Monday, November 7, 2011

මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම....

Share
 
උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " කොලුවෝ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...
කොලුව නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් පියාගෙන අර තේ එක උගුරින් උගුර බොනව... විනාඩි 5ක් සමහර විට 10ක්.. තේ එක ඉවර වෙලත් ටිකක් වෙලා ඉන්නවා... ඒ මොහොතට මම පට්ට ආසයි...


රතු හාලේ බතුයි... කිරි හොඳියි... උබලකඩ සම්බෝලෙයි.... නැත්තම් තෙම්පරාදු බතුයි... බිත්තර පළුවකුයි.. ලා පොල් සම්බෝලේයි... කාල එලියට බැස්සම තියෙන ෆිට් එක... කොළබ ඉන්න කාලේ නම් කොටුවෙ කමර්ශල් බෑන්ක් එක ගාව තිබ්බ කඩේ රුපියල් 28 බත් එකට අර කෑම වේලට කිට්ටු වෙන්න බැරි උනත් හාල් මැස්සො තෙල් දාල... පරිප්පුයි.. බිත්තර පලුවයි..පොල් සම්බෝලෙයි... ඇඟට වදිනවා.... 

ආත්තමලහ තියෙන තේ කෑල්ලේ දවල් 1 - 2 වෙද්දි තියෙන්නේ පුදුම පාළුවක්... කොහොමත් පාළුයි.. ඒත් ඒ වෙලාවට තියෙන පාළුව ලස්සනයි... ඩොංග ගස් වලින් හෙවන උන ගල් තලාවක් තියෙනවා... පොතකුත් උස්සන් මම යනවා එතනට... අර ගල් තලාව උඩට වෙලා පොත කියවනවා... මගේම හීන ලෝකයක ජීවත් වෙනවා... ඇතියි කියල හිතුනම නැගිටල එනවා... ඇවිල්ල බාල්දියකුත් අරගෙන ආයෙම යනවා ලිඳට.... කඩල තිබ්බොත් තැඹිලි ගෙඩියක් හරි කුරුම්බයක් හරි අරන් යනවා මන්නෙකුත් එක්ක.... නාල ලිඳ ලගම තියන් තැඹිලි ගෙඩියටත් වග කියල එනවා... ආත්තම්ම උයල... රතු බත්.. මාළු.. එක්ක මොනා හරි.. ඒකත් කාල අව්ව බැස්සම ගෙදර එනවා...

වහින වෙලාවට ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක්... රෑ නම් මම හුඟක් කැමතියි.... " අම්මේ... ප්ලේන් ටී එකක් " හුලඟට වදින හිරිකඩ එක්ක එන සීතල... දුම් දාන ප්ලේන් ටී එකෙන් එන රස්නෙ... ඒක නියම හැඟීමක්... විදින්නම ඕනි... අම්බානෙක අකුණු ගහන්නෙ නැත්තම් වැස්ස ඉවර වෙනකල්... එක්කො රෑ 10 - 11 වෙනකල් මම එතනින් හෙලවෙන්නෙ නෑ... අම්ම බත් එක බෙදල ගෙනත් දෙනව එතනට බැරිම තැන....
හවසට ඇඟ හෝදන්න කලින් වැස්සොත් කමිසෙ ගලවල දාල වැලකට සරමත් කැහපට ගහගෙන වෙල පැත්තෙ තියෙන බැම්ම උඩින් වාඩි වෙලා වැස්ස දිහා බලන් ඉන්න එකටත් මම ආසයි. ගරාජ් එකේ වහල නිසා තෙමෙන්නෙ නෑ.. එත් හීකඩට තෙමෙනවා... එහෙම ඉදල නානකොට පට්ට...


නිදා ගන්න ඇඳට ගිහින් රෙද්ද ඇතුලෙ ගුලිවෙලා වැස්සෙ හඬට සවන්දීගෙන ඉන්නකොට ඒක භාවනාවක් වගේ...

කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට... කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... එතන නිදහස්... කලබල අඩුයි... ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව... ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...

