Tuesday, November 15, 2011

නිල්ලේගම සීයාගේ කුකුල් බිල්ල....

Share


කී බෝර්ඩ් එක බදාගෙන ලාරා ක්‍රොෆ්ට් එක්ක මාරන්තික සටනක නියලෙද්දි තමයි තාත්ත කාමරේට ඔලුව දැම්මෙ...


" පුතාට අදයි හෙටයි වැඩ මොකුත් තියෙද ? "



" වැඩක් නම් නෑ.. ඇයි තාත්තෙ ? "



" අර නිල්ලේගම සීයට පූජාවක් තියෙනවලු අද රෑට.. වාහනේ ඉල්ලගන්න පුලුවන්ද ඇහුව.. "



" ගහෙන් ගෙඩි එන්න වගේ.. " මටත් පොඩ්ඩක් තද උනා... අද ඕනි එක අද කියන්නේ...



" නෑ අර සමන් එක්කනෙ එයාගෙ ගමන්.. සමන් ගෙ වෑන් එක කැඩිලු...ඒකයි... "



" අතින් කයිට් ද... "



" නෑ මනුස්සයො සල්ලි දෙයි.... " කියාගෙන තාත්ත එලියට ගියා...


හයර් එකෙන් ගානක් අතට එනවනම් මොකද.. මාත් කීව වෙලාවට නිල්ලේගම සීයලගෙ ගෙදරට ගියා...


නිල්ලේගම සීය යකදුරෙක් නම් නෙමෙයි.. ආන්ඩුවෙ හොඳ රස්සාවක් කරල මේ වෙද්දි විශ්‍රාමිකව ඉන්නෙ..  ඒ කාලෙ ඔය නැකත් බලන්න.. කේන්දර බලන්න.. ගෙවල් වල දෝශ බලන්න.. ඔය එක එක පූජා වලට එහෙම කට්ටිය ආව ගියා.. දෙන ගානක් ගන්නව මිසක් දන්න තරමින් සල්ලි වෙනුවෙන් නෙමෙයි වැඩ කරේ.


නිල්ලෙගම සීයලගෙ ගෙදරින් අඩුම කුඩුම ටිකකුත් වාහනේට දාගෙන අපි දවල් 2 කට විතර පිටත් උනා. නිල්ලේගම සීයට අමතරව තව වයස අවුරුදු 40 ක විතර හීන්දෑරි මනුස්සයෙකුත් මේ ගමනට එකත් උනා..


ගමන පුරාවටම වැඩි කථා බහක් ඇති උනේ නෑ... මම වගේම සීයත්.. ගෝලයත් නිහඬ චරිත නිසා වෙන්න ඇති...  පැය 3 ක විතර ගමනකින් පස්සෙ ප්‍රධාන පාරක් අයිනේ තිබුන පරණ පහේ ලොකු ගෙයක් පෙන්නල...


" ඔන්න ඕක තමයි ගෙදර.. ඉස්සරහින් නවත්තමු... " ඒ සීයගේ අණ...


පාරටම අල්ලල හදපු සොල්දර ගෙයක්... ලඟදි පාර ලොකු කරන වෙලාවෙ ගෙයි ඉස්සරහ කොටසක් කැඩිලා.. පටු ඉස්තොප්පුවක් විතරයි ගේ ඉස්සරහට ඉතුරු වෙලා තිබුනේ... පාරට කැඩුනට පස්සෙ හදල තිබුන කොට තාප්පයකුත් එක්ක තිබුන පොඩි ගේට්ටුව වාහනයක් ඇතුලට ගන්න තරම් ප්‍රමානවත් නෑ...


" අහ් මම මේ පරක්කු මොකද බැලුව... එමු එමු... ඩ්‍රයිවර් මහත්තයත් එමු.. " අවුරුදු 60 ක පමන වයසක පසු උන බොහෝම පිලිවෙලට හැඳ පැලද සිටි මහත්තයෙක් ගේට්ටුවෙන් එබෙමින් කතා කලා...


මමත් කට්ටිය පස්සෙන් ගෙට ඇතුල් උනා... දුර්වර්ණ උන පිත්තල බඩු.. පැරැණි විශාල කවිච්චියක්... පැරැණි විලාසිතාවෙ වේවැල් පුටු කිහිපයක්...එක්ක තිබුන වටපිටාව මට කියා පෑවෙ නාට්ටි වල පෙන්නන විදියෙ වසර ගානකට කලින් උජාරුවට තිබුන වලව්වක්...


