Friday, December 9, 2011

" දුවපන් යකෝ " ප්‍රින්සිපල් එක්ක රේස් එකක්...

Share


මේක ඇවිල්ල ස්කෝලෙ කාලෙ කතාවක්. කාලෙකින් ලියන්න උනෙත් නෑනෙ ස්කෝලෙ කාලෙ සීන්. හුඟක්ම අවුල මට මතක නැති එක. ස්කෝලෙ කාලේ යාළුවෙක් එක්ක පරණ වල්පල් කතා කර කර ඉද්දි තමයි සීන් මතක් වෙන්නෙ...


ඒ ලෙවල් කරන්න ගත්තු අලුතම වගෙ අපේ ගයාන් සෙට් වෙල හිටිය ගෑණු ළමයෙක් එක්ක අපේ වයසෙම. ගෑණු දැරිවි අර කොළ පාට ටයි එකක් දාන ස්කෝලෙ. ගාල්ලෙ අය නම් දන්නවනේ ස්කෝලෙ... මේ කෙල්ල කොහේ ගියත් අම්ම ඒකිගෙ පස්සෙන්. ඉතින් මූ ඒ දෙන්නගෙ පස්සෙන්. රෑට ගෙදර ෆෝන් බිල ඉලක්කම් පහේ ගානක් වෙනකල් මල් කඩමින් ටෙලිකොම් එක පොහොසත් කරනව. මාසෙ අන්තිමට බිල ආවම උන්ගෙ අයිය කුණු වෙන්න තාත්තගෙන් බැනුම් අහනව.. ඔක්කොම කුණු ඌට යන්නෙ.. 

පස්සෙන් යාමයි... ටෙලිෆෝන් එකෙන් මල් කැඩීමයි තමයි ඉතින් ලව් එක. එහෙමත්ම දවසක තම අම්ම නැත්තෙ.. එදාට ඉතින් අවුරුදු... ඒ කියන්නේ වචනයක් දෙකක් හම්බුවෙලා කතා කරන එක. හික් හික්...


උගේ ලව් එක ගැන ලඟදි මතක් කල වෙලෙත් බැන්නෙ


" බලහන් අතකින් වත් අල්ලල නෑ බන් ඒ උනාට ඒකෙන් උනු කෙලිය කියල.. "  ඒක මේ අහිංසක කතාවක්...මෙතනට අදාල නෑ.

කොහොමින් හරි කෙල්ල ගෙ පදිංචිය ගාල්ලෙ දං ගෙදර. ඔය කාලෙම මහින්දෙට යන දං ගෙදර එක්තරා ජාතියක කොල්ලෙකුත් ඔය කෙල්ලට ලයින් එක දානව. අපේ එකාගෙ සීන් එක ඉව වැටිල ඌ මූව කීප වතාවක් හොයලත් තිබ්බ.


නාහෙට අහන් නැති සෙට් එකක් හිටිය දං ගෙදර පැත්තෙ එකෙක් එක්ක කොක්කක් දාගන්න දෙපාරක් නෙමෙයි 4 - 5 පාරක් වත් හිතනව ඒ දවස් වල. ඔය තත්වෙ අනුව මහින්දෙ පැත්තට හරි දං ගෙදර පැත්තට යනව හරි කියන්නේ අර යුද්ද කාලේ කිලිනොච්චි යනව වගේ සීන් එකක්. කොයි වෙලේ බීපු කිරි මතක් වෙන්න කෑමක් ද ශුවර් නෑ.


ඉතින් සති ගානකින් හම්බු වෙලා කතා කරන්න නොවිච්චි දුකින් ඉද්දි මූට ආරංචියක් ආව දවසක ඔන්න " අද අම්ම නෑ කියල.. " ආදරය වෙනුවෙන් නේ ගුටි කෑවත් කියල ඌයි මායි ස්කෝලෙ ඇරෙද්දිම කොළ ටයි ස්කෝලෙ ගාවින් බැහල ඉන්නව දැන් කෙල්ල එනකල්.