සල්ලි අතේ තියෙන සමහර දවස් වල හිතෙනවා බියර් එකක් බොන්න නිදහසේ... නාගෙන ශෝටකුයි කමිසෙකුයි ඇඳගෙන රුපියල් 500කුයි හැඳුනුම් පතයි ( ජංගම දු.ක දාල එනවා ) අරගෙන පයින්ම එනවා පිළියන්දල ශැංහයි එකට... හවස 4 ට විතර කවුරුත් නෑ... කොනක මේසෙකින් වාඩි වෙලා ගෙන්න ගන්නව ලයන් එකක්... පොඩි ඔම්ලට් එකකුත්...පැය 2 - 3ක් ගත කරනවා... හිතවා... අතීතේ.. වර්තමානේ... අනාගතේ.... ලයන් ලාගර් 2ක් තමයි උපරිම බොන්නේ... ලාවට කික් එකක් තියෙනවා.. සෙනඟ පිරෙද්දි බිල ගෙවල මම එනවා... එන ගමන් කඩේකින් සම්බෝලත් එක්ක ආප්ප කනවා.. ආප්ප 3ක් ඇති... රුපියල් 15යි... දුම් දාන සැර... ගෙදර ඇවිත් ආයෙම ඇඟ පොඩ්ඩක් හෝදන් ඇදට.. නින්ද යනව ලෙසට

******************************
 
ජීවිතේ එක වකවානුවක මම ඇබ්බැහි උනු... අදටත් ලංකාවට ගිය වෙලාවට පුළුවන් විදියට විඳින... සිද්ධීන් කීපයක්... මේ සිද්දි දාමයට මම පට්ට ආසයි... 
හැබැයි ඒ සිද්ධි දාමය මගේ ජීවිතෙන් ඈත් උනු... ලංකාවෙන් පිට උනාට පස්සෙ මට ඕනි වෙලාවට විදින්න බැරි සිද්ධීන් කීපයක් බවට පත්වෙනකල් ඒවයේ වටිනාකමක් මට ලොකුවට දැනුනේ නෑ...
ඒ හැම එහෙකම තනිකම ගැබ් වෙලාද කියල හිතෙනවා... මම තනිකමට ආසද... ? ඔව් මම ආසයි... පට්ටම ආසයි...

ඒත් රටින් පිටවෙලා නාදුනන මූනු මැද විදින තනිකමට මම ආස නෑ... ඒක වදයක්... ඒත් වෙලාවකට මම ඒ තනිකමත් විදිනවා... කපන්න බැරි අත සිබිනව වගේ...


" තනිකම " කවුරු මොනව කිව්වත් උබත් සිරා පොරක් බන්... පොරක් කියන්නේ සිරාම සිරා පොරක්... නවම් අයියේ තනිකමත් මගේ ජීවිතේ පොරක්... ඌ පොරක් උනේ ජීවිතේ විඳින්න පුළුවන් තවත් එක පැත්තක් මට පෙන්නපු නිසා... 

48 comments:

  1. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)November 7, 2011 at 11:37 AM

    තනිකමට වඩා පොරක් නෑ බං! තනිකම තනි කරල දාල යන එකාට ඔටෝමැටික්ම රිටර්න් එක සෙට් වෙනව! :D

    ReplyDelete
  2. ඔය තරම් ලොකු අත්දැකීම් නම් නැහැ ලොක්කා ඒත් මේ වගේ පුංචි පුංචි තැන් වල ඔහොම තනියම ඉඳලා තියෙනවා. සමහර සිද්දි නිසා..... :)

    ReplyDelete
  3. නන්දා ඇන්ටිත් කියනවනේ "තනිකම හොඳයි දෙබසින් දුක වැඩි හින්දා" කියලා....

    ReplyDelete
  4. සිරා මචන්.
    දැනුනා. සොඳුරු රස්තියාදුවට, තනිකමට මාත් මාර ආසයි.

    ඒ කාලේ මමනම් කළේ කොහේ හරි දුර යන බස් එකක කොණේ සීට් එකක් අල්ලන් ඉද ගන්න එක. ඔහේ කල්පනා කර කර යනවා. තව වැඩක් කරනවා රට කජු ගොට්ටක් අරගෙන මොකක් හරි සෙනනග පිරුණු හෝල්ට් එකකට වෙලා පාරේ යන මිනිස්සු දිහා බලන් ඉන්න එක. නැතිනම් පට්ට චාටර් සයිවර් කඩේකට ගිහින් කිරි කහට එකක් බොන එක.

    අයියෝ... ආයේ මට ඒ ජිවීතේට යන්න බෑ දුකයි..!