මගේ හිතට මොකක්දෝ මන්ද නාඳුනන බයක් දැනුනේ ගේ ඇතුලෙ තිබ්බ පාළු ගතියටද... වටපිටාවටද කියන්න මම දන්නෙ නෑ... ඒ වට පිටාව විස්තර කරන්න මට තේරෙන්නෙත් නෑ...


ඇහ පොඩ්ඩක් හරවද්දි බිත්තියේ එල්ලල තිබ්බ විශාල චායරූප දෙකක් මගේ ඇහ ගැටුනා.. එකක් අශ්වයෙක් පිට නැගුන යුද හමුදා නිලධාරියෙක්... ඉංග්‍රීසි හමුදාවෙ නිලධාරියෙක් කියල මට හිතුනේ පින්තූරෙ තිබ්බ පරණ ගතිය නිසා... අනික ඇඳපු පින්තූරයක්... චිත්‍රයක්...  වංශවත් උඩරට මැණිකෙ කෙනෙක් ගෙ පින්තූරයක් හිතට ගන්නකො... අන්න ඒ වගේ... කිසිම හිනාවක් නොතිබුන ඒ පින්තූරයේ හිටි ගැහණු කෙනාගෙන් දිස් උනේ නපුරු පාටක්... ඒ දිහා වැඩි වෙලාවක් මම බලන් හිටියෙ නෑ.. ඒත් මට තාමත් මතකයි... 


දීපු තේ එක බීල මම පුටුවක් වාඩි වෙලා පත්තරයක් කියව කියව හිටියේ නිල්ලේගම සීයත් අර ගෝලයත් ගෙයි ඇතුලේ පූජාවට ලෑස්ති වෙන නිසා... ඇස් දෙක පත්තරේ තිබ්බත් හිත නා නා ප්‍රකාර මනෝ ලෝක වල... ගැහණු කටහඬවල් කීපයක් ඇහුනත් අර මුලින්ම දැකපු මහත්තය ඇරෙන්න ගෙයි කිසිම කෙනෙක් මම ඒ වෙනකල් දැක්කෙ නෑ...


" පුතා පුළුවන්ද පොඩි හෑන්ඩ් එකක් දෙන්න... "


ඒ අර මහත්තයා...


" පුළුවන් අන්කල්.. මොකක්ද.. "



" මේ බඩු වගයක් තියෙනව පූජාවට ඕනි කරන... සොල්දරේ උඩ.. තනියම ගේන්න අමාරුයි... "


මම එන්නම් අන්කල්..


කියමින් මම අන්කල් ගෙ පස්සෙන් ගියා..


ලෑලි පඩි පෙලක් තිබ්බෙ සොල්දරේට යන්න..


භාගයක් දුර නගින කොට මගේ ඇඟම හිරි වැටිලා..  ඒ ගේ ඇතුලට ආවට පස්සෙ තිබුන නාඳුනන බය ... පඩි පෙලේ ලී වලින් එන සද්දෙ ඒ බය දෙගුණ කලා...


ටිකකින් අපි සොල්දරේ උඩ... .ඒක දූවිල්ලෙන් වැහුන නා නා ප්‍රකාර ලී බඩු.. පිත්තල බඩු.. වලින් පිරිලා... අන්කල් අතේ තිබ්බ ටෝච් එලියට පේන දෙයක් ඇරුනම තිත්ත කළුවරයි..


" ලයිට් එකක් නෑ පුතා මේ කෑල්ලට... ඕනි බඩු ටික ගත්ත දවල්ම.. ඒත් අමතක වෙලා බඩු වගයක්.. "


කියමින් අන්කල් ටෝච් එකක් අරන් අර බඩු අස්සෙ ඔට්ටු වෙනවා...


පත්තර කොළ වලින් ඔතපු මොකක්දෝ පාර්සලයකුයි කනප්පුවකුයි අරගෙන අපි සොල්දරේට සමු දුන්නා... විනාඩියක් ගෙවෙන්න ඇති... මට නම් පැයක් විතර...


