Monday, December 5, 2011

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

Share
 
පසු ගිය දිනක මම රැකියාව කරන ස්ථානයේ සිටි පකිස්තානුවකුට දුරකතන ඇමතුමක් ආවා... මොහොතකින් මම දුටුවෙ උලුවස්සකට ඔලුව ගහගෙන ඉකිබිදින ඔහු... යමක් සිදුවී ඇත... මම ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුර උනේ...


" my dad " 


මම ඉතිරිය වටහා ගත්තා... ආවේගශීලි තද ගති තිබූ ඔහුගේ ඉකිබිඳුම මගේ හිතත් සසල කලා...


එවෙලේම ඔහුව ඔහුගේ නිවසට හැරලවන්න මම ඉදිරිපත් උනේ එම තත්වය යටතේ රිය පදවීම එතරම් සුදුසු නෑ කියල මට හිතුන නිසා.


වසර 4 කට පසු ඔහු ඔහුගේ රටට ගොස් පියාව බලල ආවෙ මීට මාස 2කට පෙර.. මම ඒ ගැන සඳහන් කරමින් ඔහුගේ සිත සනසන්නට අසාර්ථක උත්සහයක නිරත උනා.


අපි මේ වගේ ඈත රටක තනිවෙලා... අපිව හදා ගනිපු දෙමව්පියෝ එහේ තනිවෙලා... අවුරුදු ගානකට වරක් සති කීපයක් එකට ගත කරල කුමටද... දැන් මට ආයෙ කවදාවත් මගේ පියා සමඟ කාලය ගෙවන්න වෙන්නෙ නෑ.. පසුගිය වසර කීපය ඔහු සමඟ ගත කරන්න තිබුන නම්... කියමින් ඔහු හඬා වැලපෙනවා..


" අපි මේ දුර රටක තනිවෙලා අපේ පවුල් වලින් ඈත් වෙලා ගෙවන මේ ජීවිතේ කුමක්ද ?? "


ඒ ඔහුගේ පැනයට උත්තර මා ලඟ නෑ....


ඒ සිදුවීම දිගේ මා වැඩි දුර සිතන්නට නොගියේ එය තවත් එක් සිත් වේදනාවක් පමනක්ම වන නිසා...


ඒත් ඊයෙ ඒ දිගේ හිතන්නට හේතු උනේ රෑ ඉර පාන වැඩසටහනේ ප්‍රචාරය උන ගීයක්.. mp3 වාදකයට රෑ ඉර පාන පසුගිය වැඩසටහන් copy කරල වාහනේ යන එන ගමන් ඇසීම මගේ පුරුද්දක් වෙලා...


උදේ වැඩට යද්දි වාහනේ ගුවන් විදුලියට සවි කර තියෙන වාදක යන්ත්‍රය හරහා ඇසුනු එම ගීය හිත හුඟක් සසල කලා..


දරුවන් තමන්ගෙන් ඈත් වෙලා දුර රටවල් වල ඉගෙනීමට.. රැකියාවට ගියහම තනිවෙන දෙමව්පියන් හැමෝටම පොදු සිතුවිල්ලක් එම ගීතයෙන් කියවෙනවා කියල මට හිතුනා... ගීතය අවසන් වෙද්දි මගේ ඇස් දෙක බොඳ උනේ මගේ දෙමාපියන් සිහිවෙලා වෙන්න ඕනි..


තමන්ගේ අත්දැකීමක්...දුක.. තනිකම... වචන වලට හැරවූ ඔහු  මහාචාර්ය කුලරත්න... මහාචර්ය කාලෝ ෆොන්සේකා ගේ තනුවට... රෝහන වීරසිංහගේ සංගීතයට... රෝහන වීරසිංහ හා නෙලු අධිකාරිගේ කටහඬ එක් වූ මේ ගීතයට පසුබිම් වූ කතාව රෑ ඉර පාන වැඩසටහනින් අහන්න පුළුවන්...




ඈත දුරු රටේ සීතල දැනෙනවද....
රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....


පුතේ...


දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....


ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...


පුංචිම කාලෙදි පෑ දස්කම්
මතකයි පුතුනි..


දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...




 ගීතයට පසු වදනක් ඕනි නෑ කියල හිතුන නිසා ලිපියට තිත තියෙනවා....

ප. ලි :  වැඩ අධික වීම නිසා පසුගිය කාලේ බ්ලොග් ලිපියක් ලියන්න තියා බ්ලොග් කියවන්නවත් වෙලාවක් උනේ නෑ... ලිපි කීපයක් කියෙව්වත් අදහස් දක්වන්න වෙලාවක් නම් උනේම නෑ... ඒ ගැන සමාවෙන්න ඕනි....

