Friday, December 16, 2011

වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ??

Share
 
ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්‍රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්‍රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්‍රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට පොලෝසියට මාට්ටු වෙයි කියල පරාන බයේ නෙව පදින්නේ... ඉතින් ලයිසන් ගත්තම කිසි ගින්නක් නෑ... පෙළහර පාන්න ගන්නෙ නිකන් කුඩ්ඩට ඇමතිකම් හම්බුනා වගේ...

ඉතින් අපේ මේ චරිතයට අපි කියමුකො කසුන් කියල... මූත් යන්න ගත්ත ලර්නර්ස්.



*****

ඒ දවස් වල යාළු වෙල හිටිය කෙල්ල මුන ගැහෙන්නත් එක්ක මම ස්ටෑන්ඩ් එකේ කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොතකුත් රෝල් කරන් ඉන්නවා.

" කොහෙද බන් ක්ලාස්ද ? " ගාගෙන එකෙක් සෙට් වෙනවා... තව ටිකකින් තව එකෙක්.. උන් අදුරන තව එකෙක්.. ඔහොම තමයි කට්ටිය සෙට් වෙන්නෙ... ඔහොම සෙට් වෙන එව්වො ස්ටෑන්ඩ් එකේ තාප්ප පිරෙන්න... ඉතින් ඔන්න කොනකින් මතු උනා චරිතෙත්.. කසුන්.. හිනාවකුත් දාගෙන ඇවිත්..

" අහ් හු**** වලක්ද ? "

හප්පේ සුවඳ... බාර් එකක් ගිලල වගේ... ඊට වඩා මට මළ මූ මටත් හොරා කා එක්ක සෙට් වෙලාද කියල...

" අපෝ.. මොනාද යකෝ බිව්වෙ.. ගඳ.. කියහන් කා එක්කද සෙට් උනේ.. කියන්නවත් එපා.. "

මට ඇති උන තරහව ප්‍රශ්න සෙට් එකකින් ම අතෑරියා..

" උබ දන්නෙ නෑ බන්.. අපේ ගමේ සෙට් එකක්.. "

" ඉතින් තෝ මේ වෙරි මර ගාතෙ ගාලු ආවෙ.. උබේ කෑල්ලත් එන වෙලාව නේ මේ.. "

ඒ දවස් වල මූ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා... යාළු වෙලා කිව්වට ඒක නිකන් අතර මැදි තත්වයේ


" මම බන් මේ ලර්නස් ගියා.. දැන් මේ කෑල්ල බලන්න ආවෙ.. "  තාප්පෙ අල්ලගෙන දෙපැත්තට වැනි වැනි කියපි...

මගෙයි.. ලඟ සෙට් වෙලා හිටි උන්ගෙයි ඇස් නලලේ...

" මොකා.. ?? ?? තෝ ලර්නස් ගියා ?? බීල ?? "

" එවෙලෙ වෙරි නෑ බන්.. මේ හු**** තැපෑලෙ බන් වැදුනේ... "

කට්ටියම මූනට මූන බලාගෙන...

" ඒ ඒ වරෙන් පොඩ්ඩක්...  "

මූ මාවත් ඇදගෙන එක පාර ගාල කඩාගෙන වගේ දුවන්න ගත්තා... ස්ටෑන්ඩ් එක ඉස්සරහ කහ ඉරෙන් පාර පැනල පිට්ටනිය අයින් දිගේ කොටු තාප්පෙ පැත්තට විදිනවා දැන්...

" මොන හුන්නස්ගිරියක්ද බන්.. කෙල්ලත් එන වෙලාව.. මිස් වුනොත් කාපු කට්ටත් වැඩක් නෑ.. මොන මළ දානෙකද බන් යන්නේ.. " මටත් අම්බානෙකට චුට්ටක් අඩුවෙන් තද උනා..

ඒ අමිහිරි මොහොත...