    හැබැයි මම දැනුත් ඔළුවට මොකක් හරි අවුලක් ආවම ඔය වැඩේ කරනවා, සර්කල් රූට් බස් එකක නැඟලා කොනේ සීට් එකක් අල්ලගෙන කැරකි කැරකි ඉන්නවා. ඩ්‍රයිවර් හිතනවා ඇති මට පිස්සු කියලා. හැබැයි ඉතින් නගින කොට තිබ්බ ප්‍රශ්නේ බහිද්දි නැහැ. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.

    ReplyDelete
  5. ආහ් ඔයා උන්නේ පිළියන්දලද හික් හික්

    ReplyDelete
  6. මමත් කැම්පස් කාලේ ඔහොම වැඩ කරලා තියනවා. අදත් ආසයි ඒකකට. ඒත් දැන එහෙම බැහැ. එක සැරයක් මොනරාගල ගියා. අතේ තිබ්බේ යන්න බස් එකට සල්ලි විතරයි. කෑම බීම නවතින්න තැන ගිහින් තමයි හිතුවේ. අපේ පරණ වෛද්‍යවරයෙක් මුන ගැසුනම කෑම ෂේප්. නවතින්න බැචෙක් හරි බැචියෙක්ගෙ තැනකට යනවා. ඔහොම අරමුණක් නැතුව දවස් ගානක් ගිහිල්ලා තියනවා අතේ සතේ නැතුව. වටිනා අතීතාවර්ජනයක් මල්ලි.

    ReplyDelete
  7. මොනවද බන් මේ ලියන්නෙ ඇඩෙනවා
    ආයි ඒ කාලෙට යන්න පුලුවන් උනා නම් හම්මේ.......................................

    ඔය තනිකමට මාත් හරිම කැමතියි බන්

    ReplyDelete
  8. පිස්සා සහෝගේ ලිවීමේ ශෛලිය ටිකක් වෙනස් වෙලා වගේ. මෙහෙම ලොවෙත් නෑ. කියන දේවල් බොක්කටම දැනෙනවා. කලින් එකෙත් මට එහෙම වෙනසක් තේරුණා. අනේ මන්ද මට හිතෙන හැටිද දන්නේ නෑ. කොහොමහරි ඇතුලටම දැනුන. ඒ කියපු තැන්වල මාත් හිටිය වගේ දැනුනා.

    ReplyDelete
  9. උඹ කියල තියෙන්නෙ අපි හුඟ දෙනෙක්ගෙ කතාව මචං . . . අපි හුඟක් එවුංට කිසි තේරුමක් නැතුව ඉබාගාතෙ ගිය කාලයක් තියනව . . . කරුමෙ කියන්නෙ දැං එහෙම යන්න අමාරුයි . . . මතක් වෙනකොට ඊටත් වඩා හිතට අමාරුයි . . .

    ReplyDelete
  10. ඇත්ත බං වෙලාවකට තනිකම...අනිත් හැම සැපතකටම වඩා ලොකුයි...මගේ තවත් යාලුවන්ට තියෙන අමිහිරි අත්දැකිම උඹත් ලබනව යාලු...ඒ ලක් මවගේන් ඇත්වී සිටිම..ඒ විඳවිම ලංකාවට ඇවිල්ල ආපහු ගියහම ටික දවසක් යනකං තදටම දැනෙනව නේද බං.....ජිවිතේ මහ පුදුම දේයක් කියලා අයේ අයේ ලියන්ට වෙන්නේ ඔන්න ඔයවගේ වෙලවට මචො...

    ReplyDelete
  11. ෆට්ටම ඇත්ත බන්.
    මාත් මේ රටකට ඇවිල්ලා දැන් හැමදාම හීන දකිනව ඔය වගේ දේවල් ගැන.
    පබ් එකේ කැන්ටිමෙන් ප්ලේන්ටියක් ගහන්න, පීඩිතේට හරි කුස්සියට හරි රින්ගලා බත් ටිකක් කන්න. ජෝන් ද සිල්වා එකේ හරි ලුම්බිනියෙ හරි නාට්යක් බලන්න.
    එහෙම නැත්නම් ඔය පොඩි දොරට වැඩුමක්, ‍ෆිල්ම් ෆෙස්ටිවල් එකක් බලන්න යන්න.
    කැම්පස් ඉන්න කාලෙ ක‍ටු බැද්දෙ හන්දියෙ විල්ස් එකෙන් හරි ජෙම් රෝස් එකෙන් හරි හොඳටෝම බීල වැනි වැනි බෝඩිමට යන්න.පින ඉවරයි මයෙ හිතේ.

