Wednesday, November 2, 2011

පිස්සාගේ ලංකාගමනය

Share

අහස් යානයෙ පුංචි කවුලුව අතරින් පේන වලාකුලු මැදින් කොළ පාටට ගොඩබිම පේනකොට.. ගුවන් තොටුපලේ නවත්තල තියෙන Sri Lankan Air ප්ලේන් ටික දකිද්දි... හප්පා... හිතට එන හැඟීම නම් ආව්... කියලා වැඩක් නෑ...


හුන්ඩුවක් වගේ ප්ලේන් එකෙන් බැහල එද්දි හිනාවීගෙන ඉන්න මහරජා දැක්කමත් පොඩි කික් එකක් එනව කොච්චර බැන්නත්.. ඒක නම් වැඩියම දැනුනෙ 2009 යුද්දෙ ඉවර වුන වෙලාවෙ ලංකාවට යද්දි...


ඊට පස්සෙ ඔන්න ඉතින් ලංකාවට ආව කියල සීල් එකත් ගහගෙන අපේ එව්වොන්ට බෝතලුත් අරන්... බෝතල් 3 යි වයින් 3 යි... අපේ උන්ට හැරෙන්නත් මදි... ඒත් මක්ක කරන්නද.... ඔන්න ඉතින් බඩු මුට්ටු පොදි ගහන් එලියට එනවා... ඇත්තමයි අපේ රේගු නිලධාරින් බෑග් මලු පරික්සා කරලම නෑ නෙව මගේ... මූන දැක්කම පව් ඕනි නෑ කියල හිතෙනවද මන්ද....


අම්මයි තාත්තයි ඉන්නේ ඔය රත්තරන් පුතා එනකල්... ඒ මොහොතට මම පුදුම ආසයි.... අපේ අම්ම නම් සතුට වැඩි කමටද මන්ද අඩනවා.... " කොලුවා ආව නේ... " කියල තමයි තාත්ත නම් අහන්නේ....


කොහොමින් හරි එයාර් පෝර්ට් ඉදන් ගෙදර යද්දි ලංකාවෙ අපිටම ආවේනික වාහන එලවිලි දැක්කම එන කික් එක ගැන කුමන කතාද... ඇගේ හී ගඩු පිපෙනවා... මෙතුවක් කාලෙකට එයාර් පෝර්ට් එද්දි වාහනේ අරන් ආවෙ අපේ බාප්ප... අනේ උන්දැගේ එලවිලි... F1 යවන්න හිතෙනවා... සමහර වෙලාවට ඇස් දෙක මම තද කරල පියා ගන්නවා... සත්තයි... ලංකාවෙ ඉන්න කාලෙත් ඔරොත්තු දුන් නෑ වෙලාවකට... බයටම...


ඉතින් හැමදාම වගේ අලුතින්ම සිම් එකකුත් අරගෙන හතර දිග් බාගෙ ඉන්න උන්ට කතා කරනවා....

" මචන් මම ලංකාවෙ "

" අපෝ තෝ ආවද..... අතේ තියෙන සල්ලිත් ඉවරයි... නිවාඩු ටිකත් ඉවරයි "

" අඩෝ කැ*** නොකියම ආවනේ.... " ( කිව්වනම් උන් තොරන් ගහන්න වගේ )

" අඩෝ සෙට් වෙමු අහ්... බෝතල් ගෙනාවනේ... ගෝල්ඩ් ද බ්ලූ ද.. "


නා නා ප්‍රකාර රතු රෝස නිල් කොළ කතා...

" අඩෝ අද මොකෝ කරන්නේ.. උනවටුනෙ සෙට් වෙමුද... " බෑ කියයි මම.. මුහුදෙ නාල ඊට වඩා බීල හපොයි..


ආව දවසෙ ඉදන් යාලුවො කිව්වොත් පරන කතා.. ප්‍රශ්න.. දුක් ගැනවිලි.. ආදර කතා... අරව මෙව්ව ඔක්කොම... කොහොම ගියත් බීමක් තම.. කොටුවෙ හරි... අරූගෙ වත්තෙ හරි.... චීනෙක් මලාට ආවෙ නැති චීන කඩේක හරි... නෙළුම් කොලේ හරි... කෙහෙල් පඳුරක් බෝක්කුවක් පල්ලෙ හරි.... බීම තමා... එහෙව් බීමක්... චික්....


