Wednesday, December 21, 2011

පිස්සු රයිස් ( Rice ) සහ පිස්සු ඉස්සෝ...

Share


ඔබා මාමගේ ඉස්සො ප්ලේට් එක දැක්ක දවසෙ ඉදන් ඉස්සො හදන්න මාර උණක් තිබ්බෙ... වෙලාවක් හම්බුනේ ඉතින් පහුගිය දවසක තමා.. ඔබා මාමගේ රෙසිපියේ වැඩි දියුණු කරපු වර්ශන් එකක් හදන්න ඕනි කියල හිතුනේ ඔබා මාම මගේ කැමතිම තක්කාලි උන්දැගෙ රෙසිපියට දාල නැති නිසා.


ඉතින් පරිස්සම් පාරේ ( Safeway ) එකට ගිහිල්ල පොඩි ශොපිං පාරකුත් දාල අඩුම කුඩුම ටිකත් අරන් ආවා ඉස්සො හදන්න..


තම්බපු ඉස්සො...
ලූණු..
සුදු ලූණු..
රතු සහ කොළ පාට කැප්සිකම්..
මාළු මිරිස්..
අමු මිරිස්..
තක්කාලි..


අඩුවැඩිය ටික හීනියට හීනියට කපල බලද්දි ඉස්සො 250 g වගෙ දෙගුණයටත් වඩා අඩු වැඩිය. ලූණු කන්නය... මදි පාඩුවට ගෙදර තිබුන සොසේජස් කරල් ටිකකුත් කපල ගත්ත... ඔය තියෙන්නේ...


දැන් කුකිං ටයිම් එක.. මොකුත් නෑ... ඔය උඩ තියෙන එව්ව ඔක්කොම කෑලි කෑලි කැපුවා... තාච්චියක් ලිපේ තියල තෙල් සුට්ටක් දාල රත් වෙද්දි අබ ටිකක් දැම්ම... චට චට ගාල පුපුරද්දි සුදු ලූණු ටික හැලුවා... ඊට පස්සෙ ලූණු.. තක්කලි... කැප්සිකම්.. මාළු මිරිස්.. ඔය ටික දැම්මා... ඊට පස්සෙ ඉස්සො ටිකයි... සොසේජසුයි... අහ්.. තක්කලි සෝස් සහ සෝය සෝස් සුට්ට සුට්ටත් හැලුවා...


හරි... අහ් සැර කෝ.. කෑලි මිරිස්... ගම්මිරිස් කුඩු... ලුණු ටිකකුත් දැම්ම.. ඔය තියෙන්නේ...


ටිකක් වෙලා තියල බාල ගත්තම හප්පෙ සුවඳ.. මොකුත් නෑ.. ලංකාවෙ චීන රෙස්ටුරන්ට් එකක් සිහියට එනවා.. ඒ එක්කම.. සීත කල බීර බෝතලයක්.. කොහෙද.. ඕක කිව්වම කෙල්ල පැට්ට බර බරේ නිසා ඒ ආසවට තිත තියල මූනු පොතේ දාන්න පින්තූර කෑල්ලකුත් අරන් වැඩේ අහවර කලා. ( පින්තූරෙ පේන්නෙ නම් සොසේජස් විතරයි... ඉස්සො ටික තාච්චියේද මන්දා... )


ඒ උනාට හිතට මදි.. ඇයි අපිට බැරිද එක්පෙරිමන්ට් කරන්න... ඊට පස්සෙ ආව අදහසක්... ඒක ඊලඟ දවසෙ ක්‍රියාත්මක උනා.




ලූණු..
සුදු ලූණු..
තක්කලි..
අමු මිරිස්..
මාළු මිරිස්..
රතු සහ කොළ පාට කැප්සිකම්..


කෑලි වලට කපල ගත්තා...




කැරට් ගෙඩියකුයි... බ්‍රොකලි කෑල්ලකුයි තම්බල කෑලි වලට කපා ගත්තා... ( බ්‍රොකලි නම් කුඩු වුනා )..