    හොඳ ලිපියක්. අතීතෙ මතක් වුනා.
    ස්තුතියි.

    ReplyDelete
  12. මේක තමා සරළ මිනිහෙක්ගෙ පුංචි ලෝකය...අර තාත්තා තේ හදන එක නම් නියමයි...අපේ ගෙදරත් සමහර දාට බණඩාර බාප්පා ඔක්කොටම තේ හදනවා.. තේ කහටයි කිරියි දාලා යහමින් හදන තේ එක මාරම රහයි...සමහට වෙලාවට තේ එක රහයි කිව්වම පුංචී රවනවා අපිට...ඇයි ඉතින් අපිට හැමදාම තේ හ්දන්නෙ පුංචිනේ...එයාගේ තේ එක මේ වගේ අගය කරන්නෙත් නෑනෙ...

    හොඳ ලියමනක් කොල්ලෙ...සරල ජීවිතයක සුවඳ දැනුනා....

    ReplyDelete
  13. එලටම ලියලා තියෙන්වා....පිස්සා මුල කාලේ ලිව්වා වගේම....ඔය තනියෙම බොන එක මයියාට කොරන්න බැරි වැඩක් නෙව.......

    ReplyDelete
  14. මගේ හිතේ පළුවක් අරන් ලිව්වා වගේ.. ගොඩක් වෙලාවට මමත් ආසයි උදේට හීල් බත් සම්බෝලයි, හොඳට කරවෙන සයිස් එකට බැදලා ගත්ත බල කරවල කෑල්ලක් එක්ක කාල ෆිට් එකට උදේ වරුවම ගෙවලා දාන්න. වහින වෙලාවටනම් ඉතින් ප්ලේන්ටියකුයි පත්තරෙකුයි තියනවනම් ආයේ ඕනේ නෑ. පට්ට සීතලේ බැල්කනියෙන් ඉඳන් පත්තර කියවද්දී හොඳ කික් එකක් එනවා. ඒ නැත්තන් කොහේහරි ගඟකට පැනල සීතල වතුරෙන් නාල ඇවිත් හකුරු කෑල්ලක් එක්ක ගහන ප්ලේන්ටිය තරඟ සනීප දෙයක් අයෙනම් මට නෑ.. ශික්.. මේ කාන්තාරේ තැඹිලි ගෙඩියක් බොන්න ගඟක නාන්න තියා.. එහෙම ආතල් එකක් ගන්න එක ගැන හිතන්නවත් බෑ නේ.. එහෙම වෙලාවට ලංකාවට දුවන්න පුලුවන්නම් දුවනවා..

    ReplyDelete
  15. මමත් ඒ තනිකමට මාරම ආසයි.. උඹෙයි මගෙයි කතාවේ ලොකු වෙනසක් නෑ.. ඇත්තටම ලංකාවෙදි අපි වින්ද ඒ නිදහසයි සතුටයි දැන් තියෙනවද කියන ප්‍රශ්ණේ මටත් තියෙනවා..

    ReplyDelete
  16. පන්සලට යා වෙලා වෙල ගාව තියෙන බඩ වැටිය, දවල්ට පාලු වෙච්ච මූදු වෙරල, රේල් පාරෙ සිල්පර කොට... කපුගේ ගෙ සින්දුවක්, විජයගෙ ‍ෆිල්ම් එකක්, සෝම හාමුදුරුවන්ගෙ බණක්, සුගතපාල ද සිල්වගෙ නවකතාවක්, මේ තනි කමේ ඉන්න කොට දුක හේදිල යනව, ජීවිතේ කොච්චර රහක් තියෙනවද කියල හිතෙනව... එලම ලිපිය මචන්, ආසාවෙන් කියෙව්ව.

    ReplyDelete
  17. ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා සරල උනත්,කොච්චර සල්ලි දුන්නත් වෙන කෙනෙක්ට ගන්න බැරි! මේ ආවර්ජනාවත් ඒ වගේ මිලකරන්න බැරි තරම් වටිනවා කියල දැනෙනවා.

    තනිවුනු වෙලාවට මතක් කරන්නවත් මෙහෙම මතකයක් තියෙන එක ගැන සතුටු වෙන්න සහෝ!! මොකද සමහර මිනිස්සුන්ට මෙහෙම ජීවිත තිබිලම නෑ !!