කනප්පුව නිල්ලේගම සීය පූජාව ලෑස්ති කරන තැන තියපු මම ඊලඟ මොහොතේ හිටියේ වාහනේ ඇතුලේ...

පැයක් විතර වාහන එහාට මෙහාට යන පාර අයිනේ හිටි මම ගේ දිහාට ගියේ තව දුරටත් කන ගාවින් විදගෙන යන ලේලන්ඩ් සද්දෙ ඉවසගන්න බැරි කමටත් වඩා මුත්‍රාශය පැලෙන්න වගේ තිබ්බ මුත්‍රා බරෙන් නිදහස් වෙන්න ඕනි කමට....

ගෙට ඇතුල් නොවී මම අයින දිගේ ගේ පිටිපැස්ස පැත්තට ගියේ වැසිකිලියක් හොයා ගෙන.. මොනවදෝ මන්තර වගේ ජාතියක් ඇහෙනවා ගේ ඇතුලින්.. ගාථාවක්ද මන්ද... සිංහල නෙමෙයි... මොන වැසිකිලිද... කෙහෙල් පඳුරක් ගාව මම මගේ බර නිදහස් කරගත්තා...

පාරෙ තිබ්බ කාර්ය බහුල කම නිසා මගේ හිතේ තිබ්බ බය අඩු වෙලා තිබ්බේ.. සද්දෙ ඇහෙන දිහාට ගිය මම ජනේලෙකින් ඔලුව දැම්ම...

පූජාවට පහන් පත්තු කරල.. මල් එහෙම තියල.. මොනවදො කියවනව... මම ගේ ඉස්සරහ තිබ්බ පටු ඉස්තොප්පුවෙ තිබ්බ පුටුවකින් වාඩි උනා.. පාර අයිනේ නිසා වාහන යනවා... අර තිබ්බ පාළු මූසල ගතිය නෑ.... වෙලාවක් යන්න ඇති.. ඇතුලින් හිමිහිට ඇහුන සද්දෙ වැඩි උන... සිහි විකල්ලෙන් කෑ මොර තියන සද්දෙකුත් ආව නිසා මම ඔලුව දැම්ම ඒ දිහාට...

මම බිරන්තට්ටු උනා...

සොල්දරේට යන පඩි පෙල ට එහා පැත්තෙ තිබුන විශාල කෑම මේසයක්.. ඒ මේසෙ ගාව බිම වැටිල සිහි විකලෙන් දගල දගල හිටියේ අර අපිත් එක්ක ආව කෙසඟ මනුස්සය... මොනවදො කියෙව්වා... මට ඒ එක වචනයක් වත් මතක නෑ..

නිල්ලේගම සීයා මොනවදො කිව්ව... ටික වෙලාවකින් දගලමින් නැගිට්ට අර මනුස්සය අතට සීයා කුකුලෙක් දුන්නා... කුකුල කෑමොර දෙනවා... තව මොනවදො කියෙව්ව.. අර කුකුලගෙ බෙල්ලෙන් අල්ලගෙන...

ඔව් මම දැක්ක.. සහතිකයි.. ඒ මනුස්සය අර කුකුලගෙ බෙල්ල හපා කෑව... අර පන ගැහෙන කුකලගෙ බෙල්ල හපා කෑව... කුකුල් ලේ කට පුරා වැක්කෙරෙනවා...

ඒ එක්කම මට දැනුනෙ මහා පිළුනු ගඳක්... කුණු ගඳක්... තව දුරටත් ඒ දර්ශනේ බලන් ඉන්න මට පුළුවන් කමක් උනේ නෑ.... ඒ ගඳත් එක්ක හුස්ම තද කරගත්තු මම හුස්ම ටික පහතට ඇරියේ මහ පාරට ඇවිල්ල... 


යාන්තමට ඇරල තිබ්බ වීදුරුවත් වහල දාල මම වාහෙනේ දොරවල් ටිකත් ලොක් කරල දාල ඇතුලට වෙලා ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්තා... මම මොකක්ද දැක්කේ කියල හිතා ගන්න බැරුව... සෑහෙන වෙලාවක් මම හිටියා... ඇස් දෙක යාන්තමට පියවීගෙන එද්දි මම ගැස්සිල ඇහරුනේ වීදුරුවට දාපු තට්ටුවකින්...

