එකක් ලියල ලින්ක් එක තමයි දාන්න වෙන්නෙ... එසේ මෙසේ කෑමවල් නෙමෙයි ඒව රජ කෑමවල්... :)

    මොනා වුනත් දැන් ඒව මතක් වෙද්දි තමයි ෆන් එක තියෙන්නෙ...

    ReplyDelete
  5. ඔය ඉස්කෝල වලින් දඩුවම් කරන එක අයින් කරන්න ඇත්තෙ මන් නම් හිතන්නෙ අපි කාපු ගුටි වලින් හැදෙන්නෙ නැතුව ආයි ආයි ගුටි කන වැඩම කරපු බව දැකපු කවුරු හරි තමයි !

    ReplyDelete
  6. මම පහේ පන්තියෙ ඉන්නකොට මලේ ඥාති සහෝදරියකට කරදර කරපු එකෙකුට ගහල උගේ කකුලට මොකක්ද වෙලා සර් මට කිව්ව උගේ කකුල අතගාන්න කියල.මම කකුල අතගාන ගමන් සර් අහක බලනකන් ඉදලා මූව කෙනිත්තුවා.ඊට පස්සෙ සර් මට නෙළුව මාර නෙලිල්ලක්. අදටත් මතක තියන ගුටිකෑම ඒක තමයි. කොහොම උනත් අපේ ඉස්කෝලෙට යන්න තියන්නෙ අපේ ගෙවල් පහු කරල. මම අර සර් එනකං හිටිය ගල් එහෙම එකතු කරගෙන සර්ට ගහන්න. පස්සෙ තාත්ත වැඩේ ෂේප් කලා.හැබැයි ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට අපේ ලොකුතාත්තගෙ පුතා ගඩොල් බාගෙකින් ගැහුව එයා පහ වසරෙදි.

    ReplyDelete
  7. මමත් ඒ තරම්ම ගුටි කාලා නෑ... ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ගුටි කාලා තියෙන්නේ එකම එක පාරයි ඒ හතර වසරෙදි. ගුටි නොකෑවට මොකද මරු වැඩක් උනා.
    ඉස්සර මම 10-11 දී අපේ පංතිබාර මිස් තමයි අපේ මුළු සෙක්ශන් එකේම වසම මිස්. ඒත් මම කවදාවත් එයාගෙන් ගුටියක් කාලා නෑ. අපේ පංතියේ එයාගෙන් ගුටියක් නොකාපු වෙන කොල්ලෙක් ඉන්න නැතුව ඇති.
    කොහොම හරි දවසක් දෙමාපිය රැස්වීමටප අපේ තාත්තා ආවාම මෙයා මාර කතාවක් කිව්වනේ තාත්තාට. අපේ තාත්තා මාව පෙන්නලා ඇහුවා "මිස් කොහොමද මෙයා කියලා" මිස් කිව්වා "මූද මූ හෙනම කපටියා මූ ළඟ ඉන්න උන්ට එක එක උපදෙස් දෙනවා උන් බූරුවෝ වගේ මූ කියන ඒවා කරලා මගෙන් ගුටි කනවා. මූ බේරෙනවා" කියලා..... :D

    ReplyDelete
  8. අපේ ගනං මිස් කරන්නේ බඩ මිරිකන එක ...බුරිය ලගින් අල්ලලා කරකවනවා ..රිදෙනවා හොදටම.....ඔය 8 වසරෙදි මට මතක විදියට...

    ReplyDelete
  9. මගේ පාසැල් දිවිය පුරා කිසිම දිනක ගුරුවරුන්ගෙන් ගුටිකා නැත. නමුත් පිස්සාට මෙන්ම මටත් උ/පෙ පංතිවලදී අමුතු උණක් ඇතිවුනා. ඒ දෙශපාලන උණ. කාලෙත් නරක නිසා (1984 - 1986/7) බොහෝම තදට මේ උණ් හැදිලා අසාද්‍යම වුනා. කොහොම හරි 1985 උ/පෙ වසරක් පමණ තිබෙන්ද්දී මට මතක හැටියට අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරොධය පාලා ලාසලේ පෝස්ටර් ඇලවීම කියන කාරනය නිසා පාසලෙන් අස්කලා. ඒත් ඉතාමත් දක්ෂ සිසුවෙකු නිසා මට පාසැල් නෑවිත් පාසලෙන් විභාගය ගැනීමේ අවස්ථාව ගුරුවරුන් විසින් සාදා දුන්නා. මේ කන්ඩායමට සිසුන් 20 පමණ සිටියා. නමුත් ඉන් 15 පමණ ගනනක් වාර දෙකකදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තේරුනා.