    ReplyDelete
  18. අයියාට තනිකම පොරක් වුනාට.... මගේ නම් එදා ඉඳන්ම පොර - අකුණු ගගහ ලයිට් කණුත් පෙරලගෙන කරුවලේම වහින වැස්ස... ඇත්තමයි මට ගෑණියෙක් නැතුව ඉන්න පුළුවන් වෙයි, ඒත් මාස දෙක තුනකට පාරක් වත් මහා වැස්සක් නැතුවනම් ඉන්න බැරිවෙයි...

    ඒ හීතලයි, සද්දෙයි හිරිකඩයි දෙන ත්‍රිල් එක වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ... හැබැයි හොඳ සිහියෙන් විඳින්න ඕනේ...

    ReplyDelete
  19. ජිවිතේ සුන්දර බව තනිකම විදින්න ආස උනත් හිතුමතේ මම ගෙවපු අතිතේ ගැන නම් පොඩි පොස්ට් එකක් දැම්ම්මා අද උදේ... ඒත් මේ ලියමන මාවත් ඒ තැන් වලට අරගෙන ගියා වගේ දැනුනා........... ජය වේවා.. ලංකාවට ආපු දවසක ආයෙමත් මෙහෙම ඉන්න පුලුවන්නම් ඇත්තටම ඔයා දිනුම්

    ReplyDelete
  20. ඉවසපන් කොල්ලො, තව මාස පහයි, මාසයක් විතර ජොලියේ ඉඳල ගියැකි.

    ReplyDelete
  21. අනගි ජිවත විවරණයක් . මටත් රාස්සිගේ අව්ව වැටෙන වෙලාවට හරියට මගේ පුංචි කාලේ මතක් වෙනවා . ඉස්සර තනියම කල්පනා කර කර හිටි දවස් සිහි වෙනවා .
    මොකද මන්දා උදේට වත් රෑට වත් නෙමේ හවස ඉර බහින්න ලං වෙද්දී . මට විතරක් දැනෙන දෙයක්ද මන්දා .
    පොඩි කාලේ අඹ ගහේ බැඳපු ඔන්චිල්ලාව තමයි මගේ සිහින යානය . තනියම ඈත ඈත පාවෙන්නේ එකේ ඉඳගෙන . මමත් හරියට තනියම කල්පනා කරපු කෙනෙක් .
    අපි නම් තනියෙන් හිටි කාලේ ඉවරයිනේ . ළමයි ලොකු වෙලා අපි අම්මලාව දාල ගියා වගේ යන්න ගියහම ආයෙම තනිකම එයි ...
    ...සුදුහාමිනේ නුඹ කොතනද අද දවසේ ...
    දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ...
    ඒ අද අපේ අම්මගේ ගිය . හෙට ඒක මගේ

    ReplyDelete
  22. මචං උඹ මගේ බ්ලොග් ගුරුතුමා උඹ ලියන හැටි දැකලා ඒ ලියවිල්ලේ ලස්සන දැකලා බ්ලොග් ලියන්න ආපු එකෙක් තමා මම මේ කෙමෙන් එක දාන මේ මොහොතේ මම ශක්තිමත් බියර් එකකින් පදම් වෙලා ඉන්නේ . ඒවුණාට .මම උඹ ලියන මේ ලිපි කියවන්න පුදුමාකාර විදිහට ආසා කරන බව නොකියාම බෑ

    උඹගේ ඒ හින ඒ තනිකමේ මතකයන් ඒ හැම දෙයක්ම උඹට ආයේ ආයේ ලැබෙන්න කිඅලා මම එක හිතෙන් පතනවා . ආයේ ලංකාවේ ආවම අපේ දිහා එන්නත් අමතක කරන්න එපා .!

    තනිකම නම් තව ටික දොහකින් උඹගෙන් ඈත් වේවි .. දැන් ඉතින් උඹත් එක්කෙනෙක් නෙවෙයි නේ .

