Saturday, November 12, 2011

හුටා.... උපන්දින 2 ක්....

Share


එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍රකාර දේවල් වලට වහ වැටිල හිටිය එක් එක් කාල වල..

2004 දි විතර මාස ගානකින් නවත්තල දාපු කොම්පීතර ඩිග්‍රියක් කරන කාලෙ තමයි පිස්සා ජංජාලෙ ට මුලින්ම හුරු උනේ...

Gmail, Yahoo, Hotmail ආදී නා නා ප්‍රකාර ඊ ලියුම් අඩවි වලින් ඊ ලිපින හදාගෙන E mail Forward කරන එක තමයි ඒ කාලේ ලොකුම රාජකාරිය..
ඒ ඇරුනම Kaputa, Suntel Wow වගේ Chat රූම්ස් වල පැය ගනන් නාස්ති කරන්නත් පුරුදු වෙලා හිටියා..

ලංකාවෙන් ආවට පස්සෙ පාලුව තනිකම නසන්න ජංජාලෙ නියම ඔසුවක් උනා... ඒ කාලෙ Clublk, Elakiri, Lanka1st වගේ අඩවි වල රෑ දවල් නොබල Thread දාන එක...  රිප්ලයි කරන එක.. වැඩිහරියක් Topic එකෙන් පිට පැනල ස්පෑම් කරන එක තමයි විනෝදාංශෙ..  ඒ අඩවි හරහා අදුර ගත්තු බොක්කෙන්ම ෆිට් උන යහළු යෙහෙලියොත් සෑහෙන පිරිසක් අදටත් පිස්සට ඉන්නව...
Msn , Yahoo අඩවි හරහා අදුර ගත් අයත් එක්ක චැට් කිරීමත් සැරට කරා...


කාලයක් යද්දි පරණ මූනු හැලිල අලුත් මූනු ඔය අඩවි වලට එද්දි පිස්සත් ජංජාල ෆෝරම් වලින් ටික ටික ඈත් උනා... මූනු පොත හෙවත් Facebook ජනප්‍රිය වෙන්න ගත්තෙත් ඔය කාලේ.. ඉතින් ඊට පස්සෙ ඇබ්බැහිය උනේ මූනු පොත.

පෝක් කරයි.. තෑගි යවයි.. ක්‍රිකට් ගහයි..  වගා කරයි.. යුද්ද... මාෆියා.. ඉඩම් ගන්න විකුනන්න... නා නා ප්‍රකාර මූනු පොතේ ගේම් එක්ක කාලෙ ගත වුනා...
ෆොටෝ දානව.. ටැග් කරනව.. කමෙන්ට් කරනවා ලෙසට... ඒකටම සෙට් වෙච්චි යාළුවො සෙට් එකකුත් හිටියා ඒ කාලේ... එක කාලයක් විතරයි.... කාලයත් එක්ක උන් වගේම මාත් දැන් මූනු පොත භාවිතයත් සෑහෙන අඩුයි...



2009 දි විතර තමයි පිස්සට සිංහල බ්ලොග් ගැන ඉව වැටුනේ.. සඳුන්ගෙ නිකමට වගේ තමයි මතක විදියට බලමු මුල්ම බ්ලොග් එක... ඕකෙ අර සිගරට් බොන කෙල්ලගෙ කතාව තමයි මුලින්ම බැලුවෙ.. ඊට අමතරව දුකා අයියගෙ බ්ලොග් එකත්... ටැබූ බ්ලොග් එක... මලී ගෙ ඇබ්නෝමල් මයින්ඩ්ස්... මරණෙගේ මගේ මරණය වගේ... බ්ලොග් කීපයක් තමයි සිංහල බ්ලොග් වලට පාර පෙන්නුවේ. 


ඉතින් 2009 දි මම පටන් ගන්නව සිංහල හා ඉංග්‍රීසි බ්ලොග් දෙකක්... මේ දෙකම පටන් ගන්නේ ජංජාලෙ ෆෝරම් වලත් මූනු පොතෙත් මම භාවිතා කරපු කට්ටිය දන්න කියන නමකින්.. පෝස්ට් 10 ක් විතර ලියන්න ඇති.. වැඩේ අල්ලල ගියෙ නෑ... කවුරුත් බලන්නෙත් නෑ... කමෙන්ට් කරන්නෙත් නෑ.. ඔය කාලේ මට සින්ඩි ගැන අවබෝධයක් තිබ්බෙත් නෑ...