    ReplyDelete
  10. කාපු ඒවා මෙතන දැම්මොත් විනාසයි

    ReplyDelete
  11. ඉස්සෙල්ලාම මං ගුරුවරියෙක්ගෙන් ගුටි කෑවෙ එක වසරෙදි.කියන දේ අහගෙන හිටියෙ නෑ කියලා.ඒ වෙනකොට මට අම්මලාවත් ගහලා තිබුනෙ නෑ.ඉතිං ඒ මගෙ ජීවිතේ පලවෙනි ගුටිය.මං හොදටම ඇඩුවා.අන්තිමට ටීචත් බය වෙලා මාව සැනසුවා.ගෙදර ගිහිනුත් මං ඉස්කෝලෙ යන්න බෑ කියලා ඇඩුවා.අම්මාලා මාව ඉස්කෝලෙට එක්කගෙන ගිහින් විස්තරේ කිව්වා.

    ආයෙත් මතක හිටින්න ගුටි කෑවෙ පහ වසරෙ ඉන්නකොට. අහිංසක කෙල්ලෙක්ට ගහන්න හදපු කොල්ලෙක්ට මං සපත්තුව ගලවලා ගහන්න යනකොටම ටීච ආවා.එදාත් ගුටි කෑවා.ඒ වෙනකොට නම් ඕවා ගානක් නැති වෙන තරමට ඇට්ටර වෙලා.:))

    ReplyDelete
  12. දිල් නම් හැම ටීච කෙනෙක්ගෙම ආදරේ අරන් උන්න කෙනෙක් නිසා ගුටි කාලා අත්දැකීමක් නම් නෑ..ඒත් A\L කරන කාලයේදී කරපු පිස්සු වැඩ දෙක තුනක් හන්දා දණ ගස්සලා තියලා තියෙනවා......

    ReplyDelete
  13. මමත් ඔය ඉස්කෝලෙටමයි ගියේ මටත් මේ අත්දෑකීම් හොදට මතකයේ තියෙනවා

    ReplyDelete
  14. හතර වසරෙදි කොල්ලෙක් ගෙ ඔලුවට ගහල ඌට අසනීප වෙලා උගෙ අම්ම ගෙන් නොසෑහෙන්න බැනුම අහුවා, පහ වසරෙදිත් ඔය වැඩේම උනා කලු කොටා කියල එකෙක්ට ගහල, ඌට පන්තිය අතුලෙම වමනෙ යන්න ගත්ත, ටීචර් ඉතින් මට ගහල එලියට දැම්මා, ඔය පන්තියේදිම තව එකෙක්ට ගහල නහයෙන් ලේ ආව එදත් ටීචර් ගෙන් ගුටි, අම්මගෙන් බැනුම්. ඔය ටීචර් ගහන්නෙත් එක්කො වේවැලෙන් නැත්නම් අඩි කෝදුවෙන්, තව දවසක පන්තියේ කෑගැහුව කියල වාඩිවෙලා ඉන්න කොට වෙවැලෙන් ගැහුව ඒක වැදුනෙ බෙල්ලට, ලග ඉන්න එකාට මම කිව්ව ලොකු උනාම ටීචර්ට හොද වැඩක් කරනව කියල හික්, ඌ ගිහිල්ල මේක ටීචර්ට කිව්වෙ මම ටීචර් මරනව කිව්ව කියල ඊට පස්සෙ පොත බලන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ ඇඩෙනවා, පස්සෙ අම්මයි, තාත්ත්යි එක්ක ටීචර් ගෙ ගෙදර ගිහිල්ල වැදල කියල එහෙම කරල ශේප් කර ගත්ත. පස්සෙ ශිශ්‍යත්වෙ පාස් වෙල වෙන ඉස්කෝලෙකට ගියා, නවය වසරදි සර් කෙනෙක් ගැහුව පන්තියෙන් එලියෙ හිටිය කියල මිනිහ කරන්නෙ කෙස් වලින් අල්ලලා කම්මුලට ගහන එක හික්, දහය වසරෙදි ආයෙ ටීචර් කෙනෙක් කම්මුලට ගැහුව පන්තියේ කෑගහුව කියල (අම්මත් ගහල නෑ තවම කම්මුලට හික්), අන්තිමටම ගුටි කෑවෙ ඉතින් දහතුන වසරෙදි සර් පටන් ගත්තෙ බිම දාගෙන ගහනව කියල හැබැයි ඉතින් එහෙම නම් කරේ නැහැ :) ඔය මොක උනත් මම E1 යන්න A/L පාස් උනා. ඕවා තමයි ඉතින් ලමා කාලයේ සුන්දර මතක, අපිට ඒ කාලෙට ආයිත් යන්නත් බැහැ, ඒ කරපු දේවල් ආයිත් කරන්නත් බැහැ.