    ReplyDelete
  23. ශික් මෙහෙම දෙයක් විදින්න හිතේ ආසාව පිරිලා කියවනකොට උතුරලා යනවා..... ඇත්තමයි අය්යාලා මෙහෙම දේවල් විදපු එක ගැන ඉරිසියාත් හිතෙනවා

    ReplyDelete
  24. ශික් මෙහෙම දෙයක් විදින්න හිතේ ආසාව පිරිලා කියවනකොට උතුරලා යනවා..... ඇත්තමයි අය්යාලා මෙහෙම දේවල් විදපු එක ගැන ඉරිසියාත් හිතෙනවා

    ReplyDelete
  25. තනිකම කියනකොට මතක් වුනේ... මම හිතන්නේ තනිකමට හුරෑවුන අයට බොහොම සමාන ක්‍රියාකාරකම් තමා තියෙන්නේ.. " පොත් කියවීම.. " සොබාදහම නෑරඕම , ජීවිතේ ගෑන ගෙවිච්ච අතීතය ගෑන සිතීම .තනියෙන් පොඩි රවුමක් ගෑසීම .පොඩ්ඩක් දා ගෑනීම ( වෑඩිය නෙමේ චුට්ටක් ලාවට )
    ජීවිතේ කවදාවත් හරියට හදුනාගන්න නොලෑබෙන තමන්ගේ ආත්මෙත් ඉන්නකොට තමන්වම අවබෝධ කරගන්න තනිකමෙන් ඉඩ ලෑබෙනවා.. මචන් උඔ මේ අවංකව ලිව්ව දේවල්වල පුදුම වටිනාකමක් තියෙනවා බන් .. හරියට එකම ආත්මෙක තවත් සහෝදර වරෑ ඉන්නවා කියලා මතක් කරනවා වගේ..

    ReplyDelete
  26. සමහර වෙලාවට අපි ඔක්කොම ආස කරන්නේ එක වගේ දේවල් වලට. මේක කියවන සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන පිස්සු වැඩක්ද කියලා. ඒත් ඒකෙ වටිනාකම කියල වැඩක් නෑ. වෙන රටක තනි උනාට පස්සේ දැනෙන දේ ගැනනම් කියල වැඩක් නෑ

    ReplyDelete
  27. ඔයා ඉන්න රටට හිම වැටෙන්නෙ නැද්ද? මම නම් ආසයි හිම වැටෙන වෙලාවට දැනෙන හරිම නිශ්ෂබ්ධ පාලුවට....

    ReplyDelete
  28. සිරාවටම .. තනිකම කියන්නෙ මාර සිරා පොරක් තමයි බං... ගෙදර අය කොහේහරි ගියාම.. මොනවහරි තනියම හදාගෙන ගහල... බොයර් එකක් ගෙනල්ල ගහල... කකුල්දෙජ උඩ තියාගෙන ගෙදර සැටියෙම ඉඩන් දුමක් දාල... මනෝපාරක් ගහා එක තරම් ආතල් එකක් නෑ ඒ වෙලාවට තවත්...

    ඒ වෙලාවට සිතුවිලි වැඩ කරනව එකසියාගානට... තනියම මනෝපාරක් ගැහීම ෆුල්ම් ෆුල් ආතල් වැඩක්....

    ReplyDelete
  29. තනි අලියා : තනිකම තනි කරල යනව කියල හිතුවට එහෙම බෑ බන්....



    ..ChAnDiKa.. : මේවයෙ කොහෙද බන් ලොකුවක්... එදිනෙදා ජීවිතයනේ



    Jeew : ඔව් ඔව්.. තනිකම ගැන ගී කවි නම් කොයි තරම්ද....



    මාලන් : සිරා... උබේ කමෙන්ට් එක... මට මග ඇරුනා ආදරනීය කජ්ජ.... කොළඹ ඉදන් ගාලු එද්දි 9.30 බස් එක ඔන්න මෙන්න මිස් වෙන දවස් තියෙනව... 10.30 අන්තිම බස් එක... රුපියල් 5 කජ්ජක් අරගෙන ස්ටෑන්ඩ් එකේ කොට බිත්තියට හේත්තු වෙලා ඉන්නවා හිමින් ඒක කන ගමන්... ඒකත් සිරා බන්...

    කජ්ජක් එක්ක මිනිස්සු දිහා බලන් ඉන්න එකත් සිරා....

    මම දවසක් ක්ලාස් කට් කරල මාපලගම බස් එකක් නැග්ග... ඒ බස් එකේම ආයෙ ගාලු ආව. නුබේ සිනා මුව මඩලට මුලින්ම ඇහුනෙ එදා...

    ReplyDelete
  30. ශානු : ඔව් ඔව්... එහේ හිටියා.