කෙල්ලත් එනව වැනි වැනි යාළුවෙකුත් එක්ක.. දන්නවනේ ඒ කාලේ පාරක තොටකදි කතා කරන් නෑ... අමුතු හැදියාවක් තිබ්බනේ. ඉතින් කෙල්ලො දෙන්න යනව අපිත් යනව උන් දෙන්නගෙ පස්සෙන්. විමංස එක පහු කරල කන්ද නැගගෙන මහින්දෙ පැත්තට යනකොට අපි දෙන්නම පොඩ්ඩක් විතර නෙමෙයි සෑහෙන ගැහි ගැහි ගියේ මොකද ඉතින් අර වසවර්තිය මාට්ටු උනොත් අනිවා කෑමක් නිසා.. ඒ කාලේ ඉතින් වලියක් වැටෙන්නෙ 99% චීත්තයක් නිසා නේ..

ඔන්න ඉතින් පස්සෙන් සක්මන් කරල මහින්දෙත් පහු කරල මහින්දෙ අයිනෙන් දංගෙදර පැත්තට යන්න තියෙන පටු කඳු පාරටත් ආව. මහින්දෙ අයිනෙන් තිබ්බ ඒ පාරේ ආරම්භය කන්දක්... කන්ද මුදුනෙ වංගුවක්... ඊට පස්සෙ පල්ලම.... ඉතින් කොයි පැත්තෙන් ආවත් කන්ද මුදුනට එනකල් මුදුනෙ ඉන්න කෙනෙක් පේන් නෑ. එක පැත්තකින් මහින්දෙ.. අනික් පැත්තත් කවර් වෙලා පොඩි ගස් වලින්. නියම ප්ලේස් එක... හැංගි මුත්තං කරන්න නම්.... ඒ පාර දැන් වහල දාල කියල කව්ද එකෙක් කිව්වා... ඇත්තද මන්දා...

යාළුවගේ ආදරය වෙනුවෙන් මම එක පැත්තකින් ඔත්තු බලද්දි අනික් කෙල්ල අනික් පැත්තෙන් ඔත්තු බලනව. මුන් දෙන්න කන්ද මුදුනෙ වංගුවට මුවා වෙල පෙම් පිලිසඳරෙ.


අව්ලකුත් නෑ... කවුරුවත් එන්නෙත් නෑ... පාර දෙපැත්තෙන්ම ක්ලියර්..


එක පාරටම මහින්දෙ ස්කෝලෙ පැත්තෙ ලඳු කැලෑව අස්සෙන් සර සර ගාගෙන සුදු කිට් එකක් ගහපු බුවෙක් පාත් උනා. ස්කෝලෙ කොල්ලෙක් කියල හිතුවට ඒ සිතුවිල්ල මොහොතයි... නෑ පොර ටයි එකකුත් දාල.


චායවක් පෙනෙද්දිම ගාල කඩාගත් පෙම්වතිය සිරි බිරි ගාල යාලුවත් ඇදන් කන්දෙන් භාගයක් බැහලත් ඉවරයි.. ගයානයත් හිමින් මගේ දිහාට එනව...


" ඔහොම නවතිනව " ගොරෝසු කටහඬකින් විධානයක්..


" මේ කව්ද බන් ? " මමත් එක පාරටම හිතා ගන්න බැරිව ගයාන්ගෙන් ඇහුව...


" යකෝ මහින්දෙ පිනා... "


පොර නාලගිරි හස්ති රාජයා වගෙ කෙලගෙන එනව අපි දිහාට..


" දුවපන් යකෝ... "


ගයානය මාවත් ඇදන් දුවන්න ගත්ත..


" නවතිනවා... " කියාගෙන ප්‍රින්සිපලුත් එලවන්න ගත්තෙ නැද්ද...


පස්සවත් නොබල අර පත පල්ලම දුවන් ආපු වේගෙන්ම එලියට් රෝඩ් එක මාරු උන අපි අලපලාව හන්දිය පැත්තට තියෙන පාරෙ අහුවෙන දෙවැනි දාර පල්ලමත් නියුට්‍රල් එකේන්ම ඇදල දැම්ම... බ්‍රේක් වදිද්දි අපි විමංස එකත් පහු කරල වක්වැල්ල පාරට ඔන්න මෙන්න..


දැන් ඒ රන් එක දැම්මනම් සතියක් හති රියි ඇද උඩට වෙලා... ඒ දවස් වල අපි ෆිට් නිසා පොඩ්ඩක් දනිස් දෙකට අත් දෙක තියන් හති ඇරල මන් අරූ දිහා බැලුව. ඌ මගේ දිහා බලන් හති අරිනවා...