    ReplyDelete
  15. හහ් හහ් හා... ජූල්ගහ හන්දියේ ඉස්කෝලෙදි මම මතක හිටින කම්මුල් පාරවල් නං දෙකක් කාලා තියෙනවා.

    පලවෙනි එක හය වසරෙදි, ඉස්කෝලෙට ආපු අලුත. ඒ හොස්ටල් එකේ එකෙකුට නමක් කිව්වා කියලා ඌ නාගහවත්ත සර්ට පැමිණිලි කරලා, දුන්නා ටීං.. ගාලා හෙලවිලා යන්න කම්මුල් පාරක්. (ඒක නං හරි අසාධාරන පහර දීමක්, සර් ඒ කාලේ හොස්ටල් වෝර්ඩ්න් නිසා උගේ පැත්ත ගත්තා ඉතිං.. මක් කොරන්නෙයි)

    දෙවෙනි එක අට වසරෙදි, අර පොඩි පිට්ටනිය පැත්තේ තියෙන කැලෑවේ රිංගලා ඒකෙ තියෙන තඩි කැන්ද ගහට නැගලා අහුවෙලා නිවුටන් කාරයා දුන්නා කම්මුල්පාරක්. (එදා මා එක්ක කම්මුල් පාරවල් කාපු උන්ගෙන් එකෙක් පස්සෙ ඒලෙවල් කාලෙදි ජීවිතයෙන් සමුගත්තා දරුණු රෝගයක් හැදිලා)

    කම්මුල් පාරවල් වලට චිරප්‍රසිද්ධ රංජිත් (ගැටයා) සර්ගෙන් කන්න සිදුවෙලා නැති එක නං ලොකු ජයග්‍රහණයක් :D

    කෝටු පාරවල්, අඩිරූල් පාරවල් නං ඉතිං ඕසෙට කාලා ඇති. මොකද පාඩම උඋගන්නන වෙලාවට ලඟ ඉන්න එකා එක්ක කයිවාරුව දාගෙන ඉන්න නරක පුරුද්දක් තිබ්බා මට ඒ කාලේ (විතරක් නෙමෙයි කැම්පස් එකේදිත්:D)