    වෙද ගෙදර මහ වෙදනා : දැන් ඒ හුඟක් දේවල් කරන්න බෑ නේද අයියේ... වගකීම්.. බැඳීම් එක්ක ඒ දේවල් වලට වැට බැඳෙනවා... නැත්තම් අපිම බැඳ ගන්නවා....



    නිශ් : ඒ කාලේ ආයෙ එන්නෙ නෑ බන්.



    Kasun : පරණ පිස්සු කතා... ලව් කතා... බේබදු කතා ස්ටයිල් එකෙන් පොඩ්ඩක් වෙනස් විදියකට ලිව්වෙ... හික් හික්...

    ReplyDelete
  31. ඕනයා : ඔව් බන් අයියේ... දැන් බෑ... ඒත් මතක් වෙනකොට ඉන්නත් බෑ දරාගෙන



    Raj : අනේ මන්ද බන්.. දැන් නම් පුරුදු වෙලා... ඉන්නව ඉතින්... එනව යනවා... ජීවිතේ ගෙවෙනවා. ඔව්.. ජීවිතේ මහ පුදුම දෙයක්



    Anonymous : ස්තුතියි ඇවිල්ල ගියාට... අපි හැමෝටම තියෙන අතීතයක්... එක් යුගයක. ආයෙ එන්නෙ නෑ... අපි වෙන විසඳුමක් හොයා ගමුනේ



    දිල් : ඒ සරළ කම තුල පට්ට විදියට විඳින්න පුළුවන් ජීවිතේ.... ස්තූතියි දිල්

    ReplyDelete
  32. mayya : හික් හික්... තනියම බියර් එකක් බිබී පොඩි හීනයක් දිගේ යන්න මම පට්ට ආසයි බන්



    ක්සැන්ඩර් | Xander : දුවන්න පුළුවන්නම් දුවනවා... ඔව් බන්.. ඒත් දැන් ඒ විදියට විඳින්න පුළුවන් වෙයිද ජීවිතේ ??



    Dinesh : ඔව් බන්.. ඒ සතුට අද තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්...



    ගුණේ : ඔය තියෙන්නේ තව දේවල්... පට්ට මචන්... කපුගේ යි මීවිතයි තනිකමයි නම් ඉතින් වෙන මොනවද...

    ReplyDelete
  33. ජංජාල චාමර : මල්ලියා උබ හුඟ කාලෙකින්... කොහොමද ජීවිතේ ??? ඔව් ඒ අතීතෙට මම පට්ට ආසයි බන්... ආදරෙයි



    prasanna86k : අනිවා... වැස්ස තමයි සිරාම... රෑට වහින වැස්ස... ලංකාවෙ නම් වැස්ස වරදින්නෙ නෑ නේ බන්..




    හිතුමතේ : වගකීම්.. බැඳීම් එක්ක එහෙම ඉන්න පුළුවන් වෙයිද ??



    Observer : හික් හික් ඔව් ඔව්... මේ පාර මාසෙට වඩා යාවි... ප්ලෑන් හුඟක් ඔලුවෙ...

    ReplyDelete
  34. Bindi : අපි හැමෝම මුහුන දෙන ජීවිතය නේද අක්කේ....



    හිස් අහස : සඳරුවා... ශක්තිමත් බියර් එක... මතක අහුරක්.

    එනව බන් එනවා... මේ පාර අනිවා එනවා...
    ඔව් බන් දැන් නම් ඉතින් දෙන්නෙක් තමයි... හික් හික්..



    Kiri : බොහොම ස්තුතියි සහෝ.... තනිකම අපිට හිතන්න ඉඩ දෙනව අපි ගැන...



    Dileepa : අනිවාර්යෙන්ම.... කෙනෙක්ට මේක පිස්සු වැඩ ගොඩක් කියල හිතෙන්න පුළුවන්... ඒක ඒ බලන ඇස් අනුව...

    ReplyDelete
  35. වින්චැට් කිරිල්ලී : වැටෙනවා.. කඳු මුදුන් වලට... මෙහෙට නෑ... මම ආසත් නෑ... සීතල මතක් වෙද්දිත් හිරි වැටෙනවා ඇගම...


    පොඩි මෑන් : අනිවා... සිතුවිලි උපරිමේට වැඩ...