" ඕක්.. ඕක්... " දෙනෝ දාහක් ගැවසෙන ටව්න් එකේ... පිට්ටනිය අයිනෙ තියෙන පේමන්ට් එක උඩ දාර කබරයෙක්...



ලැජ්ජ බය උපරිමේට තියෙන කාලේ මට උන් හිටි තැන් අමතකයි... වටේ පිටේ පොරවල් ඈත් වෙලා සිග් සැග් සීස්ටම් එකට ඇවිදිනවා අපිව මග ඇරලා... මූට වගක් නෑ.. දන හිස් දෙකට අත් දෙකත් තියාගෙන දෙකට නැවිලා වැනෙනවා...

මීට හොඳා මූ මගේ කලිසම ලිහුවනම් අර ස්ටෑන්ඩ් එක මැද්දෙ කියල හිතුන මට...

" මෙහෙ වරෙන් හු**** " කියල මම ඌවත් ඇදගෙන කොටුව දිහාට යන්න ට්‍රයි එක.. මිනිස්සුත් අඩු නිසා ඒ පැත්තෙ.. කොහෙද..

" ඒ පොඩ්ඩක් ඉන්න දියන්.. "

යකෝ මූට හොටු කැවිලද.. බිව්වත් ටව්න් එකේ කබරය දාන්න... ඒ මදිවට තව සනීප ගන්නත්...

දන්න කියන කුණුහරුප ඔක්කොම ටික මගේ කටින් පිට වෙනවා.. පාරෙ යන උන් මැජික් වගේ බල බල යනවා... මට නිකන් නිරුවස්තර වෙලා වගේ..

" හරි දැන් හරි.. යමන්.. මම කෙල්ලත් එක්ක ගෙදර යනවා... දැන් හරි.. යමන්.. "

" උබ ? කෙල්ල එක්ක.. ?? එහෙනම් ඒකි ගැන අදහස අත් ඇරගන්.. බූරුවො යමන් ගෙදර ඒකි එන්න කලින්.. "

ස්ටෑන්ඩ් එකට ඇවිල්ල මූවත් බස් එහෙකට නග්ග ගත්තා.. ඌ බොන්නයි.. මම පෙරුම් පුරන් බලන් හිටිය දවසෙ කෙල්ල මිස් වෙන්නයි..  ඒ මදිවට පොල්ල තිබ්බට ඊලඟ දවසෙ කුරු කුරුව අහන්නයි... සුරාවෙ අගය මට මැවිල පේන ගනන්...

බස් එක සීට් ගානට පිරිලා.. ක්ලාස් ඇරිල නැති නිසා ලොකු සෙනඟක් නෑ.. බස් එක ස්ටෑන්ඩ් එක වටේ රවුම දාල ගාලු පාරට සෙට් වෙද්දිම..

" ඒ මචන් වමනෙට වගේ "

දෙවියනේ... අර බස් එක ඇතු ලෙ දැම්මොත් මට ගෙවලුත් මාරු කරන්න වෙන සීන් එකක්.. මම ඌව ඇදන් බස් එකෙන් බැස්ස නෙමෙයි පැන්න.. කෝ මූ.. ඌ යනව කෙළ මෝලෙන් කුණු ඇළ දිහාට.. කොහෙද එච්චර හරියක්...  අයිනෙ පාක් කරල තිබ්බ බස් එකක් අල්ලගෙන දෙවැනි පාර

" ඕක්.. ඕක්... "


යාළුව වෙනුවෙන් උනත් මට නම් බෑ.. මම හිටි තැනම නැවතුනා.. ගාල්ලෙ ඒ දවස් වල ඔහොම චාටරයක් කනව කියන්නේ හොඳි නැතුව අවුරුද්දක් බත් කනවට එහා...

ටිකක් බලන් ඉදල ඉවරයි වගේ පෙනුන නිසා..

" හරිද.. ඉවරද.. ? "

" හරි හරි අවුලක් නෑ.. මේ කෙල්ල බලන්න බෑ බන්.. දැන් යමන්.. " කියපි..