    ReplyDelete
  16. ගුටි කාපුවා කියන්න මෙතන ඉඩ මදි. ඉස්සෙල්ලාම මම ගුටි කෑවෙ එක වසරෙදි. කොච්චර කියල දුන්නත් අකුරු වැරදියටමයි ලියන්නෙ කියලා ඉස්සෙල්ලම ගුටි කෑවා. ඊට පස්සෙ මම ටීචට පොත නොපෙන්නම හිටියා. ටික දවසකින් පොත පෙන්නුවේ නෑ කියලා ගුටි කෑවා. ඒ පාර නම් ගෙදරිනුත් ගෙන්නුවා. එතනින් පටන් ගත්තු ගුටි කෑම ඕ ලෙවල් දක්වාම කීප පාරක්ම ගුටි කෑවා. චක්කරේ මතක නැතුව, කවි පාඩම් නැතුව, ගෙදර වැඩ කරල නැතුව ගුටි කෑවා. ඇයි පන්ති පිටින් ගුටි කෑම. එකෙක්ව පාවා දෙන්න බැරි කම නිසා පන්තියම ගුටි කාපු වෙලාවලුත් තිබ්බා. හැබැයි ඒ ලෙවල් වලදි නම් ගුටි කෑවෙම නැති තරම්.

    ReplyDelete
  17. නවය වසරේදී ගනිත සර් දීපු පා පහරක් නිසා මම උඩ තට්ටුවේ සිට පහලට පඩි පෙල දිගේ රෝල් වෙලා වැටුණා

    නවය වසරේ මැද කාලයේ විඳ්‍යාව උගන්වපු සර් මුලු පන්තියට දූපු ඇලුමිනියම් බට පාරට අනිත් කොල්ලෝ 20දෙනා සමගම සතුටින් මුහුන දුන්නා . පිටේ තුවාලෙකුත් ඇති වුණා . පස්සේ නැති වුණා

    තව ගුරුතුමෙක්ගේ බෙල්ට් පාරක් හේතුවෙන් මගේ වම් අතේ නොමැකෙන කැලලක් සහ පිටේ තුවාලයක් ඇතිවී නැතිවී ගියා

    එලියට ගිය ඒවා දණගහපු ඒවා වේවැල් පාරකාපු ඒවා නෝමල් !! ඒවා කොච්චර කියලා ලියන්නද ..?

    උඹ අර ගිය නැගෙනහිර ඉස්කෝලේ මොකද්ද බං .. මට මේල්ලුවක් මගින් හරි කියහංකෝ

    ReplyDelete
  18. අප්පට සිරි...මාත් ගුටී කාලා තියෙනවනේ බං...හැබැ..උපරීම 7 වසරට වෙනකං විතරයි...ඉටපස්සේ කොල්ලො පොඩ්ඩක් ඇට්ටර වෙනවලුනේ..ඉතින් ඉස්කොලේන් සමුගන්නකං ශෙප් නියායෙන් තමා ගමන කිවුවලු...
    උඹ ඔහොම කිවූවම මටත් පොඩි පොඩි සිද්දී ටිකක් මතක් උනා..පස්සේ හිමිහිට ලියමු සහෝ...

    ReplyDelete
  19. බලාගෙන යනකොට මේක ඉස්කෝලෙ ගිහිල්ල තියෙන්නෙ ඉගෙන ගන්න නෙමේ, ගුටි කන්න

    ReplyDelete
  20. මමත් හැම පන්තියකදිම වාගෙ හොඳට ගුටි කාලා තියෙනවා. අපේ පන්තියෙ එවුන් මොනව හරි වැරැද්දකට අහු වුනාම... පෝළිමට කනවා. හැබැයි අප්පච්චි මට මෙතෙන්දි විශේෂයක් කෙරුවා.
    [මට කියන්න අමතක වුනා.. අප්පච්චි තමයි ඉස්කෝලෙ ප්‍රින්සිපල්. අපි වැරදි කළාම එයා ලඟට තමයි යවන්නෙ.]
    ඉතින් මට හැම වතාවකම දෙගුණයක් දඬුවම් ලැබෙනවා. අනිත් එවුන්ට වේවැල් පාර දෙක දෙක නම් .. මට හතරක් ලැබුණා. මේ පිළිබඳව ඒ කාලෙ අප්පච්චි එක්ක තරහෙන් හිටිය වුනත් මට දැන් වැටහෙනව අප්පච්චි නිවැරදි දේ කළා කියල.
    අනික මම පාසැලේදි අප්පච්චිට ''සර්'' කියල කතා කරන්න ඕන. අනික් ළමයින් වගේම.