ඒ අර පාළු ගෙදර අන්කල්..

මම යාන්තමට වීදුරුව ඇරියා..

" පුතා පූජාව නම් ඉවරයි... මොනා හරි කාල තේ එකක් බොන්න එන්න... "

තේ බොන්න... අර ගේ ඇතුලට යන්න.. ඒත් අර මනුස්සය බලන් ඉන්නවනේ..  මම ගියා..

තේ බීල ඉවර උනහම අපි එන්න ලෑස්ති උනා..

" මේව කරාට පස්සෙ වැඩිය රැදෙන්න හොඳ නෑ මහත්තයෝ... "


 කියමින් එදා රෑ ඉදල යන්න කල ආරධනාව නිල්ලේගම සීය ප්‍රතික්ශේප කර වෙලාවේ උන්දැගෙ කකුල් දෙක අල්ලල වදින්න හිතුන මට.. අපි රෑ 2 ට විතර පිටත් උනා...

පිටත් වෙන්න කලින් අර අන්කල් ඇවිල්ල මගෙන් වාහනේ හයර් එක කීයද අහල ඒ ගාන සාක්කුවට දැම්ම...

පාර පාළු නිසා මමත් ඇරල ආව.. ඒත් අර කුණු ගඳ වාහනේ ඇතුලටත් ඇවිත්... වීදුරු ඔක්කොම ඇරගෙන ආවත් ඒ ගඳ මගේ නාහෙට එනවා... නිල්ලේගම සීයවයි අර මනුස්සයවයි බස්සපු මම කෙලින්ම ගෙදර ගියා...  



කාටවත් ඇහරවන් නැතුව එලියෙ තිබ්බ වතුර මලෙන් නාගත්තු මම එලියෙ වැලේ තිබ්බ සරමකුයි කමිසෙකුයි ඇදෙගන වාහනේට නැග්ග ආයෙම... ඊලඟ නැවතුම මදාර සර්විස් එක. සර්විස් එක ඇරපු ගමන්ම වාහනේ හෝදවගත්ත දෙපාරක්ම... එතන හිටිය කොල්ලො දෙන්නට වැඩිපුරත් ගානක් දීලා... අර ගඳ යන්න එයා ෆ්‍රෙශ්නර් බෝතලයක්ම ගහන්න ඇති.... ම්ම්ම් හරි ඔය තියෙන්නේ...

ඒ සිදුවීම ඔලුවෙ හොල්මන් කරත් හයර් එකේ ගාන මට නිසා මම සතුටින් ගෙදර ආව...



ඒත් අර මනුස්සය කුකුලගෙ බෙල්ල කාපු හැටි.... කොහොම අමතක කරන්නද...  දවස් කීපයකින් මම නිල්ලේගම සීයාගෙන් ඔය ගැන ඇහුවා... සීය කියපු විස්තරේ අනුව...

අර හිටපු අන්කල්ගේ නෝනගේ මහ ගෙදර තමයි ඒ... ඒ පළාතේ හිටිය ප්‍රභූ පවුලක්... අර පින්තූරේ හිටපු නෝනා තමයි ඒ මහත්තයගේ නැන්දම්මා...නපුරු චරිතයක් ලු... ඒ කෙනාව තමයි අර මනුස්සයට වැහිල තියෙන්නේ.. ඔය කියන ගෑනු මනුස්සය මැරිල තියෙන්නේ පපුවෙ අමාරුවක් හැදිලා.. ඔය කෑම මේසෙ ගාවම බිම වැටිල ඉදල තමයි හම්බුවෙලා තියෙන්නේ...

" සීයා කියන්නේ ඒ මනුස්සයා ඔය ගෙදර හොල්මන් කරා කියලද.. ? "

" ඒයි ඇක්මොන් ඔය පුවක් ටික ගෙට දාපන්... "  කියමින් වත්ත දිහාවට ගිය නිල්ලේගම සීය ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ...



ප. ලි :  නම් ගම්... පළාත්... හැරුනකොට සත්‍ය සිද්ධියකි...

