Thursday, November 17, 2011

සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය...

Share


බ්ලොග් එකේ මෙතෙක් ලියවුනාට වඩා වෙනස් ලිපියක් තමයි අද ලියවෙන්නේ... සංවාදයට විවෘතයි.... 

මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්...


ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ.


" මම උඹව කොහොම හරි බඳිනවා "  කියන තැන තමයි ඔහු සිටියේ...


මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා.


මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ...


මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ".

කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා...

කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා.

නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා...

පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ...

ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා.

අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ...

ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ???

ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා...  ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ...

" ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන...


 ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව.... 


කතා අංක දෙක....

ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ..

කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට.

ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා...


එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා.

සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්..

" එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන...

ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්.. 


 සැකය හරි නම්... තරුණියක් විදියට ඇය  ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති...

මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්...


කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි...

සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්‍යවියක්... කවුද රැවටෙන්නෙ ??

උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ?  දික් කසාඳ කල යුතුද... ??



පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ?? 

එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්...


ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom )



මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක...... 

 58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා...

 ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න...

"" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට...  ""

සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.

නම් ගම් සියල්ල මනංකල්පිතයි.

85 comments:

  1. පට්ට ලිපියක් අයියේ....

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ඇයි මිනිස්සු තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ විතරක් සුපිරිසිදු බව හොයන්න හදන්නේ කියලා මටත් හිතාගන්න බෑ..

    කන්‍යා බාවය නැවත ඇතිකිරීම මේ වන විට ලංකාවේ බහුලව සිදුවෙනවා... දැනට අවුරුද්දකට විතර ඉස්සරලා ඒ සඳහා ගාස්තුව 17,000 යි. දැන්නම් කොහොමද දන්නේ නෑ... මා දන්නා කෙනෙක්ගේ හිටපු පෙම්වතියක් මේ සැත්කම කරගත්තා...

    ReplyDelete
    Replies
    1. komada ehema karanne .. koheda kianna

      Delete
  3. අනේ මන්දා තමන්ගේ ගෑණි මීට කලින් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්තනේ ඌත් එක්ක අර වැඩේ කලානේ කියලා හිත හිත තමන්ගේ ඒ වැඩේ කරන්නෙත් නැතුව පස්සේ ගෑණිට වද දීපු මිනිහෙක් ගැන කතාවක් මම පත්තරෙන් කියෙව්වා.

    අනේ මන්දා මේ ගැන මගේ අදහස නම් හණ මිටි වෙන්න ඇති :)

    ReplyDelete
  4. ඕකෙ තියන විසේසත්වය මොකද්ද ......... ? ඔතන තියෙන්නෙ මානසික තෘප්තියක් විතරයි කියලයි හිතෙන්නෙ ....... තමුන් මහ ලොකු වැඩ්ඩෙක් කියලා
    ( Sameera )

    ReplyDelete
  5. මලා.... උදේ පාන්දරම (අපිට පාන්දර) බැළුවේ පට්ට කතාවක්නේ...

    ReplyDelete
  6. ගෑනුත් ඕකම පිරිමින්ගෙනුත් බලාපොරොත්තු උනොත්......හප්පේ මේ කරගෙන යන හස්ත කර්මාන්තෙත් ඉවරයි.....

    ReplyDelete
  7. ලේ පැල්ලමකින් පුළුවන්ද කෙල්ලෙක්ගේ හොඳ නරක හොයන්න? කෙනෙක්ට තමන්ගේ ජීවිතේ වැරදීම් වෙන්නේ නැද්ද? තියෙන්න ඕනේ දෙන්නා අතර විශ්වාසය මිසක් රෙද්දක ලේ පැල්ලමක් නෙමෙයි.

    අනික මම පොත් පත් වල කියවලා තියන විදිහට සමහර අයගේ කන්‍යා පටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ තවත් ක්‍රීඩා වල යෙදෙන අයගේ එහෙම කන‍යාපටලය ඉරී යනවලු. එතකොට ඒ අය නරක කෙල්ලොද?

    අනික ඔය හැම පැල්ලමම බලලා බදින කට්ටියගේ විවාහ කැඩෙන්නෙම නැද්ද?
    මම නම් කියන්නේ පැල්ලම නෙමෙයි විශ්වාසයයි වැදගත්!

    ReplyDelete
  8. I think the most important thing is whether you love the woman that you marry. There are no tests to prove the virginity of men, so why test women. I`m a girl, and if the guy ask for a virginity test from me I will divorce him, because no marriage survives without trust and love.
    For your information 40% of women are born without a hymen, and its broken in women who do a lot of sports(swimming, cycling, etc...)

    ReplyDelete
    Replies
    1. well said sis! i totally agree with you...
      of course it's better to divorce such dumb idiots though marriage shouldn't be made and broken easily...

      Delete
  9. උගත් බුද්ධිමත් බූරූවන්ට කියවන්න හොඳ ළිපියක්. හැබැයි උඹ කළ වැඩෙන් දැන් මේ බූරූවෝ හිතන්නේ අර සැත්කමෙන් ජපන් කොඩිය දැම්මද කියලයි. ජීවිත කාළේම විඬ්හ්වන්න වෙයි උන්ට. සැත්කම කේස් නැතුව ඉස්සර ගේම දීලා තියෙන්නේ රෙදි නැන්දා.. අපේ ගමේ ගෑනූ දන්නවා ඕවට මෙතඩ්. වැඩ කාරයෝ කියල හිතන් උන්න උනුත් අප්සෙට් යනව මේ වැඩෙන්..

    ReplyDelete
  10. ඔහොම එකක් නොතිබ්බනම් වැඩිවිය පත් වෙච්ච ඕනිම ගෑණු කෙනෙක් ලිංගිකව හැසිරිලා ළමයි හදන්න පුළුවන්. ඒ හේතුව නිසා මව විතරක් ඉන්න පවුල් වැඩිවෙලා..මිනිස් වර්ගයාගෙ පැවැත්ම තර්ජනයක් වෙන්න පුලුවන් නිසා තමයි ඒ වගේ උපක්‍රමයක් හැදිලා තියෙන්නෙ කියලයි ජීව විද්‍යාඥයො කියන්නෙ.. ඒ වර්තමානයෙ වගේ කෘතීම පවුල් සැලසුම් ක්‍රම බහුලව නොතිබුනු කාලයක..පරිනාමය විකාශය වෙයි ඊළඟ පිම්මට..එතකොටවත් බලමු ඕක නැති වෙයිද කියලා...

    ReplyDelete
  11. අයියෝ මම පණදාගෙන ලිව්ව කමෙන්ට් එක පබ්ලිශ් වෙලා නෑ. ආයෙනම් ලියන්න බෑ දැන් බොහොම කෙටියන් කියන්නම්.
    රෙද්දේ තියන පැල්ලම නෙමෙයි දෙන්නා අතර තියෙන විශ්වාසයයි වැදගත්!