තම්බපු ඉස්සො..
සොසේජස්..
හතු...


ඔය ටිකත් ගත්ත කෑලි කෑලි වලට කපල...


පොඩ්ඩක් ගැඹුරු තාච්චියක් වගේ අයිටම් එකක් අරන් තෙල් සුට්ටක් දාල රත් වෙද්දි ඔය උඩ ලිස්ට් එකේ එව්ව එක එක පිළිවෙලට දැම්ම... දාල පොඩ්ඩක් කලවම් කරන ගමන් කෑලි මිරිස්... ගම්මිරිස්... ලුණු... කහ.. තුනපහ... සුට්ට සුට්ට ත් හැලුවා... ඊලඟට සෝස්.. තක්කලි.. සෝයා.. ෆිශ්.. සුදු ලූණු... තිබ්බ සෝස් ජාති ඔක්කොමත් දැම්මා... චීස් පෙති 2 ක් තිබිල ඒ දෙකත් දැම්මා... අච්චාරුව වගේ දැන්...



ඊට පස්සෙ බත් ටිකක් අරන් ඒ ටිකත් කලවම් කලා.. හරි ඔය තියෙන්නේ... ම්ම්ම් තව මොනවද.. හරිනෙ.. ගත්ත බිත්තරේකුත්.. දැම්ම... ඔය ඔක්කොම දාල තව ටිකක් ලිපේ කවලම් කර කර ඉදල ගින්දර නිව්ව...


චිලි පේස්ට් ටිකකුත් එක්ක කන්න ගත්ත... හප්පෙ.. සිරාවටම රසයි.


හැබයි ඉද හිට මිසක් මෙහෙම කෑවොත් හැදෙන ලෙඩ හොයා ගන්නවත් බැරි වෙයි.. තෙලුයි.. සෝසුයි.. හපොයි.

53 comments:

  1. මාර රස සරණිය, කතන්දර රස සරණිය මීළඟට පිස්සාගේ රස සරණියද ???

    ReplyDelete
  2. එක්ස්පෙරිමන්ට් හරි ගිය හන්දා අද බ්ලොග් පෝස්ට් එකක්! :D

    ReplyDelete
  3. ඌෂ්ණෙ වැඩි කෑම අතර අග රජු ඉස්සෝ. මට නම් කෑවොත් කබරයා දවසක්ම තියනවා. ඒ ගැන මරු කථාවක් පස්සේ දිනක දමන්නම්. මාර සරණිය, කතන්දර සරණිය, දැන් ඔබා සරණිය සහ පිස්සු සරණිය.

    ReplyDelete
  4. //ආසවට තිත// පව්!

    ReplyDelete
  5. මොනවා නැතත් කටට කෙල ඉනුවා.. හික් හික්.

    ReplyDelete
  6. affata sili mekath man wagemaine :D supurudu kama amuthu widiyata hadalane :D sila sila :D ketata kalath unanawa ban ayiye :D hafui waraduna na na katata kelath unanawa :D hikzzzz

    ReplyDelete
  7. මාරු, මාත් හදලම කියන්නම් රස,

    ReplyDelete
  8. ඕක කාල දෙපැත්තෙන්ම ගිය හැටිත් කියහන්... ලැජ්ජ වෙන්න දෙයක් නෑ... හෙහ්...හෙහ්...

    ReplyDelete
  9. mamat hadala balanna ona.....

    ReplyDelete
  10. හැම එකෙන්ම සුට්ට සුට්ට දැම්මම වැඩේ ගොඩ. හෙහ් හෙහ්! පින්තුරේ වගේම කෑමත් රසට තියෙන්න ඇති කියල හිතනව.

    ReplyDelete
  11. Hasitha : අනේ නැහ බන්... මාරය එක්ක කොහෙ හැරෙන්නද අපි... උන්දැ හදන කෑම ලොවෙත් නෑනේ



    පූසා : හික් හික්... ඔව් ඔව්



    වෙද ගෙදර මහ වෙදනා : පිස්සු සරණිය... හික් හික්...