37 comments:

  1. නියම කථාවක්. මම මෙහෙම කථා අහලා තියනවා. දැකල නැහැ. ඒ කාලේ බලන්න යන්න ආසාව තිබ්බට අපි හිටිය කතෝලික පරිසරයේ මෙහෙම දේවල් වැඩිය කරේ නැහැ. හැබැයි ඔබ නම් නියම අත්දැකීමක් ලබා තියනවා.

    ReplyDelete
  2. අාදරෙයි හොල්මනුයි එකවගේ කියනවනෙ! හැමෝම කතා කරාට කවුරුවත් දැකල නෑ! :D

    ReplyDelete
  3. මම පුංචි කාලෙ ඔය වගේ තොවිල් හරියට තිබුනා අපේ ගම වල..අපිත් බලන්න යනවා..ඒත් තොවිලෙ හොඳ ටික එනකොට අපි නිදි..තේරුම් වයස එනකොට රෝහල්, ඉස්පිරිතාල නිසා ඒ වගේ ඒවා නැත්තටම නැති වෙලා ගියා.. පතල් වල බහිරව පූජා තියන හැටි නම් බලලා තියෙනවා !

    ReplyDelete
  4. අම්මප මටත් පුදුම ආසාවක් තියනව ඔය සීන් එකක් බලන්න.

    ReplyDelete
  5. අපි පිළිගන්න අකමැති වුනාට ඔය දේවල් වල ලොකු ඇත්තක් තියනවා සහෝ.

    ReplyDelete
  6. දිල් නම් ඔය වගේ සිදු වීම් කවමදාවත් දැකලා නෑ.... හපෝ....

    ReplyDelete
  7. හි හි පිස්ස හොදට බයවෙලා වගේ...මාත් ගමේ ඉන්නකොට පොඩි කාලේ ඔයවගේ තොවිල් බහිරව පූජා 10කත් වඩා බලලා ඇති.

    ReplyDelete
  8. මාත් දැක්ක ඔය වගේ වෙනස් වෙනස් සිද්දි කීපයක්,, පොඩි කාලෙ හැබැයි.....ඒත් ඇයි මේ පිටරටවල යක්කු නැත්තෙ? නැකැත්,කේන්දර,හොඳ නරක වෙලාවල්,හදි හූනියන් නැත්තෙ?...ඇත්තටම මේක තේරුම් ගන්නම බැරි දෙයක්....

    ReplyDelete
  9. මෙන්න තවත් කුකුල් බිල්ලක කතාවක්

    සිරිසේනට යකා වැහීම (පන්චේන්ද්රියන්ට අසු නොවන ගුප්ත සිදුවීම් )

    http://palaamalla.blogspot.com/2011/11/blog-post_15.html

    ReplyDelete
  10. හොදවෙලාවට මං ඔඹ නොවුනේ.. එහෙනම් හයර් එක පැත්තක දාලා මං වාහනේ අරං එනවා..

    ReplyDelete
  11. වැඩේ වැරදුනා නම් කුකුලගෙ බෙල්ල නෙවෙයි ගහල යන්නෙ. අමනුස්සයෝ එක්ක වැඩ කරද්දි පරිස්සම් වෙන්න ඕනා....

    ReplyDelete
  12. අඩෝ බය කරන්න එපා බං....

    @ තනි අලියා...
    දවසේ කතාව මචන් දවසේ කතාව :D

    පිට රටවලත් ඔය වගේ දේවල් තියනවා..ඒ අයගෙත් යකදුරෝ එහෙම ඉන්නවා. විශේෂයෙන් මධ්‍යම යුරොපා රටවල එහෙම..

    ReplyDelete
  13. මාර සීන් එකක් නේ .....මමත් දැකලම නෑ ඔය වගේ සීන් එකක් ඇස් දෙකට...ආසයි බලන්න...

    ReplyDelete
  14. මට තාම ඔය වගේ සීන් එකක් බලාගන්න බැරිවුනානේ....

    ReplyDelete
  15. පට්ට සීන් එකක් බං..උඹ සීරාවට ලියල තියෙනව...මේ මනුස්සලොකේ ඔයවගේ අද්බූත වැඩත් සිද්දවෙනව බං

    ReplyDelete
  16. බුදු අම්මෝ,,බයේ බෑ අප්පා,,,

    ReplyDelete
  17. වෙද ගෙදර මහ වෙදනා : ගාල්ල මාතර පැති වල නම් ඔව්ව කෙරෙනවා... දැන් නම් අඩුයි සෑහෙන දන්න තරමින්...