 " ඇයි පුත්තලම් බූරුවො දිව්වෙ ? "

" යකෝ ඒ මහින්දෙ පිනා.. "

" ඉතින් ? අපේ එකා නෙමෙනේ බන්.. මොන එහෙකටද ඌට බයවෙන්නෙ ? "

" යකෝ ඌ අපේ එකාට මාට්ටු කරාම... ලොවෙත් නෑනෙ.. අල්ලගෙන කෝල් එකක් දුන්නනම් අපේ එකා ඉදියි මෙතන විනාඩියෙන්... "

" අඩෝ ඒකත් ඇත්තනේ බන්.. පොර නාලගිරි ඇතා වගේ එලවන් ආව හැටි..  "

ඒත් අපි කරපු වැරද්ද මොකක්ද කියල දැන් හිතුනට එදා හිතුනෙ නෑ එහෙම.. පාළු පාරක යුනිෆෝම් පිටින් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදීම එල්ලුම් ගස් යන සීන් එකක් විදියට අපිට හිතුනේ...

තව ටිකක් වෙලා හති ඇරපු අපි කහපාට පේ ෆෝන් පෙට්ටියකින් කෙල්ලට කෝල් කරල කෙල්ල ගෙදරට කරදරයක් හිරිහැරයකින් තොරව ලෑන්ඩ් උනාද කියල හොයාගෙන ආයෙම විමංස එකේ තිබ්බ ප්‍රතාපසිංහ සර් ගෙ ක්ලාස් එකට යද්දි පැය භාගයකට එහා පරක්කුයි...

" ඈ බන් අයියෙ... තොපි දෙන්න කොහේද අර ගාල කඩන් දිව්වෙ ??? "

හුටා මේ මනුස්සය අපිව දැකලද... දැන් ඉතින් හැංගෙන්න වෙන්නෙ ඩෙස් එකක් අස්සෙ තමයි.. දියන්කො උත්තර..


ප. ලි : පිනා... ඌ.. එකා... ආදී වචන භාවිතා කලේ අපහාසයකට ලක් කිරීමට නොව ඒ කාලෙයේ කට වහරේ ගැවසුනේ ඒ වචන නිසාය.


ඒ පාර වහල ද කොහෙද පූල් එකක් හදල තියෙන්නේ... පොඩි මෑන් ගෙන් තමයි අහන්න ඕනි...

47 comments:

  1. අපට වඩා ටොප්නෙ බං :D

    ReplyDelete
  2. ලව් කරන්න තියෙන එක සුදුසුකමක් දිවීමට හැකි වීම...

    ReplyDelete
  3. හික් මාත් එක පාරක් අපේ නෑදෑ වෙන පිනෙකුට මාට්ටු කෙල්ලෝ කට්ටියක්ව ස්පෝට් මීට් දවස් වල මාච් පාස් පුරුදු කර කර ඉද්දී... මූ අපේ ගෙදර ආපු වෙලාවක අම්මට කිව්වේ නැතෑ...

    // පුතා දැන් හරි හොඳයිනේ... පන්තියේ වැඩ තියාගෙනත් ගෑණු ළමයින්ට මාච් පාස් එක පුරුදු කරනවා/// කියලා... අනේ ඉතිං ලඟ පාත සවලක් තිබුනේ නෑ හාරගෙන බහින්න...

    ReplyDelete
  4. උඹ මාවත් ඒ කාලේට අරං ගියා බං...ඔන්න වැඩ..ඉස්කොලේ කාලේ ලවු කොරනවට වඩා ආතල් එක තියෙන්නේ ඔන්න ඔය වගේ වැඩවලින්..හික්

    ReplyDelete
  5. තමන්ගේ ඉස්කෝලේ නොවුණත් පිනා පිනාමයි. ඒ වගේමයි තමන්ගේ ඉස්කෝලේ නොවුණත් ගුරුවරයා ගුරුවරයාමයි. කෝටියේ ජයමල්ල අද්දවලා දෙන්න පුලුවන් එයලාටත් :))

    ReplyDelete
  6. මේ වැඩ ගැන කියවද්දී තමයි මටත් බ්ලොග් ලිවිල්ලට දොලක් උපන්නේ. මාරයාගේ හෝරාවෙන් ඒක වැඩි වෙලා උපන්න දරුවා තමයි මගේ බ්ලොග. ඒත් මට තාමත් ආසයි මල්ලිගේ මේ පාසැල් කථා වලට. මොන වැඩ තිබුනත් කියවනවා.