    ReplyDelete
  21. ඔය වගේ අත් දැකීම් නම් අනන්තයි .....

    ReplyDelete
  22. හිකිස්‌ මමත් ගුටිකාලා තියෙනේ.. හැබැයි ඉස්කෝලේ නෙමේ ක්ලාස් එකේ.. ඉස්කෝලෙනම් පන්තියෙන් එලියට දාලා තියේ ඒක පේලියක් අමතක උනාට..

    ReplyDelete
  23. කාපු කෑම නම් තියනවා ඉතින් පොස්ටුවක් කොටන්න තරං.. වෙලාවක් නේ නැත්තේ.. කවදද කන්න පටන්ගත්තේ කියන්නවත් මතක නෑ ඕන්. එච්චරට කාල කාල, කන එක නෝමල් වෙලා තිබ්බේ. එකපාරක් හතේද අටේද ඉන්නකොට තඩි කොල්ලෙක්ට ගහල ඌට සිහි නැතිවෙලා වටේම හිටපු ගුරුවරු ඔක්කොම එක එකා එක ගානෙවත් ගහන්න ඇති. ඊට පස්සේ අයෙත් මතක ඇති කාලෙක කෑවේ මං ප්‍රිෆෙක්ට් කෙනෙක්ට ගහල ගෙදර ගියාට පස්සේ දවසේ. එතකොට නම් මං එකොළහේ ද කොහෙද.

    ReplyDelete
  24. 1983දි එක වසරෙ ඉද්දි හෙලන් ටීචගෙන් කාපු අඩිරූල් පාරෙං පටං ගත්තම 1996දි ගුත්තිල සර් (දැං නාලන්දෙ භෞතික විද්්‍යාව උගන්නන)ගෙන් ගුටි කනකං . . ටීචර්ලගෙං විතරක් ගුටි කාල මතක තියන ඒව ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වෙනව බං . . . ..

    ReplyDelete
  25. අනේ මං නම් මේකට පෝස්ට් එකක් දාන්නේ නෑ... ​කොහොමෙයි බං මේ වගේ එව්වා කාටවත් කියන්නේ?

    ReplyDelete
  26. මුං ගුරුවරුද අළුගෝසුවෝද?
    දැන් පවා පුළුවන් මේවා ගැණ නීතියෙන් ක්‍රියාත්මක වෙන්න.
    මහ තිරශ්චීන වැඩ!

    ReplyDelete
    Replies
    1. උබ හරි මචන්

      Delete
  27. මම නම් බන්ඩාරගොඩ සර්ගෙන් කාලා නැත, හැබැයි 11 වසරෙදි දවසක් බැනුම් ඇහුවා,
    සර් උගන්න උගන්න ඉන්දැද්දි බෙල් එක ගැහුවා,මම කිව්වා 'සර් බෙල් එක ගැහුවා ' කියලා, සර් මට බැන්නා , සර්ගේ කන් තාම ඇහෙනවා කියලා...
    තව දවසක් , අජබු නොහොත් ශාන්තසිරි සර් ට අහු උනා කලිසම ඉනෙන් හැලෙනවා කියලා, මේ මනුස්සයා මට කිව්වා එලියෙ කඩේට ගිහිල්ලා කටු ටිකක් ගහ ගෙන ඇවිත් පෙන්නන්න කියලා, ගේට්ටුවේ ප්‍රියන්ත අයියට කිව්වා අධීක්ශනය කරන්න කියලා...සර් ඔය වැරද්දම කරපු මගේ සගයෙකුට කිව්වා ඉනේ ලනුවක් ගැට ගහ ගෙන ඇවිත් පෙන්නන්න කියලා. උන්දැට කලිසම් නම් පෙන්නන්න බෑ,කාලෝ මහත්තයා කියනවා වගේ අතේ මිටියක් තියෙන නිසා හැම එකක්ම පේන්නේ ඇණ වගේ, ශාන්තසිරි සරුත් ඉතාම හොඳ , ඉතාම පිලිවෙලකට වැඩ කල, දක්ෂ නිලධාරියෙක්,
    සර් ප්‍රින්සිපල් වෙලා ඉන්ඳි මන් හිතෙන්නේ උඹ සමහරවිට ස්කෝලේ ඉන්න නැතුව ඇති..