    ReplyDelete
  36. තනිකම බොහොම අපූරු දෙයක් බං. ඒක හරිම සුන්දරයි, හැබැයි ඒ ඕනෑම වෙලාවක තනිකමෙන් මිදෙන්න පුළුවන් කියල යටිහිත දන්නවනම් විතරයි. එහෙම නැතුව කාත් කවුරුවත් නැතුව තට්ට තනියම කාන්තාරෙක තනිවීම මරණීය අත්දැකීමක්.. මගේ තනිකම කියල මම කාලෙකට ඉස්සර ලිව්වෙත් ඔහොම තනිකමක් ගැන තමයි. ඒ තනිකම ඉච්ඡාභංගත්වයක්, කාන්සියක්, දුකක්, සන්තෝසයක්, නිදහසක් එක්ක පැහැදිලි කරන්න අමාරු අත්දැකීම් ගොඩක් අච්චාරුවක්.

    ReplyDelete
  37. nawammawatha : ඒ තනිකම ඉච්ඡාභංගත්වයක්, කාන්සියක්, දුකක්, සන්තෝසයක්, නිදහසක් එක්ක පැහැදිලි කරන්න අමාරු අත්දැකීම් ගොඩක් අච්චාරුවක්.

    සිරාවටම... අච්චාරුවක්. ඒත් ඒක මරු බන්

    ReplyDelete
  38. දුක තනිකම එක එක වෙලාවට අපි ලගට එනවා නොහිතන විදියට..මමත් ගැන්සි එක්ක ඉදලා දැනට අවුරුදු 5ක ඉදන් ඉන්නේ තනියම.....මේ රට රස්සාව නිසා......අතීතේ මතක් කරලා සතු‍ටු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....

    ReplyDelete
  39. ඔබ නොදු‍ටු ලොවක්..... : ඔව්... කාලයත් එක්ක දේවල් වෙනස් වෙනව නේ

    ReplyDelete
  40. පෝස්ට් එක කියෝනකොට ඒ සිද්දි ටික මට නිකං මැවිල වගේ පෙනුන..
    අර වහින සීන් එක නම් මමත් කරල තියේ..පට්ටම පට්ට....!!!!!

    ReplyDelete
  41. සිරා බං. ඔය පොර තමයි මමත් කැමතිම සහ නැවත නොලැබෙන එකා.

    ReplyDelete
  42. චතූ...... : වැස්ස නම් පට්ට තමා... ස්තුතියි ගොඩ වැදුනට



    charmi : ඔව් බන්.. එක කාලෙකට පස්සෙ ඌ ඇත් වෙනවා.. ආයෙ ආවත් එන්නෙ වෙනස් වෙලා.. ඒ වෙනස් වුන එකාට මම ආස නෑ

    ReplyDelete
  43. දේවා ගේ අඩවිය : උබේ කමෙන්ට් එක ස්පෑම් වෙලා.. දැන් දැකල පබ්ලිශ් කලේ කොල්ලො.... ඉරිසියා නොකරන් කොල්ලෝ... හික් හික්

    ReplyDelete
  44. පිස්සා මචෝ, මේක කියවල කළුතර යන්න හිතිල අද ගියා මචන්. උබවත් මතක් කරලා පින් දුන්නා..

    ReplyDelete
  45. සිරාවටම... අඩේ පට්ට සංතෝසයි නෙව...

    ReplyDelete
  46. ජීවිතේ විඳවන්නේ නැතිව විඳිනවා කියන්නේ මේවාට තමා............

    ReplyDelete
  47. මේක කියවන් යද්දි මට හරිම සරල,නිදහස්,චාම් ජීවිතේ විඳින පිරිමියෙක්ගෙ චිත්‍රයක් ඔලුවෙ ඇදුනා.මේ සිද්ධි හැම එකක්ම එකකට එකක් හරිම නිර්ව්‍යාජයි.මම මේ බ්ලොග් කිය්වන්න ආවෙ අද..කොහොම වුනත් ශෛලිය හරිම අපූරුයි!! ලස්සනයි

    ReplyDelete
  48. Hasitha : ඔව් බන්... සිරාවටම



    හිතුවක්කාරි : ගොඩ වැදුනට ස්තුතියි... නිර්ව්‍යාජ කමට අපි ආසයි.. ඒත් අපි වටේ තියෙන සමාජය.. මිනිස්සු... වගකීම් එක්ක අපිත් සංකීර්න රේස් එකක දුවනවා

    ReplyDelete

Related Posts with Thumbnails