මදන ඇතුන් නැවත්තුවත් බමන එව්වො කොහේ නවත්තන්නද... බස් කට කපල සෙනග ඒ වෙද්දි.. යාළු වෙල හිටි කෙල්ල කොහේද මන්දා.. මූව දාල යන්නය.. ඌවත් ඇදගෙන නැගපි බස් එකක ෆුට් බෝඩ් එකට..
හුලං පාර වැදි වැදි යද්දි වෙරි නැග්ගද බැස්සද මන්දා ඌට... ඌව හෝල්ට් එකෙන් බස්සල මම ගෙදර ගියා ඒ බස් එකේම.



පස්සෙන්ද මායි ගයානුයි ක්ලාස් එකකුත් කට් කරල දාර වලක් බහිද්දි මෙන්න මූ එනවා ගලේ රීපු එකා වගේ... ඒ වෙද්දිත් ඒ අමිහිරි දිනය ගැන මම ගයාන්ට කිය කිය හිටියේ..

" ගොන් බි*** " කියල පටන් ගෙන සුමදුර වදන් මාලවකින් ඌව අමතපු මම අන්තිමට

" ඉතින් මොකක්ද බන් උනේ එදා.. උබ සිරාවට ලර්නස් ගියාද ? "

" හ්ම්ම් "

" මොකක්ද යකෝ.. කියපන්... ඉතින් උන්ට මීටර් නෑ.. උබ වාහනේ එලෙව්වද බීල ?? "

" ඔව් බන් එවෙලෙ අවුලක් තිබ්බෙ නෑ වැඩිය.. උන්ට දැනුනෙත් නෑ... ඒ වුනාට ඌ කිව්වෙ බන් මම් කිසිම හැඟීමක් නැතුවෙයි එලවන්නෙ කියල...  "

" හක් හක් හක්... උබට යකෝ මොන හැඟීම්ද... ගොන් බි*** තෝ මාවත් නෝන්ඩි කලානෙ ඊයෙ... ශික්.. "

ටිකකට පස්සෙ මූ කියපි..

" උබලට කියන්න බන්... මට ලර්නස් යන්න කලිනුත් කබරයෙක් සෙට් උනා.. නේවි කෑම්ප් එක ඉස්සරහ බස් එකෙන් බැහල ශේප් එකේ දාල ගියේ.. "

මමයි ගයානුයි මූනට මූන බලා ගත්තා...

ප. ලි : ඌ ලයිසන් ගත්තා විතරක් නෙමෙයි ඌ පස්සෙ බර වාහන ලයිසනුත් ගත්තා.. දැන් නම් මතට තිත කියල කියනවා... ඇත්තද මන්ද. කාලෙකින් සෙට් උනේ නෑ.

ප . ලි 2 : ඌ බ්ලොග් බලන්නෙ නෑ කියල උපකල්පනය කරනවා.. ඌ බලනවනම්.. සොරිම තමා.. ඒ මචන්.. සොරි හොඳේ.. නම වෙනස් නේ... ගානක් නෑනේ හික් හික්.

37 comments:

  1. මට පෙරේද සෙට් උනා මූනු පොතෙක් එකෙක්, මූ මට ඉස්කොලෙ කට්ටිය සෙට් වෙනව හැබැයි එනවනං බොන්න වෙනව , උඹ අැවිල්ල පොර ටෝක් දාන්නත් බෑ කියල.

    මං කිව්ව, මම නං බොන්න එන්නෑ මට පොරටෝක් දෙන්න බැරිනං මම එන්නෙත් නෑ! මොකද මම පොරක් තමයි කියල.

    මම ඔයා උනානං දෙනෝදාහක් බලං ඉන්නැද්දි උන්දට කණ කීං ගාන්න දෙනව!

    ReplyDelete
  2. බීපුවාම එන හයියත් එක්ක බුවා ඩ්‍රයිව් කරන්න ඇති. :))

    ReplyDelete
  3. නියම සීන්එක. කබරය සීන් දෙකක් මමත් දන්නව. එකක් මගේ යාළුවෙක් දෙවනි මනමාලය විදියට කබරයා දාපුඑක. අනිත් එක වෙඩින් හෝල්එකක් මැද එකෙක් කබරයා දාපුඑක.