37 comments:

  1. ගෙදරින් ඈත් වෙලා ලංකාවෙම වෙනින් කොණකට වෙලා ගෙදර ගැන හිත හිතා හිත රිදෝගන්න මට ඔයාලා ලංකාවෙනුත් පිට ගිහින් ඔය හැඟීම කොහොම දරාගන්නවද කියලා හිතාගන්නවත් බෑ.

    ReplyDelete
  2. මගෙ තාත්ත ඉස්සර ඉඳලම කියන මටයි මල්ලිටයි කතාවක් තමයි . . . ඔය දෙන්න ලෝකෙ කොහෙ හිටියත්කමක් නෑ . . . එක්කෙනෙක් අනිවාර්යයෙන් ගෙදර ඉන්න ඕනෙ කියන එක. . . . .මොනා කරන්නද අද මල්ලිත් ලංකාවෙ නෑ . . මමත් නෑ . . . මතක් වෙද්දිත් දුකයි . . . අපි දෙන්නම දන්නව අපි දෙන්නගෙං කවුරුවත් ලඟ නැතිවෙද්දි තාත්තට දැනෙන තනිය

    ReplyDelete
  3. ඇත්ත සිද්ධිය තමයි.... මොනා කරන්නද....??

    ReplyDelete
  4. මම නං මේ දවස් වල ගෙදර...

    ReplyDelete
  5. උබලගේ බොල්ග් කියවපුවම...කොමෙන්ට්වල අදහස් දැක්කම ඔය කන කට්ට ගැන අපට දැනෙනව මචො...ඇත්තේන්ම දුකයි..හිතෙන්නේ ඇයි මෙහෙම උනේ කියන එක..කොතනද..ලංකාවේ මිනිස්සුන්ට වැරදුනේ කියන එක...ඇයි උබල අපිට මේ ලංකාවෙම ජොබක් කරගෙන ඉන්ඩ බැරි කියන එක...ජිවිතේ හැටි මෙහෙමද...කියක් හරි ඉතුරු කොරං ලංකාවට ඇවිත් මොකක් හරි පටන්ගනිල්ලා බං...

    ReplyDelete
  6. රට යන්න කොච්චර ට්‍රයි කලත් ගියපු අය කියන කතා ඇහුවම ඒක සුන්දර නෑ කියල හිතෙනව. මගේ යාළුවෙක් කොරියාවෙ ගිහිල්ල මුල් මාස හතර පහේම කෝල් කලාම කියන්නෙ එන්න ඕන කියල විතරයි.

    ReplyDelete
  7. මොනා කරන්නද? ලංකාවේ ඉන්නකොට කටවල් තියෙනව කන්න නෑ....පිටරට ඉන්න කොට කන්න තියෙනවා කටවල් නෑ.....ජීවිතේ කියන්නේ ගණු දෙණු තමයි......

    ReplyDelete
  8. අනේ,.....මටත් ගෙදර මතක් වුණා..මේ දැන් ඉගිල්ලිලා හරි ගෙදර දුවන්න හිතුණා..ඒත් ඉතින් ඒක කොහොම කරන්නද... :(((

    ReplyDelete
  9. ඔය තත්ත්වයට මමත් මුහුණ දීල තියනවා. ඒක විස්තර කරන්න නම් බැහැ. මිත්‍රයා ගැන කනගාටුයි. ජීවිතේ හැටි.

    ReplyDelete
  10. හිත හයිය කර ගෙන කාගෙන ඉඳපන්, ඔය කන කට්ටට පොලීත් එක්ක අනාගතයක් හැදෙනව කියල මතක් කර ගනිං. උඹ තනි වෙලා නෑ, තව කී දෙනෙක් ඔය දුක විඳිනවද?

    ReplyDelete
  11. උඹලා වගේ තව කී දෙනෙක් ඇත්ද බං... සිරාවටම දුකයි අයියේ...

    ReplyDelete
  12. බදලම අල්ලපන් මල්ලියෙ.. ඔය කන කට්ටම පොලීත් එක්ක සතුටට පෙරලෙන කොට... ජීවිතේ සුන්දර වෙයි නොදැනීම..

    ReplyDelete
  13. මමත් ගිනි අව්වේ දුක් විදිමින් ගෙදර දොර ගැන හිතමින් කල්ගෙවමි,සල්ලි නිසා විදින දුකක්...දුක ලග සැප...එහෙම හිතල හිත හදාගන්න.....