    අපොයි ඔව්.. උශ්ණයි නම් තමා... ලංකාවට ආවම ආසවට ඔය ඉස්සො.. දැල්ලො.. කකුළුවො ඔක්කොම හදවන් කනවා.. ටික දවසක් ගියාම බිබිලි එනවා අප්ප... දවසක් දෙකක් කෑවට නම් ගානක් නෑ මට නම් තාම



    රාජ් : කාලය මැව් වෙනසක අරුමේ... අර අහිංසක සඳරුවටත් එහෙම උන එකේ මට මොන කතාද බන්

    ReplyDelete
  12. ගිනි කුරුල්ලා : හික් හික්.... හදල බලපන්කො...



    ජේ.ඩී : උබත් හදනවද... එළ එළ...දාපන්කො රෙසිපියක්... අළුත් කැමරාවෙන් පින්තූර ටිකකුත් ගහලා



    වර්ණා : හපොයි... වග කියනු නොලැබේ... හික් හික්



    Observer : ඈ බොල ඔබා මාමේ... දෙපැත්තෙන්ම ගියාද බොට... කෝ ඒ ටික ලියල නෑනේ...

    ReplyDelete
  13. isimbuwa : හප්පේ... දැක්ක කල්.... මොකද වැඩිය බ්ලොග් අවකාශෙ පේන්න නැත්තෙ ??




    මුහුදු කොල්ලකාරයා : ඒක තමා රහස... ආයෙත් අහල... කෝකියො පරාදයි.

    ReplyDelete
  14. හදල කාටහරි කන්න දෙන්න තමා තියෙන්නේ.. :D

    ReplyDelete
  15. හප්පා ඔයින් ගියා ඇති රෙසපිය බලන් පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනේ වෙලාවක

    ReplyDelete
  16. මමත් ඔහොම හදලා.. සොසේජස් ටිකයි ඉස්සො ටිකයි අයින් කරලා කනවා,,, මන් ඉතින් වෙජිටේරියන් නෙ !

    ReplyDelete
  17. යකෝ මේක හරි යන්නෙ නෑ. මාත් ආයෙත් පටන් ගන්න ඕනෙ කෑම හදන හැටි දාන්න. කෙළ ගිලලම කටේ කෙළත් නෑ. හිටපියව් මෙව්වට රිටන් එක දෙන්න ගෙදර ගිහින් එනකල්.

    ReplyDelete
  18. ඉස්සෙල්ලම කන්නෙ ඇහෙන් කියනවනේ.. පින්තූර වල හටියට නම් කන්න අසා හිතෙන විදිහට තියෙන බව පේනවා. රසත් අති. පිරිමි ළමයි ඔන්න ඔහොම එක්පෙරිමන්ට් කරගෙන උයාගන්නවා නම් ගෙදර නෝනලාට ලේසියිනේ

    ReplyDelete
  19. මරු රෙසපියක්නේ මචං... බොරු කියන්නේ මොකටද මම නම් මේ එකක්වත් ට්‍රයි කරන්නේ නෑ.. මෙහෙමම මේ රෙසපි එක අපේ නෑනට පෙන්නනවා.. එයා හදල දේවි.. :)

    ReplyDelete
  20. ලොක්කා කටට කෙල උනනව උබේ කැමටික දැක්කම....මචො ඇස්දෙකෙන්ම රසවින්දා..මරු..බයවෙන්ඩ එපා..උබට බඩේ ආමරුවක් හැදෙන්නෑ...

    ReplyDelete
  21. පින්තූර ටික පේද්දි කටට කෙල උනනවා....

    ReplyDelete
  22. ඔක්කොමල්ලා උයන්න අරගෙනද ඒ පාර.....

    ReplyDelete
  23. හදලා බලන්න ඕනෙ...බ්‍රොකලී කියන්නෙ මොනාද ?