    ReplyDelete
  4. මගෙත් ඔය වගේ කරුමෙකට මූණ දුන්නා වෙන කවුරුත් නෙවේ මගේම අයියා.... කකුල්දෙකේ තිබ්බ සෙරෙප්පු දෙක බස් එකේ රුක් එකෙන් දාලා.. ඒවා වැටෙනවා මින්ස්සුන්ගෙ ඔළුවට... අංකල් කෙනෙක් කියනවා
    "බීලා බස් වල යන්න බෑනෙ.... බහිනවකෝ..."
    " මේ යන්නෙ... මේ අපූරුවට යන්නෙ... තමුසෙ බහිනවා.."

    ReplyDelete
  5. සමහර නිර්මාණ කරුවෝ තමන්ගේ අත්දැකිම් ලස්සනට වෙන අයට දාලා නිර්මාණ කරනවා..

    ReplyDelete
  6. බීලා ලර්නර්ස් ගිය එකෙක් ගැන ඇහුවමයි. සමහරවිට උපදේශකත් බීලා හිටියද කවුද දන්නෙ?
    henryblogwalker aka Dude

    ReplyDelete
  7. මම ජීවිතේටම් බීලා නැහැ. ඒ නිසා මට වැටිලා තියන ලෙඩ ගානත් වැඩියි බිව්ව එවුන්ට වඩා. එක සැරයක් සර් කෙනෙක්ගේ පාටියකට ගියා. සර්ටත් වැදිලා සෙට් එකටත් වැදිලා. මම අමද්‍යප. සර් මට බනිනවා. ලොවෙත් නැහැ කුනුහරප. වැඩිවෙන්න වැඩි වෙන්න බැනිල්ලත් නැගලා යනවා. එකපාරටම ඔන්න සර්ට කබරය. මම අල්ලන් ගියා එලියට. මොන ,,,, වෙලන්ගිරියා වගේ කෑගහනවා. මගෙන් බීපු උන් කබරය අදින්නේ මගේ කාමරේ. දැන් කාපන්කො. මට තමයි මෑන් කියන්නේ ඔක්කොම එවපන් කාමරේට. උදේ කට්ටිය මීක් නැහැ. මම බනිනවා උන්කියපු ඔක්කොම කුනුහරප කියලා අන්තිමට උන්ටම කියලා කාමරේ සේදුවා. අදටත් සර් මගේ මිත්‍රයා. තාම මතක් කර කර හිනා වෙනවා.
    නියම කාලයක් නේද මල්ලි. මතකය ඇවිස්සුවාට ස්තුතියි.

    ReplyDelete
  8. මගේ යාළුවෙකුත් අපිට දුන්නා ඔය වගේම ගේමක්... එදා බීලා පාරේ එන ගමන් මූ හරියටම කබරයෙක් අතෑරියා වයින් ස්ටෝර් එකක් ඉස්සරහා!
    ඒක කමක් නෑ කියමුකෝ අපේ කට්ටියක්ම හිටියනේ ලැජ්ජාව සම සමව බෙදා ගන්න. මූ ඉන්නේ අපේ එහා ගෙදර. ඉතිං බස් එකෙන් බැහැලා ගෙදරට පයින් යන පාරෙදී මූ ආයෙත් කබරයෙක් අතෑරියා කියපන්කෝ! වෙලාව කියන්නේ එවෙලේ හරියටම මගේ බාප්පා බයික් එකෙන් ඇවිත් නතර කළා එතන. මිනිහා දන්නවා අපි ගැන. බාප්පා ඇහුවා "මොකෝ අද මූට වැඩි වෙලාද" කියලා :D (හොඳ වෙලාවට බාප්පා අපේ ගෙදරට කිව්වේ නෑ)

    ReplyDelete
  9. බීල නටන නාඩගම්....ඔච්චර වමෙන දාදා විඳවන්න බොන්නෙ අහවල් එකකටද ?