ඔක්කොටම වඩා අම්ම උයන කෑම හප්පේ... මෙහෙදි මලොත් නම් මල පෙරේතයෙක් වෙල උපදීවිද මන්ද... චීන ග්‍රීක් ඉන්දියන් ඉතාලි ඔය මොන උලව්ව කෑවත් මට අල්ලන්නෙ නෑ නෙව ලංකාවෙ කෑම තරම්...  මම උයන ලංකාවෙ කෑම ඉතින් අපි ඒ ගැන කතා නොකර ඉමු.... හික් හික්....


යහමින් උම්බලකඩ දාපු සම්බෝලෙත් එක්ක උණු කිරිබත්.. තෙම්පරාදු බත් එක්ක ලා පොල් වලින් හදපු පොල් සම්බල්... වත්තෙන් කඩා ගනිපු පුහුල්... බන්ඩක්කා... කොළ මැල්ලුම්.... අළුත් කියන්නේ අළුත්ම එළවලු.... අනේ... කෑම ගැන නම් ලියන්නෙ නෑ... කෙළත් ගිලෙනවා.... ( අපි නොලිව්වට අර මාරයා අපිව කෙළ ගිල්ලවල මරනවා බුකියේ කෑම දදා... )

ලිදෙන් එන සීතල වතුර ටිකක් නාල එද්දි තැබිලි ගෙඩියක් බීල... උණු වෙන් බත් සුට්ටක් කාල... ගහක් යටට වෙලා කල්පනාවක් දාන් ඉද්දි තියෙන සැප....


කෙල්ලත් එක්කත් රවුමක් ගහල.. ෆිල්ම් එකක් එහෙම බලල සාප්පු සවාරියක් ගිහින්... පන්සලකට එහෙමත් ගිහිල්ලා.... උදේ ගිහින් හවස එන්න පුළුවන් day ට්‍රිප් පුළුවන් තරම් දාගෙන.....


උදේ ඉදන් හැන්ද වෙනකන් ටෙලිෆෝන් කොම්පැනි පෝසත් කරලා... ලංකාවෙ ඉද්දි වැඩියෙම වියදම් වෙන්නෙ රී ලෝඩ් වලටද මන්ද.. දානව දානව ඉවරයක් නෑ.. දෙක නම් අනිවා අරක්කු සහ බයිට් වලට...


නෑ ගෙවල් වල අහල පහල එව්වොන්ගෙ ගෙවල් වල ගිහින් දත් 31 පෙන්නල හැමදාම අහන උන්ටවත් මටවත් වැඩක් නැති ප්‍රශ්න සැට් එකට උත්තර දීල...


එහෙමත්ම වෙලාවක පරණ කෙල්ලොත් මුන නොගැහෙනව නෙමෙයි පාර තොටේදි....


අතේ තියෙන අන්තිම සතේටම හිදෙනකන් ඉන්නව...  කාලය යනවා නිකන් තප්පරෙන් හඳට යන වේගෙන්....

" පුතේ  කවද විතරද යන්නෙ... නිකන් මෙහෙට වෙල ඉදල වැඩකුත් නෑනෙ.. " කාලය සහ මා විසින් මා කා දැමීම බලන් ඉන්න බැරුව අම්මයි තාත්තයි විසි තිස් පාරක් වත් ඇහුවම ඔන්න " ඔව් ඔව් යන්න ඕනි... " කියල දවසක් කියනවා....


රටේ නැති කෑම ජාති පැකට් කරන්න ගන්නෙ එතකොට ඔන්න... මගෙ නම් කිසිම උනන්දුවක් නෑ.. මොකද ඒ වෙද්දි යන්න එපැයි කියන වැටුන මානසික මට්ටමේ නෙව.... එත් අම්මයි තාත්තයි ඒව වරද්දන් නෑ.. කරවලද... කිරි ටොෆිද... බූන්දිද... දොදොල් ද..... සීනි සම්බල්ද... විකාර ගොඩාක්... මෙහෙට ඇවිත් ඉතින් ඕක කැලි වලට කඩල දන්න දන්න එවුන්ට බෙදුවම ඇති දේකුත් නෑ...