    ReplyDelete
  14. කතාව සහතික ඇත්ත අයියේ. ඒත් මොනවා කරන්නද? සිංදුව අහලා මගෙ හිතටත් ලොකු දුකක් ආවා

    ReplyDelete
  15. ලංකාව මතක් වෙනවනෙ හයියෝ,,,,තනිකඩවයි, පවුල් පිටිනුයි කියල වෙනසක් නැද්ද කොහෙද අප්පා පිටරටක ඉඳන් ලංකාව මතක් වෙනකොට :'(

    ReplyDelete
  16. හ්ම්ම්..දුකයි අයියේ.. මටත් ඕක මතක් වෙනකොටත් මාර දුකයි..අපි වෙනුවෙන් හැමදෙයකම කැප කරලා අන්තිමේ අපි දකින්නවත් නැතුව තනි වෙන හැටි..එත සමහරවිට අපිටත් ඕකම වෙන්න පුළුවන්..
    ඔයලට කරන්න පුළුවන් දෙයක තියෙනවා..මං වගේ දැනට ඉගෙන ගන්න ගොඩක් අය,වැඩිහරියක්ම උසස් අධ්‍යාපනය ලබන අයගේ හීනයක් තමයි රට ගිහින් හොද ජොබ් කට්ටක් හොයාගෙන හම්බ කරන එක..
    එත් ඒ ජිවිතේ හිතන තරම් ලස්සන නෑ කියලා කියල දෙන්න කෙනෙක් ඉන්නවනම් තව අම්මල තාත්තල දෙතුන්දෙනේක්ගේ වත හිත් පාලුවට යන එකක් නෑ..

    ReplyDelete
  17. :'( දුර ඈත රටක තනි වෙන හිතක මොනතරම් ගින්දර ඇත්ද...:'(

    ReplyDelete
  18. " අපි මේ දුර රටක තනිවෙලා අපේ පවුල් වලින් ඈත් වෙලා ගෙවන මේ ජීවිතේ කුමක්ද ?? "

    ඇත්ත අනන්තවත් මේ ප්‍රශ්ණේ හිතුනත් ඕකට උත්තරයක් තාම මං ගාවත් නැහැ..

    ReplyDelete
  19. අපෙන් එහෙමවත් අහන්න කෙනෙක් නෑ සහෝදරයා....
    බලාපොරොත්තු ඉටුවෙලත් නෑ ජීවිතේ විඳලත් නෑ.
    කාලය නැවතුනෙත් නෑ....

    ReplyDelete
  20. ඔය කන කට්ට විගහට ඉවර කරගෙන නිදහසේ මේ රටට වෙලා එකලස් වෙලා සතුටින් ඉන්න උඹට වාසනාව ලැබේවි බං ..

    ජීවිතේදී දුක විඳින්නත් ඕනෙ ..ඒක කාටත් උරුමයි ..ලෝකේ සල්ලි උඩ දුවන නිසා . හොයාගනිං කෝම හරි සල්ලි ගොඩක් ඊට පස්සේ ටික කාලෙකින් අලුත් ජීවිතයක් පටන්ගනිං ..

    ReplyDelete
  21. හ්ම්ම් මොනා කියන්නද? මට මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙයි ..

    ReplyDelete
  22. දුර ඈත රටක තනිවී.......

    ලස්සන සින්දුව අයියා....

    ReplyDelete
  23. මම දවසගානේ ගෙදර අයට කතා කරනවා, ගොඩ වෙලාවට මුණුත් බලා ගන්නවා ඉන්ටර්නෙට් එකට පින්සිද්ධ වෙන්න...
    එහෙම වෙලත් මට මේ දැනෙන පාළුව තනිකම ගැන මම හිත හදාගන්න මෙහෙම හිතනවා.
    ඉස්සර විතරක් නෙමේ දැනටත් ගොඩදෙනෙකුට මේ පහසුකම් නැහැ, ලියන ලියුමකට උත්තරයක් එන්න මාස ගණන් යනවා.
    ඉතින් මම ටිකක් හරි වාසනාවන්තයි කියල හිතලා.....

    ඒ උනාට මේ දැනෙන දුක පාළුවට කියන්න වචන නැහැ

    (මම මෙහෙ ඉන්නේ ලංකාවේ ඉඳලම එකට හිටපු යාළුවෝ කීප දෙනෙක් එක්ක, ඒ නිසාත් පොඩ්ඩක් ශේප්)

    ReplyDelete
  24. මම ලංකාවෙන් ඈත්වෙච්ච අවුරුදු දෙකටම අපේ ගෙදර අලුත් අවුරුද්දට කෑම මේසේ තිබිල නා. මොන අවුරුදු ද පුතේ කියල අම්ම කියද්දී බඩ පපුව දාල යනවා. එත් අපි උපන්න රටේ අපිට නිසි තැන දෙන්නේ නැතිනම් එක හොයාන යන්න වෙනවා අපි වෙනුවෙන්, අපේ අනාගතේ වෙනුවෙන්. කොහොම උනත් මේ අවුරුද්දේ මම ගෙදර යනවා.. එක මම දැන් ස්ථිර කරගත්තේ මේ සින්දුව අහල මගෙත් ඇස් තෙමුනට පස්සේ..