    ReplyDelete
  7. අපිටනං ඉතිං ඉස්කොලේ කාලේ ලව් කේස් නෑනෙ.. (එකෙක් වත් බහදුන්නෙ නෑ...)

    ReplyDelete
  8. ඔය ගෑණූ දැරිවිගෙ ඉක්කෝලේ අර 'ස' අකුරින් පටන් ගන්න අකුරු හයේ නම තියෙන ඉක්කෝලෙද ඈ අයියේ ;) මොනා උනත් ඉස්කෝලෙ යන කාලේ මතක් වෙනකොට පෙරලි පෙරලි හිනා වෙන්න තරම් වැඩ කරලා තියෙනවා

    ReplyDelete
  9. මල්ලී... අපිත් දංගෙදර තමයි හරි....
    ඔය කන්ද පහලට බැහැගෙන යනකොට දකුණු අත පැත්තෙ තියෙන තඩි තාප්පෙත් එක්ක තියෙන තඩි ගෙදර තමයි මම හිටියෙ...
    අපිත් මල් කැඩුවෙ ඔය වංගුව ගාව තමයි... එතැන හරි ආරක්‍ෂාවයි... දැන් ඒ පාර වහලා....
    අපේ පිනාට පිනා කියලා අහු වෙනව එහෙම නෙවෙයි....
    ඇල්

    ReplyDelete
  10. තාප්පෙන් පැනලා අහුවෙලා අපේ එකෙක්ට 100 පාරක් එහාට මෙහාට පනින්න කියලා..මූ දවල් වෙනකං තාප්පේ පැනලා ආයි පංතියට එනකොට උගේ හතර හංදි පන නැතුව වැ‍ටුනා..බැලින්නං පීටී සර් පිනාට පුX දෙන්න මූ පනින ගාන ගනං කරලා පු‍ටුවක් තියං වාඩි වෙලා...පීටියගේ අම්ම මුත්ත ඉවරයී...වැඩේ කියන්නේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ දවසේ කොල්ලංගේ මැරතන් එක පස්සේ සර් ගිහිල්ලා තරුන මිස් කෙනෙක් එක්ක වැන් එකේ..මු ලයිට් කනුවක ඇරලා..අර බුවා දැකලා දැකලා නෑ වගේ ඇවිල්ලා ඉස්කෝලෙම ගිනි තිබ්බා පලි ගන්න.....ඒ කාලේ මරු ඈ.....

    ReplyDelete
  11. අර උඩ පින්තුරෙ තියෙන්නෙ දුවපු දුරෙයි? චිහ්! ලැජ්ජයි නෙ බොල. පිනා ට උනත් ඔච්චර දුර දුවනවද? :D :D

    ReplyDelete
  12. හික් හික් මාර සිද්දි තමයි. දැන් නම ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරන්න ඔච්චර කටු කන්න ඕනා නැහැනේ..

    ReplyDelete
  13. පිස්සෝ අපේ අම්මත් දං ගෙදර. පොඩි මෑනූත් එහේද...?

    ReplyDelete
  14. ඒ කාලෙ බය වෙච්ච ඒවට දැන් නම් මතක් වෙද්දිත් හිනා යනවා මොකට අපි මෙච්චර බය උනාද කියලා.

    ReplyDelete
  15. ශික්...මුං ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ඉගෙනගන්න නෙමේ... දැන් කාලෙ හැදෙන එවුන්, ගන්නම දෙයක් නෑ...

    ReplyDelete
  16. අපිට නං ඒ දවස් වල දුවන්න ඔන කමක් තිබුණේ නැහැ නොවැ... බයිසිකල් කට්ට ඇරු සොයිසා කියලා පාගන එක තමයි කළේ...

    ReplyDelete
  17. හප්පේ...මෙහෙමත් නසරානියෝ ටිකක් .......