    තනි අලියා : නියම කතාව මචන්... +1


    Weni : දැන් මිනිස්සු දැනුවත් වෙද්දි.. තාක්ශනය ගමට එද්දි ඔය වගේ තොවිල් පවිල් අභාවයට යනවා... නොකෙරෙනම තරම්.


    kavikaari : ස්තුතියි ආවට මේ පැත්තෙ...

    ReplyDelete
  18. ඕනයා : පුදුමයි උබ බලල නෑ කිව්වම හික් හික්... දැන් මේව කෙරෙනව සෑහෙන අඩුයි නේ බන්... ඇත්ත නැත්ත නම් අනේ මන්දා...


    Kasun : පිළිගන්නෙත් නෑ... නැත්තෙත් නෑ... අපිට නොපෙනෙන තේරුම් ගන්න බැරි දේවල් කොච්චර තියෙද බන්.



    දිල් : නොදකින එකමයි හොඳ... කොහොම බලන්නද.. මතක් වෙද්දිත් හිරි වැටෙනව ඇඟ..



    පිස්සු පුසා : බය නොවී... ඇයි බන් කුකුලෙක්ව බෙල්ලෙන් හපා කද්දි.. හපොයි..

    ReplyDelete
  19. වින්චැට් කිරිල්ලී. : යක්කු නම් ඉන්නව කියන්නේ... ඔය ෆිල්ම් වල එහෙම හොල්මන් අවතාර සීන් යන්නේ... උනුත් ඔව්වා විශ්වාස කරනවා...


    Chanaka Aruna Munasinghe : මචන් මේ පෝස්ට් එකේ ලින්ක් එකනේ ඔය... ගූගල් කරල හොයා ගත්තා... මෙන්න...
    http://mata-hitena-hati.blogspot.com/2011/10/blog-post_27.html


    Dinesh : හික් හික්... එහෙම නම් හිතුනෙ නෑ මට....



    විසිතුරු | visituru : මාත් එහෙම කතාවක් අහල තියෙනවා....

    ReplyDelete
  20. ඔවු ඔව් හරි ලින්ක් එක

    http://mata-hitena-hati.blogspot.com/2011/10/blog-post_27.html

    කලින් ලින්ක් එක වැරදිලා . ඕක තමා හරි ලින්ක් එක

    ReplyDelete
  21. තීර්ථ යාත්‍රිකයා : උබ බය වෙද්දි බැරිය... හික් හික්...



    ඔබ නොදු‍ටු ලොවක්..... : මම නම් දැක්ක පාර ඇති... වෙන ඕනි නෑ...හික් හික්



    prasanna86k : දැන් මේව කෙරෙනවත් අඩුයි නේ බන්



    Raj : අපොයි වෙන තරම්ක් දේවල් වෙන්නේ මේ මනුස්ස ලොකේ නෙව...

    ReplyDelete
  22. හරී - පිණිපළස : කියල වැඩක් නෑ එවෙලෙ නම්...



    Chanaka Aruna Munasinghe : ඒක නියම සිද්දිය.. ස්තුතියි බෙදා ගත්තට මචන්

    ReplyDelete
  23. මම ඊයේ රැ මේක කියෙවුව මචන්. මම මහා කම්මැලිය හින්ද කොමෙන්ට් එකක්වත් නොදැ මාරු උනා. අපේ ගමේ මේවා දැනට අවුරුදු 10 විතර කලින් හොඳටම තිබ්බ. හැබැයි අපි වගේ යක්කු දරුවෝ විදිහට ගෙවල් වල ඉපදුනාට පස්සේ ඇත්තම යක්කුන්ට තියන බය අඩු උනා. ඒ හින්ද දැන් ඕව නැ. මොකක් හරි තිබුනොත් බලන්නෙන්න අරාදනයක් එවන්නම්.

    ReplyDelete
  24. අද්භූත කථාවක් !!! ලස්සනට ලියලා තියෙනවා !

    ReplyDelete
  25. ඉයැක්කා.. මටත් නිකන් ගඳ එනවා එනවා වගේ..