    ReplyDelete
  25. රට ජිවිතේ සුන්දර නෑ.අපි මද්‍යම පන්තියේ මිනිස්සු නිසා තමයි මේ දුක.එක්කෝ අපි දුප්පත්ම වෙලා උපදින්න ඕනේ නෙත්නම් සල්ලිකාරයෙක් වෙලා උපදින්න ඕනේ ටික කාලයක් ඉඳල මාත් යනවා ලංකාවට අයෙත් එන්නේ නෑ

    ReplyDelete
  26. :'( සින්දුව අහල පපුව බර වුණා...

    ReplyDelete
  27. සින්දුව නම් තාම ඇහුවේ නෑ. ඒ වුනාට ඔය කියන හැඟීම තේරුම් ගන්න නම් පුළුවන්. කීයක්‌ හරි වැඩිපුර හොයාගන්න රට ගියාට ඒ නිසා අපිට නැති වෙන දේවල් සලකලා බැලුවොත් ඒ වැඩේ තේරුමක් තියනවද කියල ප්‍රශ්නයක් ඇති වෙනවා.

    ReplyDelete
  28. හදවත බර කරපු ලියවිල්ලක්.... තනිකම කියන එක දුර රටක ඉන්න කෙනෙක් තමා හරියටම විඳින්නේ...ඒක හරි අමුතු හැඟීමක්.... ලංකාවේ උන්න නම් ඒ කෙරෝලෙ ඉඳන් මේ කෙරෝල වෙනකම් හරි යන්න පුළුවන් තමන්ගේ අය හොයාගෙන...ඒ වෙන රටක ඉද්දී......

    ReplyDelete
  29. යන්න හිතෙන්නේ නැහැ මට නම් දැන් :(((

    ReplyDelete
  30. අපි නම් ඔක්කොම ඉන්නෙ මෙහෙ...ඒත් තනි වෙලා ඉන්න අය තමයි නිතර මුන ගැහෙන්නෙ...හ්ම්ම්ම්ම්ම්ම්......මොනා කියන්නද මන්ද....ජීවිතේ....

    ReplyDelete
  31. තාම එහෙම අත්දැකීමක් නම් මට ලැබිලා නැහැ අයියා. ඒත් ඒකට සමාන අත්දැකීමක් තියෙනවා. ඒ මම බාලදක්ෂයෙක් වෙලා ඉස්සෙල්ලා පාරට කෑම්ප් එකකට ගිය දවස. බලපිටියේ තිබුණු 6 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය තමා කෑම්ප් එක.

    දවස් 6 ක් තිබුණු ඒ කෑම්ප් එකේ මුල් දවස් දෙක යද්දී හරියට ගෙදර මතක් වුණා......

    ඒත් ඉතින් ලංකාවේමයි. දවස් 6 ක්. ඒත් ඔයාලා ලංකාවෙන් පිට අවුරුදු ගානක් ගෙදර අයගෙන් ඈත්වෙලා............

    ReplyDelete
  32. ගොඩ දවසකින් මටත් මේ පැත්තේ එන්න හම්බුනේ!! කතාව ඇත්ත මචෝ!! මොන දේ වුණත් තමං ආදරේ කරන,තමන්ට ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වෙනවට වඩා දෙයක් මේ ලෝකේ නෑ සහෝ....

    ReplyDelete
  33. අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි...

    ලංකාවෙ ඉන්න හුඟක් අය හිතන තරම් රට ජීවිතේ සුන්දර නෑ... ඒත් ඒක තේරෙන්න ඉතින් තමන්ගෙ අත්දැකීමක් වෙන්නම ඕනි...

    ReplyDelete
  34. ඕක තමයි ලෝක ස්වභාවය... අපේ දෙමව්පියොත් ගම් රටවල් අතහැරලා නගරයට ආවා...අපි ගමත් නගරයත් විතරක් නෙවේ රටත් අතෑරලා ආවා. අපිටත් කවදාහරි ඔය සන්තෑසියම තමයි!

    ReplyDelete

Related Posts with Thumbnails