    ReplyDelete
  18. දංගෙදර දුශා.. ලගෙ කවුරැත් නෙව්යිනේ

    ReplyDelete
  19. අර මගෙ ටැස්ටිං පෝස්ට් එකේ උඹ අහල තිබ්බෙ මොකද්ද මේ "කසින්ල"ගෙ හුටප්පරේ කියල . . . ආන්න ඒ කෙලීට වතාවක් ලියුමක් දෙන්න මම නුගේගොඩ සෙන් ජෝන්ස් එකට (දුමී අයියගෙ ඉස්කෝලෙ) හොරෙං රිංගල ඒකෙ පිටිපස්සෙ තාප්පෙං රොටරියට යන පාරට පැනල එතනින් සමුද්‍ර දේවියෙ තාප්පෙං පැන්න . . . ආපසු ගමනත් ඒ පාරම තමයි . . . . ඒ දවස් වල අපේ ඉස්කෝලෙයි සෙන් ජෝන්ස් එකයි දු‍ටු තැන වලි කාලයක්.

    අපි එහෙමයි ලවු කරන්න කැපවුනේ

    ReplyDelete
  20. තනි අලියා : ඇයි උබල දිව්වෙ තැනිතලා වලද ?? හික් හික්...



    Weni : අයියත් දුවල තියෙනව වගේ...



    prasanna86k : අඩේ උබ ගෑනු ළමයින්ට ඒවත් පුරුදු කරාද... ? උබත් නිකන් ඉදල නෑ ඈ...



    Raj : සිරාවට... ස්කෝලෙ කාලෙ නම් පට්ට ආතල්

    ReplyDelete
  21. Hasitha : අනිවාර්යෙන්... අහු උනා නම් ජය මල්ලක් ඇදෙන්න තිබ්බා.



    වෙද ගෙදර මහ වෙදනා : ඔබතුමා ඔය කථාව කීප වතාවක්ම කිව්වා... සතුටුයි හුඟක්.



    නරකයා... : කෙල්ලො එහෙම බහ දෙන්නෙ නෑ බන්... අපි බලෙන් ගන්න ඕනි.



    ශානු : ඔව් ඔව්... ඒක තමයි නගෝ...

    ReplyDelete
  22. ariyananda : අඩේ ගාල්ලේ කොල්ලෙක්... මටනම් ගෙදර මීටර් නෑ බන්... ඒක තමයි.. කාලෙකින් ඔය පැත්තෙ ගියෙ නෑ.. පාර මිසින් මැප් එකේ.



    ඔබ නොදු‍ටු ලොවක්..... : අඩෝ 100 පාරක්... ඌ පැන්න එකම මදැයි... ලේසි ගේමක් නෙමෙයි බන් ඔය තාප්ප කෙලිය. සර් නම් චා පොරක් නේ...



    මුහුදු කොල්ලකාරයා : බයට නෙමෙයි බොල.. ඒක මහ දාර පල්ලම් දෙක.. බ්‍රේක් අල්ලන්නේ නෑ ලේසියකට.



    වර්ණා : දැන් එව්වොන්ට ආයේ.. මොබයිල්ද.. මූනු පොත්ද.. ස්කයිප්ද... ඇඩෙනවා...

    ReplyDelete
  23. මාතලන් : නෑ මයෙ හිතේ.. ඌ උණවටුන පැත්තෙද කොහෙද... මාතලංගෙ ගම ගාල්ලෙයි ??



    පිණිබිඳු... : ආයෙත් අහල... පිස්සු මවිතනේ ඒ කාලේ.



    Observer : පුහ්... ඔබා මාමද මේ ඈ.. ? හික් හික්



    Jeew : ඒකත් හොඳ ක්‍රමය... අපි නම් ඒ කාලෙ තම ඇඟට තම පයමය...

    ReplyDelete
  24. දිල් : අනේ ඉතින් කොහෙද අපි නසරානි වැඩ කලේ... අහිංසකයි රටක් වටී...



    amila : කාගෙ කවුද තියා මට දැන් ඒ දැරිවිගෙ නමවත් මතක නෑ බන්...



    ඕනයා : බොට කඩුලු පැනීම ප්‍රගුන කලා නම් ඔලිම්පික් පදක්කමක් ගේන්න තිබ්බ බන්... හික් හික්

    ReplyDelete
  25. මමත් ඒ දවස් වල ඔය වගේ වැඩක් කලා.. පස්සේ දවසක බ්ලොග් එකට ලියන්නම්..

    ReplyDelete
  26. දැන් ඉන්න උන් ලව් කරන විදි අල්ලගන්න අම්මලා තාත්තලා ආයි ඉපදෙන්න ඕන! :)

    ReplyDelete
  27. ඔව් ඉතින් වැරද්දක් නොවුනත් ඒ කාලේ ඔය වගේ දේවල් වලට ගොඩක් බයයි තමයි. හැබැයි දැන් නම් තත්ත්වේ ගොඩක් වෙනස් මම හිතන්නේ.