    ReplyDelete
  10. හොදි නැතුව රොස්පාං උබේ කෙල්ලට මුලිච්චි උනානම් උබටත් ලොකු බූට් සපත්තුවක් හම්බෙනව...මොනා කොරන්ඩද යාලුවනේ...අර ලර්නස් එකේ උගන්නන පොර හොඳ බෙබෙක් වෙන්ඩ ඇති ඇයි යකො කබර ස්මෙල් එක එන්නැ කියන්නේ එක්කො ඌට නහයක් නෑ..නැත්තං ඌත් බිලා......

    ReplyDelete
  11. උඹ අවසර නැතුව අනුන්ගෙ වචන පාවිච්චි කරන්න එපා... මගේ හුන්නස්ගිරිය සහ නවමගේ හොටු කියන වචන දෙක උඹ හොරෙන් අරන් තියෙනවා...

    කබර ආතල් ලියනවානම් කතා ගමකට....

    ReplyDelete
  12. මටත් අරහං බං!උන් බීලා ආතල් ගන්නවා...අපේ ආතල් ඔක්කොම ඉවරයි උන්ට ඩෝප් වෙච්ච ගමන්!

    ReplyDelete
  13. බීලා නටන නාඩගම් නම් ඉතින් ආයේ පිස්සු කොර තමයි.
    පොර දැන් බොන්නෑ කිව්වා නේද?.උට සිරාවටම මොකෝ දන්නෑ බීම එපා උනේ. :D

    ReplyDelete
  14. මූ කොහොම එලෙව්වද දන්නෑ ලර්නස් ගිහිං .......

    ReplyDelete
  15. අපොයි...ඔන්න බීමෙ ආදීනව...

    ReplyDelete
  16. බොන එකට එහා ආතල් බීපු එවුවො ප්‍රසිද්දියේ කබරයා දාද්දි සපෝට් එකට වැනි වැනී හිටං ඉන්න එක

    ReplyDelete
  17. මේ එක නෙවෙයි..සිරාවටම මොකද්ද ඔය බොන එකේ තියෙන ආතල එක..??? O.o

    ReplyDelete
  18. ඕක දැක්කම මට මතක් උනේ මෙන්න මේක
    :D :D
    ඒ ලර්නස් එකේ සරුත් මෙකේ සර් වගේ වෙන්ටැති :P
    http://www.youtube.com/watch?v=3rnbubgpyvo

    ReplyDelete
  19. මටනම් බොන ඈයොන්ව පෙන්න බෑ..

    ReplyDelete
  20. බර වාහන ලයිසනුත් ගත්තනම් එදත් යන්න ඇත්ත් බීලම තමයි..

    ReplyDelete
  21. හෆ්ෆා..මාර කට්ටක්නෙ අයියා කාල තියෙන්නෙ. මොනා වුනත් යාළුවා දාලා නොගිහින් එයා එක්ක හිටිය එක වටිනවා.. යාළුවෙක් අමාරුවෙ ව්ඇටුනාම තමා උද්ව් කරන්න ඕනෙ..:)

    බීලා ලර්නර්ස් ගිය එකනම් මරු

    ReplyDelete
  22. මම හිතනව සමහර මිනිස්සුන්ට හොඳින් ඉන්නකොට වැඩිය බීලා ඉන්නකොට ගට්ස් තියනව....සිහියෙන් ඉන්නකොට කරන්න බැරි දේවල් අසිහියෙන් කරනව අපූරුවට....හික්ස්...බොරුද මම කියන්න ඈ????

    ReplyDelete
  23. අවුරුදු ගානක් ලයිසමක් නැතුව එලෝල [කවදාවත් පොලිසියට අහුවෙලා නැහැ]ලර්නින් නොගිහින්,කෙලින්ම ගියෙ බස් ලයිසමට ට්‍රයල් කුරුණෑගලදි.