ණයට හරි සල්ලි ටිකක් හොයන් අවුරුද්දකට විතර ඇඳුම් කෑලියි සිංහල ඉන්ගිරිසි DVD තමා මන් ගන්නෙ... අන්තිම වෙද්දි අතේ සතේ නෑ... ෆුල් හිඟන්නා... මේ පාරත් මෙහේ ඇවිත් ණය බේරුවෙ අපේ එවුන්ගෙන් ගනිපු.... මේ පාරනම් වැඩියම ඉතින් හිත හොඳ කමට අතේ තිබ්බ සල්ලි ණයට දීල දීපුව නොලැබීමේ ආනිසංසෙන්...


ලංකාවෙ එන දවස තමයි එපාම වෙන්නේ... කෙල්ල අඩනව එහෙන්... අම්මත් අඩනවා... ආයෙ ඉතින් මේ සීතල රටයි... වැඩයි... මෙලෝ රහක් නැති කෑමයි... එක්ක මටත් ඇඩෙනවා.... හැබයි මුල් කාලෙ තරම් අවුලක් නම් නෑ දැන්... ප්ලේන් එකේදි හොඳට වැදෙන්න දෙකක් දාල දෙන දෙයක් කාල බුදියනවා දුක යන්නත් එක්ක... ගානක් නෑ... ආයෙම ලංකාවට යන්න countdown has began.... 

ඒකත් මහ පුදුම දෙයක්... ගමේ ඉන්න අපේ සඳරුවා කොළඹ එන්න ආසයි... කොළඹ එකා රට යන්න ආසයි... රට ඉන්න එකා ලංකාවට එන්න ආසයි... ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි... ඒ ආසව නිසාම අපිට ලැබුන දේවල අගයක් අපිට නොදැනී යනවා... ජීවිතේ තවත් එක හැටියක්...

හමුවෙමු නැවතත්...

53 comments:

  1. කොහොමටත් රටක ඉන්න මිනිහ කියන්නෙ මෙහෙ ඉඳල අැති වෙලා කියල තමා! :)

    ReplyDelete
  2. කොහොමත් අපි හැමෝම ආස කරන්නකපි ලඟ නැති දේවල් වලට කියනවානේ

    ReplyDelete
  3. Countdown.... Thava dina 18.... hikz...

    Jeew

    ReplyDelete
  4. උබ ලඟදි ලංකාවට ආවද නැත්තං ලඟදි එනවද....
    ඇත්ත මචො ඔය ආශාව..තමා ජිවිතේ දුක සතුට...ඔක පස්සේ හඹාගෙන් ගොහින්ම කොච්චර දේවල් අපට මගහැරිලා ඇත්ද....ආශාවල්..බලාපොරොත්තු..ඔව තමා ජීවිතේ ඉස්සරහට ඇදගෙනයන යන්ත්‍ර සූත්‍ර.....

    ReplyDelete
  5. "නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන "සින්දුවේ යටි පෙළ අර්ථය ගත්තොත් මේ කියන දේ ලස්සනට ලියවිලා තියෙනවා..

    ReplyDelete
  6. ලංකාව වගේ රටක ඉපදුන කෙනෙකුට මොන දිව්‍ය ලෝකෙක ගියත් මේ රට අමතක කරන්න බැහැ. ඒක ඇත්ත.

    ReplyDelete
  7. පිටරටක ඉද්දි ලංකාවට එනකම් බලාගෙන ඉන්නෙ...ලංකාවට ඇවිත් අතේ තියෙන කීය හරි ඉවර උනාම ආයෙම යනකම් බලාගෙන ඉන්නේ...අනේ ඉතින් අපේ ජීවිත...කොහොමත් ලංකාවේ ඉන්නවට වඩා හොඳයි කීයක් හරි හොයාගන්න පිටරටක ඉන්න එක...

    ReplyDelete
  8. මුලින්ම කටට කෙල ඉනුවා කෑම ලිස්ට් එක දැකලා දෙවනුව මමත් ඔය ටිකමයි කරන්නේ ලංකාවට ගියාම ..අම්මලගෙ ගෙදර ගිහිල්ලා බඩ පැලෙන්න කන එක තමයි කරන්නේ...ගෙදර උන්දැට අපේ අම්මගේ කෑම ලගටවත් එන්න බෑ...ඉතින් එහෙ ගිහිල්ලා කනකොට අතින් අනින එක තමයි ඉවසන්න බැරි..ගෑනු සෙකන්ඩ් වෙන්න කැමති නෑ නේ ....තව මාස 5ක් ඉවසන් ඉන්න ඕනේ..අප්‍රේල් අවුරුද්දට ගෙදර යන්න.....