    ReplyDelete
  24. හප්පේ ඔක්කොමල්ලා කෑම හද හද දාලා බඩත් රිදෙනව නිකං කෙළම ගිලලා,ගිහිල්ලා කන්න ඕනේ කාත් මිටියක්වත්....

    ReplyDelete
  25. මේ දවස් වල කස්ටියම කුකින් වගේ.... 'හෝම් අලෝන්' ද නැත්නම් 'ටේක් අවේ' එකෙන් ණයට දෙන්න බෑ කිව්වද :-) ????????

    ReplyDelete
  26. කූල් බියර් එකේ අඩුව තමයි මෙතන තියෙන්නෙ. නැත්තං පිස්සා සරණියෙ කෑම එකේනං වරදක් පේන්න නෑ.

    ReplyDelete
  27. හසල බලමුකො විසිපස්වෙනිදට..... මොකක් හරි අතුරු අාන්තරාවක් උනත් ඉතිං කට්ටියටමනෙ! :P :P

    ReplyDelete
  28. he he shaaaaa mare recipe ekak ne :D looks yummy

    ReplyDelete
  29. අද අම්මට කිව්ව මම පෝන් එකෙන් ඕක හදන හැටි.....නත්තලට ගෙදර ගියාම බඩ පැලෙන්න කනවා......ආආ කජු අලුවත් හදන්න කිව්වා.......

    ReplyDelete
  30. පින්තූර ටික අනුව නම් රස බව පේනව

    ReplyDelete
  31. පිස්සුවෙන් වගේ නෙ මුං උයන්නෙ... මං මේ නොදන්නවට අහන්නෙ ගෑණුයි, රට ඉන්න හාමිනේ ගම ආපු පිරිමියි, තව නිසි වයසෙත් හස්ථ කර්මාන්තයෙන්ම ජාම බේරගන්නා එවුනුයි ඇරෙන්න ආසාවකට ලංකාවෙ බැඳපු පිරිමියෙක් කුකරි පෝස්ට් එකක් දාල තියනවද ?

    ReplyDelete
  32. අයියන්ඩිය ,මුඛයට ඛේටය උනයි...!
    (අන්තිම රූපේ තියෙන පිඟාන ප්ලාස්ටික්ද ?)

    ReplyDelete
  33. උඹත් කෑම ගැන ලියන්ඩද හදන්නේ.... අනේ හපොයි... මාරයාට යන කල දසාව මොකක්ද...?
    (ඒත් අවුලක් නැහැ.. ඌ දැන් චාරිකා ගැන නේ ලියන්නේ...)

    ReplyDelete
  34. මේ කෑම වේල් දෙක දැක්ක ගමන් මට ගැස්ට්‍රයිටිස් මතක උනා.... :((

    ReplyDelete
  35. මම දාන්නෙ නෑ යකෝ මේවට කොමෙන්ට් . . . .

    ReplyDelete
  36. යකෝ බ්ලොග් ලෝකේ දැං කෑම පාරාදීසයක් වෙලා නේ... :D

    ReplyDelete
  37. .ChAnDiKa.. : ඇයි උබට කන්න හොඳ නැද්ද ??



    Dar[K] : දියන් දියන්... හික් හික්



    Weni : හපොයි... මමත් කාලෙන් කාලෙට වෙනවා



    පිණිබිඳු... : හික් හික්... හදන්න හදන්න... රෙසිපිය එක්ක දාන්න විතරයි ඔට්ටු හැබැයි

    ReplyDelete
  38. හරී - පිණිපළස : නෝනලට ලේසි වෙන්නෙ නෑ... මේ රසට ලං වෙන්නවත් උයන්න ඇහක් වෙන්න එපැයි.. හික් හික්



    Dinesh : හප්පා... අපිට කොයිද බන් නෑනල...



    Raj : සති 2ක් විතර වෙනවනෙ... අවුලක් නෑ හික් හික්



    prasanna86k : ලේන්සුවක් ඕනෙයි ??