    ReplyDelete
  12. මේ සංවාදයට කැමැත්තෙන්ම එකතු වෙනවා. මම මුලින්ම මගේ අත්දැකීමක් කියන්නම්.මේ කියන කාලේ වෙන්නේ දැනට වසර 12- 13 පෙර. ඒ කාලේ මට වෛද්‍යරසායනාගාරයක් අයත්ව තිබුනා. මේක පැය 24 විවෘතයි. ඔන්න දවසක් මහ රෑක මගේ ගෝලය කෝල් කරනවා. වහාම එන්න පුළුවන්ද කියලා. මම ඒ සැරේ මගේ ගේ තිබුනෙත් ඒ ලඟම නිසා ගියා මෙතැනට. ඔන්න තියනවා, ඒ කාලේ හැටියට ඉතාම සුපිරි ඝනයේ මෝටර් රථයක් මගේ ආයථනය ඉදිරිපිට නවත්වලා. මම ගියා ආයථනය ඇතුලට. දැන් ගෝලයට කථා කරන්නවත් වෙලාවක් නැහැ. බොහෝම වැදගත් මහත්මයෙක්, ඉතාම තරුණ කෙනෙක් මගේ ලඟට ඇවිත් තමන්ව හදුන්වා දුන්න. මාත් එතුමා මගේ කාර්‍යාලීය කාමරයට කැදවගෙන් ගිහින් විස්තර ඇහුවා. මේකයි වෙලා තියන්නේ. මෙයා එදා උදේ කසාද බැදලා. හැබැයි මෙයාල කලින් මධු සමය ගත කරලා. ඒත් ඊලඟ දවසේ උදේම දෙපැත්තේ දෙමාපියෝ එනවා ශුදු රෙද්ද බලන්න. මොනවා පෙන්නන්නද.

    මම කල්පනා කරලා මෙහෙම කිව්වා දැන් ඔයාලට මේක ප්‍රශ්නයක් නැහැනේ. අපි එහෙම නම් මේ රෙද්දට ඔය ලේ ටිකක් ගාලා දාමු කියලා. කොල්ල මාව ඉම්බේ නැති එක විතරයි. කොල්ලගෙන්ම ගත්ත ලේ ටිකක් රෙද්දට ගාවගන්න කියලා මම ගෙදර ගියා. උන් දෙන්න මට වැන්ද. ජීවිතේටම වෙන්න ගිය ලැජ්ජාවකින් බේර ගත්තා කියලා. මමත් එහෙමම හිතලා සතුටු වුනා. මුදලක් ගත්තේ නැහැ.

    ඒ නිසා මට නම් හිතෙන්නේ අපි කවුරුත් තම තරම දැන හැසිරීමයි වැදගත්. උනාට පස්සේ කථාකරලා වැඩක් නැහැ.

    මගේ පුද්ගලික අදහස නම් පිරිමි කියන්නේ ඩ්‍රැකියලාල නෙමෙයිනේ ලේම හොයන්න.

    ReplyDelete
  13. ලිපිය නම් පට්ට... මේක මේ සමාජේ ඉන්න අපේ මිනිස්සුන්ගේ දෘෂ්ටියේ වැරැද්ද,,,,

    ජය..

    ReplyDelete
  14. මෙහෙමයි ඉතින් මම හිතන්නෙ ඕක සාපේක්ෂයි. මලක් වගේ හැදුනු කොල්ලෙක් (එහෙම ඉන්නවනම්) මලක් වගේ හැදුනු කෙල්ලෙක් (එහෙම ඉන්නවනම්)බලාපොරොත්තු වෙනවනම් ඒකෙ සාධාරණයක් තියෙනවා.

    හැබැයි වත්ත වටේම ගෑණුන්ට කෙළලා කෙළලා කන්‍යාවියක් හොයනවනම් එතන අවුලක් තියෙනව නේද?

    වත්ත වටේම පිරිමින්ට රෙද්ද උස්සලා උස්සලා මේඩ්න් ඕවර් යවපු කොල්ලෙක් හොයනවනම් එතනත් අවුලක් තියෙනව නේද?

    වැඩේ තියෙන්නෙ තියේද නැද්ද කියල බලන්න හරි, වාර ගණන බලන්න හරි බෙල්ලෙ මීටර් හයි කරල නෑනෙ. එහෙම (රීසෙට් කරන්න බැරි) ඒවා තිබුනනම් අද මේ ප්‍රශ්ණ නෑනෙ.

    ReplyDelete
  15. නියම ලිපියක්. මමත් ඔය දේ ගැන බලන්නේ නෑ. ඇත්තටම ලේ පැල්ලමකින් පුලුවන්ද දෙන්නෙක්ගේ කසාදයක් මනින්න? ඔයා කියලා තියෙන උදාහරණ දෙකම ප්‍රායෝගික ඒවා. අපේ රටේ ගොඩක් ඉන්නේ ඉතින් උගත් කියලා හිතාගෙන ඉන්න මෝඩයන් පිරිසක් නේ. ඉතින් මොනා කරන්නද.

    ReplyDelete
  16. මේක දැකල මේ වෙන්වෙන්ම මෙන්න මේක ලිව්ව
    http://aligedara.blogspot.com/2011/11/blog-post_17.html

    මේ වගේ දේවල් දීර්ඝ කාලයක් නිරීක්ෂණය කරල තමයි මම කියන්නෙ මිනිස්සු ඔය චුට්ටක් අමුතු විදියට හිතන්න පුලුවන් උනාට තවත් සත්තු ජාතියක් විතරයි කියල!

    සැබෑ අාදරේ කියල දෙයක් නෑ!

    ReplyDelete
  17. man campus 1k di meeta kalin dennek ge athima nathi una girl kenek wa baaragathhtha. eyath mata hama dema kiwwa. habai mama kawadawath eyawa ekkan room 1 kata giye naa. hitha ridei kiyala parana ewa mathak wela. puluwan tharan pansal ma ekkan giya. hitha haduwa. passata ape ammalagen prashnayak wei kiyala mage gedara pawa ekkan giya, api godak lagin inne kiyala pennanna. anthimata uni ivara weddi eya maawath daala giya. thaama nan boy kenek na. eth ithin issrahata thawa kenek idi da kiyannath baa. :)

    ReplyDelete
  18. සිරා පෝස්ට් එකක් මචන්.

    මට හිතෙන්නේ මෙහෙම දෙයක්, කොල්ලා පරම පවිත්‍රනම් කෙල්ලගෙන් ඒ විදිහට බලාපොරොත්තු වුනාට කමක් නැ. හැබැයි කොල්ලා වත්ත වටේ යනවනම් කෙල්ලගෙන් එහෙම බලාපොරොත්තු වෙන එක වැරදි.