    ReplyDelete
  28. අපේ ඒවා ලියන්න ගියොත් මේක ඉඩ මදි වේවි අයියේ...

    ReplyDelete
  29. මම මේ ලියන්න ගියේ මේක කතන්දර දැක්කොත් විනාසයි කියලා. බැලින්නම් මට ඉස්සෙල්ල බලලා ඔය දාලා තියෙන්නේ කොමෙන්ට් එක. සැරයක් මම පොස්ට් එකක් දාලා. අපි දෙන්න භාරතයි දුමින්දයි වගේ ගේමක් ගියා. මම නවත්තලා දැම්මා. මගේ බොග් ගුරු නේ...

    ReplyDelete
  30. ගුටි නම් ඉතින් කාල තියනව දෙතුන් පාරක්. එක පාරක් දන ගහගෙනත් ඉඳල තියනව පන්තිය පිටින් එලියෙ. හොඳටම මතක ගුටිය කෑවෙ 8 වසරෙදි. පන්තියේ ඔක්කොම වාඩි වෙලා හිටියෙ. මම පන්තිය මැද කුඩේකින් ක්‍රිකට් ගහ ගහ හිටියේ. අංශ භාර සර් ආව, මුකුත් අහුවෙ නෑ එන්න කිව්ව, දඩාස් ගාල දුන්න වම් කනට. මට හොඳට මතකයි දකුණු කනෙන් දුම් පිටවෙනව.

    ReplyDelete
  31. අපේ පන්තියටනම් පනිෂ්මන්ට් කියන්නේ දින චරියාවේ අංගයක් වෙලා තිබුනේ...හැබැයි ගුටිනම් නෙමෙයි...කානු හේදිලි, දන ගැසීම්, ග්‍රවුන්ඩ් එක වටේට දිවීම වගේ ඒවා තමයි :)

    ReplyDelete
  32. maraine.ekek wath midul ehema athu gala nadda?????

    ReplyDelete
  33. හිහි...
    ඉස්කෝලෙ කාලෙ මතක් වුනා මේ පෝස්ට් එක දැකලා.
    මමයි මගේ හොඳම යාලුවො දෙන්නයි මතක හිටින කනේ පාරක් කෑව 11 වසරෙ literature පීරියඩ් එකේ පිටිපස්සෙම පේලියට වෙලා හාර්ඩ් ඩිස්ක් එකක තැටියක් කරකෝ කරකෝ ඉඳල.

    ReplyDelete
  34. සෑහෙන දවසකින් ගොඩ වැදුනේ... ඇවිල්ලා අදහස් දක්වපු.. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තු ඔක්කොටම බොහොම ස්තුතියි....

    ReplyDelete
  35. යකෝ ඔය ගල් බණ්ඩාගෙන් මං ගුටි කාපු තරමක්. මිනිහයි අපේ තාත්තයි එක ගමේ. ඒක නිසා වැවිපුරට් එක්ක ගුටි කෑව. වැඩිපුරම කරන්නෙ බෙල්ලෙන් අල්ලල මැරිගෝරවුන්ඩ් යවන එක. ඒක මල වදයක් වෙලා තිබුනෙ මට නම් ඒ කාලෙ.

    බණ්ඩගෙන් ඇරුනම වැඩිපුරම ගුටි කාක තියෙන්නෙ ගට රංජිත් ගෙන් වෙන්න ඕනෙ. ඊලඟට අක්කරේගෙනුත් කාල තියනව අමතක නොවෙන්නෙ.