    ReplyDelete
  9. //ගමේ ඉන්න අපේ සඳරුවා කොළඹ එන්න ආසයි... කොළඹ එකා රට යන්න ආසයි... රට ඉන්න එකා ලංකාවට එන්න ආසයි... ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි//

    ඔන්න ඔය ආසාව තමයි මචෝ හැමදේටම මුල ...

    හැබැයි ඔය රටවල් කතන්දරේ වෙනස් දියුණු රටවල ඉපදුන , හැදුන වැඩුන අයට , සුද්දන්ට විතරක් නෙවෙයි අපේ අයටත් .උන් කවදාවත් අපේ රටවලට එන්න ආසාවෙන් ඉන්නේ නැ (නිකන් ටුවර් දානව මිසක් ). අපි තමයි කොහේ හරි යන්න ආසාවෙන් ඉන්නේ . උඹල ගිය දවසේ ඉඳන් මෙහේ එන්න ඇඟ්ලි ගැන්නට , ගියාට පස්සෙ ඒ ජිවිත වලට හැඩගැහිලා ඒකම බදාගෙන ඉන්න අයත් නැතුවා නොවෙයි !

    ReplyDelete
  10. ayye umba giyada?

    -goldfish-

    ReplyDelete
  11. චොකලට් චොකලට්.. හිකි හිකි

    ReplyDelete
  12. කියලාම වැඩක් නැත මල්ලියේ.
    මටත් දැන් මේ දෙක අතරම දෝලනය වෙලා හෙම්බත් වෙලාවාගේ.....!

    " ඒ මොහොතට මම පුදුම ආසයි...."

    "ලංකාවෙ එන දවස තමයි එපාම වෙන්නේ..."

    මගේ හිත ගලෝලා මලයගේ බ්ලොග් එකේ දැම්ම වාගෙයි

    ReplyDelete
  13. සමහරු ඉන්නෙ කවුරුහරි රට ඉදල එනකං දත් ගලවන්න.

    ReplyDelete
  14. //ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි\\
    ඒක නම් සහතික ඇත්ත අයියා

    ReplyDelete
  15. අඩේ පිස්සෝ ප්ලේන් එකේ ෆුට්බෝර්ඩ් එකේ එනකොට පරිස්සමින් වරෙන්.

    ReplyDelete
  16. උඹලා ගැනනං දුකයි.. ඒත් ඉතිං තොපි මෙවෑ හිටියම අහල පහල උන්ගේ කෙහෙල් කැනක්වත් යහතින් නොතියන හින්දා මෙහෙ ඉන්න එක ගැනත් දුකයි... අර දුකයි මේ දුකයි කිරලා බැළුවම වැඩි දෙනෙකුගේ සුභ සෙත උදෙසා උඹ ඔහේ ඉන්න එක හැමෝටම හොඳයි..:D

    ReplyDelete
  17. හැම එකාම තමන්ට නැති දේකට ආසයිලුනේ.

    ReplyDelete
  18. මේ ලඟදි උඹ අපිට හොරා ලංකාවට ආවද ?

    ReplyDelete
  19. හිතට වැදුන වචන ටිකක් සහෝ. ඔය අත්දැකීම ඉතින් අපිට තේරෙන්නේ නෑ නේ. රට යන්නම ඕන ඒක තේරෙන්න. හැබැයි ඔයිට ආසන්නයි සති අන්තේ ගෙදර යන එකත්.:)

    ReplyDelete
  20. සිරාවට මගෙත් ඔය ටිකම තමා මචො!ගෙදර ගිය ගමන් අම්මා ක්‍රීම් සෝඩා එකක් ගෙන්නලා තියනවා කොත්තුවකුත් එක්ක!අම්මගේ කෑම කන්න කලින් කන්නේ කොත්තුව!ආයේ එනවා කියල මතක් වෙද්දි තමා සංසාරේ එපා වෙන්නේ!

    ReplyDelete
  21. ම්මම කොළඹ එන්න මාර ආසයි ඒත් ඒ ගම එපා වෙලා හින්දම නෙවේ .අලුතෙන් දෙයක් දැකබලාගන්න ඕන නිසා . ඒ වගේම වෙනසක් දැකගන්න ඕන නිසා .