    සිරාම කමෙන්ට් එකක් මාතලන් අයියත් දාලා තියෙනවා,

    "හැබැයි උඹ කළ වැඩෙන් දැන් මේ බූරූවෝ හිතන්නේ අර සැත්කමෙන් ජපන් කොඩිය දැම්මද කියලයි."

    සිරාවටම දැන් කට්ටිය බදින්න කලින් ඔපරේශන් කරලද නැද්ද කියලත් හොයල බලයි :D

    ReplyDelete
    Replies
    1. he he he.. kolla parama pavithrai...kellage kakul walata waga kiyala athi hebei....

      Delete
  19. කමෙන්ට් එක දාලයි අනිත් කමෙන්ට් කියෙව්වේ, මගේ මතයත් වාචාලයා ඉහත දාලා තියෙන අදහසට සමාන අදහසක් තමයි.

    ReplyDelete
  20. සිරාම පෝස්ට් එක මචං.. උඹත් මමත් දැන් ඉන්න සමාජ පසුබිම ඒ කියන්නේ ලංකාවෙන් පිටත මේ දේවල් ඒ තරම් හොයන දෙයක් නෙමෙයි..

    ReplyDelete
  21. ඔය ජපන් කොඩිය හොයන්නේ පිරිමින්ට වඩා ගෑනු බව දන්නවාද?

    අර සමීක්‍ෂණය ගෑනුන් අතර කලා නම් හොඳ සීන් එකක් බලාගන්න තිබුණා. ඒ කියන්නේ තමන්ගේ ලේලි, දියණිය, සහෝදර සහෝදරියන් ගේ දුලා ජපන් කොඩිය දැමිය යුතුද කියලා ඇහැව්වොත් අති
    බහුතරය ඔව් කියාවි.

    කෙල්ලන් අතරත් සීමක්‍ෂණයක් කළ යුතුයි!

    වෙදනා ගේ කතාවේ ඉන්න කොල්ලා නම් කොන්දක් නැති බූරවෙකි!

    ReplyDelete
  22. අපි ඕවට නෑ නෑ.. අපි දන්නෙනේ නෑ නෑ..... හුග් හූ.. හැග් හැග්......

    අපි පොඩි කොල්ලො.....

    ReplyDelete
  23. මේකෙ වෙන කමෙන්ට් එකක් දන්නෙ නැත්තෙ උඹ කුණූහරුප දාන්න එපා කියලනෙ... නැත්නම් දානවා... :D :D

    ReplyDelete
  24. කලින් දේවල් හොයලා වැඩක් නැනෙ....
    කන්‍යාවියක් බැඳලා... ඊට පස්සේ ඒකි වටේ යන්වනම්... සහ
    කන්‍යාවියක් නොවන කෙනෙක්, බැන්දට පස්සෙ ස්වාමි භක්තියෙන් ඉන්නවනම්... ? දෙවෙනි ඔප්ෂන් එක තමයි හොඳ....

    ReplyDelete
  25. //මට හිතෙන්නේ මෙහෙම දෙයක්, කොල්ලා පරම පවිත්‍රනම් කෙල්ලගෙන් ඒ විදිහට බලාපොරොත්තු වුනාට කමක් නැ. හැබැයි කොල්ලා වත්ත වටේ යනවනම් කෙල්ලගෙන් එහෙම බලාපොරොත්තු වෙන එක වැරදි.//

    //අර සමීක්‍ෂණය ගෑනුන් අතර කලා නම් හොඳ සීන් එකක් බලාගන්න තිබුණා. ඒ කියන්නේ තමන්ගේ ලේලි, දියණිය, සහෝදර සහෝදරියන් ගේ දුලා ජපන් කොඩිය දැමිය යුතුද කියලා ඇහැව්වොත් අති
    බහුතරය ඔව් කියාවි//



    මේ කාරණා දෙක තමයි මගේ අදහස

    ඒ වගේම විවාහයට කලින් තමන්ගේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරල දාන තැන හෝ ඒ ගැන අනික් කෙනාත් එක්ක කතා කරල සැඟවුනු රහස් නැතිවීම හෝ මාර වැදගත් , නැත්නම් පස්සෙ කාලෙක වෙනත් මාර්ගයකින් දැන ගත්තාම ගැටලු මතුවෙනව (මනුස්ස ස්වාභාවය ) දෙන්නට දෙන්න අවංක නම් විශ්වාසය උපදිනව . නමුත් ඔය ගැන බයේ අනෙකාට වංකව කටයුතු කලොත් එතනින් සැකයයි අවිශ්වාසයයි ඇති වෙලා වැඩේ හබක් වෙනව , ඒ නිසා මම හිතන්නෙ දෙන්නා අතර අවංකව කටයුතු කිරීම විවාහයට කලින් ඇතිවෙන්න ඕනි , එතකොට ඇතිවෙන විශ්වාසය නිසා ජපන් කොඩි අවුල් විතරක් නෙවෙයි ඊශ්‍රාල්- පල්ස්තීන ගැටුම් ඇතිවීම පවා වලකිනව

    ReplyDelete
  26. උපතින්ම ඕක පිහිටන්නේ නැති පිරිසකුත් ඉන්නවා! අනේ මන්ද ඇයි මිනිස්සු උගත් වෙලත් මෝඩ කියලා!

    ReplyDelete
  27. "කොල්ලෙක් නං නාවල ගෙට ගත්තම ඇති ඒත් කෙල්ලෙක් එහෙම බෑ" කියල කියාගෙන ආපු සමාජයක අපි ඉන්නෙ. හැම දෙයක්ම ක්‍රමාණුකූලව වෙනස් වෙලා යයි. කන්‍යාපටල විප්ලවයක් උවමනා නෑ.

    හැබැයි සමාජයේ ඔය පැල්ලමට වටිනාකමක් දෙන්න මූලික වෙන්න පිරිමියාට වඩා ස්ත්‍රිය පිරිමියාව එය කෙරෙහි අවධානය ඇතිකරවන්නෙ පෙර පරම්පරාවෙ ස්ත්‍රීන්. අවංකවම කියනවනම් කන්‍යාපටල සංකල්පය ස්ත්‍රී සමාජයේම නිර්මාණයක්. පිරිමි කියන්නෙ ඒ සංකල්පයේ ගොදුරක්.

    කකා කිව්ව වගේ වෙදනා මුනගැහෙන්න ආපු "වැදගත්" පෙනුමක් තියන තරුණයා අමුම අමු පොල් බූරුවෙක්, ඒ හේතු දෙකක් නිසා.