    ඔය කියන ගානට නැති වුනත්, කලින් දවසෙ ඒව, ටිකක් විතර බ්ලඩ් ස්ට්‍රීම් එකේ තියෙන්න ඇති. එක්සැමිනර් දෙතුන් පාරක්ම කිව්ව හෙමින් එළවන්ඩ කියල.

    ලංගම බස් වලින්, බ්රේක් ඩවුන් වෑන් වලින්, ඩ්‍රයිවින් පුරුදු වුනාම හැම ගියර් එකේම ෆුල් ඇදල, ඊගාව ගියර් එකට දාන්නනෙ පුරුදු වෙලා හිටියෙ, ඒ අවදියෙ.

    දැන් නන් එහෙම නැහැ. [අවුරුදු ගානකටේ පස්සෙ, කැමරාවකට අහු වුනා ගිය මාසෙ $150 යි පොයින්ට් තුනයි.]

    ReplyDelete
  24. කසුන් වාහනෝ ගෙනියන්නත් ඇත්ත් සිග්-සැග් විදියටද දන්නේ නෑ ඔය කිව්වට....

    ReplyDelete
  25. දවසක් කොල ඇපල් පානය බීලා යාලුවෙක් සමග බයිසිකල් පැද්ද මටත් තැපැල් වැදුනේ නැතැයි .. හැබැයි දෙයියනේ කියලා කබරයා පාර දාපු ගමන් හොඳ වුණා .

    බීලා ලර්නස් ගිය එකෙක් නම් මම මේ ඇහුවමයි . සිරාවට මට සුවර්ම නැත්තේ මේ වැඩේ කලේ ඇත්තටම කසුන්ද කියලයි .

    ReplyDelete
  26. ෂිහ්.. විළිලැජ්ජාවෙ සන්තෝසෙ බැරිවෙන්න ඇති නේ....හ්...

    ReplyDelete
  27. සේරටම හපන් ඊළඟ දවසෙ මුකුත් උනේ නැති ගානට එන එක. ඇත්තටම බිව්වම වෙන දේවල් අමතකයි කියන්නෙ ඇත්තටමද නැත්තන් ගැලවීමටද.

    ReplyDelete
  28. එල පොරක්නෙ.. ඔහොම කරලත් ලයිසන් ගත්තා කියන්නෙ..

    ReplyDelete
  29. හප්පේ ඌ මාර පොරක් නේ,මේ බීම නිසා වෙන වැඩ කියලා වැඩක් නෑ...අපිනං නෑ ඕවට....

    ReplyDelete
  30. @පිණිබිඳු:
    තනිකරම ගැලවීමට . . . .
    දන ගාන්න බීල තියනව . . ඒත් තාම වෙච්චි දේවල් අමතක වෙලා නෑ . . .

    ReplyDelete
  31. වැඩත් එක්ක ලොග් වෙන්නවත් කමෙන්ට් කරන්නවත්... බ්ලොග් එකක් කියවන්නවත් උනෙ නෑ... හප්පා දැන් නම් උත්තර බඳින්න කම්මැලියි...

    ඒක නිසා කමෙන්ට් කරපු උඹල... උඹීලා ( හරිද මන්දා ) ඔක්කොටම බොහොම ස්තුතියි.....

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. කොහොමත් බීපුවහම ඉගිල්ලෙනවා තේරෙන්නේ නැහැනේ.... හැබැයි නොබීවට වැඩිය ඩ්‍රයිවින් ෂුවර්....

    ReplyDelete
  34. බොන එකේ අතල් එක බං බීලම බලන්න එපායේ. මාර බුවෙක් වගේ බීල ලර්නස් යන්න

    ReplyDelete
  35. මගෙත් ලංකාවේ ලයිසන් එකට අවු. 2 හරි. එන සතියෙ මෙහෙ ෆුල් ලයිසන් එකටම බහින්න කියල තමා හදන්නේ...... :)

    ReplyDelete

Related Posts with Thumbnails