ටික දවසක් යද්දි මට හිතුන ලියන්න ඕනි කවුරුවත් නොදන්න නමකින් කියල.. එතකොට බය නැතුව ඕනි දෙයක් ලියන්නත් පුළුවන්.. එහෙම හිතල ඔන්න මම 2009 නොවැම්බර් 12 වෙනිදා පළාමල්ලෙ පලවෙනි පෝස්ට් එක දානව " හා හා පුරා කියල " . බ්ලොග් එකට පිස්සගෙ පළාමල්ල කියල දාන්න හේතුවවත් ඇයි ඒ නම දැම්මෙ කියලවත් මට හිතාගන්න බෑ...  ඒත් පිස්සා කියන නමට නම් පිස්සා පට්ට ආසයි.

ඒත් පලවෙනි පෝස්ට් එකෙන් පස්සෙ වල් වැදුන බ්ලොග් එකේ දෙවැනි පෝස්ට් එක මාස 4 කින් විතර 2010 මාර්තු 6 වෙනිදා ලියවෙනවා. ඊට පස්සෙ ඉතින් පුළු පුළු වන් විදියට තවමත් පළාමල්ල අවුස්ස අවුස්ස මොනව හරි කුරුටු ගානව.  ලියන වේගෙ නම් ඉතින් සතියකට පෝස්ට් එකක් වගේ තමා හිතල බැලුවම... පෝස්ට් 118 ක් ලියල තියෙනවා මේ වෙද්දි... ( සමහර පෝස්ට් නම් ඉවත් කරා පස්සෙ )...  හිට්ස් 85000 ක් පමනත්.. කමෙන්ට්ස් 3100 ක් පමනත් මේ වෙද්දි ලැබිලා තියෙනවා..

බ්ලොග් ලියල ලැබුනෙ මොනවද කියන ප්‍රශ්නෙට මුල්ම උත්තරේ නම් සුපිරි චරිත ටිකක් දැන අදුර ගන්න ලැබීම... බ්ලොග් අවකාශේ ඉන්න ඒ සුපිරි චරිත අඳුර ගන්න ලැබීමම ඇති මට නම්...

ඉතින් ආව ගිය අදහස් දක්වපු අයියල අක්කල මල්ලිල නංගිලා ඔක්කොටම බොක්කෙන්ම ස්තූතියි. ඔයාලගෙ අදහස් නොවන්නට පළාමල්ල ත් තවත් එක වල් වැදුන බ්ලොග් අඩවියක් වෙන්න තිබුනා... 100 වෙනි පෝස්ට් එකේදි කිව්ව ස්තූති කතා කියල වැඩි දවසක් නැති නිසා ඒවා ඕනි නෑ... ඒත් ඒ කිව්ව වගේම කවුරු හරි මම ලියන දෙයක් කියවලා අදහසක් දෙනවට මම පට්ට ආසයි... ඉතින් වෙලාව යොදවල ලියන ඒව කියවල අදහසක් කොටල යන උබල ඔක්කොටම ස්තුතියි ආයෙමත්....

ඉතින් අදට.. 2011 නොවෙම්බර් 12 වෙනිදට පිස්සගෙ පළාමල්ලට අවුරුදු 2ක්...

ඔන්න මගෙන් සුබ පැතුම්...

ඔව් අහම්බයක්... සැබෑම.. ඒත් මගේ කෙල්ල පැටියගෙත් උපන් දිනය අද.. 


යාළුවෙක් වෙච්චි... කාලයක් ගිහින් හොඳම යාළුවෙක් වෙච්චි... අද වෙද්දි මගේ කෙල්ල පැටිය වෙච්චි එයාගේ උපන් දිනේත් අද... 

මගේ හැම වැරද්දම රන්ඩු නොවී පෙන්නල දෙන...
මට තරහ ගිහින් කොච්චර බැන්නත් මාත් එක්ක රන්ඩු නොවී අහන් ඉන්න...
දවසම මහන්සි වෙලා ඇවිත් කෝල් එකක් ගත්තම ලස්සනට හිනා වෙලා මගෙ මහන්සිය නිවන...
මාව තේරුම් ගනිපු...
මගේ හීන වල හිටපු ජාතියේ පොළවෙ පය ගහල ජීවත් වෙන... ලස්සනට ආදරේ කරන්න දන්න...
ඔයා වගේ කෙල්ලෙක් ලැබුනේ වාසනාවකට...