    01. තමං විවාහ කරගෙන, තමන් නිසාම කන්‍යාභාවය අහිමි වෙච්ච බිරිඳගෙ කතාව වෙන නන්නාඳුනන පිට මිනිහෙකුට පැවසීම.
    02. රෙද්දට ඕනෙ කරන්නෙ රතුපාට ලේ පැල්ලමක් විතරයි කියල තේරුං ගන්න තරම් බැරි වීම

    ReplyDelete
  28. මෙහෙමය් කන්‍යාභාවය කියන එක ගැන හිතන එක මෝඩ වැඩක් කියල දන්නා අය දන්නවා.නමුත් ඒක ලියනවා කියල එකෙන් කියන්නේ නැහැ අපිට ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනවා කියල.මේ වගේ තැන වලදී කාන්තාවගේ පැත්තට කතාකරන එක සාමාන්‍ය දෙයක්.නමුත් හුඟක් ඒ වගේ කාන්තාව කරන ඕනෑම දෙයක් අනුමත කරනවා කියන මතයේ ඉන්න එකට විවිද හේතු තියෙන්න පුළුවන්(බලන්නේ මොන ඇහින් ද ??-වැරැද්දක් අනුමත කරනවද,පටු වාසි බලනවද ,....මේ වගේ දේවල් ).කාන්තාවක් නම් මෙහෙමය්, එකපාරක් වෙච්ච වැරැද්දක් නිසා මට දැන් කොහොමත් එකය් කියල හිතන එක වැරදිය් කියල හිතාගන්න ඕන.අනික තමා මෙච්චරකල් හිටියේ මෙහෙමය් කියල ඉන්න කෙනෙකුට උනත් හිතල බලල අද ඉඳන් තමන් ගේ චරිතය වෙනස් විදියකට හරිගස්සන්න පුළුවන්.වෙලාව, තැන, තීරණය, තීරණ වෙනස් කිරීම කියන දේවල් තමන්ට හරි කියල හිතෙන ඕනෑම තැනකදී හිතට එකගව කරාට කිසිම වැරැද්දක් කියන්න බැහැ.මේක ගැන කතාකරන්න ගත්තොත් ගොඩක් දුරකට යන්න පුළුවන්,එක නිසා දැනට මේ තමා මගේ අදහsa...

    ReplyDelete
  29. මම ඔයාට තව ඇත්ත කතාවක් කියන්නද..?.මේක මට කිව්වෙ ගාල්ලෙ ප්‍රයිවට් හොස්පිටල් එකක නර්ස් කෙනෙක් වෙන අපේ යාලු අක්ක කෙනෙක්.......
    ඔන්න ආදරෙන් උන්න දෙන්නෙක් හෙන වෙඩින් එකකුත් අරන් මැරි කරල හනිමූන් එකටත් ගිහින් ගාල්ලෙ ලොකු හොටෙල් එකකට....පහුවදා උදේ හෙන ප්‍රශ්නයක්ලු කොල්ලට...ඔය මොකක්ද 'පැල්ලම' දැකල නැතුව..!
    ඔන්න දැන් මනමාලිගෙ පැත්තෙන් කට්ටිය මගට ඇවිල්ලලු දෑවැද්දට දෙන දේවලුත් වාහන වල පටවගෙන, මනමාලයගෙ ගෙදරට දෙවෙනි ගමන යන්න..!

    මේ මනමාලය මොකක්ද දන්නවද කරල තියෙන්නෙ?

    ලස්සනට දෙවෙනි ගමන යන්න ඇඳගෙන ඉන්න මනමාලිව ගෙදරට එක්ක යන්න කලින්, එක්ක ගිහින් ඒ කිට්ටුවම තිබ්බ අර අපේ යාලු අක්ක වැඩ කරන ප්‍රයිවට් හොස්පිටල් එකට..!!
    ගිහින් ඩොක්ටර් කෙනෙකුට කියල මෙයා තාම කන්‍යාවියක්ද? නැද්ද?...ඒක උනේ ඊයෙද? කලින් වෙච්ච දෙයක්ද දැනගන්න ඕනෙ කියල...!!
    ඔන්න ඩොක්ටර් මනමාලිව ගත්තලු බලන්න මොකක්ද තැනකට ඒ එක්කම නර්ස් කෙනෙකුත් ඉන්න ඕනනෙ,ඔන්න ඒ වෙලේ තමා අර අක්ක මේ සීන් එකට වැටිල තියෙන්නෙ....!!
    දැන් මනමාලය එලියෙ බලන් ඉන්නවලු...ඩොක්ටර් මනමාලිව බලන්න හදනකොටම එයා ඩොක්ටර් ගෙ කකුල් දෙක ගාව වැඳගෙන වැටිල අඬන්න පටන් ගත්තලු...''අනේ ඩොක්ටර් මගෙ අම්මලා සහෝඉදරයො.නෑයො මහත්තයගෙ පැත්තෙ අය සිය ගානක් පාරෙ බලන් ඉන්නව අපි එනකම්,අනේ බුදු බව අත්වෙයි මගේ ජීවිතේ බේරන්න ඩොක්ටර්..! මට මේක උනේ මගෙ කලින් බෝයි ගෙන් ඩොක්ටර්..අනේ මට අනුකම්පා කරල මාව බේරගන්න..''!! කියල.............

    පස්සෙ ඩොක්ටර් එලියට ඇවිත් මනමාලයගෙ අතට අත දීල කිව්වලු කිසි දේකට කනගාටු වෙන්න එපා මේක වෙලා තියෙන්නෙ ඊයෙ රෑමයි සමහරුන්ගෙ ඒ 'පැල්ලම' පේන්නෙ නැහැ කියල...තවත් මොනාද බොරු ගොඩක් කිව්වලු.......
    ඊට පස්සෙ එච්චර වෙලාවක් බුම්මගෙන තිබුන ඒ මෝඩයගෙ මූණට මල් හිනාවක් ආවලු...මනමාලිව තුරුල් කරන් කාර් එකට නග්ගගෙන එක්ක ගියාලු..!!

    ඒ නර්ස් අක්ක කිව්ව,ඒ දිහා බලන් උන්න ඩොක්ටර් කටින් ලොකු හුලංපාරක් පිඹල නලලෙ දාඩිය පිහාගත්ත කියල..!!!!!

    ReplyDelete
  30. සමාවෙන්න...!! මම මෙතනදි මනමාලයට ''මෝඩයා'' කිව්වෙ, එයා ඒ අවස්තාවෙ කරපු දේ මෝඩ වැඩක් කියල හිතුන නිසා පමණයි.!!

    ReplyDelete
  31. දැන් මොකද පුතා ප්‍රශ්නෙ? ඇත්තම කියහන් හරි උත්තරේ ඕන්නං.

    P.S.
    පෝස්ට් එක කියෙව්වට කොමෙන්ට් කියෙව්වෙ නෑ තාම, ඒවත් කියෝල පස්සෙ තව කොමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete
  32. මේ මඟුල අත ලඟ ටිහ්යාගෙන මූට මොනවා මතක් වෙනවද මන්දා.... අනික කැන්ගරු ලන්තෙ තියෙන දහපදුරා වැඩ ඔක්කොම කරලා මූ මෙහෙ මොකට ජපන් කොඩි හොයනවද?