    දැන් මම ඉන්න දිහෑවත් සුපිරිවටම ගමක් නෙවේ . දැන් ඒ පලාතත් ටික ටික නාගරික වෙමින් පවතිනවා . හැබැයි මහ කැලේ . අලි , නයි , පොලොංගු , ඇල වැව , කුඹුරු කැඩිච්ච පාර මේ හැම දෙයක්ම තවම තියනවා . ලොකු කඩයක් තට්ටු දෙකේ එයක් දොරක් අලුතෙන් හැදීම ඇරුනහම මගේ ගමේ තාම ලොකු වෙනසක් ඇති වෙලා නෑ .

    මම උඹට එදා කීවා වගේ ඊලඟ නිවාඩුවට උඹ කෙලින්ම එන්නේ මෙහේ අරිද ! දවසක් දෙකක් ඉඳලා ෆන් එකක් අරගෙන යමු

    ReplyDelete
  22. මේ ලියවෙන්නෙ අපේ (මගේ) කතාවද කියලත් හිතුන වෙලාවකට, වෙනසකට ඇත්තෙ දේශගුණික රටාව විතරයි. සීතල හා ගිණි කාෂ්ඨක රස්නෙ

    ReplyDelete
  23. වෙද ගෙදර මහා වෙදනා කියන කතාවට මම සීයට දෙසීයක් එකඟයි..
    ලංකාවට එනකන් ඇඟිලි ගනිනවා.. අවාම වෙලාව යන්නේ හරියට රොකට් වගේ..

    ReplyDelete
  24. අඩා පිස්සා ලංකාවට එනවද??කවද්ද??මේ මට මතක් කරලා ඔශීන් අරන් එන්න හොදෙයි.ඕං අමතක කරන්න එහෙම එපා...ගිය පාරත් ගන්න බැරි උනානේ.මේ පාර නම් අනිවා ගන්නවා.

    ReplyDelete
  25. අපිත් ගෙදර යන්න countdown has begun
    henryblogwalker the Dude

    ReplyDelete
  26. "ගමේ ඉන්න අපේ සඳරුවා කොළඹ එන්න ආසයි... කොළඹ එකා රට යන්න ආසයි... රට ඉන්න එකා ලංකාවට එන්න ආසයි... ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි... ඒ ආසව නිසාම අපිට ලැබුන දේවල අගයක් අපිට නොදැනී යනවා... ජීවිතේ තවත් එක හැටියක්.."

    හරියට හරි බන්. උඹ එන්න හීන දකිනවා. අපි යන්න හීන දකිනවා. :)

    ReplyDelete
  27. අර අන්තිමට ලියපු වචන ටිකනම් මල් හතයි.. මටත් ඉතින් ඔය ටිකම තමයි ලංකාවට යනකම් සිහියක් නෑ... ගිහින් එද්දි ඉතින්... කියන්න ඕන නෑනේ.. අනේ මන්දා වෙලාවකට මේ ජීවිතේ මොකක්ද කියලත් හිතෙනවා...

    ReplyDelete
  28. මමත් මේ ගැන ලියන්ට හිටියෙ. ආයේ ලියන්න දෙයක් නෑ උඹ ලියලනෙ ඔක්කොම. හප්පේ කෑම ලිස්ට් එක කියෙව්වම දැන් ගෙදර දුවන්න හිතුන. ලංකාවට ගියාම ඉතින් කන බොන එකයි රවුම් ගහන එකයි තමා ඉන්න දවස් ඔක්කොටම.

    ReplyDelete
  29. ඔයාගෙ පෝස්ට් එකෙන් බාගයක් මම ලිව්ව වගේ මට හිතෙන්නෙ...තැඹිලි..කොලමැල්ලුම්...බන්ඩක්ක...ලිඳේ වතුර...වත්තෙ අලුත් එලවලු...හ්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  30. සමහරු මෙහේ ඉඳන් හූල්ලනවා අනේ රට යන්න ඇත්නම් කියලා... මෙහෙන් එහෙට ගිය හැමෝම ආයේ මෙහෙට එනකම් බලං ඉන්නවා... වෙලාවකට හිතනකොට හරි පුදුමයි!

    ReplyDelete
  31. අඩෝ ලංකාවෙද ඉන්නෙ... ?? ඌණවටුනෙ සෙට් වෙමුද.. ?? :D අපේ ගෙදර ඉදල 2 KM යකෝ.... ඔය රට බෝතලයක් ඇරෙනවනම් කතා කරපං...