    ReplyDelete
  26. මටත් යක්කු ගැන මෙහෙම අත්දැකීමක් තියේ. :D

    ReplyDelete
  27. භූතයො,යක්කු, හොල්මන්, ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ ඕව විශ්වාස කරන කට්ටියට විතරයි

    ReplyDelete
  28. itnishantha : උබේ කතාව කියෙව්වා... ඒක නම් නියම අත්දැකීමක්. ස්තුතියි අදහසට



    Chathuranga Perera : ස්තුතියි අදහසට වගේම ගොඩ වැදුනටත් මේ පැත්තට..



    Mahesh Wickramasinghe : මතක් වෙද්දිත් විකාරයි මට ඒ ගඳ නම්



    .ChAnDiKa.. : ලියපන්කො ඉතින් අපිටත් කියවන්න....



    Observer : ඔව් හිත දුර්වල උනහම තමයි හුඟක්ම... මමත් විශ්වාස කරන්නෙ නෑ.. ඒත් එදා නම් හිත ගැස්සුනා...

    ReplyDelete
  29. අනේ දෙයියනේ, ඔබා මාමට පෙනීයන් ඔස්ට්‍රේලියන් හොල්මනක් :D :D :D

    ReplyDelete
  30. මගෙත් ඕව ගැනනම් 50%ක විතර ව්ශ්වාසයක් තියෙනවා...

    ඔබා මාමා හොල්මනක් දාක්ක ගමන්ම මුලින්ම ඉල්ලන්නේ කොච්චි ට්කට් එකලු, ඒක චෙක් කරාට පස්සෙලු ඉතුරු වැඩට බහින්නේ.. දැන් කාලෙ හොල්මන් කියල ටිකට් අරන් යන්නේ නෑනේ.. ඉතිං ඉල්ලං දඩ කන්න ඕනේ නැති හින්ද උන් ඒ පැත්තේ එන්නේ නෑලූ..

    ReplyDelete
  31. මට ඔවුවා ගැන සුවර් විස්වාසයක් තියනවා . මගේ නෑදෑ උදවිය ගොඩ දෙනෙක් ඔය යන්තර මන්තර වැඩ ගැන හොඳින්ම දැනං ඉඳලා තියනවා .

    @ඔබා මාමේ ..එහෙම්ම කියන්න එපා . මගේ හිත දුරුවල නෑ . ඒත් මම ඔවුවා අනන්ත අහලා තියනවා . කීප විටක් දැකලත් තියනවා .

    මේක ලියාපු එක හොඳයි

    ReplyDelete
  32. බය හිතෙන්නේ නැද්ද අප්පා ඔහොම සෙල්ලම් වෙද්දී. කොහොම වෙතත් ඔයිටත් වඩා සෙල්ලම් දානවලුනේ කට්ටඩියෝ :))

    ReplyDelete
  33. හරී - පිණිපළස : ඔබා මාම පව් නැද්ද අක්කේ.. හක් හක්



    තාරක Dilsh@n : හොල්මනටත් මඩක් ගහයි බන් ඊලඟ දවසෙ ඔබා මාමා



    හිස් අහස : උබේ අර චාලීස් සීයගෙ කතාවට නම් හිත හෙල්ලුනා මගෙත්... අනේ මන්ද බන් සඳරුවො... ඇත්ත නෙමෙයි කියන්නත් බෑ තමා



    Hasitha : ඔව් ඔව්...

    ReplyDelete
  34. හොල්මන් කියන්නෙ හෙල්ලෙන මනසක් තියෙන අයට පේන ඒව.
    මෙහෙ බීච් එකට යන්න ඕනෙත් නෑ, සමර් එකේ පාරට බැස්සම නාකි මගෙත් මනස හෙල්ලෙන ඒව පේනව.

    ReplyDelete
  35. දෙක තුනකට මමත් සෙට් වෙලා තියෙනවා..

    ReplyDelete
  36. ඔව්වගේ ඇත්තක් තියෙනවදෝ කියලත් නොහිතෙන වෙලාවල් නැතිව නෙවෙයි. මොකද හොල්මන් හිටියත් හොල්මන් එලවන්න පුළුවන් කියන මිනිස්සු ඔක්කොම කරන්නේ බොරුනේ

    ReplyDelete

Related Posts with Thumbnails