    විහිළු ඇති.... මෙන්න මගේ මතය...

    කෙල්ලෙක්ගේ පිරිසිදුකම උගස් කරන්න හදන අපේ උන් කොච්චර පිරිසිදුද මචන්... බදින්න කලින් ගෑනියෙක් නානවා දැක්කත් සරම ඉස්සරහින් උස්සන් බාතෲම් රිංගන පිරිමින්ගේ මොනා හරි හොයනවනම් අන්න එදාට ඇමෙරිකන් කොඩිය හරි කමක් නෑ... කට්ටියගේ රෙදි බිම... :D

    ReplyDelete
  33. chami dewaa virgin eka hadanna puluwan operation lankawe tiyanawada?mage kellatath karala dila man maru wenna one ..eka maha karadarayak bandoth ehama jiwethema nasti wenawa..oya seen eka nisama thama thama dala giye natthe

    ReplyDelete
  34. හම්මේ, අන්තිමට පිස්සත් බැස්සා සැර පෝස්ට් වලට නේ

    අනේ මන්දා බන්, මම නම් ඕවා හොයන්නේ නෑ, දෙන්නට දෙන්නා ආදරේ නම් දෙන්නට දෙන්නා තේරුම් අරගෙන නම් ඉන්නේ කලින් මොන මගුල උනත් අපිට මොකෝ බන් ( බදින්නේ අලුත් මල් තලන්නද ? , නැත්නම් ජීවිතේ සතුටින් ගෙවන්නද ? )

    අනික මම දන්න විදිහට නම් ඔය කියන කන්‍යා බාවය ඔය සිදුවීම නිසාම නැතුව ක්‍රීඩා කිරීම් නිසා, නැටුම් ඇන්ඩ් ඔය එක එක සීන් නිසා නැති වෙන්නත් පුලුවන් නේද ? , කවදා හරි ඒ වගේ කෙල්ලෙක් ඔය වගේ හොයන එකකට සෙට් උනොත් මගුල ඩොට් එකෙන්ම හබක්නේ

    මට මේකට වැඩි දුර කියන්න බෑ, මොකද වග කිවයුතු කට්ටියත් මේ පැත්තේ සැරි සරන නිසා

    මගෙ අදහස නම්, ඕක බොරු වැඩක් :\

    ReplyDelete
  35. මම දන්නා තරමට නම් ඔය පිරිසිදු කම හොයන බලන මනින නිසා තමා අද ලංකාවේ කෙල්ලෝ කොල්ලෙක් එක්ක ඇති කරගන්න සම්බන්ධයකදී පිට රට කෙල්ලෝ තරම්ම ලිංගික එක් විමකට මුල් තැන දීලා කටයුතු කරන්නේ නැත්තේ ...හැබැයි ඉතින් අර කීවත් වගේ පිටි පස්ස දෙරෙන් ඇතුල් වෙන අයත් ඇති .

    වෙන රටවල එහෙම පිරිසිදු කම් මැනිලි නෑනේ ..කොල්ලා හායි කිවුවා , කෙල්ලත් හායි කීවා . කොල්ලා කෙල්ලට ඇන්නා - පැන්නා . කෙල්ලත් නාකියාගෙන ගෙදර හියා ..! අපේ රටේ වගේද මාර සිම්පල් ප්ලෑන් එකක් ..

    අපි ඔලුවෙං හිටගෙන කීවත් කාලෙත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා බං තව වසර පනහක් සීයක් ගියතැන මේවාගේ දේවල් මේ රටේ තිබ්බා නේද කියලා මිනිස්සු පොත් පත් වලින් කියවාවි ..

    ReplyDelete
  36. Use a natural sponge. The key illusion to faking virginity is the old prostitute practice of using a small blood soaked piece of sponge. Soak the sponge in menstrual blood or even fake blood from a costume shop. Cut the piece to barely fit inside the vaginal opening and squeeze down with the inner muscles. Hold this piece in place tightly under the male penetrates. As the vagina lubricates, the dried blood will begin to ooze. The squeezing of the muscles to hold the sponge in place will create the illusion of the male having to break the hymen of a virgin.

    ReplyDelete
  37. මේකේ කොමෙන්ට් කියවන්න කාව හරි හයර් කොරන්න වෙනවා

    ReplyDelete
  38. අනෙ මන්දන්නෑ ඔබාමාමෙ මටත් එහෙමයි තෙරෙන එවා විතරයි කියෙව්වෙ .

    ReplyDelete
  39. හරි වැරදි දෙකම තියෙනවා නේද.. මම කෙල්ලෙක්, කෙල්ලෙක් උනාම ගෞරවය ගොඩාක් වටිනවා. තමන්ගේ ගෞරවය රැක ගන්න කටයුතු කලාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ahenam gal kapana ekath waradi neda?

      Delete
  40. මම කසාද බඳිද්දි කෙල්ලගේ බැලුවෙ එකම සුදුසුකමයි . . . මීට කලිං කොල්ලෙක් යාලු වෙලා ඉඳල තියනවද කියල විතරයි . . . වැඩේ සාර්තකයි . . . කෙල්ල මට කලිං අන්තිමටම යාලුවෙලාහිටි කොල්ලත් එක්ක අවුරුදු හතරක්ම ලවු කරල තියනව . . . කොලි‍ෆිකේශන් හරි . . මම බැන්ද . . . ඔය ඉන්නෙ අපි දෙන්න යසට

    ප.ලි.
    හෝම් කමිං දවසේ රෙද්ද ගැන ඇසූ නෑදෑයන් කීප දෙනෙක්ම මගෙන් කුනුහරුප අසාගත්තේය.

    ReplyDelete
  41. අප්පා... මෙව්වට මුකුත් කියලත් බැහැ..නොකියත් බැහැ...

    මංදා මංනං සුද්දවන්තයෙක් නෙවෙයි... යන්තං පුළුවන් වෙච්ච කාලේ ඉදලා බැළුවේ කොහොමද කරගන්නේ කියලයි..අපරාදේ කියන්න බැහැ සාමාන්‍යපෙල ලියනවත් එක්කම මට උසස් පෙලට වරං ලැබුනා.. එයින් පස්සෙත් වරෙන් වරේ කාලවලදී අඩුපාඩුවක් නැතිව ලැබුනා... ආයේ ඉතිං ඕවයින් ඈත් වෙලාම වර්ෂ ගානක් හිටියා.. ඊට පස්සේ සීලේ අතෑරියට පස්සේ මදි නොකියන්න ලැබුනා... ආයේ ඉතිං මට මොන මගුලටද ගෑණූන්ගේ උලව්... පිරිසිදු එවුන් එහෙම එව්වා හොයා ගනී..මට එව්වා ඔට්ටු නැහැ...