    ReplyDelete
  28. අම්මා දංගෙදර එලියට් රෝඩ් එකේ.. තාත්තා උණවටුනේ මහරඹ

    ReplyDelete
  29. තව දෙතුන් පාරක් ඔය දේම උනා නම් කරදරයක් නැතිව ඊළඟ පාර මැරතන් එක දුවලා දිනන්න තිබුනා...හිකිස්....

    ReplyDelete
  30. වමෙන් ගියාට මමත් බෙන්තර ගගෙන් එහා කොල්ලෙක් හරිය..

    පිස්සා මාර දිවිල්ලක්නේ බං....ඔහොමත් දුවනවද මිනිස්සු

    ReplyDelete
  31. අඩෝ... උඹ කිවුව මේ කතාව ලියනව කියල...මගේ කතාව දැකල... ඔතනම ඔය ගැනම කතා තියෙනව 100 ක් විතරලෞබේ කතාව දැකල මට මතක උනා ඒවා.. ඔතන පිනාගෙ නිල නිවාසෙ... දැන් පාර වහල තමයි... පූල් එක හැදුවෙ ඒක වහලනෙ.. උඹල කතා කර කර ඉදපු තැන වෙනකන් වහලා.. ඊට පස්සෙ පල්ලම හරිය තියෙනවා....

    මම උණ වටුනෙ නෙවෙයි දෙවටෙ ඉදන් කිලෝ මීටර් දෙකක් ඇතුලෙ...

    දන්ගෙදර ගැනනම් අහන්න දෙයක් නෑ.. ඇස් පියාගෙන යන්න පුලුවන් ඔය පැත්තෙ... ඔය ස්තානෙ ගැන තවත් රසබර කතාවක් බලාපොරොත්තු වන්න... :D

    ඔයා පිනාම චරිතයක් රගපානව කතාවෙ :D :D

    මතක් කරාට තෑන්ක්ස් උඹට...

    ReplyDelete
  32. ඔය කාලේ ගව්මක් සම්බන්ද නම් නම් අනිවා වලියක්ම තමයි. මමත් ගාල්ල පැත්තේ ඉස්කෝලෙක තමා

    ReplyDelete
  33. ඒ කාලෙට ඉතිං ඕවා අරුම දේවල් නෙමේනෙ ......
    කොහොමත් ගවුම් කෑලි හින්දා තමා හැමදාම කොකු ....
    පොඩි අඩුපාඩුවක් තියනවා, මම එහෙම ඔහොම දිව්වනං හොඳ හයෝ හතරේ හූවකුත් කියලා තමා දුවන්නෙ .......

    ReplyDelete
  34. ඉස්සර ඕෆ් පීරියඩ් එකක් හම්බ වුන ගමන් අපි පිට්ටනියට පනිනව. ප්‍රින්සිපල් එනව දැකපු හැටියෙ දුවනව. ප්‍රින්සිපල් ඔක්කොම පන්ති වලට ගිහිල්ල ළමයි හිස් පංතියේ තියන පොත් බෑග් ටික ගෙනල්ල ඔෆිස් එකෙන් තියා ගන්නව. ඊට පස්සෙ ඉතින් පොත් බෑග් ටික ගන්න ඇවිල්ල. අපි දනගහගෙන ඉන්නව ප්‍රින්සිපල්ගේ. ආයෙ සතියකින් විතර ඕෆ් පීරියඩ් එකක් සෙට් වුනොත් අපි ආයෙමත් එලියෙ.

    ReplyDelete
  35. හිකිස්ස්ස්ස්ස්ස්ස්... මරුනෙ !!! මාර වැඩ තමා කරලා තියෙන්නෙ අයියලත්.. මට එහෙම වුනානම්, ප්‍රින්සිපල් පිටිපස්සෙන් එද්හ්ඩි නෙවෙයි. දකිදිම දුවගන්න තියා කෙලින් හිටගන්නවත් පණ නැත්වෙයි..

    ReplyDelete
  36. Dinesh : එළ එළ ලියපන්කො අපිටත් බලන්න...