    ReplyDelete
  39. හසී : අපි ඉව්වොත් තමා නෙව බඩ පිරෙන්නෙ...



    දිල් : ගූගලේ ගහල බැලුවනම් දිල්... කියන්න තේරෙන්නෙ නෑ... ගෝව වගේද මන්දා



    ඔබ නොදු‍ටු ලොවක් : හදපන් හදපන්... කම්මැලි නොවී..



    කන්ඩ්යන් : හෝම් අලෝන් නෙව.

    ReplyDelete
  40. Praසන්ன : කියල වැඩක් නෑ.. කූල් බියර් එක නම් අඩුවක් තමා


    තනි අලියා : හදල බැලුවැයි... ?


    Glimmer Girl : තැන්කූ හොඳේ...


    වින්චැට්කිරිල්ලි. : අඩේ කජු අලුවා....

    ReplyDelete
  41. ගුණේ : කෑම ටිකත් රසයි බන්...


    nawammawatha : සික්.. බලපන්කො මුගේ කතාවෙ කැත.. හික් හික්


    widanarala : ප්ලාස්ටික් නෙමෙයි බන්... වීදුරු වෙන්න ඕනි..



    Jeew : මොන.. අන්න ආයෙම කෑම් වනසනවා...

    ReplyDelete
  42. ලොකු පුතා : අපොයි... මට නම් තාම නෑ කරදරයක්


    ඕනයා : ඉවසපන් අයියේ... තව මාස කීයද...


    සෝරෝ : උබ පීසා කෑවට අපිට කොයිද එව්වා

    ReplyDelete
  43. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  44. Wish You A Very Happy New Year filled with lots of love and joy... :)

    ReplyDelete
  45. දැන් ඉතින් බ්ලොග් බලන එක නතර කොරන්න වෙයි වගේ.. තොපි සේරම එක්ක කෑම හද හදා දැම්මම දවසක මැරෙන්නේ කෙල ගිලිලා.
    හෙහ්... හෙහ්.... ඉතින් එහෙනම් පිස්සටත් පිස්සිටත් සුබ අලුත් අව්රුද්ද්ක් වේවා..

    ReplyDelete
  46. මෙව්වා දැක්කාම කෙඩෙන් නොකා තනියෙම උයාගෙන කන්න හිතෙනවා බන් . . .

    ReplyDelete
  47. nawammawatha : උබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...


    Glimmer Girl : Wish You same :)


    ක්සැන්ඩර් | Xander : උබ මේ මඟුලක් කියනවා.. අර මාරය ඉදගෙන දවස ගානේ දුක් දෙනවා මූනු පොතෙන්...

    උබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..


    ඉන්දික උපශාන්ත : හික් හික්... එහෙනම් කෑමක් හදාගෙන/ හදවගෙන කාපන්... ඕක හරියයි


    දුකා : ඇයි බන් අයියේ.. අක්ක ඉන්නේ.. කිව්වනම් හදල දේවි ඕනි දෙයක්.

    ReplyDelete
  48. අහුවෙන්න එපා බොලව් .... ඕක ෆට්ට ඇඹුල්....

    ReplyDelete
  49. පිස්සා අයියගෙ පිස්සු රයිසුයි,පිස්සු ඉස්සොයි....හික්..හික්...

    දැක්කම පිස්සු හැදෙනව....රයිස් එකේ ලස්සන දැක්කම රස මැවිල පේනව.....


    සුභ අලුත් අවුරුද්දක් පිස්ස අයියේ!!!!

    ReplyDelete
  50. පැණි දොඩම් : උබ ගොරක දාලද මන්ද ඇඹුල් වෙලා තියෙන්නේ... හික් හික්


    සිහින මතකයන් : එළ එළ.. උබටත් එසේම වේවා

    ReplyDelete
  51. well done!!! Good inovation.
    Anyway check out your Cholesterol level.

    ReplyDelete

Related Posts with Thumbnails