පාළු සීතල රටක තනිවෙලා... හම්බු කරපු එකෙන් කාල බීල.. පාළු කාමරේට වෙලා කපුගේගෙ  උලලේනෝ අහන ගමන් 42% සැර බීම එක්ක තනි වුනු... ජීවිතේ ගැන.. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ පාවෙවී හිටිය මට... ජීවිතේ ට සතුටක්... අනාගතේට බලාපොරොත්තුවක්... දුන්නේ ඔයා... 


මේ අවුරුද්දෙ බැරි උනත් ලබන අවුරුද්දෙ ඉදන් ඔයාගෙ හැම උපන්දිනයකටම මම ඉන්නව සුදූ ඔයා ලග..

ඉතින්.. ඔයාට සුබම සුබ උපන් දිනයක් සුදූ...


ප. ලි :: බ්ලොග් එකේ උපන් දිනයයි... කෙල්ලගේ උපන් දිනයයි දෙකක් ම එකට වැටුන එකේ ලාවට වගේ අංශයක් එක්ක සමරන්න තරහා අවසරද මන්ද.... හික් හික්...

ප. ලි 2 : අපේ මගේ ලෝකය ලියන රංග අයියගේ බ්ලොග් එකට අවුරුද්දක් වෙද්දි... මාර අයියගේ මාරයාගේ හෝරවට අවුරුදු 2ක් වෙලා.... ගොඩ වැදිල බැලුවනම් කට්ටිය....

33 comments:

  1. අඩේ බොක්කෙම්ම සුබ පැතුම් මචො..එහෙනම් අපේ නැනටත් සුබ උපන්දිනයක් කිව්වා...ජය

    ReplyDelete
  2. සුභ පැතුම උපන් දින දෙකටම

    ReplyDelete
  3. උපන්දින දෙකටම මගෙන් සුභ පැතුම් . . . . ජය වේවා . . . .!!!!

    ReplyDelete
  4. suba upan dina 2k machan.
    -goldfish-

    ReplyDelete
  5. ඔබගේ ලිපි නිසා මටත් බ්ලොග් උණ වැඩි වුනා. එකල ඔබගේ හා මාරයාගේ බ්ලොග් හරහා තමයි මම බ්ලොග් බැලුවේ. ඒ කාලේ සින්ඩි ගැන දන්නේ නැහැ. ඔබට ජය වේවා!!
    අපි නොදන්නා ඒ නංගීටත් සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  6. ඕන්න එහෙනම් පිස්සා අයියගේ පිස්සි අක්කාටත්(හෙහ්..එහෙම කිව්වේ නෝන්ඩියට එහෙම නෙවේ හොදේ..) පලාමල්ලටත් සුබම සුබම සුබ උපන්දිනයක් වේවා...
    තව එකක් කියන්න එපැයි..මගේ බ්ලොගයේ මේ දවස් වල යන ආදර කතාව දාන්න ඕන කියල හිතුනේ පිස්ස අයියගේ දිනිති ආදර කතාව දැකලයි ඕං....!!!!
    කැමති නම් බලන එකයි ඇත්තේ..(ලින්ක් එකක් දැම්ම කියල පිස්ස අයියා මොකුත් අහිතක් හිතන එකක් නෑ මං හිතන්නේ..)

    http://chatuworld.blogspot.com/

    ReplyDelete
  7. උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  8. පලාමල්ලටයි පිස්සිටයි සුබ උපන්දිනයක්

    ReplyDelete
  9. පලාමල්ලට සුබ පැතුම්.. අක්කාටත් සුබ පැතුම්... :)

    ReplyDelete
  10. දෙන්නටම හැප්පි හැප්පි බර්ත් ඩේ එකක් වේවා..!

    ReplyDelete
  11. පිස්සා අයියට පිසාගෙන් හොට් හොට් සුභපැතුම්....
    පිස්සු අක්කටත් සුභ උපන්දිනයක්......!!!