    Sabith : ආයෙත් අහල... දැන් ඉන්නෙ පොඩි එව්වොය... උන් අම්මල අප්පලට ත් උගන්නන සයිස් නේ



    Kasun : ස්කෝලෙ කාලේ ඉතින් දන්නවනේ



    මාතලන් : ඒ කියන්නේ මාතලං දකුණෙ චරිතයක්.. එළ :)

    ReplyDelete
  37. Music girl : හික් හික්... එච්චර දුරක් දිව්වෙ නෑ.. පල්ලමට අහු උනාම බ්‍රේක් වදින් නෑනේ..



    පිස්සු පුසා : පොඩ්ඩලගේ පල්ලමේ හැටියට ඔයින් නැවතුනා ඇති



    පොඩි මෑන් : ඔව් ඔව්... ඒකෙන් තමා මතක් උනේ.. එහෙම්ම අමතක වුනා බන්.. හික් හික්... ඔය කාලේ උබ පොඩි එකා වෙන්න ඕනි. ඊට පස්සෙ අර මොකක්දෝ සීන් එකක් නිසා ඔය ප්‍රින්සිපල් ගෙ වැඩ තහනම් උනා මට මතක විදියට... හරිද මන්දා...



    රෙප් මහත්තයා : ආයෙත් අහල... සන්තෝසයි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  38. පන්සල් හංදිය : හික් හික්... එහෙමනම් හිතුනෙවත් නෑ..



    රුචා : සර්ට ගහල ඇති වෙන්නෙත් නෑ... උබලට ගුටි කාල ඇති වෙන්නෙත් නෑ... හික් හික්...



    හිතුවක්කාරි : එහෙම උනානම් ඉතින් අනිවා ලෙඩක් සෙට් වෙනව නේ... හික් හික්

    ReplyDelete
  39. ඔය පස්සෙන් එළවන් ආවයි කිවෙ අර අතු කෝ රාළෙ සෑර් වෙන්ඩැ ඔය කාලෙ හැටියනනම්. උන්දැ හරි ජොලි මනුස්සයනෙ බං [ඉස්කෝලෙන් පිට] හැබැයි අර කිව්වත් වගේ බොලා දුවාපු එක හොඳයි, ඩැනීට අල්ලල දුන්නනං ආයෙ නෑ බඩු හම්බුවෙනව.

    ReplyDelete
  40. මට නම මීටර් නෑ බන්... අපොයි ඩැනීට මාට්ටු කලා නම් හොඳි ඕනි නෑ.. මට අල්ලන්නෙම නෑ බන් ඩැනීව..

    ReplyDelete
  41. ඔය වගේ සිද්දියක් උන මචන් A/L කාලෙදි, හැබැයි දිව්වෙ ටීචර් එනව දැකල, දුවන්න පටන් ගත්තෙ ටීචර් ගෙ ගේ ගාව ඉදල හික් හික් හික්, කතාවෙ ඉතිරි කෑලි ටික ඉතින් උබලම හිතා ගනිල්ලා.

    ReplyDelete
  42. අපරාදේ යකෝ උන් දෙන්නා ඒ පැත්තේ පෙම් කෙළිනකොට උඹලා දෙන්නට අනිත් පැත්තේ පෙම් කෙළින්න තිබුනේ...

    සික්.... අර කෙල්ලා උඹ ගැන මොනවා හිතන්නැද්ද.... :D

    ReplyDelete
  43. මේ මාත් ගාල්ලේ .අයි අප්පා අපි ප්‍රින්සිපල්ට අඔච්චර බය .... මටනම් හිතාගන්න බහ ඊත් මාත් බයයි

    ReplyDelete
  44. ayya me skl life eke gane liyane katha harima lassanay ..

    ReplyDelete
  45. එල එල.. මගෙත් පරණ කතාවක් මතක් උනා.. ලියන්නම් ලබන සතියේ දිහාවේ..

    ReplyDelete
  46. ගුණේ : උබ ටීචර් ගේ ගේ ගාව මොකද කරේ...



    සෝරෝ : අඩේ ඒක හිතුන් නෑනේ මේ වෙනකල්



    අසරණයා : අහ් ගාල්ලේ කොල්ලෙක්.. එල එල...



    Glimmer Girl : බොහොම ස්තුතියි



    ක්සැන්ඩර් | Xander : එළ එළ ලියපන්කො

    ReplyDelete
  47. අම්ම ගහයි අඹකොලේ ස්කෝලෙ එවුංගෙ මොන හැදියා'වල්' ද බං....

    ReplyDelete

Related Posts with Thumbnails