    කොහොම උනත් එකම දෙයයි තියෙන්නේ අනුන්ගේ හොයන්න කලින් තමන්ගේ තියේද කියලා බැළුවනං හොඳයි... ඒත් මං එකක් දන්නවා ඔය කියන තරං හුග දෙනෙකුගේ හිත්නං ලස්සන නැති විත්තිය...

    හා මේක ගැන වැඩිය ලියන්න ගියොත් උඹට වෙන්නේ මගේ කමෙන්ට් එක මකන්න..ඒ හින්දා ඔය ඇති...

    ReplyDelete
  42. මොකක් ගැනද බන් උඹල මේ කතා කරන්නේ. ඕව ගැන දන හොයන එවුන් අඩුයි. බටහිරත් අතරින් පතර ඕව හොයන එවුන් ඉන්නවා. මැද පෙරදිග නම් කෙල්ලව මරනවා ගෙදර එවුන්ම.
    පේ කොල්ලෝ ඕව හොයන්නේ නෑ දන. එල කොල්ලෝ ඉන්නේ. හාල් පරුවොත් ඉන්නවා අතරින් පතර.

    ReplyDelete
  43. ම්ම්ම්.... ඔන්න ඔහොම ප්‍රශ්න නිසා මම දන්න කීපදෙනෙක්ටම ජීවිතවලට ප්‍රශ්න වෙලා තිබුනා.අනේ මංදා,කෙල්ලෙක් දැනගන්න ඕනෙ ජීවිතේදි තමන්ගෙ ගෞරවය අඅරක්ෂා කරගෙන ජීවත් වෙන්න.හැබැයි ඔය වගේ පටු ආකල්ප වල එල්ලිලා ඉන්න පිරිමින්ටනම් කරන්න දෙයක් නෑ ඇත්තටම..ඔය නිසා හුගාක් අහිංසක ගෑණු ළමයි දුක් විදින්නෙ.මිනිසුන්ගෙ මෝඩ අඅකල්ප වෙනස් කරන්න හරි අමාරුයිනෙ

    ReplyDelete
  44. අර කාටදෝ ප්‍රසිද්ධ නිළියකට ගහලා තිබුන 'කරගැට කැඩිච්ච" කාඩ් එක මතක් උනා.

    ReplyDelete
  45. අද කාලේ ඉතින් ඔය දේ මම දකින විදියට හැමෝම හොයන්නේ නෑ. සීමිත කොටසක් අසීමිතව හොයන දෙයක් තමා ඔය.

    ReplyDelete
  46. මේකට කමෙන්ට් දාන්න මම පොඩි වැඩියි :P
    මිනිස්සු හිතනැ විදිය තමයි හැමදේටම මුල..අනික් කෙනාගේ පැත්තෙන් හිතන්න පුළුවන් ඔය මොන මල ඉලව්වක්වත් නැහැ..

    ReplyDelete
  47. කෙල්ලෙක් ගෙ චරිතෙ කොහොමද කියල බලන්න යාලු වෙලා, රන්ඩු සරුවල් වෙලා, බැනගෙන බලන්න ඕන. කන්‍යා භාවය කියන එකෙන් පමණක් චරිතෙ හොද, නරක මනින්න හදන එක මෝඩ කමක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  48. well as for me i don't care whether she is a virigin or not at all. the only thing i care is if she loves me & the way both think about each other is the same. talking about virginity is just an old joke. sri lankans need to be civilized.

    ReplyDelete
  49. මගේ පුද්ගලික අදහස නම්..දෙන්නා බදින්නෙ යාළු වෙලා අස්‍රය කරල අවුරුද්දක් වත් ගියාට පස්සෙ නම් ඒ වෙලාවෙ කොල්ල ටෙස්ට් එකක් ඉල්ලුවොත් ඌව බැන්දෙ නැතුවට කමක් නැහැ..හැබැයි කෙල්ලගෙ යුතුකමක් තියෙනව කිසි ම දෙයක් නොසඟව කියන්න.මොකද කෙල්ලන්ගෙ තරම් පටු අදහස් කොල්ලන් ට නැති නිසා.මතක තියා ගන්න ඔය සුදු රෙද්ද පුතාගෙ අතට දෙන්න වැඩියෙන්ම දඟලන්නෙ නැන්දම්ම තමයි.එයත් ගැහැනියක්... කතාව සාධාරන නම් සමාව දෙන්න කෙල්ලො තරම් කොල්ලො අදි මදි කරන්නෙ නැහැ.

    ReplyDelete
  50. හැබැයි මෙහෙම දෙයක් තියෙනව යම් තරමකට හරි ලංකාවෙ කෙල්ලො පිට රට එවුන් තරම් ම අශීලාචාර නොවී ඉන්න පෙළඹෙන්නෙ ඔය කේස් එක නිසා

    ReplyDelete
    Replies
    1. ow a kathawa aththa. petti kada ganne naha oya seen eka nisa.ath sehenata galnam kapanawa.

      Delete
  51. ගෞරවය ආරක්ෂා කරගන්න ඕන තමා කෙල්ලෙක් උනාම. ඒත් ඉතින් සමහර අවස්ථා වලදි ගොන් වැඩ වෙන්න පුලුවන් කාගෙ අතින් උනත්. කුතුහලය හින්දමනෙ මිනිස්සු මෙච්චර දුරක් ඇවිත් තියෙන්නෙ. තව හැදුන වැඩුන සමාජය, යාලුවො, අනං මනං කොච්චර බලපෑම් තියනවද. හැබැයි ඉතිං තමන්ට ගැලපෙන කෙනෙක් හොයා ගන්නවනං ඔය කිසි අවුලක් නෑ නේ. මොකක් හරි අවුලක් තියේ නම් යාලුවෙලා ඉන්න දවස්වලම ඔව්ව බේරැම් කර ගත්තම බැදපු දවසට ලැජ්ජාවකුත් නෑ.

    කසාදෙ සාර්ථකත්වයටත් වඩා වටින්නෙ කන්‍යා පටලය නම් ඕන එවුන් හොයා ගන්නෙ නැතැයි. ඔය වගේ හාල් පාරුවොන්ව බදින්න යන කෙල්ලන්ටත් හොද පාඩමක් ඉතින් ඕක. එක අතපසුවීමක් වුනාට පස්සෙ තවත් එකක් දැන දැන කරගන්න කොට පල විපාක තියනවා.

    ඕනම කෙල්ලෙක්ට තමන්ට තනියෙන් වුනත් ජීවත් වෙන්න පුලුවන් කියල පොඩි හරි ආත්ම විශ්වාසයක් ඇති කරන්න මේ සමාජයට පුලුවන් වෙච්ච දවසක තමා ඕකුන් සේරටම කෙල වෙන්නෙ..