    කොච්චර ගුටි කෑවත් බිග්මැච් ගියාම මනුස්සකමට කතාකරන්න හිතෙන්නෙත් ඒ අය එක්ක විතරයි.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මම නම් අපේ ප්‍රින්සිපල්ගෙන් චූ වෙන්න ගුටි කාලා තියෙනවා

    ReplyDelete
  38. මම පාසලට අතුලු උන පලමු දවසෙම ගුරුවරියගෙන් පහර කෑමට ලක් උනා.මම මෙතනදි ගුටි කෑවා කියන වචනය කියන්න කෑමති නෑහෑ.එදා සිට මට පාසෑල කියන්නෙ අපයක් උනා.මට මතකඉ මන් පාසලට අතුලු වෙන්න කලින් ගොඩක් අසාවෙන් හිටිය ඉගෙන ගන්න.මන් හිතන් හිටියෙ පාසල කියන්නෙ ගොඩක් ලස්සන වට පිටවක් කියලා.ඒ උනට මට පලවෙනි දිනයෙම පාසල කියන තෑන එපා උන.මන් O/L කලේ 2000 අවුරුද්දේ..යන්තමින් A/L කරන්න පාස් උනා 2003. නම් පස්ස් උනෙ නෑහෑ.ඒත් අද එලට ඉන්නවා.මට දෑන් ලස්සන wife කෙනෙක් ඉන්නවා.කවද හරි ලමයෙක් හම්බුනොත් ඉස්කොලේ ගුරුහොරුන්ගෙන් පහරදීම් වලට ලක් වෙන්න දෙන්නෙ නෑ මගේ පන තියෙනකම්.

    ReplyDelete
  39. mata dan awrudu 22k.ape loku amma issara gedara clz kara english.1- 11 wasara wala lamai awe.ape loku amma harima sarai eyata loku podi bedayak na gahanna giyama eya gahannama ona na saren kathakarath adatath mata kalisame chu yanawa mage amma pallai e tharam sarai mama chu kakka yannama eyagen guti kala thiyenawa eya dawasak mama 1 wasaredi dog kiyana ekata bog kiyala liyala chu yanna gahuwa.thawa dawasak cl awa podi ganu lamayek gedara wada karan awe nathuwa waren issarahata kiyala kiwwa.e lamaya issarahata awa gaman loku amma wewala gaththa e welawe e ganu lamaya kakul deka ekata thada karagena chu karanathana athin mirika gaththa baya wadikamata eyata gahannath kalin ethanama chu giya.puduma sarai ape loku amma dawasak mai mallii randu wela chu dala waren kiwwa ethakota mama 6 wasare.api chu karala giya eda mage gawma ussala pantiya pahath karala gahuwa wewalen.palaweni parinma mage passa hiriwatila giya aith gahaddi mata chui kakkai giya.eth nawaththuwe na gahagena gahagena giya mama ka gahala aduwa.ita passe ath deka dik karapan kiwwa.mage athe agili walata wadinna haiyen wewalen gahuwa.mata aith chu giya.eka dakala mallitath kalisamema chu giya.ita passe maliwa adala aran eyage kalisama galawala gahagena gahagena giya wewalen eya uda panna ada ada.thunak witara gahaddi eya kagahuwaa ane kakka baraaai kiyala.eth nawaththuwe na malli ehemama bima wadi una eyata bada burulen giya.kakka yaddima eyawa adala aran aith wewalen passata gahagena gahagena giya.e gahapu parak malli chu karana thanata wadila budu ammooo gagena eya eka allagena bima peraluna.ita passe loku amma kiwwa aga sodan dennama waren kiyala.api aga hodan giya.ubala aith randu wenawada ahuwa.saren ahuwe mata ehema ahaddith kalisame chu giya.bohoma hodai ohoma thamai wenna ona aith waradi wada karana ekak naha kiyala loku amma kiwwa.ita passeth api sarin sare guti kala thiyenawa eth loku amma banina kotath e sidiwimen passe mage kalisame chu poddak yanawa.me lagadi dawasaka api nadayekge wedding ekaka giya ekedi kellek mata beer ekak domu kiwwa.asawatath ekka mama ha kiwwa.oka ape loku ammata ahila eya mawa toilat eka lagata adagena giya mata wedding ekata adan hitapu sariyema edath chu giya

    ReplyDelete

Related Posts with Thumbnails