    ReplyDelete
  32. පිස්සා, කවදද යන්නෙ, අපි අප්‍රියෙල් මාසෙම එහෙ.

    ReplyDelete
  33. සදාදරණීය මව් බිම :)

    ReplyDelete
  34. පිස්සෙක් නොවී ඔන්න ඔය කෙල්ලවත් එක්කන් යන්න බලහන් ඊළඟ පාර. එතකොට හරි.

    ReplyDelete
  35. තනි අලියා : හැමෝම නෑ....



    ශානු : ඔව් ඒක නම් ඇත්ත තමයි...



    Jeew : උබ හුඟ කාලෙකින් මේ පැත්තෙ.... සන්තෝසයි මචන්... ලබන අවුරුද්ද දිහාවට යන්න අදහසක් නෑ ?



    Raj : ලගදි ඇවිත් ගියා... ලගදි කියන්නේ අවුරුද්දට... සයිබර් එක තිබ්බෙ... ඔව් උබ කියන කතාව ඇත්ත..

    ReplyDelete
  36. Weni : ඔව් අපිට ලබා ගන්න බැරි දේවල් වලටනේ අපි ආස...



    වෙද ගෙදර මහ වෙදනා : හැබැයි ඉතින් ඒක හැමෝටම අදාලත් නෑ අයියේ... ඔය ඉන්නෙ සමහරු උපන් රටක් නැති ගානට



    දිල් : සල්ලි පොකුරු ඩොලර් අහුරු තමයි...



    ඔබ නොදු‍ටු ලොවක්..... : අප්‍රේල් දිහාට මාත් යන්න හිතන් ඉන්නේ... ඔබා අයියත් එනව කියන්නේ... මොනව හරි ලෑස්ති කරමුද ?

    ReplyDelete
  37. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! : අපොයි ඔව්... මගෙත් හුඟක් යාළුවො එහෙම තමයි... උන් හැඩ ගැහිලා.. අවුරුදු 5 - 6 කට ලංකාවට ගිහින් නෑ... උන්ට වගකුත් නෑ... මට බෑ බන් එහෙම ඉන්න.



    ගෝල්ඩ් ෆිශ් : මැයි මාසෙ නෙ බන් ආවෙ... ආයෙ ලබන අවුරුද්ද දිහාට එන්න හිතන් ඉන්නවා



    හසී : මෙන්න මෙයා... චොකලට් හොඳ නෑ හසියෝ... මහත් වේවී... හික් හික්



    තිස්ස දොඩන්ගොඩ : තිස්ස අයියට මේ සීන් එක මටත් වඩා දැනෙනවා නෙව... " දෙදරු ලඳුනෙ මට නිදි නෑ " ගීතයට මම පට්ට ආසයි...

    ReplyDelete
  38. රාජ් : ඔව් එහෙම එව්වොත් ඉන්නව තමා...



    අකීකරු හිත : මනුස්ස සොබාවය නෙව...



    නලින්-සමනලුන්ට වෙඩිතියන්න : නෑ නෑ බන් මම නම් මැදටම යනවා... හොරෙන් යන්න ලේසියි එතකොට... හික් හික්



    මාරයාගේ හෝරාව : අනේ අයියේ උබ අර කෑම දදා අපිට දෙන දුකත් එක්ක බැලුවම ඒ දුක ඔක්කොටම එහා... හික් හික්

    ReplyDelete
  39. kumaraya : මනුස්සයන්ගෙ හැටි වෙන්න ඕනි බන්


    ඕනයා : නෑ බන්... උබල අපි සෙට් උන පාර ඇවිත් ගිය එක තමයි... ආයෙ ලබන අවුරුද්ද දිහාට... අප්‍රේල් උබත් ඉන්නවනේ ලංකාවෙ...



    Kasun : අන්න ඒක සති අන්ත 50 - 75 කින් විතර වැඩි කරල බලහන්.. හික් හික්



    Sabith : කොත්තුවයි... ප්ලේන්ටියයි මට නම්... අම්මේ මතක් වෙනකොටත් කෙළ ගිලෙනවා

    ReplyDelete
  40. හිස් අහස : අනිවා අනිවා.. මේ පාර නම් එනවා කොහොම හරි... ගම නැතත් උබව බලාගෙන යන්න එනවා....


    ravinumal : එකම සිද්දිය තමයි බන්....