    ReplyDelete
  52. godak ayage adhase wageme mage adahath kannaya baweya balenewate wada denna athara adareyay wishwasayay thama wadegath,, eke nathuwe kannya baweya thibba aye bandath nothibba aye bandath anthimate wenne denateme duk wenne witheray :)

    ReplyDelete
  53. pissu wedak.adakale owa gananganne kuda

    ReplyDelete
  54. මටත් හිතෙන්නෙ එහෙමයි.ඉස්සර වගෙ නෙමෙයි දැන්. "පුසා" කිව්ව හරි. ඇත්තටම අපි බදින්නෙ අහවල් එක කඩන්නමද..? නැ නෙ. ආදරෙ කලර සතුටින් ජිවත් වෙන්න පුලුවන්නම් තව මොන කතා ද.. එහෙම උන කිලා එ අයව අතහැරලා දැම්මොත් එයලට මොකද වෙන්නෙ. එයලටත් එයලගෙ ජිවිතෙ හදාගන්න අවස්තවක් දෙන්න ඔනෙ. අනික ඔය කියන එක ක්‍රිඩා කරන අය,සමහරුන්ගෙ උපතින්ම පිහිටන්නෙ නැ , මදු සමය වෙනකල් පිහිටියාත් ලෙ එන්නෙ නැති වෙන්නත් ඉඩ තියෙනව.. අනික කොල්ලො 100 % පිරිසිදු ද..? Anonymous කිව්ව කතාවත් හරි..මටත් කියමන්න තියෙන්නෙ තමන්ට ගැලපෙන කෙනෙක් හොයා ගන්නවනං ඔය කිසි අවුලක් නෑ නේ. මොකක් හරි අවුලක් තියේ නම් යාලුවෙලා ඉන්න දවස්වලම ඔව්ව බේරැම් කර ගත්තම බැදපු දවසට ලැජ්ජාවකුත් නෑ, කියලා තමා. (වැරදි කියවිලා නම්, කාගෙ හරි හිත් රිදුන නම් සොරි. මෙ මගෙ හැගිම...)එ වගෙම කියන්න ඔනෙ මෙක ගොඩාක් වැදගත් ලිපියක්..

    ReplyDelete
  55. පළවෙනි කතාවේ එකා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඌ ඒ කෙල්ලට ඇත්තට ආදරේ නෑ. ඒත් සහෝ මට කියපන් උඹ කියන්නේ දෙවනි කතාවේ කෙල්ල කරපු වැඩේ හරි කියලද?

    ReplyDelete
  56. සුදු රෙද්ද ගැන... ලේ පෑල්ලම් ගැන අදහස් දක්වපු... ඇසූ... දුටු සිදුවීම් බෙදා හදා ගත්තු හැම දෙනාටම බොහොම ස්තුතියි....

    වැරදියට තේරුම් ගන්න එපා... මෙතනදි මම අදහස් කරේ නැහ වටේ යන.. දකින හැම කොල්ලම දැලේ දාගෙන රූම් අස්සෙ යන... චාරයක් නැති.. කෙල්ලෙක් බැඳගන්න කියන එක.. මගේ තර්කය උනේ " ලේ පැල්ලමකින් " ඒ දේ මනින්න බෑ කියන එකයි.


    වෙද ගෙදර අයියගේ කතාවෙන් අපේ රටේ මිනිස්සුන්ගේ ලිංගිකත්වය පිළිබඳ දැනුම ගැන පුදුමත් හිතෙනවා....


    වින්චැට් කිරිල්ලී ගෙ කතාවෙන් පැහදිලියි කොච්චර නෑ කිව්වත් අදටත් ඒ ගැන මිනිස්සු හොයන බව... එතනදි ඉතින් උන් දෙන්න අතර හැංගුන අතීතය පස්සෙ එලියට ආවොත් ඒක ලොකු අවුලක්.


    ලේ පැල්ලමක් තිබ්බයි කියල ඒ කෙල්ල කන්‍යාවියක් කියල ඔප්පු කරන්න බෑ වගේම... ලේ පැල්ලමක් තිබ්බෙ නෑ කියල ඒ කෙල්ල කන්‍යාවියක් නෙමෙයි කියල ඔප්පු කරන්නත් බෑ... ලොකුවට මඟුල් අරන්... පස්සෙන්දට කෙල්ල පිරිසිදුද බලන්න දොස්තර ගාවට දුවන එක සදාචාර සම්පන්නත් නෑ...


    ඒ හින්දා හැම දෙයක්ම හොඳින් කතා බහ කරල... දෙන්න අතර කිසිම රහසක් නැතිව... තියෙන ප්‍රශ්න.. අතීතය.. තේරුම් අරන් ජීවිතේ වැදගත් තීරනය ගන්න එක තමයි හොඳම. රහස් තිබ්බොත් ඒව පහු කාලෙක හරි ප්‍රශ්න වෙන්න පුළුවන්.


    ලේ පැල්ලම නෙමෙයි වැදගත් වෙන්නෙ... විශ්වාසය.. තේරුම් ගැනීම.. ආදරය වගේ දේවල්.

    ReplyDelete
  57. මං මේක දැක්කෙ පහු වෙලානෙ.මොනවා වුනත් වැදගත් මාතෘකාවක්. කියන්න වෙන දෙයක් නම් නෑ.ඔක්කොම උඩින් කියලානෙ.:))

    ReplyDelete
  58. පල පල යන්න.

    සීල් එක නැත්තං අරක්කු බෝතලේ ගන්නවද යකෝ බාර් එකෙන්? පලයන්ඩ.

    ReplyDelete
  59. //කිමද රණතිසර ලිය තබර පෙති ගිලිහිගියේ ..
    කවුද මල්වයසේ මගේ යහන ගිනිබත් කලේ
    දගකාරියේ..//
    සංකීර්ණ ප්‍රශ්නයක්.!!

    ReplyDelete
  60. :) පැල්ලම වැරදියි! පැල්ලමකින් ඔව්වා හොයන්න හෝම්ස්ටවත් බෑ! මං විරුද්ධයි පැල්ලමේ වැඩේට! 100%ක්ම!

    ReplyDelete
  61. Taman karana de tamanta tiyei. Api wereddak kalanam eka merena mohothe hari matak wenawa ekai ettama seen eka so kellege hymen eka netiwenna kollo wana apith waga kiyanna one tawa atakin kelloma ekata waga kiyaganna one kese wethah mona netuma netuwath den adare karana kena ekka hodin satutin(piti yannetuwa) innawanam jivite sarthakai lee pellamakata jiwithe wenas karanna denna be .... by DSA

    ReplyDelete
  62. Anonymous will be a 'violated' person...