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් හා සුභ අලුත් අවුරුද්දක්! :) දෙන්නටම! :)

    ReplyDelete
  13. පිස්සු ඩබලටම මගෙන් හදවත පිරෙන්න සුබ පැතුම් එකතු කරනවා ඔන්න . ඔය ඉන්නවා වාගේ හැමදාමත් බ්ලොග් එකෙන් පිස්සු කෙල කෙල . අපිත් එක්ක තව චිරාත් කාලයක් රැඳිලා ඉඳපන් අපේ පිස්සෝ ...හැපී බර්ත්ඩේ වේවා !!

    පිස්සටයි , පිස්සිටයි දෙන්නටමත් සදා ජය පතමි ..

    ReplyDelete
  14. චියර්ස් කිව්වා ඔන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්......

    ReplyDelete
  15. අඩේ දවසක් පහුවෙලා නේ මම.... පරක්කු වුනත් මගේ සුභ පැතුමත් භාර ගන්න. පිස්සාගේ පලාමල්ලටත්, නෑනටත් සුභම සුභ උපන්දිනයක් වේවා. පලාමල්ලත් නෑනාත් චිරාත් කාලයක් වැජඹේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. සමාවෙන්න ඕනෙ පරක්කු උනා...දෙන්නටම සුබ පැතුම් !

    ReplyDelete
  17. බ්ලොග් එකට‍යි අක්කණ්ඩිටයි දෙන්නටම සුබම සුබ උපන්දිනයක් වේවා!

    මේ බ්ලොග් එකට මමත් මාරම ලව්. මොකද මේ ‍බ්ලොග් එකට එද්දී මට හැමදාම කෙනෙක් මතක් වෙනවා.! ඒක වෙනමම පෝස්ට් එකක් ලියන්න පුලුවන් කතාවක්. :D

    ReplyDelete
  18. සමාව භාජනෙකට දාල පැත්තකින් තියහන් බං පරක්කු උනාට.. සුභ උපන්දිනයක් වේවා.. බ්ලොගේටයි පිස්සිටයි.. :-)

    ReplyDelete
  19. සුභ පැතුම්.(එක ගලෙන් කුරැල්ලෝ දෙන්නයි. :D)

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. දැන් නම් ඊයෙ ගහපුවගේ සැර බැහැල ඇති... :P
    සුභ උපන් දිනයක් දෙන්නටම

    ReplyDelete
  22. පිස්සු ඩබලටම සුභ උපන් දිනයක් වේවා!!! තව තවත් බ්ලොග් අවකාශයේ පිස්සු කෙලින්න ශක්තිය!!! ජය

    ReplyDelete
  23. උපන් දින දෙකටම සුභ පැතුම් ......!!!

    ReplyDelete
  24. පිස්සීට සහ පිස්සාට සුභ උපන් දිනක්.....!!!

    ReplyDelete
  25. සුබ පැතුම් එක් කල සියළු දෙනාටම බොහොම ස්තුතියි.....

    ReplyDelete
  26. සුභ පැතුම් පිස්සෝ. කෙලි පැටික්කිටත් සුභ පතනවා. මම බ්ලොග් ලියන්න පටන් ගන්නත් කලින් ඉඳන් ඔයාගෙ බ්ලොග් එක කියවන්න ගත්තෙ. අදටත් මම ආස කරන විදිහෙ බ්ලොග් එකක් මේක. පරණ ඉස්කෝලෙ කතා ආයෙත් ලියමුකො.

    ReplyDelete
  27. උපන් දින දෙකටම මගෙන් උණුසුම් සුභ පැතුම් යාළුවා....

    ReplyDelete
  28. මචන් පිස්සා බ්ලොග් එකේ සිරාම රසයක් තියෙනව. උබට සුබ පැතුම්. පිස්සාගේ ආදර්ණීය කෙල්ලටත් සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  29. මලේ උඹෙ දෙකටම සුභපැතුම් ;)

    ReplyDelete
  30. පිණිබිඳු...
    Dinesh
    ගුණේ
    nawammawatha

    කට්ටියට බොහොම ස්තුතියි...

    ReplyDelete
  31. ඒ දෙකම ඔයාගේ ජීවිතේ වගේ වෙලා ඉවරනේ අයියා. සුභ පැතුම් දෙන්නාටම :))

    ReplyDelete

Related Posts with Thumbnails