    ක්සැන්ඩර් | Xander : වෙලාව යන වේගෙ ගැන කුමන කතාද....



    පිස්සු පුසා : එල එල... මටත් උබේ සීරිස් සෙට් එක ගන්න ඕනි... මේ පාර කොහොම හරි වැඩේ කරමු

    ReplyDelete
  41. Dude : හික් හික්... ලඟදි යනවද



    ..ChAnDiKa.. : උබලගේ හයික් වල ෆොටෝ දැක දැක අපිත් හීන දකිනවා... අඩේ අනිව යමන් එකක් හොඳේ



    Dinesh : මටත් ඕකම හිතෙනව බන්.. ඒත් ඉතින් මොනව කරන්නද...



    මුහුදු කොල්ලකාරයා : ලියපන් බන්.. ලියපන්....

    ReplyDelete
  42. වින්චැට් කිරිල්ලී. : හුඟක් මූදෙන් එහා ඉන්න අයගේ කතාවක්



    පූසා : සන්ෆ්ලවර් ගොය්යො කියන්නේ... " එහා ඉවුරෙ තනකොල කන ගොනා " කියල...



    පොඩි මෑන් : එන්න ලංවෙලා බොට කියන්නම්කො.... උබව හම්බෙන්නත් ආසයි



    Observer : මාත් ඒ කාලෙම යන්න හිතන් ඉන්නව... ලං කරල කියන්නම් හරියටම අයියට

    ReplyDelete
  43. ගුණේ : ආයෙත් අහල....


    ඉන්දික උපශාන්ත : ඔව් බන් කෙල්ලව එක්කන් යන්න ඕනි කොහොමත්.... නැතුව නම් මේ ජීවිතේ ගෙවන්න බෑ තවත් මෙහේ

    ReplyDelete
  44. v nvr hv wt v like
    v nvr like wt v hv.........
    stl v live... love & hp
    sm day,
    v vl get wt v lv or
    lv wt v hv.....

    ReplyDelete
  45. රටකින් එහා ඉගිලී තනිවෙන්න බැ බැ බැ................ මයිzzzzz :D

    ReplyDelete
  46. මම තාම ලංකාවට ගිහින් නෑ.... :(
    කියපු කෑම ටික දැකලනම් හොඳම බඩගින්නක් ඇල්ලුවා...

    මේ අනිත් දතට මොකද වුනේ? කෙල්ලෙක්වත් ගලෝ ගත්තද?

    ReplyDelete
  47. Soda ගුනේ : ඇත්ත... ජීවත් වෙනවනේ අපි...



    ජේ.ඩී : මගේ ජාතික ගීය මේ දවස් වල



    තාරක Dilsh@n : ලඟදි යනවද උබ.... අප්‍රේල් දිහා...

    ReplyDelete
  48. හක්මනින් ගාලු ඇවිත් ගාල්ලෙන් කොළඹ ආ මට දැන් කොළඹද තිත්ත වී ඇත.

    ReplyDelete
  49. nawammawatha : උබට හක්මන යන්න නොහිතුනත් ගාලු යන්න හිතෙනව නේද ??

    ReplyDelete
  50. තාම අදහසක් නෑ බන් ඒ ගැන..
    ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ...

    ReplyDelete
  51. කතා කරලා වැඩක් නැහැ. තමන්ගේ මව් බිම තමන්ට කොච්චර වටිනවද ? අපි සති දෙකකට සිංගප්පුරූ ගිහින් අන්තිම දවස් ටිකේ ලංකාවට එන්නේ කවද්ද කියලා ඇඟිලි ගැන ගැන හිටියේ :)) අපිට එහෙම නම් ඔයාලට

    ReplyDelete
  52. තාරක Dilsh@n : මම නම් ඉතුරු කරන සියල්ල එහෙටයි මෙහෙටයි ගිහිල්ලම නැති කරනවා...



    Hasitha : හිතා ගන්න පුළුවන්නෙ මලයො

    ReplyDelete
  53. මමනම් ලංකාවේ ඉන්න ආසයි. හම්මපා අපිත් සල්ලි කාරයෝ උනානම් ඉන්න තිබුනා
    කෝරලේ වලව්ව

    ReplyDelete

Related Posts with Thumbnails