    If the social neglect the violation of the virgin, also The girl should be able to say about her violation to the boy open..
    How ever We should be know real women and prostitute separately, and otherwise the man will not be alive long life...........

    ReplyDelete
  63. "" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට... ""

    sira talk 1, 200% agree

    ReplyDelete
  64. අළුත් මොකුත් ලියන්නේ නැද්ද.....

    ReplyDelete
  65. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  66. මචන් ටිකක් බලන එකත් හොදයි... කෙල්ල සුවර් නම් ඔනෙත් නෑ,,, බලන් නෑතුව වෙසියක් කරගහගෙන...වටෙට දෙන්න ගත්තොත්... මේ ලිපිය ගිනිතියලා පෑනලා තමයි ලෑජ්ජාව වහගන්න වෙන්නේ....

    ReplyDelete
  67. pettiya hdanna sergery 1 tynwa oya hari lankawe 25000 gnnwa

    ReplyDelete
  68. මම තමයි සුජිත්. මගේ පෞද්ගලික දේවල් වෙබ් සයිට් වලට දුන්නේ කවුද? මේක මහ අසාධාරණයක්. යකුනේ තොපි කෙල හල හලා මගේ ප්‍රයිවට් දේවල් වලට නොමන්ට් දාන්න හිතුවද මේක ෂෝ එකක් කියලා. පුදුම කෙලියක්නේ යකෝ මේක මිනිහෙකුට මොනවත් වෙන්න බෑ මෙන්න පහුවෙනිදට ඉන්ටනෙට් එකෙත් ගිහින් නිවුස් එක.අනුන්ගේ කිල්ලෝටවල හුණු බලන්න ඉස්සර තමන්ගේ ඒවා ගැන හොයලා හිටිය නම් නේද වැදගත්කම..හිටහල්ලකෝ මම මානව හිමිකම් යනවා

    ReplyDelete
    Replies
    1. මහත්තයො ්මානව හිමිකං එකට යන්න බස් ගාස්තු හෙම මදි වගේ උනොත් කියන්න ඈ මං දෙන්නං...
      අනේ මනුස්සයෝ...
      මෙතන තියෙන සුජිත් කියන්නෙ චරිතයක්..
      අහක යන බාල්දි අරගෙන ඔලුවෙ නමාගත්තට කරන්න දෙයක් නෑ..
      මේක ඇත්ත සිද්දියක් කියල ඔප්පු කරන්න පුලුවන් කමක් ඔයාට නෑ...
      අනික සුජිත්ල ඉන්නෙ ඔයා විතරද..
      සොරිබොස් ඉගෙනගත්තට හාඩ් එක පිරිල විතරයි..ප්‍රොසසර් එක තාම පරණයි....

      Delete
    2. ලෝකේ ඉන්න එකම සුජිත් මහත්තයෝ... ඔබතුමා ආචාර්යය උපාධිය ගත්තේ අර බැලුම්ගලේ කියාපු ආචාර්යය උපාධි කඩෙන් නෙමෙයි නේද?

      Delete
  69. මේක මහා අමුතු ලෝකයක් ඕයි..මෙතන අනේ මං නං ඕව බලන්නෙ නෑ කියන උන්ම අද හවස බඩුවක් සෙට් උනොත ්ගහනවා...
    ඒත් තව මාසෙකිං උගේ වෙඩිං එකේදි ඕක බලනවා...

    මං නං කියන්නෙ ගෑනු ඉන්න ඕනි වෙඩි වගේ..තමුසෙ හිතුවද පිංපියා වගේ පරණ හනමිටි අදහස් තියෙන තමුසෙ විතරයි මට බඳින්න ඉන්නෙ කියල... හූවක් කියල හොඳ ටිකක් කස්ටියට ඇහෙන්න බැනල යන්න ඕනි ඔයි වගේ වෙලාවක...

    ReplyDelete
  70. මම විහිළුවක් කලේ. ම ම හිතුවා මම සුජිත් කිව්වාම විශ්වාස කරයි කියලා අයිබෝවන්ඩ? ඇයි මගේ වයස දැක්කම හිතුනද එහෙම දේවල් දැන් කරන්න බෑ කියලා. බොරුනම් අපේ ගෙවල් ලඟ කඩේ නංගි ගෙන් අහලා බලන්න.. පුළුවන්ද බැරිද කියලා එයා කියා දෙයි..අඩෝ පූසා වල්ගෙන් අල්ලලා ගහනවා පොළවේ.. තෝව මං...ගේ ....තා..

    ReplyDelete
  71. කන්‍යාභාවය කියන්නෙ ලේ පැල්ලමක් වෙනවා ඔය මිම්මෙන් මනින්න ගියොත්...
    මම නම් හිතන්නෙ, කලින් කිසිම විදියක ලිංගික සම්බන්දයක් ඇති කර ගත්තෙ නැති කෙනෙක් නම් ලේ පැල්ලම් තිබුනත් නැතත් ඒ කන්‍යාවක්...
    හේතුව, එක්තරා ප්‍රතිශතයක කන්‍යා පටලය උපතින්ම පිහිටන්නේ නැහැ ... එහෙමත් නැත්නම් ඒ පටලය තරමක් ඇතුලට වෙන්න පිහිටන්නේ....

    ගැහැණු ළමයෙක් උනාම තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න දැනගන්න ඕන.
    එත් අතවරයකට ලක් උන කෙනෙක් කොහොමද ඔය විදියට ලේ පැල්ලම් පෙන්නන්නේ?


    සමහරක් පිරිමි අය නම් තමන්ගේ අනන්තවත් වැරදි තිබිලත් ඕක හොයනවා කියන එක post එකේ තියෙන සමීක්ෂණ ප්‍රතිපලෙන් පේනවා .... එයාලගේ අතිනුත් ඔය දේම වෙලා ඇති නේද?

    ReplyDelete
  72. මෙකෙන් ගොඩාක් අය බලාපොරොත්තු වෙන්නෙ පුරුශ ලිංගය කන්තාවගෙ යොනි මර්ගයට අතුලු කරල තියෙනවද නෑද්ද කියල බලන එක.එත් පුර්න සංසර්ගයකින් තොරව එ සතුට ඔන තරම් ලබනවා(thigh). එ උනාට මේ ලේ පෑල්ලම් බලන අය්යලට එව්වා ප්‍රශ්නයක් නෙවේ..

    ReplyDelete
  73. eka eththa,math asai oya sethkama karanne koheda kiyala dena ganna.puluwannam mata visthara tikak kiyanawada,

    ReplyDelete
  74. kakul dheke dana sellam okkama dagena oka witarak ithuru kara gaththa kiyala pathiniyak wenawaye..eka thiyenne hithe..

    ReplyDelete
    Replies
    1. oya kiyanne gal kapana ewa gana neda?

      Delete
  75. ගල් සීන්

    ReplyDelete

Related Posts with Thumbnails